Monday, November 15, 2010

කූඩාරමක් ඇතුලේ ඉන්න යන්න බෙලිහුල් ඔය

මෙවර චාරිකා සටහන

ස්ථානය :- රිවර් ගාඩ්න් රිසෝට්- බෙලිහුල් ඔය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 320 ආසන්නව
නැරඹිය හැකි දේ :- බෙලිහුල් ඔය අසල සුන්දර පරිසරය .....  
    ගනන් හිලව් හා වෙන්කර ගනීම :- http://hotellanka.lk/70-75-506/river_garden_resort_and_camp_site__belihuloya.html



    කොළඹ සිට පැය හතරක් වැනි කාලයකින් ලඟා විය හැකි බෙලිහුල් ඔය පිහිටා ඇති රිවර් ගාඩ්න් රිසෝට් මෙවර අපගේ නවාතැන් පොළ විය. ගත කරන ජාල ජිවිතයෙන් මොහොතකට මිදි, සීතල පරිසරයක අලුත් අත්දැකීමක් ගැනිමේ අරමුණින් මෙවර චාරිකාව සංවිදානය වි තිබුණි. කැම්පිං එහෙමත් නැත්නම් කූඩාරමක් තුල ගඟක් අසල ගිනිමැලයක් ගසාගෙන රත්‍රිය ගත කිරිම මෙවර ලද විශේෂ අත්දැකිමයි.

    මෙන්න පින්තූර ටිකක්




    17 comments:

    තිසර ප්‍රියංකර said...

    බොලා ඉතින් සල්ලි කාරයෝනේ නිතර ෆන් ගන්න අපිට කොහෙන්ද බං සල්ලි ඉඳල හිටල ඔය බියර් එකක් බොන්නෙත් හරි අමාරුවෙන් මචන් උඹ අහිකුණ්ඨක හට් එකක ඉඳල තියෙද ඒකත් මාර ෆන් මචන්...ඉබ්බො,තලගොයි කාල මාර ආතල් එකක් ගන්න පුළුවන් වැඩි වියදමකුත් නෑ නේ.....

    වැප් said...

    යකෝ සල්ලි තියන හින්දා තමයි ...තරු හෝටල් පහු කරන් ..... කූඩරමක සීතලේ ගැහි ගැහි දර ලී පත්තු කරන් මදුරුවෝ තල තල නිදි මැරුවේ :D

    priyantha.ඒබී said...

    බලමුකෝ වෙලාවක යන්න පුළුවන් උනොත්......

    පැතුම්..... said...

    මම මේ සෙනසුරාදා ඔය පැත්තේ යනවා.. නිකමට ගිහින් බලන්න පුළුවන්.. ගනන් මිනුම් කොහොම ද බන්? අර ලින්ක් එකේ නෑනේ...

    වැප් said...

    @ප්‍රියන්ත - ගිහිල්ලම බලන්න ....

    @පැතුම් - ඒ නොම්බරයට කොල් කරන්න ... වෙන කවුරුත් නෙමෙයි ඒ ... අපේ ටිකක් හිනා වෙන අභිත

    RanDil said...

    මේ කට්ටිය අහුවෙන්න එපා.......... මේ දෙන්නා එකතු වෙලා බිස්නස් එකක් කරන්නේ. ;D

    වැප් ගියා නං කෝ ෆොටෝ වල වැප්.......... :D
    (හරි‍නේ ෆොටෝ ගනිද්දි වැප් මාතෘකාව ඇතුලේ)

    රොබින් said...

    මතක තියාගෙන යන්න ඕනෙ ප්ලේස් එකක් වගේ.

    තිසර ප්‍රියංකර said...

    නෑ නෑ වැපා තමයි ඔය ෆොටෝ අරන් තියෙන්නෙ

    තිසර ප්‍රියංකර said...

    ඒක නෙවෙයි මචන් දෙසැම්බර් මාසේ අපේ බ්ලොග් කාරයෙටිකත් එකතුකරගෙන යමුද මේවගේ ප්ලේස් එකකට හොඳ ට්‍රිපක් අපිනම් ඕකේ

    වැප් said...

    @රොබින් - අමතක උනොත් මේලිපිය බලපන්

    @තිසර - එල අයිඩියා පාර යමු යමු ... හැබැයි ඉතින් එක දවස යන එකක් තමයි වඩා හොඳ

    ජීවිතේමල් said...

    වෑෆෝ.... පින්තූර ටික නම් සෝයි.. චාරිකා සටහන් ලියන්ට කම්මෑලිකමේ සටහන දිගට ලිව්වෙ නෑ නේද? මෑදෑයි ! :) නයිස් පික්ස් :)

    arunishapiro said...

    ලස්සන තැනක්. ලංකාවට ආ දවසක යන්න තොරතුරු දීපු එකට බොහොම ස්තූතියි.

    වැප් said...

    @ජිවිතේ මල් - මං ඕක කොච්චර රසකරලා ලිව්වත් වැඩක් නැහැ .... ගිහිල්ලා අත්විඳලා ගන්න ඕන අත්දැකීමක් ඒක ... ඒ හන්දා ගිහිල්ලම බලන්න ....

    @අරුණි - අනිවා යන්න ඕන තැනක් ... ෆිෂින් හට් යන්න පුලුවන් නම් මීට වඩා හොඳයි හැබැයි ... මේ ගමන් දෙක සසඳන්න බැහැ

    Jeew said...

    මම නම් කලින් ගිහින් තියෙනවා මගේ මතකේ හැටියට...

    udaya.jayawardhana said...

    ආ වැප්.., මට කියන්න බැරිවුනා. මමත් ඔය hotel එකටම ගිහින් තියෙනවා. හොටෙල් එකෙන් පහලට ගඟ ලඟට යනකන් තියෙන වටපිටාවට මාත් හරිම කැමතියි. උඹත් ගිය එක ගැන හරි සතුටුයි...!

    kkss33 said...

    එල එල මචන්. ඔහොම යමු. ට්‍රිප් යන්න නම් මාර ආසයි. එත් වෙලාව තමයි හරස් වෙන්නෙ.

    dilmadushan said...

    කිඹුලෙක් ඇවිත් කෑවොත් තමයි වැඩේ

    Post a Comment