Tuesday, December 24, 2013

මගේ සිංහල බ්ලොගය - නොහිතපු ගමන

මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ ‍සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි.  එයද කල් යත්ම කරන විශය පතයට සීමා වූ පිරිසක් බවට පත් වී පසුව පාසල් අධ්‍යාපනය අවසානයේ හදාරණ පාඨමාලවට රාමුගත වෙයි. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයකට හෝ වෙන යම් අයතනයකට බැඳුනු පසු ඒ හරහා හඳුනා ගත් පිරිස සමඟ පමණක් වැඩිපුර ගැටේ. අහල පහළ, පෙර පාසල, ප්‍රාථමික පාසල, ද්වීතික පාසල හා විශ්ව විද්‍යාලය යන අවස්තාවලින් වඩාත් වැඩිපුර කාගෙත් මතකයේ රැඳි පවතින්නේ විශ්ව විද්‍යාල සමයයි.

බ්ලොග් අවකාශයේ දැන හඳුනා ගැනිම යනු, සාම්ප්‍රදායික දැන හඳුනා ගැනිමෙන් ඔබ්ට ගිය ප්‍රකාශිත අදහස මත ගොඩනගා ගන්නා ප්‍රතිරූපය හා ගනුදෙනු කිරිමකි. විවධ වූ සාමජ කොටස් සමඟින් හා විදෙස් රටවල් නියෝජනයනය කරමින් පැමිනියත්, සිංහල ‍බ්ලොග් කලාව තුල කාටත් පොදු එකඟතාවය නම් සියලු ගනු දෙනු සිංහල භාෂාව හරහා ප්‍රකාශනය කිරීමයි. මේ හඳුනා ගැනිම තුල කෙනෙකු සාර්තක වන්නා සේම තව අයෙකු රැවටීමටද ලක් කල හැක. අප දන්නා ඉතිහාසය තුල මෙම අවස්ථා දෙකම අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් සත්‍ය ලෙස සිදු වි ඇත. අනාගතයේදිද එය එලෙසම වනු ඇත.

2009 දෙසැම්බර් මස 24 දින ආරම්භ කරන ලද මාගේ බ්ලොග් අඩවියට අදට වසර 4ක් පිරීඇත. ඒ තුලින් මා ලබාගත් දේ බොහෝය. දැන හඳුනා ගත් පිරිස බොහෝය, තවමත් අකුරු වලින් ‍පමණක් චිත්‍රනය වි ඇති පිරිසක් සිටියි. හැම දේම කාලයක් යද්දි එපා වන්නා සේ බ්ලොග් අඩවියට ඒ කාලය දැන් උදා වී ඇත. බ්ලොගයටම වී සිටි කාලයක් තිබුණි. එහෙත් දැන් අහම්බෙන් ලිපියක් දෙකක් පමණක් ලියවේ. මෙම බ්ලොග් අඩවිය නිසාම බැනුම් ඇසූ යුගයක් තිබුණි. එහෙත් දැන් අසාවට බයින්න එකෙක් නැතිය. සිතුවාට වඩා ඉහල වටිනා කමක් ලැබුවේ සිංහලෙන් අකුරු කල මේ බ්ලොග් අඩවිය නිසාය. එබැවින් මම එයට ගෞරව කරමි. සේවාව පවතින තුරා ලිපි එකතු කරමින් එය පවත්වාගෙන යාමට අදහස් කර සිටිමි. සිංහල බ්ලොග් අවකාශයේ සැරිසන පිරිස, වැප් බ්ලොගය නිසා පමණක් හඳුනා ගැනිමට මම ඉතා කැමැත්තෙමි. ඔවුන් අගයන්නටද පසුබට නොවෙමි.  


