Monday, October 20, 2014

චිං චිං

ඔබ කොහොමටත් විශ්වාස කරන එකක් නැහැ මේ කියන්න යන කතාව. සමහර විට ඔබ හිතයි මේක ගොතපු කතාවක් කියලා, නැත්නම් කියයි කොහෙන් හරි අහපු කතාවක් කියලා. ඔබට වැරදිමක්. මේක නුදුරේදි සිද්ධ වීමට තිබේන එකම එක සත්‍ය කතාව. ඔබේ ජිවිතේදි හැමදාම ඇහැවේ/ බැලුවේ සත්‍ය කතා ඇසුරින් නිර්මිත නිර්මණයන්, නමුත් ඔබ කවදාවත් කියවා ඇතිද?  නුදුරේදිම සත්‍ය වන කතාවක්. එහෙනම් කියවන්න, එක හුස්මට කියවන්න. කම්මැලි කමක් නැතුව දිගටම කියවන් යන්න, අවසානයේදි තිබෙන්නේ ඔබ හිතන දේද කියාම?

ඇය පෙනුමෙන් යකඩ ගැහැනීයක්, උසට සරිලන මහතක් ඇති ඇය කොටද මහතද කියන්න මම දැනුවත් මදි නමුත් ඇයගේ ගමණ බොහෝම වේගවත්. ඔබ දැකලා ඇති පාරේ මිනියක් ගියදාට සමහරු බිම බලන් යන්නේ වැටිච්ච සතේ ගන්න. ඇයත් ඒ වගේ බිම බලාගෙන අපේ ගේ ඉස්සරහා පාරෙන් දුවනවා. මං බලං ඉන්න හින්දා විතරක්ද කියන සැකය දුරු උනෙ දවස් කිහිපයක් CCTV කැමාරවෙන් ඇයගේ සත්‍ය ගමන හොඳින් අධ්‍යයනය කරපු හින්දා. අපේ පාරේ ගෙවල් පහයි තියෙන්නේ. ඇය ඉන්නේ අපේ ගෙදරට පහල ගෙදරට පහළ ගෙදර. වැඩි කතා බහක් අනික් ගෙවල් සමඟ අශ්‍රයක් නැති ඇයගේ, රැකියව කුමක් කියලා ඔබ සිතනවාද? රජයේ සමන්‍ය සේවකයෙක්? පෞද්ගලික අංශයේ සුලු රැකියවක්?.. නැහැ ඔබ කවදාවත් එහෙම හිතන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද ඇය සමාජ ආශ්‍රයක් නැහැ කියන එකෙන්ම ඔබත් මාත් තේරුම් ගන්න ඕනේ ඇය කරන්නේ ඉහළ රැකියවක් බව. 

කතාව පහසු කරන්න මම ඇයට චිංචිං කියන්නම්. චිංචිං මහත්මිය මහබැංකුවේ මාණ්ඩලික නිලධාරිණියක් කියලා කිව්වේ අපේ ගෙදර ලැට් වල කපන්න ආපු අයියා. බ්ලොග් එක කියවන ඔබ හොඳකාරවම දන්නවා මම ඕපූ දූප හොයන්න එච්චර කැමැත්තක් ඇති පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඒ හන්දා මම කවදාවත් චිංචිංගේ විස්තරයක් හෙව්වේ  නැහැ. නමුත් ලැට් වල කපන්න ආපු අයියා කියපු විස්තරය අහපුවාම ඔබටත් හිතෙයි ඒ අයියා සුදුසු ගාමේ ග්‍රාම නිලධාරි කමට කියලා. මට මෙතන හැමදේම අකුරු කරන්න බැරි උනත් කෙටියෙන් කියනනම්. 

