ලඟ ලඟ එනවා සීතල උඳුවප් මහ. ඒ එක්කම වර්ෂයක අවසානය, නැවුම් අදහස් එකක් අලුත් වර්ෂයක උදාව. දෙසැම්බරය, නත්තල් සමය රටම උත්සව සිරියක් ගන්වන කාලයක්. මේ කාලෙට ලංකාවේ ඔක්කොටම නත්තල් තියනවා. සෑම නගරයකම පෙට්ටි කඩ, පේමන්ට් කඩ බිහි වෙනවා. නගර තද බදය වැඩි වෙනවා. මිනිසුන් මොන මොනවාදෝ හොය හොයා හන්දි ගානේ දුවනවා. යනවා මලු පුරවා ගන්නවා එනවා. හරියට අර වැහි කාලෙට කලින් කූඹී කෑම රැස් කරනවා වගේ.
ඇඳුම්, හරියට මේච්චර කල් ඇන්දේ නැහැ වගේ ඇඳුම් කඩ වල සෙනග, හවුස් ඔෆ් ෆෑෂන් එක ලඟ පෝලිසිය දානවා සෙනග හසුරුවන්න. ෆැෂන් බග්, නෝලිමිට් වලට සෙනග ගන්නේ කඩින් කඩ. මිනිස්සු පෝලිමේ බලං ඉන්නවා ඇතුලට යන්න, සමහර වෙළඳ සල් සඳහා උදෑසන සිට ගොස් පෝලිම් අල්ලගෙන. කොළඔට තදා සන්න නගර වෙච්ච නුගේගෙඩ, බොරැල්ල, වත්තල හා කිරිබත්ගොඩ ඇඳුම් වලින් පීරි ඉතීරි යනවා. හුස්ම ගන්න බැරිවෙන තරමට වත්තල, කිරිබත්ගොඩ කැන්ඩි එකේ සෙනග හින්දා දැන් කඩවතත් අලුත් එකක් විවෘත කරලා.
කිරිබත්ගොඩ තිලකවර්ධනය, අනුෂා මෙහෙමා, ගැමා හා නිමාලි බලං ඉන්නවා ඇඳුම් නැති අය එනකල්. සීඅයිබි සොපින් කියන්නේ තවත් ඇදුම් කඩයක්. තව ඇති ඕන තරම් මේ මං දන්න ප්‍රසිද්ධ ඒවවා. ආ අමතක උනා මාතර කොටුවේ කඩේ මේ වගේම වෙන්ට ඇති.
කෑම, කිව්ව ගමන් මතක් වෙන්නේ වාසනා කේක්, පුන්නක්කු කේක් කියලත් කියනවා. මං හිතන්නේ මේ කේක් ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. කඩේ පොඩියි බිස්නස් ගොඩයි. සෙනග ඉන්නේ පාර දිගට කේක් ගන්න. ගාන අඩුයි. මට නම් රහ පොල් කේක් එක විතරයි. අවුරුද්දක් පුරවාට සල්ලි පස්සේ දුවලා දුවලා අප්‍රයෙල් වලටයි දෙසැම්බරයටයි ඒ සල්ලි වියදම් කරන ක්‍රමය තමයි ශොපින් කරන එක. මේ කාලයට සුපිරි වෙළද සැල් වලටත් කල්ල මරේ.
ගොඩාක් වෙලාවට මං දැකලා තියනවා නෝනලා තෝරනවා ඇඳුම්, මහත්වරු පැත්තක් ගහගෙන වාඩියක් දාගෙන ඉන්නවා. පොඩි එවුන් හෙම්බත් වෙලා මලානික වෙලා. අද ඇඳුම් ටික ගත්තා කියමු. බිල් ගෙවන්න දඩ පෝලිමක ඉන්නවා, ටිකක් එහායින් ඊටත් වඩා දඩ පෝලිමක් ඇති. පොඩ්ඩක් විපරම් කලෝත් ඒ තියෙන්නේ මාරු කරන පෝලිම. මහලෝකුවට පොර කාලා අරං ගියාට අයෙත් එනවා පහුවදාට ගැලපෙන්නේ නැති හින්දා. මොකක් හරි ලාබයක් තිබුණා නම් ඉතින් ලාබේ සුන් තමයි ආයිත් මාරු කරන්න ආවොත්.
