Tuesday, April 23, 2013

සයිබර් සිහිණ උළෙල - 2013

කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යයි. කලෙක යුතුකම්ද, කලෙක වගකීම් ද, තවත් විටක කිසි අරමුණක් නොමැතිවද ගෙවීයන ජීවිතය තුල ආපසු හැරී බැලීමට සිදුවන දිනයක් ඔබද අත්විඳ ඇතිවාට කිසිම සැකයක් නැත. කාර්යබහුල රැකියාව, පුද්ගලික වැඩ, සමාජයේ වැඩ මේ විවධ වූ කාර්යයන් වල නිරත වෙමින් මදකට හෝ ඒ සියල්ලෙන්ම මිදී විනෝද වන්නට ලැබෙන්නේ බොහොම අතලොස්සක් වූ පිරිසකටය. එයද කලකට පසුවය. එවන් වූ සුන්දර මොහොතක් පහුගිය 21 වන දින සිංහල බ්ලොග් අවකාශයේ සියල්ලන්ටම උදාවිය. මහරගම පැවති මෙම සුන්දර මොහොත අත්විඳිමට ලංකාවේ නන්දෙසින් එකසිය පනහකට අධික සහෘදයන් පිරිසක් එක් රෝක් වූහ.

වසර 2011 දී ප්‍රථමයෙන් ආරම්භ වන සයිබර් සිහින බක් මහ උළෙල මෙවර වර්ෂ 2013 දී තුන්වන වතාවටත් සාර්ථක අයුරින් නිමාවට පත්විය. සාම්ප්‍රදායික අවුරුදු උත්සවයකට නව අරුතක් දෙමින් හැබැහින් නිතර හමු නොවන විවිධ අදහස් මෙන්ම නානා විද සමාජ මට්ටම්වලින් පැමිණෙන සියල්ලන්ම එකම අරමුණක පිහිටුවා සැමට විනෝද වීම පෙරදැරි කරගෙන මෙවරත් එම උලෙළ සංවිධනායක කරනු ලැබුයේ තවත් නවකයන් පිරිසකි. සංවිධාන කමිටුවද කලින් කලට වෙනස් වෙමින් අලුත් අදහස් සමඟ නවමු මුහුණු වරකින් පැවැත්වීම  මෙහි ඇති සූවිශේෂිත්වයි. සමරු කලාපයක් හා  සමාජ සත්කාරයක් මේ හා බැඳි පවතින බවද අප අමතක නොකළ යුතුය.

පැමිණෙන සියල්ලන්ම එකිනෙකා හඳුනන්නේ නැත, එසේ පෙර හැඳින ගැනීමක් තිබුනා නම් එයද මෙවැනි අවස්ථාවක සිදූ වූවකි. මෙවර මුහුණු පමණක් දුටුවන්, 2014 වසරේ පැවැත්වෙන සයිබර් සිහින බක්මහ උළෙලේ හොඳ මිතුරන් වනු නොඅනුමානය.

මෙන්න මම දැක්ක ලිපි

මෙන්න ඇල්බම්

ඉහතින් දැක්වෙන්නේ මට හමු වූ හා කියවන ලද බ්ලොග් අඩවි බව කරුණාවෙන් සලකත්වා. මඟ ඇරුණු එවා ඇත්නම් දැනුවත් කරත්වා

සංවිධායක මඩුල්ලට මාගේ හද පිරි ප්‍රණාමය

2011 හේ විස්තරය මෙතන

වැප්


Wednesday, February 13, 2013

හැල හැප්පීම්

මේ ලඟකදි පිස්සෙක් ලියලා තිබ්බා කාලය ගැන. පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා. (ඇනෝ කවුද කියලා හෙව්ව අයට මෙතන තියනවා ඔත්තුව :DDD )

