Sunday, April 17, 2011

සයිබර් සැණකෙලියේ සංවිධානය

අප්‍රේයල් 3 වෙනිදා පැවැත්වුනු සයිබර් සැණකෙලිය පිළිබඳ ලිපියක් ලියන්න කියලා හිතාගෙන හිටියත් ඒක ඕන කමින්ම ටිකක් පහු කරලා අද තමයි ඒ ගැන ලියන්නේ. පහුකරන්න හේතුව උනේ මේ ගැන ලියවෙන සෑම ලිපියක්ම හා පින්තූර ‍ගොන්නක්ම මේ ලිපියට දාන්න ඔනේ හින්දා. ගොඩක් අයගේ සහයෙන් ඒ ලිපි හා පින්තූර ටික බස් එකකට එකතු කරගත්තා.

අභිත ගේ සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්‍රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනා‍ගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා

1.උවමනාව
සිහින උළෙල ගැන ලියවුනු පළමු ලිපියේ සිට මෙය අවසන් වන තෙක්ම සහභාගි වන්නන්, අනුග්‍රහකයින්, මෙන්ම සංවිධයක කණ්ඩායම් මේ පිලිබදව ඉතා උනන්දුවෙන් සිටිම මෙය සාර්තකත්වයේ අඩිතාලමයි. එදිනට නියමිත වැඩසටහන් කෙසේ විය යුතුද යන්න කියන කාරණවා, සංවිදායක මන්ඩලය දැඩි ලෙස අවධාරණයට ගත්තා. බොහෝ දුරට අවුරුදු උස්වය ගැන කතා බහ උනේ ගුගුල් බස් එකේ. මුල් දවස් වල විවෘත්ත බස් ලෙස මෙම කතා බහ ගියත්, පසුව ඒගැන අදහස් දැක්වූ සියලු දෙනා එකතුවෙන් ගුගල් ගෘප් එකක් හදලා ඒක ඇතුලේ විතරක් කතා කලා. කොච්චර උනන්දුද කිව්වොත් කවුරුත් එකතු වෙලා වැඩකරන රටාවක් තිබුනේ . හොඳම උදාහරණය ගුගුල් ගෘප් එක හැදුවේ එක්කෙනෙක්, ඒකට කට්ටිය අතුලත් කරගත්තේ තවත් කෙනෙක්. කතා කල යුතු මාතෘකා දාන්නේ වෙන වෙන අය. මේවා එකක්වත් කවුරුත් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ගියේ නැහැ. තමුන්ට මතක් වෙන දෙයක් තිබුණා නම් මේක සාර්තක කරගන්න, ඒ වැඩේ ඒ අදලා කෙනා පටන් අරන් කරන් ගියා.

2. සාක්ච්චාව
ඉතාම වැදගත් කරුණක්, මූලිකම සාකච්චා මාධ්‍ය උනේ ගුගල් ගෘප් එක, දවසට මෙයිල් සීය දෙසිය එහා මෙහා ගියා, ඒ වගේම මේ ගැන කතා කරන්න හමු විම් තුනක් විතර තිබුණා. විහාරමහා දේවි උද්‍යානයේ තිබුණු එක රැස්විමක් ආරම්භ උනේ උදේ 8 ට. ඊට අමතරව ගුගල් ඩොක් කියන මාධ්‍යත් යොදාගත්තා. මේ සාකච්චා පැවැත්වුනේ බොහෝම සුහදව, මට නම් මතක නැහැ කෙහෝවත් මත ගැටිමක් තිබුණු බවක්.

3.ධනාත්මක චින්තනය
මා දුටු අපූරුව කරණය තමයි මේක, කවුරුත් නැහැ බැහැ කියන වචන යොදාගත්තේ නැහැ. අභිත අයියාගෙන් ගෙන් මොකක් හරි ඇහැව්වොත් කවදාවත් කිව්වේ නැහැ ඒක ගැන දන්නේ නැහැ කියලා. කිව්වේ "හරි හරි ඔක්කොම හරි" කියලා. දෙයක් තමුන් දන්නේ නැත්නම් කරපු එකම දේ ඒ ගැන ගෘප් එකට මෙයිල් එකක් දාලා දන්න අයගෙන් අදහස් ගැනිම තමයි.

