Thursday, April 10, 2014

සිහින උලෙළේ අමතක නොවන සිදු වීම්

මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.

සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා. 

2011 දි,  ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.

2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.


2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :D

තව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න


<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

එහෙන්ම් 20 හමු වෙමු

වැප්

Wednesday, March 19, 2014

උදව්වක් - සිංහල පරිවර්තනයක් - සිංහල පොත්

sinhalabooks.lk අඩවිය තුලට ඇතුලත් කරන ලද, සිංහල පොත් 5000 ක පමණ සිංහල නාමය තවමත් යොදාගෙන නැත

ඔබට හැකි නම් 

හරහා ගොස් සිංගිලිෂ් නම සිංහල යුනිකේත අකුරින් පරිවර්තනය කරදෙන්න



sinhalabooks.lk අඩවිය මා පවත්වාගෙන යන බව සතුටින් දන්නවා සිටිමි. එය තුලින් ඔබගේ පෞද්ගලික අවකාශ පුස්ථකාලයද නිර්මාණය කරගත හැක. 

Tuesday, December 24, 2013

මගේ සිංහල බ්ලොගය - නොහිතපු ගමන

මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ ‍සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි.  එයද කල් යත්ම කරන විශය පතයට සීමා වූ පිරිසක් බවට පත් වී පසුව පාසල් අධ්‍යාපනය අවසානයේ හදාරණ පාඨමාලවට රාමුගත වෙයි. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයකට හෝ වෙන යම් අයතනයකට බැඳුනු පසු ඒ හරහා හඳුනා ගත් පිරිස සමඟ පමණක් වැඩිපුර ගැටේ. අහල පහළ, පෙර පාසල, ප්‍රාථමික පාසල, ද්වීතික පාසල හා විශ්ව විද්‍යාලය යන අවස්තාවලින් වඩාත් වැඩිපුර කාගෙත් මතකයේ රැඳි පවතින්නේ විශ්ව විද්‍යාල සමයයි.

බ්ලොග් අවකාශයේ දැන හඳුනා ගැනිම යනු, සාම්ප්‍රදායික දැන හඳුනා ගැනිමෙන් ඔබ්ට ගිය ප්‍රකාශිත අදහස මත ගොඩනගා ගන්නා ප්‍රතිරූපය හා ගනුදෙනු කිරිමකි. විවධ වූ සාමජ කොටස් සමඟින් හා විදෙස් රටවල් නියෝජනයනය කරමින් පැමිනියත්, සිංහල ‍බ්ලොග් කලාව තුල කාටත් පොදු එකඟතාවය නම් සියලු ගනු දෙනු සිංහල භාෂාව හරහා ප්‍රකාශනය කිරීමයි. මේ හඳුනා ගැනිම තුල කෙනෙකු සාර්තක වන්නා සේම තව අයෙකු රැවටීමටද ලක් කල හැක. අප දන්නා ඉතිහාසය තුල මෙම අවස්ථා දෙකම අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් සත්‍ය ලෙස සිදු වි ඇත. අනාගතයේදිද එය එලෙසම වනු ඇත.

2009 දෙසැම්බර් මස 24 දින ආරම්භ කරන ලද මාගේ බ්ලොග් අඩවියට අදට වසර 4ක් පිරීඇත. ඒ තුලින් මා ලබාගත් දේ බොහෝය. දැන හඳුනා ගත් පිරිස බොහෝය, තවමත් අකුරු වලින් ‍පමණක් චිත්‍රනය වි ඇති පිරිසක් සිටියි. හැම දේම කාලයක් යද්දි එපා වන්නා සේ බ්ලොග් අඩවියට ඒ කාලය දැන් උදා වී ඇත. බ්ලොගයටම වී සිටි කාලයක් තිබුණි. එහෙත් දැන් අහම්බෙන් ලිපියක් දෙකක් පමණක් ලියවේ. මෙම බ්ලොග් අඩවිය නිසාම බැනුම් ඇසූ යුගයක් තිබුණි. එහෙත් දැන් අසාවට බයින්න එකෙක් නැතිය. සිතුවාට වඩා ඉහල වටිනා කමක් ලැබුවේ සිංහලෙන් අකුරු කල මේ බ්ලොග් අඩවිය නිසාය. එබැවින් මම එයට ගෞරව කරමි. සේවාව පවතින තුරා ලිපි එකතු කරමින් එය පවත්වාගෙන යාමට අදහස් කර සිටිමි. සිංහල බ්ලොග් අවකාශයේ සැරිසන පිරිස, වැප් බ්ලොගය නිසා පමණක් හඳුනා ගැනිමට මම ඉතා කැමැත්තෙමි. ඔවුන් අගයන්නටද පසුබට නොවෙමි.  


