Sunday, November 28, 2010

ශත පනහට හෝල්ට් 4ක් පයින්

මේ කියන කාලේ, එකදාස් නමසිය බර ගන්න වල, අපේ ගෙදර සීත පෙට්ටියක් තිබුණේ නැහැ. [ දැන් නම් ඉතින් විදුලි බිලට ඒකක 50 ක් එකතු කරන එක විතරයි ඒකෙන් ගන්න එකම වැඩේ ] අහල පහලටම තිබුණේ එකම එක ගෙදරකයි. ඒ ගෙදර තියනවා විකුනන්න ඉරට්ට ගහපු අයිස් කැට. අයිස් කට කිව්වේ ඇත්තටම ඒවවා අයිස් කැට තමයි. බොරුවට දිවුල් හරි අන්නාසි හරි කියලා තමයි කියන්නේ. ඔයින් එකක් සත පනහයි. අඬලා අඬලා කොහොම හරි සත පනහක් ඉල්ලගෙන ගෙදරින් මේ අයිස් කැටයක් ගෙනත් කනවා. පුදුමේ කියන්නේ සුටුස් ගාලා මේක ඉවර වෙනවා. හැබැයි ඉරට්ට ඉතුරු වෙනවා. කාපු අය දන්නවා ඇති ඉරට්ට කොච්චර රහද කියලා. අම්බෝ එහෙමත් රහක්. පොල් ඉරට්ටක් කියලා කියන්නවත් බැහැ. පැණිම පැනි රහයි.

ඔය කියන කාලේම තමයි මං පන්තියකට ගියා ටිකක් විතර ඈත. නමින් කිව්වොත් සභාව පාරේ. බස් එකේ යන්න ඔනේ. මට මතක හැටියට සති අන්ත දවසක තමයි තිබුණේ. අහල පහල එවුනුත් එක්ක කොහොම හරි අපි පහක් විතර මේ පන්තියට යනවා. ගෙදරින් දෙන්නේ රුපියලයි. ඇයි බන් ඉස්සර භාග ටිකට් අවම ගාස්තුව සත පහනයි නොවැ. යන්න සත පනහයි එන්න සත පනහයි. එහෙමත් කාලයක්. දැන් ඉතින් සතපනහට පොල් ටොපියක් වත් නැහැ නොවැ. අම්මා රුපියල මගේ අතේ තියන්නේ පුතේ උභ අදත් අයිස් පැකට් එකක් කාපන් කියලා වගේ මට ඒ කාලේ හිතුනා. ඔය කියන ඉස්සර කාලෙත් අයිස් පැකට් එකක් රුපියලයි. දැන් නම් හුඟ කාලෙකින් කෑවේ නැහැ. පන්ති යන අනික් උනුත් අයිස් පැකට් පප්පෝ. කට්ටිය කතා වෙනවා දැන් බස් එකේ ගියොත් හවහට අයිස් පැකට් කන්න වෙන්නේ නැහැ. ඉතින් මොකෝ සෙට් එකම පයින් අදිනවා පන්තියට. යනකොට හොඳටම පරක්කු වෙලා පන්තිය පටන් අරං. අවුලක් නැහැ සෙට් එකම ඉන්න හින්දා සර් සුපුරුදු ප්‍රශ්ණය උනූ කොච්චි පරක්කුද අහන එක ඇහුනු නෑහුනු ගානට ගිහින් [අන්තිම පැත්තෙන්] මුල්ම පේලියේ ඉඳගන්නවා. අයිස් පැකට් මෙහෙයුමේ මුල් අදියර  ඉවරයි. දැන් ඉතින් ඇඟලි ගැන ගැන ඔරලෝසුව දිහා බලං ඉන්නවා පැය එකාහමාරක් ඉවර වෙනකල්. මේ වෙලාවට තමයි හිතෙන්නේ ඔරලෝසු කට්ට කරකවන්න.

