Friday, May 28, 2010

සාම්ප්‍රදායික සීමාවකට කොටු වු සිංහල බ්ලොග් කරුවන්

මෑත කාලයේ ඉතාම ජනප්‍රිය මාධ්‍ය දෙක වුයේ, රූපවාහිණිය හා ගුවන් විදුලියයි. නමුත් දැන් දැන් එය අභිමවමින් අන්ර්ජාලය හා කෙටි පණිවුඩ ඉදිරියට එමින් පවතියි. මෙහදී අන්තර්ජාලයට හිමි වන්නේ සුවිශේෂි තැනකි. මන්ද යත් නිදහස උපරිම හා රිසි සේ අවශ්‍යතාවයන් හා උවමනාවන් [ needs and wants ]සොය යා හැකි නිසාය. සීමා මායිම් නැති මෙහි තම තමුන්ට ඇවසි ලෙස තෝරා බේරගෙන හෝ කිසිඳු තෝරාගැනීමකින් තොරවද පහසුවෙන් එහා මෙහා යා හැක. පැවති සාම්ප්‍රදායික මාධ්‍යන්හි අඩුපාඩු හෝ දැඩි පාලනය නිසා නිදහස සොයන්නන් ජාලය දේසට ඇදී ආවේ තම සිතැඟි පරිදි හැසිරීමටයි. උක්ත කරුණට අදාලව, මේ ලිපිය ලියවෙනු ඇතිතේ, සිංහල බ්ලොග්කරණය යන්නට ලඝු කරමිනි.

ඉකුත් නොවැම්බර් මස සිට බ්ලොග්කරණයට එක්වු මා එදා සිට අද දක්වා මෙතුල සිදුවු දෙය මගේ දැනුමේ හැටියට මෙසේ විග්‍රහ කරමි.

1.පැවති මාධ්‍ය සම්ප්‍රදාය / Demand and Supply
දැනට පවතින ජනප්‍රිය මාධ්‍ය දෙක වු ගුවන් විදුලිය හා රූපවාහිණිය තම මාධ්‍යයන් හසුරුවන්නේ කලින් කලට මිනිසුන් අතර බොහෝ ලෙස කතා බහ වන මාතෘකා ගැනයි. මෙයට හොඳම උදාහරණය වනුයේ දේශපාලනය , ගං වතුර, හා වෙනත් දෑයි. ‍මහජනයා ඉල්ලනේ මොනවද? එවාට වැඩි ඉඩ කඩ දෙමින් මාධ්‍ය හසුරුවයි. මෙහි ඇති හරි වැරුද්ද කීමට තරම් මා දක්ෂයෙකු නොවුත් මෙයමද සිදුවිය යන්න පිළිබඳව දෙවරක් සිතිය යුතුය. සමහර අවස්ථා වල කෘතිමව මාතෘකා ජනතාව අතරට ගෙන යයි. එයට එක් ප්‍රසිද්ධම උදාහරණය නම් මානුෂික මෙහෙයමු සමයේ රටම එක මාවතකට ගෙන යාමයි. කරුණු එසේ වුවත් මහජනායා පුරුදුව සිටින්නේ දෙන දෙය පමණක් නැරඹිමටය. මන්ද යත් මෙම මාධ්‍ය දෙකෙන් එයින් එහාට ගිය අලුත් තොරතුරක් හෝ විවධත්වයෙන් යුතු දෙයක් බලොපොරොත්තු විය නොහැකි නිසාය.