4.විවධ කණ්ඩායම් එකතු විම
සංවිධායක මණ්ඩලය තුල විවිධත්වයක් තිබුණා. අපි කවුරුත් දන්නවා බ්ලොග් අවකාශ තුල විවිද අදහස් තියන කණ්ඩායම් ඉන්නවා කියලා. මේ හැම කණ්ඩායමක්ම එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් කටයුතු කලා. විවධත්වය තුලින් සාර්තක ගමනක් යා හැකි උනු බව කිව යුතුමයි.

5. කණ්ඩායම් බෙදිම
එදිනට පැවැත්වෙන තරඟ හා අනිකුත් වැඩ කණ්ඩායම් වලට බෙදලා තිබුණේ. ඒ ඒ අය ඒ ගැන හොයලා බලලා කටයුතු කලා. ඒ ගැන අයේ අමුතුවෙන් තවත් අයෙකුට හොයන්න උනේ නැහැ. ඒ වගේම කියන්න ඔනේ එදිනත් මේ වැඩ වලට සංවිධයකයන්ට අමතරව තවත් පිරිසක් සහාය දැක්වුවා. නම් වශයෙන් සඳහන් කිරිම නොකලත් පින්තූර බලපුවාම කාටත් ඒ ගැන දැන ගන්න පුලුවන්.

තවත් බොහෝ කරුණු තියෙන්න පුලුවන් මේ සාර්තකත්වය පිටුපස. නමුත් මේ මට දැනිච්ච දේවල්. පහලින් තියනවා මෙතෙක් මට හමු වෙච්ච ලිපි හා පින්තුර, යම් කිසි මග හැරිමකින් ඔබේ ලිපිය හෝ පින්තූර ගොන්න එකතු වි නැත්නම් සමාවන්න

පින්තූර
ඉන්දරේ - http://www.facebook.com/album.php?aid=281824&id=740955417
බුද්ධි - http://www.facebook.com/album.php?fbid=206475906037635&id=100000256806646&aid=52687
හසිත් - http://www.facebook.com/album.php?fbid=162901480435427&id=100001467292675&aid=36690
නෙරන්ජි - http://www.facebook.com/album.php?fbid=214116681937332&id=100000170040967&aid=64872
ගෙහාන් - http://www.facebook.com/album.php?fbid=144908185576720&id=100001726177649&aid=30172
සුදු පුසා - http://www.facebook.com/album.php?fbid=212142338812791&id=100000510783440&aid=66347
සුදු පුසා -http://www.facebook.com/album.php?id=100000510783440&aid=66347
වල් හාවා - http://www.facebook.com/album.php?fbid=1482844969705&id=1791270075&aid=55543
වල් හාවා - http://www.facebook.com/album.php?id=1791270075&aid=55545
වල් හාවා -http://www.facebook.com/album.php?id=1791270075&aid=55546
චමිල - http://www.facebook.com/album.php?aid=58117&id=100000568016356
රන්දික - http://www.facebook.com/album.php?id=1442041342&aid=119380
ඉනෝෂා - http://www.facebook.com/album.php?fbid=10150215475122845&id=778127844&aid=351557
හසියා -http://www.facebook.com/album.php?id=1269435580&aid=2114918
දනුල - http://www.facebook.com/album.php?aid=32226&id=100001700315858
මල් ෂාන් -http://www.facebook.com/media/set/fbx/?set=a.1939554084436.2112571.1109910872
ලීෂාන් - http://www.facebook.com/media/set/fbx/?set=a.1495615490154.55772.1827109480&l=46075dc8b6

