මේක මේ එකදාස් නමසිය බර ගනන් වල වෙච්ච සුට්ටි කතාවක්. පොඩි කාලේ ඉතින් අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනස් නැහැ හැම තැනම රිංගනවා. වැඩිහිටියන්ගෙත් කිසිම විරෝධයක් ඇතිවෙන්නේ නැහැ. මොකද කියන දේ අහන එකක් යැ. එපා කිව්වොත් ඒ දේ කරන වාර ගාන වැඩි වෙනවා. ජංගි කොටේ ගහගෙන එහෙ මෙහේ දුවන කාලේ අපේ අම්මා මටත් ගෙනැල්ලා දුන්නා විසිල් එකක්. කට්ටියට මතකද දනනේ නැහැ අර සද්දේ ඇහෙනකොට මලක් කැරකෙන විසිල් එක.
අල්ලපු ගෙදර මාගේ යාලුවාගේ තාත්තා ඉන්නේ රට. බුවාට ඉතින් නානප්‍රකාර සෙල්ලම් බඩු. අපිට කොයින්ද පූසෝ මාලු කියලා මං ඉතින් විසිල් එක ගහ ගහ ගේ වටේ කැරකැවෙනවා.පොඩි කලේ නෙමෙයි ඉතින් දැනුත් අලුත් මොනවා හරි හම්බුනාම ඕක ප්‍රදර්ශනය කොරන්ටනේ ඔක්කොමල්ලා හදන්නේ. ඉතින් මාත් සද්දෙට විසිල් එක ගහනවා අරූට ඇහෙන්න. මේක ඇහිලා අරූ මොකද කලේ මේකට කෑඳර කම ඇති වෙලාද මන්දා, මූ එක පාරට රතු පාට ලොකු කාර් එක්ක නූලාක දාලා උගේ ගේ වටේ අරන් කැරකෙවෙනවා. මං මෙහේ කැරකෙනවා, ඌ එහේ කැරකෙනවා. මං විසිල් ගහනවා අරූ කටින් හෝන් ගහනවා. හික් හික් එහෙමත් ජවුසමක්. ඔන්න දැන් වැඩේ ජයටම යනවා. මං අපේ ගේ වටේ කැරකෙනාවා. ඌ එහේ කැරකෙනවා. ඔහොම ඔහොම කැරකි කැරකි ඉන්න කොට එක වෙලාවක් එනවා නේ දෙන්නම සමාන්තරව කැරකෙන, අන්න එතන තමයි තැන. මං ගහනවා විසිල් පාරක් මුකුත් නැහැ මුලු පලාතම කැරකිලා යන්න, හප්පේ සතුටේ බැහැ මලත් කැරකෙනවා නිකන් රූම් පෙත්ත වගේ. අරූ අල්ලපුගෙදර එකා ගහනවා හෝන් පාරක් හරියට ඌට ඉස්සරහින් ලොකු ටැෆික් එක්ක තියනවා වගේ.
තරහා නැති උනත් අලුත් යමක් හම්බුනාම තියන ආඩම්බර කමින් තමයි මං ඉන්නේ. මට ඉතින් ඔය වෙලාවේ ආඩම්බර කම ඉහට ගහලා, මෙලෝ දෙයක් මොලේට එන්නේ නැහැ. අරූ පනාව දැම්මා මාත් ඉතින් රැවුල කරකවලා පොඩි උඩඟු හිනාවක් දැම්මා. ටිකකින් ඌයි මායි කතාවට වැටුනා. දැන් මෙන්න අරූ දැම්මා පොඩි බිස්නස් ටෝකක්, "මචං අපි ඔය විසිල් එකයි මේ කාර් එකයි මාරු කරගමුද කියලා" මාත් ඉතින් අයේ මොනවද දෙපාරක් හිතුවේ නැහැ හා කිව්වා. ඇයි බන් කවදා පැදපු කාර්ද? . ඔන්න දැන් ගිවිසුම හරි මං කාර් එක ගත්තා ඌ විසිල් එක ගත්තා. දෙන්න ගෙවල් දෙකට ගියා.
දැන් ඕන් අරූ විසිල් එක ගහ ගහ ඌගේ ගේ වටේ කැරකෙනවා. හික් හික් උබලා හිතුවාද මාත් අරූගේ රතු පාට කාර් එක නුලෙන් ඇදන් අපේ ගේ වටේ යනවා කියලා. හපෝ නැහැ මං ඒක ගිහින් අල්මාරියේ දැම්මා පරිස්සමට, ඇයි බන් රතු පාට කාර් එකක් කිව්වාම සෙල්ලංද, අනික රට බඩු. අරූ ගිරිය කඩන් නලාව ගහනවා. හික් හික් මට කාර් එකක් ඌට රුපියල් 2.50 මළ කැරකෙන නලාවක්. හරි දැන් ටිකෙන් ටික අරූ ගේ නලාවේ සද්දේ අඩු වෙනවා. මෙන්න ටිකකින් නලා සද්දේ නැහැ. මුගේ සද්දේ ඇහනෙවා මගේ නම කියන. මාත් ගියා දැන් හරියට කාර් එකෙන් බැහැපු එකා වගේ. ටිකක් ඔලුව කහ කහ එන ඌ මේන්න ආයෙත් යෝජනවාක් අරන් අවා. "මචන් මට කාර් එක දිපන් උබට මං උබේ විසිල් එක දෙන්නම් කියලා". හපොයි දැන් මොකෝ කරන්නේ බැහැ කියන්න යෑ. මාත් හා කියලා අයේ කාර් එක දිලා අරූට පිඔලා පිඔලා ඇති වෙච්ච නලාව ගත්තා. වටිනාකම වැඩි හින්දා අල්මාරියේ දාලා තිබුණු රතු පාට අරුගේ කාර් එක විහිලුවටවත් මං එක පාරක් ගේ වටේ අරන් කැරකුනේ නැහැ නොවැ. මොනවා කරන්නද ........... මං අහු උනා අරුගේ ගැටේට.හැබැයි ඉතින් ඒ වයසේදි අපිලට කපටි කම් තේරෙන්නේ නැහැ. සමහර විට අරූ උනත් අසාවට ගත්තා එපා හින්දා අයෙත් මට දුන්නා.
මේ කතාවේ අදර්ශයක් එහෙම තියෙ නම් ගනිල්ලා :D
වැප්
බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්රිය වීමට මෙන්න අවස්ථාව...
54 minutes ago
