Tuesday, June 22, 2010

ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු

ස්ථානය :- ෆිෂින් හට් - මස්කෙලිය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 358 ආසන්නව
නැරඹිය හැකි දේ :-
  1. ෆිෂින් හට් අසල ස්භාවික සෞන්දර්යය
  2. ඇබඩීන් දිය ඇල්ල
  3. ලක්ෂපාන
  4. සප්ත කන්‍යා කඳු වැටිය
ගනන් හිලව් :- එක් නිවසක් සඳහා රු 7000/- කි. එවැනි නිවස්න දෙකක් ඇත. [ මෙම ගනන් සීසන් ඕෆ් සීසන් මෙන්ම සති අන්ත, සතියේ දින අනුව වෙනස් වෙයි ]
  1. සීසන් 9000/-
  2. සති අන්ත 7000/-
  3. සතියේ දින 5250/-
වෙන්කර ගනීම :- මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය- නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල
වැඩි දුර තොරතුරු :- http://sinhala.hotellanka.lk/21-181-651/fishing_hut.html
වාහනය :- 4වීල් වාහනයක යාම දැඩි ලෙස අවධාරණය කරමු
රැගෙන යා යතු දේ :-
  1. සීත කබා
  2. කූඩැල්ලන් සඳහා - ලුණු/ දෙහි හෝ වෙනත් සුදුසු දෙයක්
  3. ආහාර පාන
ඔවුන් සපයන දේ :-
  1. ඇදන් හා කොට්ට
  2. පිඟන් කෝප්ප හා ගැස් උදුන්
  3. අවැසි ලාම්පු- [ විදුලි බලය නැත ]
ජංගම දුරකතන :- එටිසලාට්

මෙන්න පින්තූර ටිකක්


















Sunday, June 13, 2010

මටත් උපාධි පත්වීමක් හා ග්‍රාම සේවක හතරට කැඩිම

මාතෘකාව දැක්ක ගමන් හිතන්න එපා ... මාත් ආණ්ඩුවේ ජොබ් එකකට ගියා කියලා. හැබැයි ඉතින් ආණ්ඩුවේ ජොබක් තියනවා නම් ආතල් එකේ ඉන්න තිබුණා. ආතල් කිව්වේ ෆුල් ෆන් එකේ හෙවත් එදා වේල ලෙව කාගෙන. වත්මන් තරුණ පරපුර ඒ කිව්වේ මං වගේ අය රජයේ රැකියා වලට එතරම් උනන්දුවක් නොදැක්වුවත් :D , ආණ්ඩුවේ රස්සාවක් ගන්න බලං ඉන්න කට්ටිය ගොඩයි. මේ අතර ඉහලින්ම ඉන්නේ නිදහස් අධ්‍යපනයෙන් උසස් අධ්‍යපනයේ වරම් හිමි කරගත් උපාධි ධාරියෝ හෙවත් උගත්තු ටික. මේ උගත්තු කිව්වාහම ඉතින් කවුරුත් දන්‍නවානේ අපේ විශ්ව විද්‍යාල අධ්‍යපන ක්‍රමය. ‍විශ්ව විද්‍යාල පාඨමලා කිහිපයක හා උසස් අධ්‍යපන අයාතන වන NDT, TTI[ මේකට කියන අලුත් නම නම් මට මතක නැහැ] හා HND හි ඉගෙන ගන්න, හෝ ගණිත අංශයෙන් උපෙළ කරපු ශිෂ්‍යයන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දුන්නත්. අනික් බොහෝ පාඨමලා පොතට පමණක් සීමා වෙනවා.

උපාධි ධාරින් අපේක්ෂා කරන, රජයේ තියන ඉහළම විධායක ශ්‍රේණියේ රැකියව තමයි, පරිපාලන සේවා .... පහුගිය දවසක මේ සඳහා උපාධි ධාරින් 30000 ක් ඉල්ලුම් කලත් එහි බඳවා ගැනීම් සඳහා රජය මගින් පවත්වන විභාගය සඳහා පෙනී සිටියේ 15000 පමණි. මේවා මේ අතුරු කතා. කියන්න ඔනා උනේ ග්‍රාම සේවක කොහොමද හතරට කැඩුවේ කියලා.

ලාංකාව වගේ දියුණුවෙමින්[ අපේ සීයා / අම්මා / මම මෙහෙම තමයි ඉස්කෝලෙදි ඉගෙන ගත්තේ දැන් යන උනුත් මේකම තමයි .... :D ] පවතින රටක රැකිය ප්‍රශ්නය උග්‍රයි කියලා තමයි අපිට ඉගැන්වුවේ... ඒක ඒ විදිහටම හරි කියලා හිතුනේ .. රස්සාවක් නැතුව කට්ට කකා ඉන්න දවස් වල. කට්ටියක් ස/පෙළ සාපයක් කරගෙන අධ්‍යපනය නතර කරන කොට, උ/පෙළ තරඟය ජය ගන්න බැරුව හැලෙන පිරිසත් අත හැරියාම වසරකට උපාධි ධාරියෝ 10000 ක් විතර රැකියා වෙළඳපලේ කරක් ගහනවා.