බ්ලොග් ලිපි
මාරයා - http://ctkumara.blogspot.com/2011/04/blog-post_03.html
රංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_04.html
ඉෂාර - http://blog-ishara.blogspot.com/2011/04/blog-post.html
ගෝල්ඩ් ෆිෂ් - http://goo.gl/NfrZ4
හාවා http://freeanushka.blogspot.com/2011/04/buzz-fb-bloger-gtg.html
ගෝල් සෝන් http://goldzone-tc.blogspot.com/2011/04/blog-post.html
මාලිගාව - http://kumaraya-maligawa.blogspot.com/2011/04/blog-post.html
රත්ගමයා -http://sun-ge-lookaya.blogspot.com/2011/04/blog-post_03.html
ටින් ටින් - http://goo.gl/SWlnI
විවේචන - http://wiwechana.blogspot.com/2011/04/2011.html
පිසාචයා - http://goo.gl/7zkCt
හසී - http://hashikahettige.blogspot.com/2011/04/blog-post.html
සිහින තවලම - http://kaveej.blogspot.com/2011/04/blog-post.html
කොටි - http://kotajeewithe.blogspot.com/2011/04/2011.html
රංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_08.html
තාරක -http://kpgtharaka.blogspot.com/2011/04/cyper-1.html
දුකා -http://dukaa.blogspot.com/2011/04/2011.html
සුදු පුසා -http://sudupoosa.blogspot.com/2011/04/blog-post.html
සංකල්පනා - http://dileepas.blogspot.com/2011/04/blog-post_04.html
මිත්‍යාදෘෂ්ඨිකයාගේ - http://ananmanansrilanka.blogspot.com/2011/04/blog-post.html
සයිබර් යාය - http://cyberyaya.blogspot.com/2011/04/blog-post.html
නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.com/2011/04/72.html
තනෝජා - http://thanojar.blogspot.com/2011/04/blog-post.html
අභීත - http://tikakhinawenna.blogspot.com/2011/04/blog-post_09.html
එලකිරියේ විස්තරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1099634
http://www.elakiri.com/forum/showthread.php?t=1100634 - බුද්ධිගේ ලිපියේ පිටපතක්



වැප්

Friday, April 15, 2011

නහ බලය - බල ශක්ති අර්බුදයට විසඳුමක්

වර්තමානය වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි ඇත්තේ සමාජ බියකි. ඒ හේතුව නිසා ලෝකයේ කිසිඳු රටක අලුතෙන් න්‍යෂ්ටික බලාගාර  ඉදිකිරිමක් අනාගතයේදි සිදු නොවනු ඇත. බල ශක්ති ප්‍රභව අතර ස්භාවික භාවිතය දැන් දැන් ක්ෂය වෙමින් යයි. එහෙයින් විකල්ප බල ශක්ති ප්‍රභව දෙසට විද්වතුන්ගේ දෑස් යොමුව ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීක විද්‍යාඥ්ඥයින් පිරිසක් නව බල ශක්ති ප්‍රභවයක් පිළිබඳ මේ දින වල පරික්ෂණ සිදුකරමින් පවතියි. තමාට අවැසි බල ශක්තිය තමා නිපදවා ගැනිම නොහොත් "ස්වශක්තිකරණය" නමින් හැඳින් වෙන මෙම නව සංකල්පය පිළිබඳ ඔවුන් දැඩි විශ්වාසයක් තබා ඇත.

වර්තමානයේ බොහෝ මිනිසෙකුම පාහේ ජංගම දුරකතනයක්, අත් ඔරලෝසුවක් හෝ පරිගනකයක් භාවිත කරයි. දැනට   මේ සඳහා බලශක්තිය ලබා ගන්නේ රටක ප්‍රධාන විද්‍යුත් ධහරාවෙනි. නමුත් නහ බලය භාවිතයට ගෙන ස්වශක්තිකරණයට ලක්වූ ජනයාට එසේ විදුලි බිලක් ගෙවා මුදලට විදුලිය ලබා ගැනිමට උවමනා නොවනු ඇත. ඉතා සාර්තක ක්‍රමයක් ලෙස දැනටමත් පරික්ෂන මට්ටමේ ඇති මෙම ක්‍රමයේ ප්‍රධාන බල ශක්ති ප්‍රබය වනුයේ අපේ නාසයයි. මිනිසා උපන්දා සිට ‍නාසය හරහා හුස්ම ගැනිමේදි වායු ධහරාවක් එහා මෙහා යයි. මෙම ක්‍රියාවලිය උපයෝගිත්වයෙන් විදුලිය නිපදාවා ගැනිම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.

මේ ගැන අදහස් දක්වමින්, මෙම ව්‍යපෘතිය භාරව සිටින මහාචාර්යය විපුල සිරිසේන මහතා පවසා සිටියේ, නුදුරු අනාගතයේ ඇති වන බල ශක්ති අර්බුදයට නියම විසඳුම මෙය බවත්, පැති කිහිපයකින් මෙම ක්‍රමය අති සාර්ථක බවත්ය. පරිසර හිතකාමි, කවුරුන් හෝ මත යෑපිමකින් තොරව නිකරුනේ අපතේ යන බල ශක්ති ප්‍රබයක් මෙලෙස ප්‍රයෝජනයට ගෙන ස්වශක්තිකරණය මෙහි ඇති විශේෂතා ලෙස ඔහු තව දුරටත් පැවසුවේය. දැනටමත් බොහෝ තරුණ‍යින් නාසයට පලඳනාවන් හෙවත් කරාබු භාවිත කරයි. එයට වටිනා කමක් එකතු කරමින් නහ බල උපකරණයක් සවිකර ගැනිම තමාගේ මුහුණට අලංකාරය මෙන්ම බලශක්ති වාසියක්ද එක් කරයි.

බොහෝ විට මෙම නහ බල උපකරණයක් ග්‍රෑම් පහක් හෝ හයක් වන අතර එය නහයට අනවශ්‍ය බරක් නොවනු ඇත. ශරිරයට හිතකර සමාන්‍යය සුලං මෝලක ක්‍රියාකරිත්වය පදනම් කර ගෙන නිපදවා ඇති නිසා මෙහි තාක්ෂණික බැරෑරුම් බවක් ද නැත.  ලබන වසර අග වන විට වානිජ මට්ටමින් මෙම උපකරණ නිපදවිමට දැනටමත් මූලික අඩිතාලම දාම ඇති බවත් රජයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලැබි ඇති බවත් මහාචාර්ය වරයා වැඩි දුරටත් අප සමග පැවසීය.


වැප්

Monday, March 28, 2011

අප්‍රේල් තුන නිවුස් ඇලට්


05:00 - සයිබර් සිහින උළෙලට සියල්ල සූදානම්
05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි
05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති
06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි
07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි
07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි
08:15 - අතුලත් වීමේ අවසර පත් ලබාගැනිම සඳහා කවුලු තුනක් විවෘතව පවතීයි
08:30 - මේ වන විට 150 කට අධික පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුලත්ව ඇත
08:32 - තහවුරු කිරිමේ අංකය අමතක අය සඳහා වෙනම දිගු පෝලිමක් ඇත.
08:33 - පාර සොයාගත නොහැකිව කොළඔ කොටුවේ පිරිසක් අතරමං වෙයි
08:40 - කණ්ඩායම් වශයෙන් පැමිණීම සුලබව දැක ගත හැක.
09:00 - උත්සවය පටන් ගැන්ම සඳහා සියල්ල සූදානම්
09:15 - දැනට 258 දෙනෙක් භූමිය තුලට ඇතුලත් වී ඇති බව පැවසේ
09:28 - තව සුලු මොහොතකින් සයිබර් සිහින උළෙල ආරම්භ වෙයි‍
09:29 - අද දින පෙරවරු 09:30 සිට සියලු අන්තර්ජාල සේවා හා ජංගම දුරකතන අක්‍රීයව පවතින බව වි-සං-කොමිසම පවයි

වැප්








Sunday, March 20, 2011

වැඩකට නැති විප්ලවවාදය

මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම  උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා  උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ එක්කෙනක්වත් මට හොයාගන්නත් බැහැ. විප්ලව වලට මං අනික් අයට කතා කලාට කවුරුත් එන්නෙත් නැහැ. මට එහෙම කතා කරන්න උවමනාවකුත් නැහැ. මට විප්ලවවාදී අදහස් එන්නෙත් නැහැ. මං කියන ලියන එව්වා කාටවත් වටින්නෙත් නැහැ. ඒ වගේම එවෑ කිසිම වටිනාකමකුත් නැහැ කියලා මට තේරෙන්නෙත් නැහැ. එහෙම  කියාලා මං අදහස් දැක්විම නවත්වන්නේත් නැහැ.