කොහොමින් කොහොමින් හරි පන්තිය ඉවර වෙලා දෙවෙනි මෙහෙයුම උනු නැවත බස් [ ගුගුල් බස් නෙමෙයි ඕන්] නැතුව පයින් එමේ ඔපරේෂන් එක පටාන් ගන්නවා. වැඩිය නැහැ හෝල්ට් හතරක් විතර වගේ තියෙන්නේ. කට්ටිය එක්ක, එදා උගන්නපු පාඩම් ගැන අවබෝදයෙන් කතා කර කර දැනුම් සාගරයක ගිලි ගිලී එන හින්දා කකුල් දෙකට අමාරුවක් නැහැ. මොකද පුරුදු නැති වැඩක් යෑ පයින් යන එක. දැනුත් කිලෝමිටරයකට වඩා  පයින් යන මට :D

අපේ ගෙවල් පාරට හැරෙන තැනට කලියෙන් ඔපරේෂන් එක ඉවරයි. මොකද හන්දියෙන් තමයි අයිස් පැකට් එක ගන්නේ. හරියට  ගේවල් ගාවට එනකොට අයිස් පැකට් එක ඉවරයි. ගෙදර මිනිස්සු දැන ගන්න ඔනයෑ අපි එක්සසයිස් එකට පයින් යනවා කියලා. ඔය වැඩේ මට මතක විදිහට අවුරුද්දක් විතර උනා. කොහොමින් හරි ඒ පන්තියේ සර් හරියට උගන්වන්නේ නැහැ කියලා අපේ සෙට් එකට තේරුනු දාට පහුවෙනිදා ඉඳන් අපි ඒ පන්තිය වර්ජනය කලා. පස්සේ කාලෙක නම් ගෙවල් වලින් දැන ගත්තා මුන් ටික පයින් තමයි යන්නේ එන්නේ කියලා. මොකද වාර විභාග වලින් අන්ජනම් එලි බලනවා වගේ එව්වා පේන්න පටන් ගන්නවා නොවැ.


මෙච්චර පල් හැලි ලියන්න ඕනේ නැහැ. රුපියලේ අයිස් පැකට් කන්න තියන ලෝබ කම හින්දා හෝල්ට් 4 ක් පයින් ගියා කිව්වා නම් මේ ලිපිය වක්‍ය දෙකෙන් ඉවරයි. නැද්ද මං අහන්නේ ?

වැප්

Saturday, November 27, 2010

කෑවේ නැති හෙලුවෙන් හිටපු ජාතියක්

ලඟ ලඟ එනවා සීතල උඳුවප් මහ. ඒ එක්කම වර්ෂයක අවසානය, නැවුම් අදහස් එකක් අලුත් වර්ෂයක උදාව. දෙසැම්බරය, නත්තල් සමය රටම උත්සව සිරියක් ගන්වන කාලයක්. මේ කාලෙට ලංකාවේ ඔක්කොටම නත්තල් තියනවා.  සෑම නගරයකම පෙට්ටි කඩ, පේමන්ට් කඩ බිහි වෙනවා. නගර තද බදය වැඩි වෙනවා. මිනිසුන් මොන මොනවාදෝ හොය හොයා හන්දි ගානේ දුවනවා. යනවා මලු පුරවා ගන්නවා එනවා. හරියට අර වැහි කාලෙට කලින් කූඹී කෑම රැස් කරනවා වගේ.

