ඉකුත් නොවැම්බර් මස සිට බ්ලොග්කරණයට එක්වු මා එදා සිට අද දක්වා මෙතුල සිදුවු දෙය මගේ දැනුමේ හැටියට මෙසේ විග්‍රහ කරමි.
1.පැවති මාධ්‍ය සම්ප්‍රදාය / Demand and Supply
දැනට පවතින ජනප්‍රිය මාධ්‍ය දෙක වු ගුවන් විදුලිය හා රූපවාහිණිය තම මාධ්‍යයන් හසුරුවන්නේ කලින් කලට මිනිසුන් අතර බොහෝ ලෙස කතා බහ වන මාතෘකා ගැනයි. මෙයට හොඳම උදාහරණය වනුයේ දේශපාලනය , ගං වතුර, හා වෙනත් දෑයි. මහජනයා ඉල්ලනේ මොනවද? එවාට වැඩි ඉඩ කඩ දෙමින් මාධ්‍ය හසුරුවයි. මෙහි ඇති හරි වැරුද්ද කීමට තරම් මා දක්ෂයෙකු නොවුත් මෙයමද සිදුවිය යන්න පිළිබඳව දෙවරක් සිතිය යුතුය. සමහර අවස්ථා වල කෘතිමව මාතෘකා ජනතාව අතරට ගෙන යයි. එයට එක් ප්‍රසිද්ධම උදාහරණය නම් මානුෂික මෙහෙයමු සමයේ රටම එක මාවතකට ගෙන යාමයි. කරුණු එසේ වුවත් මහජනායා පුරුදුව සිටින්නේ දෙන දෙය පමණක් නැරඹිමටය. මන්ද යත් මෙම මාධ්‍ය දෙකෙන් එයින් එහාට ගිය අලුත් තොරතුරක් හෝ විවධත්වයෙන් යුතු දෙයක් බලොපොරොත්තු විය නොහැකි නිසාය.
මෙම කාරණවා සිංහල බ්ලොග් අවාකශ තුලද එසේම වෙන බව ඉතාම පැහැදිලි කාරණාවකි. කලින් කලට ජනප්‍රිය වන මාතෘකා සම්බන්ද සිංහල බ්ලොග් කරුවන්ද තම ලිපි සම්පාදනය කරයි. උදාහරණ ලෙස දේශපාලනය, අකෝන් , ගඟට විසි කල බබා, ගං වතුර හා සෝමාවතිය පින්කම දැක්විය හැක. මෙහි ඇති අදහා ගත නොහැකි තත්වය නම් අලුත් දෙයක් ඉදිරි පත් නොකර, රැපවාහිණියේ හෝ ගුවන් විදුලියේ කියු දෙයක, වචන ටික එහා මෙහා කර තම ලිපියට එක් කීරිමයි. ඒ අනුව ගත් කල අදාල මාතෘකාවට ලිපි 10 ක් ලියවී ඇත්නම්, එම ලිපි 10 න් 8 ක් පමණම එක හා සමානව එකම දේ පවසා ඇත.අඩුම තරමින් එම සිද්ධිය පමණක් නොව විවේචනයද එක හා සමාන වීම තව තවත් පුදුමය උපදවයි. ඉදින් මෙපමණ නිදහසක් ඇති බ්ලොග් අවකාශය මෙහෙයවන්නේ රූපවාහිණිය හා ගුවන් විදුලිය බව ඉතාමත් කණගාටුවේන් හෝ ප්‍රකාශකල යුතුයි. මෙයිනුත් පෙනී යන්නේ නිදහසක් නැතැයි කියමින් සම්ප්‍රදායික් මාධ්‍ය ඉස්සරහා දොරෙන් පන්නා පසු පස දොරෙන් කාටත් හොරා ගෙට වද්දාගෙන ඇති හැසිරිම් රටවකි.
2. ඉදිරි පිම්මක් / Breakthrough
වෙනත් දේශිය චැනලයක කොපියක් හෝ විදෙස් රටක වැඩසටහනක් කොපියක් එලෙස ඉදිරිපත් කරනවා හැරෙන්න වෙන යමක් රූපවාහිණිය හෝ ගුවන් විදුලිය තුල දක්නට ඇත්නම් එය ඉතාම අල්පය. තවද එය එලෙසම අදේශ කරනවා විනා එයින් අලුත් යමක් කරන්නේද නැත. මෙය සිංහල බ්ලොග් අවකාශයටත් එසේම වෙයි. එක බ්ලොග් ලිපියක තිබුදෙයක් මත පිහිටමින් එයම තවත් ලිපි කිහිපයකට එක් කරයි. කිසිඳු වෙනසක් හෝ අලුත් දෙයක් නැත. ලිපියක් ලිවිය යතු නිසාම මෙය කරනවා දැයි සැකයක් ඇති වෙයි.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යතු කරුණක් ඇත. එනම් කෙටි කතා, නිසදැස් හා කවි එක් කරන අතලොස්සක් වු ස්ව නිර්මාණ බ්ලොග් කරුවන් මෙයට අදාල නැත. ඔවුන්ගේ නිර්මාණ ඇගයීමකට ලක් වන්නේ ද නැත. මේ පිරිස වෙනම රොක් වු පිරිසක් බවට අද වන විට පත්ව ඇතැයි සිතමි. බ්ලොග් අවකාශයේ නිදහස ඉල්ලමින්, කෑමොර දෙන පිරිසම සීමාවකට කොටු වී ඇත. අන් අය මත යැපෙන බව ඔවුන් නොදන්නේද? නැතිනම් දැන දැනත් නොදන්න ලෙස හැසිරෙනු ඇති දැයි ප්‍රශ්න කල යුතු තැනකි. මුලින් සඳහන් කල ස්වනිර්මාණ බිහි කරන්නන් හා අන් අය මත යැපෙන බ්ලොග් කරුවන් අතර බොහෝ දුරස් බවක් ඇත.
