Saturday, June 27, 2015

වාරණ

වාරණ කිව්වාම මතක් වෙන්නේ අත්තනගල්ල, අත්තනගල්ල කිව්වාම මතක් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකට මතක් වෙන්නේ ‍ශ්‍රි ලංකාවේ දේශපාලනය. මේක කිව්වම හැමෝම හදන්නේ රට මාරූ කරන්න. හැබැයි ඉතින් වෙන රටකට ගියාම අපිට ඉන්න වෙන්නේ, වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ තමයි. 

මතකද කාලයක් ප්‍රවෘත්ති වාරණයක් තිබ්බා, බලධාරියා විසින් කපා හැරපු විද්‍යුත් මාධ්‍ය, මුදිුත මාධ්‍ය පමණක් නෙමෙයි සමහර වෙබ් අඩවිත් වාරණයට ලක්කලා.ඔය මොන වාරණය තිබ්බත් හොයපු කෙනාට ඒවා හම්බුනා, මම වැඩකරපු හා කරන තැන් වලත් අඩු වැඩි වශයෙන් ඔය වාරණය ක්‍රියාත්මකයි. බෝහෝ වෙලාවට වාරණයේ ගොදුර වෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි. සිංහලෙන් කිව්වොත් ෆේස්බුක් එකයි යූ ටියුබ් එකයි. වරණයෙත් ආකාර දෙකක් තියනවා, 

  1. එකක් තමයි සම්පුර්ණයෙන්ම ඉහත කියපු වෙබ් අඩවි අවහිර කිරීම . 
  2. අනික් ක්‍රමය තමයි වැඩ කරන වෙලාවෙදි නොයානවා නම් හොඳයි කියලා දැනුවත් කිරීම. 


වාසනාවකට හරි අවාසනවාකට හරි මම හිටපු තැන් වලයි ඉන්න තැන් වලයි යොදා ගත්තේ ‍ඔය කියන දෙවනි ක්‍රමය. මම හිතන්නේ ඉහත දෙවනි ක්‍රමය මම වගේ අය වෙනුවෙන් යොදා ගන්න පුලුවන් ඉතා හොඳ ක්‍රමයක්. දැඩි නීතියක් දැම්මාම ඒක පොඩ්ඩක් කඩලා බලන ක්‍රමයක් මගේ තියනවා. හැබැයි ඒක බොහොම සියුම්, සමහර විට දන්නේ මමම විතරයි. ඒකට ලැබෙන ප්‍රතිචාර වලින් ඉතා ඉහළ ගනයේ රස වින්දයන් මම මා විසින්ම ලබා ගන්නවා :D 

වරණය ගොඩක් වෙලාවට එන්නේ එකම අායාතනයක විවිධ කණ්ඩායම් වැඩ කරද්දි, හොඳම උදාහරණය තමයි මම කලින් වැඩ කරපු ස්ථානය. ඇත්තටම කිව්වොත් ඒක සොෆ්ට් වෙයර් කම්පැණියක් නෙමෙයි. පරිඝණක මෘදුකාංග ඇසුරෙන් ලෝකයේ විවධ වූ ප්‍රසිද්ධ සඟරා සඳහා සේවා සපයපු ආයතනයක්. ඒ සඳහා සාහායක වෙබ් සයිට් හදන්න තමයි තමයි අපිව අරන් තිබ්බේ. ‍‍‍

එතකට සමාන්‍ය යෙන් සයිට් අටවන උන් (web developers හොඳට තියන සයිට් කඩන එවුන් :D) 
අඩුවෙන් වැඩ කරලා වැඩි යෙන් හිතනවා
ඔය අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් හිතන්නේ ෆේස්බුක් යන ගමන්, යූ ටියුබ් එකේ විඩි‍යෝ එකක් බලන ගමන්, ඕපදූප සයිට් බලනකොට. මොකක් හරි වැඩක හිර වෙලා ඉන්න කොට මුකුත්ම කරගන්න බැරි උනාම (‍අම්මපා ගොඩක් වෙලාවට මට නම් වෙන්නේ මේකමයි) තවත් ඒ වැඩේම ගොඩ දාන්න යනවා කියන්නේ මේ කපේදි කරන්න බැහැ මට නම්. හැබැයි ෆේස් බුක් එකේ රවුමක් ගහන කොට මේන් අර හිර වෙච්ච ප්‍රශ්නය විසඳ ගන්න පුලුවන් වෙන දැනුම ලැබෙනවා. බැරි වෙලාවත් සමාජ ජාල වෙබ් අඩවි නොතිබ්බා නම් මගේ ප්‍රඩක්ටිවිටි එක බින්දුවයි.

