Tuesday, April 17, 2012

නගර ශාලව / ඕලන්ද කෞතුකාගාරය - කොලඹ

සුපුරුදු පරිදි තවත් එක් සිංහල අවුරුද්දක් ගෙවී ගියේය.රැකියාව බලා පිටත්ව යා යුතුය. නිරතුරුවම පරිගනයක හා ඔට්ටු වෙමින් ගෙවි ගිය කාලයට මද විරාමයක් තබමින් නිදහසේ කොළඹ නගර තුල ඇවිදීමට මහඟු අවස්තාවක් ලද මොහොතේ, අපේ වානිජ නගරයේ ඓතිහාසික තැන් සොයා යාමේ උනන්දුවක් මට හා මගේ මිත්‍රයාට ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස නව අවුරුදු උදාවට පසු ඒ සඳහා දින නියම කරගතිමු. අව්රුදු උදාවට කලියෙන් ඒ තැන් පිහිටි ස්තාන හා යායුතු තැන් ගැන විපරම් කල පෙර සූදානමක් ලබාගත්තේ පහසුවෙන් ඉලක්ක සපුරා ගැනිමටය. ඒ අනුව කොලඹ පැරණි නගර ශාලව හා ඕලන්ද කෞතුකාගාරය අපේ පොරොත්තු ලේඛනයේ මුලටම ගැනින. තද කාෂ්ටක අව්වේ සෙනග අතරින් ඒ පුරාණ ස්ථාන කරා ගියෙමු. බැලූ බැල්මට ජනාකිර්ණ බැවින් මෙවැනි ස්ථානයක් තිබේ දෝයි නිකටමවත් නොසිතෙන තරමට පෙට්ටි කඩ හෙවත් විදි වෙළඳාම සරුවට වන බව පහත රූප සටහන් මොනවට පිළීඹිබු කරනු ඇත.


මෙන්න ජාතික කෞතුගාර දෙපර්තමෙන්තුවේ පිටුව
http://www.museum.gov.lk/web/index.php?option=com_regionalm&task=regionalmuseum&id=1&Itemid=76&lang=si

කොළඹ පැරණි නගර ශාලව - Colombo Old Town Hall building
ගෑස්පහ හන්දිය අසල පිහිටා ඇති මෙම පෞරාණික ගොඩනැගිල්ල කලකට ඉහතදී පිළිසකර කර අති බවක් පෙනුනද වර්ථමානයේ ජරා ගොඩකි. හිඟන්නන්ගේ හා කුඩු කාරයින්ගේ රජ දහනකි. ඕනෑම අයෙකුට අනවසරයේ ඇතුල් විය හැකි මෙම ගොඩ නැගිල්ල මහල් දෙකකින් සමන්විතය. ඉහළ මලය තුල රැස්විම් ශාලාවක් ඇත. අද පවා කුඩා රැස්විම් සඳහා වෙන් කර ගත හැක. මිනිස් රූප ප්‍රමානයටම කල අයුරු විදහා දක්වන, වට මේස සාකච්චාවක පසෙකින් නිර්මාණය කර ඇත. පහත මාලයේ එක් කොටසක් දැනට ගිනිනිවන හමුදාවේ ප්‍රයෝජනයට ගෙන ඇති අතර පිවිසුමෙන් දකුණු පස පැරණි රථවාහන හා උපකරණ සඳහා වෙන් කර ඇත. හිඟන්නාගේ වතුර බෝතල් ඇඳුම් කඩමාලු වලට ආරක්ෂාව සපයන්නේ මෙම පැරණි වාහනයි. පාලුවට කාන්සියට නිදා ගැනිමට ගන්නේද මෙම කොටසයි. පහත රූපය හොඳින් බලන්න.


