Sunday, July 21, 2013

මළ ගෙවල් දෙකක්

මහ සද්දයක්, පාවෙලා යනවා දැනුනා, ඈතට ඈතට ගියා ..................................

ළමයාගේ සපත්තු දෙක දාන්නේ අම්මා, කලිසම අන්දවන්නෙත්, බැග් එක උස්සන් යන්නෙත් ඇයමයි. නමින් මල්ලිකා. කවුරුත් කියන්නේ මල්ලිකා අක්කා කියලා. පවුලෙ එකම ලමයාට කවුරුත් කතා කලේ ලොකු ලමයා කියලා. ලොකු ලමයා ඉපදිලා ටික කාලෙකින්, ලමයින්ගේ තාත්තා වහ බිලා මැරුනා. මහ ලොකු දේපලක් නැතත් ජිවිතය ගෙවා ගන්න පූරුවේ වාසනාවකට ඇයටත් දරුවටත් පුලුවන් උනා. ලමයි ඉස්කෝලේ යනවා කාටවත් අරුමයක් නෙමෙයි. අසනීපයක් නොවුනත් පාන්දරයි හවසයි මල්ලිකා අක්කාගේ ඇහෙන් කඳුලු වැටෙනවා. ලඟ තියන ඉස්කෝලේ පහු කරන් දුර තියන ඉස්කෝලයකට පුතාව ඒක්ක යන එක ඇයට වදයක් නෙමෙයි. එත් ලෝකේ අනික් හැමෝටම ඒක අනුකම්පාවක්. ඇහේ කඳුල නවත්වගන්නේ ඒ ඉස්කෝලෙ අනික් ලමයි දැක්කාම.

බස් එකේදි බනිස් ගෙඩි දෙකක් කලා. ලේන්සුව අරන් පිරිසිඳු කරලා, පිළිවෙලට  යන අතරේ මොකක් හරි ඇහැව්වාම මල්ලිකා අක්කා හිනා වෙලා නිකා ඉන්නවා. දෙමව්පියන්ට ගහන්න එපා කියලා ඒ ඉස්කෝලේ උගන්නන්නේ නැද්ද කියලා ඇයට හිතුන වාර අනන්තයි. මොන දේ කලත් සිනහවකින් ඉන්න ඇය එදත් සුපුරුදු විදිහට ඔහුත් එක්ක ඉස්කෝලෙට යනවා. ටිපර් එකක් ඇවිත් දෙන්නම යට කරන් ගියා.

පුතේ උබ උපදින උපදින ආත්මෙකත් මගේම පුතෙක් වෙලා ඉපදියන් කියලා මල්ලිකා අක්කා මිමිනුවා. ගමේ තැන් දෙකක මළ ගෙවල්.

නැගෙනහිර - අම්පාර රොහින්‍යා නිජ භූමිය වීමට පෙර

අම්පාර දිස්ත්‍රික්කය හා ඒ ආසන්නයේ බලාකියා ගත යුතු ස්ථාන බොහොමයකි. යන මර්ගයයේ දෙපසත් සහිතව ඔබට නැරඹිය හැකි ස්ථාන ආසන්න වශයෙන් හතලියක් පණහකි....