Sunday, September 25, 2011

මැරුණොත් මොකද වෙන්නේ

මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක පැමිණෙයිද කියලා කියන්න බැහැ. ඒ හන්දා පුලුපුලුවන් විදිහට පින් දහම් කරගන්න ඕනේ. පින් පොත ටිකක් පැත්තකින් තියලා, අද පොඩ්ඩක් ලියන්න හදන්නේ අපේ ජිමෙයිල් ෆේස්බුක් වගේ ගිණුම් වලට මොකද වෙන්නේ කියලා. මට මතක විදිහට මේ ගැන කවුරු හරි හොඳ ලිපියක් ලියලා තිබ්බා. ඒක හොයාගන්න නම් බැරි උනා. කාට හරි හම්බුනොත් කියන්න.

දැන් බ්ලොග් එකේ ලිපි නොලියවෙන්න මූලික හේතුව තමයි බස්රේඩියෝව ඒකේ බ්‍රහ්ස්පතින්දා රාත්‍රී 8.30 ට කරනා කතාBuzZ වැඩසටහනත් එක්ක සතිය ගෙවෙනවා දැනෙන්නෙවත් නැහැ. ඒ වැඩ සටහන හින්දා ඒ අදලා පුද්ගලයාගේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න වෙනවා. [ ඊට අමතරව ඕපදූප හොයන්න වෙනවා ඔහු හෝ ඇය ගැන. ඕපදූප හොයන වැඩේ නම් ඉතින් මම ආසම වැඩක්. ඒ හන්දා ඒ රාජකාරිය කරන්නේ බොහොම සතුටින්.]. මේ වැඩසටහනත් එක්ක කට්ට කන තව දෙන්නෙක් ඉන්නවා ඒ තමයි බීටල් හා දුලන්. ඔවුන් දෙන්නවත් බස්රේඩියෝව අහන ඔබ සැමත්, රේඩියෝව කරන අනික් පුද්ගලයනුත් මේ කට්ටම කනවා කියලා මතක් කරන්න කැමතියි :DDDD [ බස්රේඩියෝව පිටින් කම්මැලි කම යවන ලදී :DDD ]

නැවතත් මරණයට ........

ජිමෙයිල් / ෆෙස් බුක් හා අනිකුත් ගිණුම් වලට මොකද වෙන්නේ කියන එක මේ ලින්කුවෙන් ගිහින් බලාගන්න http://www.makeuseof.com/tag/what-happens-to-your-email-and-social-networking-sites-when-you-die/

උඩ තියන ලින්කුව ඒ ගිණුම් ගැන කතා කලත්. මගේ වෙබ් සයිට් වලට මොකද වෙන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්ණය. මීට ටික කාලයක කලින් මාත් ආසාවට ගත්තා www.wapnishantha.lk  කියන .lk ගිණුමක්, අදහස උනේ බ්ලොග් එකත් මේ නමට මාරු කරලා මගේ  මූලික විස්තර ටික දාලා වැඩේ කරන්න. ඒත් පස්සේ කල්පනා උනා. මම මැරුණට පස්සේ කවුද .lk එකට අවුරුද්දට රුපියල් 3360 ක් ගෙවන්නේ, ඒ විතරයෑ ඉඩ හෙවත් හොස්ටින් එකට සල්ලි ගෙවන්නේ කවුද? ඔය ප්‍රශ්න වලට මට පිළිතුරු නැහැ. කොහොමත් මගේ ගෙදර උදවියට මේ අන්තර්ජාලය පිළිබඳව හෝ ‍මේ වැඩකටයුතු පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒ තියා අපේ ගෙදර කවුරුත් දන්නේ නැහැ මම බ්ලොග් ලියනවා කියලවත්. ඉතින් ගෙදර අයට මේවායේ ලොගින් දිලා තිබ්බට වැඩක් නැහැ. අනික මම නැති දවසක එයාලට මොකටද මේවා.

ඉතින් ඔය විදිහට කල්පනා කරලා මගේ නමින් ගත්ත .lk ගිනූමේ වැඩේ එතනම නතර කලා. ඒක එහෙම්ම නැති වෙලා යයි. හැබැයි ගුගල් වල හෙවත් බ්ලොග්ස්පොට් වල දාලා තියන මගේ බ්ලොග් එක නම් ගුගල් තියන කම් පවතියි. ඒ හන්දා ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ හන්දා ඔය ඩොමෙයින් නේම් අරන් බ්ලොග් කරන කට්ටිය දැන් තියා කාව හරි ලෙහෙස්ති කරගන්න සල්ලි ගෙවන්න කවුරු හරි :DDD. ඒ මගේ පුද්ගලික බ්ලොග් අඩවියනේ.  එතනින් එහාට ගියාම, මම වැඩ කරන පොදු වේබ් අඩවිල වල ලොගින් සහ සියලුම ගිනූම් තොරතුරු ඒකේ ඉන්න අයත් එක්ක බෙදාගෙන තියෙන්නේ. ඒ හන්දා මං නැතුව උනොත් ඉන්න කෙනෙක්ට ඒ වැඩ ටික කරන් යන්න පුලුවන්.


ඔන්න ඉතින් මේ මාසේට එක ලිපියක් දැම්මා. නැත්නම් ඉතින් මේ මාසේ ලිපියක් නැතුව යනවා.

වැප්

Sunday, August 21, 2011

තහනම් ආයෝජනය හා පොළියට පෙම් බැඳිම

ගිය සතියේ ලංකාදීප පත්තරේ මේ සතියේ තමයි බලන්න පුලුවන් උනේ. ඒ බලන් යද්දි පහත පින්තූරය දැක්කම  , ලිපියක් ලියන්නම ඕනේ කියලා හිතුනා. මට හිතෙන්නේ ආයෙත් මේ තහනම් හා නිතිවිරෝධී ආයෝජන ක්‍රම හිස ඔසවලා වගේ. එහෙමත් නැත්නම් සක්විතිලා දඬුවම් මුදලාලිලා හැම තැනම ගැවසෙනවා වගේ. නැත්නම් මහ බැංකුව මෙහම දැනුම් දිමක් කාලෙකට පස්සේ ආයිත් කරන්නේ නැහැ. ඔන්න දැන් බ්ලොග් අවකාෂයේ මේ වගේ අය ඉන්නවා නම් ප්‍රවේසමෙන්. :DDDD 

ඇත්තම කිව්වොත් මාත් අහු උනා. ඔව් ඒ දවස් වල තිබ්බ පිරමීඩ් ක්‍රමයකට මම අහුවෙලා තියනවා. ඊට අමතරව ඉස්කෝලේ කාලේ පොඩියට තියන සීට්ටුවකටත් අහුවෙලා  තියනවා. ඒක උනේ මෙහෙමයි දැන් ඔය සිට්ටුව දාන එකාටනේ මුල් සීට්ටුව අයිති. මට මතක විදිහට බුවා පොඩි කාලේ ඉදන් අපිත් එක්ක එකටම හිටපු බොක්කක්. ඒ හන්දා අපි අනික් සෙට් එකත් පුරුදු පරිද දැම්මා සීට්ටුව. හරි හය වසර ඔව් හය වසර තමයි. සිට්ටුවේ මුලු අගය රුපියල් සියයි. ඔන්න දැන් තුන්ඩු උඩදාලා මටත් අංකයක් අවා පහද කොහෙද. අවුලක් නැහැ පහ කියන්නේ හොඳ ස්තානයක්නේ. මේ වැඩේ කලේ සිකුරාදා දවසක. අනික අපේ විදිය තමයි එක දවසේ සීට්ටු බේරන ක්‍රමය. ඒ හන්දා අංක එක ගත්ත එකා උඩ පැන පැන ගියා උගේ දවස ලබන සඳුදා කියලා. ඒ එක්කම එක දවසේ සීට්ටු හින්දා සීට්ටුව දාපු එකා රු 100 එදාම ගත්තා. මාත් පස් පාරක් උඩ පැන්නා මං පහනේ. 

ඔන්න දැන් සඳුදා ආවා. 
අනික් සැට් එක ඉන්නවා. 
සීට්ටුව දාපු එකා නැහැ. හික් 
දෙවනි දවස අවා 
අරු එදත් නැහැ හික් 
තුන් වෙනි දවස 
අරූ ඒත් නැහැ හික්
අරූ එන්නේම නැහැ කියලා ටිච කිව්වා හික්
ඌ වෙන ඉස්කොලයකට ගිහින් හික් හික් හික්


ඔන්න ඔය කේස් එක හින්දා සීට්ටු තහනම් වචනයක් උනා. හැබැයි ඉතින් මෝඩ කමට බේත් නැහැ කියන්නා වගේ ලොකු ලොකු දර්ශන දාගෙන එන එව්වාට අහුවෙනවා. ඒකනේ අර පිරමිඩ් ක්‍රමයකට අහුවෙලා දහස් ගානක් මම නැති කරගත්තේ. ආකර්ෂනිය පොලී අනුපාත කියයි. සල්ලි ඕන වෙලාවක ආපහු ගන්න පුලුවන් කියයි. දහසකුත් එකක් කියන හොර ආයතන කොච්චර නම් තියනවාද. ඒවට කීදෙනෙක් අහුවෙනවද? කිදෙනෙක් අහුවෙලා සද්ද නොකර ඉන්නවද? [ හික් මෙච්චර කලක් මාත් කටවහන් හිටියේ ]. මතකනේ ප්‍රමඛ බැංකුවේ කතාව. අහුවෙලා කියලා දන්නේ බැංකුව වහලා මහ බැංකුවෙන් නිල නිවේදන කලාට පස්සේ. ඒ හන්දා ඔය සක්විති දඩුවම් මුදලාලි වගේ අය විතරක් නෙමෙයි. බිල්ඩිමක් තියන ඔෆිෂියල් විදිහට බොරුව කරන ආයතනත් තියනවා කියලා දැනගෙන ඉන්න එක වටිනවා. 

ඊට අමතරව ඔය ලංකා දිපේ එහෙම මම දැකලා තියනවා ඔබට ආයෝජනයට අවස්තා කියලා. වැඩි පොලි දාලා දැන්විම් තියනවා. සමහරු ඕවාට අහුවෙනවා. හැබැයි ගොඩක් අය දැනුවත් පත්තර වල තියන එව්වාට අහුවෙනවා අඩුයි. හැබැයි දැන ඇඳුරුම් කම් වලින් ඔය වගේ දේවල් වලට අහුවෙන ප්‍රමාණය වැඩියි. ඒ හන්දා අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි වංචාකාරයන්ට, වංචාකාර ආයතන වලට අහුනොවෙන්න වගබලා ගන්න එක අපේ යුතුකම.

හික්හික් පොඩි කාලේ ඒ වගේ දෙවල් වලට අහු උනාට දැන් මම ලොකු ළමයෙක්. ඒ හන්දා ආයේ අන්දනවා බොරු මාව :DDD

වැප්

Wednesday, August 3, 2011

මී මුරේ තවදුරටත් දුෂ්කර ගමක් නොවෙයි / Meemure

මී මුරේ, සමහරුන්ට මැවෙන්නේ අමුතුම රූප සටහනක්. ඔව් ඔබ ඒ ගමට මීට අවුරුදු පහකට හයකට උඩදි ගියා නම් එය නිවැරදි‍ වෙන්න පුලුවන්. නමුත් ඔබ මෑතක එහෙමත් නැත්නම් මේ අවුරුද්දේ ගියා නම් දුශ්කරයි කියන වචන එච්චරම උචිත නැහැ. දුශ්කරයි කියන කාරනයත් සාපේක්ෂ දෙයක්. එම නිසා මට නම් තව දුරටත් මීමුරේ කියන ගම දුශ්කර ගමක් නෙමෙයි. හුන්නස්ගිරියේ ඉඳලා කිලෝමිටර් 36 ක් දුරින්, නකල්ස් කඳුවැටියෙන් වටවූ මේ සුන්දර ගම්මානය කෙළවරට යනතුරුම දැන් කොන්ක්‍රීට් කරනලද පාරක් ඇත. දැනට පවුල් 118 ක් එම ගමෙහි ජිවිත් වෙයි. මීමුරේ මි මුරේ

මීමුරේ ගිය ගමනෙදි අපි නාවාතැන් ගත් ස්ථානයේ හිමිකරු වන නවරත්න මහතා සමඟ කරන ලද කතාබහක සංෂීප්තයක් පහත පරිදි පෙලගැස්විය හැක