මෙම කාරණවා සිංහල බ්ලොග් අවාකශ තුලද එසේම වෙන බව ඉතාම පැහැදිලි කාරණාවකි. කලින් කලට ජනප්‍රිය වන මාතෘකා ‍සම්බන්ද සිංහල බ්ලොග් කරුවන්ද තම ලිපි සම්පාදනය කරයි. උදාහරණ ලෙස දේශපාලනය, අකෝන් , ගඟට විසි කල බබා, ගං වතුර හා සෝමාවතිය පින්කම දැක්විය හැක. මෙහි ඇති අදහා ගත නොහැකි තත්වය නම් අලුත් දෙයක් ඉදිරි පත් නොකර, රැපවාහිණියේ හෝ ගුවන් විදුලියේ කියු දෙයක, වචන ටික එහා මෙහා කර තම ලිපියට එක් කීරිමයි. ඒ අනුව ගත් කල අදාල මාතෘකාවට ලිපි 10 ක් ලියවී ඇත්නම්, එම ලිපි 10 න් 8 ක් පමණම එක හා සමානව එකම දේ පවසා ඇත.අඩුම තරමින් එම සිද්ධිය පමණක් නොව විවේචනයද එක හා සමාන වීම තව තවත් පුදුමය උපදවයි. ඉදින් මෙපමණ නිදහසක් ඇති බ්ලොග් අවකාශය මෙහෙයවන්නේ රූපවාහිණිය හා ගුවන් විදුලිය බව ඉතාමත් කණගාටුවේන් හෝ ප්‍රකාශකල යුතුයි. මෙයිනුත් පෙනී යන්නේ නිදහසක් නැතැයි කියමින් සම්ප්‍රදායික් මාධ්‍ය ඉස්සරහා දොරෙන් පන්නා පසු පස දොරෙන් කාටත් හොරා ගෙට වද්දාගෙන ඇති හැසිරිම් රටවකි.


2. ඉදිරි පිම්මක් / Breakthrough
වෙනත් දේශිය චැනලයක කොපියක් හෝ විදෙස් රටක වැඩසටහනක් කොපියක් එලෙස ඉදිරිපත් කරනවා හැරෙන්න වෙන යමක් රූපවාහිණිය හෝ ගුවන් විදුලිය තුල දක්නට ඇත්නම් එය ඉතාම අල්පය. තවද එය එලෙසම අදේශ කරනවා විනා එයින් අලුත් යමක් කරන්නේද නැත. මෙය සිංහල බ්ලොග් අවකාශයටත් එසේම වෙයි. එක බ්ලොග් ලිපියක තිබුදෙයක් මත පිහිටමින් එයම ‍තවත් ලිපි කිහිපයකට එක් කරයි. කිසිඳු වෙනසක් හෝ අලුත් දෙයක් නැත. ලිපියක් ලිවිය යතු නිසාම මෙය කරනවා දැයි සැකයක් ඇති වෙයි.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යතු කරුණක් ඇත. එනම් කෙටි කතා, නිසදැස් හා කවි එක් කරන අතලොස්සක් වු ස්ව නිර්මාණ බ්ලොග් කරුවන් මෙයට අදාල නැත. ඔවුන්ගේ නිර්මාණ ඇගයීමකට ලක් වන්නේ ද නැත. මේ පිරිස වෙනම රොක් වු පිරිසක් බවට අද වන ‍විට පත්ව ඇතැයි සිතමි. බ්ලොග් අවකාශයේ නිදහස ඉල්ලමින්, කෑමොර දෙන පිරිසම සීමාවකට කොටු වී ඇත. අන් අය මත යැපෙන බව ඔවුන් නොදන්නේද? නැතිනම් දැන දැනත් නොදන්න ලෙස හැසිරෙනු ඇති දැයි ප්‍රශ්න කල යුතු තැනකි. මුලින් සඳහන් කල ස්වනිර්මාණ බිහි කරන්නන් හා අන් අය මත යැපෙන බ්ලොග් කරුවන් අතර බොහෝ දුරස් බවක් ඇත.