ඇඳුම්, හරියට මේච්චර කල් ඇන්දේ නැහැ වගේ ඇඳුම් කඩ වල සෙනග, හවුස් ඔෆ් ෆෑෂන් එක ලඟ පෝලිසිය දානවා සෙනග හසුරුවන්න. ෆැෂන් බග්, නෝලිමිට් වලට සෙනග ගන්නේ කඩින් කඩ. මිනිස්සු පෝලිමේ බලං ඉන්නවා ඇතුලට යන්න, සමහර වෙළඳ සල් සඳහා උදෑසන සිට ගොස් පෝලිම් අල්ලගෙන. කොළඔට තදා සන්න නගර වෙච්ච නුගේගෙඩ, බොරැල්ල, වත්තල හා කිරිබත්ගොඩ ඇඳුම් වලින් පීරි ඉතීරි යනවා. හුස්ම ගන්න බැරිවෙන තරමට වත්තල, කිරිබත්ගොඩ කැන්ඩි එකේ සෙනග හින්දා දැන් කඩවතත් අලුත් එකක් විවෘත කරලා.
කිරිබත්ගොඩ තිලකවර්ධනය, අනුෂා මෙහෙමා, ගැමා හා නිමාලි බලං ඉන්නවා ඇඳුම් නැති අය එනකල්. සීඅයිබි සොපින් කියන්නේ තවත් ඇදුම් කඩයක්. තව ඇති ඕන තරම් මේ මං දන්න ප්‍රසිද්ධ ඒවවා. ආ අමතක උනා මාතර කොටුවේ කඩේ මේ වගේම වෙන්ට ඇති.

කෑම, කිව්ව ගමන් මතක් වෙන්නේ වාසනා කේක්, පුන්නක්කු කේක් කියලත් කියනවා. මං හිතන්නේ මේ කේක් ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. කඩේ පොඩියි බිස්නස් ගොඩයි. සෙනග ඉන්නේ පාර දිගට කේක් ගන්න. ගාන අඩුයි. මට නම් රහ පොල් කේක් එක විතරයි. අවුරුද්දක් පුරවාට සල්ලි පස්සේ දුවලා දුවලා අප්‍රයෙල් වලටයි දෙසැම්බරයටයි ඒ සල්ලි වියදම් කරන ක්‍රමය තමයි ශොපින් කරන එක. මේ කාලයට සුපිරි වෙළද සැල් වලටත් කල්ල මරේ.

ගොඩාක් වෙලාවට මං දැකලා තියනවා නෝනලා තෝරනවා ඇඳුම්, මහත්වරු පැත්තක් ගහගෙන වාඩියක් දාගෙන ඉන්නවා. පොඩි එවුන් හෙම්බත් වෙලා මලානික වෙලා. අද ඇඳුම් ටික ගත්තා කියමු. බිල් ගෙවන්න දඩ පෝලිමක ඉන්නවා, ටිකක් එහායින් ඊටත් වඩා දඩ පෝලිමක් ඇති. පොඩ්ඩක් විපරම් කලෝත් ඒ තියෙන්නේ මාරු කරන පෝලිම. මහලෝකුවට පොර කාලා අරං ගියාට අයෙත් එනවා පහුවදාට ගැලපෙන්නේ නැති හින්දා. මොකක් හරි ලාබයක් තිබුණා නම් ඉතින් ලාබේ සුන් තමයි ආයිත් මාරු කරන්න ආවොත්.

හැබැයි මාත් ඕවාට පොඩ්ඩක් රිංගලා උඩු මහලට ගිහින් පොඩ්ඩක් බලං ඉන්නවා මේ වෙන විපර්යාසය මොකක්ද කියලා :D

වැප්

Wednesday, November 17, 2010

ලිපියකට වැඩි පාඨක සංඛ්‍යවක් ගෙන්වා ගැනීම

මේකයි අද කතාව ... අපි ලියන අලුත් ලිපියක් කොහොමද වැඩි පාඨක සංඛ්‍යවක් කරා රැගෙන යන්නේ. මෙතනදි වැඩි කමෙන්ට් ගානක් හෙවත් සටහන් ගානක් ලබා ගැනිමේ ක්‍රමය නම් දන්නේ නැහැ. හැබැයි වැඩි පාඨක සංඛ්‍යවක් අරගන්න පොඩි පොඩ් ඔත්තු ටිකක් දෙන්න පුලුවන්. මේවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

