Wednesday, April 30, 2014

1817-2017 කැරැල්ල

නිබන්දනය නිම කල යුතු දිනය 2099/09/09 ලෙස සටහන්වත තිබුණත්, එය කෙසේ අවසන් කරමිදැයි තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් නැත. තව ඇත්තේ ඉතා සීමිත දින කිහිපයකි, බොහෝ කරුණු එක් රැස් කර ඇතත් පෙළ ගස්වන්නේ කෙසේද?. කේවල ව්‍යාපතීයක් ලෙස ප්‍රථම උපධිය සඳහා -පුරාතණ ශ්‍රී ලංකාවේ දාහතේ කැරැල්ල- මාතෘකව තොරාගනු ලැබීය. විටෙක එය වැරදි තෝරාගැනිමක් ලෙස පෙනී යයි. තව විටෙක ඉතිහාසය සොයා නිවැරදි නිගමනයකට එලබිමට ඇති උන්නදුව මඟ හැරිමට නොහැකියයි සිතේ. අදින් වසර 282 කට කලියෙන් පැවති 1817 කැරැල්ලත්,  වර්ශ 82 කට පෙර සිදු වූ 2017 කැරැල්ලත් සංසන්දනාත්මකව විග්‍රහ කොට, අවස්ථා දෙකේදිම දැඩි ලෙස මර්ධනයට ලක් වූ ස්වදේශිකයා  එලබෙන නැගීසිටිමකදි නිවැරදි කරගත යුතු අවස්ථා පෙන්වා දීම මෙහි මුඛ්‍ය අරමුණ බවට පත් නොකර ගැනීමට වග බලා ගත්තේ 2017 සිදු වූ ශෝචනීය ඉරණමක් මා වෙත ලඟ කර ගැනීමට ඇති දැඩි අකමැත්ත නිසාවෙනි.

වෙබ් අඩවි කිහිපයක් හරහා ගමන් කිරමින් ඉතා පහසුවෙන් වසර 1817 සිදුවීම් එකිනෙක පෙළ ගස්වා ගතහැකි වුවත් 2017 සිදු වූ සිදුවිම් සෙවිම යනු ඉතා අපහසු කටයුත්තකි. නිවැරදි තොරතුරක් එක එල්ලේ ප්‍රකාශ වූ අවස්ථාවක් සොයා ගත හැකි නොවීය. ඒ කෙසේ වෙතත් පහත පරදි සොයාගත් තොරතුරු වගු ගත කර තැබීම වඩා හොඳ යැයි මට සිතුනි



1817
2017
ශ්‍රීලංකාව එවකට යටත් කොට ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව එවකට ශ්‍රිලංකාවේ පලනය ගෙන ගිය සන්ධාන ආණ්ඩුවේ පාලනයට විරුද්ධව
විශේෂයෙන්ම පන්සල මූලික කරගත් ස්වදේශික සිංහලයන්ගේ හා  රදලයන්ගේ මූලිකත්වයෙන් පොදු මහජනතාව
කැරැල්ල ඇති වීමට ප්‍රධාන හේතුව නම් කෙත් වතු ගිනි තැබිම වැනි ආර්ථික මරමස්ථාන වලට පහර දීම
  • බඩු මිල ඉහල යාම, 
  • සමාජ සාධාරණත්වයක් නොතිබිම
  • පාලකයන්ට එක නීතියකුත් සමන්‍ය පොදු ජනතාවට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වීම
  • පෞරාණික ස්ථාන කඩා බිඳ දැමිම,
  • වනාන්නතර සංහාරය
  • පවතින සමාජ සභ්‍යත්වය ඉක්මවා යාම
  • සැමට සාධාරණ නොවු සමාජ ක්‍රමයකට උත්පේරක සැපයීම
  • කොඳුනාරටි කඩා දැමූ කුදු සමාජක්‍රමයක් ඇතිකිරීම
දොරේසාමි 'කුමාරයා' ප්‍රමුඛ කරගනිමින් හුදෙකලා සටන් ඇරඹීම අන්තර්ජාලය මුල්කරගනිමින් වඩා සංවිධානත්මකව, අවිආයුධ වලින් තොරව
කැප්පෙටි පොළ නිලෙමේ තුමා ස්වේදේශික ජනයා සමඟ එකතු වෙමින් කැරැල්ල මෙහෙය වීම හා
යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයක් බවට පත් විය.
අන්තර්ජාලය දැඩි ලෙස පලනය කර, පවතින අවනීතිය තව තවත් දැඩි කරමින්, සැකය එල්ලවන සියලු කැරලිකරුවන් විනාශ කරදැමිම
සියලුම ජනතාව එකතු වී කැරැල්ලට සහාය දැක්වමින් ඉංග්‍රීසි ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක් කිරීම ගතු කේල්ම් කියන්නන් වැඩි වී, මුදලට තාන්න මාන්න වලට කැරැල්ලේ තොරතුරු නිරාවණය කිරීම
වතුපිටි ගිනිතබමින් සියලු දේපල සංහාරයකට ලක්කරමින් ඉංග්‍රීසින් කැරැල්ල සාර්තකව මැඩපැවැත්වීම රාජ්‍ය බලය හා භීෂනය යොදවා වර්ෂ 2019 කැරැල්ල සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම
වර්ෂ 1948 ඉංග්‍රීසි පලනයෙන් මිදිම වර්ෂ 2025 දී යහපාලනයක් ඇතිවීම


අපිළිවෙල හුදෙකලා තොරතුරු සොයා හැකි පමණින් සංෂිප්ත කලෙමි.

වැප්

Wednesday, April 16, 2014

විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park.

විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ  බොහෝනැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය.නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම  නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති දෙයක් හුවා දැක්වී ඇත්දැයි ‍කනස්සල්ලේන් පසුවිය. විල්පත්තු බලා යාමේ දැඩි අවශ්‍ය තාවයක් ඇතිවිය. නමුත් යන්නේ කෙසේද, කවුරුන් සමඟද නිසි තීරණයක් තවම නැත, එනම් මේ පහුගිය 11 වෙනි සිකුරාදා දිනයේ හවස් වරුව ගෙවී ගිය අයුරුයි. අවුරුදු පසු වී විල්පත්තු බලා යාමට මට අවශ්‍ය බව නිකමට මෙන්, තිසර මධුවන්ත මහතාට පැවසුවේ, කූරගල යාම ඔහුට නොදැන්වූ බවට පෙර දොස් පවරා තිබූ නිසාවෙනි. නොහිතූ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලදීමි. එනම් 12 වන සෙනසුරාදා උදෑසනම විල්පත්තු බලා පිටත්ව යාමයි. පසුදාට පහන්විය, උදෑසන 5.45 ට පමණ තිසර මධුවන්ත මහතා අ‍පගේ නිවසට ලඟවිය. එක්පසකට කිලේමීටර් 150 පමණ වූ ගමන ආරම්භ විය. නමුත් ගමනාන්තය වන විට එය මූලු දුර ලෙස කිලෝමිටර් 500 ද ඉක්මවා ගොස් තිබුණී

අපගේ ගමනාන්තය විල්පත්තුවේ වන විනාශයට පත්වූ අලුතෙන් ඉදිකල මුස්ලිම් ගම්මානය සොයා යාමයි. ගමන් මඟ වැටී තිබුනේ, කොළඹ-> පුත්තලම් -> මන්නාරම් මාර්ගය-> විල්පත්තු වනයමැද අදාල ස්තානය. උදෑසන 7 ට පමණ ආහාරය ගතිමු.  ඉන්පසු හලාවත පසුකරමින් පුත්තලම් බලා ඇදී ගියෙමු. විනාශ වූ ස්තානය හරි හැටි නොදන්නා නිසා, පුත්තලම පසු වනවාත් සමඟම දෙපස ඇති කඩ වලින් සිංහල ආරට ඇති නමකට ඉව ඇල්ලුවෙමු. පුත්තලම පසු කර කිලෝ මිටර් ගානක් ගිය තැන, නිසන්සල ස්ටෝස් හමුවිය. තොරතුරු දැන ගැනිමේ අපේ අයිතිය කිලෝමිටර් ගනනක් වගකිව යුතු යැයි ශ්‍රී ලාංකීක පුරවැසියෙක් ලෙසටත්, ප්‍රජාතාන්ත්‍රික වැසියෙකු ලෙසත් කිසිසේතම අපේක්ෂා නොකලෙමු. නමුත් එය එසේ සිදුවූයේ අනවශ්‍ය ගැටලු නිර්මානයට වඩා අපගේ අරමුණ ඉටුකරගැනිම මූලික අභිප්‍රාය නිසාවෙනි. කෙසේ වෙතත් නිසන්සල ස්ටෝස්හි සිටි තරුණ වෙලඳ මහතාට අනුව, පුත්තලම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පදිංචි වීම සඳහා විල්පතුත් වනය තුල නව ගම්මාන නිර්මාණය කරන බව දැනගතිමු.‍ ගමන් මාර්ගයද ඔහුගෙන් දැනගතිමු. ඔහුට අනුව අපට පුත්තලම් මන්නාරම් මාර්ගයේ, විල්පත්තු වනයට කලින් හමුවන එකම ගම්මානය එලුවන්කුලමයි. ඊට පෙරඇති පිරවුම් හලකින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්දනද ලබා ගතිමු.