හැබැයි මාත් ඕවාට පොඩ්ඩක් රිංගලා උඩු මහලට ගිහින් පොඩ්ඩක් බලං ඉන්නවා මේ වෙන විපර්යාසය මොකක්ද කියලා :D
වැප්
Saturday, November 27, 2010
Wednesday, November 17, 2010
ලිපියකට වැඩි පාඨක සංඛ්‍යවක් ගෙන්වා ගැනීම
මේකයි අද කතාව ... අපි ලියන අලුත් ලිපියක් කොහොමද වැඩි පාඨක සංඛ්‍යවක් කරා රැගෙන යන්නේ. මෙතනදි වැඩි කමෙන්ට් ගානක් හෙවත් සටහන් ගානක් ලබා ගැනිමේ ක්‍රමය නම් දන්නේ නැහැ. හැබැයි වැඩි පාඨක සංඛ්‍යවක් අරගන්න පොඩි පොඩ් ඔත්තු ටිකක් දෙන්න පුලුවන්. මේවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
4.මාතෘකාව
ලිපියකට යොදන මාතෘකාවේ තියන ආකර්ෂනය ඉතාමත් වැදගත්. ඔබම දැකලා ඇති සමහර මතෘකා තියනවා ලිපිය රසවත් කියලා හිතෙන නමුත් ඇත්තටම අන්තර්ගතය තියෙන්නේ වෙන දෙයක් ගැන. ඒ වගේම සමහර මාතෘකා දැක්කාම යන්න කම්මැලියි. හැබැයි ගිහින් බලපුහාම තමයි, ආපූ එකා කොච්චර හොඳද කියලා හිතෙන්නේ.
1 ක්‍රමය - බ්ලොග් කියවනයක් නැත්නම් සින්ඩියක් උපරිම ලෙස භාවිතය
මේක තමයි සිංහල කියවන අය අතරට යන්න තියන ලේසිම විදිහ. දැන් ඉස්සර වගේ නෙමෙයි සින්ඩි දහයක් දොලහක් තියනවා. ඒ හැම එකක්ම අපි ලියන අලුත් ලිපි ලැයිස්තු ගතවෙනවා.මේවා හැම එකක්ම පැයකට සැරයක් අලුත් ලිපි හොයාගෙන අපේ බ්ලොග් වෙත එනවා. මෙන්න මෙතන තමයි අපි කල්පනා කාරී වෙන්න ඔනා. ඒ කියන්නේ මෙයාලා අපේ ලිපි හොයාගෙන එන වෙලාව. ඒක දැනගත්තහම අපිට පුලුවන් තීරණය කරන්න ලියපු ලිපිය කීයටද පබ්ලිෂ් කරන්න ඔනේ කියලා. මෙතනදී මතක තියාගන්න හැම තිස්සෙම පබ්ලිෂ් කරන වේලවා ඒ අදාල වෙලාවට මාරු කරන්න.
උදහරණයක් විදිහට මෙහෙයුම කරන්නේ 10.00 නම් සියලු අඩවි වලට ගොස් අලුත් ලිපි සොයා බැලීම 10.15 වෙන කොට ඉවරයි. බැරිවෙලාවත් ඔබ 10.20 ට අලුත් ලිපියක් දැම්මොත් අර 10.00 කරපු මෙහෙයුමට ඔබ අහුවෙන්නේ නැහැ. ඊලඟ ඔබව අහුවෙන්නේ 11.00 කරන එකට. හැබැයි ඒ වෙනකොට 10.20 න් පස්සේ ලියපු වෙනත් අලුත් ලිපි ගොඩාක් තියනවා. එවිට ඔබගේ ලිපිය ටිකක් විතර පහළට යනවා.
2. ක්‍රමය - ලිපි ලියන දවස හා වේලාව
සමන්‍යයෙන් සෙනසුරාද ඉරිද අලුත් ලිපි තියෙන්නේ 100 කට අඩු ගානක්. මෙදාට ලිපියක් ලියන එකේ වාසියක් තියනවා. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය වෙච්ච සින්ඩියක් තුල ලිපිය පහළට යන වේගය අඩුයි. ඒ හින්දා මේ දවස ලිපියක් ලියන එකේ විශාල වාසියක් තියනවා. හැබැයි මෙතනදී අපිට හමුවෙන්නේ වෙනස් පාඨකයන් පිරිසක්. ඒ කියන්නේ නිවාඩු දවස් වල විතරක් වැඩිපුර අන්තර්ජාලය යොදාගන්න පිරිස. වෙලාව ගැන නම් එතරම් පැහැදිලි විශ්ලේෂනයක් කරන්න බැහැ. ඒත් උදෑසන හා හවස් වරුව යෝග්‍යයයි සිතනවා.