වැප්

Monday, December 16, 2013

(ඔෆිස්+පැදුරු+බීච්) පාටි

දෙසැම්බරය 2013, කම්මැලි කමේ උපරිමයකට ආපු කාලයක් පහු කරලා ටිකක් විතර කුසීත කම මඟ ඇරුන විදිහ බ්ලොග් එකේ දාන්න තමයි මේ හදන්නේ. ඔෆිස් පාටිය පැත්තකින් තියමු. ඒක ඉතින් ෆුල් ඔෆිසියල්නේ. පැදුර තමයි පැදුර... ඒකට දාන්න තිබ්බ නම තමයි දන්සැල් පැදුර කියලා.  අපේ ගෙදර කියන ගෘප් එකේ මම ඇත්තෙත් නැහැ( මේ වෙනකොට ඒකේ සාමාජිකයෙක්මි). පැදුරට එනවාකියලා රෙජිස්ටර් උනෙත් නැහැ. ඒත් ඔන්ලැයින් මොකක් හරි තියනවා නම් ගිහින් ඔලුව දාලා එන්න තියන අමාරුව නම් තාම හොඳ වෙලා නැහැ. පැදුර ගැන ආරංචි යන දවස් වල රාජ් කාරයා ඇහැව්වා මගෙන් යනවාද කියලා. යන්නත් ඕනේ කියන මතේ හිටියත් ඒක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ ප්‍රදියා ආයිත් ඇහැව්වම යන්නේ නැහැ කියලා හිටියත්, තුන් දෙනෙක්ම ඉන්න එකේ යන්න ඕනේ කියලා තීරනයට ආවේ සිකුරාදා. ඒ වෙලාවේම තීරණය ක්‍රියාත්මක කරමින් රාජ්වත් දැනුවත් කරලා ප්‍රදියවත් සෙට් කරගත්ත. ප්‍රදියයි මායි 11 ට විතර මාකොළින් පිටත් උනා 154 වන්දනාව පැයකින් ඉවර වෙයි කියලා හිතලා. කිරිබත්ගොඩ ඉදන් දෙහිවලට යන්න පැයක් හොඳටම ඇති උනත් මේ යකා කොට කොට ගියා පැය එකාහාමාරක් විතර. බොරැල්ල දැන් ෆට්ට ටැෆික් වෙලා. කරුමෙට නයිට් රේස් වලට පාරවල් වහලා හින්දා ඔක්කොම වාහන හරවලා එන්නේ බොරැල්ලෙන්. ඒ මදිවට හවුස් ඔෆ් ෆැෂන් එකත් වාහන සේල් එකක් දාලා. 

