Tuesday, August 5, 2014

රොවින්ටාර් රෙකෝඩ්බාර්

කාලෙකට කලින් බොහොම කාලෙකට කලින්, ඔය එක එක කාලෙට එක එක පිස්සු එනවානේ, මේ කාලේ මට තිබ්බ පිස්සුව තමයි විදුලි පරිපථ හදන එක. සමහර විට මතක ඇති සෙනිත් කියලා පොත් සෙට් එකක්ම අවා. මගේ ගුරුවරයා උනේ අපේ ඉස්කෝලෙම උන්න දිම්මා. සතේ අතේ නැති කාලේ මට කොයින්ද පොතක් ගන්න සල්ලි මට මතක විදිහට ඒ කාලේ ඒ පොත රු 100 ක් උනෙත් නැහැ. කොහොම උනත් ගුරාගෙන් පොත ඉල්ලන් මාත් පෝඩ්ඩක් වැඩේට බැස්සා. සර්කිට් හදන උණ තදේට දැනෙන්නේ වෙසක් එක කිට්ටු උනාම, බුදුරැස් මාලාවක් හදාගන්න. 

අවශ්‍ය වියදම් , උවමනා වියදම් ඇරුනාම, ආශා වියදම් සපයන්න අපේ මව් දෙම්පියන්ට හැකියාවක් තිබුනෙත් නැහැ, හැකියාව තිබ්බාත් ඒ ප්‍රතිපාදන කවදාවත් අනුමත වෙන්නෙත් නැහැ. ඉතින් මම කියලා නිකා හිටියේ නැහැ, ස්වයං රැකියාවක් විදිහට වත්තේ තියන පුවක්, කජු දෙකම ඇහිඳලා එකතු කරනවා. මට මතක විදිහට කජු ගෙඩි 100ක් රු 20/- ක් විතර ඇති පුවක් ගෙඩියක් ශත 10 ක් විතර ඇති. ඒ තරම් ශක්තිමත් ව්‍යාපාරයක් නොවුනත්,  වෙසක් එකට බුදුරැස්මාලාවක් ගොඩදාගන්න පුලුවන් ආසන්න මුදලක් හොයා ගන්න ඇහැකි. ඒත් සල්ලි මදි නම් ඉතින් කඩේ යනවට ගමන් ගස්තු විදිහට රුපියලක් දෙකක් ගන්නවා, (ඔව් ඒ කාලේ ඉදින්ම කලේ කඩේ යන එක තමයි :D)

කොහොමින් කොහොමින් හරි, ගුරාගේ පිහිටෙන් මගේ ශක්තියෙන් දැන් බුදුරැස් මාලවක් හදන්න සල්ලි ටික තියනවා. ඒ කාලේ ඔය සෙනිත් පොත් තිබ්බේ බොරැල්ලේ YMBA එකේ කඩේක, මට දැන් නම් කඩේ මතක නැහැ. දවසක් ගුරා එක්ක ඔතනට මාත් අවා සැරයක්. කිරිබත්ගොඩ ලකී රෙකෝඩ්බාර් එකයි (දැන් නම් මේක නැහැ මම හිතන්නේ), රොවින්ටර් එකයි තමයි ඔය සර්කිට් බඩු ගන්න අපිට ලඟම තැන. රොව්න්ටර් එක නම් මම ඊයේ යනකොටත් දැක්කා. ඒක දැකපු හින්දා තමයි මේ අතීතයක් මතක් උනේ. ඔය රොවින්ටර් එකයි, ලකී එකයි ගත්තාම පොඩි වෙනසක් තිබ්බා. රොවින්ටර් එක පොඩි ඉඩක තිබ්බේ, හැබැයි A/C ඉතින් මම හරි ආසයි ඕකට රිංගන්න. ඇයි බොලේ කූල් එකේ පොඩේඩක් ඉන්න පුලුව්න් එකම තැනනනේ. දැන් නම් ඔෆිසියේ මගේ ඇඟටම වදින කරුම A/C එක එපා වෙලා තිබුණත්, ඒ දවස් වල මොන තරම් ආසද A/C පොඩ්ඩක් වද්දගන්න. 

ඉතින් කොහොමින් කොහොමින් හරි බුදුරැස්මාලව හදන්න,සෙනිත් පොතේ තියන විදිහට මාත් බඩු ටික ගත්තා. ඒකේ තිබ්බේ බැටර් හයකින් වැඩේ ගොඩදාන්න පුලුවන් කියලා. ඉතින් බැටරි එකක ගාන ඇහැව්වාම මගේ ඇස් දෙක උඩ ගිය හින්දා වෙන්ට ඇති රොවින්ටර් එකේ උන් කිව්වේ, ඔය සර්කිට් එක කරන්ට් එකට ගහන්න පුලුවන් කියලා. මාත් ඉතින් හදපිනා ගිය සතුටින් සර්කිට් බෝඩ් එකයි තව අර 22k, 5 ඕම්, කැපැසිටර් අරගෙන ගෙදර ඇවිත් වැඩේට බැස්සා. ෆෝමිකා බොඩ් කපාගෙන හිල් හදන් වද වෙන්න ඕනේ උනේ නැහැ. රෙඩිමේට් සර්කිට් බෝඩ් එක තිබ්බ හින්දා. දැන් ඉතින් සෙනිත් පොතේ තිබ්බ විදිහට ගානට ඔක්කොම සෙට් කරලා බවුත් එකෙන් ඊයම් එහෙම වක්කරලා, බොහොම සුමට විදිහට සර්කිට් එක හදලා ඉවර කලා. දැන් තියෙන්නේ විදුලි බලය සපයන්න. කියන්න කනගාටුයි මම කෙලින්ම සර්කිට් එක සම්බන්ධ කලා ගෙදර තියන 230V ප්ල්ග් එකකට. මට මතක විදිහට චුරුස් ගලා සද්දයක් අවා, එච්රයි, නිමි නිමි පත්තු වෙන බුදුරැස්මාලව වෙනුවට දුම්දාන බුදුරැස්මාලාවක් මට ඉතුරු උනා.

ඔය වෙනකොට පවර්පැක් එක ගැන මාගේ ගුරුවරයා මා දැනුවත් නොකර තිබීම ඉතාම ශෝචනීය තත්වයක්. රොවින්ටර් එකෙන් කර්නට් එකට ගහන්න පුලුවන් කියලා කියලා තියෙන්නේ පවර්පැක් එක හරහා කියන එක මට තේරුම් ගියේ පස්සේ දවසක වෙච්ච සින් එක ගුරා එක්ක කතා කරපු වෙලාවක. ඉතින් බුදුරැස් මලා හැදිල්ල එහෙම්ම නතර උනා. හැමදාම අපේ අම්මා කියන්නා වගේ ඒ වෙසක් එකටත් අපේ ගෙදර කලුවරේම තිබ්බා. 

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....