අප අතර තිබු දෙයක් හෝ විදෙස් රටකින් ලබා ගත් වටිනා දෙයක් ඒ අයුරුන්ම ඉදිරිපත් නොකර ඊට වඩා වැඩියමක් එක් කර අන් අය අතර බෙදා ගැනීමට සිංහල බ්ලොග් කරුවන්ට කවදා නම් හැකි වෙයිද?තිබෙන දෙයකට අලුත් අගයක් දී නවමු අකාරයකට එක් කරන, ඉතාම සුලු සිංහල බ්ලොග් කරුවන් කිහිප දෙනකු ඇති බවද කිව යුතුමය. නමුත් අවාසනාව නම් ඔවුන් මහත් පරිශ්‍රමයක් යොදා අලුත් දෙයක් ඉදිරිපත් කලත්, එම ලිපිය පලවී සුලු මොහොතකන් එහි පැටව් හැම තැනම දුවමින් මුදුනා වීමට යයි. ලාංකාවේ දේම විව්චනය හෝ ආවැඩිම් නොකර විදෙස් රටවල තිබෙන තොරතුරුත් සිංහල කරණය වී අප අතර පැමිනේන්නේ නම් එය කොතරම් පාඨකයන්ට වටිනු ඇද්ද? මේම කාරණාව දකින්නට නැති තරම්ය. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ, නිදහස සොයා යන බ්ලොග් කරුවන් itn හා සිරසට පමණක් වහල්වී ඇති බැවයි.
3. ජනප්‍රියත්වය හෝ වටිනාකම Hits and Value
සිංහල බ්ලොග්කරණය හා රූපවාහිණිය එක හා සමාන බව පෙන්වීමට තවත් හොදම කරුණක් වන්නේ බ්ලොගයක ඇති වටිනාකම හා ජනප්‍රිය තාවයයි. [ වටිනාකම යනු ලියන කරුණු වල ඇති ප්‍රයොජනවත් බවයි ] රූපවාහිණිය තුල සිරසට කොතරම් දෝශාරෝපණය කලත් එය මෙරට ජනතාව දිනපතා නරඹන චැනලයකි. එලෙසම සිංහල බ්ලොග් අවකාශය තුලත් වැඩම දෙනෙකු සොයා යන්නේ සිරස ගනයේ බ්ලොග් වෙතය. එම ඇදී යාම් නිසාම කිසිඳු වටිනා දෙයක් ඉදිරිපත් නොකරන බ්ලොග් තව තවත් එම පහත් ගනයේ ලිපිම ඉදිරිපත් කරයි. හරියට විද්‍යුත් නාලිකා වල යන මෙගා ටෙලි වගේය. ෙමය අදාර්ශයට ගන්නා තවත් බ්ලොග් කරුවෙක් කරනුයේ එම ගනයෙම ලිපි ලියන අඩවියක් අලුතින් ආරම්භ කිරිම හෝ තිබුණු අඩවිය ජනප්‍රිය බ්ලොගයක් බවට පත් කිරිමට තැත් කීරිමයි. හරියට itn සිරස වුවා හා සමානයි.
සිංහල බ්ලොග්කරණය සීමවකට කොටු වී ඇති බවත් එය අනුගමනය කරනුයේ රැපවාහණි නාලිකා බවටත් පෙන්විමට තව කරුණු ඇතත් මුලීකවම පෙනී යන්නේ ඉහත කරුණු තුනයි. විවධත්වයක් හොයා යෑමට උත්සාහ කල යුතු සිංහල බ්ලොග් කරණය තවමත් ඒකාකාරි මාවතක ගමන් කරයි. නිදහස හා රැඩිකල් යයි කියමින් උදම් අනන බ්ලොග් කරුවන්ගේ මතය පමණක් ප්‍රසිද්ධ වී ඇත. නිහඬව තම කාර්යය කරන නියම හැකියාවෙන් යුතු බ්ලොග් කරුවන් හුදකලාවේම තම කර්යය දිගට ඇද ගෙනයයි. ඔවුන් වටා දැනට එක් වී ඇති පාඨක පිරිස අඩු වුවත් නුදුරේදීම ඔවුන් වටා බොහෝ පාඨක පිරිසක් රොක් වනු ඇත. මන්ද ඒකාකාරී වු ජනප්‍රිය බ්ලොග් කරුවන්ට නුදුරේදීම ඔවුන්ගේ ලිපි වලට එක්කල හැකි දෙයක් නැතිව යනු ඇත. එදිනට ඔවුන්ට සිදුවන්නේද ස්ව නිර්මණ හෝ අලුත් දේ ඉදිරිපත් කිරිම පමණි.
තාක්ෂණික ලිපි ලියන බ්ලොග් කරුවන් කරනුයේ ඉතාම අගනා කර්යයකි. නමුත් එයට සිදුවන්නේද ලියා සුලු මොහොතකන් ක්ලොරිනිකරණය විමයි. තවද තම පුද්ගලික අද්දැකීම් හා වෙනස් ආරක ලිපි එක් කරණ කිහිප දෙනකු ඇති බවත් ඔවුන් කරන කර්යයද ඇගයීමකට ලක්විය යුතුමය.
නිදහස සොයන පිරිසට ඉක්මනින්ම සාම්ප්‍රදායික සීමාවෙන් එපිට බැලීමට හැකිවේවා !!!!!!!!!!!!!
වැප්