Sunday, December 11, 2011

සෝම හිමි අපවත් කර වසර අටයි


සෝම හිමි අපවත් කර 2011 12 12 දිනට වසර අටක් සපිරිම නිමිත්තෙනි.

රටත් එහි ජනතාවත් අයාලයේ යමින් සිටි යුගයක් විය. නිවැරදි නායකත්වයක් නැති සිංහලයෝ,බෞද්ධයෝ නින්දේ සිටියහ. බුද්ධාගමේ නාමයෙන් යදිමින් ඉල්ලමින් මිත්‍ය දෘෂ්ටික දෙවියන් කර යමින් සිටියහ. සිංහලයට මහජාතිය නිසා කටවල් වසා ගෙන සිටිය යුතු අවදියකි. බෞද්ධයා අවිහිංසා වාදි කියා සියල්ල ඉවසමින් සිටි කාලයයි. වෙනසක මූලාරම්භය වෙමින් අති පූජ්‍ය ගංගොඩ විල සෝම හිමිගේ දේශනා, ජාතික තලයේ විද්‍යුත් මධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. නායකත්වයක් නිවැරදි මාවතක් නැතිව නිද්‍රාවේ සිටි ජනයා අවදිවෙමින් විමසන්නට විය. සෝම හිමි දේශනා කරන බණ දහම් මෙන්ම, රට ජාතිය ගැන පවසන දෑද අවබෝදයෙන් විමසා බැලූහ. ගන්ට දෙයක් ඇත. රට ජාතිය සමය වෙනුවෙන් කරන්නට දෙයක් ඇතැයි බොහෝ දෙනා කල්පනවාට ගන්නා ලදී.

ජාතී හිතේෂි බව නොබියව පවසන්නට තරුණ ළමා වැඩිහිටි කාටත් මග පෙන්වීය. ජාතී වාදය නොව සිංහලයට හිමි තැන ගැන මතක් කර දෙන ලදී. දැනට වසර අටකට පමණ පෙර තවත් වසර පනහකින් පමණ අපට වෙන දේ ගැන මොනවට පැහැදිලි කර දුනි. නිවැරදි බුදු දහම, සම්‍යක් දෘෂ්ටික දෙවි වරු ගැන වදාල සේක. යදිමින් සිඟා කන දේවත්වය පසෙකලා නිවැරදි ක්‍රමය ජනතාව අතර ගෙන ගියහ. විද්‍යුත් මාධ්‍ය හරස් විය, ගමින් ගමට පන්සලෙන් පන්සලට යමින් රටට වෙන දේ ගැන ජාතිය දැනුවත් කලහ. දේශපාලණය ගැනද වැඩි වැඩියෙන් කරුණු ගෙන හැර දක්වන ලදී. මෙය ක්‍රමන්ත්‍රණ කරුවන්ට මෙන්ම සමහර සිංහල බෞද්ධයන්ටද නොරිස්සුම් විය. අවස්ථාව එනතුරු බලා සිටි කුමන්ත්‍රණකරුවන් වහා ක්‍රියාත්මක වී සෝම හිමි අපවත් කරන්නට යෙදුනි.

ජිවත් වූ සෝම හිමිට වඩා අපවත් වූ සෝම හිමි බලවත් විය, රටත් ජාතියත් බේරාගන්නට පැමිණි පිරිසට බල තල දෙමින් බොහෝ නාගරික සිංහලයෝ සෝම හිමිට කෘතවේදිත්වය හා උපහාර පිදූහ. නමුත් එදිනට අටවසරකට පසුත් සියල්ල තිබූ තැනමය. වෙනසකට ඇත්තේ ත්‍රස්ථවාදය නිමා විම පමණි. එහෙත් සෝම හිමි ඝාතනයට කුමක් වූවාද නොදිනමු. ගොඩ නගන්නට ගිය බෞද්ධ රාජ්‍ය මාවතක් අද දැක ගත නොහැක.[ එසේ බෞද්ධ රාජ්‍ය හුදෙක් හිතුලු බව මම හොඳා කාරවම දනිමි.]

දේශපාලනය පසෙකලා තැබුවත්. නොබියව ඔනෑම තැනක මම සිංහලයෙක්මි, මම බෞද්ධයෙක් මි කියා පවසන්නට දිරියක් වූ සෝම හිමි මගේ මතකයේ සැමදා රැඳි සිටින යතිවරයාණන් වහන්සේනමකි. උන්වහන්සේට සසර වසන තුරු මෙවන් විපත් නොවේවායි ප්‍රර්ථනා කරමි.