මේ ලඟකදි අන්ධයෙක් ආවා ගෙවල් පැත්තේ උදව්වක් විදිහට පොතක් ගන්න කියාගෙන. පොත කාටහරි දෙන්න කියලා ගේ ඇතුලට ගිහින් රු 10 කොළයකුයි රු 20 කොළයකුයි අරගෙන ඉස්සරහ දොරෙන් එලියට එනකොටම මේ මනුස්සයා මගෙන් අහනවා ගෙදර බුලත් විට කන අය එහෙම ඉන්නවද කියලා. මම නැහැ කියලා කිව්වාම මේ මනුස්සයම කියනවා. පුවක් තියෙද කියලා ඇහැව්වේ කියලා. මට ඉතින් ඔව්වෑ නිච්චියක් නැහැ දොලොව රත්වෙලා ඉන්න කාලයක් නේ මේ දවස් ටික. කොහොම හරි මේ මනුස්සයා සල්ලි දුන්නාම මගෙන් ඇහැව්වා කෝකද 10 කොලය කෝකද 20 කොලය කියලා.  හොඳ පැහිච්ච පුවක් වලු දෙකක් ගේ ඉස්සරහා ගහේ තිබිලා. ( දැන් ඉතින් දහසක් දේවල් කියපල්ලා මගේ හදවත පෑරෙන්න :DDD )

මේ ලඟකදි ගෝලයෙකුයි බාස් කෙනෙකුයි ඔන්න ලැට් වලක් බඳිනවලු. මේක කඩන් වැටෙන මකුළු පස තියන තැනක් හින්දා අඩියේ ඉඳන් බඳින්න ඕනෙලු. බාස් දැන් පහලට බැහැලා වැඩ පටන් ගන්තාලු. ගෝලයා ඇහැව්වාලු කොහොමද දැන් මේ කලු ගල් පහලට එවන්නේ කියලා. බාස් කිව්වාලු උඩ ඉදන් පහලට දාන්න මං අල්ලගන්නම් කිව්වලු. කියන පරක්කුවට තඩි කලු ගලක් අරන් " ආ බාසුන්නැහේ කියලා" අතඇරියාලු පහලට. බාසුන්නැහෙත් ලේ පෙරන් ලැට් වලේ පස් කිමින් අර තඩි කලු ගල බදා ගත්තලු ( හුකු හුකු ඔව් ඔව් මාකොළ පැත්තේ තමයි :DDD මෝඩ හැත්ත )

මේ ලඟකදි ඔන්න අපිත් ගියා එහෙම තැනකට ඔය කලුඅග්ගල හරියේ. කියලා වැඩක් නැහැ වාහන සද්දෙත් නියමෙට තියනවා. අපිට වෙන් වෙච්ච බිල්ඩිං එකේ එක පැත්තක තියන අර කොරිඩෝවද මොකේද ඉඳන් අත් දෙක එලියට දාපුවාම අත්දෙක තියෙන්නේ වෙන ඉඩමක. ඒක කමක් නැහැ නේ. සිමෙන්ති ගලෙන් බැඳපු බිත්ති වලට ගාලා තිබ්බේ මැටි. කසිප්පු කාරයෙක්ට බාගයක් අරන් දිලා දෙපාරක් හූ කිව්වා නම්, අඩු වියදම් කපරාරුවක් කරගන්නවා කියලා එතන හිටපු අපේ එකෙක් කිව්වා. ( මෙහෙම හිටියට අපිත් පොෂ් තමයි :DDD )

මේ ලඟකදි දෙවනි පාර මුල්ම වතාවට සිරිපා කරුණා කරන්න කියලා අපේ ගෙදර ඈයොයි නෑයෝයි ගියා හැටන් පාරෙන්. සමන් දෙයියන්ගේ පිහිටෙන් අපේ කකුල් වලින් කිසි අතුරු අන්තරාවක් නැතුව සිරිපා කරුණා කරගත්තා. සිරිපා කරුණා කරන පාරේ වංගු වල තියනවා සල්ලි කඩන තැන් හරහා යන පාරවල්. එතනින් යනකොට නූලක් බැඳලා මිනිස්සුන්ව බය කරනවා හාස්කම් ගැන කියලා. බය කරනවා කිව්වේ සමන් දෙයියෝ කරපු උදව් නෙමෙයි, දීපු අච්චු තමයි කියන්නේ. අනේ ඉතින් අපේ අම්මත් පිං කැටේට සල්ලි දැම්මා. පහළට කරුණා කරලා වැන් එක ලඟට ආපු ගමන් උබට පින් පුතේ කියලා අපේ අම්මා කිව්ව වචන ටික නම් මට ආයේ කවදාවත් අමතක වෙන එකක් නැහැ. ( බෞද්ධකම රැකෙන හැටි අහිංසක වන්දනාකරුවන්ව මුලා කරන විදිහෙන්ම පේනවා  )

දැන් ඔක්කොම ඉන්සටන්ට්. පඩියක් බැහැ ගන්න බැහැ දැන් ඉන්න එකලාට කකුල් රිදෙනවා. තැඹිලි ගෙඩියක් බොන්නේ නැහැ, ලොඳයක් කන්නේ නැහැ. කැඳ ටිකක් බොන්නේ නැහැ. ඔක්කොම ක්ෂණික. පහළට කරුණා කරනකොට ඔහොම කියන කතාවක් ඇහිලා මත් පිටිපස්ස හැරිලා බැලුවේ අම්මාගේ අත අතරින්නේ නැතුවමයි. වයසක සීයා කෙනෙක් කිසි අමාරුවක් නැතුව මෙන්න බොලේ පහල බහිනවා. මාව පහු කරනකොටම " හමුදාවේ පුතලාට පිං සිද්දවෙනවා මේ පඩි ටික දාලා දුන්නාට" ( ඔන්න අපිට වෙච්ච දේ )


අග්ගලා කයි ඩෝං පුතයි
හෙලේ නගියි ඩෝං පුතයි

වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි
නැඟලා බහින් ඒ නඩේට සම්මා සම්මා සම්බුදු සරණයි
එහෙම කිව්ව ඒ අම්මාට පහළ කඩෙන් කොපි එකයි
එහෙම කිව්ව ඒ මල්ලිට ඉහළ කඩෙන් කහට එකයි

අපේ බුදුන් අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා

කිරිකෝඩුත් වන්දවන්න
(මතක නැහැ) වන්දවන්න

අපි ගෙනාපු අග්ගලා
වෙන නඩයක් උස්සලා

අපි ගෙනාපු අග්ගලා 
නඩේ ගුරා උස්සලා

නඩේ ගුරා හරිම හොරා
අග්ගලා ටික ඔක්කොම කා 


අපි ගිය දවසෙම තව එකෙක් සිරිපාදේ ගිහින් තිබ්බා කෙල්ලෝ රොත්තක් එක්ක.......

වැප්

 
 

Sunday, December 9, 2012

මම සිංහල බෞද්ධයෙක්මි

බුදු දහම, සිංහල ජාතිය, උඩරට, පහත රට, කුල ගෝත්‍ර.  මොන යම් හේතුවකට සමාජය කණ්ඩායම් ගත වේ. එය පවතින තත්වයයි. කුල යෙන්, ආගමෙන් ජාතියෙන් මිනිසුන් වෙන්ව පවතියි. තමන්ගේ කොටස උසස් කිරීමට වෙර දරයි, තම වර්ගයා ආරක්ෂා කිරීමට ඔනෑම දෙයක් කරයි. එය මිනිස් ස්භාවයයි. මෙයින් මිදිය හැක්කෙක් නොමැත. ආගම ජාතිය පැත්තකට තැබුවත් අවම වශයෙන් තම යහලුවන් කණ්ඩායම හෝ මෙසේ උසස් කොට සලකයි. ඔවුන්ව ආරක්ෂා කිරීමට වෙරදරයි. එසේ නොකරන්නා මිත්‍ර දෝහියෙකි. බුදු දහම වසර 2500 කට වඩා ඈතකදී ශ්‍රි ලංකාව තුල පැල පදියම් විනි. එය පිටස්තර ආගමකි, දහමකි, දර්ශනයකි. සිංහල ජාතියේ ආරම්භව තවමත් විවාදසම්පන්නය. නමුත් ශ්‍රි ලාංකීක ජාතියේ ආරම්භය සුදු නෙලුම් මතින් තවලම් උඩින්  1995 පසු සිදුවූවකි. සිංහල ජාතියත් බුදු දහමත් විනාශ වී යන බව බුකියේ බිත්ති පුරා ඇලෙවෙමින් යන පොස්ටර් සාක්ෂි දරයි. නමුත් බොහෝ විට එහිදී සිදුවන්නේ ජාති හිතේෂි කම හෝ තම වර්ගයා රැක ගැනිම නොව තවත් වර්ගයක් හෝ ජන කණ්ඩායකම් උමතු කිරීම පමණී. ජාතිය හෝ ආගම රැකීමට share කිරිම හෝ like කිරීම පදනමක් නොවෙයි.

මා උපන්නේ උපැන්න බෞද්ධයෙක් ලෙසය. ජාතියෙන් සිංහල වූයෙමි. ගෙදරින් එලවන නිසා දහම් පාසල් ගියෙමි. ඉගෙන ගත්තේ බුදු රදුන් උපන් ස්ථානයත් බුදු වූ ස්ථානයත් පිරිනිවන් පෑ ස්ථානයත් පමණක් යයි මට විටෙක සිතෙයි. නමුත් මල් රැගෙන යාම, උදෑසන බුදුන් වැදීම, පෝලිමට පන්සලේ සිට පන්තිකාමර වලට පැමිණීම වැනි, අදටත් ප්‍රායෝගිකව සැඟවුනු හික්මවිමක් එතුල නැතුවාම නොවෙයි. ඉන්දියාවෙන් පැමිණියත්, දැනුමේ හැටියටත් මම බෞද්ධයෙකු වීම ගැන ආඩම්බර වෙමි. ජාතියෙන් සිංහල වීම ගැනද එසේම වූ ආඩම්බරයක් ඇත. සිංහල ජාතිය බෞද්ධ දර්ශනයෙන් පෝෂනය විය, ශිෂ්ට සම්පන්න විය. සියල්ල කාලයත් සමඟ වෙනස් වේ යන ධර්මතාවයට යටත්ව බෞද්ධයෝත් සිංහලයොත් වෙනස් වී ඇත. සැබෑ ලෙසම ආගම හා ජාතිය වෙනුවෙන් කතා කිරීම අද නිවට කමකි. මෙය සංකල්පමය වශයෙන් ජනසමාජය තුලට මේ වන විටත් බලෙන් ඇතුලු කර හමාරය. ඔය අතර දේශපාලන වාසි හෝ වෙන යම් වාසි සඳහා ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටින හිවලුන්ද නැතුවාම නොවෙයි.

බුකිය පුරාවට පැතිර යන්නේ සමහර කඩවලින් බඩු ගන්න එපා යන පොස්ටර්ය. නමුත් ප්‍රායෝගිකව එය කරනවා නම් සිදු කල යුත්තේ එම කඩවල ඉදිරිපිටය, නමුත් එසේ කරන්නේ නැත. මන්ද යත් එම සාප්පු සංකීර්ණ ඉදිරිපිටට යන ඔනෑම අයෙකු එවා තුලට ගොස් ඇඳුමක් මිල දී ගනිති. අර කඩෙන් බඩු ගන්න එපා මේ කඩෙන් බඩු ගන්න යැයි කීම විහිලුවකි. ඔය කොයි කඩෙත් තියෙන්නේ මෙරට නිශ්පාදන නොව. බුදු දහම හෝ සිංහල ජාතිය රෑකීමට බුකිය පුරා අනවශ්‍ය පොස්ටර් ගැහීම, අන්‍ය ජාතින් අන්‍ය ආගමිකයන් මගේ දහමට මගේ ජාතියට කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් සිදු කරයි. 

සමාජය දැනුත් කිරීම හා කුපිත කිරිම යනු කාරනා දෙකකි. මට මගේ දේ ලොකුවන්නා සේ ඌට උගේ දේ උසස් වෙයි. හැබැයි සමහර අයට නම් උගේ දේ පමණක් ලොකුය. තමාගේ දේට හෙණ ගැහුනත් කමක් නැත. තමා ජාතිවදියෙකු නොවේ යයි මුමුණයි. එසේම ඌ ජාතිහිතේෂියකුද නොවෙයි.


සිංහල බෞද්ධයෙකු යයි ඔනෑම තැනක ප්‍රකාශ කිරිමට දිරියක් වූ පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපවත් වී බොහෝ කල්ය. නමුත් ඒ සංකල්ප තවමත් අප අතර ඇත.

තමා උසස් විය යුත්තේ අනෙකා පහත හෙලා නොව!

පෙර ලිපි

වැප්

Thursday, December 6, 2012

දෙවියෝ සහ පිටසක්වල ජීවින්

මා තවම දෙවියෝ දැක නැත්තේය. පිටසක්වල ජීවියෙක්ද දැක නැති මුත් සමහර උන් කියන්නේ "උබ කණ්නාඩියක් ඉස්සරහට පල කියාය". දෙවියන් දැකිමට පමණක් මම කන්නාඩිය ඉදිරියට යන බව ඒ නරකාදීයන්ට මතක් කර දෙන්නේය. දෙවියෝ එන්නේ සතුන්ගේ පිටේය. පිටසක්වලයා එන්නේ පීරිසියකය. මාරම සීන් එක කියන්නේ මුන් ඔක්කොම එන්නේ මනුස්ස ලොකයේ සතුන් පිටේ හෝ පොසිලේන් පිරිසියකය. අම්මපා මුන්ට ලැම්බෝ ගිනියක් හෝ අඬුකෝප්පයක් දෙන්නට දේසපාලුවෙක් නැතුවාද යැයි මට විටෙක සිතෙන්නේය. ඒක හිතලුවක්ම වෙන්නේ දේසපාලුවා දෙවියන් පස්සේ යන්නේ පොල් ගෙඩියක් ඇද බන්න පමණක් යැයි මගේ යටි බඩ වරක් කියූ නිසාය. දෙයියෝ හා පිටසක්වල ජීවියා ගැන මූලික හැඳින්විම මෙතනින් ඉවර කරන්නේය. හුටා අමතක උනා, පිටසක්වලයා දකින්නේ රෑට එලියක් විදිහට නිසා ඌව හම්බුවෙන්න විදිහකුත් නැතුවාය කියා කිව්වා ඕන්.

දෙයියාට දෙයියා කියන්නේ ඌ මාර සිරා පොරක් නිසාය. හොඳ වැඩ කරන නිසාය. අපිට උදව් පදව් කරන නිසාය. දෙයියා හැකියව ඇති එකා නිසා මොනම කාරනයකටවත් මනුසතා සමඟ කේන්ති ගොස් අච්චු නොකර සිටින්නේය. දෙයියා ගැන කතාවට පිටසක්වලයා එන්නේ මෙන්න මෙතනදීය. පිටසක්වලයා ඇවිත් පෘතුවියට ගේම් දෙන හැටි හොඳ හැටි ෆිල්ම් වලින් දැක ඇත්තේය. දෙයියෝ හෙන හොඳ එකාය, පිටසක්වලයාට මේ ලෝකෙට එන්න තරම් දැනුමක් ඇත්නම් ඌ අපිට කෙලවන්නේ නැත. ඉතින් බලාපල්ලා දෙයියෝ හෝ පිටසක්වලා අපිට කවදාවත් හතුරු කම් කරන්නේ නැත්තේය. උන් අපේ යාලුවන්ය, නෑදෑයන්ය, අසල්වැසියන්ය, අපේම අපේම ෆිට් පොරවල්ය.


ඉහත කරනු සැලකිල්ලට ගැනීමෙන් දෙවියන් හා පිටසක්වලයා දෙකෙකු නොව එකෙකු බව විටින් විට මට සිතෙන්නේය.


වැප්

Sunday, December 2, 2012

වෙනස් විදිහකට ගෙවිලා ගිය අවුරුද්දක්

කාලෙකට පස්සේ. බොහොම කාලෙකට පස්සේ. අගෝස්තු මාසෙන් පස්සේ. 2012 අවුරුද්දේ එහෙම නැත්නම් පහුගිය මාස එකොළහ තුල මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලන්න හිතිච්ච දවසක්.  අවුරුද්ද පටන් ගන්නෙම තාත්තාගේ වෙන්විමේ කඳුලුත් එකතු කරගෙන.  පහුගිය නොවැම්බර් මාසයට අවුරුද්දක් ගෙවිලා ගියේ නොදැනිමයි. වැඩත් එක්ක මොහොතකට අමතක උනත්, යාලුවෝ ගෙදර අය එක්ක ඉඳිද්දි සතුටින් හිටියත්, තනි වෙච්ච ගමන් ආයෙත් තාත්තා හිටපු කාලයට හිත යන්නේ අහම්බෙන් නෙමේ කියලා හොඳටම දන්නවා......................................

2009 දෙසැම්බර් වලදි බ්ලොග් අවකාශයට එකතු වෙලා 2012 වෙද්දි නොදැනිම අවුරුදු ගානක් ගෙවිලා ගිහින්. පටන් ගත්ත කාලේ ඉඳලම සිංහලෙන් ලියන කියවන බොහෝ පිරිසක් කතා බහ කලා දැන හඳුනා ගත්තා. ඒ කාලේ ඉඳන්ම අවුරුදු ගානකට පස්සෙත් ඒ යාලු මිත්‍ර කමත් තාමත් ඒ විදිහටම තියනවා. ඔය අතරෙන් අහම්බෙන් ඇවිත් අහම්බෙන් යන අයත් නැතුවම නොවේ.

පහුගිය කාලේ මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලද්දි, ඒ දේවල් විස්වාස කරන්නත් අමාරුයි. වැදගත්ම දේ තමයි රස්සාවේ මාරුවීම්. ග්‍රහයා මාරුවෙනවා වගේ එහෙට මෙහෙට පැනපු කාලයක්. දැනුත් ඉන්නේ අඩමානේ. කොයි වෙලේ වෙන තැනකට යයිද කියලා විස්වාස නැහැ. ඒත් දැන් නම් එහෙම එකපාරට ජොබ් එක දාලා යන්න බැහැ.

කොළපාට (ඔන්ලැයින්) ජිවිතය නවත්වලා මාස ගානක් වෙනවා. දැන් වැඩි පුර ඉන්නේ අලුපාට ජිවිතයේ (හැංඟිලා). කොහොම උනත් ඉස්සර වගේම 10.30 වෙද්දි නින්දට යනවා. නිතර නිතා කතා බහ නොකලට ඉඳලා හිටලා හරි ඉස්සර කතා බහ කරපු එවුන්ට චැටක් දාන එක තාමත් අත ඇරලා නැහැ. වෙනමොකටවත් නෙමේ ඕපයක් දූපයක් හොයන්න තමයි ඉතින්.

ලියන්න දේවල් ගොඩක් තිබ්බත් එක දිගට ගැලපිලා එන්නේ නැහැ. ඒ හන්දා  අන්තිමට පහළ තියන වාක්‍ය යෙන් මේක ඉවර කරන්නම්

ඉස්සර නම් බ්ලොග් අවකාශය මරු. දැන් වැඩක් නැහැ . කියවන්න දෙයක් නැහැ . (අතීත කාමය :DDD)


වැප්

Monday, August 27, 2012

අපි ගයමු - මතු පරපුර උදෙසා - රන්වල පදනම

සින්දු ගයන්නට දන්නේ නැත කියන්නට හැකිය. සංගීත භාණ්ඩයක් වාදනය නොහැකිය. එහෙත් ගීතයක් රස විඳින්ට හැකිය. එයිනුත් කටෝර සංගීතයට වඩා සරළ ගීයට වඩාත් කැමතිය. සංගීත සන්දර්ශණ නරඹා ඇත. එහිදි ඔවුහු ගයති. අපි අසා සිටින්නෙමු.

නමුත් අපිත් ඔවුහුත් ගයනා සංදර්ශනයට ප්‍රථම වරට සහභාගි වුනෙමි. ඒනම් නෙත් FM මධ්‍ය සත්කාරයෙන්, Serenity සම අනුග්‍රහයෙන්, BMICH සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස සෑම මසකම අවසන් සෙනසුරාදා සවස 5.30 BMICH හි කොළඹ කමතේ දී පැවැත්වෙන "අපි ගයමු" ප්‍රසංගයයි.

සිහිනගේ දැනුම් දීමක් අනුව, මමත් තවත් සයිබර් අවකාශයේ මිතුරෝ කිහිපදෙනකුත් පසුගිය සෙනසුරාදා එනම් 2012/08/25 දින BMICH හි තිබූ මෙම ප්‍රසංගය නැරඹීමට ප්‍රථම වරට ගියෙමු. නවමු ඇත්දැකිමකි. සහන් රන්වල ප්‍රමුඛ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම කොපමණ සිත්ගත්තේද කිවහොත්, ඊලඟ මස ප්‍රසංගයට යාමට දැනටමත් සුදානමින් සිටින්නෙමි.

ඊලඟ ප්‍රසංගය පැවැත්වෙන
දිනය - 2012/09/22
ස්ථානය - BMICH කොළඹ කමත
වේලාව - සවස 5.30 - 7.30

සටහන - මෙම ප්‍රසංග නොමිලේ පැවැත්වෙයි.


ගීතයක් ගායනා කර, නර්තනයක් නරඹා වෙනස් ආකාරයක වින්දනයක් ලැබීමට ඊලඟ ප්‍රසංගයට එකතු වන්න.




වැප්



Saturday, July 28, 2012

ආදරය

මාතෘකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම අත්විඳින අත්දකින බොහෝම සොඳුරු අත්දැකීමක්.

මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.

දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට එක්ක ඇවිත් මත්පැන් වීදුරුවක් අරන් බොන්න දුන්නා. බොහොම අසාවෙන් ඒ දරුවත් අර මත්පැන් වීදූරුව එක හුස්මට බිව්වා. තවත් මදිද කියලා අහපු අම්මා ඊලඟට දුන්නේ කොකා කෝලා විදූරුවක්.


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....