වැප්

Monday, December 16, 2013

(ඔෆිස්+පැදුරු+බීච්) පාටි

දෙසැම්බරය 2013, කම්මැලි කමේ උපරිමයකට ආපු කාලයක් පහු කරලා ටිකක් විතර කුසීත කම මඟ ඇරුන විදිහ බ්ලොග් එකේ දාන්න තමයි මේ හදන්නේ. ඔෆිස් පාටිය පැත්තකින් තියමු. ඒක ඉතින් ෆුල් ඔෆිසියල්නේ. පැදුර තමයි පැදුර... ඒකට දාන්න තිබ්බ නම තමයි දන්සැල් පැදුර කියලා.  අපේ ගෙදර කියන ගෘප් එකේ මම ඇත්තෙත් නැහැ( මේ වෙනකොට ඒකේ සාමාජිකයෙක්මි). පැදුරට එනවාකියලා රෙජිස්ටර් උනෙත් නැහැ. ඒත් ඔන්ලැයින් මොකක් හරි තියනවා නම් ගිහින් ඔලුව දාලා එන්න තියන අමාරුව නම් තාම හොඳ වෙලා නැහැ. පැදුර ගැන ආරංචි යන දවස් වල රාජ් කාරයා ඇහැව්වා මගෙන් යනවාද කියලා. යන්නත් ඕනේ කියන මතේ හිටියත් ඒක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ ප්‍රදියා ආයිත් ඇහැව්වම යන්නේ නැහැ කියලා හිටියත්, තුන් දෙනෙක්ම ඉන්න එකේ යන්න ඕනේ කියලා තීරනයට ආවේ සිකුරාදා. ඒ වෙලාවේම තීරණය ක්‍රියාත්මක කරමින් රාජ්වත් දැනුවත් කරලා ප්‍රදියවත් සෙට් කරගත්ත. ප්‍රදියයි මායි 11 ට විතර මාකොළින් පිටත් උනා 154 වන්දනාව පැයකින් ඉවර වෙයි කියලා හිතලා. කිරිබත්ගොඩ ඉදන් දෙහිවලට යන්න පැයක් හොඳටම ඇති උනත් මේ යකා කොට කොට ගියා පැය එකාහාමාරක් විතර. බොරැල්ල දැන් ෆට්ට ටැෆික් වෙලා. කරුමෙට නයිට් රේස් වලට පාරවල් වහලා හින්දා ඔක්කොම වාහන හරවලා එන්නේ බොරැල්ලෙන්. ඒ මදිවට හවුස් ඔෆ් ෆැෂන් එකත් වාහන සේල් එකක් දාලා. 

කොහොමින් කොහොමින් හරි 12.30 පහු වෙලා තුන්දෙනා එක්ක, පැදුර තිබ්බ පාර පැත්තක තියලා ටුක් ටුක් එකේ බීච් සයිඩ් අතුරු පාරවල් දෙකකම ‍ගියේ නොදන්න කමට නෙමෙයි. ත්‍රීවිල් බුවත් පාරවල් දන්නේ නැති ගානට අපෙන් ගානක් කඩා ගත්තා. (කවදාවත් මාරු නොවන 500 යේ කොලයක් තිබ්බ හින්දා රාජ් කාරයාගේ කීයකටද මන්දා කෙල උනා). උදේ පාන්දරම බ්ලොග් කාරයෝ දෙන්නෙක් හම්බුන හින්දා යන්තම් අපිත් දන්න කියන උන් ඉන්න එක ගැන සතුටක් ඇති උනා. 350 ක් ගෙවලා එදින දොරටුවෙන් ලියාපදිංචි වෙලා පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා. ඊට පස්සේ ඉතින් පැදුර පැත්තක තියලා හෙව්වේ කන්න බොන්න මොනවද තියෙන්නේ කියලා. අපරා‍දේ කියන්න බැහැ පොල්කට්ටට කැඳ කෝප්ප දෙකක්ම බිව්වා හකුරු කෑලි දෙකක් එක්කම(320). ඊට පස්සේ ඔලුව කරකව කරකව ඉන්න කොට ඔක්කොමට ඇවිත් පැදුරේ ඉදගන්න කිව්වා. ඉල්ලීම අහක දාන්නත් බැහැ. බිම වඩි වෙලා විනාඩි දහයක් ඉන්නත් බැහැ.  කොහොමින් කොහොමින් හරි ඇඹැරැල්ලා අච්චාරුව තියන තැන පැදුරේ වාඩියක් දැම්මා(300) .  ටිකක් වෙලා යන කොට ඉන්නම බැහැ පැදුරේ, නැගිටලා ගිහින් පුටුවක වාඩිය දාගත්තා. ඔය අතර තුර කස්ටිය අඳුනගන්න වැඩේ නැගලාම ගියා. මුල්ම කිහිප දෙනා සුහද සාකච්චාවකිනුත්, පහු පහු වෙනකොට අතඉස්සිම පමණක් විම හිතට සතුටක් ගෙන දෙන කාරනයක් උනා. 