මම සිංහල බෞද්ධයෙක් වෙමි.!!!!!!!!!!!!!!

බ්ලොග් අඩවිය පටන් ගත් දා පටන් උන් වහන්සේට උපහාරයක් ලෙස ලියන ලද ලිපි

32 comments:

Missaka said...

සිංහලයට හැම දේම ඉක්මනින් අමතක වෙන එක ලොකු දුර්වල කමක්. එදා සිදුවුන ප්‍රබෝධය අවුරැද්දක් එකදිගට තිබුණා නම්, මීට වඩා ලොකු තැනකට බෞද්ධයාට එන්න තිබුණා..

amila chathuranga said...

මා බෙිදු දරුවෙක් වෙමි..සිංහලෙයෙක්ද කියා නොදනිමි..

Kush කුෂ් said...

මම සිංහල බෞද්ධයෙක් වෙමි.!!!+++++++++++++++
ඌණපූරණයක් ලෙසින්, අන්ධ භක්තියෙන් තොර බුදු දහම නම් වූ යථාර්තවාදී දර්ශණය පිළිගන්නෙක්මි....!!!

Kush කුෂ් said...

එත් සෝම හාමුදුරුවොන්ගෙ අපවත්වීම හරහා තමන්ගේ බඩගෝස්තරේ සොයා ගත්තු අපේ ගොඩාක් අයට අද උන්වහන්සේ අමතකයි. එයාලා තවමත් යෙහෙන් වැජඹෙනවා...

Ravindu said...

mama sinhala jathikayekmi.
mama baudagamikayeki.

e nisama sinhala-bauddayek lesa handunaw diya haka. esema demala-bauddayanda, ingrisi-bauddyanda atha.

then,
baudda = baudda (sinhala + demala + inglish + japanise + ...)

lankawee bauddayan wesethi. (sinhala + demala + ...) jeewath wethi. esema thawath agamika prajawanda wesethi.

Beetle said...

මම සිංහල බෞද්ධයෙක් වෙමි කියලා ඩොට් වලින් නවත්තන්නේ නැතුව අර අන්තිමට ගහන ' !!! ' කෑල්ල හින්දා තමයි ගොඩක් තැන් වල අවුල් යන්නේ මම හිතන්නේ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දෙවියන් හා ගස් පස්සෙ යමින් සිටි බෞද්ධ යැයි කියා ගන්න මිසදිටුවන්ට සෝම හිමියන්ගේ වදන් අතුල් පහර වල් විය, දේවාල සාදාගෙන දේව පූජා සහබෝධි පුජා වලින් ගාණ කපාගත් හික්ෂූන්ටද එසේ විය . උන් වහන්සේ අද නැත , උන්වහන්සේ විකුණමින් ශාරුක් කාන්ලාට බෝම්බත් ගසාගෙන ධර්ම රාජ්‍යය හදන්නට පැමිණි අන්තවාදීන් බඩගෝස්තරය වෙනුවෙන් මිත්‍යාව වපුරමින් සිටී. නාථ දෙවියන්ගෙන් අනාවැකි අසනා ඔවුහු සීනිගම දේවාලයේ පොල් ගසන්නටද එක් වෙති . මතෙහි ආදීනව කියා දුන් සෝම හිමියන්ව විකුනන් කැ මේ මුදලාලිලා , කුඩු කාරයින් සමඟ එකට වසති , ඉතාලියෙන් ෆිටින්ස් ගෙන්වූ බාත් රූම් සහිත මාලිගා තනවති .

ලොකු පුතා said...

මමද සිංහල බොදු දරුවෙක්මි.
සෝම හාමුදුරුවන් අප රටේ බෞද්ධ පුනරුදයක් ඇතිකළ වග සැබෑය.
නමුත් එය අප ඉදිරියට ගෙන යනවාද නැත්නම් අප යන්නේ ආපස්සටද යන්න සිතිය යුතු කාරණයකි.
මන්දයත් සිංහල බෞද්ධ යන නාමය ඇසෙන විට පවා රෙදි උස්සගෙන එන සිංහල බෞද්ධ(?) පිරිසක් මේ වන විට දැක ගැනීමට හැකියාවක් ඇති නිසාය.

සෝම හිමියනට නිවන් සුව ලැබේවා....!

කතන්දර Kathandara said...

බුද්ධ ධර්මය ගැන නම් කියවෙන්නේ - පච්චත්තං වේදී තබ්බෝ හෙවත් තම තම නැණ පමණින් දැන ගත යුතුය කියායි!