3. ටුවිටර් / බස් / බුකි භාවිතය
සින්ඩියක ලැයිස්තු ගත වෙච්ච ගමන් කවදාවත් ඉහත සඳහන් කල තැන් වල ප්‍රචාරය කරන්න යන්න එපා. ඒක අවාසියි. මොකද ලිපිය උඩින්ම මේ තැන්වලත් තියනවා. එතකොට එකම පාඨක පිරිසක් මේ තැන් දෙකෙදිම මේක දකිනවා. ඒක අවාසියක්. යම් හෙයකින් සින්ඩියක පල්ලෙහාට හෝ සින්ඩියේ මුල්පිටුවෙන් ඉවත්ව ගිය විටෙක ඉහත ප්‍රචාරණ මාධ්‍ය යොදගන්න. මේ ඉහත සඳහන් කල ස්තාන තුනේ ඉන්නේ එකම යාලුවෝ අඩු වැඩි වශයෙන් සමානයි. මේවා තුල ඉදිරිපත් කරද්දිත් වෙනස් වෙලාවල් වල දානවා නම්, නොදැකපු ඇයට මේ පණිවුඩය ක්ෂනයෙන් දිස් වෙනවා. නැත්නම් තැන් තුනේම අපේ පණිවුඩය පහළට යනවා.
4.මාතෘකාව
ලිපියකට යොදන මාතෘකාවේ තියන ආකර්ෂනය ඉතාමත් වැදගත්. ඔබම දැකලා ඇති සමහර මතෘකා තියනවා ලිපිය රසවත් කියලා හිතෙන නමුත් ඇත්තටම අන්තර්ගතය තියෙන්නේ වෙන දෙයක් ගැන. ඒ වගේම සමහර මාතෘකා දැක්කාම යන්න කම්මැලියි. හැබැයි ගිහින් බලපුහාම තමයි, ආපූ එකා කොච්චර හොඳද කියලා හිතෙන්නේ.
5.අන්තර්ගතය
ඔය මොන ක්‍රමවේදය යොදාගත්තත් වැඩක් නැහැ අන්තර්ගතය දුර්වල නම්. ඒම නිසා පුලුවන් තරම් වෙනස් වූ දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ කීරිම තමයි හොඳම දේ. අන්තර්ගතය හොඳනම් ඔබ නොදන්නා අය පවා එම ලිපිය වෙනත් මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා.
ඉහතින් තියෙන්නේ අනුන්ට කරදයක් නැතිව තමුන්ටම කරගන්න පුලුවන් පුංචි පුංචි ක්‍රම කිහිපයක්. සමහර විට කාලයත් එක්ක මේවා ප්‍රායෝගික නොවෙනන් පුලුවන් .... නමුත් වර්තමානයට සුදුසුයි කියලා හිතනවා. ඊට අමතරව කරන්න ඔනේ ගොඩක් දේවල් පොඩ්ඩක් ගුගුල් කරොත් හොයාගන්න බැරි වේනනේ නැහැ. මීට අමතරව මට විශය නොවුනු කාරනා තියෙන්න පුලුවන්.

Monday, November 15, 2010
කූඩාරමක් ඇතුලේ ඉන්න යන්න බෙලිහුල් ඔය
මෙවර චාරිකා සටහන
ස්ථානය :- රිවර් ගාඩ්න් රිසෝට්- බෙලිහුල් ඔය
කොළඹ සිට පැය හතරක් වැනි කාලයකින් ලඟා විය හැකි බෙලිහුල් ඔය පිහිටා ඇති රිවර් ගාඩ්න් රිසෝට් මෙවර අපගේ නවාතැන් පොළ විය. ගත කරන ජාල ජිවිතයෙන් මොහොතකට මිදි, සීතල පරිසරයක අලුත් අත්දැකීමක් ගැනිමේ අරමුණින් මෙවර චාරිකාව සංවිදානය වි තිබුණි. කැම්පිං එහෙමත් නැත්නම් කූඩාරමක් තුල ගඟක් අසල ගිනිමැලයක් ගසාගෙන රත්‍රිය ගත කිරිම මෙවර ලද විශේෂ අත්දැකිමයි.
ස්ථානය :- රිවර් ගාඩ්න් රිසෝට්- බෙලිහුල් ඔය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 320 ආසන්නව
නැරඹිය හැකි දේ :- බෙලිහුල් ඔය අසල සුන්දර පරිසරය .....