කොහොමින් කොහොමින් හරි 12.30 පහු වෙලා තුන්දෙනා එක්ක, පැදුර තිබ්බ පාර පැත්තක තියලා ටුක් ටුක් එකේ බීච් සයිඩ් අතුරු පාරවල් දෙකකම ‍ගියේ නොදන්න කමට නෙමෙයි. ත්‍රීවිල් බුවත් පාරවල් දන්නේ නැති ගානට අපෙන් ගානක් කඩා ගත්තා. (කවදාවත් මාරු නොවන 500 යේ කොලයක් තිබ්බ හින්දා රාජ් කාරයාගේ කීයකටද මන්දා කෙල උනා). උදේ පාන්දරම බ්ලොග් කාරයෝ දෙන්නෙක් හම්බුන හින්දා යන්තම් අපිත් දන්න කියන උන් ඉන්න එක ගැන සතුටක් ඇති උනා. 350 ක් ගෙවලා එදින දොරටුවෙන් ලියාපදිංචි වෙලා පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා. ඊට පස්සේ ඉතින් පැදුර පැත්තක තියලා හෙව්වේ කන්න බොන්න මොනවද තියෙන්නේ කියලා. අපරා‍දේ කියන්න බැහැ පොල්කට්ටට කැඳ කෝප්ප දෙකක්ම බිව්වා හකුරු කෑලි දෙකක් එක්කම(320). ඊට පස්සේ ඔලුව කරකව කරකව ඉන්න කොට ඔක්කොමට ඇවිත් පැදුරේ ඉදගන්න කිව්වා. ඉල්ලීම අහක දාන්නත් බැහැ. බිම වඩි වෙලා විනාඩි දහයක් ඉන්නත් බැහැ.  කොහොමින් කොහොමින් හරි ඇඹැරැල්ලා අච්චාරුව තියන තැන පැදුරේ වාඩියක් දැම්මා(300) .  ටිකක් වෙලා යන කොට ඉන්නම බැහැ පැදුරේ, නැගිටලා ගිහින් පුටුවක වාඩිය දාගත්තා. ඔය අතර තුර කස්ටිය අඳුනගන්න වැඩේ නැගලාම ගියා. මුල්ම කිහිප දෙනා සුහද සාකච්චාවකිනුත්, පහු පහු වෙනකොට අතඉස්සිම පමණක් විම හිතට සතුටක් ගෙන දෙන කාරනයක් උනා. 

කන වෙලාව ආපු හැටියේ, මාලු කෑම එකක් අරන් (150) එලිමහනේ මේසයක් උඩට ගියා. කෑම එක නම් එලටම තිබ්බා. නෙලුම් කොලයක කෑව හින්දා තවත් පට්ට. අයීස් ක්‍රීම් එකකටත්( 125) වග කියන ගමන් ඇතුලට ඇවිත් කෙලිනම් ගියේ කුස්සිය පැත්තට. පැදුරේ සංවිදායකයෝ බරටම වැඩ. එයාලට වද නොකර අපි කුස්සියෙනුත් එලියට ගියේ කන්කුන් කඩන තැනට. ඒ හරියේ වෙනම බෝතල් සද්ද ඇහෙනවා. බයිට් වලටයි සැන්ඩි වලටයි වගකිව්වේ කස්ටිය තරහා උනොත් එහෙම හරි නැති හන්දා :D. ඊට පස්සේ අයිත් ගිහින් ඇබරැල්ලා අච්චාරු ටිකක් කලා පුටුවකින් වාඩි උනා ‍විතරයි මෙන්න එනවා. තව කෑම වගයක් (කොකිස්/කැවම්/හකුරු/කෙසෙල්/හැලප)  එපා කියන්යෑ කෑවා ඒකත් (25). අහා කියන්න අමතක උනා ඔය අතරේ පැදුර පටන් අරන් කට්ටිය සින්දු කියනවා හරි. ඈතින් එනවා මල්ලක්. මොනවද දන්නේ නැහැ , ඔලුව දාලා බැලින්නම් ටොෆි, පුරුද්දක් විදිහට ටොෆි කන්නේ නැතත් ඒකත් කලා දැම්මා (24). ඊට පස්සේ ඔහොම කැරකි කැරකි ඉන්න කොට හවස් වෙලා. දැන් ඇති වෙලාව 4.30ට විතර, මෙන්න එනවා කට්ලට් සහ පාන්( -30) පාන් පෙති නම් පහකට වඩා කන්න ඇති. ඊට පස්සේ බෙලි මල් එකකුයි හකුරු කැල්ලකුයි අරන් කෙලින්ම ගියේ එලියට (-50). ඊට පස්සේ ඉතින් දිගටම එලියේ. ලාවට වගේ වැස්සක් ආපුහින්දයි, පැදුරත් ඉවර උන හින්දයි, ශාලව ඇතුලේ මේසයක්ම දාලා තිබ්බා. (-200). ඒක දිගටම නැගලා ගියත් රාත්‍රී හතට අපි ගෙවල් බලා පිටත් ‍උනා....

සංවිධායක මණ්ඩලයටයි.... ආපු එවුන්ටයි ... ස්තුතිය යන අතරේ කන්ඩ දීපු එවුන්ට විසේස ස්තුතියක් මෙන්න !

කතාව ඉවරයි ..රූප රාමු නැත


තව පොඩ්ඩෙන් අමතක වෙනවා 21 බිච්පාටිය හරි. මෙන්න මෙතන වැඩිදුර http://cyberfestival.blogspot.com/2013/12/18.html

වැප්

Sunday, July 21, 2013

මළ ගෙවල් දෙකක්

මහ සද්දයක්, පාවෙලා යනවා දැනුනා, ඈතට ඈතට ගියා ..................................

ළමයාගේ සපත්තු දෙක දාන්නේ අම්මා, කලිසම අන්දවන්නෙත්, බැග් එක උස්සන් යන්නෙත් ඇයමයි. නමින් මල්ලිකා. කවුරුත් කියන්නේ මල්ලිකා අක්කා කියලා. පවුලෙ එකම ලමයාට කවුරුත් කතා කලේ ලොකු ලමයා කියලා. ලොකු ලමයා ඉපදිලා ටික කාලෙකින්, ලමයින්ගේ තාත්තා වහ බිලා මැරුනා. මහ ලොකු දේපලක් නැතත් ජිවිතය ගෙවා ගන්න පූරුවේ වාසනාවකට ඇයටත් දරුවටත් පුලුවන් උනා. ලමයි ඉස්කෝලේ යනවා කාටවත් අරුමයක් නෙමෙයි. අසනීපයක් නොවුනත් පාන්දරයි හවසයි මල්ලිකා අක්කාගේ ඇහෙන් කඳුලු වැටෙනවා. ලඟ තියන ඉස්කෝලේ පහු කරන් දුර තියන ඉස්කෝලයකට පුතාව ඒක්ක යන එක ඇයට වදයක් නෙමෙයි. එත් ලෝකේ අනික් හැමෝටම ඒක අනුකම්පාවක්. ඇහේ කඳුල නවත්වගන්නේ ඒ ඉස්කෝලෙ අනික් ලමයි දැක්කාම.

බස් එකේදි බනිස් ගෙඩි දෙකක් කලා. ලේන්සුව අරන් පිරිසිඳු කරලා, පිළිවෙලට  යන අතරේ මොකක් හරි ඇහැව්වාම මල්ලිකා අක්කා හිනා වෙලා නිකා ඉන්නවා. දෙමව්පියන්ට ගහන්න එපා කියලා ඒ ඉස්කෝලේ උගන්නන්නේ නැද්ද කියලා ඇයට හිතුන වාර අනන්තයි. මොන දේ කලත් සිනහවකින් ඉන්න ඇය එදත් සුපුරුදු විදිහට ඔහුත් එක්ක ඉස්කෝලෙට යනවා. ටිපර් එකක් ඇවිත් දෙන්නම යට කරන් ගියා.

පුතේ උබ උපදින උපදින ආත්මෙකත් මගේම පුතෙක් වෙලා ඉපදියන් කියලා මල්ලිකා අක්කා මිමිනුවා. ගමේ තැන් දෙකක මළ ගෙවල්.

Saturday, May 25, 2013

මම කවුද?

වෙනසක් තිබුනේ නැහැ ඒ බෙල් සද්දේ. එදත් ඒ සද්දෙටම පාන්දර නැගිටිනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නේ අද ඉන්නේ මගේම ශක්තියෙන්. මේ ඇඳ සුවපහසු උනත් වෙලාවට හිතෙනවා දවස ගෙවන විදිහ නොතේරුනු ඒ දවස් කොච්චර සුන්දරද කියලා. උදේම හැමෝම එකතු වෙලා පන්සිල් ගත්තා දෙවනි බෙල් සද්දෙට කෑම මේසය ලඟ වාඩි උනා. කෑම කාලා ඉස්කෝලේ යන ඊලඟ බෙල් සද්දෙට කොහොමවත් කැමති උනේ නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ වෑන් එක එන්නේ ඔක්කොම එකතු කරන් යන්න. එකම වාහනයේ එකම බෝතල් එකම බෑග් අරන් ඉස්කෝලේ ලඟින් බහිනකොට හැමදාම දකින්නේ, පංතියේ යාලුවෝ අතේ එහෙම කිසිම දෙයක් නැහැ. හැබැයි කවුද මන්දා ලොකු ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි එයාලා එක්ක එනවා. අහම්බෙන් වගේ මූණ ඉඹලා ඔලුව අතගාන්නේ පන්තියේ ටීච්ර්  විතරයි. ගානක් හරියන්නේ කලා තුරකින්.

