Saturday, October 16, 2010

නිදි මැරීම ...............

මං ඉස්ස ඉස්සෙල්ලම නිදි මැරුවේ අපේ ගෙදර තිබුණු පිරිත් පින්කමකට .... ඒ කියන්නේ මීට වසර දහයකටත් හෝ පහලොවකට වඩා අතීත දවසක ......... එලි‍වෙනකල් හිටියා ..... පහුවදා දානේ බෙදන්නවත් ....... දානේ කන්නවත් මං නැහැ. හොඳටම පොඩි එකාට නින්ද ගිහින්. ඊලඟට දෙවෙනි පිරිත් පින්කම ........ එදත් ඔය සන්තෑසියමයි. ඔය අතර මළගෙවල් වල දෙක තුනක විතර පොඩි පොඩි නයිට් දෙක තුනක් ගැහැව්වා. කවදාවත් පාඩම් කරනන් නම් නිදි මැරුවේ නැහැ. ඒවා බොරු වැඩ කියලා සක් සුදක් සේ මං ඒ කාලේම දැනගෙන හිටියා.


ඊට පස්සේ කාලයක් අවා උසස් අධ්‍යපනය කියන එක ලබාගන්න. ඔය කාලේ නම් ඉතින් කිසි ගැටලුවක් නැතුව හෝ ගලා නිදි මැරුවා. හැබැයි එලිවෙනකල් නම් නෙමයි. ඔය දෙක තුන විතර වෙනකල්. දන්නේ නැද්ද ඒ කාලේ ඉතින් :D. කීයක් හරි හොයගන්න කියලා පළමු රැකියාව විදිහට කරන්න හම්බුනේ ඇඟලුම් ක්ෂේත්‍රය. ලංකාවේ විතරක් නෙමෙයි ............. ලෝකයේ ඇඟලුම් අංශයේ නමක් දරා සිටින අති ප්‍රසිද්ධ සමාජ අගයක් ඇති ආයතනකයක් තමයි ඒක. හැබැයි ෂීෆ්ට් එකට තමයි වැඩ. උදේ 7 හවස 7 / හවස 7 උදේ 7 තමයි වෙලාවන් වැටිලා තිබුණේ. සාමන්‍ය අපි භාවත කර කැලැන්ඩරයේ නිවාඩු මුකුත් නැහැ. දිවා වැඩ මුර 3 යි - රාත්‍රී වැඩ මුර 3 යි - නිවාඩු දවස් තුනක් විදිහට තමයි ඒක පුනරාවර්තනය උනේ. අප්පේ එහෙම කා‍ලයක්. නිදි මරනවා කියලා එහෙමත් නිදිමැරීමක් අයේ නම් ජීවිතේට හම්බ වෙන්න එපා කියන ප්‍රර්ථනවා මේ මොහොතෙත් කරනවා. ඒ තරම් එපා කරපු කාලයක් මගේ ජීවිතේට සැට් වෙලා නැහැ. දිනයක් - වේලාවක් - අහල පහළ වෙන්නේ මොනවද කියලා මුකුත් දන්නේ නැහැ. හරියට හුඔහෙන් ඇදලා ගත්තා වගේ. තෝන්තු වෙලා උන්නේ. [ දැන්තු එහෙම තමයි :D ] . මේ කියන්නේ 2007 - 2008 වගේ කාලේ.

