දුර තියා ඇඳින ගතිමි
හූ හඬ පසුබිමේ තබා
සිනහා වි මුලු හද පුරා
ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ
නොදුටු රුව දැක ගතිමි
හිත් පුරාවට අඳුර තුල
තුරුලු වී මුලු රැය පුරා
ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ
රැය පහන් වු බව දිටිමි
ආදර හසරැල් නගා
ශුංගාර වී මුලු රැය පුරා
ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ
ආදරය හදේ සඟවා
ලොවම පසෙක ලා
ඉන්නටම එන්නේ නැහැ
ඔබ මගේ නොවන බව පසක් කල නිසා
විචාරය
මෙහි මුල් කවියේ මුල් පදයට අනුව ඔවුන් කලින් හමු වි නැත. ලේඛකයා අන්තර්ජාල යුගයේ වන බැවින්, මෙය එකල පැවති ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් හරහා ඇතිවූ හාදකමක් ලෙස සැලකිය හැක. පසුබිමින් හූ හඩක් ගැන පවසයි. එය අනිවර්යයෙන්ම කොළඔ දුම්රිය පල බව විස්වාසයෙන් යුතුව පැවසිය හැක. ඒ අනුව මොවුන් අන්තර්ජලාය හරහා දැන හැඳින මුල් වරට කොටුව දුම්රිය පලේ "ව" යන්න යටදි පෙම් වතුන් ලෙස හමු වුවා විය හැක. මන්ද එකල //ව\\ යන්න බොහෝ හමු විම් වලට සංකේතය විය. මුල් කවියේ හතරවන පේළියේ මෙන්ම ඉතුරු කවි දෙකකත් //ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ\\ යන්න පුන පුනා පවසන බැවින් මෙය අසම්මත අනියම් පෙමක් ලෙස අර්ථ ගැන්විය හැක. හූ හඬ පසුබිමින් කියා පවසන දේත් එයටම ඇඳා ගත හැක
දෙවන කවිය අනුව, කොළඔ කොටුව දුම්රිය පලේ හමුවිමෙන් අනතුරුව ඔවුන් දැන හැඳින ගෙන, එනම් හොඳින් එකි නෙකා අවබෝද කරගනිමින් තුරුලු වෙලා සිට ඇත. තුන් වෙනි කවිය හා දෙවනි කවිය එක්ව ගත්විට, ඔවුන් ඒක යහනකට රාත්‍රිය ගත කර ඇති බව මොනවට ප්‍රකාශ වෙයි. එහිදි ඔවුන් අසීමිත ලෙස කම්සැප විඳිබවත් ව්‍යංගයෙන් පවසා ඇත.
කෙසේ වෙතත් ඔවුන්ගේ අදාරය අසම්මත නිසා, ලෝකේ මොනවා කිව්වත් ඒ සියල්ල බිඳ දමින් දෙදෙනා එක් වන්නේ නැතුව වෙන් වෙලා තියනවා. එතන හේතුව හරියට පැහැදිලි නැති නිසා මේ කවියේ රසය උපරිම වි ඇත. එනම් කවිය රස විඳින පුද්ගලයාට එය හිතා ගැනිමට ලේඛකයා ඉඩ දි තිබේ.
අර්ථ රසයෙන් ව්‍යංග රසයෙන් හා රසවිදින්නාට කෙලින්ම සත්‍ය සිදුවිම පවසා නොසිටිම නිසා මෙම කවිය උත්කෘෂ්ට නිර්මානයක් බව කිව යුතුමයි. අන්තර්ජාල යුගයේ බිහිවූ විශිෂ්ටතම කවි අතර මෙම කවිය ඉහලින්ම තියනවා
:DDD
වැප්
බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්‍රිය වීමට මෙන්න අවස්ථාව...
53 minutes ago
