Sunday, September 26, 2010

මට මතකයි .......................

කතාවක් නැහැ ගාම්භීරයි
සිනහවත් ඇත නිහඬ බවමයි
සොයා බැලුවේ මා දිවිමගයි
ඔබ මගේ දිවිකතර ඇරඹුමයි


ඉදීන් මා ජව බලයි, නිදහස අදහස සිත් දරයි
කිසිවිට නෑ උදහස, නිරතුරු ඔබ පෑ සෙනෙහසයි
ඉවසුවේ ඔබ නොවෙද, මා ඔබේ පුතු බැවින
මා ඔබට ණයගැතියි, සැමදා ඔබ ගුණ පුදයි


එදවස මා නොවෙද, ඔබ අත්ලේ එල්ලී දැවටුනේ
මෙදවස මට බැරිද, මා අත්ල දවටන්න ඔබ සිතේ
සැමදා පුදන්නට ඔබ පා, හැකිය මට දැන් සිත් සේ
මුමුණන්න අවසරයි , ඔබේ පෑ ගුණ කඳ රිසි සේ 


මා තුරුණු වියටයි
ඔබ මහලු වියටයි
මේ සසර ගමනයි
ඔබ මගේ ජීවයයි


වැප්

Saturday, September 11, 2010

බස් එකද බුකීයද

ඔන්න ඉතින් දැන් සති දෙක තුනක වෙලේ ඉදන් බ්ලොග් බැලිල්යි කමෙන්ට් කිරිල්ලයි ඔක්කම අභිමවමින් නැගලා යන වැඩක් තමයි බස් එකේ යෑමයි බුකීයේ රේස් දැමිමයි. දැන් කට්ටය බලයිද දන්නේ නැහැ මොකක්ද මේ බුකිය මොකක්ද මේ බස් එකයි කියලා. ආ ගන්න ගන්න එපා මේ කිව්වේ ගුගුල් Buzz එකයි මුහුණු පොතයි. රයිටෝ දැන් මන් මොනවද මේ දෙකේ කරන්නේ...... ඇ මන් විතරද අප්පේ, නැහැ නැහැ පට්ට සෙට් එකක් ඉන්නවා මේවා විතරක් තම ජවීතය කරගත්ත. ඔය දෙකෙනුත් බස් එකේ යන එක තමයි නැගලා යන්නේ. බුකියේ රෙස් දැම්ල්ලත් නරකම නැහැ. මඩ කියන්නේ එහෙම මඩක් දැකලා නැහැ කොහෙවත්.

බස් ගැන කතා කලොත්,අපරාදේ කියන්න බැහැ උදේම ආපු කෙනා දානව බස් එකපාරට, මගින් පොඩ්ඩක් ස්ලෝ කරලා කට්ටය නග්ග ගන්නවා. ඔය අතරේ පාස් වලට,යි සිසන්වලටයි, හා එවෙලේ ටිකට් කඩලා විතරක් නෙමෙයි හොරාට යන එවුනුත් ඉන්නවා. ඒ විතරයෑ කැස්බෑවොත් ඉන්නවා. ඔය යන අතරේ සමහර වෙලාවට අධික වේගෙයෙනුත්, දවල් කෑම වෙලාවට ඉබිගමනිනුත් තමයි යන්නේ. දවසකට සමාන්‍යයෙන් කිලෝ මිටර් 500 ය පන්වනවා. ඒ කි‍ව්වේ කමෙන්ට් ගාන තමයි. ගුගල් කාරයා කමෙන්ට් 450 ක් විතර පන්නපු ගමන් ඒ බස් එක කඩලා දානවා. ඉතින් කට්ටය දනි පනි ගාලා ඊලඟ බස් එකට නගිනවා.... අපරාදේ කියන්න බැහැ ඒකත් යනවා මාර ස්පීඩ් එකේ.

කිසිම වෙනසකින් තොරව මඩ ටික එහාට මෙහාට යනවා. අපරාදේ කියන්න බැහැ එකාට එකෙක් පරදින්නේ නැහැ. ඔය අතරේ වැදගත් දේවලුත් කතා වෙනවා. වැදගත් කියන්නේ කිසි වැදගැම්මකට නැති දේවල්. මාතෘකාව එකක් කතා කරන්නේ තව එකක්. වයස බේදයක් නැහැ ඇන්ටිලා අංකල්ලා චමින්දලා චමිලලා හිච්චි එවුන් ඇට්ටර එවුන් පැහිච්ච චමියලා එකී මෙකී නොකී හැම එකාම ඉන්නවා. ඔය අතරේ ඉස්සෝ වඩේ, කඩල චුයිංගම් විතරක් නෙමෙයි පිට් පොකැට් කාරයොත් නගිනවා. හප්පේ එපා වෙන කොස් එක තමයි බීපු එවුන් නගින එක. නැග්ග වෙලේ ඉදන් සින්දු කියනවා අහගෙන ඉන්න බැහැ .......... අහගෙන ඉන්න නෙමයි බලා ගෙන ඉන්නන බැහැ.