සමහරු අමුතු කතා කියද්දි මට කටවහන් ඉන්නත් බැහැ. තවත් අය සමාජයේ කාලයක් තිබුණු සම්මතයන් අභියෝගයට ලක්කරනවා බලං ඉන්නත් බැහැ. එවා එහෙමයි කියලා මං කටපියන් ඉන්නෙත් නැහැ. කොහෙත්ම මං විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. අදහස් හා මත වලින් විතරක් විප්ලවාදියෙක් වෙන්නත් බැහැ. එහෙමයි කියලා මට විප්ලවාදියෙක් නොවී ඉන්ඩත් බැහැ. මේකට කියන වචනය මට හිතාගන්නත් බැහැ. සමහර විට මේකට වචනයක් තියෙන්න විදිහකුත් නැහැ. විප්ලවවාදීයෙක් කියලා කොහෙත්ම කිය ගන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට නමක් හෝ වචනයක් ඕනෙත් නැහැ.

මං ලියලා තියෙන්නේ විප්ලවවාදී අදහස් කියලා මං කියන්නේ නැහැ. ඒ හින්දා මේ ලියමන කිසි වැඩකුත් නැහැ. එහෙමයි කියලා මේක ලියන එක නවත්වන්නෙත් නැහැ. මං මේක ලිව්වා නොලිව්වා කියලා වෙනසකුත් නැහැ. එහෙම වෙනසක් කරන්න මට අවශ්‍යත් නැහැ. කවුද මේක කියෙව්වේ කියලා මං හොයන්නෙත් නැහැ. මට මේකට කමෙන්ට් ඕනෙත් නැහැ. දාන කමෙන්ට් මට වැඩකුත් නැහැ. කොටින්ම මට මේ ලියමන වැඩක් නැහැ. මේ ලියමන තුල සැඟවිච්ච කිසිවක් නැහැ. එහෙම එවා හොයන්නත් බැහැ. හොයන්න අවාට මං කියන්නෙත් නැහැ.

වැප්

Tuesday, March 8, 2011

සරසවි පෙම - සත්‍ය සිදුවිමක්

ඇයත් ඔහුත් හමුවූයේ සරසවිය තුලදීය. ඔහු ඇයට බෙහෙවින් අදරය කරන ලදී. ඇයද පණට පණ මෙන් සිටියාය. සරසවියෙන් සමුගත් ඔහු බදුල්ල ප්‍රදේශයේ රැකියාවකට ගියේය. ඇයට හෙද රැකියාව හමු වි හම්බන්තොටටට යන ලදී. ඉන් මාස හතරකට පසු විවාහය සඳහා සියල්ල සුදානම් කෙරිණි. කලින් සැලසුම් කරගත් පරිදි ඒ සුබ මොහොත උදා විය. ඇයත් ඔහුත් අතිනත ගෙන, පෝරුවේ චාරිත්‍ර අවසන් කර මධුසමය ගත කිරිමට නුවරඑලිය බලා පිටත් විය. ඊට දින දෙකකට පසු නිවස බලා ඒම හෙවත් හෝම්කමින් එකට සියල්ල සූදානම් වී තිබුණි. නැදෑ හිතවතුන් මග බලමින් සිටියෝය. නිවසට පැමිණිමේ නැකත දැන් ඉක්ම ගොස් ඇත. තවමත් නැත. හැම තැන කසු කුසු පැතිරයයි. ඥාතින් නව යුවල එනතුරු දෑස් දල්වා සිටිති. නමුත් ඇය රෝහල් ගත කර ඇත. කෙසේ හෝ සුබ හෝරවා පසුවි පැය ගනණකට පසු නව යුවල නිවසට පැමිණීයහ.