නගර ශාලාවේ වැඩිදුර පින්තූර සඳහා මාගේ බුකිය බලන්න :DDD https://www.facebook.com/media/set/?set=a.3700694998933.2167367.1322169573&type=1


කොළඹ ඕලන්ද කෞතුකාගාරය - Colombo Dutch Museum
කොළඹ පිටකොටුව දෙවන හරස් විදීයේ කුමාර විදීයේ පිහිටා ඇති මෙම ගොඩ නැගිල්ල බැලු බැල්මට සමාන්‍ය ගොඩනැගිල්ලකි.



රුපියල් 20 ක අතුල්වීමේ අවසර පතකුත් [ විදේශිකයන් සඳහා ඉහළ මිළ ගනන් සඳහන් වී තිබුණි ] ඡායාරූප ගැනිම සඳහා රු 250 ක මුදුලකුත් ගෙවිය යුතුය. මහල් දෙකකින් සමන්විත ප්‍රධාන ගොඩනැගල්ලේ ඉහල මාලය වම් පස විශාල කාමරය පෞරාණික ඇඳන් පුටු පෙට්ටගම් කාසි ආදියටත් දකුනු පස කාමරය ලියකියවිලි සඳහාත් වෙන් වී තිබුණි. එහි වැදගත්ම දෙය නම් ශ්‍රි ලංකාවේ මුද්‍රණය කළමුල් පොතෙහි ඡායා පිටපතක් තිබිමයි. ඊට අමතරව රාජකීය ලිපි හුවමාරු හා ආන්ඩුකාරවරුන්ගේ ලිපිද දක්නට තිබුණි. පහත මාලය තුල ඉතිහාස කරුණු ගෙන හැර පෑම නැව් වල ආකෘති හා පාලන පෙදෙස් විදහා දැක්වා තැබිමට යොදා ගෙන තිබුණි. මැද මිදුවල් සහිත U හැඩැති මෙම ගොඩ නැගිල්ලේ ඉතිහාසය සඳහන් වී තිබුණේ පහත අයුරුනි

"17 වැනි සියවසේ අග භාගයේ (1692 - 1696) ඕලන්ද ආණ්‌ඩුකාර තෝමස්‌ වෑන් රී සිය නිල නිවාසය ලෙස ඉදිකර ඇති මෙම ගොඩනැඟිල්ල සිය නිල කාලය අවසන් වීමත් සමඟ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම (V.O.C සමාගම) වෙත විකුණන ලදුව සමාගම විසින් අනත්දරු නිවාසයක්‌ හා දෙව්සත්හලක්‌ ලෙස ලංකාවේ ඕලන්ද පාලන කාල පරිච්ඡේදය අවසානය තෙක්‌ම (1796 දක්‌වා) පවත්වා ගෙන ගොස්‌ ඇත. අනතුරුව බ්‍රිතාන්‍යය පාලන සමයේදී මෙම ගොඩනැඟිල්ල හමුදා රෝහලක්‌, යුධායුධ ගබඩාවක්‌, පොලිස්‌ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ද අවසානයේ පිටකොටුවේ තැපැල් කාර්යාලය හා විදුලි සන්දේශ මධ්‍යස්‌ථානයේ කොටසක්‌ ලෙස ද මෙම ගොඩනැඟිල්ල පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුකාලීනව මෙම ගොඩනැඟිල්ලේ කෞතුක වටිනාකම සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගත් අතර 1982 ජුලි 10 වැනි දින සිට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ "යුග කෞතුකාගාරයක්‌" වශයෙන් හා එළිමහන් කෞතුකාගාරයක්‌ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. "

උපුටා ගැනිම - දිවයින http://www.divaina.com/2011/02/13/siya07.html


U අකුරු හැඩැති ගොඩ නැගිල්ලේ පහත මාලයේ පිවිසුමෙන් දකුනු පස තීරු කොටස් දෙකේ එක් පැත්තක් වර්තාමනයේ රාජකාරි කාමර ලෙස යොදා ගනි. අනෙක් තීරුවෙහි දක්නට ඇත්තේ පැරණි භාන්ඩ හා සොහොන් ස්මාරකයි. වැඩි දුර ෙතාරතුරු ඉහත දිවයින බැඳිය හරහා  ෙගාස් කියවන්න මන්ද යත් එකම තොරතුර ලිවිමට මට කම්මැලිය :DDD


















වැප්

Friday, April 13, 2012

බැංකු , අලුත් අවුරුද්ද සහ වෙනත් කතා

ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි. දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය. එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි. අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.

වෙනත් කතාව නම් මගේ මොළ ගෙඩියට කම්පනා වූ අමු පට්ට සිතුවිල්ලකි. බැංකු නඩත්තු කරන්නේ අපිය. සල්ලි දමන්නේ අපිය. ඉතින් අපිට ඒවහි තිරණ වලට බලපෑම් කරන්නට නොහැක්කේ මන්ද. එක එක කාලවල් වලට එක එක වැඩ සඳහා බැංකු අනුග්‍රහකත්වය දක්වයි. දෙයියනේ මේවා කෝටි ගනං සල්ලිය. අපිට තුට්ටු දෙකේ පොළියක් දී නිකරුනේ සල්ලි නාස්ති කරයි. අපේ සල්ලි වලින් උන්ට ඕන තිරණ ගනියි. මං අහන්නේ නිකමටවත් අපිට යෝජනවාක් ඉදිරිපත් කරන්නට බැරිද? අඩු තරමේ අපේ දෙයකට ස්පොන්සර් සිප් එකක් ගන්නට බැරිද. අපේ සල්ලි ටික උන් ලඟ දමා උන්ට ඕනා දේවල් වලට ඒවා වියදම් කරන හැටි අපි දැක බලා (දුක්) සතුටු වෙමු. හැමදාම මේවා බලා සිටය හැකිද. අපේ අයිතිය අපි ලබාගන්නේ කෙසේද?

අදම බැංකුවෙන් සල්ලිට ටික උස්සන් එන්න හිතෙන්නේ මේ විටය. කරුමයක මහත වෙන එකෙක් මට උඩින් සල්ලි දමා ඇත. ඉතින් මගේ සල්ලි ගැනීමට උගේ සල්ලි ඉවත් කර ගතයුතුය. ඌව දැනුවත් කර සල්ලි ටික ගන්නා ලෙස බොහෝ දැනුවත් කළ යුතුය. ඒ සඳහා ලීෆ්ලට් ගැසිය යුතුය පොස්ටර් දෙක තුනක් ඇලවිය යුතුය. ඊට අමතරව අතුරුදහන් වීමට එකෙකුද සෙවිය යුතුය. ඇත්තටම බැංකුවට බලපෑම් කල නොහැකිද? නිකමට හරි අපි සල්ලි දැම්මේ නැත්නම් උන්ට හුලං බව උන් දැන ගතයුතුය. ඊටත් වඩා මේ බැංකු බොහොමයක් ණය දෙන්නේ තඩි පොලු කාරයින්ටය, අපිට ණයක් ගැනිමට දහසක් තැන් වල අත්සන් කර තව අඳුනන එවුන්ගේද සාක්ෂි දිය යුතුයි. ඉතින් දෙයියනේ අපි දාන සල්ලි වලට මුන් හොඳ පොළියක්වත් නොදෙන එකේ අපේ තිරණ ඒක ඇතුලට දාලා බලන්නට චෑන්ස් එකක් ඇත්තේම නැද්ද?

ලබන්නා වූ අවුරුද්දේවත් මේකට ක්‍රමයක් සොයා ගත යුතුය. අලුත් අවුරුද්දට කලින් මේ ලිපිය දැම්මේ නව අවුරුද්දේවත් හරවත් දෙයික් ලිවීමට ඇස්වහ කටවහ ටික පුච්චා දැමිමටය.

හැමෝටම අපේ යටත ගත හැකි බැංකු දිනයක් උදාවේවායි පතමි

වැප්


Saturday, March 17, 2012

ත්‍රිපිටකයේ විශේෂ තැන්

පහුගිය ටිකේ ත්‍රිපිටකයේ එහෙට මෙහෙට යද්දි පහළ තියන විශේෂ තැන් ටික හම්බඋනා . කැමති කෙනෙක් උනන්දු කෙනෙක් ගිහින් බලන්න

කියවන්න ෆොන්ට් එක දාගන්න මෙතනට යන්න - http://www.metta.lk/fonts/index.html

පෙරේතයෝ පිළිබඳව - ලක්ඛණ සංයුක්තය
කුල ගෝත්‍ර ඉතිහාසය - අම්බට්ඨ සූත්‍රය
ප්‍රාතිහාර්යයන් - කේවට්ට සූත්‍රය
චෝදනා කළ යුතු අනුශාසකයෝ - ලෝහිච්ච සූත්‍රය
බුදුවරු ගැන අතීත කතා / බෝධීසත්ව උත්පත්තිය / මහාපුරුෂ ලක්ෂන - මහාපදාන සූත්‍රය
මහා පුරුෂ ලක්ෂන - ලක්ඛන සූත්‍රය
සත්‍ය වුවත් අනර්තයට පවතිනම් බුදුන්වහන්නේ එය බැහැර කරති - පාසාදිකා සූත්‍රය
ලෝක උත්පත්තිය / එව බලව / ප්‍රාතිහර්යය - පාඨික සූත්‍රය
ලෝක උත්පත්තිය - අග්ගඤ්ඤ සුත්‍රය
ප්‍රශ්න විසඳන ආකාරය - උදුම්බරික සිහනාද සූත්‍රය
අනාගත ශ්‍රමණ ගෝත්‍රය / රාත්‍රියට ආහාර ගන්නා භික්ෂුන් / දානයේ අනුහස් - දක්ඛිනවිභංග සූත්‍රය
මස් මාංශ පිළිබඳව - ජීවක සූත්‍රය
නිගන්ඨ වාදය/ මුල් ශාස්තෘවරුන්ට ගරු කරන්න කීම - උපාලි සූත්‍රය
බුදුන්වහන්සේ පිළීතුරු නොදෙන ප්‍රශ්න - කුක්කරවතිය සූත්‍රය


වැප්

Wednesday, February 29, 2012

පරලොවක් ඇත්තේද නැත්තේද?

ඔය පහුගිය ටිකේ නෙට් එකේ ලින්කු දිගේ එහෙට මෙහෙට යනකොට ත්‍රිපිටකයේ සූත්‍රයක් හම්බ උනා පයාසි සූත්‍රය කියලා. මේ පහලින් තියෙන්නේ එහි සංෂිප්තයක්. කොච්චර රසවත් උපහරණ ගෙනහැර පලා තියනවද. මැවිලා පේන විදිහට කොතරම් රසවත්ද විස්තර කරනවද. ත්‍රිපිටකයේ සිංහල අනුවාදය තියන හින්දා දැන්නම් දිගටම කියවන්න හිතෙනවා. බලමු පරලොව අතිද නැති කියන එක ගැන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හා පයාසි රජතුමා අතර සංවාදයේ විස්තර වන විදිහ. ප්‍රශ්න අකාරයේ පහත සටහන ඉදිරිපත් කරන්නම්. උත්තර ඔබම තීරණය කරන්න. මීට වඩා ලස්සන ඉහත තියන ලින්කුවේ විස්තරයක් තියනවා. ඒක කියවන්න කියලා තමයි කියන්නේ. :DDD මෙහි පයාසි රජතුමා කරුණු ගෙන හැර දක්වන්නේ පරලොවක් නැතැයි කියන්නයි. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේත් නිදසුන් මගින්ම පරලොවත් ඇතැයි පහදා දෙනවා. ඔය අතරේ පොඩි පොඩි විද්‍යා සංකල්පයකුත් තියනවා.

පයාසි රජතුමා - පස් පව් කරන අය නිරයට යනවානම් නිරයට ගියා කියලා ඇවිත් කියන්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මරණ දඩුවම නියම වෙච්ච කෙනෙක් වදකයට කිව්වොත් මගේ නෑයන්ට කියලා එන්නම් කියලා යන්න දෙනවද?

පයාසි රජතුමා - මැරුණාට පස්සේ දිව්‍ය ලෝකේ යන අය ඇවිත් කියන්නේ නැහැනේ එහේ විස්තර?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අසූචි වලක වැටිලා හිටි මනුස්සයෙක් සුවඳ පැනින් නහවා සුවඳ ගන්වා සුඛෝප බෝගි විදිහට ඉන්න සැලැස්සුවොත් ඔහු හෝ ඇය නැවත අසූචි වලට එනවද?

පයාසි රජතුමා - කරන ලද කුසල අකුසල කර්මයන්හි පල ප්‍රතිවිපකා කවුරත් ඇවිත් කියන්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - මනුෂ්‍ය ලෝකේ වර්ෂ සීයක් තව්තිසාවේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා එක් දවාලක් නම් ඇවිත් කියන්න පුලුවන්ද එහේ විස්තර?

පයාසි රජතුමා - කවුද කිව්වේ වැසි දෙවියන්ගේ එක් රැයක් හා දවාලාක් මෙහේ අවුරුදු සීයක් කියලා?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - අන්ධ මනුස්සයෙක් කිව්වොත් ඉරයි හඳයි නැහැ කියලා? ඒක ඇත්තද බොරුද?

පයසි රජතුමා - සිල් රකින ගුණ ගරුක සිල්වතෙක්ව මරණ්නට හිතෙනවා එතකොට එතුමා දිව්‍ය ලෝකේ ගිහින් සැප විඳියිනේ. එත් ඔවුන් කියනවා ඔවුන්ව මරන්න එපා කියලා
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එතුමන්ලා ජීවත්ව සිටින තාක් කල් පින් රැස් කරනවා.

පයාසි රජතුමා - මිනිහෙක් මරණකොට හොඳට සම්වලින් වෙලලා හැලියක දාලා වහලා ලිපේ තියලා රත් කරලා මරනවා. මැරුණාට පස්සේ හැලිය ඇරලා බලනකොට පිට වෙන ජීවිතයක් දකින්න නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - හීන දකිනකොට ක්ෂනයෙන් පොකුණු කඳු ආදිය දකින්න මෙන්ම වෙනත් ඕනෑම තැනකට යන්න පුලුවන් . ඒත් ඒ අපි යන එන දේවල් නොනිදා ඉන්න අයට පේනවද? නිදි ඔබත් ඇහැරි ඉන්න අනික් අයත් ජීවත් වෙලා ඉන්ඩැද්දි ඒ ඇතුල්වන පිටවන එක නොදැක, මැරුණ මනුස්සයෙක් ඇතුල්වන පිටවන තැන් කොහොම බලන්නද?

පයාසි රජතුමා - මිනිහෙක් මැරුණායින් පස්සේ හා කලින් බර කිරුවොත් මැරුණාට පස්සේ බර වැඩියි.
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - යකඩ ගුලික් රත් කරල ගිනියම් උනෑයින් පස්සේයි සීතල උනාට පස්සෙයි බර කිරුවොත් ගිනියම් වෙච්ච වෙලේ බර අඩුයි. ආන් ඒ වගේ තමයි ආයූෂයි උෂ්නයයි තියනවා නම් බර අඩුයි.

පයාසි රජතුමා - මිනිහෙක් උඩුකරු කරලා මැරුවත් දකින්නේ නැහැනේ ජීවයක් නිකුත් වෙනවා?
කාශ්‍යප මහ රහතන් වහන්සේ - හක් ගෙඩියක් ගැන නොදන්න පිරිසක් මැද්දේ හක් ගෙඩියෙන් සක් නාදය පිටකර පැත්තකට වෙලා බලා හිටපුවාම. ඒ නොදන්න පිරිස ඒ හක්ගෙඩිය ඒ මේ අත කරකවමින් හක් ගොඩියට යාඤ්ඤා කරනවා සද්දේ වරෙන් වරෙන් කියලා. නමුත් අර මුලින් හක්ගෙඩිය පිම්බ මිනිහා ඒක නැවත පිබලා පෙන්නුවාම අර මිනිස්සුන්ට තේරුම් යනවා, හක් ගෙඩිය කවුරු හරි එක්ක සම්බන්ද වෙච්චාම හෙවත්, උත්සහා කරලා හුලං වලින් පිම්බාම තමයි ඒ සද්දේ එන්නේ කියලා. ආන් ඒ වගේ තමයි උෂ්නත්වය විඤ්ඤානය හා ආයූස තියන කල් ජිවිතය තියනවා එකක හෝ අඩුවක් කියන්නේ මරණයට පත්විම.

පයාසි රජතුමා -මිනිහෙක් අල්ලං ඇවිත් වද දුන්නට ජීවිතයක් දකින්නේ නැහැනේ?
කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ - එක්තරා පෙදෙසක ජීවත් වෙන ගිනි පුජා තියන ජටිලයෙක් නගරයට යනවා ලමයව ආස්‍රම යේ තියලා. ගිනි ගොඩ නිවා ගන්න එපා කියලා. නමුත් ඒ ළමයාගේ ගිනි ගොඩ නිවෙනවා එක එක සෙල්ලං දාන්න ගිහින්. ලමයා බලන් ඉන්නවා ගිනිගොඩ පත්තු වෙනකල්. නමුත් ආපසු පැමිනෙණ ජටිලයා කියනවා බලං ඉදලා හරියන්නේ නැහැ මෙන්න මෙහෙම දරකෑලි එකට අතුල්ලන්න ඕනේ කියලා. ආන් ඒ වගේ තමයි නුවණින් තර්කයෙන් පරලොව හොයන්න බැහැ

ඊට පස්සේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා පරලොවක් නැතැයි කියන දෘෂ්ටිය අල්ලන් සිටිම නුවණට හුරු නැහැකියලා. ඒක ගැන ලස්සන කතා තුනක් කියනවා. එකක් අපි දන්න අර කාන්තරයේ ගැල් පන්සීය ගානේ යන කතාව. තව එකක් වේලිච්ච අසූචි ගොඩක් කර තියන් යන ව්‍යපාරිකයෙක් ගැන. අනික වැඩකට නැති හණ මිටියක් ගෙදර අරන් යන යාලුවෙක්ගේ කතාව. ඒ කතා තුන බලන්න මේ ලින්කුවට යන්න.


පාසාදික සූත්‍රයේ පරලෝකය පිළිබඳව චුන්දික ස්ථවීරට බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරති

සමහරු අහනවා පරලොවක් තිබේද නැද්ද කියා. එවිට මහනෙණි ඔබ පිළීතුරු දෙව // පර ලොව සෙවිම අර්ථයෙන් යුක්ත නොවෙයි. එය නිවනට මාර්ගය නොවෙයි එහෙයින් එය භාග්‍යවතුන් වහසන්සේ ප්‍රකාශ නොකරන ලද්දේය \\ කීයා


වැප්

Monday, February 6, 2012

තුන්මස පින්කම

2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමි

වැප්

Saturday, December 24, 2011

අද විශේෂ දවසක්

රචනා ලියන්න මම කොහොමත් කැමති නැහැ. සිංහල සාහිත්‍ය විවේචන කියන්නේ වහ කදුරු වගේ. කවියක් කතාවක් තියා අඩුම ගානේ දැන්විමක් වත් ලියා ගන්න බැහැ. ඒත් මේ සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඔක්කොම කලා. ඕක තමයි ඇත්ත

හරියටම 2009 දෙසැම්බර් 24 වෙනිදා බ්ලොග් අවකාශයේ මුල්ම ලිපිය ලියමින් අද අවුරුදු දෙකක් පුරාවට ලිපි 101 ක් ලියලා තියනවා. මේ ලියන්නේ 102 දෙක.

මුල්ම ලිපියට ප්‍රතිචාර දක්වපු දුකා හා සහෘදයා අද වන විට අවකාශයේ , මට මුලින්ම ශක්තියක් උන දෙන්නා. ඊට අමතරව එදා ඉඳන් අද දක්වාම මේ බොලොග් අවකාශයේන් බොහෝ මිතුරන් හමු උනා. බ්ලොග් නිසා බස්, පස් , බුකි කියන සමාජ ජාල අඩවි වලිනුත් බොහෝ මිතුරන් මුණ ගැහුනා.

බ්ලොග් අවකාශයට අහබු ලෙස පැමිණියත් SBU සින්ඩිකේටරය හරහා බ්ලොග් ගනනාවකට දොරටුව විවෘත උනා. එම සින්ඩිකේටරයටත් කෘත වේදි වෙමින්, මගේ ගමනට සහාය වෙච්ච අනිකුත් සියලු සින්ඩිකේටර් වලටත් මේ අවස්තාවේදි මගේ කෘතවේදිත්වය දක්වන්න කැමැතියි. ඊට අමතරව වැප් බ්ලොගය ඔබගේ බ්ලොග් රෝලට එකතු කරන් දැකවූ සහායටත් ස්තුතියි. කියවන්න කමෙන්ට් දාන්න ආපූ සියලු දෙනාටත් බොහොම ස්තුතියි

අද ගැන කතා කලොත් අවුරුදු දෙකක දුර ගමනක් ලිපි සීයක් එක්ක ඇවිත් තියනවා. ආපසු හැරි බලද්දි බොහොම සතුටක් තිබ්බත්, මේ කරන වැඩ වලින් මගේ මව් දෙමව්පියන්ටත් අසාධාරණයක් වෙන බව දැනෙන ගතිය නම් දැන් ගොඩක් වැඩි වෙලා.


වැප්

Tuesday, December 20, 2011

[ වාර්තා ] කොළඹ පොල්

ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණය
ඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණය
අපි මිල දී ගන්නේ ?????? කටය

මාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකි

දෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන්  සූදානම් වන මොහොතේ කොළඹ පොල්  හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා අද උදෑසන පොඩි සංචාරයක යෙදුනි. පහතින් දැක්වෙන්නේ විඩියෝ දර්ශන හා ඡායා රූපයි.

කුලියාපිටිය, හලාවත කුරුනෑගල වැනි දුර පාළාත් වලින් මෙන්ම කොළඔ අවටිනුත් පොල් ලොරි පැමිණ තිබුණි.  කතාබහේදි දැනගත් පරිදි බොහෝ ලොරි පැමිණෙන්නේ සතියට දෙතුන් වරක් පමණී. එලෙසම ඔවුන්ට හිමි පොල් වතු නැත. ඒ අතර සෑම දාම පැමිණෙන පොල් වෙළෙන්දන්ද සිටිති. උදෑසන දෙකට පමණ ආරම්භ වන වෙලදාම පාන්දර 7 පමණ වන විට අවසන් වෙයි. බොහෝ දෙනා පැවසුයේ වෙළදාම සරු නොවන බවයි. නමුත්  නිසරු බවක් හෝ පෙනෙන්ට නොතිබුණි. බොහෝ විට ඔවුන් පොල් ගෙඩියකින් රුපියල් පහත් දහයත් අතර ගනනක් තබා ගනියි.

තැඹිලි වල තත්වයත් මේ හා සමානය. නමුත් තැඹිලි  ගෙනවිත් තිබුනේ කොළඹ හා තාදාසන්න පෙදෙස් වලින්. මෙම වෙළඳාම හොඳින් දැක බලා ගැනිමට නම් පාන්දර යැ යුතුව තිබුණි :DDD





















විඩියෝ දර්ශන සංස්කරණය - අනුරාධ

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....