1 ක්‍රමය - බ්ලොග් කියවනයක් නැත්නම් සින්ඩියක් උපරිම ලෙස භාවිතය
මේක තමයි සිංහල කියවන අය අතරට යන්න තියන ලේසිම විදිහ. දැන් ඉස්සර වගේ නෙමෙයි සින්ඩි ‍දහයක් දොලහක් තියනවා. ඒ හැම එකක්ම අපි ලියන අලුත් ලිපි ලැයිස්තු ගතවෙනවා.මේවා හැම එකක්ම පැයකට සැරයක් අලුත් ලිපි හොයාගෙන අපේ බ්ලොග් වෙත එනවා. මෙන්න මෙතන තමයි අපි කල්පනා කාරී වෙන්න ඔනා. ඒ කියන්නේ මෙයාලා අපේ ලිපි හොයාගෙන එන වෙලාව. ඒක දැනගත්තහම අපිට පුලුවන් තීරණය කරන්න ලියපු ලිපිය කීයටද පබ්ලිෂ් කරන්න ඔනේ කියලා. මෙතනදී මතක තියාගන්න හැම තිස්සෙම පබ්ලිෂ් කරන වේලවා ඒ අදාල වෙලාවට මාරු කරන්න.

උදහරණයක් විදිහට මෙහෙයුම කරන්නේ 10.00 නම් සියලු අඩවි වලට ගොස් අලුත් ලිපි සොයා බැලීම 10.15 වෙන කොට ඉවරයි. බැරිවෙලාවත් ඔබ 10.20 ට අලුත් ලිපියක් දැම්මොත් අර 10.00 කරපු මෙහෙයුමට ඔබ අහුවෙන්නේ නැහැ. ඊලඟ ඔබව අහුවෙන්නේ 11.00 කරන එකට. හැබැයි ඒ වෙනකොට 10.20 න් පස්සේ ලියපු වෙනත් අලුත් ලිපි ගොඩාක් තියනවා. එවිට ඔබගේ ලිපිය ටිකක් විතර පහළට යනවා.

2. ක්‍රමය - ලිපි ලියන දවස හා වේලාව
සමන්‍යයෙන් සෙනසුරාද ඉරිද අලුත් ලිපි තියෙන්නේ 100 කට අඩු ගානක්. මෙදාට ලිපියක් ලියන එකේ වාසියක් තියනවා. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය වෙච්ච සින්ඩියක් තුල ලිපිය පහළට යන වේගය අඩුයි. ඒ හින්දා මේ දවස ලිපියක් ලියන එකේ විශාල වාසියක් තියනවා. හැබැයි මෙතනදී අපිට හමුවෙන්නේ වෙනස් පාඨකයන් පිරිසක්. ඒ කියන්නේ නිවාඩු දවස් වල විතරක් වැඩිපුර අන්තර්ජාලය යොදාගන්න පිරිස. වෙලාව ගැන නම් එතරම් පැහැදිලි විශ්ලේෂනයක් කරන්න බැහැ. ඒත් උදෑසන හා හවස් වරුව යෝග්‍යයයි සිතනවා.

3. ටුවිටර් / බස් / බුකි භාවිතය
සින්ඩියක ලැයිස්තු ගත වෙච්ච ගමන් කවදාවත් ඉහත සඳහන් කල තැන් වල ප්‍රචාරය කරන්න යන්න එපා. ඒක අවාසියි. මොකද ලිපිය උඩින්ම මේ තැන්වලත් තියනවා. එතකොට එකම පාඨක පිරිසක් මේ තැන් දෙකෙදිම මේක දකිනවා. ඒක අවාසියක්. යම් හෙයකින් සින්ඩියක පල්ලෙහාට හෝ සින්ඩියේ මුල්පිටුවෙන් ඉවත්ව ගිය විටෙක ඉහත ප්‍රචාරණ මාධ්‍ය යොදගන්න. මේ ඉහත සඳහන් කල ස්තාන තුනේ ඉන්නේ එකම යාලුවෝ අඩු වැඩි වශයෙන් සමානයි. මේවා තුල ඉදිරිපත් කරද්දිත් වෙනස් වෙලාවල් වල දානවා නම්, නොදැකපු ඇයට මේ පණිවුඩය ක්ෂනයෙන් දිස් වෙනවා. නැත්නම් තැන් තුනේම අපේ පණිවුඩය පහළට යනවා.