සෝම හිමි බණ ද තම තමන්ට අවශ්‍ය පරිදි දැනගත හැකි ඒවායි.

ඔහු ලංකාවේ බෞද්ධයින් මිත්‍යා දෘෂ්ඨික දෙවියන් ඇදහීමට විරුද්ධව එදා කළ කී දේවල් ගඟට කැපූ ඉණි වගේ වුණා.

වසර 1999 දී පැවැත්වුණු ජනාධිපතිවරණය වර්ජනය කරන්න කියා ඔහු දුන් උපදෙස අපේ බෞදධයින් අළුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවතට දැමීමද ඒ හා සමානම කණගාටුදායක කරුණකි!

තම තම නැණ පමණින් දැන ගත යුතු!

නිවන් සුව පතමි!

Roshan Herath said...

සෝම හාමුදුරුවො කියන්නෙ කොහොම හාමුදුරුනමක්ද කියලා මම තේරුම් ගත්තෙ ඒ හිමියන්ගෙ අපවත්වීමෙන් පස්සෙ. එතකන් මම හිතාන හිටියෙ අපි දන්න කියන සමහර හාමුදුරුවරු වගේ ආගම/දහම විකුනන්න උත්සාහ කරන කෙනෙක් කියලායි.
ඒ නිසා අපවත්වුනු සෝම හිමි ගොඩක් බලවත්..

Anonymous said...

මට තියෙන ගැටලුව මෙතරම් බුද්ධිමත්වූ උන්වහන්සේ අවසානයට ගත් තීරණය සම්බන්දවයි.රුසියාවේ කෙහෙම්මල් සරසවි කඩයකින් ලබාදෙන කඩදාසි කැබැල්ලක ඇති නොවටිනා බව වටහා ගන්නට උන්වහන්සේට නුවන පහල නොවුනේ මන්දැයි තවමත් මම කල්පනා කරමි.

Mayya said...

I hope this provides much needed information

https://www.facebook.com/photo.php?v=10150325680185400

Mayya said...

http://www.facebook.com/photo.php?v=10150325680185400

Kaniskha Dilshan said...

පින්වත් සෝම හිමියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උන්වහන්සේ කල ධර්ම දානමය පින් උපකාරී වේවා!!!

Dinesh said...

මම ටික කාලෙකට් අකලින් උන්වහන්සේට රුසියාවෙදි දුන්නා කියන ඒ උපාදිය ලබා දෙන වෙලාවේ ගත්ත පින්තූර වගයක් දැක්කා.. ඒවායේ ලොකු වෙනස්කම් වගයක් තියෙනවා කියලා ඒ පින්තූර යටින් සදහන් උනා...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@dinesh - mayya දීල තියන ලින්ක් එකේ විඩියෝව බලන්න

වැප් said...

මයියා දීපු ලින්ක් එකත් එක්ක ... පහුගිය දවස් වල මධ්‍ය යෙන් නිකුත්
කරපු ...පින්තූර බොරු කියලා තමයි කියන්න වෙන්නේ ...


කලින් නිකුත් කරන්න තිබ්බ විඩියෝවක් දැන් නිකුත් වෙලා.


මයියා දුන්න ලින්කුව තියන වීඩියෝව මම අද තමයි දැක්කේ ....

Anonymous said...

සෝම හිමියන් අපවත් වූයේ කෙසේදැයි යන නොවිසඳුනු ගැටළුවට නිරවුල් පිළිතුරක් නැත. කෙසේ වුවත්, සෝම හිමියන්ගේ දේශනයන් තම තමන්ට කැමති ආකාරයට අර්ථ දක්වාගන්නට අපේ අය උත්සාහ කරන බව මම දු‍ටුවෙමි. බෞද්ධයන් වශයෙන් පෙනී සිටිමින් මිථ්යාන දෘශ්ටීන් පසුපස හඹායන බෞද්ධයන්ට තවමත් උන්වහන්සේගේ දේශනයන් වැටහී නැත. එපමණක් නොව, බෞද්ධයනට නොතරම් වූ වෛරී සිතුවිලි වපුරන්නට සමහරු උන්වහන්සේගේ දේශනයන් උපයෝගී කරගනිති.

හිතමිතුරු said...

සෝම හිමියන් වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අඩුව වර්තමානයටත් වඩා අනාගතයේ අපට දැනෙනු ඇත!
සෝම හිමියනි ඔබට නිවන් සුව!

ඕනයා said...

සෝම හාමුදුරුවො කියන්නෙ මම ඉතාම ගරුකරන හාමුදුරුනමක් . . . . ඒත් මට තියන එකම අවුල . . . . හරි හැටි නමක් ගමක් වත් නොදන්නා ආයතනයකින් පිරිනමන උපාධියක් පිලිගැනීමට උන්වහන්සේ තීරනය කලේ මොකද කියල . . . .

ප.ලි.
සෝම හිමියන් ඇතිකල බෞද්ධ ප්‍රබෝදය හොඳයි . . . . නිසි මග ගමන් ගත්තනම් . . . .

සූස්ති ගුණේ said...

අපවත් කලා නම් ඒක මරණ පරීක්ෂණයෙදි පෙන්නන්ඩ පුලුවන්. මෙහෙදිත් එකක් කලා නේ. දැන් කියන්න එපා එතකොට හොඳටම පරක්කුයි වගෙ කතා. අපේ එම්බසියක් තියෙනව රුසියාවෙ. එහෙදිත් පරීක්ෂණයක් කලා නේ? මොනවාද විද්‍යාත්මක සාක්කි? ෆොරෙන්සික් එවිඩන්ස් තියෙනවද අපවත් කලා කියල?

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මේ වෙච්ච සිද්දියට මොකුත් ඇක්ශන් එකක් ගත්තේ නෑ නේ ...මම දැක්කා කො‍ටුවේ හාමුදුරුවොත් කියලා තියෙනවා වස දෙන්න උත්සාහ කලා කියලා ඒ හිමියන්ටත්...

ItalyDilan said...

මම සෝම හිමියන්ගේ බනක් සජීවිව දෑකලා තියනවා,,අනික මම විශ්වාස කරන දෙයක් තමා කහ චීවරය නිසා තමා අදටත් අපේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ කියන කතාව,,මේක කිවුවේ මර්සලින් ජයකොඩි කියන කතෝලික පියතුමා.
මටත් තියන ප්‍රශ්නයක් තමා ඇයි සෝම හිමියෝ ඔහොම ගමනක් ගියේ කියන එක..
මම ශ්‍රී ලාංකිකයෙක්, කතෝලික සිංහලයෙක් වෙමි.

Anonymous said...

ඔය සෝම හාමුදුරුවො "අපවත් කළා" කියන කට්ටිය කරුණාකරලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

1. මොනවද ඒ සඳහා තියෙන සාක්ෂි?
2. ඒ කියන්නෙ මරණ පරීක්ෂණ වලින් ඔප්පු වෙච්චි කරුණු බොරුද?
3. (ඔය ගොල්ල හිතන විදියට) කොහොමද අපවත් කළේ? වස දීලද? ඔළුවට වෙඩි තියලද? බෙල්ල මිරිකලද?
4. ඇයි එහෙනම් ලංකාවෙ ආන්ඩුව ඒ ගැන පියවරක් නොගන්නෙ?
5. ලංකාවෙ ආන්ඪුව ඒ ගැන පියවරක් ගන්නෙ නැත්නම් ඇයි අඩු ගානෙ ආන්ඩුවෙ පාර්ශවයක් වෙච්චි ජාතික හෙළ උරුමය ඒ ගැන ආන්ඩුවට බල නොකරන්නෙ?

නැත්නම් මේ නිකම් ස්වයං වින්දනයක් උදෙසා බොරු බව දැන දැන හැමදාම කියන කතාවක් විතරයිද?

විසිතුරු | visituru said...

සෝම හිමියන් අපවත් වුණා හෝ අපවත් කළා. 2න් කෝක වුණත් අන්තිම ප්‍රතිඵලය එකයි. අපේ රටට එතුමා අහිමි වුණා.

උන්වහන්සේ මෑත යුගයේ සැබෑ වීරයෙක්. එතුමා නොබියව කිව්වා ප්‍රභාකරන්ට කතාකරන්න ඕන එයාට තේරෙන බාසාවෙන් කියලා. ඒ කියන්නෙ යුද්ධයෙන්. මතක තියාගන්න ඒ කිව්වෙ රනිල්ගේ ඊනියා සාම ගිවිසුම නැගලා ගිය කාලෙ බව....

Anonymous said...

කවුරු හරි මේ ප්‍රශ්නෙට උත්තර දෙනවාද?

අපවත් වුණාද, අපවත් කළාද යන්න වත් හරි හැටි නොදැන, අපවත් කළා කියන්න කිසිම සාක්ෂියක් නැති විට කාට හරි ඇඟිල්ල දික් කරලා "මෙන්න මූ අපේ සෝම හාමුදුරුවො මැරුවා" කියන එක අන්තිම වැරදි කතාවක් නේද? ඇයි තව දුරටත් ඒ වගේ වැරදි කතා කියන්නෙ? එහෙම බොරු චෝදනා නැඟීම සෝම හාමුදුරුවන්ට ගෞරවයක් කියල හිතනවද ඔය ගොල්ල?

nawammawatha said...

