ගිය සතියේ ලංකාදීප පත්තරේ මේ සතියේ තමයි බලන්න පුලුවන් උනේ. ඒ බලන් යද්දි පහත පින්තූරය දැක්කම , ලිපියක් ලියන්නම ඕනේ කියලා හිතුනා. මට හිතෙන්නේ ආයෙත් මේ තහනම් හා නිතිවිරෝධී ආයෝජන ක්‍රම හිස ඔසවලා වගේ. එහෙමත් නැත්නම් සක්විතිලා දඬුවම් මුදලාලිලා හැම තැනම ගැවසෙනවා වගේ. නැත්නම් මහ බැංකුව මෙහම දැනුම් දිමක් කාලෙකට පස්සේ ආයිත් කරන්නේ නැහැ. ඔන්න දැන් බ්ලොග් අවකාෂයේ මේ වගේ අය ඉන්නවා නම් ප්‍රවේසමෙන්. :DDDD
ඇත්තම කිව්වොත් මාත් අහු උනා. ඔව් ඒ දවස් වල තිබ්බ පිරමීඩ් ක්‍රමයකට මම අහුවෙලා තියනවා. ඊට අමතරව ඉස්කෝලේ කාලේ පොඩියට තියන සීට්ටුවකටත් අහුවෙලා තියනවා. ඒක උනේ මෙහෙමයි දැන් ඔය සිට්ටුව දාන එකාටනේ මුල් සීට්ටුව අයිති. මට මතක විදිහට බුවා පොඩි කාලේ ඉදන් අපිත් එක්ක එකටම හිටපු බොක්කක්. ඒ හන්දා අපි අනික් සෙට් එකත් පුරුදු පරිද දැම්මා සීට්ටුව. හරි හය වසර ඔව් හය වසර තමයි. සිට්ටුවේ මුලු අගය රුපියල් සියයි. ඔන්න දැන් තුන්ඩු උඩදාලා මටත් අංකයක් අවා පහද කොහෙද. අවුලක් නැහැ පහ කියන්නේ හොඳ ස්තානයක්නේ. මේ වැඩේ කලේ සිකුරාදා දවසක. අනික අපේ විදිය තමයි එක දවසේ සීට්ටු බේරන ක්‍රමය. ඒ හන්දා අංක එක ගත්ත එකා උඩ පැන පැන ගියා උගේ දවස ලබන සඳුදා කියලා. ඒ එක්කම එක දවසේ සීට්ටු හින්දා සීට්ටුව දාපු එකා රු 100 එදාම ගත්තා. මාත් පස් පාරක් උඩ පැන්නා මං පහනේ.
ඔන්න දැන් සඳුදා ආවා.
අනික් සැට් එක ඉන්නවා.
සීට්ටුව දාපු එකා නැහැ. හික්
දෙවනි දවස අවා
අරු එදත් නැහැ හික්
තුන් වෙනි දවස
අරූ ඒත් නැහැ හික්
අරූ එන්නේම නැහැ කියලා ටිච කිව්වා හික්
ඌ වෙන ඉස්කොලයකට ගිහින් හික් හික් හික්
ඔන්න ඔය කේස් එක හින්දා සීට්ටු තහනම් වචනයක් උනා. හැබැයි ඉතින් මෝඩ කමට බේත් නැහැ කියන්නා වගේ ලොකු ලොකු දර්ශන දාගෙන එන එව්වාට අහුවෙනවා. ඒකනේ අර පිරමිඩ් ක්‍රමයකට අහුවෙලා දහස් ගානක් මම නැති කරගත්තේ. ආකර්ෂනිය පොලී අනුපාත කියයි. සල්ලි ඕන වෙලාවක ආපහු ගන්න පුලුවන් කියයි. දහසකුත් එකක් කියන හොර ආයතන කොච්චර නම් තියනවාද. ඒවට කීදෙනෙක් අහුවෙනවද? කිදෙනෙක් අහුවෙලා සද්ද නොකර ඉන්නවද? [ හික් මෙච්චර කලක් මාත් කටවහන් හිටියේ ]. මතකනේ ප්‍රමඛ බැංකුවේ කතාව. අහුවෙලා කියලා දන්නේ බැංකුව වහලා මහ බැංකුවෙන් නිල නිවේදන කලාට පස්සේ. ඒ හන්දා ඔය සක්විති දඩුවම් මුදලාලි වගේ අය විතරක් නෙමෙයි. බිල්ඩිමක් තියන ඔෆිෂියල් විදිහට බොරුව කරන ආයතනත් තියනවා කියලා දැනගෙන ඉන්න එක වටිනවා.
ඊට අමතරව ඔය ලංකා දිපේ එහෙම මම දැකලා තියනවා ඔබට ආයෝජනයට අවස්තා කියලා. වැඩි පොලි දාලා දැන්විම් තියනවා. සමහරු ඕවාට අහුවෙනවා. හැබැයි ගොඩක් අය දැනුවත් පත්තර වල තියන එව්වාට අහුවෙනවා අඩුයි. හැබැයි දැන ඇඳුරුම් කම් වලින් ඔය වගේ දේවල් වලට අහුවෙන ප්‍රමාණය වැඩියි. ඒ හන්දා අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි වංචාකාරයන්ට, වංචාකාර ආයතන වලට අහුනොවෙන්න වගබලා ගන්න එක අපේ යුතුකම.
හික්හික් පොඩි කාලේ ඒ වගේ දෙවල් වලට අහු උනාට දැන් මම ලොකු ළමයෙක්. ඒ හන්දා ආයේ අන්දනවා බොරු මාව :DDD
වැප්