කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.
කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් මාර්ගය සටහන් වී තිබුණි. පැය හතරක් පමණ කොළඔ සිට බලංගොඩට යන අතර තුර සනිඳු හා දිනුක විසින් රසවත් ඓතිහාසික කරුණු මෙන්ම, ජනකතා ජනප්‍රවාද එක් කරමින් ගමනේ අපහසුව නොදැනෙන අපූරු ගමනකට මග පැදූ බව කිව යුතුමය. බලංගොඩින් කල්තොටට යන බසයේ පැයක පමණ ගමනකින් පසු කල්තොටට කලින් හමුවන ගම්මානයක් වන තැන්නට ලඟා වන විට දහවල් දොළහා වී තිබුණි. ඒ අසල ඇති කඩයකින් සුපුරුදු ආහාරයක් වූ පරාටද, එලවලු රොටි මෙන්ම ලැවරියා කිහිපයක් අහරට ගනිමින්, හකුරු සමඟ බෙලිමල් කෝප්පයක රස බැලුවේ එකකට රුපියල් 15 ක් ගෙවමිනි.
තොරතුරු සොයා යන ගමනේ කඩේ සිටි අය සමග කතා බහ කිරිමට අපි අමතක නොකලේ ලසිත විසින් ගමන පටන් ගනිද්දිම යෝජනා කල උපක්‍රමයකට අනුවය. ඒ අනුව කඩේ සිටි මෙවර සමාන්‍ය පෙළ කරන මල්ලි කෙනකු හා ඔහුගේ අක්කා සමග කන ගමන් කතා කරන්නට පටන් ගත්තෙමු.
මේ ඔවුන්ගේ අදහස් ........
//කූරගල අපේ තැනක්, නමුත් දැන් කරන්න දෙයක් නැහැ ඔවුන් ඒක අල්ලගෙන. ඒ දවස් වල නම් ලොකු විරෝධයක් තිබුණා. දැන් එහෙමත් නැහැ. පෙබරවාරි මාර්තු වෙන කොට මෙහේ උත්සවය, සෙනඟ එනවා ගොඩක්\\ -
ඔය අතර මම පර්චස් එකක මිල ඇසුවෙමි. නමුත් ඔවුන් එක එල්ලේ එයට පිළිතුරක් නොදුන්නේ ඉඩම් විකුනා තව තවත් හිමි තැන අහිම කර ගැනිමට ඇති අකමැත්තද? එම ඉඩම් වල මිල ගණන් ඉතා පහත් වීමදැයි නොදනී. කෑමෙන් බිමෙන් පසුව කූරගල බලා පිටත් වීමට කිමි 2 ක් පමණ යායුතුව ඇත. එම පාරට හැරෙන තැනම බුදු පිළිමයක් ඇති අතර අලුතින් සවි කල පහත පුවරුවද දැක ගත හැකි විය. දහවල් කාලය නිසා අපි තුන් රියකින් ගමන පටන් ගත්තෙමු. ඒ යන අතරතුර ඔහුගෙන්ද තොරතුරු ගැනිමට අමතක නොකලෙමු.
කූරගලට යන විට ත්‍රී වීල් රියැදුරුගේ අදහස් .....
//තැන්න පටන් ගන්න හරිය සිංහල, කූරගලට යද්දි මුස්ලිම්, ගෙනත් ගෙනත් පදිංචි කලා. ඉස්සර මේක පුද්ගලික ඉඩමක්, අයිතිය තිබුනේ රත්වත්තේ වලව්වට. පස්සේ කාලක සිරිමාවෝ මැතිණිය මේක ලියලා දිලා තියනවා අබුසාලිට\\
කූරගල ගොස් පැණීමේදි මෙම දුර පයින් ඒමට තීරණය කර තිබුණත්. අතරමගදි අපට නැවතත් ඒ ත්‍රීවීල් කරුම හමුවිය. ලිපියේ මෙතනම ඔහු එනකොට පැවසූ අපූරු අදහස සටහන් කරන්නෙමි.
කූරගලින් එන විට ත්‍රී වීල් එම රියැදුරුගේ අදහස් .....