කිසිවක් නොකියමි, කොතැනක හෝ කාට හෝ වැරදී ඇති බව සිතමි.

සියළු දෙයටම ඊට නියමිත මිලක් ඇත. ඒ වෙනකන් සියල්ලන්ම සුදෝ සුදුය !

Rajith said...

හිතවත් ඇනෝ-සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ස්වභාවිකව සිදුවුවක් කියන්න මොනවද ඔයාලට තියෙන සාක්ශි .?ගින්නක් නැතුව කොහෙන්ද දුමක් නේද?
ඔයාට හිතෙන විදිහට ලලිත් කොතලාවල විදවන්නේ ඒ කරුමේ වෙන්න බැරිද?

බුදු සරණයි!

Observer said...

සෝම හිමියන් ගැන වැඩි විස්තර නොදන්නා නමුත්, එහිමියන් වරක් පර්ත් නුවරදී දක්නට ලැබිණි.
එහිමියන්ට නිවන් සුව ලැබේවා.....!!!

අසුරයා said...

අද සෝම හාමුදුරුවො හිටියනම් හදන්නෙ සිංහලයාව නෙමේ. සඝ පරපුර. පිටිදූවෙ එක්ක බලනකොට සෝම හාමුදුරුවො රහත් නමක් වෙන්ට ඕනි.

මාරයාගේ හෝරාව said...

අඩෝ වැපා..ජාතිවාදියා..ආගංවාදියා..තොපි වගේ උන් එක්ක තමා යකෝ ප්‍රජාතන්ත්‍රවාදේ ආරක්ෂා කරන්න බැරි.
ඕන නැති මගුල් නොලියා ලියහං කාටත් වැදගත් වන සර්ව ආගමික සහජීවනය ගැන ලිපියක්..නිකං අපතයා නොවී...

-බංගලිදේසේ සිට ලියන ඇනෝනිමස් මාරයා...

ලක්ෂාන් said...

සෝම හාමුදුරුවෝ කියන්නේ මන් ගොඩක් ගරු කරන හාමුදුරුවෝ කෙනෙක්...facebook එකේ දාල තිබුන ෆොටෝස් වලින් මන් දැක්ක එතුමන්ට වෙච්ච දේ ගෙන..ඒ පොස්ට් එකේ ඉතාම පැහැදිලිව පෙන්නුම්කරලා තියෙනවා පුද්ගලයෝ දෙන්නෙක් ගෙන සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමට සම්බන්ද..සෝම හාමුදුරුවන්ට උන දේ ගෙන අපි හදවතින්ම කණගාටු වෙනවා.එත් මට තියෙන ගෙටලුව ඇයි මේ ගෙන කව්රුත් පියවරක් ගන්නේ නෙත්තෙ කියල.මේ සිද්දිය වෙනකොට මට අවුරුදු 10..දැන් මට 18..අපිට සැබෑ යථාර්තය තේරෙන මොහොතේදී අපි සෝම හාමුදුරුවෝ වෙනුවෙන් , බුද්ධාගම වෙනුවෙන්,කුමන හෝ පියවරක් ගත යුතුමයි.අවුරුදු 8 ගෙවිල ගියා.අපි සමාජීය වශයෙන් බෞද්ධයා නැගිට්ටවිය යුතුයි.මන් මැරෙන්න කලින් සෝම හාමුදුරුවෝ වෙනුවෙන් කුමන හෝ දෙයක් කරනවා මට පුළුවන් විදියට..අපි ඔක්කොම එකතු වෙමු.. සෝම හාමුදුරුවනේ අමා මහ නිවනින් සැනසෙන්නට පෙර ශ්‍රී ලංකා ද්වීපයේ අප අතරට නැවතත් වඩින්න මා හිමියනේ.. නැවත අප අතර ඉපදී ලොව දම් අමා රසයෙන් නැහැවීමට හිමියනි ඔබට හැකිවෙත්වා....

මම ලක්ෂාන් මෙන්ඩිස්.(බණ්ඩාරනායක විද්‍යාලය,ගම්පහ)
Facebook address -https://www.facebook.com/lakshan.mendis1

අප සැවොම එක්වී බෞද්ධ සාසනය රැක ගනිමු !!!!!

Post a Comment