4.මාතෘකාව
ලිපියකට යොදන මාතෘකාවේ තියන ආකර්ෂනය ඉතාමත් වැදගත්. ඔබම දැකලා ඇති සමහර මතෘකා තියනවා ලිපිය රසවත් කියලා හිතෙන නමුත් ඇත්තටම අන්තර්ගතය තියෙන්නේ වෙන දෙයක් ගැන. ඒ වගේම සමහර මාතෘකා දැක්කාම යන්න කම්මැලියි. හැබැයි ගිහින් බලපුහාම තමයි, ආපූ එකා කොච්චර හොඳද කියලා හිතෙන්නේ.

5.අන්තර්ගතය
ඔය මොන ක්‍රමවේදය යොදාගත්තත් වැඩක් නැහැ අන්තර්ගතය දුර්වල නම්. ඒම නිසා පුලුවන් තරම් වෙනස් වූ දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ කීරිම තමයි හොඳම දේ. අන්තර්ගතය හොඳනම් ඔබ නොදන්නා අය පවා එම ලිපිය වෙනත් මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා.

ඉහතින් තියෙන්නේ අනුන්ට කරදයක් නැතිව තමුන්ටම කරගන්න  පුලුවන් පුංචි පුංචි ක්‍රම කිහිපයක්. සමහර විට කාලයත් එක්ක මේවා ප්‍රායෝගික නොවෙනන් පුලුවන් .... නමුත් වර්තමානයට සුදුසුයි කියලා හිතනවා. ඊට අමතරව කරන්න ඔනේ ගොඩක් දේවල් පොඩ්ඩක් ගුගුල් කරොත් හොයාගන්න බැරි වේනනේ නැහැ. මීට අමතරව මට විශය නොවුනු කාරනා තියෙන්න පුලුවන්.

Monday, November 15, 2010

කූඩාරමක් ඇතුලේ ඉන්න යන්න බෙලිහුල් ඔය

මෙවර චාරිකා සටහන

ස්ථානය :- රිවර් ගාඩ්න් රිසෝට්- බෙලිහුල් ඔය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 320 ආසන්නව
නැරඹිය හැකි දේ :- බෙලිහුල් ඔය අසල සුන්දර පරිසරය .....  
    ගනන් හිලව් හා වෙන්කර ගනීම :- http://hotellanka.lk/70-75-506/river_garden_resort_and_camp_site__belihuloya.html



    කොළඹ සිට පැය හතරක් වැනි කාලයකින් ලඟා විය හැකි බෙලිහුල් ඔය පිහිටා ඇති රිවර් ගාඩ්න් රිසෝට් මෙවර අපගේ නවාතැන් පොළ විය. ගත කරන ජාල ජිවිතයෙන් මොහොතකට මිදි, සීතල පරිසරයක අලුත් අත්දැකීමක් ගැනිමේ අරමුණින් මෙවර චාරිකාව සංවිදානය වි තිබුණි. කැම්පිං එහෙමත් නැත්නම් කූඩාරමක් තුල ගඟක් අසල ගිනිමැලයක් ගසාගෙන රත්‍රිය ගත කිරිම මෙවර ලද විශේෂ අත්දැකිමයි.