ගනන් හිලව් හා වෙන්කර ගනීම :- http://hotellanka.lk/70-75-506/river_garden_resort_and_camp_site__belihuloya.html
කොළඹ සිට පැය හතරක් වැනි කාලයකින් ලඟා විය හැකි බෙලිහුල් ඔය පිහිටා ඇති රිවර් ගාඩ්න් රිසෝට් මෙවර අපගේ නවාතැන් පොළ විය. ගත කරන ජාල ජිවිතයෙන් මොහොතකට මිදි, සීතල පරිසරයක අලුත් අත්දැකීමක් ගැනිමේ අරමුණින් මෙවර චාරිකාව සංවිදානය වි තිබුණි. කැම්පිං එහෙමත් නැත්නම් කූඩාරමක් තුල ගඟක් අසල ගිනිමැලයක් ගසාගෙන රත්‍රිය ගත කිරිම මෙවර ලද විශේෂ අත්දැකිමයි.
Sunday, November 7, 2010
ටැබූ ලොක්කට සම්මානයක් මගෙන්
ටැබූ කිව්වාම ඉතින් මට නම් දිරවන්නේ නැති කෙනෙක් තමයි. මොනවා උනත් ටැබූ නිසා සිංහල බ්ලොග් අවකාශය අතපත ගාන්න හුරු උනු පිරිසකුත් ඉන්නවා කියලා හැමෝම මතක තියාගන්න. දන්නවද දන්නේ නැහැ, ටැබූ සබ්ජෙක්ට් - බෞද්ධායට අපහාස - NGO කලාව කියලා ලිපියකුත් ලිව්වා මං. ටැබූ දැන් ටිකක් විතර යන පාර වෙනස් කරලද කියලත් හිතෙනවා [හීනෙන් තමයි]. කොහොම හරි කමක් නැහැ දැන් ලිපියේ අරමුණ උනේ ටැබූ ලොක්කා අන්තිමට දාපු 2010 හි හොඳම සිංහල බ්ලොග් අඩවි ලිපිය ගැන පොඩ්ඩක් විතර කතා කරන්න. ඒ පැත්තේ ගිහින් කමෙන්ටුවක් දානවට වඩා මේ පැත්තේ මගේ තැන ඉඳන් මට ඕන වාරණ , කැපිලි කෙටිලි කොටු දැමිම් කර ගන්න එක වඩා හොඳයි කියලා හිතුනා.අනික දැක්කේ නැති කවුරු හරි ඉන්නවා නම් දැකගන්න පාර කැපුවා වෙනවානේ. හැබැයි ඒ ලිපිය නොදැක්ක කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔහු හෝ ඇය සිංහල බ්ලොග් ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් වෙන්න ඔනේ. එහෙම කියන්නත් බැහැ අතපසුවීමක් වෙන්නත් පුලුවන් නොවැ.
මුලින්ම කතා කරමු යොදාගත් වර්ගීකරණය, හෝව් හොව් ඊට කලින් දෙයක් කියන්න තියනවා, ඒ තමා ටැබුගේ මේ ලිපිය, අලස වෙලා කම්මැලි වෙලා අකර්මඤ්ඤ වෙලා උන්නු බ්ලොග් කරුවන්ට ලොකු උත්පේරකයක් උනා. ජය ගත්තු හෝ නිර්දේශ වෙලා තියන අය පමණක් නෙමෙයි අපි වගේ පොඩි පොඩ් අයටත් යම් කිසි ඉලක්කයක් පෙන්නුවා. කවුරු කොච්චර කිව්වත්, "අනේ මට නම් එපා/ මට ඔව්වා වැඩක් නැහැ ඔවා කන්නද මන් ලියන්නේ මගේ සතුටට කියලා", තමුන්ගේ ලිපියකට හරි බ්ලොග් එකකට හරි වෙන කවුරු හරි කරන ලද විවේචනයක් හෝ කමෙන්ටුවක් එක් කරන්නේ ලොකු වටිනාකමක්. මේ කල වැඩේ වෙනුවෙන් ටැබූ ලොක්කට, පොඩි පහේ ලොකු සම්මානයක් දෙන්න තමයි මං හදන්නේ. මතක තියා ගන්න මේ ලිපිය වෙනුවෙන් විතරයි කියලා.
