Thursday, December 24, 2009

වැප් බ්ලොග් එකට

'මම' කියා කෙනෙකු නැති මෙලොව තුල, 'මම' යයි සම්මත කොට රාමු කරගත් අප සමාජය, 'මම' යන්න පමණක්ම තම හිස් මුදුනින් තබා ගෙන යනුයේ අවැසි වෙලාවට හා තම වාසියට 'අපි' යන්න ටික වෙලාවක් ඉඩ දෙමෙනි, එමගින් සමාජය තුල අමුතු ඉපිලිමක් ලබා එකවිට 'අපි' හලා 'මම' යන්න නැවතත් හිස මතට ගනී. කරුනු එසේ වුවත් 'මම' නමින් නිශාන්ත වුවත්, හැකීලු මුලකුරැ වැප් ලෙසද ඇති බැවින් හා වඩා පහසු නිසාත් 'මම' කැමති නිසාත් 'වැප්' යන්නම වඩ වඩා පරිශිලනයට කැමති නිසාත් වැප් නමින් බ්ලොග් අඩවි අවකාශතුල සැරිසරන බව, සිංහල බ්ලොග් කියන ලියන ඔබ සැමගෙන් ඉතා යටහත් පහත් ලෙස හා මහත් වු අඩම්බරයෙන් මෙසේ සටහනක් තබන්නෙමු.

බ්ලොග් ලිවිම සඳහා මා අධුනකයෙකු වුවත්, මාස කිහිපයක් බ්ලොග් කියවා හා කමෙන්ට් දැමිමෙන් ලද පන්නරය උපයෝගියෙන් මෙම සිංහල බ්ලොග වඩා වැඩදායි හා උසස් අයුරින් පවත්වාගෙන යාමට මහත් සේ උත්සාහා දරන්නෙමි.

15 comments:

  1. liyanna liyanna . . .api wela wa tiyena tiyena vidihat avit balala comment karala hoda naraka pennala dennam . . ..

    ReplyDelete
  2. ස්තුතියි. අනිව දිගටම ලියනවා

    ReplyDelete
  3. හොද වැඩක් චැප්. ලියන්න ඕන කුණුහරපයක් ලියන්න කවුරු නොකීවුවත් ගීත් නම් සහෘදයා අනිවාර්යෙන් ඉන්නවා කියවන්න. අහ් දුකත් අනිවා ඔයත් එක්ක ඉදී. බුදුසරණයි කියලා හිතාගෙන දුකා වගේ විශාල පාඨක සමුහයකගේ ආදරය දිනා ගන්න වැඩි වැඩියෙන් පාඨක රුචිය වැඩි වෙන ආකාරයට හොද ලිපි ලියන්න. කටින් කිවුවට කවුරුවත් ඇහුම් කන් දෙන්නේ නැහැ කියලා හිතෙන හිතට එන ඕනම දෙයක් ලියන්. මගේ සුබ පැතුම්.

    ReplyDelete
  4. ගීත්
    ස්තුතියි.

    ReplyDelete
  5. අනේ ඔව් ලියන්න ලියන්න. මට හිතෙනවා මේ වැප් කියන කෙනා මේ සයිබර් ලෝකයේ විසාල පෙරළි වලදී මුල් තැන ගනියි කියලා. ඒ විතරක් නෙමෙයි මට පේනවා පේනවා වගේ මේ තුමා ලඟදීම බ්ලොග් කියවනයකුත් පටන් ගනියි වගේ. ඒකේ නමත් මට පේනවා පේනවා වගේ. ලා යන්නෙන් පටන් අරන් ලි යන්නෙන් ඉවර වෙයි කියලා මේ දැන් පෙන්නුම් කෙරෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතේ දවසක පටන් ගන්න තියෙන ගූගල් බස් කෙරුවාවෙත් මෙයා එකවර තනතුරු කිහිපයක්ම දරයි කියලා මට කියන්න පුළුවන්. බොහොම හොඳයි. සුභ පැතුම්. !!!

    ReplyDelete
  6. ලියන්න ලියන්න බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගනිමි

    ReplyDelete
  7. මගෙනුත් සුබ පැතුම්.... ඔයා ගොඩක් ලොකු ලොකු වැඩ කරන බව මටත් පෙන්නුම් කරනවා,අනාගතේදි ආරධිත අමුත්තන්ගෙන් ටිකට් කඩන ක්‍රමයක් ඇති කරලා ඔයා ගොඩාක් ප්‍රසිද්ද වෙනවා හොහ් හොහ්.... :D

    ReplyDelete
  8. මට පෙන්නුම් කොරනවා මෙතුමා අනුන්ගෙ හීනයක් මල් ඵල ගන්වන්න බොක්කෙන්ම කටයුත් කොරනවා කියලා..... බොහොම හොඳයි. සුභ පැතුම්. !!!

    ReplyDelete
  9. අම්මේ........ මෙන්න තවත් අලුත් බ්ලොග් කාරයෙක් දිගටම ලියන්නකෝ එහෙනම් අපිත් එන්නම්කෝ පුලුවන් වෙලාවට කියවන්න

    ReplyDelete
  10. හ්ම් මේ කමෙන්ට් එදා වැටුනා නම් .......

    THURSDAY, DECEMBER 24, 2009 ලිපියට මුල්ම කමෙන්ට් එක වැටෙන්නේ December 28, 2009 1:12 PM දා ... දවස් හතරකට පස්සේ ... මං ඒ දවස් හතරෙම සැරින් සැරේ ඇවිත් බැලුවා කවුද කමෙන්ට් එකක් දාලා තියෙන්නේ කියලා ...... හැමදාම ඇවිත් හැරිලා ගියා ......

    ඒකට දැන් එන අලුත් බ්ලෝග්ලියන අයට ලියලා පැයක් අතුලත කමෙන්ට් වැටෙනවා

    ReplyDelete
  11. ඇත්තටම මට පේනවා ඉස්සරහදි බ්ලොග් අවකාශයේ ජනප්‍රියම (අබේපාල මාමට පස්සෙ) පුද්ගලයා සහ සිංහල බ්ලොග් අවකාශයේ බහුතරයක් බ්ලොග් රන් කරන්නෙක් වෙනව කියලා.

    අලුත් බ්ලොග් එකට මගෙන් සුභපැතුම්.

    ReplyDelete
  12. හානේ ආදරයෙන් පිලි ගන්නවා බ්ලොග් අවකාශෙට.
    හැමෝම අනාවැකි කියලා තියන එකේ මාත් එකක් කියලම යන්නම්. මේ මහත්මයා අනාගතේ දවසක සැහ් කියන්න දෙයක් ඉතුරු කරලා නෑ නොවැ.

    ReplyDelete
  13. කෝමද මුගේ පම්පෝරිය....අම්මපා මේක ඒ දවස්වල දැක්කේ නෑනේ....දැක්කනම් මේ වගේ ගොත රාජයෙකුට මේ පැත්ත පලාතේ එන්න දෙන්නේ නෑ.......

    මූ මේකෙන් පටන් අරන් කීයක් නම් බ්ලොග් ලීවද....උඹ නේද මගේ එකත් ලියන්නේ...ලියපියකෝ ගොඩ දවසකින් ඒකේ පෝස්ට් එකක් දාලා නෑ....ලෝල්ස්....

    ReplyDelete
  14. හා හා හා සුභ පැතුම්..!!

    ReplyDelete
  15. ආනේ, අළුත් බ්ලොග් එකක්.

    මෙන්න මගෙනුත් සුභ පැතුම්! බ්ලොග් ලෝකයට සතුටින් පිළිගන්නවා.

    අඩු තරමින් අවුරුදු දෙකක් ඇතුලත ලිපි සීයක්වත් ලියන්න බලන්න හොඳේ?

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....