Friday, December 19, 2014

මෛත්‍රී පාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

අවංකෙන් ගත්තොත් මං හිතුවා චම්පික මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එයි කියලා. ඒක කිසි දවසක හැබෑ වන හීනයක් නොවන වගත් හොඳටම මම දැනං හිටියා. ඒත් මට පට්ට සතුටුයි. MY3 ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම  සමස්ථයක් විදිහට ගත්තාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන රටක් දාකින්න බොහොම කැමැතියි. ප්‍රතිපත්ති ප්‍රකාශනයයි, ඇත්තම වේදිකාවල කතා වෙන දේවලුයි සන්සන්දනය කරන්න මම කොහෙත්ම කැමැති නැති උනත්, රනිල්ගේ ප්‍රතිපත්ති හා චන්ද්‍රිකාගේ අදූරදර්ශ ක්‍රියාදාමයන්ට මෙහි ලැබිලා තියෙන්නේ බොහොම සුළු තැනක්. පරිච්ජේද 11 කින් සමන්විත මෙහි, වැඩිපුර දකින්නට ලැබෙන්නේ බොහොම වටින දේවල්, ඒ බෝහෝ කරුණු චම්පික මහත්තයා මේච්චර කාලයක් සමාජ ගත කරන්න හදපුවා. ඒ අතින් බැලුවාම මේක ක්‍රියාත්මක උනොත්, මම අපේක්ෂා කරපු වෙනස මෙතන තියනවා.

විධායක ක්‍රමය- මේක තමයි පොදු සන්ධානයේ ප්‍රබලම මාතෘකාව උනේ. රනිල් කියන්නේ විධායකය අහෝසි කරනවා කියලා, රතන හාමුදුරුවෝ කිව්වේ විධායකය අවුරුදු හයක් යනකල් MY3 ලඟ තියනවා කියලා. පරස්පරතා මඟ හරිමින් මේ ප්‍රකාශනයේ තියනවා, විධායකය සංශෝධනය කරලා එය අධිකරණයට යටත් කරනවා කියලා. අපි වගේ පොඩි රටකට විධායක හරිම වැදගත් කියන තැන මම එන්නේ, සිංහලයා සල්ලිවලට කෙල හලන ජාතියක් හින්දා, එහෙම බලපුවාම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් ගැබ් වෙලා තියෙන්නේ රතන හාමුදරුවෝ කියපු එක.

ජාති හා ආගම් - මේක සංවේදි කාරනයක්. චන්ද්‍රිකා රනිල් කියන්නේ ලංකාවට ගැලපෙන්නේ නැති යූරෝපියන්ටත් වැඩිය පට්ට යූරෝපි කපල් එකක්. ඒ දෙන්නාගේ ජාතිය කියන්න මම දන්නේ නැහැ. ඒත් මම සිංහලයෙක් හින්දා මම මගේ ජාතියට ආදරෙයි. ජාතිය හා ආගම මත නිතිය වෙනස් නොවි හැමෝටම එක සමානව සලකනවා කියන්නේ. සිංහල ගැනියෙකුටත් බුර්කාව දාගෙන බැංකුවට යන්න පුලුවන් කියන එක කියලා මම හිතනවා :DDD

ඒකිය භාවය - ඍජුව කොහෙවත් සඳහනක් නැති උනත්, දැනට පවතින කිසිම දේයක් වෙනස් කරන්නේ නැහැ කිය ලා ශේප් න්‍යයනේ වැඩේ ගොඩදාලා තියනවා. අහිමි උන ඉඩං එහෙම දෙන එක ගැන බොහොම සතුටුයි, යාපනේ ඉඩම් අහිමි උන සිංහලයට ඒවා ලැබෙයි. ඒත් කොහෙවත් නැහැ තේසවලාමි නිතිය අහෝසි කරනවා කියන එක

කැරට් අල - නගර වල අන්තර්ජාලය නිකන් දෙනවා, මොටර් සයිකලේ ණය ආයිත් දෙනවා, සුරා සැල් අයින් කරනවා, වැටුප් වැඩි කරනවා,  මත්කඩු අඩු කරනවා,  බ්ලා බ්ලා

අවශේෂ කරුනු - අනික්වා බොහොමයක් එව්වා චම්පිකගේ අදහස්, බලශක්තිය, ජත්‍යන්තර පාසල්, බ්ලා බ්ලා බ්ලා ...

මට පුද්ගලිකව ලැබෙන ලාබය තමයි ඉතින් මේක ක්‍රියාත්මක උනොත් ඉන්ධන මිල අඩුවිම. මහින්ද මාමිගේ එකත් එනකල් බලං ඉන්නේ තීරණයක් ගන්න

වැප් 

Saturday, December 13, 2014

ඉතින් ආයූබෝවන් මහ රජාණනි!