    මෙන්න පින්තූර ටිකක්




    Sunday, November 7, 2010

    ටැබූ ලොක්කට සම්මානයක් මගෙන්

    ටැබූ කිව්වාම ඉතින් මට නම් දිරවන්නේ නැති කෙනෙක් තමයි. මොනවා උනත් ටැබූ නිසා සිංහල බ්ලොග් අවකාශය අතපත ගාන්න හුරු උනු පිරිසකුත් ඉන්නවා කියලා හැමෝම මතක තියාගන්න. දන්නවද දන්නේ නැහැ, ටැබූ සබ්ජෙක්ට් - බෞද්ධායට අපහාස - NGO කලාව කියලා ලිපියකුත් ලිව්වා මං. ටැබූ දැන් ටිකක් විතර යන පාර වෙනස් කරලද කියලත් හිතෙනවා [හීනෙන් තමයි]. කොහොම හරි කමක් නැහැ දැන් ලිපියේ අරමුණ උනේ ටැබූ ලොක්කා අන්තිමට දාපු 2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි ලිපිය ගැන පොඩ්ඩක් විතර කතා කරන්න. ඒ පැත්තේ ගිහින් කමෙන්ටුවක් දානවට වඩා මේ පැත්තේ මගේ තැන ඉඳන් මට ඕන වාරණ , කැපිලි කෙටිලි කොටු දැමිම් කර ගන්න එක වඩා හොඳයි කියලා හිතුනා.අනික දැක්කේ නැති කවුරු හරි ඉන්නවා නම් දැකගන්න පාර කැපුවා වෙනවානේ. හැබැයි ඒ ලිපිය නොදැක්ක කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔහු හෝ ඇය සිංහල බ්ලොග් ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් වෙන්න ඔනේ. එහෙම කියන්නත් බැහැ අතපසුවීමක් වෙන්නත් පුලුවන් නොවැ.

    මුලින්ම කතා කරමු යොදාගත් වර්ගීකරණය, හෝව් හොව් ඊට කලින් දෙයක් කියන්න තියනවා, ඒ තමා ටැබුගේ මේ ලිපිය, අලස වෙලා කම්මැලි වෙලා අකර්මඤ්ඤ වෙලා උන්නු බ්ලොග් කරුවන්ට ලොකු උත්පේරකයක් උනා.  ජය ගත්තු හෝ නිර්දේශ වෙලා තියන අය පමණක් නෙමෙයි අපි වගේ පොඩි පොඩ් අයටත් යම් කිසි ඉලක්කයක් පෙන්නුවා. කවුරු කොච්චර කිව්වත්, "අනේ මට නම් එපා/ මට ඔව්වා වැඩක් නැහැ ඔවා කන්නද මන් ලියන්නේ මගේ සතුටට කියලා",  තමුන්ගේ ලිපියකට හරි බ්ලොග් එකකට හරි වෙන කවුරු හරි කරන ලද විවේචනයක් හෝ කමෙන්ටුවක් එක් කරන්නේ ලොකු වටිනාකමක්. මේ කල වැඩේ වෙනුවෙන් ටැබූ ලොක්කට, පොඩි පහේ ලොකු සම්මානයක් දෙන්න තමයි මං හදන්නේ. මතක තියා ගන්න මේ ලිපිය වෙනුවෙන් විතරයි කියලා.


    1. පාඨක ඤාණ පරාසය පුළුල් කිරීම වෙනුවෙන්:
    2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්:
    3. හොඳම සාමාජීය / දේශපාලන බ්ලොග්කරණය වෙනුවෙන්:
    4. අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන්:
    5. පර්යේෂණාත්මක බ්ලොග්කරණය වෙනුවෙන්:
    6. සරල ජනප්‍රිය බ්ලොග්කරණය වෙනුවෙන්:
    7. හොඳම කාන්තා බ්ලොග්කරණය:
    8. හොඳම යොවුන් බ්ලොග්කරණය:
    9. හොඳම දියස්පෝරික බ්ලොග්කරණය:
    10. අවසාන විනිශ්චය

    ලෙස තමයි වර්ගීකරන වෙලා තිබුණේ ටැබුගේ සම්මාන ටික. ඒ ඒ වර්ගයට අදාලව ජයගන්නා ලද බොහොමයක් අඩවි සමග මගේ පුද්ගලිකව කිසිඳු විරෝදයක් නැහැ. මොකද ඒ හැම එකක්ම ඒ ආකරයෙන් සම්මනයට පාත්‍ර විය යුතු අඩවි. උදාහරණයක් විදිහට මාරයගේ හෝරවා, සොඳුරු සිත හෝ සයිබර්යය කියන සිංහල බ්ලොග් කවුරුත් දන්න කවුරුත් කියවන වෙනස්ම පැති වලට දිවෙන අනිවර්යයෙන්ම සම්මානයට පාත්‍ර විය යුතු බ්ලොග් අඩවි. ඉහත වර්ගීකරණයට අඩුවක්ව පවතින එකතු විය යුතු යැයි සිතන පහත වර්ගීකරනයන්  ඊලඟ පාර සලකා බලන්න කියලත් ටැබූ සර්ට මං යෝජනා කරනවා.

