ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැහැ .. උත්තර පස්සේ දාන්නම්..
ජන ගී වල එක් අංශක් ලෙස තේරවිලි හැඳින්විය හැකිය. දෙදෙනෙකු අතර සිදුවන මෙම අදහස් හවමාරුව කුඩා කළ සිටම අපේ ජීවිය හා එක්ව පවතී.
තේරවිලි වලින් දැනුම ලැබේ. විනෝදයත් අතිවේ. නිර්මාණකරණයට හැකියාව ලැබේ. තේරවිලි ගද්‍ය පද්‍ය ලෙස දැක්විය හැකිය. කාලය අවස්තාව හ ප්‍රෙද්ශය අනුව තේරවිල්ලක් නොයෙක් අකාරයේන දැකිය හැක. මේ අතර තුන් තේරවිලි වැදගත් තැනක් ගනී
1.
ඇඟේ කටු නැති
අත් පා දෙක නැති
ලිස්සා ලිස්සා යන
මුතු නැති බෙල්ලා
පිළිතුර - ගොලුබෙල්ලා2.
පැණි රසයි සොයන්නේ
උණු දියයි නාන්නේ
ඔලුවෙනුයි නටන්නේ
කවුද මේ කියන්නේ
පිළිතුර - හැන්ද3.
කන්ද උඩින් සුද්දෙක් එනවා
එන්ට එන්ට මටි වෙනවා
පිළිතුර - ඉටිපන්දම4.
නොදිරන කොට දෙක
එළිවෙන කොට රැ වෙන කොට
තුන් දෙනෙක් යනවා
දොළොස් දෙනෙක් බලා ඉන්නවා
පිළිතුර - ඔරලෝසුව5.
ඉස්පිලි පහක් නමට යෙදෙන සතා
පිළිතුර - ගිණිකිකිළි6.
කෑවොත් පළතුරකි
වැළදුනොත් රොගයකි
පිළිතුර- පැපොල්7.
කොළ නැති ගස
පිළිතුර - මොග් ගස8.
හොරෙන් අරන් යන්නට බැහැ සුවඳ හමයි
හොද්දට මුසු නොවු කල රසගුණ අඩු වෙයි
අවුසදයකි නැටි කන්පෙති සිදුරෙ රුවයි
පඳුරක් නොවෙයි ගසකට තේරුවොත් අගෙයි
පිළිතුර -
හොරෙන් ගෙනයද්දි සුවදත් හමන්නේ
හොද්දට නොදැම්මොත් රස ගුණ අඩුවන්නේ
නැති බැරි අඟනුන්ගේ කන් පෙති සරසන්නේ
රම්පෙ නොවෙයි ගස කරපිංචයි වන්නේ
9.
ගස මුල කටු දෙකක් ආවයි ජයගන්ට
කඳ මුල තටු දෙකක් ආවයි ඉගිලෙන්ට
මුදුනෙන් මල පිපුණි ලස්සන විහිදෙන්ට
මෙතුන් පදේ තෝරනු හැකි පිබිදෙන්ට
පිළිතුර -
ගස මුල කටු පොර කටු දෙක නෙවේදෝ
කඳ මැද තටු ඉගිලොන තටු නොවේදෝ
මුදුනේ පිපුණ කරමල නෙවේදෝ
කුකුළට මෙතුන් පද බැදුනා නොවේදෝ
10
දාර දෙකක් එකපිට එක කර තැනුවා
පාර තිහක් තැලුවට බියකුත නැතුවා
කොන් සතරයි කනු සතරය ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ මගදි දුටුවා
පිළිතුර -
දාර දෙක්ක එක ළඟ එක ගැවසීය
පාර තිහක් තැලුවට බියකුත් නැතිය
වට පිට යන කලට කනු සතරින් යාය
මට දැනෙන ලෙසට මහ රජ ඉබ්බාය
11
නෙත් දෙක විනා නෙත් නින්දක් නැති සේමා
පා දෙක විනා පා ගමනක් නැති සේමා
මඩ බොර දියේ පණ රැත ගත්තා සේමා
මෙතුන් පදේ තොරන්නට බැරි හේමා
පිළිතුර -
වන්නතරේ ගල් උණුවෙනවා හේමා
ගමේ කම්මලේ මිටියේ වැඩ සේමා
මඩ බොර දියේ පල රැක ගන්නා සේමා
මෙතුන් පදේ කිවේ ගිරයට සේමා
12
සව් සිරි සපිරි මුදුනේ වැඩේන්නේ
නැව් පුරා රුවල් සුළඟට වැනේනනේ
ගව් ගණත් ගොසින් මහතුන් දකින්නේ
මව් මාරා උපන් කුමරා කියන්නේ
පිළිතුර -
සව් සරා සපිරි මුදුනේ වැඩෙන කල
නැව් පුරා රුවල් සුළඟට වැනෙන කල
ගව් ගණන් ගොසින් මහතුන් දකින කල
මව් මරා උපන් කුමරා කෙසෙල් මල
13.
සස්සඳ සසඳ ගල පල්ලේ උපන්නේ
ඹලුව නැතිව කඳමයි සාප දෙන්නේ
නෙත් දෙක උඩ බලා බිම ගොදුරුයි කන්නේ
මෙතුන් පදේ තෝරාලා කියන්නේ
පිළිතුර -
සස්සඳ සසඳ ගලපල්ලේ උපන් සතා
ඔලුව නැතිව කඳමයි සාප දුන් සතා
නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා
දැනගත් මිතුර කක්කුට්ටා නෙවෙද සතා
14
නාග ලොවේ සිට මිනිහෙක් ඇවිදින් බෙල්ල කැඩිලා ගෙයි
තව එක මිනිහෙක් ගසින් වැටිලා හතරට පැලිලා ගෙයි
තව එක මිනිහෙක් ගින්නට දාලා වැස්සට තෙමිලා ගෙයි
යන මේ තුන්දෙන සමගි කරන්න මැරිච්ච මිනිහෙක් එයි
මේ ටික මට හමු උනේ අර කියපු කඩදාසි කවරයේ තිබිල. එහන්ද 14 වන තේරවිල්ලට මට උත්තර නැහැ. අනික් එව්වට උත්තර සඳුදාට දාන්නම් ....
මම දන්න එව්වා. මට මේ තුන විතරයි මතක .. දන්න එව්වා තියනවා නම් ලියන්න .. අපි අපේ දේ සුරැකිය යුතුයි ..
15.
නැට්ට නැති ගෙඩිය
පිළිතුර - බිත්තර ගෙඩිය16.
අලිය නොයන මග
පිළිතුර - ඉණිමග
17.
අලිය නොකන දල්ල
පිළිතුර - ගිනි දල්ල18.
කැපුවොත් හිරේ
කෑවෝත් බඩේ
පිළිතුර - බෙලිවැප්