ඕන් මන්යනවා .......... බස් එකක් තිබ්බොත් ගොඩ වෙන්න එපෑ ............

තව පොඩි දෙයක්

බ්ලොග් ලියන, නොදුටු මිතුරන්ගේන් දැකපු 4 වැන්න වූ " අන්තර්ජාලයේ මගේ බිත්තය " ලියන පැතුම් අයියා විසින් රචිත "පරිණමයේ වේදනවා හා වෙනත් කතා " යන කෘතිය ලබා ගැනීමට අද ඔහුව හමු විය. 

http://biththiya.blogspot.com/2009/12/blog-post_27.html 

මම වසර ගනනාවකට පසු කතා පොතක් කියවමින් බස් එකේ යන ගමන් :OPD

වැප්

Saturday, August 21, 2010

ත්‍රීවීල්කාරයෙක් වන්නට කැමැත්තෙමි .............

හන්දියේ ඉඳන් .......
ගමේ ඔපා දූප ටික සොයන්න ........
මිනිස්සුන්ගේ හැසිරිම් අධ්‍යනය කරන්න ...........
රටේ සියලුම සංවර්ධන කටයුතු වලට උපදෙස් දෙන්න ...........
බජාර් එකේ පක්ෂ විපක්ෂ මතවාද මත ගැටුම් ඇති කරගන්න ..............
වෙසක් එකට ගැන්සි ගැහිලා මහා බත් දන්සල් දෙන්න ..........
අතර මගදි  තවත්  හයර් එකක් යන්න ..............
ක්ෂණයෙන් උදව්වට යන්න ...........
කැමතියි මන් ...........

කොහෙද තියෙන්නේ ත්‍රීවිල් ඇබැර්තුවක්
කොම්පියුටර් කාරයෙක්ට?
කෙනෙක් ඉන්නවද ත්‍රීවිල් එකේ හයර් යන්න
හිකිස් ලොල් විතරක් දන්න?
හයර් හොයන්න පුලුවන්ද ගාස්තුව 
පේපැල් වලින් ගෙවන?
හදිස්සියට උදව් ඔනා අය ඉන්නවද
ටුවිටර් පාවිච්චි කරන?
කාටහරි ගමේ රස ඔපාදුපා ඔනේද
මේ දැන් ගුගල් කරපු?


පාර ගුගල් මැප් එකෙන් හොයන්
සින්දුවක් යුට්යුබ් එකෙන් දාගෙන
චැට්ටයක් FB බිත්තියෙන් දමාගෙන
හයර් යන්න එන්න මාත් එක්ක :D

වැප්

Monday, August 16, 2010

අපරාදේ ඒ හීනේ .....................

එකලෙස දැනුනට හදේ තනිකමක් - කෙලෙසට පවසම් හිතේ පාලුවක්
නැතිකල සිත තුල දුක් බර හැඟුමක් - කොහොම කියන්නද රසකර ගීයක්

වෙනදා දැක නැති හැමදා විඳ නැති -   රසබර අමුතුම පැතුම් පොදක්
හෙමිහිට ගෙන මා දෝත දරා - සොයනෙමි  ඇය බව සසර පුරා

ගී පද හෙව්වා කවි පද ගෙතුවා - සිත මා හැඟුමන් ගඟුලක පා කරලා
සුලඟත් හැමුවා සුවඳත් දැනුනා - හද මා පොපියන සුසුමන් නහවා

කවදා හමු වේ කෙලෙසක හමු වේ - නිම නැති කැරකෙන සසර පුරා
හිතුවා මා හද, පැතුවා මා සිත - සැනකින් හමුවට ඇය එන්න කියා

ආ විට පවසමි, සැමදේ කියනෙමි - ලං වී හෙමිහිට ඇගේ කණට හොරා
සුව නින්දේ සුභ සිහිනේ මග අතරේ - හනිකට ගැස්සි අහැරුණි රැ තද නනිදේ :D


වැප්



Sunday, August 8, 2010

කම්මැලියෙක් කතා කරයි ...........