1. පාඨක ඤාණ පරාසය පුළුල් කිරීම වෙනුවෙන්:
2. විශිෂ්ඨ නිර්මාණකරණය හා නිර්මාණශීලී ඉදිරිපත්කිරීම වෙනුවෙන්:
3. හොඳම සාමාජීය / දේශපාලන බ්ලොග්කරණය වෙනුවෙන්:
4. අව්‍යාජ ආත්ම කථනය වෙනුවෙන්:
5. පර්යේෂණාත්මක බ්ලොග්කරණය වෙනුවෙන්:
6. සරල ජනප්‍රිය බ්ලොග්කරණය වෙනුවෙන්:
7. හොඳම කාන්තා බ්ලොග්කරණය:
8. හොඳම යොවුන් බ්ලොග්කරණය:
9. හොඳම දියස්පෝරික බ්ලොග්කරණය:
10. අවසාන විනිශ්චය
ලෙස තමයි වර්ගීකරන වෙලා තිබුණේ ටැබුගේ සම්මාන ටික. ඒ ඒ වර්ගයට අදාලව ජයගන්නා ලද බොහොමයක් අඩවි සමග මගේ පුද්ගලිකව කිසිඳු විරෝදයක් නැහැ. මොකද ඒ හැම එකක්ම ඒ ආකරයෙන් සම්මනයට පාත්‍ර විය යුතු අඩවි. උදාහරණයක් විදිහට මාරයගේ හෝරවා, සොඳුරු සිත හෝ සයිබර්යය කියන සිංහල බ්ලොග් කවුරුත් දන්න කවුරුත් කියවන වෙනස්ම පැති වලට දිවෙන අනිවර්යයෙන්ම සම්මානයට පාත්‍ර විය යුතු බ්ලොග් අඩවි. ඉහත වර්ගීකරණයට අඩුවක්ව පවතින එකතු විය යුතු යැයි සිතන පහත වර්ගීකරනයන් ඊලඟ පාර සලකා බලන්න කියලත් ටැබූ සර්ට මං යෝජනා කරනවා.
11. හොඳම තාක්ෂණික බ්ලොග්කරණය
12. හොඳම ළමා බ්ලොග්කරණය හෝ පාසල් බ්ලොග් කරණය
ඊට අමතරව
13. වසරේ හොඳම ගද්‍ය රචනය
14. වසරේ හොඳම පද්‍ය රචනය
15. වසරේ හොඳම ජායාරූපය / කාටූන් .........
16. වසරේ ජනප්‍රියතම ලිපිය
17. වසරේ පාඨක සම්මානය - [ බ්ලොග් අවකාශයේ සැරිසරමින් රචකයන් උනන්දු කල පාඨකයා]
වර්ගයන් ගනණ දිග වැඩි උනත් මේවත් සම්මාන දිය යුතු වර්ග කියලා මං හිතනවා.
ඊලඟ කාරනය තමයි සමහර බ්ලොග් අඩවි මගහැරීයාම. මේකට ඉතින් කරන්න දේකුත් නැහැ. ටැබූ තනියෙන් මේ වැඩය කීරිමත්, යොදාගෙන ඇත්තේ ලාංකීය සිතුවිලි පමණක් නිසාත් සමහර විට සිංහල බ්ලොග් කියවනයේ හෝ කොත්තු වල විතරක් තියන බ්ලොග් අඩවි මග හැරී යන්න පුලුවන්. ඒ නිසා එම සින්ඩිකේටර් දෙකත් භාවිත කරගන්න කියන යෝජනාවත් කරන්න මං කැමතියි. මොකද නැත්නම් අසාදරණයට ලක්වෙන්නේ බ්ලොග් රචකයන්.
නොදුටු පැත්ත
ඔන්න ඔය විදිහට තමයි මං මේ ටැබූ සම්මාන උළෙල දැක්කේ. කොහොම හරි ටැබූ මේ කරපු වැඩේ අනියමින් හරි සිංහල බ්ලොග්කරණ තරගාවලිය ට බලපෑමක් ඇති කරනවා. සමහර විට ටැබූ මෙයින් බාලපොරොත්තු වූයේත් එයම වන්නට ඇති. දැන් බ්ලොග් අවකාශය තුල සැරිසරන හැමෝගෙම හිතේ, ජයගත යතු යැයි සම්මත උනු සිංහල බ්ලොග් අඩවි ටිකක් කැරකෙනවා. හරියට කිව්වොත් දැන් රාමුවක් හැදිලා ඉවරයි හොඳම බ්ලොග් අඩවි ටික එකතු කරලා.