වැල් වටාරම් අවශ්‍ය නැත. පුද්ගලිකවම තවමත් කවුරු ජනපති කළයුතු දැයි මම තවමත් තීරණය කර නොමැත්තෙමි. මාගේ තීරණය ඉතා වැදගත් බවත් මම දනිමි. අන්තවාදි ලෙස අවසන් මොහොත දක්වා කල් මරමින් තිරණයක් නොගෙන සිටීම, මුස්ලිම් කොන්ග්‍රසය හෝ දෙමළ ජාතික සංවිදානය මඟ ගැනීමක්ද නොවේ. එයට හේතුව නම් මහින්ද කවුරුන් දැයි හොඳින් හඳුනන නමුත් මෛත්‍රී යනු කවරෙක්දැයි තවමත් අප්‍රසිද්ධ නිසාය. ජෝතිෂය හිස්මුදුනින් පිළිනොගත්තද, ඔවුන්ට අනුව මහින්ද දැනටමත් තුන්වන වර ජනපති වී හමාරය. සමාජ ජාල වෙබ් අඩවිය සමාජයේ එක් පැතිකඩක් උවත්, මෛත්‍රී බුකියේ ජනපති වී හමාරය, ජෝතිෂය හා බුකිය යනු දෙකක් නොව එකක් ලෙස හැඳින්වූවත් වරදක් නැතැයි සිතේ. තවමත් කිසිඳු අපේක්ෂකයෙකු තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරල නැති නිසා ඔබත් තීරණයක් ගැනිම ඉක්මන් නොවනු ඇතැයි සිතමි. මා දන්නා ඉතිහාසය තුල පැවැත්වූ ජනාදිපතිවරණ දෙස හොඳින් නිරික්ෂනය කර තර්කානුකූලව 2015 ජනාදිපති කවුරුන්වේදැයි පූරෝකතනය එක්වරම වැරදි යාමට ඉඩ කඩක් ඇති බවට හොඳම නිදසුන නම් 1999 බෝම්බයක් නිසා නැවතවරක් ජනපති වූ චන්ද්‍රිකාය.

අසූවෙන් මෙහා උපන්, 90 දශකයේ තරුණ තරුණියන්ගෙන් සමාජ ජාල වෙබ් අඩවි පිරීපවතී. 71 කැරැල්ලක් ගැන හෝ 88-89   සිදූ වූ දෙයක් අප නොදනී. මතකයේ පවතින එකම දෙයනම් දෙමළ ත්‍රස්තවාදයයි. නමුත් එයද දැන් අමතකය. අඩියෙන් අඩිය මුර කපොලුය, බසයෙන් බැස බෑග් මලු ඔසවාගෙන ආරක්ෂක අංශ වලට සහාය උනි. පාසල් යන විට විනිවිද පෙනෙන බෑග් රැගෙන ගියෝය. සද්දයක් ඇසුනු සැනින් ගුවන් විදුලිය රූපවහිණය වටා එකතු උනි. ඒ සියල්ලෙන් දැන් අප නිදහස්ය, මරණ බිය නැත, එහි ගෞවරය සේනාධිනායක වශයෙන් මහින්දටත් යුධහමුදාපති වශයෙන් ෆොන්සේකාටත් ජනතාව වශයෙන් අපිටත් හිමි විය යුතුයි. නමුත් 2009 දි එය දෙදෙනකු අතර පමණක් බෙදා ගැනිමට උත්සාහ දැරීය. නමුත් 2015 නැවතත් යුද්ධය නිමා කලායැයි කියමින් ජන්දය ඉල්ලීමට නොහැක. දැන් පවතින්නේ මහින්ද හා මෛත්‍රි අතර තරඟයයි. මහින්ද වටා මෙන්ම මෛත්‍රී වටාද කොටියන්, කුඩු කාරයින්, දූෂීතයන් රොද බැඳ සිටි. 2015 දී තීරක සාධකය විය යුත්තේ ජනතාව වඩාත්ම අඩුවෙන් පීඩාවට ලක් කරන්නේ කුමන නායකයාද යන්නයි. මෙවර ජනාධිපතිවරණය, ජවිපේ විසින් මඟ හැර ඇත්තේද, ඇති වන ප්‍රතිඵලයට ඔවුන්ට වග කිව නොහැකි නිසාය.

