බුදු දහම, සිංහල ජාතිය, උඩරට, පහත රට, කුල ගෝත්‍ර. මොන යම් හේතුවකට සමාජය කණ්ඩායම් ගත වේ. එය පවතින තත්වයයි. කුල යෙන්, ආගමෙන් ජාතියෙන් මිනිසුන් වෙන්ව පවතියි. තමන්ගේ කොටස උසස් කිරීමට වෙර දරයි, තම වර්ගයා ආරක්ෂා කිරීමට ඔනෑම දෙයක් කරයි. එය මිනිස් ස්භාවයයි. මෙයින් මිදිය හැක්කෙක් නොමැත. ආගම ජාතිය පැත්තකට තැබුවත් අවම වශයෙන් තම යහලුවන් කණ්ඩායම හෝ මෙසේ උසස් කොට සලකයි. ඔවුන්ව ආරක්ෂා කිරීමට වෙරදරයි. එසේ නොකරන්නා මිත්‍ර දෝහියෙකි. බුදු දහම වසර 2500 කට වඩා ඈතකදී ශ්‍රි ලංකාව තුල පැල පදියම් විනි. එය පිටස්තර ආගමකි, දහමකි, දර්ශනයකි. සිංහල ජාතියේ ආරම්භව තවමත් විවාදසම්පන්නය. නමුත් ශ්‍රි ලාංකීක ජාතියේ ආරම්භය සුදු නෙලුම් මතින් තවලම් උඩින් 1995 පසු සිදුවූවකි. සිංහල ජාතියත් බුදු දහමත් විනාශ වී යන බව බුකියේ බිත්ති පුරා ඇලෙවෙමින් යන පොස්ටර් සාක්ෂි දරයි. නමුත් බොහෝ විට එහිදී සිදුවන්නේ ජාති හිතේෂි කම හෝ තම වර්ගයා රැක ගැනිම නොව තවත් වර්ගයක් හෝ ජන කණ්ඩායකම් උමතු කිරීම පමණී. ජාතිය හෝ ආගම රැකීමට share කිරිම හෝ like කිරීම පදනමක් නොවෙයි.
මා උපන්නේ උපැන්න බෞද්ධයෙක් ලෙසය. ජාතියෙන් සිංහල වූයෙමි. ගෙදරින් එලවන නිසා දහම් පාසල් ගියෙමි. ඉගෙන ගත්තේ බුදු රදුන් උපන් ස්ථානයත් බුදු වූ ස්ථානයත් පිරිනිවන් පෑ ස්ථානයත් පමණක් යයි මට විටෙක සිතෙයි. නමුත් මල් රැගෙන යාම, උදෑසන බුදුන් වැදීම, පෝලිමට පන්සලේ සිට පන්තිකාමර වලට පැමිණීම වැනි, අදටත් ප්‍රායෝගිකව සැඟවුනු හික්මවිමක් එතුල නැතුවාම නොවෙයි. ඉන්දියාවෙන් පැමිණියත්, දැනුමේ හැටියටත් මම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බර වෙමි. ජාතියෙන් සිංහල වීම ගැනද එසේම වූ ආඩම්බරයක් ඇත. සිංහල ජාතිය බෞද්ධ දර්ශනයෙන් පෝෂනය විය, ශිෂ්ට සම්පන්න විය. සියල්ල කාලයත් සමඟ වෙනස් වේ යන ධර්මතාවයට යටත්ව බෞද්ධයෝත් සිංහලයොත් වෙනස් වී ඇත. සැබෑ ලෙසම ආගම හා ජාතිය වෙනුවෙන් කතා කිරීම අද නිවට කමකි. මෙය සංකල්පමය වශයෙන් ජනසමාජය තුලට මේ වන විටත් බලෙන් ඇතුලු කර හමාරය. ඔය අතර දේශපාලන වාසි හෝ වෙන යම් වාසි සඳහා ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටින හිවලුන්ද නැතුවාම නොවෙයි.
බුකිය පුරාවට පැතිර යන්නේ සමහර කඩවලින් බඩු ගන්න එපා යන පොස්ටර්ය. නමුත් ප්‍රායෝගිකව එය කරනවා නම් සිදු කල යුත්තේ එම කඩවල ඉදිරිපිටය, නමුත් එසේ කරන්නේ නැත. මන්ද යත් එම සාප්පු සංකීර්ණ ඉදිරිපිටට යන ඔනෑම අයෙකු එවා තුලට ගොස් ඇඳුමක් මිල දී ගනිති. අර කඩෙන් බඩු ගන්න එපා මේ කඩෙන් බඩු ගන්න යැයි කීම විහිලුවකි. ඔය කොයි කඩෙත් තියෙන්නේ මෙරට නිශ්පාදන නොව. බුදු දහම හෝ සිංහල ජාතිය රෑකීමට බුකිය පුරා අනවශ්‍ය පොස්ටර් ගැහීම, අන්‍ය ජාතින් අන්‍ය ආගමිකයන් මගේ දහමට මගේ ජාතියට කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් සිදු කරයි.
සමාජය දැනුත් කිරීම හා කුපිත කිරිම යනු කාරනා දෙකකි. මට මගේ දේ ලොකුවන්නා සේ ඌට උගේ දේ උසස් වෙයි. හැබැයි සමහර අයට නම් උගේ දේ පමණක් ලොකුය. තමාගේ දේට හෙණ ගැහුනත් කමක් නැත. තමා ජාතිවදියෙකු නොවේ යයි මුමුණයි. එසේම ඌ ජාතිහිතේෂියකුද නොවෙයි.
සිංහල බෞද්ධයෙකු යයි ඔනෑම තැනක ප්‍රකාශ කිරිමට දිරියක් වූ පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් වී බොහෝ කල්ය. නමුත් ඒ සංකල්ප තවමත් අප අතර ඇත.
තමා උසස් විය යුත්තේ අනෙකා පහත හෙලා නොව!
පෙර ලිපි
වැප්