//මම නම් ඔය කියන තැනට පොඩි කාලෙවත් ගිහින් නැහැ......\\
රුපියල් 150 ක් ගෙවා කූරගල ගල්තලාව පටන් ගන්නා තැනට පිවිසියෙමු. ඉන්පසු ගමන ඇරඹුවේ පහත පින්තූරයේ පෙනෙන ගල් පඩි දිගේය. හිතන්න මේ ගල් පඩි ඔබ දැක තිබෙන්නේ කොහෙද?. ගමනේ ඇරඹුමම අපේ සිත් තුල ගොඩ නැගෙන්නේ කුමන හැඟුමක්ද? පිළිවෙලට ගලින් නිමවු ගල් පඩි මතින් ඉදිරියට ඇවිද ගියෙමු. හතර වට හොඳින් පෙනේ, විශාල වපසරියක් දර්ශණට හසුවෙයි. මෙවන් එලිමහන් තැනක්, එකල රජ කල රජ කෙනකුට මග හැරෑ යා හැකද? උස් කඳු මුදුනක් හමූ වූ විට එය මූලික කරගනිමින් විහාර ආරම කල රජදරුවන්ට කූරගල අමතක කලාද? මේ පැණයන්ට පිළිතුර සොයා අපි තව තවත් ඉහළට ගල් පඩි මතින් ඇවිද ගියෙමු.
කූරගල යනු සිංහලයන්,බෞද්ධයන් වැඩිපුර එන තැනක් බව අපට සාක්ෂි සහිතව ඔප්පු කරිමට හැකියාවක් ඇත්නම් එයට සාක්ෂිය වූයේ, කර ඇති විනශය හෙවත් තින්තෙන් හා වෙන වෙන ආකර වලින් නම් ලියා ඇති බව දුටු නිසාය. නමුත් ලං වි බැලු කල ඒවා නව්ෂාඩ් මොහොමඩ් රහිම් අදි කොට ඇති බැවින් ජාතිය මොකක් උනත් මුන් ඔක්කොම ශ්‍රී ලාංකීක නොවේදැයි සිතුණී.
විදුලි බලය කූරගල කන්ද මුදුනට ඇති බව දැන ගත්තේ කොල පැහැති වයර් වලින් අමුණා ඇති විදුලි බුබුළු දැකිමෙනි. ඈතට මකර තොරණක් දිස් විය. සිතූ පරිද සිංහල රජදරුවන් කූරගල අමතක කර නැත. විහාරයක පිවිසුම වූ මකර තොරණින්ම ඉදිකිරිම පටන් ගෙන ඇත. පිවිසුම් තොරණ වෙත ලං ලං වන විට එය කොළ පැහැ බව දක්නට ලැබුණි. එතනට ලඟා විටම ඇති පඩි පෙලේ ඉන්ග්‍රීස් අක්ෂර වලින් නම් කොටා ඇත. සිතා ගත නොහැක. කොටා ඇති නම්, තොරණේ ස්භාවය කිසිම බෞද්ධ සලකුණකට අදාල නැත. වෙනසක් දැනුනි. අපට වැරදීමක් සිදුව ඇත්ද? කූරගල මෙතන නොවන්නේද? යන ප්‍රශ්න හටගත් සැනින් නැති වි ගියේ කලින් දැනගත් පරිදිම අප මේ පිවිසෙන්නේ, පෞරාණික බෞද්ධ උරුමයක් වර්තමානයේ මුස්ලිම් දේවස්ථනායක් බවට බලයෙන් හැරවූ බව දන්නා බැවිනි. අතර මග පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව විසින් සවි කල හඳුනා ගැනිමේ කණුද දක්නට ලැබුණු.
හොඳින්බලන්න ඉංග්‍රීසියෙන් කොට ඇති දේ
තවතවත් පඩි නගිමින් ඉදිරියට ගිය තැන. පහළට බැසිමට තවත් පඩි පෙළක් හමු විය. ගල් තලාවෙන් වටවූ මෙම වපසරිය තුල පහත දර්ශණ දැක ගත හැක. පුරාවිද්‍ය දේපර්මේන්තුව සවි කල පුවරු දෙකක් ඒ තුල දක්නට ඇත. වම් පසට ඇත්තේ මුස්ලිම් පල්ලියයි, දකූණු පසට ඇත්තේ තවත් කන්දකි. මුලින්ම වම් පසට යෑමට තීරණය කලෙමු. ඒ අනුව ගල් ලෙන් සම්බන්ද කරගනිමන් ඉදි කර ඇති පල්ලිය අපිට දක්නට ලැබුණි. ඔය අතර සනිඳු හා දිනුක විසින් කටාරම් වලට යටින් ඇති සෙල් ලිපිද සටහන් කර ගන්නා ලදී. එහි පරිවර්තනයද පහතින් දක්වා ඇත. ඊට මදක් ඔබ්බෙන් තවත් ගල් ගුහාවකි එහිද කටාරමක් මෙන්ම සෙල් ලිපියක් පවතියි. නමුත් හාත් පස කොළ පැහැයෙන් වර්ණවත් වී ඇත. සුන්දර දසුන් මවන, රජ දවස ආරක්ෂවා හා සංවේදි ස්ථානයක විහාර ආරමයක් කිරිමට රජ දරුවන්ට නොහැකි විනිද යන්න යලි යලිත් ඉස්මතු වෙන්නේ, කටාරම් සෙල්ලිපි වලට අමතරව බෞද්ධ නටබුන් වල සංකේතයක් තවමත් හමු නොවූ බැවිනි.