අප අතර තිබු දෙයක් හෝ විදෙස් රටකින් ලබා ‍ගත් වටිනා දෙයක් ඒ අයුරුන්ම ඉදිරිපත්‍ නොකර ඊට වඩා වැඩියමක් එක් කර අන් අය අතර බෙදා ගැනීමට සිංහල බ්ලොග් කරුවන්ට කවදා නම් හැකි වෙයිද?තිබෙන දෙයකට අලුත් අගයක් දී නවමු අකාරයකට එක් කරන, ඉතාම සුලු සිංහල බ්ලොග් කරුවන් කිහිප දෙනකු ඇති බවද කිව යුතුමය. නමුත් අවාසනාව නම් ඔවුන් මහත් පරිශ්‍රමයක් යොදා අලුත් දෙයක් ඉදිරිපත් කලත්, එම ලිපිය පලවී සුලු මොහොතකන් එහි පැටව් හැම තැනම දුවමින් මුදුනා වීමට යයි. ලාංකාවේ දේම විව්චනය හෝ ආවැඩිම් නොකර විදෙස් රටවල තිබෙන තොරතුරුත් සිංහල කරණය වී අප අතර පැමිනේන්නේ නම් එය කොතරම් පාඨකයන්ට වටිනු ඇද්ද? මේම කාරණාව දකින්නට නැති තරම්ය. මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ, නිදහස සොයා යන බ්ලොග් කරුවන් itn හා සිරසට පමණක් වහල්වී ඇති බැවයි.


3. ජනප්‍රියත්වය හෝ වටිනාකම ‍Hits and Value
සිංහල බ්ලොග්කරණය හා රූපවාහිණිය එක හා සමාන බව පෙන්වීමට ‍තවත් හොදම කරුණක් වන්නේ බ්ලොගයක ඇති වටිනාකම හා ජනප්‍රිය තාවයයි. [ වටිනාකම යනු ලියන කරුණු වල ඇති ‍ප්‍රයොජනවත් බවයි ] රූපවාහිණිය තුල සිරසට කොතරම් දෝශාරෝපණය කලත් එය මෙරට ජනතාව දිනපතා නරඹන චැනලයකි. එලෙසම සිංහල බ්ලොග් අවකාශය තුලත් වැඩම දෙනෙකු සොයා යන්නේ සිරස ගනයේ බ්ලොග් වෙතය. එම ඇදී යාම් නිසාම කිසිඳු වටිනා දෙයක් ඉදිරිපත් නොකරන බ්ලොග් තව තවත් එම පහත් ගනයේ ලිපිම ඉදිරිපත් කරයි. හරියට විද්‍යුත් නාලිකා වල යන මෙගා ටෙලි වගේය. ෙමය අදාර්ශයට ගන්නා තවත් බ්ලොග් කරුවෙක් කරනුයේ එම ගනයෙම ලිපි ලියන අඩවියක් අලුතින් ආරම්භ කිරිම හෝ තිබුණු අඩවිය ජනප්‍රිය බ්ලොගයක් බවට පත් කිරිමට තැත් කීරිමයි. හරියට itn සිරස වුවා හා සමානයි.


සිංහල බ්ලොග්කරණය සීමවකට කොටු වී ඇති බවත් එය අනුගමනය කරනුයේ රැපවාහණි නාලිකා බවටත් පෙන්විමට තව කරුණු ඇතත් මුලීකවම පෙනී යන්නේ ඉහත කරුණු තුනයි. විවධත්වයක් හොයා යෑමට උත්සාහ කල යුතු සිංහල බ්ලොග් කරණය තවමත් ඒකාකාරි මාවතක ගමන් කරයි. නිදහස හා රැඩිකල් යයි කියමින් උදම් අනන බ්ලොග් කරුවන්ගේ මතය පමණක් ප්‍රසිද්ධ වී ඇත. නිහඬව තම කාර්යය කරන නියම හැකියාවෙන් යුතු බ්ලොග් කරුවන් හු‍දකලාවේම තම කර්යය දිගට ඇද ගෙනයයි. ඔවුන් වටා දැනට එක් වී ඇති පාඨක පිරිස අඩු වුවත් නුදුරේදීම ඔවුන් වටා බොහෝ පාඨක පිරිසක් රොක් වනු ඇත. මන්ද ඒකාකාරී වු ජනප්‍රිය බ්ලොග් කරුවන්ට නුදුරේදීම ඔවුන්ගේ ලිපි වලට එක්කල හැකි දෙයක් නැතිව යනු ඇත. එදිනට ඔවුන්ට සිදුවන්නේද ස්ව නිර්මණ හෝ අලුත් දේ ඉදිරිපත් කිරිම පමණි.


තාක්ෂණික ලිපි ලියන බ්ලොග් කරුවන් කරනුයේ ඉතාම අගනා කර්යයකි. නමුත් එයට සිදුවන්නේද ලියා සුලු මොහොතකන් ක්ලොරිනිකරණය විමයි. තවද තම පුද්ගලික අද්දැකීම් හා වෙනස් ආරක ලිපි එක් කරණ කිහිප දෙනකු ඇති බවත් ඔවුන් කරන කර්යයද ඇගයීමකට ලක්විය යුතුමය.

නිදහස සොයන පිරිසට ඉක්මනින්ම සාම්ප්‍රදායික සීමාවෙන් එපිට බැලීමට හැකිවේවා !!!!!!!!!!!!!

වැප්

Wednesday, May 26, 2010

ආදරයෙන් තවත් කොටසක්

අකුරු කරන්නට හිමි නැති සරසවියේ
හමු වු දින මතකද මගේ සොඳුරේ
නුදුරුව පියවර මැන හනිකට ගිය දින
හොරැහින් බැලුවද මගේ කෙල්ලේ


හැම විට මග හැර වෙනතක නෙත ගෙන
රිදවා මගහැරයන්නද ඔබ තැනුවේ
මතකද නැවතත් දුටු දින සරසවියේ
හොරැහින් බැලුවා ඔබ දෙස සුදු කෙල්ලේ


කීමට ඇතිමුත් ආදර දොඩමලු
කීවේද අප හමු වු දිනයේ
නොදැනී නොකීයා පෙම් ලොව බැඳුනේ
හොරැහින් නොබලා නෙත ගෙන සොඳුරේ


එදා නොකීදේ ලොවට ඇසෙන්නට
කීමට වෙර නැති අද දිනයේ
හමුවෙමු පෙම්බස් කීමට මතු දිවියේ
‍‍තරහින් නොබලා වෙන් වෙමු සොඳුරේ

වැප්

Sunday, May 23, 2010

ආදරයෙන් කොටසක්

නිල් අහසේ වැතිරෙන්න
සත් සමුදුරු කිමිදෙන්න
ඉඩ දෙන්න ඈ කැමතිද?

මහපොළවේ ඇවිදින්න
වන අරණේ සුව ගන්න
ඉඩ දෙන්න ඈ කැමතිද?

දිය ඇල්ලේ සැනසෙන්න
තද අව්වේ නැහැවෙන්න
ඉඩ දෙන්න ඈ කැමතිද?

මට ඇය අත ගන්න
ඇය ඔහු අත ගන්න
ඉඩ දෙන්න මා කැමතිද?

අදාරෙන් එක්වන්න
විරහවෙන් වෙන්වන්න
අප හිත් ඉඩ දෙයිද?

හේතුවට එක්වෙලා
අහේතුවට වෙන්වෙලා
ඇයත් මාත් වෙනතක් බලාගනිද?

අරුමයක් මේ ලොව
කරුමයක් පල දීලා
සසර තුල අප නැවත හමුවේද?

වැප්

කමෙන්ට් දාන්න බැහැ .......... අද සිට මා එය ඉවත් කරන ලදී, අවැසි වෙතතොත් පමණක් අවස්තානුකූලව එය විවෘර්ත වනු ඇත. ඔබ සතුටු මෙන්ම දුක්වනු ඇත. හිකිස් ........... .ගුගල් බස් එකේ තමයි මං දැන් ගොඩක් වෙලාවට ඉන්නේ .... ‍:W කැමති අය ඒ අහ එන්න .........

Thursday, May 13, 2010

කවි මඩුව අදයි ආරාධනය ඔබටයි

ආරාධනාවයි
ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ
අන්තර්ජාල කවි මඩුව උද උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ

එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ

විශේෂ දැනුම් දීම්
1. හෙට උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/


උපුටා ගැනීම http://lankeeyasithuwili.blogspot.com/2010/05/blog-post_12.html අඩවියෙනි

Saturday, May 1, 2010

ලියමුද කවි

මුලින්ම කියන්න උවමානම දේ තමයි මං මේවා ලියන්නේ, වෙන එවුන්ට බලලා ආතල් ගන්න නෙමෙයි. මට ආතල් ගන්න ... එ හන්දා කරුනා කරලා විශේෂයෙන්ම අපේ දොඩං ගොඩ මහත්තයට තමයි මේ අනතුරු ඇඟවීම. එයාට ආතල්ලු මං ලියන එව්වා..... මේ කරන අවසාන දැනුම් දිම හරිද දොඩං ගොඩ මහත්තයෝ ........ ........ :P හිකිස්

තැනක් ඇත කවි ලියන්න
එකෙක් නැත මං දන්න
එහෙව් තැන මගේ තැන
අන්න තැන උබේ තැන

මං එතන කවි ලිව්වා
තව එවුන් තව ලිව්වා
මගේ කවි වැකි කිව්වා
උන්ගේ කවි මරු කිව්වා

වැකි උනත් මගේ කවි
මට වටී මගේ කවි
මං ලිව්වා මගේ කවි
උන් බැලුවේ මගේ කවී

මං බැලුවා වෙන කවි
එව්වා නම් මරු කවි
මගේ කවි වැකි කවි
වලට සම වෙන කවි
ලොට් පිටින් ඇත කවි

ඔබත් කවි ලියන්න කැමති නම් හා මට වගේ අති දක්ෂ හැකියවාක් ඇත්නම් එක්වන්න ලාංකීය සිතුවිලි කවි මඩුව සමඟ

වැප්

Saturday, April 17, 2010

ජංජාලයක් වු ජාල ජීවිතය හෙවත් ජජාජී

හම් පටන් ගන්නේ රහස් පදය ගහලා
මුලින්ම ගොඩ වෙන්නේ ගුගල් වලට
ඔය අතරේ එන යාවත්කාලීනයන් ඔක්කොම එහෙන් මෙහෙන් බලලා වහලා දානවා
ඊට පස්සේ මෙන්න කෙලින්ම ගොඩ වෙනවා ජීමෙයිල් වලට
අප්පට සිරි මෙන්න මෙයිල් සෙට් එකක්
මේන් දැන් අලුතෙන් බසුත් ඇවිත්
මුහුණු පොතේ ඔපා දූප ටිකත් ඔක්කොම මේක අස්සේ
ඇයි රාජකාලි ලියුම් ටික
අද කරන වැඩ ටික වෙලාවත් එක්කම ලොක්කා එවලා
මුලීකත්වය දෙන්න ඔනා රාජකාරියට
නැත්නම් මසේ අන්තිම පඩියක් දෙන්න පුලුවන්ද?
මෙයිල් එවන, බස් එවන, ඔපා දුප එවන කාටවත්?
අල්ලපු එකත් එකක් කතා කර‍න්නේ කච කචෙන්
හිනාවා තමයි තිත් දෙකයි ඩී අකුරයි
නැතන්ම් ප්‍රතිශතය දාපු ලොල්
වෙලාවකට පාරෙදි කාව හරි දැක්කාහමත් ලොල් කියන්න හිතනෙවා [උබට නම් ලොල්ලා කියන්න හිතෙනවා හිකිස් LOL 1500%]
ඒ තරමට හිනාවත් කම්මැලි වෙලා
ඇයි සමහර වචන
ශබ්ද කරන්න වෙනම ගේමක් දෙන්න ඔනා
එකත් හරි දැන් කට තියෙන්නේ අතේ නේ ......
ගෙදර කොම්පියු‍ටරේ තියලා තියන මේසේ
හරියට ගුගල් වල "ලංකාව" ගැන හෙව්වා වගේ
ඒ මදිවට පරණ සීඩි එකක් හෙයන්න ඔනා නම්
ලෙසීයෙන්ම යොදාගන්න වෙලා තියෙන්නේ
උපකල්පිත ගුගල් සෙවුමක් ..... [ මෙතනට :D ඒකහරි නැහැ lol 52.05% ]
ආ අමතක උනා
සිංහල බ්ලොග්
මේකටත් දැන් වැඩි කාලයක් ගන්නවා
කියවන එකනම් කරනවා එත් දැන් ටිකක් විතර
අඩු වෙලාද කියලත් හිතෙනවා
අඩුම ගනේ වචන දෙකක්වත් කෙමන්ට් දාන්න ඔනා
හැබැයි ඉතින් නොදා ඉන්නවමත් නෙමෙයි
ටිකක් විතර කම්මැලිනම්
නලේ පැත්තේ ගිහින්
සිංහල විහිලු ටිකක් හොයලා
බලනවා
එක අතකට විහිලු හොයන්න දේකුත් නැහැ
අටේ ප්‍රවෘත්ති තියනවානේ
ඔහෙම ගිහින් ගිහින්
රත්‍රි 10.30 උනාහම
එයා අඬනවා
බනිනවා
කෑ ගහනවා
අද මු මා ලඟට එන්නේ නැහැ කිය කිය
එයාව තරහ කරගෙනත් බැහැ
දුකට සැපට
ලෙඩට දුකට
ඉන්න කෙනා හින්දා
කොහෙම හරි එකොලහට කලින් එයාගේ තුරුලට යනවා [ ලොල් 4999%]
එයත් එක වෙලාවකට එපා වෙනවා
මොකද උදේ 5.30 වෙන කොට
මාව ඇහුරෝලා
පයින් ඇනලා බිමට දානවා
පල දැන් වැඩට කියලා
උබට එපා නම් මටත්
මොකද කියලා, එ‍යාගේ ......
ඇකලිච්ච අඳ රෙදියි
පෙරලිච්ච කොට්ටයි
හා ආරක්ෂාවට දාපු දැලයි
එහෙන්මම තියලා මං නැගිටලා යනවා
නැහැ නැහැ
පස්සේ දුක හිතිලා
ආයිත් ඇවත් එයාව සනසලා යනවා - [ මේ කිව්වේ ඇඳ ගැන හරිද ලොල් 10 යේ 100 වෙනි බලය %]
ජජාජී

වැප්

Saturday, April 10, 2010

ටැබූ සබ්ජෙක්ට් - බෞද්ධායට අපහාස - NGO කලාව

[ඔහු මේම නින්දිත විවේචන ලිපි ලියනේනේ බෞද්ධයට පමණක්ම නොව නමුත්, මෙහෙදි මා කතා කරන්නේ බුදු දහම පැත්තේන් පමණි]
දඹදිව උපත ලද හා ලොවට ශ්‍රේෂ්ට මෙන්ම ඉතා ප්‍රයෝගික දහමක් පහදා දුන් බුදරුරජානණ් වහන්සේට, ගෞතම යන කෙටි නමින් හඳුන්වා දීමට තරම් තම මනස මෙහෙයවිය හැකි මේ අපුරු බ්ලොග් ලියන්නා, ඔහුටම අනුව බෞද්ධයෙකු නොවන බව පවසා සිටියි. කෙසේ වෙතත් අද බුදුරදුන් හිටියා නම් මෙම අමාන්ත්‍රණයට උපේක්ෂාවෙන් අසා සිටිනු ඇත. වසර 2010 ගෙවා දමන මේ යුගයේ මානව ශිෂ්ඨාචාරයේ අති දියූණු යයි සම්මතය. එහෙත් එම දියුණුව තුල අවම ස්වයං විනයක් පවත්වානොගැනීම හෝ තමාට අදාල නැති දෙයක් අපහාස වන අන්දමෙන් විවේචනය කිරිම කොතෙකු දුරට ඔය කියන්නා පරිදිම මානුෂික වන්නේද?

කතා කලොත් [පරණ ලිපි වල ඇති රචනයන් අධ්‍යනයෙනි] මුලු අමාෂයම පිරෙන්ට මානුෂිකත්වය කඩා ඉහිරෙයි එහෙත් කරන වැඩ කාට හෝ පල ප්‍රයෝජනයක් නැති අපහාසයකි, උපහාසයකි, විවේචනයකි. රටට කඩා වැදි මෙවන් NGO මාෆියවේ උතුරා යන ප්‍රේමය ප්‍රකාශ කරිම් පටු කොට ඇත්තේ තවත් එවන් බෞද්ධයාට අපහාස කරන්නෙකුට හැර වෙන කා හටද?. එකෙකු මියයවන්න උත්සාහ කිරිමත් තව එකකු වෙනුවෙන් වටරවුමක බොඩ් කැල්ලක් ඉසිමට අමතක නොකර මේ NGO නඩය මෙතරම් බෞද්ධයා හා විරුද්ධ වන්නේ මන්ද? ලිවිම් නිදහස නැතැයි කියමින්, වල් බූරු නිදහසේ ගැඹුරටම පිහිනා යන මෙවුන් දිය බුං ගහන්නේ බෞද්ධයාගේ හා එම සංස්කෘතියේ ඇති අඩුපාඩු කම් විවේචනය කිරිමෙනි. විවේචනය හා විවධ වු අදහස් මතින් හොඳදේ ඔප වි සමාජ ගත වීම අත්‍යවශ්‍ය කරුණක් වුවත්, බුදරජානණ වහන්සේගේ ලිංගය පිහිටි ස්තනයෙන් අපේ සමාජයට හෝ සමාජ ප්‍රතිශෝධනයට උත්පේරකයක් වන්නේද? හුදු අපහාසයම තම මාතෘකාව කොට ගනිමින්, ඉපැරණි පුස්කොළ හා පොත් පත් පෙරලමින් මේ සොයන්නට උත්සුකවන්නේ නිවනට මාර්ගය හෝ දුකින් මිදිමේ මාවතද? අවයව, පොතේ සඳහන් පරදි අනුරුවකට ගෙන ගොරිලෙකුට සමාන කිරිමට තම නැණැස මෙහෙය වන මොහුට, තේරුම් ගැනීමට නොහැකි කරුන බවට පත්ව ඇත්තේ සියල්ල වෙනස් වෙනවා යන්නයි. එනම් එම පොත් පත් හෝ පුස්කොළ පොත් වල, චරිකයකට හෝ වර්ණනාවකට, වැඩි අගයක් දිමට යම් අතින් දැමු කොටසක් ඉදිරිපත් කරන බව මොහුට අමතකය. නමුත් මොහු එම කර්තවයය එදාට වඩා හොදින් අද සිදු කරයි.

වටිනා ලිපි හෙවත් සමාජය‍ වෙනුවේන් ලිපි කිහිපයක් පල කර බෞද්ධායට හා සංස්කෘතිය අපහාස වන ලිපියක්ද අතර තුර රිංගා දමන්නේ කාගේ උවමනාවක්ද? සත්‍ය අරමුණ අපේ සංස්කෘතියට අපහාස කිරිමේන්, ලිපියට වැඩි අවදානයක් ගැනිමද? නැතිනම් මුදලට වහල් වි ඉල්ලක ගත සමාජ අපහාසයක්ද? සමාජයක හෝ සංස්කෘතියක වැරදි හා අසම්මත දේ ඇත. එයයි සමාජය හා විවිධත්වය. නමුත් මේ මහා හසල දැනුමක් ඇත්තවුන්ට එය වැට හෙන්නේ නැත. එම විවධත්වය යොදාගෙන හා විවදත්වයේ නාමයෙන් මෙසේ සමාජ සංස්ථා හෝ ‍ඉතිහසය තුල ශ්‍රේෂ්ට යයි සම්මත පුද්ගලයන්ට අපහාස කල හැකිද?

සත්‍ය ලෙසම සමාජ ශොධනයකට ලිපි ලියන්නේ නම්, හා ඒ අතර තුර බුදුරජාණන් වහන්සේගේ අවයවය පිහිටි තැන සෙවිම යනු. දොවාගත් කිරි කලයට ගොම බින්දවක් දමා ගැනීම වැනිය.

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....