ඔය නිදි මැරීම කියන කාරණව මතම, මගේ රැකියා ජිවිතය සම්පූරුණයෙන්ම අනික් පැත්ත ගැහැව්වා. ඒ කි‍ව්වේ .. කලමණාකරන අංශයේ ඉඳලා, තොරතුරු තාක්ෂණයට මාරු උනා. රැකියවක් නැතිව උනත් අර කියපු නිදි මරණ ජොබ් එකෙන් අයින් උනා. අදත් මං එදා ඒ ගත්ත තීරණය ගැන බොහොම සතුටු‍ වෙනවා. ජීවිතය කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක තදින්ම විශ්වාස කරන මට, ඒ තීරණය ගන්න එච්චර අමාරු උනේ නැහැ. දැනට උනත් මං අහම්බෙන් දවසක තමයි ඔය එක දෙක විතර වෙන කල් ඇහැරිලා ඉන්නේ. ඒත් ඉතින් පසුගිය සතිය පුරාවට සම්පූර්ණ නිදි වැරිම් තුනක් කලා. ඒ අපේ සමීපතම ඥාතියෙක්ගේ මරණයක් කරන කොට ගෙනයි. එහි අවසාන අදියර වූ ඊයේ රත්‍රිය, ඒ කියන්නේ බණ දේශනවා හා අද දින දහවල් දානය සඳහා. ඊයේ රාත්‍රී සිට අද දින සවස 2 වන තුරු නන්ස්ටොප් නිදි මැරීමක් සිද්ද කලා.

මට දැන් හොඳටම නිදි මතයි .......... මං යනවා නිදා ගන්න ..................

වැප්

Sunday, September 26, 2010

මට මතකයි .......................

කතාවක් නැහැ ගාම්භීරයි
සිනහවත් ඇත නිහඬ බවමයි
සොයා බැලුවේ මා දිවිමගයි
ඔබ මගේ දිවිකතර ඇරඹුමයි


ඉදීන් මා ජව බලයි, නිදහස අදහස සිත් දරයි
කිසිවිට නෑ උදහස, නිරතුරු ඔබ පෑ සෙනෙහසයි
ඉවසුවේ ඔබ නොවෙද, මා ඔබේ පුතු බැවින
මා ඔබට ණයගැතියි, සැමදා ඔබ ගුණ පුදයි


එදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේ
මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ
සැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ 


මා තුරුණු වියටයි
ඔබ මහලු වියටයි
මේ සසර ගමනයි
ඔබ මගේ ජීවයයි


වැප්

Saturday, September 11, 2010

බස් එකද බුකීයද

ඔන්න ඉතින් දැන් සති දෙක තුනක වෙලේ ඉදන් බ්ලොග් බැලිල්යි කමෙන්ට් කිරිල්ලයි ඔක්කම අභිමවමින් නැගලා යන වැඩක් තමයි බස් එකේ යෑමයි බුකීයේ රේස් දැමිමයි. දැන් කට්ටය බලයිද දන්නේ නැහැ මොකක්ද මේ බුකිය මොකක්ද මේ බස් එකයි කියලා. ආ ගන්න ගන්න එපා මේ කිව්වේ ගුගුල් Buzz එකයි මුහුණු පොතයි. රයිටෝ දැන් මන් මොනවද මේ දෙකේ කරන්නේ...... ඇ මන් විතරද අප්පේ, නැහැ නැහැ පට්ට සෙට් එකක් ඉන්නවා මේවා විතරක් තම ජවීතය කරගත්ත. ඔය දෙකෙනුත් බස් එකේ යන එක තමයි නැගලා යන්නේ. බුකියේ රෙස් දැම්ල්ලත් නරකම නැහැ. මඩ කියන්නේ එහෙම මඩක් දැකලා නැහැ කොහෙවත්.

බස් ගැන කතා කලොත්,අපරාදේ කියන්න බැහැ උදේම ආපු කෙනා දානව බස් එකපාරට, මගින් පොඩ්ඩක් ස්ලෝ කරලා කට්ටය නග්ග ගන්නවා. ඔය අතරේ පාස් වලට,යි සිසන්වලටයි, හා එවෙලේ ටිකට් කඩලා විතරක් නෙමෙයි හොරාට යන එවුනුත් ඉන්නවා. ඒ විතරයෑ කැස්බෑවොත් ඉන්නවා. ඔය යන අතරේ සමහර වෙලාවට අධික වේගෙයෙනුත්, දවල් කෑම වෙලාවට ඉබිගමනිනුත් තමයි යන්නේ. දවසකට සමාන්‍යයෙන් කිලෝ මිටර් 500 ය පන්වනවා. ඒ කි‍ව්වේ කමෙන්ට් ගාන තමයි. ගුගල් කාරයා කමෙන්ට් 450 ක් විතර පන්නපු ගමන් ඒ බස් එක කඩලා දානවා. ඉතින් කට්ටය දනි පනි ගාලා ඊලඟ බස් එකට නගිනවා.... අපරාදේ කියන්න බැහැ ඒකත් යනවා මාර ස්පීඩ් එකේ.