" මල්ලි ඔය ගැනී වැඩ කරන්නේ මහ බැංකුවේ. නෑයෝ ඉන්නවා අර මුඩුක්කු පාරේ. ඔය ඉඩම අරං දුන්නේ මම. මට ලක්ෂ දෙකක කොමිස් එකක් හම්බුනා. හැබැයි මල්ලි ගැණිගේ ලැට් වල කපන්න මට පොරෝන්දු වෙලා වෙන එකෙක්ට දුන්නා. එදා ඉදන් ඔය ගැණි මගේ මූණ බලන්නෙ නැහැ" 

ඉහත විස්තරය කියන ගමන් අපේ ලැට් වලෙන් ගොඩදාපු පස් ටික පාරට දාපු අයියා, ඈතිං යන චිංචිං දිහා බලලා තඩි කෙල තලියකුත් ගැහැව්වා. මට හිතාගන්න බැහැ ලැට් අයියාගේ කටට කෙල ඉනුවද? නැත්නම් ලැට් වලකපන්න නොදුන් නිසා  තරහට කෙල ගැහැව්වද කියලා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?  කොහොමින් හරි චිංචිං නෝනා සෙනසුරාදාට කොට සායයි, නිල් හැට්ටයයි ඇඳන් යන්නේ සතියටම ඕන බඩු ටික ගේන්න කියන එක මට දැනිච්ච දෙයක්. ඒක ස්තීර කරගන්නම මම සෙනසුරාදාවල් කිහිපයක්ම කොහෙවත් උදේ වරුවේ ගියේම නැහැ.

"යකෝ ඔය පස්ටික තුනීකරපිය.කයිය ගහ ගහ ඉන්නේ නැතුව  දැන් අර ගෑනි මෙතනින් යන කොට ඔය පස් ටික තිබ්බොත්, තොපිට හුජ්ජ යන්න රවයි."  ඒ සද්දේ ආවේ ලැට් වලේ බඹ එකහාමාරක් යටින්. එතකට තමයි මට මතක් උනේ ෆවුන්ඩේෂන් එක දාන්න ආපු පියසිරි බාසුත් පාරේ යන ගෑනියෙක් රවපු කතාවක් කිව්වා නේද කියලා, එක අතකට බාස්ලා කුලී වැඩ කරන අයට තියෙන්නේ සජිවි සන්නිවේදනයක්, අපි ඔන්ලැයිින් කිය කිය කරන්නේ බොරුවක් නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? බුකියට යනවා කවුරු හරි දාපු පින්තූරයක් අකුරු ටිකක් කියවලා අනේ ඒක ඇත්තටම වෙන්න ඇති කියලා අපිත් ලයික් එකක් දාලා එනවා. පොඩි අඩුවකට තියෙන්නේ පියසිරි බාස්ගේ කතාවට මට LIKE එකක්වත් SHARE පාරක්වත් දාන්න බැරි උන එක. මට මතක විදිහට එදා මම ඇහැව්වේ, කොයි වගේ ගෑනු කෙනෙක්ද, කීයටද ආවේ කියන ප්‍රශ්න වගයක් විතරයි. ඒ එක්කම මට හිතුනා බැරි වෙලාවත් ලැට් අයියා FACEBOOK යන්න දැනං හිටියා නම් 

" ලැට් වලේ බඹ එකාහාමාරයි Feeling awesome at මාකොළ" කියලා දායි කියලා. එතකට අත් උදව්වට ඉන්න අය ලැයික් දාලා ෂෙයා කරලා මෙහෙම කමෙන්ට් කරයි නේද?

"Grt Bro"
" නීතීමය බාදවක් නැහැ උඩ ප්‍රකාශයට "
" හෙන හත ගහපිය තොට අපේ රන් පොළව හාරනවා "
" යුද්දේ දින්නානේ බඹයක් තිබුණත් ඇති "
" අපි බඳිමු @පියසිරිබාස්"

කියාගෙන ආවේ චිංචිංගේ කතාව. ඒත් කතාව පොඩ්ඩක් දිග්ගැසුන හින්දා.. ඉතුරු කොටස සමඟ ලඟදීම හමුවෙමු

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....