Tuesday, June 22, 2010

ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු

ස්ථානය :- ෆිෂින් හට් - මස්කෙලිය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 358 ආසන්නව
නැරඹිය හැකි දේ :-
  1. ෆිෂින් හට් අසල ස්භාවික සෞන්දර්යය
  2. ඇබඩීන් දිය ඇල්ල
  3. ලක්ෂපාන
  4. සප්ත කන්‍යා කඳු වැටිය
ගනන් හිලව් :- එක් නිවසක් සඳහා රු 7000/- කි. එවැනි නිවස්න දෙකක් ඇත. [ මෙම ගනන් සීසන් ඕෆ් සීසන් මෙන්ම සති අන්ත, සතියේ දින අනුව වෙනස් වෙයි ]
  1. සීසන් 9000/-
  2. සති අන්ත 7000/-
  3. සතියේ දින 5250/-
වෙන්කර ගනීම :- මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය- නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල
වැඩි දුර තොරතුරු :- http://sinhala.hotellanka.lk/21-181-651/fishing_hut.html
වාහනය :- 4වීල් වාහනයක යාම දැඩි ලෙස අවධාරණය කරමු
රැගෙන යා යතු දේ :-
  1. සීත කබා
  2. කූඩැල්ලන් සඳහා - ලුණු/ දෙහි හෝ වෙනත් සුදුසු දෙයක්
  3. ආහාර පාන
ඔවුන් සපයන දේ :-
  1. ඇදන් හා කොට්ට
  2. පිඟන් කෝප්ප හා ගැස් උදුන්
  3. අවැසි ලාම්පු- [ විදුලි බලය නැත ]
ජංගම දුරකතන :- එටිසලාට්

මෙන්න පින්තූර ටිකක්


















27 comments:

ඉන්දරේ | Indranama said...

මං දන්න තරමින් මෙතන ඉඳන් ටිකක් දුෂ්කර මග ගෙවාගෙන ශ්‍රීපාදස්ථානයට යන්නත් පුලුවන්.
අවාරෙ ගිහින් ඇඩ්වෙන්චර් එකක් ගන්න කැමති නං කියාපු පාර. හැබැයි සෑහෙන්න අනතුරුදායකයි කියලයි ආරංචි.

ඉන්දරේ | Indranama said...

“කූඩැල්ලන් සඳහා - ලුණු/ දෙහි හෝ වෙනත් සුදුසු දෙයක්“

ඒ කිව්වෙ? එහේ ඉන්න කූඩැල්ලටන්ට පගාවක් දෙන්නත් ඕනෙද? :D

වැප් said...

@ඉන්දරේ
ඔව් උබ කියපු හින්දා මං ඒ පින්තුරයත් දම්මා ඔන්.... කිව්වා වගේ ගමන දුෂ්කර ඇත.

කුඩැල්ලෝ
ඔව් බන් හැමතැනම කුඩැල්ලෝ .. ලුණු දාපු ගමන් ඩයල් ‍ෆුල් කොට්‍රෝල් දඩ බඩ ගාලා බිමට බහිනවා ....

බුද්ධි said...

ඔක්කොම හොදයි කූඩැල්ලෝ තමා කේස් එක. අනික අර නැරඹිය හැකි දේවල් වලින් තුන් වැනියට තියෙන්නෙ මොකද්ද? මං නං ජීවීතේ​ට ගිහින් නැ!!

වැප් said...

@බුද්දි
අඩේ අකුරු වැරදිමක් ඒ ලක්ෂපාන ......

රාජිත අනුරාධ said...

සිරීපාදෙ යනවනම් ලඟම පාර මේකද??කොහොම උනත් මරු ෆොටෝ ටික...

වැප් said...

@රාජිත අනුරාධ
දන්න තරමට සිරිපාදේ යන්න ලඟම හා ලේසිම පාර හැටන්

Mr.Ekenma said...

මැක්ස පිංතූර ටික :x

Kanishka | කණියා said...