කිසිම වෙනසකින් තොරව මඩ ටික එහාට මෙහාට යනවා. අපරාදේ කියන්න බැහැ එකාට එකෙක් පරදින්නේ නැහැ. ඔය අතරේ වැදගත් දේවලුත් කතා වෙනවා. වැදගත් කියන්නේ කිසි වැදගැම්මකට නැති දේවල්. මාතෘකාව එකක් කතා කරන්නේ තව එකක්. වයස බේදයක් නැහැ ඇන්ටිලා අංකල්ලා චමින්දලා චමිලලා හිච්චි එවුන් ඇට්ටර එවුන් පැහිච්ච චමියලා එකී මෙකී නොකී හැම එකාම ඉන්නවා. ඔය අතරේ ඉස්සෝ වඩේ, කඩල චුයිංගම් විතරක් නෙමෙයි පිට් පොකැට් කාරයොත් නගිනවා. හප්පේ එපා වෙන කොස් එක තමයි බීපු එවුන් නගින එක. නැග්ග වෙලේ ඉදන් සින්දු කියනවා අහගෙන ඉන්න බැහැ .......... අහගෙන ඉන්න නෙමයි බලා ගෙන ඉන්නන බැහැ.

ඕන් මන්යනවා .......... බස් එකක් තිබ්බොත් ගොඩ වෙන්න එපෑ ............

තව පොඩි දෙයක්

බ්ලොග් ලියන, නොදුටු මිතුරන්ගේන් දැකපු 4 වැන්න වූ " අන්තර්ජාලයේ මගේ බිත්තය " ලියන පැතුම් අයියා විසින් රචිත "පරිණමයේ වේදනවා හා වෙනත් කතා " යන කෘතිය ලබා ගැනීමට අද ඔහුව හමු විය. 

http://biththiya.blogspot.com/2009/12/blog-post_27.html 

මම වසර ගනනාවකට පසු කතා පොතක් කියවමින් බස් එකේ යන ගමන් :OPD

වැප්

Saturday, August 21, 2010

ත්‍රීවීල්කාරයෙක් වන්නට කැමැත්තෙමි .............

හන්දියේ ඉඳන් .......
ගමේ ඔපා දූප ටික සොයන්න ........
මිනිස්සුන්ගේ හැසිරිම් අධ්‍යනය කරන්න ...........
රටේ සියලුම සංවර්ධන කටයුතු වලට උපදෙස් දෙන්න ...........
බජාර් එකේ පක්ෂ විපක්ෂ මතවාද මත ගැටුම් ඇති කරගන්න ..............
වෙසක් එකට ගැන්සි ගැහිලා මහා බත් දන්සල් දෙන්න ..........
අතර මගදි  තවත්  හයර් එකක් යන්න ..............
ක්ෂණයෙන් උදව්වට යන්න ...........
කැමතියි මන් ...........

කොහෙද තියෙන්නේ ත්‍රීවිල් ඇබැර්තුවක්
කොම්පියුටර් කාරයෙක්ට?
කෙනෙක් ඉන්නවද ත්‍රීවිල් එකේ හයර් යන්න
හිකිස් ලොල් විතරක් දන්න?
හයර් හොයන්න පුලුවන්ද ගාස්තුව 
පේපැල් වලින් ගෙවන?
හදිස්සියට උදව් ඔනා අය ඉන්නවද
ටුවිටර් පාවිච්චි කරන?
කාටහරි ගමේ රස ඔපාදුපා ඔනේද
මේ දැන් ගුගල් කරපු?


පාර ගුගල් මැප් එකෙන් හොයන්
සින්දුවක් යුට්යුබ් එකෙන් දාගෙන
චැට්ටයක් FB බිත්තියෙන් දමාගෙන
හයර් යන්න එන්න මාත් එක්ක :D

වැප්

Monday, August 16, 2010

අපරාදේ ඒ හීනේ .....................

