Sunday, December 26, 2010

ලංකාවේ මාකටිං/ප්‍රචාරණ සංකල්පය වෙනස් කල යුතුයි.

ඈත අතීතය ගැන කතා පැත්තකින් තියලා මෑත අවුරුදු 20 ක 30 ක ඉතිහාසය හා වර්තමානයේ ලංකාව තුල අලේවිකරණ සංකල්පය හෙවත් මාකටිං පිළිබඳව මට දැනෙන විදිහට එක දිශාවක් ඔස්සේ පමණක් කතා කරන්න තමයි අද හදන්නේ. අලෙවිකරනය එහෙමත් නැත්නම් සරළ භාෂවෙන් කිව්වොත් මාකටිං, බඩු බහිරාදිය විකීණමට පමණක් යොදාගන්න සංකල්පයක් නොවෙයි. අද වන විට ලංකවේ සේවා හෝ විවිධ සමාජීය ව්‍යපෘති සඳහාත් මේ සංකල්පය යොදගන්නවා. සරළ උදාහරණ කිව්වොත් වෙසක් එකට දන්සැලක් දෙද්දි පුවක් ගහක් හිටවනවා සති දෙක තුනකට කලිං. නැත්නම් බැනර් එක්ක දානවා පාර පටන් ගන්න තැනින්. දේශපාලනයට බර දන්සැලක් නම් රූපවාහිණියේ ගුවන් විදුලි මධ්‍යත් යොදාගන්නවා. දන්සැල කියන සරළ ප්‍රදේශයකට පමණක් සීමා වෙච්ච දෙයක් , මුලු ලංකාවම දැනුවත් කල යුතු දෙයක් නොවෙයි. නමුත් ප්‍රචාරණය තුලින් වෙනත් ලාභ ප්‍රයෝජන තකා තමයි ප්‍රචාරණයට පහසු වෙනත් මධ්‍ය භාවිත කරන්නේ.

මෙන්න උදාහරණ ටිකක් ලාංකාව් වර්තමානයේ කොහොමද විවිධ ආයතන තම තමුන්ගේ භාණ්ඩ හා සේවාවන් ප්‍රචලිත කරගන්නේ හා වර්ධනය කරගන්නේ කියලා.

1.ශ්‍රී එෆ් එම් - කනා මැදිරි රාත්‍රිය.
නාගරිකයන්ට හා අර්ධ නාගරිකයන්ට මේක ඇහෙන කොට හරියට නිකන් නයාට අඳුකොළ වගේ. නමුත් තවමත් ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ඝනත්වය වැඩියි. ඒම නිසා යම් යම් නිරික්ෂණ සංගනන හෝ විශ්‍ලේෂනයන්ට අනුව තවමත් ගුවන් විදුලිය අසන බොහෝ රසිකයෝ ඉන්නේ ගම් වල. ඒ අය දිවා කාලයේදි කෘෂිකාර්මික කටයුතු කරලා හවස් වෙද්දි ගෙදර ඇවිත් කාන්සිය මාන්සිය යන්න ගුවන් විදුලිය තමයි යොදාගන්නේ. මේන්න මේ සරල හිඩැස පුරවන්න ශ්‍රී එෆ් එම් එකට පුලුවන් උනා. එකනේ දැන් ඔය තව වෙනත් නාලිකාත් ඒ වැඩේම පටන් අරන් තියෙන්නේ.

2.අලියා බීම පොඩි ලොකු බෝතල්
බීම හෝ පැනි බිම කියන වර්ගයන් බොහෝ අලේවි වෙන්නේ පායන කාලවලට, මෙන්න මේ කාලෙට අලිය මිලි 400 බෝතල් කඩ වල අඩුයි. හැබැයි අර පොඩි බෝතලය ඕන තරම්  තියනවා. මිලි 400 බෝතලය දෙන්නෙක් අරං බිව්වට, අපේ එවුන්ට පුලුවන්ද ‍පොඩි බෝතල් එකක් දෙකට බෙදාගන්න. ඒ හන්දා අනිවර්යයෙන්ම ‍ලොකු බෝතල් නැති හින්දා ඒ වෙනුවට පොඩි බෝතල් දෙකක් ගන්නවා,  දෙන්නෙක් මේ පායන කාලයක කඩේට ගියොත්.

3.එකක් ගන්නකොට තව එකක්
තීන්ත විකුණන ප්‍රසිද්ධ සමාගමක, තින්ත හදද්දි එක් තීන්ත කලවම් කරන බැරල් එකකට දඩූ ලේනෙක් වැටුනලු. දැන් මේ තින්ත බැරලයේ පුරාවට දඩු ලේන් මයිල්. මේක විසික් කරන්නත් බැහැ. ඒ හන්දා ඒක වෙළඳ පොළට නිකුත් කලා, තීන්ත ලීටරක් සමග තීන්ත ගාන බුරුසුවක් කියලා. 

ඉහතින් සඳහන් කලේ විවධ වර්ගයට අයත් සරල උදාහරණ තුනක්. ඒ ඒ අයාතනයන් කොහොමද තමුන්ගේ ජනප්‍රියතාවය හෝ අලෙවිය වැඩි කරගන්නේ යම් යම් උපක්‍රම මගින් කියලා. පේනවා නේද කූට උපක්‍රමත් තියනවා කියලා.

දැන් බලමු ලංකාව තුල කොහොමද විවධ වූ සාමාජීය ස්තරයන් පවතින්නේ කියලා. වැඩිපුරම ඉන්නේ රූපවාහිනයට ඇබ්බැහි වුනු පිරිසක්, ඊලඟට ගුවන් විදුලිය, තව කොටසක් පුවත් පත්. දැන් දැන් ගොඩ නැගෙමින් පවතින හා ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින්නේ අන්තර්ජාල මධ්‍ය. මේ එක් එක් මධ්‍ය කරා රොක් වෙන පිරිස සිතන පතන ආකරය වෙනස්. එම නිසා ඉදිරියේදි ආයතන හා සංවිධාන වලට එන ප්‍රධාන ගැටලුව තමයි, මේ එක් එක් ස්තර සඳහා වෙනස් වූ උපක්‍රම භාවිතය. මොකද එකම දේ උනත් මාකට් කරද්දි භාවිත කරන ප්‍රචාරක උපක්‍රම වෙනස් වෙන්න ඔනේ.

සරළ උදාහරණයක් මේ විදිහට කිව්වොත්, දැන් ඔය සංගීත ප්‍රසංග තියනවානේද? බලන්න ගායකයන්ගේ නම් දාද්දි කොහොමද දාන්නේ. තාරුණ්‍යය/ බස් සින්දු / සම්භාව්‍ය ගීත / සරල / රාගීක මේ ඔක්කොම කලවමේ. එතකොට ඒ ඒ අය එන්නේ ඒ ඒ අදලා කොටස සඳහා. නමුත් අන්තිමේදි සෙනග පිරිලා සංගීතේ බලන්න.

අලෙවිකරණයත් සාර්තක වෙන පාරිභෝගිකයත් නොරු‍වටෙන ප්‍රචාරණයේත් හොඳම පල ප්‍රයෝජන ගැනීමට නම් සිදුවිය යුතු එකම දේ සමාජය දැනුවත් වීමයි. බලන්න දැන් සමහර උදාහරණ තියනවා සමාජයේ පතුලට කිඳා බැහැලා, 

සෙරප්පු කිව්වොත් - බාට දෙක කියලා
ඔලුව කැක්කුම - පැනඩෝල්
ජංගම දුරකතන - සෙල්ටෙල් - මේක නම් පරණ එකක් දැන් නම් සෙල්ටෙල් කියන දේ මේ කජු කිරි කොල්ලෝ දන්නවයෑ :D 
කූජීත චැනල් එක - සිරස :D

අපිට අදාලව
අන්තර්ජාලයේ සෙවිම් - ගුගුල් කරනවා
බ්ලොග් අවකාශය තුල පරණ සින්දුවක් නම් - හද ගී පොත
ෆිල්ම් එකක් නම් - බයිස්කෝප්
බේබදු නම් - මේවා පුරවගන්න :D

ඉහත උදාහරණ වල වැදගත්ම එක තමයි සෙල්ටේල් කියන එක. ඔවුන් එච්චර තැනක් තිබිලත් ඒ තැන රැකගන්න බැරි උනා. මේ ලිපියෙන් කිය උනේ දැනට තියන තත්වය, ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම් කොහොමද අලුත් සංකල්ප තුලින් එක් එක් ස්තරයන් ජයගන්නේ කියලා. හැබැයි ඉතින් මගේ දැනුම පාරසය තුල පමණයි ඕන් :D

වැප්

13 comments:

  1. නියම ප්‍රවේශයක් මචෝ... මේ ගැන උඹට ඕන තරම් කතාකරන්න කැපෑකුටිය තියෙනව කියල හිතෙනව මේක දැක්කම...

    අර කිඳා බැහැපු ගොඩට ඔය සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කීපයක්ම දාන්න පුළුවන්, සන්ලයිටි, විම් වගේ... ඒවයෙ නිෂ්පාදනය වෙනස් වුණාට කඩෙන් ඉල්ලන්නෙ කෙලින්ම බිස්නස් නමෙන්!

    ReplyDelete
  2. Marketing class ekakata giya kajukiri kollekge palamu dawase desane ahala liyapu post ekakne me...

    ReplyDelete
  3. ඕකට කියන හරි වචනේ Brand Loyalty නේද? මොකක් හරි Brand එකක ඉමේජ් එක අපිට කඩේකට ගිහින් බඩුවක් ගන්න යනකොට ඉබේටම එනවා.
    උදාහරණයක් විදියට Computer Processor නං ඉන්ටෙල්...
    ඒ වගේම වර්තමානයේ ගොඩක්ම පාවිච්චි කරන මාකටිං ආකාරය තමා "ගරිල්ලා මාකටිං" ටෙක්නික් එක. වැප් ඒක ගැනත් මොනාහරි ලිව්වොත් වටිනවා...

    ජය වේවා...

    ReplyDelete
  4. මාකටිං ගැන නියම විග්‍රහයක්.අර කලින් සඳහන් කරපුවටනම් කිසිම ප්‍රචාරණයක් ඕනෙ නැති තරමට මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක බැඳිල තියනවා.

    ReplyDelete
  5. සිරාවට.. එටිසලාට් ඇඩ් එකක් දැකලා සෙල්ටෙල් කියන වචනෙ ගැන මේ අදත් ගෙදර කතා උනා. ඉස්සර කාලේ ඉතිං මොබයිල් පෝන් කියලා වචනයක් තිබ්බෙ නෑනෙ :D

    ReplyDelete
  6. අඩෝව්..
    අහුවෙය වෙලාවක මං තෝව කොටස් වශයෙන් අලවි කරලා පෙන්නන්නේ..?හරිද..?

    ReplyDelete
  7. කතාවත් ඇත්ත තමයි. දේශපලනෙත් හොයාගන්න නැද්ද මොචෝ ?

    ReplyDelete
  8. මේ ගරිල්ලා මාකටින් ගැන සදහනක්.

    ගරිල්ලා මාකටින් සමගින් ආතල්

    ReplyDelete
  9. යෙහෙළියකගේ දුවක් ඉතාලියේ දී ඔය මාතෘකාව ගැන නිබන්ධනයක් ලියා ඉවර කළා විතරයි. හතර වටේ හොය හොය දිව්වා විස්තර. වැප් සටහන චුට්ටක් කළින් දැම්මා නම් එයාටත් වටිනවා. කොහොම වෙතත් විමර්ශනය පංකාදු පහයි!

    ReplyDelete
  10. ලෝකයත් එක්ක බලනකොට අපි කොතැනද ලෝකේ කොතැන ද...

    පා​ඩම දිගටම කැරගෙන යමු...... පුළු පුළුවන්විදියට සහාය දෙන්නම්...

    ජයවේවා....!!

    ReplyDelete
  11. මාකටියර්ස් ලා වැඩිපුරම ටාර්ගට් කරන්නේ පාරිභෝගිකයින් ගේ මෝඩකමයි! හොඳම මෝඩයෝ තමයි හොඳම කස්ටමර්ස් ලා.

    ReplyDelete
  12. මමත් වස්ගමුවෙ එක වරක් ගිහින් තියනවා. මතකය අලුත් වුනා
    මැණික්(සුළඟ)

    ReplyDelete
  13. check http://srilankantravellers.com/sinhala for sinhala trip reports

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....