ඔක්කොමත් හරි.. අපේ 3වීල් එක 4වීල් කරගන්න එක තමා බැරි :D

Anonymous said...

අපිට තියෙන්නෙ 2වීල් එකක්.

Dinesh_Silva said...

ඔක්කොම හරි ඒත් fun විකුනන්න තියෙන තැන මොකද්ද කියලා නැහැ නේ. අපි යනකොට අරන් යන්න ඕනෙද?

වැප් said...

Mr.Ekenma
මාර ලස්සනයි අවට පරිසරය තව පින්තුර ඇත... FB වල දමා ඇත

Kanishka | කණියා
අයියෝ හරි ‍ලේසියි තව ස්පෙයාර් විල් එකක් දාගෙන යන්න :D

Dinesh_Silva
හි හි ... ඒ ලඟ කඩයක් තියේ .... මතක ඇතුව එකක් ගන්න ...හිකිස්

පැතුම්..... said...

ඉස්තිරී පාර්ශවය සමඟ යා හැකි තැනක් ද? කොල්ලන් සඳහා පමණ ද?

වැප් said...

@පැතුම්.....
හැක හැක ..... ඔනෑම අයෙකුට යා හැක ... අප සමගත් ඉස්ත්‍රිරියෝ දෙන්නෙක් ගියා ....

හැබැයි අපේ ෆන් එක ඔවුන් නිසා මොහොතකටවත් අවප්‍රමාණ වුයේ නැත ... හිකිස්

Pasan said...

උඹ මාර්කටින් කරන්න පටන් ගත්තද මොනව උනත් වටින විස්තර ටික කීයක් හරි ඉල්ලල බලපන් මාර්කටින් වලට...... හික්ස්..

වැප් said...

@Pasan

හි හි ඔව් මට ගානක් එනවා හිකිස් .... ඊලඟ පාර අපිට නොමිලේ හිකිස්

පිස්සා පලාමල්ල said...

මම ලක්ශපාන නම් ගියා... ගියහම නවතින තැන් තමා අවුල. මේක වටිනවා.
නිවසක් කියන්නේ කී දෙනෙක්ට ඉන්න දෙනවද එකක ??

වැප් said...

@පිස්සා පලාමල්ල
එහෙම ගානක් නැහැ
හට් #1
කාමර එක - සින්ගල් ඇඳන් දෙකයි
කාමර දෙක - සින්ගල් දෙකයි ඩබල් එකයි

හට් #2
කාමර එක - ඩබල් ඇදන් එකයි
කාමර දෙක - සින්ගල් දෙකයි ඩබල් එකයි

සෑම නිවසකම කුස්සියක් හා හැම කාමරයකටම නාන කාමරයක් ඇත

Tharaka Weerasekara said...

කෝකියෙක් ලැබෙනවද? නැත්නම් අපිටම ඉවුම් පෙහුම් කරන්න වෙනවද?

වැප් said...

@Tharaka Weerasekara
කැමති නම් අපිට උයාගන්න පුලුවන් ...

නැත්නම් එහෙ කොකියෝ ඉන්නවා ... අපි නම් එයාලට කියලා උයා ගත්තා ...

[ ඉස්පිරිතාලයක් අහල පහල නැහැ :D ]

පිස්සා පලාමල්ල said...

එහෙනම් ඒ ගානට වටිනවා.

වැප් said...

@පිස්සා
හට් #1 == නිවස්න 1
හට් #2 == නිවස්න 2

අනුරාධ said...

පව් අප්පා උඹලත් එක්ක අර ගිය ස්තිරී ප‍රාන දෙක....

බිඟුවා...! said...

මේ දවස්වල මට යනව බොරු...
ආතල් වගෙයි...
ලබන අවුරුද්දේ බලමු...

සෝරෝ said...

ෂා........... නියම පොට් එකක් නේ........ මරු මරු.....

Anonymous said...

නියම ප්ලේස් එක, මේ ගගේ නාන්න පුලුවන්ද?

වැප් said...

ඔව්

Post a Comment