සෙල් ලිපිය එක -
වැඩිදුර
ලිපිය - (ද)තහ ශමුදහ ලෙණෙ
"හ" - ගේ යන අර්ථය දේ
දතහ - දත(දත්ත) ගේ
ශමුදහ - සමුද(සමුද්‍ර) ගේ
තේරුම
දත්තගේ සහ සමුද්‍රගේ ලෙණ
සෙල් ලිපිය දෙක -
වැඩිදුර
දෙවන සෙල් ලිපිය ඉහත වෙබ් අඩවියේ වැරදියට කියවා ඇත. එය පහත පරිදි දැක්විය හැක
"පරුමක ශුමනහ _ _ _ පරුමකලු ශුමන _ _"
එනම්,
පරුමක - ප්‍රමුඛ , ප්‍රාදේශීය රජ
පරුමකලු - පරුමක වරිය , ප්‍රාදේශීය රැජින වගේ අර්ථයක්
තව දුරටත් තේරුම
ප්‍රමුඛ ශුමන/සුමන ගේ _ _ _ ( බිරිද හෝ දියණිය විය යුතුයි ) වන ප්‍රමුඛ ශුමනා/සුමනා ..
ඕකෙන් තේරෙන්නෙ , කූරගල පැත්ත පාලනය කරලා තියෙන්නෙ සුමනා , කාන්තා ආධිපත්‍යයක් , එයාගෙ අප්පොච්චි/සැමියා ගෙ නම සුමන.
ඉහත පරිවර්තනයන් සහ ඒවායේ වැඩිදුර තොරතුරු දැන්වූ සනිඳු හා දිනුකට ස්තුතිය
ඔය අතර කතාවට පුද්ගලයෙකු හමු විය ...
//සෙනඟ වැඩිපුර එන්නේ කොඩි ගහ උස්සන කාලෙට.... දෙවනි මාසේ හා තුන් වෙනි මාසය තමයි සිසන්... මේකේ විස්තර වෙබ් සයිට් එකේ තියනවා .... බෞද්ධ මුස්ලිම් යන දෙගොල්ලොම එනවා ..... වෙසක් පොසොන් පෝය දවස් වලටත් කට්ටිය ගොඩක් එනවා .... පාලක මණ්ඩලයෙන් තමයි විස්තර අහන්න ඕනේ .... උඩ ච්‍යෛත්‍යක් තියනවා ... ඒ ගැන තොරතුරු දන්නේ නැහැ ... නැහැ අපි දන්නේ නැහැ ඒවා ගැන ...\\
සමන්‍ය කතා බහ අතර තුර, කෙලින්ම මූලික ප්‍රශ්නය වූ මෙය පැරණි බෞද්ධ සිද්දස්ථනයක් දැයි ප්‍රශ්න කලෙමි. චෛත්‍ය ගැනත් ඇසුවෙමි. පිළිතුර වූයේ එවා ගැන නොදන්නා බවයි. ඔවුන් හැම විටම ඒ අතීතයට යෑමට අකමැති වූහ.... නොදන්නා බව පැවසූහ .... පුදුමය නම් කොඩි ගහ උස්සන කාලෙට එන සෙනඟ ප්‍රමාණය 35000 ක් පමණ වන බව දනි. පුරාවිද්‍ය දේපර්මෙන්තුවෙන් සිංහලෙන් දෙමළෙන් හා ඉන්ග්‍රීසි යන තුන් භාෂවෙන් ගසා ඇති පුවරු ගැන නොදැන සිටිමයි.