    11. හොඳම තාක්ෂණික බ්ලොග්කරණය
    12. හොඳම ළමා බ්ලොග්කරණය හෝ පාසල් බ්ලොග් කරණය

    ඊට අමතරව

    13. වසරේ හොඳම ගද්‍ය රචනය
    14. වසරේ හොඳම පද්‍ය රචනය
    15. වසරේ හොඳම ජායාරූපය / කාටූන්  .........
    16. වසරේ ජනප්‍රියතම ලිපිය

    17. වසරේ පාඨක සම්මානය -  [ බ්ලොග් අවකාශයේ සැරිසරමින් රචකයන් උනන්දු කල පාඨකයා]

    වර්ගයන් ගනණ දිග වැඩි උනත් මේවත් සම්මාන දිය යුතු වර්ග කියලා මං හිතනවා.

    ඊලඟ කාරනය තමයි සමහර බ්ලොග් අඩවි මගහැරීයා. ‍ මේකට ඉතින් කරන්න දේකුත් නැහැ. ටැබූ තනියෙන් මේ වැඩය කීරිමත්, යොදාගෙන ඇත්තේ ලාංකීය සිතුවිලි පමණක් නිසාත් සමහර විට සිංහල බ්ලොග් කියවනයේ හෝ කොත්තු  වල විතරක් තියන බ්ලොග් අඩවි මග හැරී යන්න පුලුවන්. ඒ නිසා එම සින්ඩිකේටර් දෙකත් භාවිත කරගන්න කියන යෝජනාවත් කරන්න මං කැමතියි. මොකද නැත්නම් අසාදරණයට ලක්වෙන්නේ බ්ලොග් රචකයන්.

    නොදුටු පැත්ත
    ඔන්න ඔය විදිහට තමයි මං මේ ටැබූ සම්මාන උළෙල දැක්කේ. කොහොම හරි ටැබූ මේ කරපු වැඩේ අනියමින් හරි සිංහල බ්ලොග්කරණ තරගාවලිය ට බලපෑමක් ඇති කරනවා. සමහර විට ටැබූ මෙයින් බාලපොරොත්තු වූයේත් එයම වන්නට ඇති. දැන් බ්ලොග් අවකාශය තුල සැරිසරන හැමෝගෙම හිතේ, ජයගත යතු යැයි සම්මත උනු සිංහල බ්ලොග් අඩවි ටිකක් කැරකෙනවා. හරියට කිව්වොත් දැන් රාමුවක් හැදිලා ඉවරයි හොඳම බ්ලොග් අඩවි‍ ‍ටික එකතු කරලා.

    නිසි ඇගයීමක් මෙතෙක් නොවූ, සම්මානයට පාත්‍ර වූ සියලු බ්ලොග් හිතමිතුරන්ට සුබපැතුම් පිරිනමන ගමන්, ඊලඟ වසරේදිත් ටැබූ සම්මාන උළෙල මීටත් වඩා සාර්තකව සිදු කිරිමට ටැබූට හැකිවේවායි පතමින් මේ ලිපිය අවසන් කරමි.

    වැප්

    නැගෙනහිර - අම්පාර රොහින්‍යා නිජ භූමිය වීමට පෙර

    අම්පාර දිස්ත්‍රික්කය හා ඒ ආසන්නයේ බලාකියා ගත යුතු ස්ථාන බොහොමයකි. යන මර්ගයයේ දෙපසත් සහිතව ඔබට නැරඹිය හැකි ස්ථාන ආසන්න වශයෙන් හතලියක් පණහකි....