ෆා ගේ ඉල්ලීම පරිදි ලිපියේ මතෘකාව වූ 'කම්මැලි කම' යන්න 'කම්මැලියෙක් කතා කරයි' ලෙස වෙනස් කරන ලදී. [ කම්මැලි වැඩ :D ]
කාලෙකට පස්සේ මේ සති අන්තය බොහෝම කම්මැලි විදිහට තමයි ගෙවිලා යන්නේ. සෙනසුරාදා ඒ කියන්නේ ඊයේ මාරම කම්මැලි දවසක් උනා. කරන්න මෙලෝවැඩක් නැහැ කම්මැලිකමට. නැතුව නෙමයි, කරන්න කම්මැලියි. වැඩ නම් තියනවා ඔන තරම් එත් කරන්න හිතෙන්නේ නැති තරමට කම්මැලියි. හිතුවා ඉරිදා නම් කම්මැලිකමක් නැති වෙයි කියලා. බැලින්නම් අද ඊටත් වඩා කම්මැලි දවක්. හපොයි මෙහෙමත් කම්මැලි කමක්. කම්මැලි කමට කරන්නේ මොනවද කියලා හිතන එක ඊටත් වඩා කම්මැලි කමක්. ඇත්තටම මට විතරද මෙහෙම කම්මැලි කමක් හිතෙන්නේ. ඕක කල්පනා කරන එකත් මට කම්මැලි කමක් උනා. ඒ හන්දා කම්මැලි කමට ඒ වැඩෙත් අත ඇරලා දැම්මා. ටික වෙලාවක් එක දිගට 'කම්මැලිකම 'කම්මැලිකම' කියාගෙන කියාගෙන ගියාම කම්මැලිකම කියන වචනේ තේරුම අමතක වෙලා ගියා. දැන් කම්මැලිකමේ තේරුම හොයන එක මහ එපා කරපු කම්මැලිකමක් උනා.
කම්මැලිකම යන්න කියලා ලිපියක් දාන්න කියලා කී පරක් හිතුනද. හිතන හිතන හැම වාරෙදිම කම්මැලි කම ඉස්සරහට එනනවා. ඉතින් මං කම්මැලිකමට ලිපිය ලියන එක කල් දැම්මා. ඒකත් මහ කම්මැලි වැඩක් මොකද කරන්න තියන වැඩක් කල්දානවා කියලා හිතන එක මට කම්මැලිකමක් උනා. ඒපාර කම්මැලිකම පැත්තකින් තියලා මේ ලිපිය ලියාගෙන යනවා. හැබැයි මේක ලියාගෙන යනකොට කම්මැලිකමක් ආවොත් ලිපිය මගින් නතර වෙයි. එතකොට මේක කියවලා ඔබටත් කම්මැලිකමක් ඇතිවෙයි. මොනවා කරන්නද කම්මැලිකම කියන එක අපි කටත් පොදු දෙයක්නේ. මොකද මටයි, කියවන ඔබටයි විතරක් නෙමෙයිනේ කම්මැලිකම ඇතිවෙන්නේ නේද?
කම්මැලිකම ඇතිවෙන්නේ ඇයි කියලා හොයන්න හිතුනා. ඒ පාර මෙන්න ආයිත් මට කම්මැලිකමක් අවා. ලත්තැනම ලොප් උනා කම්මැලිකම ගැන හොයන එක. මේක මහ පුදුම කම්මැලිකමක් නොවැ, මෙලෝ දෙයක් කරන්නන ඉඩ දෙන්නේ නැහැ කම්මැලිකම පනිනවා මැද්දෙන්. අනේ හැබෑටම මේ කම්මැලිකමට හිතෙන්නේ නැද්ද කම්මැලිකමක්? එහෙම හිතෙනවා නම් කෝච්චර හොඳද කම්මැලිකම කියන එක. එහෙනම් අපි කවුරුත් කැමති වෙයි කම්මැලිකම අපි ලඟට එනවට. එත් හැමදාම හැමවෙලාවෙම කම්මැලිකම එන්න ගියාම ඒක ඊටත් වඩා කම්මැලිකමක් වෙයි නේද?