ෆා ගේ ඉල්ලීම පරිදි ලිපියේ මතෘකාව වූ  'කම්මැලි කම' යන්න 'කම්මැලියෙක් කතා කරයි'  ලෙස වෙනස් කරන ලදී. [ කම්මැලි වැඩ :D ]


කාලෙකට පස්සේ මේ සති අන්තය බොහෝම කම්මැලි විදිහට තමයි ගෙවිලා යන්නේ. සෙනසුරාදා ඒ කියන්නේ ඊයේ මාරම කම්මැලි දවසක් උනා. කරන්න මෙලෝවැඩක් නැහැ කම්මැලිකමට. නැතුව නෙමයි, කරන්න කම්මැලියි. වැඩ නම් තියනවා ඔන තරම් එත් කරන්න හිතෙන්නේ නැති තරමට කම්මැලියි. හිතුවා ඉරිදා නම් කම්මැලිකමක් නැති වෙයි කියලා. බැලින්නම් අද ඊටත් වඩා කම්මැලි දවක්. හපොයි මෙහෙමත් කම්මැලි කමක්. කම්මැලි කමට කරන්නේ මොනවද කියලා හිතන එක ඊටත් වඩා කම්මැලි කමක්. ඇත්තටම මට විතරද මෙහෙම කම්මැලි කමක් හිතෙන්නේ. ඕක කල්පනා කරන එකත් මට කම්මැලි කමක් උනා. ඒ හන්දා කම්මැලි කමට ඒ වැ‍ඩෙත් අත ඇරලා දැම්මා. ටික වෙලාවක් එක දිගට 'කම්මැලිකම 'කම්මැලිකම' කියාගෙන කියාගෙන ගියාම කම්මැලිකම කියන වචනේ තේරුම අමතක වෙලා ගියා. දැන් කම්මැලිකමේ තේරුම හොයන එක මහ එපා කරපු කම්මැලිකමක් උනා.

කම්මැලිකම යන්න කියලා ලිපියක් දාන්න කියලා කී පරක් හිතුනද. හිතන හිතන හැම වාරෙදිම කම්මැලි කම ඉස්සරහට එනනවා. ඉතින් මං කම්මැලිකමට ලිපිය ලියන එක කල් දැම්මා. ඒකත් මහ කම්මැලි වැඩක් මොකද  කරන්න තියන වැඩක් කල්දානවා කියලා හිතන එක මට කම්මැලිකමක් උනා. ඒපාර කම්මැලිකම පැත්තකින් තියලා මේ ලිපිය ලියාගෙන යනවා. හැබැයි මේක ලියාගෙන යනකොට කම්මැලිකමක් ආවොත් ලිපිය මගින් නතර වෙයි. එතකොට මේක කියවලා ඔබටත් කම්මැලිකමක් ඇතිවෙයි. මොනවා කරන්නද කම්මැලිකම කියන එක අපි කටත් පොදු දෙයක්නේ. මොකද මටයි, කියවන ඔබටයි විතරක් නෙමෙයිනේ කම්මැලිකම ඇතිවෙන්නේ නේද?

කම්මැලිකම ඇතිවෙන්නේ ඇයි කියලා හොයන්න හිතුනා. ඒ පාර මෙන්න ආයිත් මට කම්මැලිකමක් අවා. ලත්තැනම ලොප් උනා කම්මැලිකම ගැන හොයන එක. මේක මහ පුදුම කම්මැලිකමක් නොවැ, මෙලෝ දෙයක් කරන්නන ඉඩ දෙන්නේ නැහැ කම්මැලිකම පනිනවා මැද්දෙන්. අනේ හැබෑටම මේ කම්මැලිකමට හිතෙන්නේ නැද්ද කම්මැලිකමක්? එහෙම හිතෙනවා නම් කෝච්චර හොඳද කම්මැලිකම කියන එක. එහෙනම් අපි කවුරුත් කැමති වෙයි කම්මැලිකම අපි ලඟට එනවට. එත් හැමදාම හැමවෙලාවෙම කම්මැලිකම එන්න ගියාම ඒක ඊටත් වඩා කම්මැලිකමක් වෙයි නේද?

ඇතුවත් බැරි නැතුවත් බැරි කම්මැලිකම එන වෙලාව හරියටම කියන්න බැහැ. ඒ කම්මැලිකම එන වේලාව හොය හොය හිටියොත් දන්නේම නැතුව  කම්මැලිකම ඇවිත්. කම්මැලි වෙලාවට කම්මැලි කමට කම්මැලි කමක් ගැන කම්මැලි විදිහට ‍ලියපු කම්මැලි ලිපිය කියවලා කම්මැලි වැඩිකමට, කම්මැලි ගතිය පෙන්නවන කම්මැලි ඈනුම් නම් අරින්න එපා.