එලුවන්කුලම යනු ධීවර ගම්මානයකි. එහි සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙති. 

එලුවන්කුලම අවසානයේ විල්පත‍්තු වනය මැදින් මන්නාරම් බලා දිවෙන මාර්ගයයි. එහි අප යායුත්තේ සිලාවතුර දෙසටයි. තවමත් මාහාමර්ගය ගොඩනැගෙමින් පවතින අතර වනයතුලට යාමට පෙර නාවික හමුදාවේ කඳවුරක් පවති, කලාඔය හරහා සපත්තු පාලමක් පවතී. නමුත් අපේ ගමනට අභියෝග කරමින්, කලාඔය  පිටාර ගලා ඇති නිසා නාවික හමුදාව විසින් එම පාර වසා එදිනට දින පහකි. කීලෝමිටර් සියගනනක් පසුකරමින් පැමිණියත් අරමුණ අසාර්ථක වේ දෝ දැයි සීමාකාරි අවස්ථාවක් පසුකරමින් සිටිමු. ගමන් සගයා ගූගල් මැප් පීරමින් තවත් කෙටි පාරක් සොයයි. නමුත් විල්පත්තු කැලය නිසා, අපගේ එකම ගමන් මාර්ගය නැවත පුත්තලම් ගොස්, පුත්තලම් මන්නාරම පාර වැටෙන තැනට සිලාවතුර පෙදෙසෙන් ඇතුලු වීමයි. ක්ෂණයෙන් ක්‍රියාත්මක විය, නැවත කිලෝමිටර් 40 පමණ ආපසු පුත්තලම බලා පැමිණියෙමු. පුත්තලෙමන් අනුරාධපුර මාර්ගය ඕස්සේ ගමන් කරයි, විල්පත්තු වනය නැරඹීට යන ස්තනයට ලඟවිය, එහි සිටි සෆාරි ජීප් කණ්ඩායමක මතය උයේ, ඔයාමඩු පාරේ ගොස් නිකවැව හන්දියෙන් මන්නාරම් හන්දියට ගොස් අරමුණ වෙත ලඟා විමයි.


අපි මන්නාරම් හන්දිය දක්වා ලඟ වූයෙමු, හවස් 12 ට පමණ ඇත. කජුවත්ත සිව්ල් ආරක්ෂක බලකා ස්ථානයේ සෙබලුන් මාරු වන දිනයයි. එම නිසා වනය මැදින් වැටී ඇති එම මහාමර්ගයේ ඉද හිට මොටර්සයිකලයක් හමුවෙයි. තවතැනක කණ්ඩයම් ලෙස තේවතුර බොමින් සිටිති. තව තැනක කැඩුනු මොටර් සයිකලයක් සාදති, ඔය අතර ‍ගස් හෙවනේ ගිමන් හරින සිවිල් ආරක්ෂක සෙබලුද දක්නට ලැබුණි. තරඟයට මෙන් අප මොටර්සයිකලය හා සිවිල් ආරක්ෂක ‍සේවයේ බයිසිකලයක්  ඉදිරියට ඇදී ගියේ කතාබහක්ද සිදු කරමිනි. දැඩි ලෙස අබලන් වූ මාර්ගයේ සෑම තැනකමට වලවල්ය, සමහර තැනක පාර සේදි ගොස්ය, කිලෝමීටර් 40 කට ආසන්න වූ දුෂ්කර ගමන බොහෝ සේ ප්‍රියජනක අලුත් අත්දැකීමක් විය, රථාචාර්යයතුමාට මාගේ ප්‍රණාමය පුදකරීමට ඉතා හොද අවස්ථාවකි.