ඇතුවත් බැරි නැතුවත් බැරි කම්මැලිකම එන වෙලාව හරියටම කියන්න බැහැ. ඒ කම්මැලිකම එන වේලාව හොය හොය හිටියොත් දන්නේම නැතුව කම්මැලිකම ඇවිත්. කම්මැලි වෙලාවට කම්මැලි කමට කම්මැලි කමක් ගැන කම්මැලි විදිහට ලියපු කම්මැලි ලිපිය කියවලා කම්මැලි වැඩිකමට, කම්මැලි ගතිය පෙන්නවන කම්මැලි ඈනුම් නම් අරින්න එපා.
වැප්
Subscribe to:
Post Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන් න එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්...
-
ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමන...
කම්මැලිකමට අත නොතබනු..කම්මැලිකම රැකගනිමු....කම්මැලියන්ට කෙලවීමේ කූට උපක්‍රම පිටුදකිමු...කම්මැලික සංරක්ෂණය කරනු...කම්මැලියඟේ අයිතිවාසිකම් සුරකිනු........
ReplyDeleteමීට "කිරා".....
යකෝ මේක මැදක් කියවනකොටම මට කමැලිකමක් ආවා...කමෙන්ට් එකක් දාන්නත් කම්මැලි හිතුනා...මීට වඩා මට ලියන්න හිතුනත්, කම්මැලියි බං....
ReplyDelete"කම්මැලියෙක් කතා කරයි" කියලා මේකේ ටයිට්ල් එක වෙනස් කරා නම් හරි.. හිහි!! මං කොච්චර ප්‍රතික්ෂේප කරත් මගේ ඇඟේම දැවටි දැවටි ඉන්න මගේ පස්සෙන්ම එන ලස්සන වචනයක්. කම්මැලි කම
ReplyDeleteමල හත්තිඉලව්වක් උනා මේක කියවන්න ගිහින් මොළේ...!
ReplyDeleteමට නං මේක කියවන්න කම්මැලි. ඒත් ඉතිං කමෙන්ට් කරලා යනවා :D
ReplyDeleteමේකත් මේ බල්ලගෙයි මැක්කගෙයි රචනාව වගේ :D
ReplyDelete.
ReplyDeleteදිවිය අවුසදේ ගැන නොවැ ලියල තියෙන්නේ....
ReplyDeleteකම්මැලිකම නිසාම කියෙව්වෙ නෑ... මම යනවා.. මට කම්මැලියි...
ReplyDeleteඇයි බොල මේකේ කම්මැලිකම කියන වචනේ අයින් කරොත් ඇති දෙයක් නැහ නොවැ... අනේ මෙහෙමත් කම්මැලිකමක්. ඔන්න අපි නම් කම්මැලි නැහ හික් හික්
ReplyDeleteවසරේ කියවන්න කම්මැලිම හිතෙන පෝස්ට් එක. ඒකට සම්මානයක් දෙන්නත් නිකම් කම්මැලියි වගේ...
ReplyDeleteමට නම් ලියන්න කම්මැලියි.
ReplyDeleteඔන්න ලින්ක් එකක් දැම්ම කට්ටිය ගිහින්ම බලන්නකෝ.
තේ වතුර ඩින්ගක් හදාගෙන බොන්න එතකොට හරියයි....
ReplyDeleteකම්මැලි මේ කොල්ලට
ReplyDeleteකම්මැලි කම යන්නට
කම්මැලි කම නැති එක
පුංචි කෙල්ලෙක් සොයල දෙන්නද
කම්මැලි කිය කිය
ලීව කම්මැලි ලිපියම
කම්මැලියගේ හිත
කුණු ගොඩක් වග පෙන්නුවා උඹ
කම්මැලි වැපෝ අද
ගිය ඉරිදා වගේ නොවුනද
නොහඩන්න මැලිවම
ලබන ඉරිදට ඈ එනව නෙව
උඹත් මං වගේම කම්මැලියෙක්නේ බං.
ReplyDeleteදිග කමෙන්ට් එකක් දාන්න හිතුවත් මටත් කම්මැලියි බං...
මට නම් කමෙන්ට් කරන්නත් කම්මැලියි වගේ.
ReplyDelete:(
නිකන් මේ කම්මැලියි කම්මැලියි වගෙ මොකුත් ලියන්ට...
ReplyDeleteඑල ෆෝස්ට් එකක් නෙ මමනං කිසිම කම්මැලි කමක් නැතුව දෙපාරක්ම කියෙව්වා. [හැමෝම කම්මැලී කියන එකේ කම්මැලි නෑකියන එකෙක් හරි ඉන්න එපෑ :)]
ReplyDeleteහයියෝ මෙහෙමත් කම්මැලි කමක්.මදැයි කම්මැලිකම යන්නත් එක්ක කියලා දවස් ගානකින් කියවන්න ගත්ත මුල්ම පෝස්ට් එක නිසා ඔන්න මටත් කම්මැලි.
ReplyDelete.
ReplyDeleteපෝස්ට් එකේ මැදට කියෝගෙන යනකොට කම්මැලි හිතුනානෙ.. :D
ReplyDelete@Shadow/හේමලයා
ReplyDeleteමට බැහැ පිකට් කරන්න මට කම්මැලියි
@චමිදේවා
මොකක්ද උබ කිව්වේ මට ඒක කියවන්නත් කම්මැ ...
@ෆා
කම්මැලි හිතෙන වැඩ කියන්න එපා
@තිස්ස දොඩන්ගොඩ
තිස්ස අයියාට කමෙන්ට එක දාද්දි ....
@Kanishka | කණියා
ඇ මක් කිව්වා ... මට කියවන්න කම් ...
@ගීත් (සහෘදයා)
මැක්කා කව්වේ .... මට කම්මැලියි බන්ස්
@සුමින්ද
. කියවන්න කම්මැ
@උන්නැහේ (පිලේ පැදුර)
හපොයි මට ඖෂධය කියන එක කියවන්න කම්මැලියි
@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
බොට යන්න කම්මැලි නැද්ද?
@පිස්සා පලාමල්ල
වචන අයින් කරන්න කම්මැලියි බන්ස්
@හෙළයා
දුන්නත් මට එන්න කම්මැලියි
@niroshinie
මට ඒ පැන්ඩා බලන්න යන්න කම්මැලියි :D
@indi
තේ හදන්න ඒ මොන කම්මැලි වැඩක්ද?
@wath
දිග වැඩියි කියවන්න කම්මැලි .....
@මාරයාගේ හෝරාව
උබත් මං වගේ කියලා කියන්න කම්මැලි නැද්ද .....
@Ansh Lucky Sri Jay
මටත් කමෙන්ට එක කියවන්න කම්මැලි හිතුනා :D
@පුතා
ලිව්වාත් මට කියවන්න හිත නැහැ කම්මැ ....
@සසීන්ද්‍ර වීරසිංහ
කම්මැලි නැති දරුවෙක් ... පව් අනේ මට ඔයා දකිනකොටත් කම්මැලියි
@nimanthi
වෙලාවට ඔයාට මුලින්ම කම්මැලිකම අවේ ... හිකිස්
@RanDil
ඔයා ලිව්ව වක්‍ය කියවන්න මට කම්මැ....
@ගයන්ත
හපොයි එහෙමත් කැම්මැලි කමක් :D
කම්මැලිනම් ගිහින් බුදිය ගනින් බන් මේ වගේ කම්මැලි පෝස්ට් දන්නෙ නැතුව....
ReplyDelete@අනුරාධ
ReplyDeleteනිදියන එක තමයි ලොකුම කම්මැලි වැඩේ .....:D
කම්මැලි කමට කමෙන්ට් එකක් නොදා ඉන්නත් හදල ඔන්න ඔහෙ කියල එකක් දැම්මා............. [කියෙව්වෙනං නෑ මේක කියවනකොට හෙන කම්මැලී අප්පා]
ReplyDeleteකම්මැලියා ලියයි, ලියයි
ReplyDeleteඅනිත් එවුන් කමෙන්ට් කරයි
@සහන්
ReplyDeleteමාත් ඔන්න කමෙන්ට් එකට පිළිතුරක් දැම්මේ නැහැ වස කම්මැලියි :D
@බුද්ධි
හිහි බලන් ගිහාම ඔක්කොම කම්මැලියෝ :D
ඇත්තටම කියනවා නං මචං... ආ.....හ්... ඈනුමකුත් ගියා... මොකද්ද බං මං කියන්න් ගියේ... රයිට්.... ඇත්තටම කියනවා නං මචං ඔය .... ආ....හ්... මට කම්මැලියි බං ඉතුරුටික ලියන්න මං යනවා...
ReplyDelete@කුෂාන්
ReplyDeleteවෙලාවට උබ මුකුත් නොලිව්වේ ... ලිව්වා නම් ඉතින් හපොයි මට කම්මැලියි
බලාගෙන යන විට අතරමගදි කම්මැලි කම හැදෙයි :D
කම්මැලියි.............. මටත්. මේ පෝස්ට් එක බලලා...........
ReplyDelete@ජීවණි
ReplyDeleteඑකනේ ඔයා කම්මැලි හින්දා මෙතන වෙලා ඉන්ඩ හොදේ :D
[කෝ ඔයා ලියන බ්ලොග් එකක් නැද්ද? ]
මට පේන්නෙ එයත් වැපා වගේම අලි කම්මැලියෙක්
ReplyDeleteකම්මැලිකම ගිහින් හුගක් ව්ලාවකට පස්සේ තමා මේ ..දාන්නේ..හපොයි..අයෙම කම්මැලි වේගන එනවා..
ReplyDeleteඅයෝඅ.. මේක කියවල අපිත් කම්මෑලි යක්කු වෙලා.. වෑපෝ...
ReplyDelete@ඉලංදාරියා
ReplyDeleteකාලෙක පස්සේ කම්මැලි කම අඩු උනා ඔන් ....... එත් :D
@ජීවිතේ මල්
කාගෙත් තිබුණු හොද ගුණයක් ඉස්මතු කරලා ගත්ත මම කමැමැලි කම නොබලා නේද :D
හිකිස්!! නම වෙනස් කලා කියල දැක්කේ පස්සේ නේ.. මරු මරු!
ReplyDelete@ෆා
ReplyDeleteඅම්මාපා කම්මැලි නැද්ද මේ පරණ පොස්ට් වලට කමෙන්ට් දන්නඩ :D
ඈ බං කම්මැලියෝ.... කම්මැලියොත් කම්මැලියෝ වෙනවා මේ කම්මැලි කතා කියවපුවාම කම්මැලියෝ..
ReplyDeleteමට කම්මැලියි...
ReplyDeleteකම්මැලිකමට අත නොතබනු..කම්මැලිකම රැකගනිමු.
ReplyDeleteහලේ... දැන් නේදැක්කේ... [රන්දිල් අක්කා නිසා]
ReplyDeleteමට මෙක කියවන්න බැහැ කම්මැළියී..
මම යනවා...!!
බස් එකේ යන්න නං බස්පියාට කම්මැලි හිතෙන්නැතිව ඇති..
ReplyDeleteබස්පියා කම්මැලියා..
කම්
ReplyDeleteමැලියි බන්...
ReplyDeleteමන් මාර ආසයි කම්මැලිකමට... මාරම කම්මැලියි
ReplyDeleteමට නම් කම්මැලි නැ
ReplyDelete