අද මල්ලි මාත් එක්ක රණ්ඩු උනා. පෙරේදා නැන්දාලා ආවා. මේ වගේ ගොඩක් දේවල් කනට ඇහෙනවා,  පුදුමෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. කාලේ ඔය විදිහට ගෙවිලා යද්දි ළමා කාලේන් තරුණ කාලෙට එද්දි ඉන්න තැනින් කිහිප දෙනෙක්ම වෙන තැනකට මාරු කළා. එතනත් වැඩි කලක් ඉන්න බැරි උනේ වයස 18 ක් උන හින්දා. ත්‍රිවීල් පාක් එකේ හිටපු හොඳම අයියයි එයා බැඳපු අක්කයි හමුදාවට දාන්න ඇප්ලිකේෂන් එකක් ගෙනැත් දුන්නේ යන්න තැනක් ඉන්න තැනක් නැතිව කන්න බොන්න විතරක් එහෙට වෙලා ඉන්න හින්දා කියලා හිතෙන්නේම නැහැ. යාලුවෝ එක්ක රස්තියාදුයි, රෑ ගමන් යන එකයි නැවැත්තුවේ ඒ අයියාට පින්සිද්ද වෙන්න.

සාමාන්‍ය පෙළ කරන්න අයිඩෙන්ටිය හදන්න ඕනේ. අයිඩෙන්ටිය හදන්න උපැන්නේ ඕනේ. සමාන්‍ය පෙළ ඉවර උනා. අධ්‍යාපණ සහතිකේ තියෙන්නේ 11 වසර දක්වා පමණක් ඉගෙනුම ලැබු බවට සටහනක්. ඇප්ලිකේෂන් එක පුරවලා හමුදාවට දාන්න කලින් අයිඩෙන්ටිය හදන්න ඕනා හින්දා පරණ හිටපු තැනට යන්න උනා. විස්තර වල තිබුනේ එතන එකුස උපන් සහෝදරයෙකුත් හිටියා කියලා. රූපෙන් ටිකක් සමාන උනත් මේ ලෝකේ මගේම කවුරුත් නැති නිසා දුක් නොවුනට මගේම අයියා මාත් එක්ක කාලයක් හිටියා කියලා දැනුනාම එකපාරටම තනි කමක් දැනුනා. මගේම අයියා කලින්ම හමුදාවට ගියත් කවදාවත් මල්ලි කියලා මට කතා කරලා තිබුනේ නැහැ. සටහන් වෙලා තිබ්බ දුරකතන අංකයක් හරහා මගේම අයියට කතා කරලා එයාලගේ ගෙදර ගියා. එතකොට අයියා බැඳලා. ඒ බැන්ද අක්කට නංගිකෙනෙක් හිටියා. එයාව බඳින්න කියලා මගේම අයියයි බැඳපු අක්කයි කිව්වා. 

හමුදාවට අප්ලිකේෂන් දැම්මත් තාම රස්සාවක් නැහැ, ආපහු ආවේ ත්‍රීවිල් පාක් එකේ අය්යලාගේ ගෙදර. ටික දවසකට පස්සේ මගේම අයියට කොල් කලත් එයාගේ ෆෝන් එක වැඩ නැහැ. සමාන්‍ය පෙල නැති උනාට හමුදාවට අය කරුණු තේරුම් ගත්ත හින්දා අද මට මගේම කියලා රස්සාවක් විතරක් තියනවා. වෙසක් දවසට අවුරුදු දෙකක් තුනක් හිටපු පැත්තේ පන්සලට යන එක පුරුද්දක් වෙලා!!!!!!!!!!!!!!!!!!

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....