Saturday, April 23, 2011

ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම

මම සාමාන්‍යයෙන් මේ බ්ලොග් අඩවියේ ටෙක්නිකල් දේවල් ලියන්නේ නැහැ. ඒත් මේක නොලියත් බැහැ. ඒ හින්දා ඔන්න පියවරෙන් පියවර ලියන්න හදන්නේ නොමිලේ ගුගල් වල හොස්ටිං කරන හැටි. ගුගල් වල නොමිලේ හොස්ටිං කරන්න පුලුවන් කියලා දැන ගත්තේ දින 2009-11-13  ටත් කලින් ඒ කියන්නේ දැනට අවුරුද්දකටත් වැඩියි. මේ ක්‍රමය අහම්බෙන් දැන ගත්තේ ගූගල් වේව් හරහා. සමහර අයට මතක ඇති http://lankanrella.appspot.com/ ලින්ක් එක. [ කිහිප දෙනෙක්ම කමෙන්ට්  දැම්ම  බින්කු මලිත් සදීප]. ඊට පස්සේ මට ඕක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ මතක් උනේ පහන් ලා හත්මාලුව ගුගල් එකට අරන් යනවා කිව්වට පස්සේ. මුලින්ම අර මුල්ම ඇප්ලිකේසන් එකට කමෙන්ට් කරපු අයටයි, ඊලඟට නැවත මතක් කරලා දුන්නු පහන්ටයි ස්තුති වන්ත වෙලාම මේ වැඩේ පැහැදිලි කරගෙන යන්නම්.

මේකේදි අපිට පුලුවන්
1. අපේ ඩොමෙයින් නාමයක් අරගෙන වැඩේ කරන්න හරි  උදා - http://inetlanka.com  http://wapnishantha.lk
2. appspot එකේ සබ් ඩොමෙයින් එකක් විදිහට කරන්න හරි. උදා - http://lankanrella.appspot.com/

මෙතනදි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි .lk හා .com/net යනාදිය කරන්නේ දෙවිදිහකට. මොකද .lk වලින් අපිට DNS මාරු කරනවා වගේ වැඩ වලට වෙනම ඇඩ්මින් පැනල් එකක් දෙන්නේ නැහැ. ඒ හින්දා ඔබට තියෙන්නේ .lk නමක් නම් ඔවුන්ට කියන්න ghs.google.com කියන නෙම් සර්වර් එකට මැප් කරන්න කියලා. ඔබට තියෙන්නේ .com /.net යනාදි එකක් නම් ඔබටම පුලුවන් මේ Name Servers මාරු කරගන්න. ඔනේ නම් පුලුවන් සබ්ඩොමෙයින් එකක් උනත් ගුගල් වල හොස්ට් කරන්න [ උදා http://test.wapa.inetlanka.com/ ]

සබ් ඩොමෙයින් එකක් ගුගුල් වලට මැප් කිරිම
1.cPanel එකට ලොග් වෙන්න
2. Simple DNS Zone Editor වලට යන්න
3. ඔබගේ ඩොමෙයින් නාමය තෝරා,Add a CNAME Record වලට පිවිස රූපයේ ආකරයට Name [test] ලෙසත් CNAME [ghs.google.com] ලෙසත් යොදන්න
4.ඉන් පසු සේව් කරන්න
පැය කිහිපයකට පසු එය ගුගල් වලට මැප් වනු ඇත.

ගුගල් ඇප් එකක් සෑදිම‍
මේ සඳහා ජාවා හා පයිතන් යන භාෂා දෙක යොදගැනේ. මා අත්දැකිම් ලැබුවේ ජාවා සමග බැවින් ඒ පැත්තෙන් පමණක් කතා කරමි.
1.ඔබගේ ජිමෙයිල් ගිණුමට අතුලු වන්න
2. https://appengine.google.com වෙත පිවිසෙන්න
3. එහි ඇති create application වෙත ගොස් කැමති නමක් දි [wapnishantha.] සබ් ඩොමෙයිනයක් වෙන් කරගන්න [ http://wapnishantha.appspot.com/ ]

පළමු ඇප්ලිකේෂනය සෑදිම
ඉහත කී පරිද මේ සඳහා යොදා ගැනෙන්නේ ජාවා භාෂාවයි. මෙහිදි වෙබ් සයිට් එක ගොඩ නැගීම හා එය ගුගුල් වලට උඩුගත කීරිම යන දෙකම සිදුවන‍්නේ eclipse.හරහාය. එම නිසා එය මුලිනම් භාගත කරගත යුතුව ඇත. ඉන්පසු ගුගල් හා eclipse අතර සම්බන්දය ඇති කරන ප්ලගින් එක දමා ගත යුතුව ඇත. ඒ සඳහා http://code.google.com/appengine/docs/java/tools/eclipse.html හී Installing the Google Plugin for Eclipse කොටස උදව්වට ගන්න.