එතන හිටපු ‍බහුතරය ( හැමදාම කරන්න තියෙන්නේ එකම වැඩේ. හරියට රියැදුරෙක් වගේ)
වැඩියනේ වැඩ කරලා අඩුවෙන් හිතනවා 
කාලයත් එක්ක තමයි මේයාලා වැඩ කරන්නේ. මග හැරෙන හැම තත්පරයක්ම හරිම වටිනවා. එකම දේ කරන්න තියන හින්දා ප්‍රශ්න එනවා බොහොම අඩුයි. ඒ හන්දා මේ කණ්ඩායම ෆේස්බුක් ගියොත් ඉවරම තමයි.

මම කම්පැනියක අයිති කාරයෙක්වත්, ඉහළ පෙලේ නිලධාරියෙක්වත්, එහෙම වෙන්ඩ බලාපොරෙත්තුවකුත් නැහැ. එතකට ඔබ හිතයි වගකීම් ගන්න කැමැති නැති කෙනෙක් කියලා. නමුත් නිදහස කියන එක වගකීමට වඩා ඉහලින් තිබෙන දෙයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. නිදහස් පුද්ගලයෙකුට වගකීම් වැඩියි. ( තේරෙන්නේ නැත්නම් පුද්ගලිකව ඇවිත් අහගන්න ;D). මට ලැබෙන යම් කිසි වගකීමක් වෙන අයෙකුට පවරලා ඒකේ වගකිම සියයට සීයක් ගන්න පුලුවන් බය නැතව ( මේ කිව්ව එකත් තේරුනේ නැත්නම් කරන්න දෙයක් නැහැ :D ). ඔය ටික ඔක්කොම කිව්වේ වාරණය කරන්න හේතුව මට හිතෙන විදිහට විග්‍රහ කරන්න. ඒ කිව්වේ 

1. බැන්ඩ්විඩ්ත් - අන්තර්ජාලය හරහා එක කට්ටියක් වැඩ කරද්දි අපි වගේ අය utube  එකේ ස්ට්‍රිම් කරන්න ගත්තොත්, අනික් කට්ටිය කරන වැඩේ නියම විදිහට කරන්න වෙන්නේ නැහැ. මේකත් එක්ක සියයට සීයම එකඟයි

2. ඉරිසියාව - එකම තැන ඔය කියන කට්ටි දෙකම වැඩ කරන කොට.. අපේ මොනිටරය අනික් අයට පේනවා. එතකට හැම තිස්සේම ඉන්නේ facebook එකේ එහෙම නැත්නම් විඩියෝ බල බල.  ඉතින් ඉරිසියාව කේලමක් විදිහට  පරිපලනය වෙත යනවා, ඒක වාරණයක් විදිහට අපිට එනවා. ඕකට තමයි කිව්වේ වාරණ චක්‍රය කියලා. ඉරිසියාව-> කේලම -> වාරණය :DDD


දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන සද්ද නැතුව සාධනියව විවේචනය කරන එක තමයි මගේ ජීවන දර්ශණය ඒ හන්දා ප්‍රශ්න නැහැ කොතනකවත්. අනික ඔය හැම දේම දවසට පැය 8 යිනේ, තව පැය 16 ක් තියෛන්නේ :DDD. අපි යම් තැනක වැඩ කරනකොට, ඒ ආයතනයටත් ගෞරවයක් ඇති වෙන්න අපේ අභිමානයත් රැකෙන්න වැඩ කරන්න ඕනේ. 

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....