පේමඩුව - යාය 8- විල්පත්තු වනය මැදින් සිලාවතුර දෙසට 


සවස දෙක පමණ වන විට කොක්කුපඩ්ඩයන් තුම්මන් හන්දියට ලඟ වූයෙමු, කතා කරන්නට දෙමළ බස නොදනි, නියමිත ස්ථානයට හරියාකාරව නොදනි, තොරතුරු දැන ගත හැක නාම පුවරුද නැත, නමුත් කොක්කුපඩ්ඩයාන් හංදියේ මුරකපොල්ලකි. එහි පොලිස් නිලදාරියෙක් හා හමුදාවේ නිල දරුවන් දෙදෙනෙකි. අපි කෙලින්ම කතාවට බැස්සෙමු. ඔවුන් එක්වරම ඇසුවේ අපි මධ්‍යවේදීන්දද යන්නයි, එයට නැත යන පිළීතුර දෙන ගමන් ඌනපූර්ණයක් ලෙස කිසිඳු සේනාවක සමාජිකයන්ද නොවෙමුයයි පැවසූහ. අපේ මූහුණු වල තිබුණු විඩාවත්, අරමූණත් හොඳින් පැහැදිලි වූ නිසා, දිවා ආහාරය අපිට පිරිනමා පැය භාගයක පමණ කතාබහකද නිරත විය. ඔවුන් තිදෙනා එතන දින කිහිපයක් රාජකාරි කලද, අදලා සිද්දිය වූ ස්ථානයට ගොස් තිබුණේ නැත, නමුත් ඔවුන් අඳුනන තවත් පොලිස් නිලධාරියෙක් එතනට කැඳවා අපට සියලු විස්තර ලබා දී, ආරක්ෂිත ලෙස ගමන් කාරන ආකරය පැහැදිලි කර දුනි. ඉදින් අප ඔවුන්ට බොහෝ ස්තුති කරමින් එතැනින් නික්ම ගියේ සුලු මොහොතකින් දක්නට ලැ‍බෙන වන විනාසය සෑබෑවක්ද යයි පත්‍යක්ෂ කොට දැන ගැනීමටයි. කෙසේ නමුත්, ඇතුලට කපා ඇති මංමාවත් වල ජනපතිතුමගේ පින්තූරත් දක්නට ලැබුනී. ඊට අමතර එම ප්‍රදේශයේම(විල්පත්තුව වනය තුල නොව) සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වෙන වෙනම ඉදිවන බවද වැඩිදුරටත් ඔවුන් පවසන ලදී

තවත් දේවල් ලිවිමට අවශ්‍ය නැත, පහත පින්තූර හා වි‍ඩියෝ පට නරඹන්න, සිදු වී ඇති දේ හොඳින් දැකගන්න, තව නොබෝ දිනකින් මේ දෙපස තව තවත් ප්‍රසාරණය වී විල්පත්තුව හැකිලී යනු ඇත. එදිනට මේ ය සටහනක් පමණක්ම වේවා!. 






ස්තුතිය- තිසර මධුවන්ත මහතා / කොක්කුපඩයාන් ආරක්ෂක මුර පොලේ එදින සේවය කල නිලදරුවන් /සිවිල් ආරක්ෂක බලකායේ මහතුන් / ගමනට තොරතුරු සැපයූ සියල්ලන්/ මෙම ලිපිය කියන ඔබ සැමට හා බයික්කුවට

රථාචාර්යයා


පසු සටහන- එහි පදිංචි කරුවන් සමඟ කතාකිරීමට තිබුනා නම් මෙම ලිපිය තවත් වෙනස් ලෙස ඔබ වෙත ගෙන එන්නට තිබුණි හෝ මෙසේ ලිපියක් පල නොවන්නටද ඉඩ තිබුණී. ලිපියෙහි අඩුපාඩු ඇත්නම් කමාකරත්වා නිවැරදිකරත්වා

වැප්

Thursday, April 10, 2014

සිහින උලෙළේ අමතක නොවන සිදු වීම්

මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.

සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා. 

2011 දි,  ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.

2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.


2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :D

තව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න


<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

එහෙන්ම් 20 හමු වෙමු

වැප්

නැගෙනහිර - අම්පාර රොහින්‍යා නිජ භූමිය වීමට පෙර

අම්පාර දිස්ත්‍රික්කය හා ඒ ආසන්නයේ බලාකියා ගත යුතු ස්ථාන බොහොමයකි. යන මර්ගයයේ දෙපසත් සහිතව ඔබට නැරඹිය හැකි ස්ථාන ආසන්න වශයෙන් හතලියක් පණහකි....