මී මුරේ ඉතිහාසය - History of Meemure
අනුරාධපුර යුගයේ සිදුවු වියසනයක් හේතුවෙන් රහතුන් වහන්සේලා වෙනත් පෙදෙස් කරා වැඩම කර ඇත. පසුව රජතුමා විසින්, වඩනහලු/රන්දුනුවා හා කහටගහකුඹුරා කියන පුද්ගලයින් තුන්දෙනා ගේඳුරුවා නම් වැදිනායකයාගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේලා සොයාගැනිමට පිටත් කරවා ඇත. එම සිද්ධිය මීමුරේ ගමෙහි ආරම්භයයි. අදටත් පවතින දන්දෙනිකබුර කහටගහවෙල සහ ගලමුදුන ජනාවාස වී ඇත්තේද එහිම ප්‍රථිපලයක් ලෙසය. ඊට අමතරව රන්දුනුවා විසින් ජනාවාස කරන ලද ගලමුදුන සොයාගෙන ඇත්තේ මී වදයක් සොයාගෙන යාමේදිය. නවරත්න මහතාට අනුව ගලමුදුන නම් ගම අති දුශ්කරය. එම ගමට මොන ආකාරයකින් ගියත් කිලෝමිටර් දහයක් පමණ පයින්ම යා යුතුය.

පහසුකම් - Facility of Meemure
දැනටමත් ලංකාබෙල් CDMA දුරකතන ජාලය වැඩකරයි. ගම කෙළවරට යනතුරු කොන්‍ක්‍රීට් කරන ලද පාරක් පවතියි. ගම තුල කඩ තුනක් පවතීයි. එවාහි ඒ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සරිලන බඩු බාහිරාදිය විකිණිමට ඇත. ගමපුරා විදුලි රැහැන් ඇද ඇත. ජලවිදුලි බලාගාරයක් හා ඇල්බිසියා වලින් ක්‍රියාත්මක වන තාබ බලාගාරයක් පවතියි. නමුත් තාපබලාගාරය දැනට අක්‍රීයව පවතින්නේ එහි තාක්ෂනික ‍දෝෂයක් පවතින බැවිනි. ඊට අමතරව සූර්ය තාප විදුලි බලය බොහෝ නිවෙස්වලට ඇත. මේ කරුණු සලකා බැලූ කල මි මූරේ තව දුරටත් දුශ්කර නැති බව පැවසිය හැක. ත්‍රීවිල් ලොරි යතුරු පැදි මෙන්වම වැන් ද එහි ගැමියන් සතුය. අනෙක් පෙදෙස් වලින් වෙන්ව පැවතියත් මී මුරේ යනු ස්වයංපෝෂිත ගමක් බව නවරත්න මහතා ආඩම්බරයෙන් පැවසීය.



අධ්‍යාපනය - Education 
ළමයිගේ අධ්‍යාපන උවමනාව මෙන්ම දෙමාපියන් ළමයි අධ්‍යාපනයට උනන්දු කිරිමද සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතුව එදිනෙදා වැඩ කටයුතු කරගැනිමේන් පැවතගෙන එන පාරම්පරික කර්මාන්ත ටික රැක බලාගැනිම ප්‍රමාණාත්මක බැවිනි. එම ගමේ උපාධරින් කිහිප දෙනෙක් සිට ඇත. එහෙත් වර්තමානයේ උසස් අධ්‍යාපනයට හිමිකම් කරගත් සිසුන් නැත. වෘත්තිය අධ්‍යාපනයක් හඳුන්වා දෙන්නේ නම් එය වඩා යෝග්‍ය බව නවරත්න මහතා පැවසීය. ගම තුල පන්සල මෙන්ම පාසලද පවතියි.

ආර්ථිකය - Economy
පාරම්පරික කිතුලි පැණි  ගම්මිරිස් එනසාල් හා හේන් ගොවිතැන හා වි ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මර්ගයයි. ගම තුල වෙලඳාම මෙන්ම. නගරයට ගෙන ගොස් විකිණිමද සිදුවේ. ආර්ථිකමය වශයෙන් ඔවුහු සැලකිය යුතු මට්ටමක සිටිති. මුදල් අතේ ඉතුරු විමට ප්‍රධානම හේතුව බොරු වියදම් නැති වීමයි. ඊට අමතරව සංචාරකයන්ගෙනුත් සැලකිය යුතු අදායමක් ඔවුන්ට ලැබෙයි. ගමේ තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ඇඟලුම් ක්ෂේත්‍රයේද රැකියා කරයි. ඊට අමතරව නගරයේ වෙනත් රැකියා සඳහාද පිටත්ව යයි. තවද විදෙස් රැකියා වලට ගිය කාන්තාවන්ද සිටිති.

සංචාරකයෝ - Tourism 
ගමට පැමිණෙන පරිසර හිතකාමි නැති සංචාරකයින්ට ඔවුන්ගේ බලවත් විරෝධය පවතියි. එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි. ඒ සඳහා ඔවුන් වැඩපිලිවෙලක්ද යෝජනා කරයි. එනම් ඕනැම සංචාරකයෙකුට පැමිණිය හැකි උනත්. ඔවන් සඳහා වෙනම තීරු හෙවත් සංචාරක කලාප ඇති කල යතුයි. එලෙසම එන සෑම සංචාරක කණ්ඩායමකටම ගමේ නියෝජිතයෙකුගේ මගපෙන්විම අනිවර්ය යැයිද පවසයි. දැනට එලෙස සංවිධනය වූ ක්‍රමවේදයක් නැතත් නුදුරේදිම එයදියත් කරන බව නවරත්න මහතා පැවසීය.

තර්ජන - Influence  
පාසල් වලට පැමිණ තැගි බෝග දිමේ කූට උපක්‍රමයෙන් ආගම මරු කිරිමේ ක්‍රම වේදයට පසුබිම සැකසීමද සිදුවෙයි. ඊට අමතරව බරපතලම කාරණය වන්නේ, හරක් මස් නොකන මිනිසුන්ට හරක් මස් කෑම පුරුදු කිරිමයි.
ඔනෑම ගමක සිටින කසිප්පු බොන පුද්ගලයන් හට නොමිලේ හරක් මස් ගෙන දිමක් මුස්ලිම් හොර හරක් මුදලාලිලා සිදු කරයි. එයට ගිජු හා ලොල් වූ පුද්ගලයන් ගමේ සිටින හරක් හොර රහසේ එම මුදලාලිලාට විකුණයි.

ස්භාවික තර්ජනයක් ලෙස වල් අලි තර්ජනය ඇත. නමුත් තවමත් මෙය ඉතාම බරපතල තත්වයේ නැත

සංචාරක ස්ථාන - Attraction 
ගම ඉතා සුන්දරය. අවට කඳුවලල්ල ඉතා අලංකාර ලෙස දර්ශණය වෙයි. ඊට අමතරව ලකේගල හා වෙඩි ලුණු ගලද නැරබිය හැක. එමනිසා ඔබත් මි මුරේ යන්නේ නම් අවම වශයෙන් දවස් තුනක ගමනක් යා යුතුයි. සූරිය අරණ චිත්‍රපටය රූගත කල ස්ථන හා එහි සුන්දර දසුන් මැවූ ගංගාවද දැක ගත හැක. ඊට අමතරව  වල් ඌරා වලිකුකුලා දිවියා වැනි සතුන්ද සිටිති.

සංචාරයට උපදෙස්
1. නගරයෙන් බොහෝ ඈත නිසා අවශ්‍ය කැම බිම රැගෙන යන්න
2. වාහන හොඳ තත්වයක තිබේ දැයි පරික්ෂා කර බලාගන්න
3. ගමේ කවුරුන් හෝ සම්බන්ද කරගෙන ගම තුල ඇවිදින්න
4. කූඩැල්ලන් සිටින නිසා එයට පෙර සුදානමකින් යන්න
5. දුෂ්කර ගමක් ලෙස නොසිතන්න
6. ගෙන යන සියලු දැ රැගෙන එන්න
7. පරිසර හිතකාමි වන්න




සියලු ඡායා රූප ගැනිම අනුරාධ විසිනි

වැඩි දුර
වසර 17 කට පසු මීමුරේ
http://en.wikipedia.org/wiki/Meemure
http://www.dailynews.lk/2003/04/05/fea08.html

Knuckles Mountain Range- Meemure Village Camp - Camping in Knuckles Mountains -Meemure Village - Camping in Knuckles Mountains Sri Lanka 
Meemure is a village in Sri Lanka with a ‍families of about 100. It is located near the border between Kandy District and Matale District in the Knuckles 

වැප්

Friday, July 29, 2011

පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව

හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේ
සරස්වතී කුමරිය මෙහි වඩින්නේ
වැරදි නැතිය හරි දෙයකුයි කරන්නේ
සැම දෙස බලා සැමට සෙත සදන්නේ

සොදුරු දෙයකි අරඹන්නට හදන්නේ
සැමට සෙතක් ඇති බවකුයි සිතන්නේ
අද දින අපි කවි මඩුවක් කරන්නේ
කවි කම් මතින් හොද මිනිසුන් හදන්නේ

රතු පාවඩ නැත කවි පලසකි එලන්නේ
කවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේ
කවි කියන්න සැමටම සුබ පතන්නේ
පිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේ

පහන් සිලක් දැල්වීමේ ආරාධනය

සමාව අවසර මිතුරනි පිළිගන්න
සම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්න
සැම දෙනාම එකාවන්ව ගොඩවන්න
ඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්න

පහනේ තෙල් සුවදින් සිත් සැනසේවා
පහනේ ආලෝකය දසතම පැතිරේවා
පහනේ උණුසුම සැමටව සුවදේවා
පහනේ දැල්ල නිම වන තුරු නොනිවේවා


මුල්ම මාතෘකවලෙස "මත්පැන් හොඳද , නරකද?" ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්නා ලදී


කවිමඩුවට මෙතනින් යන්න http://kavimaduwa.lankeeya.lk/index.php


උපුටා ගැනිම ලාංකීය සිතුවිලි


ඔබ

Sunday, July 17, 2011

අවසර දෙනවද අම්මේ‍

කලකට පසුවයි අම්මේ
ඔබ සමගින් එක මග යන්නේ
සැමදා දුටුවත්, ඔබේ රුව අම්මේ
කරුණා සේ‍නෙහස බුදු ගුණ වින්ද නිසා,
නුදුටුව ගානයි ඔබ මනු රුව අම්මේ
වියපත් වි ඇති බව දුටුව නිසා
මව් ස්නෙහස වැඩි වූවා අම්මේ

ඔබේ විඩාවට සවියක් වන්නට
දානය අරගෙන ගමේ පන්සලට
එන පෝයට එන්නද මා අම්මේ
සිල් සුවඳයි ඔබේ සුවඳයි
විඳින්න මට අවසර දෙනවද අම්මේ‍

මා ඔබ පුතුම නිසා අම්මේ
අවසර ඇත මා හැර යන්නට
නිවන් පුරට වඩිනා දා සිට, අම්මේ
යන මග එලි කර හරි මග කී නුඔඋබ
මගේ සවියගෙන මටම මවම වි එතකල් හිඳින්නඉඳපන් අම්මේ








Tuesday, June 14, 2011

Open Space ලංකාවට නවමු අත්දැකිමක්

බටහිර රටවල දැනටමත් ක්‍රියාත්මක වන ලංකාවට,අපිට අලුත් වූ සංකල්පයක් OPEN SPACE ආයතනය හඳුන්වා දී ඇත. සමහර විට ඔබට මෙය නවමු ඇත්දැකිමක්ද නොවනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම සංකල්පය කුමක් දැයි මුලින්ම හඳුනා ගනිමු. හිතන්න ඔබ නිර්මණයට දක්ෂයෙක්. නැතිනම් සංකල්ප වශයෙන් අලුත් දේ ඉදිරිපත් කරන්නෙක් තවදුරටත් කියන්නේ නම් විවිධ අංශයන්ගේ හැකියාව හා දැනුමක් ඇති අයෙක්. එසේ නම් Open Space යනු ඔබට ගැලපෙන ස්ථානයයි. විවධ අංශයන් හි විවිධ හැකියාවන් තියන පිරිසක් එක් තැනකට එකතු වි සාකච්චා කරමින් දැනුම බෙදා ගැනිම තමයි මෙම සංකල්පය. එයට පහසුකම් සැලසිමක් තමයි ඕපන් ස්පේස් සිදු කරන්නේ. මෙහදි එක් අයකුගේ වැඩකට තවත් අයෙකු බාදාවකින් තොරව එකතු කරගැනිම තමයි සිදුවෙන්නේ.



1. කොහෙද මේ ආයතනය තියෙන්නේ?
186, තුන් වෙනි මහල, ගාලු පාර, කොළඹ 4
[ගාලු පාරේ මැජෙස්ටික් සිටි සුපිරි වෙලඳ සල පසුකොට දෙහිවල දෙසට යන විට මුහුද පැත්තේම]

2. කවුද මෙතනට එන්නේ?
පාසල් සිසුන්, විශ්ව විද්‍යල සිසුන්, විවධ වෘතිකයන්.

3. පහසු කම්?
පාසලක පුස්ථකාලයක එහෙමත් නැත්නම් කාර්‍යලයක ඉගෙන ගන්නා හෝ වැඩකරන ඔබට එයින් මිදී ගෙදරක වටපිටාවක් මෙහිදි දැක ගත හැක. ඒ වගේම විවධ වූ දක්ෂතා හැකියවන් ඇති පිරිසක් නිතරම ගැවසෙන බැවින් ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ සහාය, ඔබට ලබා ගත හැක. මීට අමතරව අන්තර්ජාල පහසුකම් හා වායූසමනයද යුතු මිත්‍රශීලි වටපිටාවක් ලැබේ.



දැනුම හා හැකියාවන් බෙදා ගැනිම හා එකතු කර ගැනිම තමයි මේ සංකල්පයේ මූලික අරමූණ වෙන්නේ. මෙතනදි ආයතනය පවත්වාගෙන යාමට යම්කිසි පිරිවැයක් දරන බැවින් සාධාරණ මුදලක් අය කරයි. එන පිරිස අතර සුහදත්වය ගොඩ නැගිමට හා හඳුනා ගැනිමට විවිධ වූ ක්‍රියාකාරකම්ද නිරන්තරයෙන් සිදු කරයි. පිටරට දෙයක් දේශීයකරණයට ලක් කර විවිධ වූ සමාජ මට්ටම් නියෝජනය කරමින් ලාංකීකයන් එක් කරගැනිම තමයි ඔවුන්ගේ අපේක්ෂාව. වයසේ ප්‍රශන්යක් හෝ සමාජ පන්ති මෙම ආයතනය හා සම්බන්ද වීමට ගැටලුවක් වෙන්නේ නැහැ. එන ඔනෑම අයෙකු ඉතා සුහද ලෙස පිළිගෙන එහි සිදුවන දේ ගැන කෙටි හැඳින්විමක් ලබාදීම මුලින්ම සිදුකරයි. ඊට අමතරව ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට කාර්‍යාල පහසුකම්ද සලසා දෙයි. 


4. ඇයි කවුරුන් හෝ මෙතනට පැමිණිය යුත්තේ?
හිතන්න ඔබ තවමත් ඉගෙන ගන්න කෙනෙක්, පුස්ථකාලයක තියන වාතාවරණය හා මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානයකත් අතරමැදි අවස්ථාවක් ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ ස්ථානයක් තමයි Open Space කියන්නේ‍. එහෙම නැත්නම් ඔබට ව්‍යපාරයක් තියනවා නමුත් කොළඔ හෝ ඒ අවටින් ඉඩක් නැහැ. එහෙමත් නැත්නම් කිහිප දෙනෙක්ට එකතු වෙලා යම් කිසි ව්‍යපෘතියක් කරගන්න තියනවා ඒත් තැනක් නැහැ. ඒ වගේ අවස්ථාවල Open Space ඔබට පහසුකම් සලසයි.

6. සිංහල බ්ලොග්කරුවන්ට දෙන්න තියන පණිවුඩය මොකක්ද?
"ඇවිත් බලන්න වෙනස අත්විඳින්න" -   විශ්මි පෙරේරා

"මේක අලුත් සංකල්පයක්, තවමත් ලංකාව තුල ගොඩනැගෙමින් පවතින්නේ ඒ වගේම මෙතනට කවුරු හරි මුලින්ම එන්නෙ මේ  මොකක්ද කියලා  බලන්න හැබැයි ආපූ මුල් දවසෙන්ම ‍ඔවුන් මේ ගැන වැටහීමක් අරගෙන නැවත වතාවක් එනවා. ඒ එක්කම කියන්න ඕනේ මුල් දවස නොමිලේ. ඒ හන්දා ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවන්" - විශ්මි පෙරේරා

7. ආරක්ෂාව
කිසිම ගැටලුවක් නැහැ ඕනෑම අයෙකුට බය නැතුව ඇවිත් යන්න පුලුවන්. මොකද දැනටමත් ‍පාසල් සිසුවියන් හා කන්තා පාර්ෂවයය මෙතනට එනවා. 


විශේෂ ස්තුතිය
මේ ගැන මාව දැනුවත් කලThink Media Consultants හි සංජය හා හර්ෂ, 
මාත් එක්ක මේ ගැන තොරතුරු සොයා ගැනිමට පැමිණි අනුරාධ 
කැමරාව සැපයූ ඇන්ජලෝ
Open Space සංකල්පය දැන ගැනිම හා ඒ ගැන තොරතුරු ලබා දෙන්නට අවස්ථාව සලසා දුන් විශ්මි පෙරේරා

නිධාන කතාව
මේ ආයතනය ගැන සංජය මට කිව්වට පස්සේ, පුදුම උනන්දුවක් ඇති උනා මේක ගැන හොයන්න. වෙබ්සයිට් එකට ගියා එකෙනුත් විස්තර ගත්තා. ඊට පස්සේ විශ්මිට මෙයිල් එකක් දාලා ඇහැව්වා //මම මෙහෙම සිංහල බ්ලොග් ලියන කෙනෙක්\\, මම කැමැතියි මේ සංකල්පය දැන ගන්න මට පුලුවන්ද වෙලාවක් වෙන් කරගන්න කියලා. ඇය එයට යහපත් ප්‍රතිචාර දක්වලා මට කැමති ‍දිනයක එන්න කිව්වා. ඒ වෙනකොට මට කැමරාවක් තිබුනේ නැහැ. ඔෆිසියේ හිත හොඳ එකා ඇන්ජලෝගෙන් ඒකත් ඉල්ලගෙන පණුවා[ අනුරාධ] වත් ඇද ගෙන ඔන්න මම ගිය සතියේ දවසක ඔය කියන තැනට ගිහින් තැනත් බලාගෙන පින්තූරත් අරන් විශ්මිගෙන් තොරතුරු අහගෙන අවා. ආ දැන් මට කැමරාවක් තියනවා රට ඉඳන් ලංකාවට ආව සිංහල බොලොක්ක කරුවෙක් මට ගෙනත් දුන්නා නොවැ කැමරාවක් :DDD 


මෙන්න කියවපල්ලා

Sunday, June 5, 2011

සින්ඩියක් හදන්නේ කොහොමද - Python syndi

සින්ඩියක් හදන්නේ කොහොමද කියන ප්‍රශ්ණය ගොඩක් අයට ඇති. සරළව කිව්වොත් මෙතන වෙන්නේ RSS හෙවත් ඔබගේ බ්ලොග් අඩවියේ තියෙන පෝෂක කියවන එක. සින්ඩිකට ඉල්ලුම් කරද්දි අපි RSS ලබා දෙන්නේ ඒ හින්දා. මතකද පහු ගිය ලිපිය ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම, Java පාදක කරගෙන ලිව්ව ලිපිය. අතුරු කතාවත් කියලාම වැඩේ පටන් ගන්නම්කෝ, ගිය සතියේ සයිබර් යාලුවෝ ටික නුවර ගිය වෙලාවේ පහන් කිව්වා Java වලට වඩා Python ලේසියි හා ඉක්මන් කියලා. ඒ වෙන කොටත් පයිතොන් ගැන මෙලේ හසරක් දැනං උන්නේ නැහැ. පස්සේ ගෙදර ඇවිත් තමයි මේ පයිතොන් වලින් සින්ඩියක් හදන වැඩේට අතගහලා බැලුවේ. ගුගල් දෙයියෝ හින්දා බය නැතුව වැඩේට බැස්සා.


සින්ඩියක් හදන්න කොච්චර ලේසිද කිව්වොත් මුලු සින්ඩියටම තියෙන්නේ ෆයිල් අටයි.


මුලින්ම දෙයියෝ ගාව තියන Getting Started: Python ලිපියට ගිහිල්ලා රවුමක් දාලා එන්න‍. එකේ තියනවා වින්ඩෝවල කොහොමද පයිතොන් ස්තාපිත කරගන්නේ කියලා.

මේකට ඔනේ
1.Python 2.5 - http://www.python.org/download/releases/2.5/‍‍‍
2.App Engine SDK - http://code.google.com/appengine/downloads.html
3.Windows Launcher for Google App Engine - http://code.google.com/p/google-appengine-wx-launcher/ -
හෝ http://code.google.com/p/google-app-engine-launcher/downloads/detail?name=GoogleAppEngine%20GUI.exe&can=2&q=
[ගුගල් වලට අප්ලෝඩ් කරන විදිහ]

වින්ඩෝස් 7 සඳහා තමයි සියලුම දේවල් මම යොදාගත්තේ. ඔය දෙකම භාගත කරගත්තට පස්සේ ඔබේ පරිගණකයේ සමාන්‍ය ආකාරයට ස්තාපනය කරගන්න පුලුවන්.


‍ගුගල් හොස්ටිං වල වෙනම ඩෙටා බේස් කතාවක් නැහැ. කෝඩ් එකෙන්ම තමයි ඩේටා බෙස් ටේබල් ඔක්කොම පාලනය කරන්න පුලුවන්.

සින්ඩියට අවශ්‍ය අපි හදන ෆයිල්
1. RSS ඇතුලු කිරිමට‍ ෆොම් එකක් - bloglist.py
2. සින්ඩි කේට් කිරිමට හෙවත් cron රන් කිරිමට - cronblogpost.py
3. ලිපි පෙන්විමට - synditest.py

ඔන්න ඔය ෆයිල් තුනෙන් තමයි මූලිකව ඕක වෙන්නේ, ඊට අමතරව තුන් වන පාර්ෂවයෙන් ඕනා වෙනවා feedparser කියන RSS කියවන කෝඩ් එක.

හරි දැන් එකින් එක ෆයිල් බලමු
1.app.yaml මෙයා තමයි සියල්ල පාලන කරන්නේ
application: lankeeyasyndi  මේ තියෙන්නේ ගුගල් එකේ අපේ ඇප්ලිකේෂන් අයිඩ් එක හෙවත් යූනික් නම
version: 1 මේක තියෙන්නේ කෝඩ් එක අප්ඩේට් කරද්දි වර්ෂන් වශයෙන් තියාගන්න
runtime: python
api_version: 1

handlers:
- url: /
  script: synditest.py - [ මේ ෆයිල් එක තමයි මුල් පිටුවට එන්නේ ]

- url: /bloglist
  script: bloglist.py - [ RSS ඇඩ් කරන්නේ මේ ෆොම් එකෙන්]
  
- url: /saveblog
  script: bloglist.py - [ ඇක්ෂන් එකක් වන saveblog ආපුවම මේ ෆයිල් එක ‍ලෝඩ් කරන්න ]
   
- url: /cronblogpost
  script: cronblogpost.py - [  ලිපි සොයා මෙහෙයුම කරන cron ෆයිල් එක ]
 
- url: /.*
  script: not_found.py - [  අනවහශ්‍ය URL ගැහැව්වොත් මේ පිටුවට යන්න ]


2. bloglist.py මෙයා ඉන්නේ RSS ෆෝම් එකට
import cgi

  import datetime

  import urllib

  import wsgiref.handlers
from google.appengine.ext import db

  from google.appengine.api import users

  from google.appengine.ext import webapp

  from google.appengine.ext.webapp.util import run_wsgi_app
ඔය ඉහතින් තියන එව්වා ඔනේ හරිද


"""Name - wapnisyndi """

  """Developer - WAP NISHANTHA SRI LANKA """

  """DATE -  2011-06-05  """
  මං ගැනත් සඳහනක්



class Blogroll(db.Model): මේ තියෙන්නේ බ්ලොග් ලිස්ට් එකට අදලා ටේබල් එක

  """Models an individual Guestbook entry with an author, content, and date."""

  

  burl = db.StringProperty(multiline=True)
  brss = db.StringProperty(multiline=True)
  bowner = db.StringProperty(multiline=True)
  bstatus = db.StringProperty(multiline=True)
  date = db.DateTimeProperty(auto_now_add=True)


def blogslist_key(blogslist_name=None):

  """Constructs a datastore key for a Guestbook entity with guestbook_name."""
  return db.Key.from_path('Blogslist', blogslist_name or 'default_blogslist')


class MainPage(webapp.RequestHandler):

  def get(self):

  self.response.out.write('<html><body>')
  blogslist_name=self.request.get('blogslist_name')


පහලින් තියෙන්නේ RSS ඉල්ලන FROM එක
# Write the submission form and the footer of the page

  self.response.out.write("""

  <form action="/saveblog" method="post">

  <table border="0" cellpadding="0" cellspacing="0">

  <tr>

  <td>Your Email</td>

  <td><input type="text" name="bowners" /></td>

  </tr>

  <tr>

  <td>Blog URL</td>

  <td><input type="text" name="burl" /></td>

  </tr>

  <tr>

  <td>Blog Rss</td>

  <td><input type="text" name="brss" /></td>

  </tr>

  <tr>

  <td></td>

  <td><input type="submit" value="send"></td>

  </tr>

  </table>

  <div></div>

  </form>

  </body>

  </html>""")


class Blogslist(webapp.RequestHandler):

  def post(self):

  blogslist_name = self.request.get('blogslist_name')

  blogroll = Blogroll(parent=blogslist_key(blogslist_name))
blogroll.burl = self.request.get('burl')

  blogroll.brss = self.request.get('brss')

  blogroll.bowners = self.request.get('bowners')
blogroll.put()

  self.redirect('/') - ‍සයිට් එකට රිඩිරෙක්ට් කරලා දාන්න


application = webapp.WSGIApplication([

  ('/bloglist', MainPage), මෙතන ඉතා වැදගත් තැනක් - http://your.appspot.com/bloglist කියන url එකට මේ පිටුව ලෝඩ් කරන්න

  ('/saveblog', Blogslist) saveblog ඇක්ෂන් එකටත් මේ පිටුවම ලෝඩ් කරන්න

  ], debug=True)


def main():

  run_wsgi_app(application)


if __name__ == '__main__':

  main()

ඔය තියන අනික් එව්වාත් තියන්න එහෙම්ම ... මාත් තාම අලුත් නොවැ පයිතොන් වලට


3.cron.yaml මේයා ඉන්නේ අලුත් ලිපි හොයාගෙන යන වැඩේ ගුගුල් කාරයට දැනුම් දෙන්න
cron:
- description: hours summary job
  url: /cronblogpost
  schedule: every 1 hours - මේ කියන්නේ පැයකට සැරයක් කියලා

4.cronblogpost.py මෙන්න වැදගත් කෙනා ලිපි හොයන් එන්න කිව්වාම මෙයා තමයි වැඩේ ගොඩ දාලා දෙන්නේ
import cgi
import datetime
import urllib
import wsgiref.handlers
import feedparser
import sys
import re




from google.appengine.ext import db
from google.appengine.api import users
from google.appengine.ext import webapp
from google.appengine.ext.webapp.util import run_wsgi_app

"""Name - wapnisyndi """
"""Developer - WAP NISHANTHA SRI LANKA """
"""DATE -  2011-06-05  """


පහලින් තියෙන්නේ RSS ලිස්ට් එක
class Blogroll(db.Model):
  """Models an individual Guestbook entry with an author, content, and date."""
 
  burl = db.StringProperty(multiline=True)
  brss = db.StringProperty(multiline=True)
  bowner = db.StringProperty(multiline=True)
  bstatus = db.IntegerProperty()
  date = db.DateTimeProperty(auto_now_add=True)

def blogslist_key(blogslist_name=None):
  """Constructs a datastore key for a Guestbook entity with guestbook_name."""
  return db.Key.from_path('Blogslist', blogslist_name or 'default_blogslist')

මේ තියෙන්නේ RSS වලට ගිහින් ලිපියකින් අපි ලබා ගන්න තොරතුරු තැන්පත් කරන ටේබල් එක
class Blogpost(db.Model):
  """Models an individual Guestbook entry with an author, content, and date.""" 
  burl = db.StringProperty(multiline=True)
  ptitle = db.TextProperty()
  btitle = db.TextProperty()
  purl = db.StringProperty()
  bcontent = db.TextProperty()
  bpatas = db.StringProperty(multiline=True)
  brss = db.StringProperty(multiline=True)  
  bstatus = db.StringProperty(multiline=True)
  pdate = db.DateTimeProperty()



def guestbook_key(guestbook_name=None):
  """Constructs a datastore key for a Guestbook entity with guestbook_name."""
  return db.Key.from_path('Guestbook', guestbook_name or 'default_guestbook')


class MainPage(webapp.RequestHandler):
   def get(self):       
        blogslist_name=self.request.get('blogslist_name')
        blogrolls = db.GqlQuery("SELECT * "
                                "FROM Blogroll "
                                "WHERE ANCESTOR IS :1 "
                                "ORDER BY date DESC ",
                                blogslist_key(blogslist_name))
ඉහත sql එකෙන් කරන්නේ Blogroll කියන ටේබල් එකේ තියන සියලු RSS ලින්ක් ගන්න එක
        for blogroll in blogrolls:
   if 1 < 2 :
    try:
     fileCount = 0     
     d = feedparser.parse(blogroll.brss)
     #print blogroll.brss     
     n = d.feed.title.encode('utf-8')          
     for entry in d['entries']:     
      #print entry.title.encode('utf-8')      
      guestbook_name = self.request.get('guestbook_name')
      greeting = Blogpost(parent=guestbook_key(guestbook_name))            
      greeting.ptitle = unicode(entry.title.encode('utf-8'), 'utf-8')
      greeting.burl = unicode(d.feed.link.encode('utf-8'), 'utf-8')      
      e = d.entries[fileCount]
      pu = unicode(e.link.encode('utf-8'), 'utf-8')
      #printme( pu )
      print "test"
      #print pu
      greeting.purl = unicode(e.link.encode('utf-8'), 'utf-8')
      #greeting.pdate = unicode(e.updated_parsed.encode('utf-8'), 'utf-8')      
      p = re.compile(r'<.*?>')
      bcon = unicode(entry.description.encode('utf-8'), 'utf-8')
      greeting.bcontent =  p.sub('', bcon)
      #greeting.bcontent = unicode(entry.description.encode('utf-8'), 'utf-8')
      greeting.btitle = unicode(n, 'utf-8')      
      postdatetime = e.updated_parsed
      #print postdatetime;      
      posted_datetime = datetime.datetime(
           entry['updated_parsed'][0],
           entry['updated_parsed'][1],
           entry['updated_parsed'][2],
           entry['updated_parsed'][3],
           entry['updated_parsed'][4],
           entry['updated_parsed'][5],
           entry['updated_parsed'][6],)
      greeting.pdate = posted_datetime     
      
      print "1"
      
      guestbook_name=self.request.get('guestbook_name')
      q = db.GqlQuery("SELECT * FROM Blogpost WHERE purl = :1", pu)
      #q = Blogpost.all()
      #q.filter("purl =", pu)      
      #q.order("-pdate")      
      results = q.fetch(1)
      if results:     
       for p in results:
        print "%s inches tall" % (p.purl)
      else:
       print "empty"
       greeting.put();
       print pu
       
       
                    
      fileCount += 1
      print "

2"
      
    except Exception: 
      pass
           
     
     
     
ඊට පස්සේ තියෙන්නේ ඔය උඩින් බ්ලොග් අඩවියක RSS කියවලා, 
අලුත් ලිපි තියනවා නම් එවා Blogpost කියන ටේබල් එකට දාගන්න විදිහ.
 මේ මමකරපු විදිහ. තව ලේසි ක්‍රම පහසු ක්‍රම තියෙන්න පුලුවන්. 
එහෙම තියනවා නම් මාවත් දැනුවත් කරන්න ඇ     
     

application = webapp.WSGIApplication([
  ('/cronblogpost', MainPage)
  
], debug=True)


def main():
  run_wsgi_app(application)


if __name__ == '__main__':
  main()     
     


5.synditest.py මෙයා තමයි හොයන් ආපු ලිපි වෙන්වන කෙනා
from google.appengine.ext import db
from google.appengine.ext import webapp
from google.appengine.ext.webapp.util import run_wsgi_app

"""Name - wapnisyndi """
"""Developer - WAP NISHANTHA SRI LANKA """
"""DATE -  2011-06-05  """



import os
from google.appengine.ext.webapp import template

ලිපි තියන ටේබල් එක
class Blogpost(db.Model):
  """Models an individual Guestbook entry with an author, content, and date.""" 
  burl = db.StringProperty(multiline=True)
  ptitle = db.TextProperty()
  btitle = db.TextProperty()
  purl = db.TextProperty()
  bcontent = db.TextProperty()
  bpatas = db.StringProperty(multiline=True)
  brss = db.StringProperty(multiline=True)  
  bstatus = db.StringProperty(multiline=True)
  pdate = db.DateTimeProperty()



def guestbook_key(guestbook_name=None):
  """Constructs a datastore key for a Guestbook entity with guestbook_name."""
  return db.Key.from_path('Guestbook', guestbook_name or 'default_guestbook')


class MainPage(webapp.RequestHandler):
   def get(self):
     guestbook_name=self.request.get('guestbook_name')
  
  q = db.GqlQuery("SELECT * FROM Blogpost ORDER BY pdate DESC LIMIT 100") 
දිනෙන් පිළිවෙල කරලා ලිපි සීයක් ගැනිම     
  
  template_values = {
            'greetings': q            
        }
  
  path = os.path.join(os.path.dirname(__file__), 'index.html')
  self.response.out.write(template.render(path, template_values))
  මෙතන කරලා තියෙන්නේ වෙනම තියන HTML ෆයිල් එකකට ඩේටා යවන්න එක. 
  
   
     
     

application = webapp.WSGIApplication([
  ('/', MainPage)
  
], debug=True)


def main():
  run_wsgi_app(application)


if __name__ == '__main__':
  main()     
     


6. index.html මේක තියෙන්නේ ඉහත පහේ තියන එකට සපෝට් විදිහට තියන ටෙම්ප්ලෙට් එකක් විදිහට
<html>
  <head>
  <title>wapnisyndi</title>
  <style>
</style>
  </head>
  <body>
  
  {% for greeting in greetings %}
  
  {% if greeting.burl %}
  <a href="{{ greeting.purl }}" class="">{{ greeting.ptitle }}</a> &nbsp;&nbsp;|&nbsp;&nbsp; <a href="{{ greeting.burl }}" class="">{{ greeting.btitle }}</a> | {{ greeting.pdate }}
  {% else %}
  An anonymous person wrote:
  {% endif %}
  <div class="">{{ greeting.bcontent }} &nbsp; ... &nbsp;&nbsp;<a href="{{ greeting.purl }}" class="">වැඩිදුර &gt;&gt;</a></div>
  <hr />
  <div>
  {% endfor %}
  </div>
    </body>
  </html>


7. not_found.py - මේ අනවශ්‍ය url එකක් ගැහැව්වොත් එන ෆයිල් එක
"""Name - wapnisyndi """
"""Developer - WAP NISHANTHA SRI LANKA """
"""DATE -  2011-06-05  """
print "not found"


8.feedparser.py මේක තුන් වන පාර්ෂවිය ලයිබ්ර්රි එකක් මෙතනින් ගන්න ඒක

හරි ඔච්චර තමයි. මේක තව ටිකක් වැඩි දියුණු කරගන්න. සම්පූර්ණ කෝඩ් එක මෙතනින් භාගන්න. ‍මේ කෝඩ් එක භාවිතයෙන් හදපු සින්ඩියක් මෙන්න

ඉහත කෝඩ් වලම සිංහලෙන් ලිව්වේ පැහැදිලි වෙන්න. නමුත් සම්පූර්ණ කෝඩ් එක භාගත්තාම  එහෙම පැහැදිලි කිරිම් නැහැ. ඔබත් ඔබටම කියා සින්ඩියක් හදාගන්න.


ටෙක්නිකල් දේවල් එපා නම් මේ පහත ලිපි බලන්න

1. ත්‍රිපිඨකය තුල සිංහලෙන් , ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් සෙවීම් සිදුකල හැකි පරිගණක මෘදුකාංගයක්
2. තරු මෙච්චර ආතල් ද????
3. නුඹ රහසින් ඇවිත්......
4. සිංහල බ්ලොග් වලට පුංචි තල්ලුවක්...මං කියවන බ්ලොග්...
5. ඔබ දන්නවද ලංකාවේ තියන කෝච්චි මොනවද කියලා
6. ආදරබර Network එක හෙවත් ගල් කොරියේ ලවු එක .


හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....