Sunday, October 31, 2010

අල්ලපු ගෙදර කපටියා

මේක මේ එකදාස් නමසිය බර ගනන් වල වෙච්ච සුට්ටි කතාවක්. පොඩි කාලේ ඉතින් අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනස් නැහැ හැම තැනම රිංගනවා. වැඩිහිටියන්ගෙත් කිසිම විරෝධයක් ඇතිවෙන්නේ නැහැ. මොකද කියන දේ අහන එකක් යැ. එපා කිව්වොත් ඒ දේ කරන වාර ගාන වැඩි වෙනවා. ජංගි කොටේ ගහගෙන එහෙ මෙහේ දුවන කාලේ අපේ අම්මා මටත් ගෙනැල්ලා දුන්නා විසිල් එකක්. කට්ටියට මතකද දනනේ නැහැ අර සද්දේ ඇහෙනකොට මලක් කැරකෙන විසිල් එක.

අල්ලපු ගෙදර මාගේ යාලුවාගේ තාත්තා ඉන්නේ රට. බුවාට ඉතින් නානප්‍රකාර සෙල්ලම් බඩු. අපි‍ට කොයින්ද පූසෝ මාලු කියලා මං ඉතින් විසිල් එක ගහ ගහ ගේ වටේ කැරකැවෙනවා.පොඩි කලේ නෙමෙයි ඉතින් දැනුත් අලුත් මොනවා හරි හම්බුනාම ඕක ප්‍රදර්ශනය කොරන්ටනේ ඔක්කොමල්ලා හදන්නේ. ඉතින් මාත් සද්දෙට විසිල් එක ගහනවා අරූට ඇහෙන්න. මේක ඇහිලා අරූ මොකද කලේ මේකට කෑඳර කම ඇති වෙලාද මන්දා, මූ එක පාරට  රතු පාට ලොකු කාර් එක්ක නූලාක දාලා උගේ ගේ වටේ අරන් කැරකෙවෙනවා. මං මෙහේ කැරකෙනවා, ඌ එහේ කැරකෙනවා. මං විසිල් ගහනවා අරූ කටින් හෝන් ගහනවා. හික් හික් එහෙමත් ජවුසමක්. ඔන්න දැන් වැඩේ ජයටම යනවා. මං අපේ ගේ වටේ කැරකෙනාවා. ඌ එහේ කැරකෙනවා. ඔහොම ඔහොම කැරකි කැරකි ඉන්න කොට එක වෙලාවක් එනවා නේ දෙන්නම සමාන්තරව කැරකෙන, අන්න එතන තමයි තැන. මං ගහනවා විසිල් පාරක් මුකුත් නැහැ මුලු පලාතම කැරකිලා යන්න, හප්පේ සතුටේ බැහැ මලත් කැරකෙනවා නිකන් රූම් පෙත්ත වගේ. අරූ අල්ලපුගෙදර එකා ගහනවා හෝන් පාරක් හරියට ඌට ඉස්සරහින් ලොකු ටැෆික් එක්ක තියනවා වගේ.

තරහා නැති උනත් අලුත් යමක් හම්බුනාම තියන ආඩම්බර කමින් තමයි මං ඉන්නේ. මට ඉතින් ඔය වෙලාවේ ආඩම්බර කම ඉහට ගහලා, මෙලෝ දෙයක් මොලේට එන්නේ නැහැ. අරූ පනාව දැම්මා මාත් ඉතින් රැවුල කරකවලා පොඩි උඩඟු හිනාවක් දැම්මා. ටිකකින් ඌයි මායි කතාවට වැටුනා. දැන් මෙන්න අරූ දැම්මා පොඩි බිස්නස් ටෝකක්, "මචං අපි ඔය විසිල් එකයි මේ කාර් එකයි මාරු කරගමුද කියලා" මාත් ඉතින් අයේ මොනවද දෙපාරක් හිතුවේ නැහැ හා කිව්වා. ඇයි බන් කවදා පැදපු කාර්ද? . ඔන්න දැන් ගිවිසුම හරි මං කාර් එක ගත්තා ඌ විසිල් එක ගත්තා. දෙන්න ගෙවල් දෙකට ගියා.

දැන් ඕන් අරූ විසිල් එක ගහ ගහ ඌගේ ගේ වටේ කැරකෙනවා. හික් හික් උබලා හිතුවාද මාත් අරූගේ රතු පාට කාර් එක නුලෙන් ඇදන් අපේ ගේ වටේ යනවා කියලා. හපෝ නැහැ මං ඒක ගිහින් අල්මාරියේ දැම්මා පරිස්සමට, ඇයි බන් රතු පාට කාර් එකක් කිව්වාම සෙල්ලංද, අනික රට බඩු. අරූ ගිරිය කඩන් නලාව ගහනවා. හික් හික් මට කාර් එකක් ඌට රුපියල් 2.50 මළ කැරකෙන නලාවක්. හරි දැන් ටිකෙන් ටික අරූ ගේ නලාවේ සද්දේ අඩු වෙනවා. මෙන්න ටිකකින් නලා සද්දේ නැහැ. මුගේ සද්දේ ඇ‍හනෙවා මගේ නම  කියන. මාත් ගියා  දැන් හරියට කාර් එකෙන් බැහැපු එකා වගේ. ටිකක් ඔලුව කහ කහ එන ඌ මේන්න ආයෙත් යෝජනවාක් අරන් අවා. "මචන් මට කාර් එක දිපන් උබට මං උබේ විසිල් එක දෙන්නම් කියලා". හපොයි දැන් මොකෝ කරන්නේ  බැහැ කියන්න යෑ. මාත් හා කියලා අයේ කාර් එක දිලා අරූට පිඔලා පිඔලා ඇති වෙච්ච නලාව ගත්තා. වටිනාකම  වැඩි හින්දා අල්මාරියේ දාලා තිබුණු රතු පාට අරුගේ කාර් එක විහිලුවටවත් මං එක පාරක් ගේ වටේ අරන් කැරකුනේ නැහැ නොවැ. මොනවා කරන්නද ........... මං අහු උනා අරුගේ ගැටේට.හැබැයි ඉතින් ඒ වයසේදි අපිලට කපටි කම් තේරෙන්නේ නැහැ. සමහර විට අරූ උනත් අසාවට ගත්තා එපා හින්දා අයෙත් මට දුන්නා.

මේ කතාවේ අදර්ශයක් එහෙම  තියෙ නම් ගනිල්ලා :D

වැප්

Friday, October 22, 2010

මේක මේ විදිහට කිව්වෝත්

මේක මේ විදිහට කිව්වෝත්
කියන මාතෘකාව දැක්ක ගමන් කස්ටිය
මේ පැත්තට අවාට ‍
වැඩක් වෙන්නේ නැහැ ඕන්
හැමදාම වගේ නිකන් අකුරු ටිකක්
එහෙට මෙහෙට වචන කරලා
මැද්දෙන් ඉඩක් තියලා
පල්ලෙහාට පේළියක් පන්නලා
ආයෙත් ජේද කඩලා
[ආ වැරදුනා අද නැහැනේ ජේද කඩලා]
මටත් නොතේරෙන
කියවන අයටත් නොතේරෙන
මොකක්දෝ අපභ්‍රංශයක්
මේ විදිහට අකුරු කලාට
ලියන්න දෙයක් නැහැ කියලා
හිතුවා නම්
ඔක්කොටම වැරදිලා කියලා
හිතාගන්න එක තමයි ගොඩක් වටින්නේ
මොකද?
පෝය හින්දා සම්ප්‍රප්පලාප එපා
හිස් වචන ඔනේම නැහැ
ඔපා දූප තූ විතරක්
කියන එක ප්‍රත්‍යක්ෂ කරන්නම
මේක ලිව්වා

වැප්



Saturday, October 16, 2010

නිදි මැරීම ...............

මං ඉස්ස ඉස්සෙල්ලම නිදි මැරුවේ අපේ ගෙදර තිබුණු පිරිත් පින්කමකට .... ඒ කියන්නේ මීට වසර දහයකටත් හෝ පහලොවකට වඩා අතීත දවසක ......... එලි‍වෙනකල් හිටියා ..... පහුවදා දානේ බෙදන්නවත් ....... දානේ කන්නවත් මං නැහැ. හොඳටම පොඩි එකාට නින්ද ගිහින්. ඊලඟට දෙවෙනි පිරිත් පින්කම ........ එදත් ඔය සන්තෑසියමයි. ඔය අතර මළගෙවල් වල දෙක තුනක විතර පොඩි පොඩි නයිට් දෙක තුනක් ගැහැව්වා. කවදාවත් පාඩම් කරනන් නම් නිදි මැරුවේ නැහැ. ඒවා බොරු වැඩ කියලා සක් සුදක් සේ මං ඒ කාලේම දැනගෙන හිටියා.


ඊට පස්සේ කාලයක් අවා උසස් අධ්‍යපනය කියන එක ලබාගන්න. ඔය කාලේ නම් ඉතින් කිසි ගැටලුවක් නැතුව හෝ ගලා නිදි මැරුවා. හැබැයි එලිවෙනකල් නම් නෙමයි. ඔය දෙක තුන විතර වෙනකල්. දන්නේ නැද්ද ඒ කාලේ ඉතින් :D. කීයක් හරි හොයගන්න කියලා පළමු රැකියාව විදිහට කරන්න හම්බුනේ ඇඟලුම් ක්ෂේත්‍රය. ලංකාවේ විතරක් නෙමෙයි ............. ලෝකයේ ඇඟලුම් අංශයේ නමක් දරා සිටින අති ප්‍රසිද්ධ සමාජ අගයක් ඇති ආයතනකයක් තමයි ඒක. හැබැයි ෂීෆ්ට් එකට තමයි වැඩ. උදේ 7 හවස 7 / හවස 7 උදේ 7 තමයි වෙලාවන් වැටිලා තිබුණේ. සාමන්‍ය අපි භාවත කර කැලැන්ඩරයේ නිවාඩු මුකුත් නැහැ. දිවා වැඩ මුර 3 යි - රාත්‍රී වැඩ මුර 3 යි - නිවාඩු දවස් තුනක් විදිහට තමයි ඒක පුනරාවර්තනය උනේ. අප්පේ එහෙම කා‍ලයක්. නිදි මරනවා කියලා එහෙමත් නිදිමැරීමක් අයේ නම් ජීවිතේට හම්බ වෙන්න එපා කියන ප්‍රර්ථනවා මේ මොහොතෙත් කරනවා. ඒ තරම් එපා කරපු කාලයක් මගේ ජීවිතේට සැට් වෙලා නැහැ. දිනයක් - වේලාවක් - අහල පහළ වෙන්නේ මොනවද කියලා මුකුත් දන්නේ නැහැ. හරියට හුඔහෙන් ඇදලා ගත්තා වගේ. තෝන්තු වෙලා උන්නේ. [ දැන්තු එහෙම තමයි :D ] . මේ කියන්නේ 2007 - 2008 වගේ කාලේ.

ඔය නිදි මැරීම කියන කාරණව මතම, මගේ රැකියා ජිවිතය සම්පූරුණයෙන්ම අනික් පැත්ත ගැහැව්වා. ඒ කි‍ව්වේ .. කලමණාකරන අංශයේ ඉඳලා, තොරතුරු තාක්ෂණයට මාරු උනා. රැකියවක් නැතිව උනත් අර කියපු නිදි මරණ ජොබ් එකෙන් අයින් උනා. අදත් මං එදා ඒ ගත්ත තීරණය ගැන බොහොම සතුටු‍ වෙනවා. ජීවිතය කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක තදින්ම විශ්වාස කරන මට, ඒ තීරණය ගන්න එච්චර අමාරු උනේ නැහැ. දැනට උනත් මං අහම්බෙන් දවසක තමයි ඔය එක දෙක විතර වෙන කල් ඇහැරිලා ඉන්නේ. ඒත් ඉතින් පසුගිය සතිය පුරාවට සම්පූර්ණ නිදි වැරිම් තුනක් කලා. ඒ අපේ සමීපතම ඥාතියෙක්ගේ මරණයක් කරන කොට ගෙනයි. එහි අවසාන අදියර වූ ඊයේ රත්‍රිය, ඒ කියන්නේ බණ දේශනවා හා අද දින දහවල් දානය සඳහා. ඊයේ රාත්‍රී සිට අද දින සවස 2 වන තුරු නන්ස්ටොප් නිදි මැරීමක් සිද්ද කලා.

මට දැන් හොඳටම නිදි මතයි .......... මං යනවා නිදා ගන්න ..................

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....