එන අතරතුර වෙලඳාම් කරමින් සිටි වෙලෙන්දියකගෙන් පේර ගෙඩියක් රුපියල් 10 බැගින් දී ගත්තෙමු. ගෙඩි හතරට රුපියල් පනහක් දි පිට වුයෙමු.
නැවත අපි දකුනු පසින් වූ කන්ද නැගිමට ගල් පඩිමතින් ඉදිරියට ගියෙමු. ගල් තලාව ගල් පඩි පසු කරමින් ඉහලට නැගුනෙමු. කොළ පැහැ කොඩි කනුවක් අතරින් ගඩොල් වලින් සෑදූ යමක් දකින්ට ලැබුණත්, ඊට මදක් මෙහායින් ආරුක්කුවක් වැනි යමක් දක්නට ලබුනි. පැහැදිලිය මෙතන රජ දරුවෝ අමතක කර නැත. චෛත්‍යක නටබුන් සංරක්ෂනය කර ඇත. මදක් ඔබ්බෙන් මුස්ලිම් ඌරුවට ගිය නව ඉදිකිරිමක් පඩි පෙලක් සමග ගුහාවකට මාවත පෙන්වයි. මුලින්ම චෛත්‍ය වෙතට ගිය අප ඒහි සිට අවට බැලුවෙමු. ඊලඟට ගුහාව තුලට යාම පටන් ගත්තෙමු. පහත පිනතූර පෙළ ගුහව මොනවට පිළිබිඹු කරයි. අප සමඟ තවත් මුස්ලිම් වන්දනා කරුවන් පිරිසක්ද ගමන් කළහ. දැඩි හිරු රශ්මියත්, ගමන් විඩාවත් නිසා ඇති වූ, පිපාසය සංසඳුවා ගැනිමට අප රැගෙන ගිය ජලය ඔවුන් ඉල්ලූ නිසා ඉතාම සතුටින් එයද ඉෂ්ට කර දුන්නෙමු.
//එක් පසෙක චෛත්‍ය අනික් පස මුස්ලිම් ඌරුවට ගිය ඉදිකිරිම්. කොඩි වැල. කොඩි කනු අතර ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය කවදා දක්නට ලැබෙයිද? \\
සිතෙහි එවන් අදහසක් පැමණියත්, අපි කවුරුත් බලෙන් ඔබාගෙන ඇති, බහු ජාතික, බහු ආගමික අන්තවදී නැති සිතුවිලි හරබය සමඟ ඒ අදහස ලත් තැන ලොප් වී ගියේය. මගේ ජාතිය මගේ ආගම හැඟිම් පොදිය සමඟ කූරගල එම ගල් ගුහව ලඟ කොඩි කනුව යට සිටම පාන් සමඟ ජෑම් කෙසෙල් තල මෙන්ම මුරක්කුද ආහාරයට ගත්තෙමු. නමුත් බීමට වතුර නැත. බුදුරාජාණන් වහන්සේ දේශානා කල දානය නොහොත් දිමෙන් ලද පින හෙවත් පුණ්‍ය කර්මය ගැන සිතමින් හා ඒ ගැන චිත්ත ප්‍රමෝදයෙන් වතුර නොමැතිව පල්ලම් බැසීමට පටන් ගත්තේ කෙහෙල් ලෙලි ටික ඈත අහසේ පා කර යවමිනි. නැවත වරක් චෛත්‍ය දෙසට හැරි පින්තූරයක් ගැනිමට අමතක කලේ නැත.
එන අතරමඟ කඩේකට ගොඩ වුයේ වතුර බෝතලයක් මිල දී ගැනිමටය, රුපියල් 75 ක් දි ශීත කලවතුර බෝතලයක් ගන්න ගමන් සුපුරුදු ප්‍රශ්නවලිය ඇයටත් යොමු කලෙමි.
සෙනග එන්නේ පෙබරවාරි මාර්තු වල නේද? ගොඩක් සෙනග එනවලු නේද? යන ප්‍රශ්න වලට සමන්‍ය පිළිතුරු දෙන අතර තුර, // පුරාවිද්‍ය දෙපර්මෙන්තුවෙන් අලුතෙන් කඩ හදන්න දෙන්නේ නැහැ\\ යයි ඇය පැවසුවාය. අපගේ මූලික ප්‍රශ්නය ඇසීමට පොටක් පෑදෙන තුරු බලා සිටි අපට ඇය විසින්ම පොටක් පාදා දුනි. වෙලාව එනතුරු බලා සිට ක්ෂනිකයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කලෙමු
උඩ චෛත්‍යක් තියනවා නේද? මේක ඉස්සර පන්සලක්ද? - සුපුරුදු ප්‍රශ්නය වෙනස් ආකාරයකට ඉදිරිපත් කලෙමු.
//ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\
ඔවුන්ව මේ පිළිතුරට පුරුදු කලාද? ඔවුන්ම එය ඇත්තටම පවසවාව දැයි යන දෙගිඩියාවෙන්.... ශිත කල වතුර බොමින් ආපසු ඒමට පිටත් වුනි. කූරගල ගමන අවසන් කරමින් පඩි පෙළවල් අවසන් කරමින්, පාරට පිවිසියෙමු. ගමේ කෙනෙකු සම්බන්ද කරගනිමින් තොරතුරු ටිකක් සොයාගත යුතු යැයි සිතමින් එන අතර තුර, කූරගලත් තැන්නත් වෙන් කරන මායිමේ තවත් මුස්ලිම් පල්ලියක් අසල ගෙයක් සාදිමන් සිටි මැදි වියේ පුද්ගලයෙකු හා කතා බහට වැටුණි.
//ඔතනින් එහා පැත්තේ පන්සලක් කියනවා\\
//ගමේ සිංහල පවුල් 300 ක් විතර, මුස්ලිම් පවුල් 150 ක් විතර ඉන්නවා\\
// මේක තමයි ගමේ පල්ලිය ..කූරගල කන්දේ තියෙන්නේ පුද්ගලික එකක් .. ගමේ අය එන්නේ මෙතනට ....\\
// සිසන් එක කොඩි ගහ උස්සන කාලේට ..ඒදවස් වලට එන හැමෝටම කන්න දෙනවා\\
// සල්ලි කාරයෝ තමයි වියදම් කරන්නේ ..සැහෙන්න ආධාරත් හම්බුවෙනවා ....\\
යනාදී සමන්‍ය කතා බහෙන් අතර තුර නැවතත් කඩඉම් ප්‍රශ්ණය යොමු කරන ලදී
ඒක උඩ චෛත්‍යක් තියනවා නෙද්? නටබුන් එහෙමත් තියනවා? ඉස්සර එතන පන්සලක්ද?
පිළීතුර එකම විය // ඒ ගැ නම් දන්නේ නැහැ\\
සුහද ශිලිව කතාව අවසන් කර අපි ගිහින් එන්නම් යැයි කියා එන්නට පටන් ගත්තෙමු. ඔය එන අතර තුරේදි මුලින් සටහන් කල පරිදි මුල් ත්‍රීවිල් රියැදුරුම හමු විය. ඔහු නොමිලේම අපව ප්‍රධාන බස් පාරට ගෙනත් ඇරලවූ අතර ...ඒ වේලාවේදිම එතනින් ගිය බලංගොඩ බස් එකද නතර කර දුනි.. බසටය ගොඩ වීමට හදිස්සිය නිසා ... අප මුලින්ම ආහාර ගත් කඩයේ නංගිලාට අතවනමින් දුවගෙන ගොස් බසයට ගොඩි වි..අපි පැමණි කාර්යය සර්ථකව අවසන් කලෙමු. නැවත කොළඔට ලඟා වන විට රාත්‍රී දහයද පසු වි තිබුණි
කූරගල පිළිබඳ නීතිමය තත්වය
- 1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.
- 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය
ඉහත කරුණු දෙක උපුටා ගැනිම -
http://sinhale.wordpress.com
කූරගල ඉතිහාසය
ඈත අතීතය
- මෙහි ඉතිහාසය රාවණ රජ සමයට යන බව පිළිගැනිමයි. රාවණ රජු පාලන කල රාජ්‍යන් අතරෙන් ඉන්ද්‍රගිරි රාජ්‍ය ලෙස මෙය සලකනු ලබයි.
- තවත් කතාවකට අනුව මෙම ස්ථානය වලගම්භා රජු යුද්ධ වලදි සැඟවී සිටිමට හා යුද සැලසුම් හා සේනා සංවිදාන කරාණා සම්බන්දයෙන් යොදගෙන ඇත. මේ අවට පරිසරය පිහිටිම බැලූ කල එය සත්‍යක් බව ඔබටත් වැටහේවි
- මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්‍රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත.