එකලෙස දැනුනට හදේ තනිකමක් - කෙලෙසට පවසම් හිතේ පාලුවක්
නැතිකල සිත තුල දුක් බර හැඟුමක් - කොහොම කියන්නද රසකර ගීයක්

වෙනදා දැක නැති හැමදා විඳ නැති -   රසබර අමුතුම පැතුම් පොදක්
හෙමිහිට ගෙන මා දෝත දරා - සොයනෙමි  ඇය බව සසර පුරා

ගී පද හෙව්වා කවි පද ගෙතුවා - සිත මා හැඟුමන් ගඟුලක පා කරලා
සුලඟත් හැමුවා සුවඳත් දැනුනා - හද මා පොපියන සුසුමන් නහවා

කවදා හමු වේ කෙලෙසක හමු වේ - නිම නැති කැරකෙන සසර පුරා
හිතුවා මා හද, පැතුවා මා සිත - සැනකින් හමුවට ඇය එන්න කියා

ආ විට පවසමි, සැමදේ කියනෙමි - ලං වී හෙමිහිට ඇගේ කණට හොරා
සුව නින්දේ සුභ සිහිනේ මග අතරේ - හනිකට ගැස්සි අහැරුණි රැ තද නනිදේ :D


වැප්



Sunday, August 8, 2010

කම්මැලියෙක් කතා කරයි ...........

ෆා ගේ ඉල්ලීම පරිදි ලිපියේ මතෘකාව වූ  'කම්මැලි කම' යන්න 'කම්මැලියෙක් කතා කරයි'  ලෙස වෙනස් කරන ලදී. [ කම්මැලි වැඩ :D ]


කාලෙකට පස්සේ මේ සති අන්තය බොහෝම කම්මැලි විදිහට තමයි ගෙවිලා යන්නේ. සෙනසුරාදා ඒ කියන්නේ ඊයේ මාරම කම්මැලි දවසක් උනා. කරන්න මෙලෝවැඩක් නැහැ කම්මැලිකමට. නැතුව නෙමයි, කරන්න කම්මැලියි. වැඩ නම් තියනවා ඔන තරම් එත් කරන්න හිතෙන්නේ නැති තරමට කම්මැලියි. හිතුවා ඉරිදා නම් කම්මැලිකමක් නැති වෙයි කියලා. බැලින්නම් අද ඊටත් වඩා කම්මැලි දවක්. හපොයි මෙහෙමත් කම්මැලි කමක්. කම්මැලි කමට කරන්නේ මොනවද කියලා හිතන එක ඊටත් වඩා කම්මැලි කමක්. ඇත්තටම මට විතරද මෙහෙම කම්මැලි කමක් හිතෙන්නේ. ඕක කල්පනා කරන එකත් මට කම්මැලි කමක් උනා. ඒ හන්දා කම්මැලි කමට ඒ වැ‍ඩෙත් අත ඇරලා දැම්මා. ටික වෙලාවක් එක දිගට 'කම්මැලිකම 'කම්මැලිකම' කියාගෙන කියාගෙන ගියාම කම්මැලිකම කියන වචනේ තේරුම අමතක වෙලා ගියා. දැන් කම්මැලිකමේ තේරුම හොයන එක මහ එපා කරපු කම්මැලිකමක් උනා.

කම්මැලිකම යන්න කියලා ලිපියක් දාන්න කියලා කී පරක් හිතුනද. හිතන හිතන හැම වාරෙදිම කම්මැලි කම ඉස්සරහට එනනවා. ඉතින් මං කම්මැලිකමට ලිපිය ලියන එක කල් දැම්මා. ඒකත් මහ කම්මැලි වැඩක් මොකද  කරන්න තියන වැඩක් කල්දානවා කියලා හිතන එක මට කම්මැලිකමක් උනා. ඒපාර කම්මැලිකම පැත්තකින් තියලා මේ ලිපිය ලියාගෙන යනවා. හැබැයි මේක ලියාගෙන යනකොට කම්මැලිකමක් ආවොත් ලිපිය මගින් නතර වෙයි. එතකොට මේක කියවලා ඔබටත් කම්මැලිකමක් ඇතිවෙයි. මොනවා කරන්නද කම්මැලිකම කියන එක අපි කටත් පොදු දෙයක්නේ. මොකද මටයි, කියවන ඔබටයි විතරක් නෙමෙයිනේ කම්මැලිකම ඇතිවෙන්නේ නේද?