2005 වර්ශයේ පැවති ජන්දයෙන් මහින්ද දිනුවේ ජන්ද සුලු ගණනකිනි. එය LTTE එක නිසා සිදුවූ බව ඇතෙමෙකු කියා සිටියි. එනම් උතුරේ ජන්ද ටික වැටුනා නම් මහින්ද පරදින බවයි. ඒ කෙසේ වෙතත් මෙවරත් ප්‍රධාන තීරක බලය පවතින්නේ සිංහලයන් සතුවය. මුස්ලිම් හා දෙමළ ජන්ද අවම වශයෙන් ලබා 2005 දි මහින්ද ජනපතිවරණ සටන දිනුවේය. 2009 දී පක්ෂ බේදයෙන් තොරව මහින්ද වැඩි චන්ද ලක්ෂ ගනනකින් පමණ දිනුවේය. කලයක සිට බලා සිටියේ ප්‍රබල විපක්ෂයක නැගිටිමයි. එය දැන් ආරම්භවි ඇත. මෛත්‍රිපාගේ ආගමනයත් සමඟ මුලුගැන්වි සිටි UNP පාක්ෂීකයෝ උද්දාමයට පත්ව, ඉදිරියට පැමිණ ඇත. මහින්දගේ පලනයට විරුද්ධ ශ්‍රි ලංකා කාරයෝ මෙන්ම, සැමදා තීරක බලය වූ පාවෙන චන්දදායකයෝද කොටස් දෙකකට බෙදී ඇති බව නොරහසකි‍.

මෛත්‍රීපාලගේ දිනුම ස්තීර කර ගැනිමට අප සෙවිය යුතු කරුනු දෙකක් ඇත, (මහින්ද පැරදවිය යුතුයැයි සිතුවොත්)
1. 2005 දී මහින්දට දී 2015 දී මෛත්‍රීට ලෙස තීරනය වෙනස් කල පිරිස
2. 2009 දී මහින්දට දී 2015 දී මෛත්‍රීට ලෙස තීරණය වෙනස් කල පිරිස

මහින්දගේ  දිනුම ස්තීර කර ගැනිමට අප සෙවිය යුතු කරුනු දෙකක් ඇත, (මෛත්‍රී පැරදවිය යුතුයැයි සිතුවොත්)
3. 2005 දී රනිල්ට දී 2015 දී මහින්දට ලෙස තීරනය වෙනස් කල පිරිස
4. 2009 දී ෆොන්සේකාට දී 2015 දී මහින්ද ලෙස තීරණය වෙනස් කල පිරිස

ප්‍රසිද්ධීයේ තම මතය ඉදිරිපත් කිරිමට අකමැති වුවත්,  බුකිය තුල මා ඇසූ පැනයට(2009 දී මහින්දට දී 2015 දී මෛත්‍රීට ලෙස තීරණය වෙනස් කල පිරිස) පුද්ගලික වශයෙන් හා ප්‍රසිද්ධියේ ඉතා විශාල ප්‍රමාණයක් කියා සිටියේ මෛත්‍රිට තම ජන්දය පාවිච්චකරන බවයි. නමුත් මෙම ප්‍රමාණය ලක්ෂ 18ක් විය යුතුය. 

මැකෝට අනුව (2010 ප්‍රතිඵල)
ලියාපදිංචි චන්ද දායකයන් - එක්කෝටි පනස්ලක්ෂයක්
භාවිත ජන්ද ප්‍රමාණය (අප දන්නා පරිදි)  - ඒකෝටි විසිලක්ෂයක්
ජයග්‍රාහකයා - ලක්ෂ 55 පමණ 

ඒ අනුව සෑම ජනද් 10 කින් 6ක් ජයග්‍රාකයා ලබා ගතයුතුය. මෙම තත්වය මහින්දට හෝ මෛත්‍රිට ඇති බවක් දැනට මට නොපෙනේ, පළාත් හා ජනවර්ග අනුව මෙය වෙනස් වෙයි. උදාහරණයකට තොන්ඩමන් කියන පරිදි වතු දෙමළ ජන්ද බොහොමයක් තීරණය‍ වෙයි. මුස්ලිම් ජන්දද එසේමය. නමුත් බොදු බල සේනාවට බෞද්ධයන් රැවටිය නොහැක. කතෝලික පල්ලියද මෙවර ජන්දයේදි ඉතා තීරණාත්මකය.

ආයූබෝවන් යනු සිංහල භාෂාවේ යමෙකු පිළිගැනිමට මෙන්ම, සමුදිමකට යොදාගන්න වචනයක් බව කරුනාවෙන් සලකන්න :DDD. ඔබගේ මතය ලිපිය තුලින් ව්‍ග්‍රහ නොවේ නම් එයටද සමාවන්න :DDD

වැප් 

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....