- එකල රහතන් වහන්සේලා වැඩ විසූ තැනක් බවත් පැවසේයි
- දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්‌තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
මෑත අතීතය
- මරික්‌කාර් නම් මුස්‌ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්‍රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්‌ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය.
- 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.
වැඩි දුර තොරතුරු සඳහා පහත ලිපි දෙක කියවන්න
http://www.divaina.com/2011/03/30/badada02.html
කූරගල සංචාරයට උපදෙස්
- ඔබට හැකි පරිදි ඔබේම වාහනය හෝ පොදු ප්‍රවහාන සේවා බස් වල යා හැක.
- මාර්තු අප්‍රේල් කාලය මග හැර යෑමට උත්සාහ කරන්න
- හැකි තරම් උදෙන් කොළඹින් පිටත් වෙන්න
- වතුර රැගෙන යන්න
- තැන්න හංදියේද කඩවල් ඇත
- අනවශ්‍ය බර උස්සන් නොයන්න
- රැගෙන යන සියල්ල නැවත අරගෙන එන්න
- පිට ගමකට යන බැවින් ඔබ ඒ ගමේ විදිහට හැසිරේන්න
- එතැන ගැන කැක්කුමක් ඇත්තනම් හා ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධයෙක් විදිහට හැසිරෙන්න
පසු සටහන
ඔබට කූරගල පිළිබඳ අවංක කැක්කුමක් තිබේ නම් ඔබම ගොස් බලන්න. ඒ අත්දෑකීම ලබාගන්න. කන්ද මුදුනේ ඇති ගුහාව තුලට යන්න. ඒ තුල එක් ස්ථානයකට හොඳින් හිරු එළිය වැටේ. එය දේවතා එලියක් හාස්කමක් නොව. හිරු එළීය ඇති විට හිරු එලිය ගුහාව තුලට පතිත වීමකි. කන්ද මුදුනේ සිට අවට බලන්න. කන්ද මුදුනේ සිට වෙල්යාවවල් පෙනෙන අයුරු බලන්න. චෛත්‍ය දැක බලාගන්න. කොළ කෙඩි අතරින් කටාරම් සෙල් ලිපි බලන්න. ඒ මිනිසුන් සමඟ කතා කරන්න. සියැසින් දැකබලා ඔබම තීරණය කරන්න කූරගල තත්වය. තවමත් බෞද්ධයන්ට ඒ ස්ථානයට යා හැකි නිසා දැන් තියා ගොස් බලන්න. කල් දමන්න එපා.
නිධාන කතාව
නදී විසින් රිශෙයා කරන ලද යෝහාන් කණිෂ්කගේ
බස් එකක දුර දිග යෑමක් මේ ගමන ක්ෂනිකව සංවිධනාය වීමට හේතූ බූත විය.එම බසයට
මෙතනින් යන්න. අපිම දැක බලාගෙන තීරණයක් ගන්න කල් මේ ගැන අදහස් පැවසිය නොහැකි නිසා මේ ගමන අපිම ගියෙමු. එහිදි අත්දුටු දැක බලාගත් දේ සියල්ල මේ ලිපිය සමඟ මෙසේ බෙදා හදා ගත්තෙමු. කවදා හරි දවසක මේ ලිපිය කූරගල ඉතිහාසය සොයා පැමිණෙන සුදු ජාතිකයෙකුට වැදගත් වනු ඇතැයි සිතමි.
ස්තූතිය
- බස් එක දැමූ යෝහන් කණිෂ්ක
- රිශෙයා කලා නදී
- එම බසයේ අදහස් දැක්වූ සියල්ලන්ටම
- ගමන සංවිධානය කල ලසිත
- ගමනට එක්වූ සනිඳු දිනුක
- ගමන අතර තුර ඉතිහාස/ ජනප්‍රවාද / අදී බොහෝ කරුණු ගෙන හැර දැක්වු මෙන්ම සෙල් ලිපිය පරිවර්තනය කල සනිඳු දිනුකට අනේක වාරයක් ස්තුතියි.
- අවසන් වශයෙන් මේ දිගු ලිපිය බැලූ ඔබටත් ස්තුතියි.
අපේ ඉතිහාසය වෙනුවෙන් පොඩි සත්කාරයකට එකතුවීම ගැන මා හට ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකි
මෙන්න තව පින්තූර කිහිපයක්