කන වෙලාව ආපු හැටියේ, මාලු කෑම එකක් අරන් (150) එලිමහනේ මේසයක් උඩට ගියා. කෑම එක නම් එලටම තිබ්බා. නෙලුම් කොලයක කෑව හින්දා තවත් පට්ට. අයීස් ක්‍රීම් එකකටත්( 125) වග කියන ගමන් ඇතුලට ඇවිත් කෙලිනම් ගියේ කුස්සිය පැත්තට. පැදුරේ සංවිදායකයෝ බරටම වැඩ. එයාලට වද නොකර අපි කුස්සියෙනුත් එලියට ගියේ කන්කුන් කඩන තැනට. ඒ හරියේ වෙනම බෝතල් සද්ද ඇහෙනවා. බයිට් වලටයි සැන්ඩි වලටයි වගකිව්වේ කස්ටිය තරහා උනොත් එහෙම හරි නැති හන්දා :D. ඊට පස්සේ අයිත් ගිහින් ඇබරැල්ලා අච්චාරු ටිකක් කලා පුටුවකින් වාඩි උනා ‍විතරයි මෙන්න එනවා. තව කෑම වගයක් (කොකිස්/කැවම්/හකුරු/කෙසෙල්/හැලප)  එපා කියන්යෑ කෑවා ඒකත් (25). අහා කියන්න අමතක උනා ඔය අතරේ පැදුර පටන් අරන් කට්ටිය සින්දු කියනවා හරි. ඈතින් එනවා මල්ලක්. මොනවද දන්නේ නැහැ , ඔලුව දාලා බැලින්නම් ටොෆි, පුරුද්දක් විදිහට ටොෆි කන්නේ නැතත් ඒකත් කලා දැම්මා (24). ඊට පස්සේ ඔහොම කැරකි කැරකි ඉන්න කොට හවස් වෙලා. දැන් ඇති වෙලාව 4.30ට විතර, මෙන්න එනවා කට්ලට් සහ පාන්( -30) පාන් පෙති නම් පහකට වඩා කන්න ඇති. ඊට පස්සේ බෙලි මල් එකකුයි හකුරු කැල්ලකුයි අරන් කෙලින්ම ගියේ එලියට (-50). ඊට පස්සේ ඉතින් දිගටම එලියේ. ලාවට වගේ වැස්සක් ආපුහින්දයි, පැදුරත් ඉවර උන හින්දයි, ශාලව ඇතුලේ මේසයක්ම දාලා තිබ්බා. (-200). ඒක දිගටම නැගලා ගියත් රාත්‍රී හතට අපි ගෙවල් බලා පිටත් ‍උනා....

සංවිධායක මණ්ඩලයටයි.... ආපු එවුන්ටයි ... ස්තුතිය යන අතරේ කන්ඩ දීපු එවුන්ට විසේස ස්තුතියක් මෙන්න !

කතාව ඉවරයි ..රූප රාමු නැත


තව පොඩ්ඩෙන් අමතක වෙනවා 21 බිච්පාටිය හරි. මෙන්න මෙතන වැඩිදුර http://cyberfestival.blogspot.com/2013/12/18.html

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....