නිදහස් අධ්‍යාපනයත් අරගෙන, නිල ඇඳුම හා ආහාර වේලත් නොමිලේම අරගෙන [ බනිස් ගෙඩිය /කිරි විදුරුව / රුපියල් 3 කාඩ් එක යන ඒවාට මම උරුම කම් කිව්වා.... දැන් ඉන්න, 00 දශකයේ උන්ට මේවා කොයින්ද? හිකිස් ], විශ්ව විද්‍යාලයට ගිහින් මහපොළ හෝ බර්සරියටත් උරුමකම් කියලා, සමහර විට විශ්ව විද්‍යාලයටත් කරන්න පුලුවන් ඔක්කොම අලාභ ටික කරලා, මෙන්න එලියට ඇවිත් රස්සා ඉල්ලනවා. සෙල්ලං වැඩක්ද ඡන්ද කොච්චරක්ද? උපාධි ධාරියාගේ මනාපේ විතරක් නෙමයි.‍ ගෙදර අ‍යගේ කතිරෙත් තියනවා. ‍ ඉතින් මොකෝ අපේ දේශපාලුවෝ වේදිකා දෙදරන්න කියනවා සියලු උපාධි ධාරින්ට රැකියා‍ දෙනවා කියලා.

දීපු පොරොන්දු විශ්වාස කරන ජනතාවගේ මතින් බලයට එන දේශපාලුවෝ දැන් රැකියා හොයනවා මේ උපාධි ධාරිනට දෙන්න. මෙහෙම හොයන කොට හම්බවෙන්නේ ගමේ මනුස්සයා. ඒ කිව්වේ අපේ ග්‍රාම සේවක මහත්තයා. කිසි කරදයක් නැහැ ගමේ වැඩක් බලන් ඉන්න මේ මනුස්සයා තමයි, ඒ දවස් වල ගමේ සියලු වැඩ කලේ, ඒ කිව්වේ ගම සංවර්ධනය, කෘෂිකර්මයට අදලා දේවල් හා වෙනත් වෙනත් කටයුතු. දැන් මෙන්න මෙතන තමයි රැකියා උත්පාදනයට නියම තැන කියලා අපේ දේශපාලුවෝ නියමෙට අඳුන ගන්නවා. [ සමහර විට මේක NGO කාරයන්ගේ වැඩක්ද දන්නේ නැහැ :D ඉල්ලුමට සැපයුම කියලා කියන්නත් පුලුවන් ]

දැන් උපාධී ධාරියෝ ඉන්නවා විසි තිස් දාහාක්, ග්‍රාම සේවක වසම් තියනවා ඔන තරම්. දැන් හරි මෙන්න හැදුවා අලුත් තනතුරක් "ජන සභා" නියම නම තත්වයක් තියනවා. උපාධි ධාරියාට නියමයි. පඩිය කොච්චරද රු 17000 ක් විතර ඇති. ග්‍රාම සේවකට ඉහළයි ප්‍රදේශීය ලේකම්ට සමයිලු. [තනතුරු දෙකේම ලේකම් කෑල්ල තියනවා :D ]දැන් ගමේ වැඩ කරන්න ඉන්නවා හතර දෙනෙක්
  1. ග්‍රාම සේවක
  2. වගා නිලධාරි
  3. සමෘර්ධි නිලධාරි
  4. ජනසභා ලේකම්
මුලින්ම එක්කෙනෙක් කරපු වැඩේ දැන් හතරට බෙදලා හතර දෙනෙක් කරනවා. අහලා තියන විදිහට මේවාගේ බේදාගෙන කරන වැඩ වලට කියන්නේ, ශ්‍රම විභජනය කියලා. හැබැයි මේ ක්‍රමය භාවිතා කරන්නේ කාර්යක්ෂම තාවය වැඩි කරන්න එහෙම නැත්නම් ඵලදායීතාව වැඩි කරගන්න. ඒ අර්ථයෙන් ගත්තාහම මේ ක්‍රමය ගමට වඩාත් වාසී දායකයි. ඇයි දෙයියනේ ගමේ වැඩ කරන්න ගමේම ඉන්න උගතා එනවා. ඒ කිව්වේ අලුත් ජන සභා ලේකම් මහත්තයා.

කොහොමද ජන සභා ලේකම් තෝරන්නේ... හරි ලේසියි.... උපාධියක් තියෙන්න ඔනා, ඡන්ද කාලෙට කැන්වසින් ගිහින් තියෙන්න ඔනා. කැන්වසින් ගිහින් තියන සුදුසුකම බලන්නේ ගම ගැන අවබෝධයක් තියනවාද කියලා බලන්ට මිසක් ඡන්ද වැඩට නෙමෙයි. :D කිසියම් ගමක කැන්වසින් ගොස් නැති උපාධි ධාරියෙක් මේ සඳහා ඉල්ලුම් කලොත් ඔහුට මේ රස්සාව ලැබෙන්නේ නැහැ, මොකද ඔහුට ගම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා විදෙස් ආධාර පතලා අල්ලපු ගමේ කැන්වසින් ගිය උපාධී කාරයා ආනයනය කරනවා. වැරදියට තේරුම් ගන්න එපා මෙතන කිසිඳු දේශපාලනයක් නැහැ හරිද.

ඔන්න ඔය ටික තමයි ග්‍රාම සේවක තනතුරට උනේ, බෙදුවා හතරට, හැදුවා අලුත් රස්සා, වැඩි කලා කාර්යක්ෂමතාවය, දියුණු කලා ඵලදායීතාවය, ප්‍රතිඵලය ලස්සන ගමක්.


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....