නිසි ඇගයීමක් මෙතෙක් නොවූ, සම්මානයට පාත්‍ර වූ සියලු බ්ලොග් හිතමිතුරන්ට සුබපැතුම් පිරිනමන ගමන්, ඊලඟ වසරේදිත් ටැබූ සම්මාන උළෙල මීටත් වඩා සාර්තකව සිදු කිරිමට ටැබූට හැකිවේවායි පතමින් මේ ලිපිය අවසන් කරමි.

Sunday, October 31, 2010
අල්ලපු ගෙදර කපටියා
මේක මේ එකදාස් නමසිය බර ගනන් වල වෙච්ච සුට්ටි කතාවක්. පොඩි කාලේ ඉතින් අල්ලපු ගෙදර අපේ ගෙදර කියලා වෙනස් නැහැ හැම තැනම රිංගනවා. වැඩිහිටියන්ගෙත් කිසිම විරෝධයක් ඇතිවෙන්නේ නැහැ. මොකද කියන දේ අහන එකක් යැ. එපා කිව්වොත් ඒ දේ කරන වාර ගාන වැඩි වෙනවා. ජංගි කොටේ ගහගෙන එහෙ මෙහේ දුවන කාලේ අපේ අම්මා මටත් ගෙනැල්ලා දුන්නා විසිල් එකක්. කට්ටියට මතකද දනනේ නැහැ අර සද්දේ ඇහෙනකොට මලක් කැරකෙන විසිල් එක.
අල්ලපු ගෙදර මාගේ යාලුවාගේ තාත්තා ඉන්නේ රට. බුවාට ඉතින් නානප්‍රකාර සෙල්ලම් බඩු. අපිට කොයින්ද පූසෝ මාලු කියලා මං ඉතින් විසිල් එක ගහ ගහ ගේ වටේ කැරකැවෙනවා.පොඩි කලේ නෙමෙයි ඉතින් දැනුත් අලුත් මොනවා හරි හම්බුනාම ඕක ප්‍රදර්ශනය කොරන්ටනේ ඔක්කොමල්ලා හදන්නේ. ඉතින් මාත් සද්දෙට විසිල් එක ගහනවා අරූට ඇහෙන්න. මේක ඇහිලා අරූ මොකද කලේ මේකට කෑඳර කම ඇති වෙලාද මන්දා, මූ එක පාරට රතු පාට ලොකු කාර් එක්ක නූලාක දාලා උගේ ගේ වටේ අරන් කැරකෙවෙනවා. මං මෙහේ කැරකෙනවා, ඌ එහේ කැරකෙනවා. මං විසිල් ගහනවා අරූ කටින් හෝන් ගහනවා. හික් හික් එහෙමත් ජවුසමක්. ඔන්න දැන් වැඩේ ජයටම යනවා. මං අපේ ගේ වටේ කැරකෙනාවා. ඌ එහේ කැරකෙනවා. ඔහොම ඔහොම කැරකි කැරකි ඉන්න කොට එක වෙලාවක් එනවා නේ දෙන්නම සමාන්තරව කැරකෙන, අන්න එතන තමයි තැන. මං ගහනවා විසිල් පාරක් මුකුත් නැහැ මුලු පලාතම කැරකිලා යන්න, හප්පේ සතුටේ බැහැ මලත් කැරකෙනවා නිකන් රූම් පෙත්ත වගේ. අරූ අල්ලපුගෙදර එකා ගහනවා හෝන් පාරක් හරියට ඌට ඉස්සරහින් ලොකු ටැෆික් එක්ක තියනවා වගේ.
තරහා නැති උනත් අලුත් යමක් හම්බුනාම තියන ආඩම්බර කමින් තමයි මං ඉන්නේ. මට ඉතින් ඔය වෙලාවේ ආඩම්බර කම ඉහට ගහලා, මෙලෝ දෙයක් මොලේට එන්නේ නැහැ. අරූ පනාව දැම්මා මාත් ඉතින් රැවුල කරකවලා පොඩි උඩඟු හිනාවක් දැම්මා. ටිකකින් ඌයි මායි කතාවට වැටුනා. දැන් මෙන්න අරූ දැම්මා පොඩි බිස්නස් ටෝකක්, "මචං අපි ඔය විසිල් එකයි මේ කාර් එකයි මාරු කරගමුද කියලා" මාත් ඉතින් අයේ මොනවද දෙපාරක් හිතුවේ නැහැ හා කිව්වා. ඇයි බන් කවදා පැදපු කාර්ද? . ඔන්න දැන් ගිවිසුම හරි මං කාර් එක ගත්තා ඌ විසිල් එක ගත්තා. දෙන්න ගෙවල් දෙකට ගියා.