වැප්

Wednesday, August 4, 2010

මේ ඇයමද?

සුදු මුහුණේ ලස්සනට - කොනින් කොන වම් අතට
ලස්සනට දික් අතට - කලුලපය  නිකට ලඟ උඩු අතට
කෙහෙරැල්ල  ඉන ලඟට - දසන් පෙළ එක දිගට
දකින විට දුර තියා මගේ නෙතට - දෙවෙනි නැහැ දෙව් ලොවක දෙවඟනට

අනේ දැන් ඈ කොයිද?  මේ ඇයද? වෙන කවුද?
පෙම් බැන්ද මගේ හිතම අද නැද්ද අඳුනන්නේ ඇය?
කෝ කොයිද අප ගෙතූ ඒ හිතලු පොත?
පෙරලන්න, දැන ගන්න ඇයමද මේ දකින ඇය?

දකින පිටු අතර ඇති ඒ මුහුණ අද නැහැ
කලු ලපය ඒ ස‍ඳේ අනේ අද එළිය නැහැ
කෙස්වැටිය කර ලඟට දසන් පෙල එලෙසටම
මේ ඇයද කියා මට වැ‍ටහෙන්නේ නැහැ

කාලයක් ගොසින් ඇත - තනියෙන්ම ඉඳින්නට ඇත
මරණයට ලංව ඇත - තනියෙන්ම යන්නටම වෙන
අප පැතූ ආදරය - එක්ව මැවූ ලෝකයම
අදත් ඇත හදතුලම - හමු වු මේ විරාමය තුල

වෙන්වුනු දවසේ  සිට - හමු වු මේ මොහොතට
‍තනි තනිව හිටිය අප - එක්වන්නට පින් කලා මදි
නැවත මට අවසරයි වෙන්වෙන්ට  - තෙරක් නැති මේ සසර තුල


වැප්

Saturday, July 24, 2010

HACCP කියන්නේ මොකක්ද?

වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන්

එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්න ඔනා කියලා හිතුන හින්දා ඕන් අද මේක ලියනවා. මේක ටිකක් විතර බර වැඩිද මන්දා. ඇත්තටම කිව්වොත් මාත් එච්චර බර වැඩි ලිපි වලට කැමති නැහැ. ඒත් ඉතින් මේක දැන ගෙන ඉන්න එක වටිනවා. අඩුම ගානේ මෙහෙම එකක් තියනවා කියලා දැන ගන්න එකවත්. හරි කෙලිනම් මාතෘකාවට එමු.

මොකක්ද හැසප් කියන්නේ HACCP - Hazard Analysis and Critical Control Points

අර්ත දැක්වීම - [ දායකත්වය - විකි ]
Hazard Analysis Critical Control Point (HACCP) is a systematic preventive approach to food safety and pharmaceutical safety that addresses physical, chemical, and biological hazards as a means of prevention rather than finished product inspection.

භෞතිකව, රසායනිකව හෝ ජීව විද්‍යත්මකව, ආහාර හෝ බෙහෙත් වල ඇතිවිය හැකි විෂමතාවයන් වලක්වාලීම හා එසේ විය හැකි තත්වයන් කලින් අඳුනා ගැනිම. [ මේක වැප්ගේ සිංහල අර්ත දැක්වීම :D ]

මට තේරෙන සරළ සිංහලෙන් කියනවා නම්, මේක අදාල වෙන්නේ අපි කන බොන දේවල් වලටයි ඖෂධ වලටයි තමයි. ඒ කියන්නේ අපි කන බොන හෝ බෙහෙත් වලන් අපේ ශරිරයට විය හැකි කරදර නැති කර ගැනීම. සරළ උදාහරණයක් කිව්වොත්. හාල් වල ගල් තීබිම. මෙක නිසා අපේ දත් කැඩෙන්න පුලුවන්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ........... ආ හෝව් හෝව් ........ කියන්න බැරි උනානේ මේක මෙන කෙහෙල් මලක්ද කියලා තාම


හරි HACCP කියන්නේ හරියට ISO 19000 හෝ 20000 වගේ තත්ව සහතිකයක්. මේක දෙන්න වෙනම ආයතන තියනවා. ඒ වගේම අන්තර් ජාතික ප්‍රමිති කරණයක්. හැබැයි තියෙන්නේ කන බොන හෝ ඖෂධ වලට නැත්නම් මිනිසාගේ ශරිර සෞඛ්‍ය නිසිපරිදි පවත්වාගෙන යාමට. ම්ම් ඔය ඇති.

මෙතන කාරනා දෙකක් තියනවා, එකක් තමයි Hazard Analysis (විෂමතාවයන් විශ්ලේෂණය). අනික තමයි Critical Control Points ( යමක පැවතිය හැකි අවම අගය ).

මුලින්ම ගමු Hazard Analysis (විෂමතාවයන් විශ්ලේෂණය)
මේ කෑල්ල ඉතින් විශ්ලේෂනය තමයි. මේක වඩා වැදගත් වෙන්නේ අලුතෙන් නිශ්පාදනයක් වෙළඳ පලට හඳුන්වලා දෙනකෙට තමයි. මොකද කියලා කියනවා නම් එතකොට පුලුවන් ඒ නිශ්පාදනය නිසා අපට වෙන්න පුලුවන් හැම ආකාරයකම වින්නැහියක් හඳුන ගන්න. උදාහරණයක් විදිහට කියනාව නම් හිතන්න, අපි පටන් ගන්න යනවා පකඩ නිශ්පාදන කර්මාන්ත ශාලාවක් [ පකඩ දන්නේ නැත්න්ම් නිකන් හිටපල්ලා :D ]. මෙතනදි අපි සලකා බලනවා මේ නිශ්පාදනය අතර තුරදි ශරිරයට අහිතකර දේවල් වෙන්න පුලුවන්ද කියලා. තව දුරටත් කියනවා නම් මේකත් එක්ක යම් විදිහකින් වැලි කැට පැකට් වෙන්න පුලුවන්ද කියලා. ඒ කිව්වේ නිශ්පාදනයේ මොන යම් අවස්ථාවක හරි පකඩයි වැලි කැටයි එකට පැකට් වෙන්න පුලුවන්ද කියලා. බැරි වෙලාවත් එහෙම ඉඩ කඩක් තිබුනොත් අන්න ඒ අවස්තාව මග ඇරලා නිශ්පාදනය කොහොමද කරන්නේ කියලා ආයිත් නිශ්පාදන ක්‍රියාවලිය වෙනස් කරනවා. එහෙම නැත්නම් තීරනයකට එනවා එක පැකට් එකක වැලි කැට 5 ක් තිබිය හැක කියලා.

දෙවෙනි එක - Critical Control Points ( යමක පැවතිය හැකි අවම අගය )
දැකලා තියනවාද ගෙදරට ගේන සමහර කන බොන එවෑ තියනවා මේච්චර උෂ්නත්වයක රත් කරගන්න කියලා. අන්න එක තමයි Critical Control Points කියන්නේ. අපි ඊට වඩා අඩු හෝ වැඩි උෂ්නත්වයට මේක පාවිච්චි කලොත් අපේ ශරිර කුඩුව ලෙඩ වෙන්න පුලුවන්. එවගේම ඒක වැඩි පුර රත් ‍කලොත් එකේ තියන ගුණාත්මක භවය උනත් නැති වෙලා යනවා.

දැන් ඉහත කරුණු දෙක ලාවට වගේ මොලේට යන්න ඇති. මේක එකපාරක් කරලා නවත්වලා දාන ක්‍රීයාවලියක් නෙමෙයි. මේක කරුණු හතක් පදනම් කරගනිමින් ඉදිරියට තව තව වැඩි දියුණු කිරිම් වලට භජනය කරනවා.එවා ඔනා නැහැ. ඔනා අය ඉන්නවා නම් ඉහත විකි බැඳියට ගොඩවන්න :D


යම්කිසි කෑමකට මේ හැසප් සහතිකය තියනවා නම්. ඒ අදාල කර්මාන්ත ශාලවට මෙන්ම පාරිබෝගික අපිටත් වසි තියනවා. ආයතනයට නම්බුවක්, ඒ එක්කම මේ සහතිකය පෙන්න පෙන්න අලෙවිකරණය ( මාකටිං) කරගන්න පුලුවන්. අහිංසක අපිට ඉතින් බය නැතුව කන්න පුලුන් ඒ කෑම. මොකද ෂුවර්නේ මේක කැවොත් බඩ යන්නේ නැහැ කියලා :D

ඔන්න ඔකයි කතාව කෙටියෙන්. මීට පස්සේ කෑම බීම බෙහෙත් ගද්දි බලන්න හැසප් සහතියක ලත්ද කියලා.

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....