කම්මැලිකම ඇතිවෙන්නේ ඇයි කියලා හොයන්න හිතුනා. ඒ පාර මෙන්න ආයිත් මට කම්මැලිකමක් අවා. ලත්තැනම ලොප් උනා කම්මැලිකම ගැන හොයන එක. මේක මහ පුදුම කම්මැලිකමක් නොවැ, මෙලෝ දෙයක් කරන්නන ඉඩ දෙන්නේ නැහැ කම්මැලිකම පනිනවා මැද්දෙන්. අනේ හැබෑටම මේ කම්මැලිකමට හිතෙන්නේ නැද්ද කම්මැලිකමක්? එහෙම හිතෙනවා නම් කෝච්චර හොඳද කම්මැලිකම කියන එක. එහෙනම් අපි කවුරුත් කැමති වෙයි කම්මැලිකම අපි ලඟට එනවට. එත් හැමදාම හැමවෙලාවෙම කම්මැලිකම එන්න ගියාම ඒක ඊටත් වඩා කම්මැලිකමක් වෙයි නේද?

ඇතුවත් බැරි නැතුවත් බැරි කම්මැලිකම එන වෙලාව හරියටම කියන්න බැහැ. ඒ කම්මැලිකම එන වේලාව හොය හොය හිටියොත් දන්නේම නැතුව  කම්මැලිකම ඇවිත්. කම්මැලි වෙලාවට කම්මැලි කමට කම්මැලි කමක් ගැන කම්මැලි විදිහට ‍ලියපු කම්මැලි ලිපිය කියවලා කම්මැලි වැඩිකමට, කම්මැලි ගතිය පෙන්නවන කම්මැලි ඈනුම් නම් අරින්න එපා.

වැප්

Wednesday, August 4, 2010

මේ ඇයමද?

සුදු මුහුණේ ලස්සනට - කොනින් කොන වම් අතට
ලස්සනට දික් අතට - කලුලපය  නිකට ලඟ උඩු අතට
කෙහෙරැල්ල  ඉන ලඟට - දසන් පෙළ එක දිගට
දකින විට දුර තියා මගේ නෙතට - දෙවෙනි නැහැ දෙව් ලොවක දෙවඟනට

අනේ දැන් ඈ කොයිද?  මේ ඇයද? වෙන කවුද?
පෙම් බැන්ද මගේ හිතම අද නැද්ද අඳුනන්නේ ඇය?
කෝ කොයිද අප ගෙතූ ඒ හිතලු පොත?
පෙරලන්න, දැන ගන්න ඇයමද මේ දකින ඇය?

දකින පිටු අතර ඇති ඒ මුහුණ අද නැහැ
කලු ලපය ඒ ස‍ඳේ අනේ අද එළිය නැහැ
කෙස්වැටිය කර ලඟට දසන් පෙල එලෙසටම
මේ ඇයද කියා මට වැ‍ටහෙන්නේ නැහැ

කාලයක් ගොසින් ඇත - තනියෙන්ම ඉඳින්නට ඇත
මරණයට ලංව ඇත - තනියෙන්ම යන්නටම වෙන
අප පැතූ ආදරය - එක්ව මැවූ ලෝකයම
අදත් ඇත හදතුලම - හමු වු මේ විරාමය තුල

වෙන්වුනු දවසේ  සිට - හමු වු මේ මොහොතට
‍තනි තනිව හිටිය අප - එක්වන්නට පින් කලා මදි
නැවත මට අවසරයි වෙන්වෙන්ට  - තෙරක් නැති මේ සසර තුල


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....