දැන් ඕන් අරූ විසිල් එක ගහ ගහ ඌගේ ගේ වටේ කැරකෙනවා. හික් හික් උබලා හිතුවාද මාත් අරූගේ රතු පාට කාර් එක නුලෙන් ඇදන් අපේ ගේ වටේ යනවා කියලා. හපෝ නැහැ මං ඒක ගිහින් අල්මාරියේ දැම්මා පරිස්සමට, ඇයි බන් රතු පාට කාර් එකක් කිව්වාම සෙල්ලංද, අනික රට බඩු. අරූ ගිරිය කඩන් නලාව ගහනවා. හික් හික් මට කාර් එකක් ඌට රුපියල් 2.50 මළ කැරකෙන නලාවක්. හරි දැන් ටිකෙන් ටික අරූ ගේ නලාවේ සද්දේ අඩු වෙනවා. මෙන්න ටිකකින් නලා සද්දේ නැහැ. මුගේ සද්දේ ඇහනෙවා මගේ නම කියන. මාත් ගියා දැන් හරියට කාර් එකෙන් බැහැපු එකා වගේ. ටිකක් ඔලුව කහ කහ එන ඌ මේන්න ආයෙත් යෝජනවාක් අරන් අවා. "මචන් මට කාර් එක දිපන් උබට මං උබේ විසිල් එක දෙන්නම් කියලා". හපොයි දැන් මොකෝ කරන්නේ බැහැ කියන්න යෑ. මාත් හා කියලා අයේ කාර් එක දිලා අරූට පිඔලා පිඔලා ඇති වෙච්ච නලාව ගත්තා. වටිනාකම වැඩි හින්දා අල්මාරියේ දාලා තිබුණු රතු පාට අරුගේ කාර් එක විහිලුවටවත් මං එක පාරක් ගේ වටේ අරන් කැරකුනේ නැහැ නොවැ. මොනවා කරන්නද ........... මං අහු උනා අරුගේ ගැටේට.හැබැයි ඉතින් ඒ වයසේදි අපිලට කපටි කම් තේරෙන්නේ නැහැ. සමහර විට අරූ උනත් අසාවට ගත්තා එපා හින්දා අයෙත් මට දුන්නා.
මේ කතාවේ අදර්ශයක් එහෙම තියෙ නම් ගනිල්ලා :D

Friday, October 22, 2010
මේක මේ විදිහට කිව්වෝත්
මේක මේ විදිහට කිව්වෝත්
කියන මාතෘකාව දැක්ක ගමන් කස්ටිය
මේ පැත්තට අවාට
වැඩක් වෙන්නේ නැහැ ඕන්
හැමදාම වගේ නිකන් අකුරු ටිකක්
එහෙට මෙහෙට වචන කරලා
මැද්දෙන් ඉඩක් තියලා
පල්ලෙහාට පේළියක් පන්නලා
ආයෙත් ජේද කඩලා
[ආ වැරදුනා අද නැහැනේ ජේද කඩලා]
මටත් නොතේරෙන
කියවන අයටත් නොතේරෙන
මොකක්දෝ අපභ්‍රංශයක්
මේ විදිහට අකුරු කලාට
ලියන්න දෙයක් නැහැ කියලා
හිතුවා නම්
ඔක්කොටම වැරදිලා කියලා
හිතාගන්න එක තමයි ගොඩක් වටින්නේ
මොකද?
පෝය හින්දා සම්ප්‍රප්පලාප එපා
හිස් වචන ඔනේම නැහැ
ඔපා දූප තූ විතරක්
කියන එක ප්‍රත්‍යක්ෂ කරන්නම
මේක ලිව්වා
වැප්
Saturday, October 16, 2010
නිදි මැරීම ...............