http://code.google.com/appengine/docs/java/gettingstarted/creating.html දක්වා ඇති පරිද ඔබ ලෙහෙසියෙනම් මුල්ම උදාහරණ කොටස කරගත හැක. මෙතන මා එය සිංහලයට නගනවාට වඩා එතනිනම් ගොස් බැලිම වඩා වටිනු ඇතැයි සිතමි. [කිසියම් ගැටලුවක් තිබුනොත් අහන්න]

ඇප් එක ගුගල්ට උඩුගත කීරිම
eclipse හරහාම මෙය සිදුව නිසා මෙම http://code.google.com/appengine/docs/java/gettingstarted/uploading.html පිටුව සහායට ගෙන එය උඩුගත කරගන්න. මේ අවස්තාවට පැමිණි පසු http://lankanrella.appspot.com/ අකාරයේ සබ්ඩොමෙයිනයකට ඔබගේ කෝඩිං අතුලත්ව ඇත.

අපේ ඩොමෙයින් නාමයක් හා ගුගල් ඇප් එක එකතු කිරිම
මේ සඳහා සහායක පිටුව http://code.google.com/appengine/docs/domain.html වෙයි. අපේ ඩොමෙයින් නාමයක් යොදාගන්නේ නම් ඒ නමින් වෙනම ගිනුමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා https://www.google.com/a/cpanel/domain/new ට පිවිසෙන්න. දැනට අපි සතුව අපගේ සාමන්‍ය ජිමෙයිල් ගිනුම හා ගුගල් ඇප් සඳහා වෙනම ගිනුවක් වශයෙන් ගිනුම් දෙකක් ඇත.

සියලුම ගුගල් ගිණුම් වලින් ඉවත් වි පහත පියවර අනුගමනය කරන්න

1. සමාන්‍ය ගුගල් ගිනුමට ලොග් වන්න
2.https://appengine.google.com/ පිවිස ඔබගේ අදලා ගුගල් ඇප්ලිකේෂනය තෝරාගන්න
3. එහි ලින්ක් එක https://appengine.google.com/dashboard?&app_id=ඔබගේ අප්ලේකේෂන් අයිඩි වනු ඇත
4.Administration ලෙස දක්වා ඇති වම් පස තිරූවේ Application Settings වලට පිවිස http://code.google.com/appengine/docs/domain.html පිරිද ඔබගේ ඩොමෙයින් නාම ඇතුලත් කරන්න. ඒ සමගම ඔබට ගුගල් ඇප්ගිනුමට මාරු‍වීමට සිදුවනු ඇත.[ එම පියවර 4 වන පියවර කරන විට ඉබේම සිදුවෙයි ]

දැන් ඔබේ ඩොමෙයින් නාමයට, සෑදූ ගුගල් ඇප් එක එකතූ වී ඇති නිසා හා කලින් විස්තර කල පරිදි එය ගුගල් හොස්ටිං වලට මැප් කර ඇති බැවින්. අපේම කියා වෙබ්සයිට් එකක් ගුගල් වල හොස්ට් වි ඇත.ඉහත උදාහරණය විවිද ඩොමෙයින් නාම සඳහා අත්හදා බැලුවෙමි.  පහත උදාහරණ බලන්න

http://wapnishantha.appspot.com/ ->http://www.wapnishantha.lk/ හෝ http://wapnishantha.lk/
http://lankanrella.appspot.com/ ->http://test.wapa.inetlanka.com/

මට හැකි පරිදි ඉහතින් විස්තර කලෙමි. සමහර විට මෙය පැහැදිලි නැති විමටත් පුලුවන. ප්‍රශ්න ඇතොත් අහන්න.කරලාම බලලා අත්දැකිමක් ගන්න. ගොඩාක් විස්තර තියනවා ඇඩිමින් පැනල් එකේ

වැප්

34 comments:

buwa said...

එතකොට PHP/Mysql වලින් වැඩ කරගන්න මේක යොදා ගන්න බැරිද ?

වැප් said...

බුවා එකම අවාසිය ඒක තමයි. ඒත් මන් දැක්කා තැන් කිහිපයක ඒ ගැන විස්තර තියනවා ...

මම php වලට විතරක් උත්සාහා කලා වැඩ නම් කලේ නැහැ

buwa said...

එහෙමද .. ඒත් මේ වැඩේ Free hosting / shared Hosting පාවිච්චි කරන අයට තමන්ගේ app එකක් වෙනම හොස්ට් කරල භාවිතේට ගන්න(Resources ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව) ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මට හිතෙනව . බොහොම ස්තුතියි මේ ලිපියට දැනගෙන නොහිටපු වැදගත් දෙයක් අද දැන ගත්තා

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

එළ ලිපියක්..

බුවා සහ වැපා : මමත් ඕක ගැන හොයද්දි දැක්ක php භාවිතා කරන්න විදියක් තියනව කියල.. ඒත් ‍ගොඩක් ලොකු ප්‍රො‍ජෙක්ට් වලට හරියන එකක් නෑ.. පොඩ්ඩක් ගූගල් ගෙන් අහල බලන්න.. හෝඩුවාවක් ලැබේවි..

DarKneT | ඉෂාර said...

තව විස්තර හොයාගෙන පස්සේ කාලෙක ලියන්නම් කිය්ලා හිතාගෙන හිටපු එක වැපාම ලියලා :)

@වැපා & යොහාන්
HTML උනත් අප්කරන්න පුලුවනි
ඔය PHP වලට දැක්කයි කිව්ව තැන් කීපය මට එවන්න බැරිද පොඩ්ඩක් හොයලා :(

වැප් said...

ඉෂාර
ඒ උනාට කමක් නැහැ තව එකක් ලියන්න. මේකේ විස්තර මදි. ගොඩක් එව්වා තියෙන්නේ මගේ හිතේ :D

මේ තියෙන්නේ PHP කරන්න පුලුවන් කියපු තැනක්
http://www.webdigi.co.uk/blog/2009/run-php-on-the-google-app-engine/

Nadun said...

එල ලිපියක් ස්තුතිය වැප් මේ ගැන සුලුවෙන් හෝ කිව්වට මට හැමදාම තියෙන ප්‍රශ්නනේ හොස්ටින්. සිංඩියට මමත් උත්සහ කරලා බලනවා.

වැප් said...

නදුන්
ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ සින්ඩියක් උනත් කරන්න පුලුවන් කියලා හත්මාලුව කට්ටය පෙන්වලා දිලා තියනවා

සහන් said...

ඕක සිංහලෙන් පැහැදිලිකිරීමක් කරන්න බැරිද....

පහන් said...

naked domain එහෙම නැත්තං www නැතුව hathmaluwa.org කියන එක කෙලින්ම appspot දාන්න බෑ කියල ජල්තරයකුත් තියෙනවා. hathmaluwa appengine වැඩේ දැන් අවුරුද්දකට කිට්ටුයි පටන් අරගෙන. දැන‍ට කරපු ටික මෙතැන තියෙනවා. http://newsi.hathmaluwa.org/

mysql වගේ relational DB model එකක් පාවිච්චි‍ වෙන්නෙ නැහැ appengine වල. db access කරන්න වෙන්නේ classes වලින්. PHP දාන්න දුවවන්න නම් පුළුවන් වෙයි ඒත් ඒක මහ පටලැවිල්ලක් වෙයි අන්තිමට. හොදම වැ‍ඩේ python හෝ java පාවිච්චි කරන එක.

ඒක නෙමේ වැප් කාටද බං උඹ කට්ටයා කිව්වෙ :P

Observer said...

ඔහෙ පලයන්, මුන් සැට් එකම බීලද කොහෙද...!!!

වැප් said...

@සහන්
සිංහලෙන් කියලා අමාරුවේ දානවාට වඩා ...අර ගුගුල් කාරයා කියලා තියන එක ලේසියි ....

@පහන්
.lk වලින් නම් wapnishantha.lk එක මැප් කලා ..... මං හිතන්නේ .com/.net වලටත් අවුලක් නැහැ

කට්ටිය කියන එක තමයි බන් කට්ටයා වෙලා තියෙන්නේ :DDDD

@ඔබා
හික් හික් ගනං ගන්න එපා ......:DDD

said...

ලෝකල් මැෂින් එකට බාන්නේ නැතුව උන්ගේ ඉන්ටර්ෆේස් එකක් ඉඳන් කෝඩ් ලියන්න තැනක් නැද්ද බන්

වැප් said...

මරණයා
එහෙම තැනක් දැනට නම් මට හම්බ උනේ නැහැ.... බොහෝ විට නැතුව ඇති .....

දෙයියන්ගේ ඇහැව්වට නිසි පිලිතුරකුත් නැහැ

චතුවා (ළමයා) said...

මරු ඈ.. බලන්ටෝනි ට්‍රයි කරලා.. :D

Bunny said...

චතුවා.. ආං උබේ රේඩියෝ සිහිනේ සැබැ කරගත්තැහැකි :P

එළ එළ.. මං නම් තිං මලින්තයාගේ සවර් එකෙන් කැල්ලක් ඉල්ල ගත්තා ;-) මේකත් යසයි වගේ PHP නැති එක තමා අපරාදේ :-(

ජේ.ඩී said...

එළාzzzzzzzzzz වෑඩෙ පට්ටන්ගත්තා. දවසකට 1ජිබි ෆ්‍රී බෑන්ඩ්විත් එකක් දෙන එකක් එහෙම අතාරින්නෙ කොහොමද :D

පූසා said...

අභාගේ ඉවර වුනාම ට්‍රයි කරලා බලමු

සුමින්ද said...

අර ඔබා අයියා කිව්වා වගේ මුං ඔක්කොම බීලා..!! මොනවද බං උඹල බිව්වෙ??

වැප් said...

බනියා
php නැති උනාට ජාවි තියෙන්නේ

ජේඩි
අනිවා අනිවා

පූසා
එල එල කොරලාම බලපන්

සුමින්ද
ගුගුල් ඇප් කියලා අලුත් බැන්ඩ් එකක්

Anonymous said...

mage account eka verify karanna mobile number eka dunnata error ekak enawane...

වැප් said...

මොකක්ද එන error එක?

Anonymous said...

error eka An error has occurred while sending. Please try again.

වැප් said...

මොබිටෙල් ‍නොම්බර වලට නම් වැඩ. අනික්නොම්බර ගැන නම් අත්දැකිමක් නැහැ

Anonymous said...

appengine වල db access කරන විදිහ හරියට දැනගන්න ක්‍රමයක් තියෙනවද ? tips ටිකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

වැප් said...

JDO
http://code.google.com/appengine/docs/java/gettingstarted/usingdatastore.html

අනුරාධ said...

දෙයියනේ කියලා මේලෝක දෙයක් තේරුනේ නෑ... :D

නිශාචරයා Nishacharaya said...

මටත් එසේමැයි.... :D

සෝරෝ said...

මේ සීන් එක මම දැනං හිටියේ ගොඩක් ඉස්සර.. මම හිතුවේ උඹත් දන්නවැති කියලා... ඒකයි කිවුවේ නැත්තේ.... :D

මාරයාගේ හෝරාව said...

ඒ මොනවද බං මේ ලියලා තියෙන්නේ..මෙ හිච්චි එවුන්ට ලියන ඒවද උඹ අපිට බලන්න කියන්නේ..දාහංකෝ අපි වගේ උන්ට ටිකක් මීට වඩා සංකීර්ණ වැඩ සටහනක්...මෙ වගේ සරල කාරණා දාන්නේ නැතිව..:P

දඩිබිඩිස් said...
This comment has been removed by the author.
දඩිබිඩිස් said...

@php, ඔබ නැති ලොව මට එපා..........

Niranjan | නිරන්ජන් said...

saho,
mata poddak dana ganna puluwan da ape domain name ekak (Eg.com, .net .org etc wani domain ekak) google wala host karana kota eka web site ekak wodihatada penenne natnam blog eka widihatada penenne?(web browser eken balana kota)
etakota apita hosting plan ekak salli gewala araganna one ne neda?
mama web site hadeema gana mokuthma nodani.e wagema mama computer field eke nowana nisaa saralawa karanna one de pahadili kaloth wadaath hodai.
Saralawa mama ahanne mekai.hosting plan ekak nogena rs.1500/= wage gaanakata .com domain ekak aragena (domain eke gaana hariyatama danne ne) mata mage private web site ekak (text web pages 3k 4k tiyena)hadaa ganna puluwanida? puluwan nam e kohomada? saralawa steps tika kiyanna puluwanida?

Thanx!
Niranjan

වැප් said...

@Niranjan
පුලුවන්
1. ඔබ ගන්න ඩොමෙයින් එකක් උදා - ගෝ ඩැඩි
2. ඒකේ කන්ට්‍රොල් පැනල් එකෙන් නේම්සර්වර් විදිහට ghs.google.com දෙන්න

ඊට පස්සේ ගුගුල් ඇප් එකක් හදලා ඒකට අසයින් කරගන්න ..ඒ කරන විදිහ මේ ලිපියේ තියනවා ..

තවත් තොරතුරු අවැසි නම් මාව කන්ටැක් කරන්න

Post a Comment