දින සති මාස ගනන් ගෙවුනේ ඇය හම්බන්තොටද, ඔහු නුවර එලියේද රස්සාවල් කරමින්ය. සති අන්තයේදි පමණක් දෙදෙනා හමුවෙයි. එක් දිනක් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ ඇයගෙනි.

"මට ඔයාගෙන් දික්කාසද වෙන්න ඔනේ"

එදිනම ඔහු හම්බන්තොට බලා නික්ම ගියේය. ඇය වෙනත් අයකු සමග ඔහු හමුවට පැමිණෙයි.

ඇය

"මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි."

 වසර ගනනාවක ප්‍රේමයේ අවසන් ප්‍රථිපලය මෙයදැයි ඔහුට සිතුනා දැයි නොදනිමු. ඔහු ඒදිනම කොළඔ බලා විත් මාස කිහිපයකට පසුව දික්කාසද විය.

වසර ගනණාවක සරසවි පෙම, හාරමාසයක රැකියාව වෙනස් කලේය. මධුසමයට යන විටත් ඇයට දරු ගැබක් තිබූ බවට සැකය ඔහු තුල නිසිකයෙන්ම හටගත්තේ ඇය ඒ සුබ දිනයේදි රෝහල් ගතකරන්නට සිදුවුනු හෙයිනි.

රංග විසින් ලියූ "අසම්පූර්ණ ආදර කතාවක්" කියවිමෙන් මේ කතාව මතක් විය. වසර ගණනාවකට පෙර සිදුවූ සත්‍ය සිදුවිමකි.


වැප්

Sunday, March 6, 2011

ඉලන්දාරියා වෙනුවෙන්

සිංහල බ්ලොග් අවකාශයේ මෙන්ම, අනෙකුත් අන්තර්ජාල භාවිතයන් හරහාත්, ඔබ දැනටමත් ඉලන්දාරියා හෙවත් දිලුම්ගේ ශෛල්‍යකර්මය ගැන දන්නවා ඇති. ඔහු අවසානයට පල කල ලිපිය අනුව දැනට ලක්ෂ 7 කට ආසන්න මුදලක් එකතූවී හමාරයි. නමුත් ඉලක්කය වෙන්නේ ලක්ෂ 30 කට ආසන්න මුදලක්. බින්කූ ප්‍රමුඛ කන්ඩායම පේපැල් හරහා කරන්න පුලුවන් උපකාරය කර අවසානයයි සිතිය හැක. එලෙසම දූමීගේ සහයෝගයෙන් මැදපෙරදිග සිදුවන පැදුරු සාජ්ජයන් තාමත් කෙරිගෙන යනවා. ඊට අමතරව ඉතුරු වෙලා තියෙන්නේ අභීත‍‍ගේ නායකත්වයෙන් සිදුවන අවුරුදු උත්සවය. ඔය ප්‍රධාන වැඩ පිලිවෙලවල් වලට අමතරව, දිලුම් වෙනුවෙන් සැකසූ ආධාර ටිකට් පතක් අලෙවි වෙනවා මේ දිනවල. ඒ සඳහා ඔබ තවමත් සහභාගි උනේ නැත්නම් මෙතනට යන්න. ඔයිට අමතරව සිදුවන සුවීශේෂිම දේ තමයි ඔහුගේ බැංකු ගිනුමට හැකි පමණිනි මුදලක් බැර කිරිම.

අසීරු නොවන ඉලක්කයක් වෙත සීරුවෙන් යන ගමනට පුංචි තල්ලුවක් ලෙස මේ ලිපිය එක් කරන ලදී.

වැප්

Saturday, February 19, 2011

සසර


‍ඡායා රෑප අනුග්‍රය - දිමුතු

මුහුදෙන් මාලු අල්ලලා ඇති වෙලා,
වෙරළීන් මාලු අල්ලන්න
අයියා උස්සාහ කරනකොට,
අම්මා මාලු ටික විකුණනවා
දවසක දිවි ගෙට ගහගන්න.
නංගි අම්මා‍ගේ අඩිපාරේ ගියත්,
අක්කා මුහුද පැත්තට යන්නේ,
සසරින් එතර වෙන්නද?


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....