මං ඉස්ස ඉස්සෙල්ලම නිදි මැරුවේ අපේ ගෙදර තිබුණු පිරිත් පින්කමකට .... ඒ කියන්නේ මීට වසර දහයකටත් හෝ පහලොවකට වඩා අතීත දවසක ......... එලිවෙනකල් හිටියා ..... පහුවදා දානේ බෙදන්නවත් ....... දානේ කන්නවත් මං නැහැ. හොඳටම පොඩි එකාට නින්ද ගිහින්. ඊලඟට දෙවෙනි පිරිත් පින්කම ........ එදත් ඔය සන්තෑසියමයි. ඔය අතර මළගෙවල් වල දෙක තුනක විතර පොඩි පොඩි නයිට් දෙක තුනක් ගැහැව්වා. කවදාවත් පාඩම් කරනන් නම් නිදි මැරුවේ නැහැ. ඒවා බොරු වැඩ කියලා සක් සුදක් සේ මං ඒ කාලේම දැනගෙන හිටියා.
ඊට පස්සේ කාලයක් අවා උසස් අධ්‍යපනය කියන එක ලබාගන්න. ඔය කාලේ නම් ඉතින් කිසි ගැටලුවක් නැතුව හෝ ගලා නිදි මැරුවා. හැබැයි එලිවෙනකල් නම් නෙමයි. ඔය දෙක තුන විතර වෙනකල්. දන්නේ නැද්ද ඒ කාලේ ඉතින් :D. කීයක් හරි හොයගන්න කියලා පළමු රැකියාව විදිහට කරන්න හම්බුනේ ඇඟලුම් ක්ෂේත්‍රය. ලංකාවේ විතරක් නෙමෙයි ............. ලෝකයේ ඇඟලුම් අංශයේ නමක් දරා සිටින අති ප්‍රසිද්ධ සමාජ අගයක් ඇති ආයතනකයක් තමයි ඒක. හැබැයි ෂීෆ්ට් එකට තමයි වැඩ. උදේ 7 හවස 7 / හවස 7 උදේ 7 තමයි වෙලාවන් වැටිලා තිබුණේ. සාමන්‍ය අපි භාවත කර කැලැන්ඩරයේ නිවාඩු මුකුත් නැහැ. දිවා වැඩ මුර 3 යි - රාත්‍රී වැඩ මුර 3 යි - නිවාඩු දවස් තුනක් විදිහට තමයි ඒක පුනරාවර්තනය උනේ. අප්පේ එහෙම කාලයක්. නිදි මරනවා කියලා එහෙමත් නිදිමැරීමක් අයේ නම් ජීවිතේට හම්බ වෙන්න එපා කියන ප්‍රර්ථනවා මේ මොහොතෙත් කරනවා. ඒ තරම් එපා කරපු කාලයක් මගේ ජීවිතේට සැට් වෙලා නැහැ. දිනයක් - වේලාවක් - අහල පහළ වෙන්නේ මොනවද කියලා මුකුත් දන්නේ නැහැ. හරියට හුඔහෙන් ඇදලා ගත්තා වගේ. තෝන්තු වෙලා උන්නේ. [ දැන්තු එහෙම තමයි :D ] . මේ කියන්නේ 2007 - 2008 වගේ කාලේ.
ඔය නිදි මැරීම කියන කාරණව මතම, මගේ රැකියා ජිවිතය සම්පූරුණයෙන්ම අනික් පැත්ත ගැහැව්වා. ඒ කිව්වේ .. කලමණාකරන අංශයේ ඉඳලා, තොරතුරු තාක්ෂණයට මාරු උනා. රැකියවක් නැතිව උනත් අර කියපු නිදි මරණ ජොබ් එකෙන් අයින් උනා. අදත් මං එදා ඒ ගත්ත තීරණය ගැන බොහොම සතුටු වෙනවා. ජීවිතය කියන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක තදින්ම විශ්වාස කරන මට, ඒ තීරණය ගන්න එච්චර අමාරු උනේ නැහැ. දැනට උනත් මං අහම්බෙන් දවසක තමයි ඔය එක දෙක විතර වෙන කල් ඇහැරිලා ඉන්නේ. ඒත් ඉතින් පසුගිය සතිය පුරාවට සම්පූර්ණ නිදි වැරිම් තුනක් කලා. ඒ අපේ සමීපතම ඥාතියෙක්ගේ මරණයක් කරන කොට ගෙනයි. එහි අවසාන අදියර වූ ඊයේ රත්‍රිය, ඒ කියන්නේ බණ දේශනවා හා අද දින දහවල් දානය සඳහා. ඊයේ රාත්‍රී සිට අද දින සවස 2 වන තුරු නන්ස්ටොප් නිදි මැරීමක් සිද්ද කලා.
මට දැන් හොඳටම නිදි මතයි .......... මං යනවා නිදා ගන්න ..................
වැප්
Subscribe to:
Posts (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම...
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ...