සුපුරුදු පරිදි නිමාෂා කන්දහේන බස් නැවතුමට වී බලා සිටියේ කොළඔ බලා පිටත් වීමටයි. උදෑසන මද අඳුර නිසා බස් රථයේ පැමිණිම ඈත සිටම දුටු නිසා, පසෙකින් තබා තිබූ ගමන් මල්ල අතට ගත්තාය. වෙනදාට වඩා වේගයෙන් පැමිණ ක්ෂණිකයෙන් තිරිංගතද කිරීම නිසා ඇතීවූ ශබ්දය සමගම බසයට ගොඩ වූ ඇය හිස් අසුනක් බලා අසුන් ගත්තාය. උදෑසන කොළඔ බලා පිටත් වන පළමු බසය නිසා මගීන් ගණන අසුන් ගණනටත් වඩා අඩුබවක් තිබිම ඇයට අමුත්තක් නොවිණි. දහසකුත් එකක් සිතුවිලි මැද අතරමංව, පාර දෙපස ඇති නාම පුවරු කියවමින් සිහින ලොවකට මැදිව, කොළඹ බලා පිටත් වන්නේ අවුරුදු නිවාඩුවෙන් පසුය. පැය එකාහාමාරක පමණ ගමනකින් පසුව ගැස්සි බැලුවේ ඔහු දෙසය, තමා අසල වූ අසුන මෙතුවක් වෙලා හිස්ව තිබුණු බව සිහි ගන්වමිනි. මදක් ඔලුව උස්සා මද සිනහවකින් ඔහුට සංග්‍රහ කර නැවත පාර දෙසට මුහුණ හැරුනේ නිරායාසයෙනි. නාම පුවරු කියවීම මදකට නවතා දැමුනේ, ඔහුගේ සිනහව නැවත නැවතත් ඇයගේ මනස තුල ක්‍රියාත්මක වීම නිසාය.
බසය යන වේගයට වැඩියෙන් ඇයගේ සිත ඔහු දෙසට ඇදී ගියේ සසර පුරුද්දකටදෝ යැයි ඇයටම සිතෙන්නට ඇත. මෙලෙස ටික දුරක් යන විට ඔහු, ඇය හා දොඩමලු වන්නට පටන් ගත්තේ බොහෝ කාලයක පටන් දන්නා හඳුනන ආදරවන්තයින් විලසිනි. පාසල් කාලය,රැකියා තොරතුරු මෙන්ම පවුල් වල විස්තර ආදියක් මේ කුඩා කාලය තුල ඔවුනොවුන් අතර හුවාමරුවූයේ විශ්වාසය යලි යලිත් තහවුරු කරමිනි. වේලාව උදෑසන දහයයි තිහ පමණ වන විට බස් රථය කුරුණැගල දෙසට ලංවනවාත් සමගම ඔහු, ඊලඟට හමුවන කුරුණැගල නගරයෙන් බසිමු යයි යෝජනවාක් කලේය. එයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ ඇය, ඇඳුම් සහිත ගමන් මල්ලද අතට ගෙන ඊලඟ බස් නැවතුමෙන් බැසිම සඳහා ලැහැස්ති විය.
බසයෙන් බැස ගත් ඔවුන් හෙමින් සීරුවේ පිය මැන ගියේ, ගමන් වෙහසත් පිපාසයත් සංසිදවා ගැනිමට බීම බෝතලයක් බීමේ අරමුනණී. කඩය තුල වූ පුටුවක් මත වාඩි වී දොඩමලු වී සිටි ඔවුන් දෙදෙනා ඔවුන්ගේම ලෝකයක අතරමංව ඇත. හදිස්සියේම ඔහු නවැතත් අලුත් යෝජනවාක් කලේය. නමුත් එම යෝජනවා ඇය විස්මයට හා දැඩි තැතිගැන්මකට ලක් කරන ලදි.
ඉන් අවුරුදු දෙකකට පසු කන්දහේන බස් නැවතුමේ බසයක් එන තුරු තුන් දෙනෙක් බලා සිටියේය
වැප්
Thursday, January 27, 2011
Wednesday, January 26, 2011
හිඟා කෑම නැවතිලාද
මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන තුන්වන ලිපිය
ගමනා ගමනය පහසුවෙන් සපුරා ගත හැකි ක්‍රමය මගී ප්‍රවාහන බස් රථයි. එලෙසම හිඟා කන්න හොඳම තැනත් බස් රථයයි. ලඟදි සිට නම් බස් රථ වල සිඟා කෑම සපුරා තහනම් කාරනාවකි. ඒත් මොවුන් හිඟන්නෝ නොවෙයිද?
ඔන්න ඔය කට්ටියත් හිඟන ගොඩට නේද වැටෙන්නේ?.............

- බෝදිපූජා පොත් විකිණිම - මෙහිදි යටි අරමූණ හිඟා කෑමයි. නමුත් රියැදුරු හා කොන්දොස්තර මහතාගෙන් හිඟාකෑමට අවසර නොලැබෙන නිසා ඔවුන් මේ කපටි වැඩේ නිරත වෙයි. බොහෝ විට හැම අසුන් ගත් මගියෙකුටම මෙසේ පොතක් ලබා දෙන්නේ, දුකක් සටහන් කර ඇති තවත් කොල කැබැල්ලක් සමගය. එලෙසම මොවුන් ඇඳ පැලඳ සිටින්නේද හිඟන ක්‍රමයට නොවෙයි.
- උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක් - බොහෝ විට තරුණ වියේ පසුවන තරුණයින් මේ ක්‍රමය යොදාගනියි. මොවුන් අත ඇත්තේ ධර්ම චක්‍ර/සිංහ කොඩි හෝ වෙනත් කුඩා ස්ට්කරයකි. ඉලක්කයද සියලු බස් මගීන් නොවෙයි. තරුණ තරුණියන් හා පාසල් ළමුන් මොවුන්ගේ ඉලක්ක ගත කොටස වෙයි. ලඟට විත් මල්ලි අපි මෙහෙම මෙහෙම මෙහෙම කියා වැල් වටාරමක් දොඩවා ........... බලපන් මචන් උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක් ඒ හන්දා ස්ට්කරයක් ගිනිං කියා පවසයි.
- අත්කම් භාණ්ඩ විකිණීම - දූර ඈත සිටින බවත්, ජීවත් වන්නේ එයින් බවත්, හා මෙය අවසන් එක බවත් පවසමින් මගින් ගෙන් මුදල් ලබා ගැනිම මොවුන් හිඟා කන විදිහයි
- සින්දුවක් කීම - එක සින්දුවක් කියා හැම දාම එකම තැටියක් වාදනය කරයි. එනම් අද හරි මහන්සියි. ගොඩාක් බස් වල සින්දු කිව්වා. ඔයාලගේන් තමයි ජීවත් වෙන්නේ. එක අතකට එක් සින්දුවක් වත් නොකියා සිටින්නේ නම් වඩා හොඳ යයි සිතෙන වාර අනන්තය.
- කැම්පස්/පාසල් / NDT/ TTI /HNDE - ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න, කලා උළෙවල් කරන්න, උද්ගෝෂන තියන්න උපවාස කරන්න කැටයක් අරන් නගින තරුණ හිඟන ජවය?
ඔන්න ඔය කට්ටියත් හිඟන ගොඩට නේද වැටෙන්නේ?.............
වැප්
Tuesday, January 25, 2011
බස් එකේ අපේ යුතුකම්
මහා බස් බ්ලොග් සතිය වෙනුවෙන් ලියැවෙන දෙවන ලිපිය
ලාංකීය ජන සමාජය යන මග බොහෝ විට තීරණය වන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ ක්‍රියාකාරකම් මතය. එලෙසම බහුතරයද ඔවුන්ම වෙයි. පන්ති මට්ටම් බේදයකින් තොරව සියලුම ලංකීකයන් බස් රථ වල එක් වතාවක් හෝ ගමන් කර ඇති බව නිශ්චිත කරුණකි. එහෙත් ජන සමාජය තුල බස් සේවව හා ඒ හා සම්බන්ද අතුරු දේ ගැන ඇති ආකල්පයන් ඉතාමත් දුරුවල මට්ටමක පවතියි. මීට මාසයකට පමණ පෙර මා ගිය එක් බස රථයක දැන්වීමක සටහන්ව තිබුණේ

- මෙම බස් රථය සංගීත භාණ්ඩයක් නොවෙයි
- මෙම බස් රථය තුල දුම් බීම තහනම්
- මෙම බස් රථය කසල බාල්දියක් නොවෙයි
- මෙම බස් රථය තුල සිඟමන් යැදීම තහනම්
- මෙම බස් රථය තුල අසභ්‍ය ලෙස හැසිරිම තහනම් ලෙසයි
එලෙසම එම බස් රථය ඉතා පිරිසිදුවට තිබුණු බවද මතක් කල යුතුමය. කොන්දොස්තර හා රියදුරු මහතාට අමතරව, යන මගීන් නිසාම තවත් මගීන් අපහසුතාවයට ලක් වන බව ඔබ කොතෙකුත් දැක ඇත. ඉතාම බහුල උදාහරණ නම්
- ඉඳගන්නා විට පාර්සලයක් හෝ මල්ලක්ද කොනකින් අසුන් ගැන්වීම - බස් රථ වල දැනට තියන අසුන් වල පවා දෙදෙනෙකු ඉඳගන්නේ බොහොම අපහසුවෙනි. එවන් අවසත්ථාවක ගමන් මල්ලත් වාඩි කරවු විට අනික් පුද්ගලයා කොතරම් අපහසු තාවයට ලක්වන්නේද?
- අසුනේ අසුන් ගෙන අත් දෙක ඉදිරිපස අසුනේ ඇන්ද මත තැබීම - අසුනක දෙදෙනෙක් වාඩි වූ විට, ඔවුන් ඉන්නේ බොහෝ විට අපහසුවෙන්ය. එය මගහරවා ගැනිමේ උපායක් ලෙස ඉදිරි පස අසුනේ ඇන්ද මත අත් දෙක තබාගෙන යමින් ඒ අසුනේ මගියාගේ ඔලුව අත වැද්දවිම කොතරම් කරදර කාරී වැඩක්ද?
- අසුනේ අසුන් ගෙන කොණ්ඩය ඇන්ද මත විහදවා හැරීම - බස් රථය පිරෙන්නටම සෙනග පටවාගෙන යන විට හිටගෙන යන මගීන් බොහෝ විට අල්ලා ගන්නේ අසුන් වල ඇන්දවල්ය. එය මත කාන්තාවන්ගේ කොණ්ඩය විසිරි තිබිම හිටගෙන යන්නා මෙන්ම කොණ්ඩය අයිති පුද්ගලයටද හිරි හැරයකි.
- වැසි දින වල තෙත් වූ කුඩ රැක් වල දැමිම
- විශාල මලු රැක් වල දමා අයිති කරු එතනින් ඉවත්ව යාම - පසු ගිය ත්‍රස්ථවාදී සමයේ මෙය බොහෝ විට සිදු නොවුනද, දැන් දැන් සිදුවේ. මෙහි ඇති අනතුරු ස්භාවය නම් මෙම මලු සමහර විට රැක් එක තුල ඉඩ මදි නිසා පෙරළි ගොස් අසුන් ගෙන සිටින මගීන අනතුරට ලක්කිරීමයි.
- හිස් අසුනක් දුටු විට පෙරලගෙන පැමිණීම - බොහෝ විට මෙය සිදුවන්නේ තලතුනා වයසේ කාන්තාවන් අතිනි
- බස් රථයට ගොඩ වන තැන රොක් වී සිටිම - බොහෝ විට තරුණයන් මෙලෙස හැසිරෙයි
- මුදල් පසුම්බිය හෝ වෙනත් මලු අස්කිරිම - බොහෝ මගී ජනයා කූනු අස්කන්නේ බස් රථය තුලටය
ඉහතින් ලැයිස්තු ගත කරනූ ලැබුවේ ඉතා ජනප්‍රිය කරුණුය. මීට අමතරව තව බොහෝ කරදර කාරී ක්‍රියා ඇත. මගීන් ලෙස ඉහත කරුණු දැන සිට ඒ අනුව කටයුතු නොකිරිම තව අයෙකුට කරදයක් නැතුව බස් රියේ ගමනා ගමනයට පහසුකම් සැලසීමකි.
වැප්
Monday, January 24, 2011
ලංගමේ සීසන් එක
කම්මැලි කම පැත්තකින් තියලා. බස් බ්ලොග් සතිය මංම ප්‍රකාෂයට පත් කරගෙන මේ හදන්නේ එක දිගට දවස ගානේ ලිපි ලියන්න. හැබැයි 2010/01/24 - 2010/01/31 විතරයි. අද මුල්ම ලිපිය. හැබැයි ඔක්කොම ලියන්නේ බස් කතා.
ඉස්සර ඉතින් මාත් ඉස්කෝලේ ගියා. ගියා කිව්වට එලෙව්වා. එලෙව්වේ පොඩි පන්තිවල ඉන්න කොට. ඒ දවස් වල ඉතින් අපිටත් ස්කූල් බස් එකක් තිබුනා. ඒ හන්දා මාත් සීසන් ගත්තා. සීසන් දෙන්න කැලණිය ඩිපෝවෙන් ඉස්කෝලට එනවා. කැලණිය කිව්වාම බය උනා නේද. බය වෙන්න එපා. මේ පරණ කතාවක්. ඒ දවස් වල කැලණිය හොඳා. මට මතක විදිහට සිසන් එකට රුපියල් 13.50 ක මුලු මාසික වියදමක් ගියා. මං ගිය ඉස්කෝලේ තිබුණේ කැලනි පාලමෙන් මෙහා. ඒ කියන්නේ මං ගියේ කොළඔ ඉස්කෝලයකට නෙමෙයි :D හැබැයි ගඟ උතුරපු කාලයට අපිත් කොළඔ තමයි කියලා අපේ පාසලේ අයියලා කෑ ගහනවා. අදටත් එය මට ගැටලු සහගතයි :D. [ හැබැයි කවදාවත් ගඟ ඉතුරුවේත් නැහැ. අයියාලා එහෙම කෑගැහැව්වේත් නැහැ. ]
සීසන් ගත්තේ ස්කූල් බස් තියන හින්දා. ඒත් ස්කූල් බස් එක එන්නේ මං ඉරිදා දහම් පාසල් යනවා වාගේය. අද අවොත් හෙට නැහැ. හෙට අවෝ පළමුදා ඇවිත් නැහැ. සීසන් එකේ බස් රථ වල අංකයන් දාන්න ඔනේ. ඩිපෝ මාමලාට වැඩ වැඩි නිසා එවා හිස් තමා. පුරවන්නේ මම තමා. සිසන් එක ගන්නකොට පාසල් ඒමට හා යාමට යොදාගන්නේ තනි බස් රථයක් බව කියනවා. මොකද බස් රූට් කැඩේන්නේ නැහැ. එතකොට ගාන අඩුයි. හැබැයි බස් රූට් කැඩුනෝත් ගාන වැඩියි කියා මට වැටහුනා. දැන් සිසන් එක අතට අරං කල්පොනා කරනවා. දැමිය යුතු බස් අංක. හරි නම් දාන්න පුලුවන් 234 කියන බස් නොම්බරය විතරයි. ඒත් මට තේරෙනවා බස් යන්නේ එකම පාරේ නම් ඇයි මට බැරි 154 / 138 / 193 / 235-1 /200 /180 කියන බස් රථ අතුලත් කරන්න කියා. පෑනක් හොය ගෙන දැන් මං මේ බස් අංක ටික අර සුට්ටං ඉඩේ පුරවා ගත යුතුය. ඔව් මං ඒක කරනවා. දැන් මට ඕන බස් එකක යන්න පුලවන්. මට හරි සතුටුයි.
අවාසනාවට ඇත්ත කතාවක් ස්කූල් බස් නැහැ. දැන් යනවා මහ පාරට. ඈත තියා දකිනවා රතුපාට ලංගම බස් එනවා. අනේ එහෙමත් ඩයිවර් මාමලා අපිව දකිද්දි පරේ වැරදි පැත්තෙන් බස් එක අරන් යනවා. අපිත් බස් එකට ගොඩ වෙන එක අත අරින්නේ නැහැ. ඒ ලඟම කහ ඉරක් තියනවා. ඒතන බස් එක නතර කරනවා පාසල් යන අයට පාර මාරු වෙන්න. අන්න එතකොට අපි අර බස් රථයට ගොඩ වෙනවා. ඩයිවර් අංකල් නම් කෑගනවා. අවුලක් නෑ අපිට ඔව්වා ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට මෙතනදි සීට්බී එකකට ගොඩ වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ දැන් 2 ක් පහු වෙලා. තවත් බලා සිටිය නොහැක. ලංගම කට්ටක් කෙසේ හෝ අල්ලා ගැනිමේ අරමුණින්, අප සිටිනා තැනට මීටර් 700 විතර දුරින් තිබෙන දුම්රිය හරස් මාර්ගය ලඟට යනවා. අනිවා ඩෙෆා එතන නම් සීට්බි කාරයා නවත්වනවාම තමයි. මොකද ඔය අපේ කෝච්චි වලට සිග්නල් නැතුව මහ පාර හරහා ගොඩක් වෙලාවට කොච්චි නවත්වලා තියනවා. සමහර දවස් වල ගිනි අව්වේ එච්චර දුරක් පයින් යා නොහැකි නිසා හෝලට් එකට වී සිටන් සිටින විට, කොළඔ ඉස්කෝල වල ස්ත්‍රි පාරණ යන බස් අපගේ හෝලට් එකත් පසු කරන් යනවා. එලෙසම පිරිම පාරණ බසුත් පසු කරන් යන්නේ සද්දයක් දමාගෙනමයි. සීසන් බස් වල යන්නට එච්චර දුකක් වින්දා. හැබැයි එදා ඒක දුක්ක විදිහට පෙනුනේ නැහැ. ගොඩ දෙනෙක් සීසන් හින්දා. අද නම්, එදා සිසන් බස් එකේ යාම මතක් වන විටත් සතුටුයි.
ඉස්කෝලේ ගියේ සීසන් එකට, ලංගම කාරයෝ බස් නවත්වන්නේ නැහැ. අපි කහ ඉර ලඟදි හරි දුම්රිය හරස් මාර්ගයේදි හරි සීට්බි එකට ගොඩ වෙනවා කියන එක තමයි අද කතාවේ සාරංශය :D

Sunday, January 23, 2011
එදා මහ අමුතු දවසක් :D
මේ බ්ලොග් අඩවිය පටන් ගත්ත කාලේ මතකද මං ලිව්වා බස් කතා වගයක්. එකක් තමයි කොන්දොස්තර හා මහත්තයා, ඕකට කලින් ලිව්වා බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක. ඔය කතා දෙකට අමතරව තවත් බොහෝ බස් සංවාද තිබුණත් දැඩ් කම්මැලි කම හින්දාම ලියන්න බැරි උනා. ඒත් මේ පහුගිය දොහක අපේ මාරයා මහත්තයා ඇහැව්වා කෝ බන් බස් කතා කියලා. ඕන් ඒපාර තමයි මට මතක් උනේ, බිබිසි එකේ වැඩ කරපු බව. ඒ එක්කම මගේම වහනයක රැකියා ස්තථානයට යන හින්දා මේ බස් කතා මගේ කන තුලට සේව් කර ගන්නා බවත් ඔබ සැම දන්නා කරුණක්. ඉතින් නෝනා වරුණි මහත් වරුණි මේ පාරත් මං බස් කතාවක් ලියන්න කියලා යන්නේ. හැබැයි මේක ගුගල් බස් කතාවක් නෙමෙයි. ගුගල් බස් ගැන කතා කලොත් අපේ එවුන් දැන් ගුගුල් කාරයත් එක්ක මුහුණට මුහුණ ගේම ඉල්ලනවා නොවැ. ඒ ගැන වැඩි දුර තොරතුරු මගේ ලෝකය, ලියන රංග පුතා කියලා තිබුණා. මාත් ඒ ලිපියෙන් තමා දැන ගත්තේ ගුගල් කාරයත් එක්ක සිංහලෙන් කතා කරපු සිංහලයෝ ඉන්නවා නේද කියලා :D
නගරය - කිරිබත්ගොඩ ( නගරය කියලා කිව්වේ එහෙම බෝඩ් වල ගහලා තියන හින්දා හරිද :D )
ස්ථානය - නව බස් නැවතුම් පලෙන් නුවර පාරට ඇතුලත් වන තැන
වේලාව - උදෑසන 7.40 ට පමණ
සිද්ධිය - ක්ෂණිකව බසය නතර විය
නැගෙනහරින් ඉර පාය එන මේ සොඳුරු, සීතල බර, අඳුරු - ගුප්ත, හැඟම්බර , සුන්දර හිමිදිරියේ බසය පුරවාට කසු කුසුවක් පැතිර යන්නේ හාත් පස මහා මූසල ගතියක් ඇති කරමිනි. මාගේ මාධ්‍ය දිවියට මේවා කෙසේවත් සැඟවිය නොහැකි නිසා, ක්ෂනයෙන් සියලූම සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක කෙරුණි. එක් කණක් ඩයිවර් දෙසටද අනික් කන මහජනයාගේ කටවල් දෙසටද සුසර කරමින් ඇස් දෙක හතර වට කරකවන්නට පටන් ගැනීම අහඹුවක් නොවිනි. තව කණක අඩුව දැනුනේ පොලිස් කාරයාගේ කට හෙල්ලෙන බව වම් ඇසේ දකූණු කොනින් ගත් චායා රූපය මා මවිතයට පත් කල නිසාවෙනි. කණේ අඩුව පිරවීමට කට අයාගෙන ඒ දෙස බලා සිටියෙමි. දුප්පත් මා වැනි මාධ්‍ය කරුවන් වහා එක් විය යුතු බව මා හට මොනවට පැහැදිලි විය.
තලතුනා වයසේ, මැදි වියේ මහත් වරු තම තමුන්ගේ කටවල් ක්‍රීයත්මක කරන්නට පටන් ගත්තේ ඩයිවරයා දෙසට ඇඟිල්ල දික් කරමිනි. ගිලෙන නැවටත් පෝසත් වන්නට ගොඩවන්නා සේ සමහර මිනිසුන් පිටුපස දොරින් බසයට ගොඩ වූයේ හිස් ආසන දෙස කෑඳර බැල්ම දමමිනි. එලෙස බසටය ගොඩ වූ තරණියන් දෙදෙනෙකු ක්ෂණයෙන් අසුනක් වෙත ගොස් අසුන් ගත්තද, බසය කොළඔ බලා නොයන බව තේරුම් ගත් බැවින්දෝ, කිසි දෙයක් නොවූ ලෙසට සේප් එකේ ඉස්සරහා දොරින් බැහැලි ගියා ඕයි. උන් හිතනන් ඇති මං දැක්කේ නැහැ කියලා. කොන්දොස්තර මහතා සිටින ඉසව්වක් සොයාගැනිමේ අරමුණින් ගුගල් සර්ච් පාරක් දැම්මා බන්. ඒත් මූ ගිය දිහාවක් නැහැ. ඒ මහතා හොයාගන්න එපෑ සල්ලි ඉල්ල ගන්න:D
සිනහා උපදවන කරුණ නම් බසය නැවතී ඇත්තේ තෙල් ඉවර වී ඇති බැවිනි. මේ බව කවුරුන් හෝ මගියෙක් ශබ්ද නගා කීවේ අවට සිටි සියලුම හූදි ජනතාව සිනහා සාගරයක ගිල්වමිනි. මේය කන වැකුණු අපේ බසයේ ගිය මහත් වරුන්ට යක්ෂයා අවේෂ වි බැනිය හැකි සෑම සභ්‍ය වචනයකිනම් සංග්‍රහ කළහ. සිදූ වූ සියල්ල පටිගත කරගත් මා බසයෙන් බැස කොන්දොස්තර මහතා සිටින ඉසව්වක් නැවත පිරක්සා බැලූ කල, ඔහු මුහුණු බිමට හරවං සල්ලි බෙදනවා හලෝ. මාත් ගියා ඔතනට ගිහින් කිව්වා කොළඔ ටිකට් කියලා. කොතරම් අවංක නිහතමානී මිනිසෙකුද කියතොත් බිම් බලාගෙනම ,කොළඔ යාමට සරිලන මුදල් ප්‍රමාණයක් මා අත තැබුවේ මහත්මා ගති පෙන්වමිනි.
ඔන්න ඕකයි බස් කතාව. වැල්වටාරම් ගොඩයි වෙලා තියෙන්නේ බස් එකේ ඩීසල් නැතුව හිටපු එක තමයි

Monday, January 10, 2011
ගණන් පන්ති ගියේ මේන් මෙහෙමයි
බොරු මොකටද මං ගණන් වලට අතිරේක පන්ති යන්න පටන් ගත්තේ අට වසරේ ඉඳන්, සල්ලි ගන්නෙත් නැහැ නොගිහිනුත් බැහැ. පන්තිය තිබුනේ සෙනසුරාදා උදේ 7.30 ඉඳන් 10.30 ද කොහෙද මට මතක විදිහට. ගෙදරින් එලවනවා, මොකද ඒ ටිචර්ව ගෙදර කට්ටිය හොඳට අඳුනනවා. කොච්චර ගෙදර අදුන ගත්තත් පන්තියක් හින්දා සල්ලි දෙන්න ඔනේ කියලා, මුලින්ම පන්තියට ගියදවසේ, අම්මා මගේ අතට රුපියල් 50 ක් දුන්නා , පන්තියේ මසක අයකීරීම් ගාන. දැන් නම් ගණන් පන්තියකට කීයක් ගන්නවද කියලා දන්නේ ටියුෂන් කාරයෝ තමයි. කෝ බ්ලොග් අවකාශයේ නැද්ද ටියුෂන් කාක්කෝ. දන්න එවුන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි උන් නම් කියන්නේ උන් ගේ ඒකාය අරමුණ දැනුම බෙදා ගැනිමයි කෙසේ වෙතත් මුදල් බදාගැනීමයි කියලා :D
මුල්ම දවසේ, අර රුපියල් පනහත් අරන් මං පන්තියට ගිහින් ඉගෙන ගෙන ඔක්කොම කරලා රුපියල් පනහා ටීචර්ට දුන්නා. අනේ ඒ ටීචර් කිව්වා පුතේ සල්ලි එපා කියලා. කියන පරක්කුවට මගේ කලිසම් සාක්කුවට අර රුපියල් 50 ගියා නොවැ. ඕකට කියන්නේ මගේ ලෝබ කමද, ගරුවරියන්ගේ සිත් නොරිදවිමට තියන අකමැත්තද කියලා මට අදටත් තේරුම් ගන්න බැරි උනානේ. ඔය 10.30 පන්තිට ඇරිච්ච ගමන් මං ගෙදර දුවන් එනවා නාට්‍යක් බලන්න. මතකද දන්නේ නැහැ ගංගා සහ නිශ්ෂංක කියලා නාට්‍යක් ගියා, ජාතික රූපවාහණියේ 10.30 ට විකාශනය උනා. මේ නාට්‍ය බලන්න තමයි ගෙදර දුවන් එන්නේ. හැබැයි ගෙදර අවාට ගෙදර ටීවි තිබුණේ නැහැ, ගෙදරින් පොත් ටික දාලා අල්ලපු ගෙදරට ගහින් නාට්‍ය බලනවා.
ඔය කියන පන්තිය හා සම්බනද්ව ඊලඟ විශේෂ කතාව එන්නේ එකොළහ වසරෙදි. ඒ වසරෙදි පන්ති වෙලාව මාරුඋනා 10.30 ඉඳන් එක විතර වෙනකල්. ඔය අතරෙදි මට තව පන්තියක් වැටුනා ඉන්ගිරිසී. කොහොම හරි ඉන්ගිරිසි පන්තියේ වෙලාව මාරු කරගන්න බැරි හින්දා හා මේ ටිචර්ව දන්න අදුනන හින්දා මං කිව්වා ටිචර්ට. මට මේ පන්තිය තියන වෙලාවට එන්න බැහැ, මට ඉන්ගිරිසි පන්තියක් වැටිලා තියනවා කියලා. ඒ පාර ටීචර් කිව්වා දැන් එකොළහ වසර හින්දා වැඩි පුර කරන්න ඔනේ, ඒ හන්දා 10.30 කියන වෙලාවත් වෙනස් කරන්න බැහැ කියලා. ඒ පාර මං කිව්වා ටිචර්ට මටත් මේ වෙලාව බැහැ කියලා. එදයින් එදයි අවුරුදු දෙකක් විතර එක දිගට ගිය ගණන් පන්තිය නවත්තලා දැම්මා. ඇයි හත් දෙයියනේ ශිෂ්‍යක්‍රෙන්ද්‍රීය අධ්‍යපණය පටන් ගත්තෙත් ඔය කාලේ නොවැ. ඊට පස්සේ මං වෙන ගණන් පන්තියකට ගියා, හැබැයි ඒකත් නවත්තලා දැම්මා විභාගයට මාස තුනක් විතර තියලා. ගෙදරට නම් කවිවේ ඒ සර් උගන්නවා හරි නැහැ නැහැ කියලා :D
කොච්චර ගණන් පන්ති ගියත් එකතු කරනවා අඩු කරනවා කියන්නේ මහ වස කම්මැලි වැඩක් :D
එන සිංහල අවුරුද්දට කලින් සංවිදානය වෙමින් පවතින අවුරුදු උත්සවය ගැන දැනගන්න කැමති නම් මෙතනට ගොඩ වන්න

Saturday, January 1, 2011
වස්ගමු සංචාරය Wasgamuwa National Park - පාසල් මිතුරන් සමග
2010 ගෙවිලා ගිහින් 2011 ත් අවා විතරයි. ඒ සතුටත් සමගින් මෙන්න ගිය අවුරුදේ අන්තිමට ගියපු සංචාරය පිළිබඳ සටහනක්. වසර දෙදහස් දහය කියනනේ වැඩිපුරම ලංකාවේ සොඳුරු ඉසව් කරා ගමන් කරපු වසරක් කිව්වොත් ඉතාම නිවැරදියි. මුලින්ම 2010 විනෝද චාරිකා ආරම්භ වෙන්නේ ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු යන මස්කෙලිය චාරිකාවෙන්, ඊට පස්සේ ඒ එක්කම එනවා කූඩාරමක් ඇතුලේ ඉන්න යන බෙලිහුල් ඔය චාරිකවා. මේ දෙකම යන්නේ රැකියා ස්ථානයේ යාලුවොත් එක්ක. ඊට පස්සේ යන්නේ කිතුල්ගල, ඒකට එකතු වෙන්නේ ගුගල් බස් සෙට් එක. වසරේ අවසන් චාරිකාව තමයි වස්ගමුවට යන්නේ.
පාසල් අවදියේ සොඳුරු මතකයන් අවදි කරමින්, වසර නමයකට පසුත් පාසල් මිතු දම අලුත් කරමින් වස්ගමු චාරිකව පසුගිය වසරේ දෙසැම්බර් මස 19 හා 20 වෙනි යන දෙදින තුල සිදුවිය. මෙහි විශේෂත්වය වූ කලි, අප සියලු දෙනා හය වසරේ සිට උපෙළ දක්කවා වසර හයකුත්, ඉන්පසු තවත් වසර නමයක් මේ දක්වා ඇති කරගත් ශක්තිමත් මිතුරු දමයි. උදෑසන 3.30 ට පිටත් විමට සිටියත්, යම් යම් ප්‍රමාදයන් කරන කොට 4.30 වන විට ගමන ආරම්භ විය. අපේ නවාතැන් පොළ වූ වස්ගමුව සෆාරි හොලිඩේ වෙත සවස 2 පමණ වන විට ලඟා විය.
මෙම සෆාරි රථයක් රුපියල් 3000ක මුදලටක ලබාගෙන, එහි පිහිටවූ කවුලුවෙන් අවසර පත්ද රැගෙන වන අරනේ සුන්දරත්වය දැක බලා ගැනිමට පිටත්වුයෙමු. සෑම සංචාරක කණ්ඩායමකට සහායකයකු ලබා දෙයි. එලෙස, උපදෙස් දිමට හා රක්ෂිතය තුල සොඳුරු ඉස්ව් පෙන්විම සඳහා අපට සහාය දැක්වූවේ මහේෂ්ය. යන අතර තුර බොහෝ විස්තර ඔවුන් සපයයි. ඒ අතර තුර සටහන් කරගත් වැදගත් කරුණු ටිකක් මෙසේ සංෂික්පතව දක්වන්නෙමි.
බටහිරින් කලු ගඟින්ද, නැගෙනහිරින් මහවැලි ගඟින්ද, උතුරින් අබන් ගඟින්ද වටවි ඇති, අක්කර දසදහසක් පුරා විහිදි යන වස්ගමුව ජාතික වනෝද්‍යනය තුල, අලි ඇතුන්, මොණරුන්, දිවියන්, වලසුන් , මුවන් ,වළි කුකුලන් මෙන්ම විවධ කුරුල්ලන්ද දැක ගත හැක. නමුත් අපේ ඉල්ලකය වි තිබුනේ අලි රංචුවක් දැක බලා ගැනිමයි. එය සපත කරමින් වනයට ඇතුල් වි සුලු මොහොතකින් අලි රැලක් දැකිමට වාසනවා වන්ත වුයෙමු.
වසර 2007 දී කරන ලද සංගනනයන්ට අනුව අලි ඇතුන් 3500 ක් ලංකාව පුරා සිටයද මේ වන විට එය 7500 දක්වා වැඩි වී ඇති බව අතර තුර කතා බහේදි දැන ගත හැකි විය. දිනකට කිලෝ 250 ක් පමණ ආහාර ප්‍රමාණයක් ලබා ගැනිමේ අරමුණින් අලියෙකු කිලෝමිටර් 20 ක් පමණ දුරක් දිනකට ඇවිදින බවද මහේෂ් විසින් පැවසුවේය. තුන්පත් රෑන යන ප්‍රශ්නය පැන නැගුනු විට, එය පැහැදිල කර දුන් ඔහු පැවසුයේ, "අලි අම්මා ලොකුම අලි පැටවා හා පොඩිම අලිපැටියාගෙන් සමන් විත තුන්කට්ටුව" ලෙසිනි. සාමාණ්‍යයෙන් අලි රංචුවක් මෙහෙයවන්නේ ලොකුම අලි ගැහැනු සතා හෙවත් කෙනෙර විසිනි.
ඓතිහාසික වශයෙන්ද මෙහි වැදගත් කමක් ඇති බවත්, එයට සාක්ෂි ලෙස යුදගනවා නම් ස්තානයත් අපට පෙන්වන ලදි. එනම් දුටුගැමුණු කුමරු සේනා සංවිවාධනය හා පුහුණු කල තැනිතලා භුමියයි. යුදගනවා නම් වූ තැනට ඇතින් පෙනෙන්නේ ලකේගල කඳුවැටියයි. එලෙසම මෙම වනෝද්‍යානය තුල බංගලා තුනක් ද ඇත. වෙන් කරගැනිම කොළඹින් සිදුකරගත හැක. කූඩාරම් ගාසාගෙන සීටිමටද හැකි වන පරිදි වෙනම උස් කනු යොදා සාදන ලද විශේෂ ස්ථාන ඇත. පහතින් දිස් වන්නේ එවැනි ස්ථානයකි.
මීට අමතරව කුරුල්ලන් නැරබිම සඳහාද පීටිකා සකස් කොට ඇත. එවැනි තැනකදි අපේ කට්ටිය ලබා ගත් ජායාරූපයක් පහතින් දැක්වේ. එලෙසම පැත්කින් ඇවිද යන්නේ අපට උපදෙස් සැපයූ මහේෂ්ය
දහවල් වන විට මොණරුන් මුවන් වලිකුකුලන් හා විවිධ පාක්ෂින් දැක බලා අවසන අප පැමිනියේ කෞතුකාගාරය වෙතයි. එහි විවිද සතුන් ගේ හා වෙනත් තොරතුරුද ඇත. සොඳුරු ගමනක නිමාව සනිහිටුවන් කරමින් වස්ගමු චාරිකාව අවසන් කර නවාතැන් පලෙන් පිටවූ අපේ ඊලඟ සොඳුරු ඉස්ව්ව වූයේ පිටවල පතනයි. පුංචි ලෝකාන්තය හා විඩෙන් විඩ ක්ෂනිකව වෙනස් වන කාලගුණය එහි ඇති සුවිශේෂිත්වයයි. සැනෙකින් මිදුම් වලාවකින් වැසි යන විවෘත භූමියට මොහොතකින් වර්ෂාපතනය කඩා හැලෙයි. එවන් අපූරුව වූ සොබා සෞන්දර්යයෙන් යුත් එහි ක්ෂනික වර්ෂාවකට අපද කොටු වූයෙමු.

ඉහතින් දැක්වෙන්නේ අපි විවේක ගත් නිවහනයි. මෙය වනෝද්‍යනාය අසාන්නයේම හෙවත් වනෝද්‍යනය ලඟ ඇති අවසන් නවාතැන වෙයි. ඒ අහල පහල තවත් මෙවැනිම නවාතැන් පොළවල් බොහෝ ඇත. වනාන්තරය තුල සංචාරයට දිනකට අවස්ථා දෙක්ක උදාවෙයි. ඉන් එකක් උදැසන හයටද අනික සවස දෙකටද ලෙස වෙයි. අප එහි ලඟා වන විට සවස් වී තිබූ බැවින් පසුදින එසේත් නැතිනම් 20 වන දින උදෑසන ගමන අපි තෝරා ගතිමු. ඒ අනුව උදැසන හයට අපි ගමන පිටත් වූයේමු.
මෙම සෆාරි රථයක් රුපියල් 3000ක මුදලටක ලබාගෙන, එහි පිහිටවූ කවුලුවෙන් අවසර පත්ද රැගෙන වන අරනේ සුන්දරත්වය දැක බලා ගැනිමට පිටත්වුයෙමු. සෑම සංචාරක කණ්ඩායමකට සහායකයකු ලබා දෙයි. එලෙස, උපදෙස් දිමට හා රක්ෂිතය තුල සොඳුරු ඉස්ව් පෙන්විම සඳහා අපට සහාය දැක්වූවේ මහේෂ්ය. යන අතර තුර බොහෝ විස්තර ඔවුන් සපයයි. ඒ අතර තුර සටහන් කරගත් වැදගත් කරුණු ටිකක් මෙසේ සංෂික්පතව දක්වන්නෙමි.
බටහිරින් කලු ගඟින්ද, නැගෙනහිරින් මහවැලි ගඟින්ද, උතුරින් අබන් ගඟින්ද වටවි ඇති, අක්කර දසදහසක් පුරා විහිදි යන වස්ගමුව ජාතික වනෝද්‍යනය තුල, අලි ඇතුන්, මොණරුන්, දිවියන්, වලසුන් , මුවන් ,වළි කුකුලන් මෙන්ම විවධ කුරුල්ලන්ද දැක ගත හැක. නමුත් අපේ ඉල්ලකය වි තිබුනේ අලි රංචුවක් දැක බලා ගැනිමයි. එය සපත කරමින් වනයට ඇතුල් වි සුලු මොහොතකින් අලි රැලක් දැකිමට වාසනවා වන්ත වුයෙමු.
වසර 2007 දී කරන ලද සංගනනයන්ට අනුව අලි ඇතුන් 3500 ක් ලංකාව පුරා සිටයද මේ වන විට එය 7500 දක්වා වැඩි වී ඇති බව අතර තුර කතා බහේදි දැන ගත හැකි විය. දිනකට කිලෝ 250 ක් පමණ ආහාර ප්‍රමාණයක් ලබා ගැනිමේ අරමුණින් අලියෙකු කිලෝමිටර් 20 ක් පමණ දුරක් දිනකට ඇවිදින බවද මහේෂ් විසින් පැවසුවේය. තුන්පත් රෑන යන ප්‍රශ්නය පැන නැගුනු විට, එය පැහැදිල කර දුන් ඔහු පැවසුයේ, "අලි අම්මා ලොකුම අලි පැටවා හා පොඩිම අලිපැටියාගෙන් සමන් විත තුන්කට්ටුව" ලෙසිනි. සාමාණ්‍යයෙන් අලි රංචුවක් මෙහෙයවන්නේ ලොකුම අලි ගැහැනු සතා හෙවත් කෙනෙර විසිනි.
ඓතිහාසික වශයෙන්ද මෙහි වැදගත් කමක් ඇති බවත්, එයට සාක්ෂි ලෙස යුදගනවා නම් ස්තානයත් අපට පෙන්වන ලදි. එනම් දුටුගැමුණු කුමරු සේනා සංවිවාධනය හා පුහුණු කල තැනිතලා භුමියයි. යුදගනවා නම් වූ තැනට ඇතින් පෙනෙන්නේ ලකේගල කඳුවැටියයි. එලෙසම මෙම වනෝද්‍යානය තුල බංගලා තුනක් ද ඇත. වෙන් කරගැනිම කොළඹින් සිදුකරගත හැක. කූඩාරම් ගාසාගෙන සීටිමටද හැකි වන පරිදි වෙනම උස් කනු යොදා සාදන ලද විශේෂ ස්ථාන ඇත. පහතින් දිස් වන්නේ එවැනි ස්ථානයකි.
මීට අමතරව කුරුල්ලන් නැරබිම සඳහාද පීටිකා සකස් කොට ඇත. එවැනි තැනකදි අපේ කට්ටිය ලබා ගත් ජායාරූපයක් පහතින් දැක්වේ. එලෙසම පැත්කින් ඇවිද යන්නේ අපට උපදෙස් සැපයූ මහේෂ්ය
දහවල් වන විට මොණරුන් මුවන් වලිකුකුලන් හා විවිධ පාක්ෂින් දැක බලා අවසන අප පැමිනියේ කෞතුකාගාරය වෙතයි. එහි විවිද සතුන් ගේ හා වෙනත් තොරතුරුද ඇත. සොඳුරු ගමනක නිමාව සනිහිටුවන් කරමින් වස්ගමු චාරිකාව අවසන් කර නවාතැන් පලෙන් පිටවූ අපේ ඊලඟ සොඳුරු ඉස්ව්ව වූයේ පිටවල පතනයි. පුංචි ලෝකාන්තය හා විඩෙන් විඩ ක්ෂනිකව වෙනස් වන කාලගුණය එහි ඇති සුවිශේෂිත්වයයි. සැනෙකින් මිදුම් වලාවකින් වැසි යන විවෘත භූමියට මොහොතකින් වර්ෂාපතනය කඩා හැලෙයි. එවන් අපූරුව වූ සොබා සෞන්දර්යයෙන් යුත් එහි ක්ෂනික වර්ෂාවකට අපද කොටු වූයෙමු.
තවත් මෙවැනිම සංචාරක සටහන් තැබිමට මේ වසරේදි හැකිවේවායි පතමින් මේම ලිපිය අවසන් කරමි
වැප්
Subscribe to:
Posts (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම...
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ...