Wednesday, March 24, 2010

බසයේ ගිය පුද්ගලික එෆ් එම් නාලිකා දෙක

කවුරුත් දාන්නවා ඇති වැපා වැඩ කරන්නේ කොළඹ, පහුකරන් එනවා අපේ දුටුගැමුනුහේ රාජධානිය වෙච්ච මනරම් කැලණිපුරවරය. ඒ කියන්නේ නුවර පා‍රෙන් කොටුවට ඇවිත් කොටුවේන් සේවා ස්තානයට යනවා. ගමන බිමන තමුන්ගෙම වාහනයක හින්ද කිසි කරදයක් නැහැ. පාරේ කවුරු හරි ගියොත් අඳුනනවාද කියලා බලන්නේ නැහැ දාගෙන එනවා. පොඩි පරහකට තියෙන්නේ අපේ මාතලී නොහොත් ඩයිවර් මහත්තයා අත දාන ඔන කෙනෙකුට මගේ වාහනේ නතරකරනවා. මම ඉතින් ඔක එච්චර ගන්න ගන්නේ නැහැ. මොකද ඒ මනුස්තයත් ඉතින් කියක් හරි හොයා ගන්න එපායැ. තව ‍පොඩ්ඩෙන් කතාව අමතක වෙනවා මගේ වහනය ගැන කියලා.

කතාව පටන් ගන්නේ කිරිබත්‍ ගොඩින්, කොහෙම හරි මං ඉඳන් අවේ බස්‍ එකේ විදුරුව පැත්කේ නෙමෙයි අනික් සිට් එකේ. වහානයට ගොඩ වෙන පැත්තේ, ඉස්සරහින් දෙවෙනි සිට් එක. ඔහොම ඉදගෙන මේ ලොකේ වෙන්නේ නැති එව්වා කල්පනා කර කර යනකොට, මෙන්න බොලේ ගැහැණු ලමයි දෙන්නේක් නගිනවා බස් එකට හරියටම කිරිබත්ගොඩදිම, මගේම වාසනවා කියන්නේ කෙල්ලො දෙන්න අවැත් හිට ගත්තේ මගේ ලඟමයි. වාසනවා කිව්ව්ට මට ඇති වැඩක් නැහැ. මං මුලු හිදින්ම හිනවාක් දාන්න හිටියත් මුන් දෙන්නා නෙමේ මගේ පැත්තවත් බැලුවේ. උන්ට එපානම් මට මොකටද කියලා මම ගත්තේ නැහැ උන්ගේ බැග්. ඇයි දෙයි‍යනේ හිනාවාක් නැති උන්ට මං මොන එකකට උදව් කරනවාද?

මම ඉතින් ඔය කවුරුත් කියන දේවල් අහගෙන ඉන්න එකෙක් නෙමෙයි. එත් මුන් දෙන්නා කතා කරන එක මම පොඩ්ඩක් ඇහැව්වා. මේකට ඉතින් මගේ ශ්‍රවණ පරාසය උපරිමට වැඩි කලා. දැන් නියමෙටම ඇහෙනවා. මතක පොතත් හොඳට සුද්ද කරගත්ත, මොකද මට මුන් දෙන්නා දැක්ක ගමන් හිතුනා.. අද මගේ බිලොග් එකට මුන් දෙන්න ගැන අනිවා ලියනවා කියලා. කිව්ව වගේ වැඩේ ගොඩ රස සාගරයයි. කතා ගොඩයි.

කතාව 1 - රස්සාව
ගැහැනු ළමයි 1 - අනේ මට නම් මේ රස්සාව දැන් එපා වෙලා
ගැහැනු ළමයි 2 - මටත් එහෙමයි මටත් එපා වෙලා
ගැහැනු ළමයි 1 - මම මේ අලුත් තැන වැඩකරන්න පටන් අරන් මාසයයි
ගැහැනු ළමයි 2 - මාත් එච්චර කල් නැහැ වැඩිම උනොත් මාස එකාහමාරයි

කතාව 2 - වරාය
ගැහැනු ළමයි 1 - මම කාලයක් වරයේ හිටියා. අනේ ඒක වැඩක් නැහැ රු 30000 ක් විතර හම්බුවෙනවා. එත් ගැහැණු ලිමයින්ට වැඩක් නැහැ. මත් හිතන් හිටියේ ඉස්සර වරාය නම් මරු කියලා. එත් මං එතනින් අයින් උනා. පිටමිනිස්සු වරාය ගැන හිතන විදිහ නෙමෙයි ඇතුලට ගිහාම තියෙන්නේ

කතාව 3 - රූපලාවන්‍ය
ගැහැනු ළමයි 1 - බලන්න අනේ මගේ මුනේ කලු ලප
ගැහැනු ළමයි 2 - ආ මගේත් ඉස්සර තිබුනා. දැන් නැහැ මං අරක ගෑවා.
ගැහැනු ළමයි 1 - මගේ පඩියෙන් බාගයක් ඉවරයි ඔය එක එක එව්වා කරලා. මට දැන් ඇති වෙලා
ගැහැනු ළමයි 2 - එහෙම කියන්න එපා. ඔයත් මේක අරං ගාලා බලන්න

දැන් මේ අමර් ස්ට්ට් හරිය. අද උදේ මහ වැස්ස. වැස්සත් එක්ක දෙන්න පොඩ්ඩක් මතෘකා මාරු කලා

කතාව 4 - වැස්ස
ගැහැනු ළමයි 1 - වෙලාවට අද මං කුඩේ ගෙනාවේ
ගැහැනු ළමයි 2 - මං නම් කුඩයක් අ‍රගෙනම තමයි කෙහෙ ගියත් යන්නේ
ගැහැනු ළමයි 1 - අනේ ඔයාට කියන්න, එදා වැස්සට මේ හරිය ඔක්කොම යට වෙලා. බස් එකේ රොද ගානට වතුර
ගැහැනු ළමයි 2 - ඇයි අනේ වතුර කලුපාට වෙන්නේ.. අර පංචිකාවත්ත හරියේ කලුම කලු පාටයි. එක්නම් කමක් නැහැ මොකද පරණ යකඩ තියනවනේ

කතාව 5 - සාලින්දගේ හා පියුමිගේ ආදර කතාව
ගැහැනු ළමයි 1 - එදෙන්නා ස/පෙළ කරන කලෙත් පොඩ්ඩ පොඩ්ඩ් එකට හිටිය
ගැහැනු ළමයි 2 - නැහැ අනේ සිගිරි ගිහින් ඔක උනේ. ඉන්න මං ඔයාට කතාව කියන්න. දවසක් අපේ පන්තියෙන් සිගිරි එක්ක ගියා. මුන්‍ දෙන්නා යනකොට වෙන වෙනම ගියේ. එත් වතුර නැතුවා පියුමිට ක්ලාන්තය හැදුනා. එතකොට ඉක්මනට උදව් කලේ සාලින්ද. මෙන්න් සිගිරියෙන් බහිද්දි මුන් දෙන්න එකට එනවා.
ගැහැනු ළමයි 1 - නැහැ අනේ ඒ දෙන්නා ඉස්සරත් යාලුවෙලා හිටියේ.
ගැහැනු ළමයි 2 - හරි මං කිවේ සිගිරි කතාව


කතාව 6 - සක්‍ය පන්ති ගිය හැටි
ගැහැනු ළමයි 1 - අනේ මං ඉස්සර පන්ති යනකොට හැමදාම පරක්කු වෙලා. යන ගමන්ම කැන්ටිමෙන් මොනවා හරි අරන්. සර් උගන්නකොට කනවා. පිස්සු ඇනේ
ගැහැනු ළමයි 2 - මාත් එහෙමයි කන්න නැත්නම් නිකන් ක්ලාන්තය වගේ. පාඩම වගේද කෑම

කතාව 7 -කොල්ලො පස්සෙන් එම
ගැහැනු ළමයි 1- මට හරි කරදරේ අරු පස්සෙන් එනවා
ගැහැනු ළමයි 2- ඇයි අනේ ඔයා ගනන් නොහෙන ඉන්‍නකො
ගැහැනු ළමයි 1 - මට උ දකිද්දි හිනා යනවා. උ හිතනා උට ඇති කැමැත්තට හිනා වොනවා කියලා. මං දවසක් උට බැන්නා. එත් එනවා. අනේ මුන්ට ලැජ්ජ නැහැනේ. ඇයි එහෙම පස්සේන් එන්නේ?
ගැහැනු ළමයි 2 - එකනම් ඇත්ත මොන එකකට එනවාද මන්දා


කතාව 8 - මාලය කඩා ගැනීම
ගැහැනු ළමයි 1 - මේ ලඟදි මං ජිම් එක ලඟින් යාලුවෙක් එක්ක එනකොට. එකෙක් ඇව්ත ම‍ගේ මලේ කඩා ගත්තා
ගැහැනු ළමයි 2 - ඈ ඉතින්
ගැහැනු ළමයි 1 - මම කැගැහුවේ නැහැ. එත් ජිම් එකේ‍ කොල්ලො ටික උව අල්ලලා ගහලා පොලිසියට බාර දුන්නා. මම මුකුත් කිවේත් නැහැ ඒත් උන් හිතලා මගේ මලේ කැඩුවා කියලා. ඊට පස්සේ තමයි හොරාව අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා පොලිසි ගියා එත් අපි උසාවි ගියේ නැහැ. මලේ වටිනා කමට වඩා වැඩි කරදර වෙන්න ඔනා.
ගැහැනු ළමයි 2 - ඔව් අනේ වටින්නේ නැති මාලයක් නම්කමක් නැහැ. මම දැන් දාන්නේ ඔක්කොම ප්ලාස්ටික් එව්වා. ඇදුමට ගැලපෙන්න.


මගේ මතකයේ තියෙන්නේ ඔය කතා ටික විතරයි. තව නොයෙකුත් කතා කිව්වා. හැබැයි අපරදේ කියන්න බැහැ. හොදට ඇහුනා මොකද දෙන්නා කතාව හෙන හයියෙන්. මට බහිනකොට අහන්නත් හිතුනා. ඔයාලා මොන එෆ් එම් එකේද කියලා. අයිත් මොකට මගේ කට කියලා නිකං හිටියා. නුවර පාරේ යනවානම් බලාගෙන මම ගියොත් ඉතින් කතාව අහගෙන ඉදලා දානවා බ්ලොග් එකේ.

37 comments:

තරිඳු said...

කෙල්ලො දෙන්න නම් FM.
එතකොට උඹ BBC ? CNN ? රොයිටර් ? news 1st ?

Anonymous said...

උන් උඹට සිරික්කිය දාලා, බෑග් ඒකත් තියාගන්න දුන්න නම් උඹ ඔහොම කියන්නෙ නෑ නේ???

රවා said...

මචන් බොහොම ස්තුති මචන් උබට බොහොම පින්

මම ඔය ඕප දුප ඔහොයන එකා.. ගොඩ කාලෙකින් ඇගට සනිපයක් දැනෙනවා .. ඉස්සර කැම්පස් එක ලඟ ඉදන් ගල්කිස්සට එද්දි මගෙ රේඩාර් එකත් මෙ වගෙ තමයි ......

ළමයා said...

කෙල්ලන්ට රේඩාර් අල්ලන්න ගිහින් කාලා ‍වරෙන්කෝ පුතා... ඇන්ටනා ඇද වෙන්න...

@තරිඳු 100%ක් විස්වාසයි news 1st වෙන්න බෑ. එහෙම වුනානම් මේ බ්ලොග් එක ලියන්න වෙන්නේ නෑ. මොකද දුටුගැමුණුගේ රාජධානිය හරහා යනවාලුනේ.. හිහ් හිහ්

දේවක සදරුවන් said...

වෑප්, අපරාදේ බන් උඹ ඈහුවේ නෑත්තේ චෑනල් එක.... මොකද වෑඩ කරන්න එකක් නෑත්නම් එකක් දාලාවත් දෙන්න.....

indi said...

me kathawe pitin penawata wada amuthu gemmak penawa....colombo wala onema oya wage bus talk 1ka thiyenne me wage dewal thama...thaman gena witharai...rata loke gena kisi deyak adala ne....

වැප් said...

@තරිඳු
මම මචන් රාමුවකට කොටු වෙලා නැහැ.. ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහයි ...

@Anonymous
හි හි එහෙම උනානම් මේක මෙයිට වඩා වෙනස් වෙන්න තිබුණා

@රවා
මේ කනේ මචන් ආණ්ඩුවෙන් උනත් කියන්නේ ‍ටිකක් අහල පහල සෙවිල්ලේන් ඉන්න කියලානේ... මට නම් බැහැ රජ්‍ය විරෝධියෙක් වෙන්න

@දේවක සදරුවන්
අහන්නත් ටිකක් බය හිතුනා මුන් දෙන්නාගේ කට නිසා

වැප් said...

@indi
ස්තුතියි වෙනස් විදිහටකට කතාව දැක්කට ... ඒක ඇත්ත මේ සිරිකුරුට්ටං කෙල්ලො දෙන්න මේ ලෝකේ පය ගහාලා ඉන්න එවුන් නෙමෙයි වගේ කියලා තමයි මටත් හිතුනේ

ඉලංදාරියා said...

කතාවන්ම් මරු...........නියම දෙකකට තාමා මැදි වෙලා තියෙන්නේ........මරු රසකර කර ලියලා තියනවා........ඔන්න ඉලංදාරුයත් ගොඩවැදුනා

Malith said...

හික්ස් " ඇයි එහෙම පස්සේන් එන්නේ?
ගැහැනු ළමයි 2 - එකනම් ඇත්ත මොන එකකට එනවාද මන්දා "
ඇයි හැබැටම අපි පස්සෙන් යන්නෙ

වැප් said...

@ඉලංදාරියා
මට හිතුනා මං ඈත යන බස් එකක හිටියන්ම් කොච්චර හොදද කියලා මොකද තව කතා ගොඩක් අහගන්න තිබුණා

@මලිත්
අනේ මන්ද අපේ පුරුවේ කරුමයක්ද කොහෙද? .....

පිස්සා පලාමල්ල said...

උබට ඔය ඔක්කොම මතක තිබුන එකත් ලොකු දෙයක්. අර කිව්ව වගේ උබ පත්තරෙකද වැඩ ? හික් හික්..

කණියා said...

අනේ බොල :D

වැප් said...

@පිස්සා පලාමල්ල
තව කිව්වා මොනවා කරන්නද මට මතක ඔච්චරයි ...
දැන් ඉතින් පත්තරයක වැඩකරනවා වගේ තමයි ..

@කණිය
ඇයි බොල ... මේ වැඩේත් එක්තරා කලාවක් .. උබත් කරලා බලපං

wath said...

අප්පොච්චියේ මෙහෙමත් කොල්ලො..... මම නම් බස් එකේ යන කොට ඔය පාර ටිකට් ගන්න විතරයි කතා කරන්නෙ...

``` Outsider``` said...

ඈ යකෝ උඹ මාධ්‍ය කාරයන්ට එහානෙ....

දසයා said...

ඇත්ත කියපන් "මට හරි කරදරේ අරු පස්සෙන් එනවා" කියල උඹව නේද පෙන්නුවෙ ඒ කෙල්ල...

වැප් said...

@wath
හිකිස් .... හැබැයි ඊට වැඩා වැඩි යමක් කොන්දා එක්ක කතා කලොත් එව්වා ඔක්කොම මෙහේ දානව

@``` Outsider```
ඔව් දැන් උන්ට වාඩ් හොඳට මට ඒ වැඩේ කරන්න පුලුවන්.. තව ටිකක් ට්‍රෙයිනිං වෙන්න ඔනා .. උබටත් ඔනා නම් කියලා දෙන්නම්

@දසයා
හිකිස් ... උබත් ඒ බස් එකේ හිටියද මචං ....

දුකා said...

"මට බහිනකොට අහන්නත් හිතුනා. ඔයාලා මොන එෆ් එම් එකේද කියලා. අයිත් මොකට මගේ කට කියලා නිකං හිටියා"

හොඳ වෙලාවට ඇහුවේ නැත්තේ ඇහුවනම් අපිට පෝස්ට් ලියන්න වෙන්නේ "සත්ගුනවත් වැප් උපාසක මහතාට නිවන් සැප ලැබේවා" කියලා . . හික් හික්

බුද්ධි said...

රෑට කියොල කමෙන්ට් කරනවෝ...... මම දැං හදිස්සි වැඩක් සෙට් වෙලෝ................!!!!!!!!!!!!!!!!!!!!!

වැප් said...

@දුකා
මගෙම වාසනවා !!! ආ නැහැ බලපු උබේ වාසනවා මොකද ? ... එහෙම ඇහුව්වනම් සමහර විට මට මේ ලිපිය දාන්න වෙන්නෙත් නැහැ ...

@බුද්ධි
මේ අහගනින් ... මේකට කමෙන්ට් නැතුවාට කමක් නැහැ .. අපිට අර කතාවේ ඉතුරු ටික ලියපන්...
[ ඒ මොක උනත් මේකටත් රැට කමෙන්ට් එකක් දාපන් ... බුද්ධියට විතරයි මේ කොටස පේන්නේ ...]

budhajeewa said...

ලොලේ ලොල්.

පික්සු හැදෙන වැඩේ තමයි සමහරු බලෙං මුලු බස් එකටම ඇහෙන්න කතා කරන එක. මුං කියන ගොං කතාවලට බොහොම අමාරුවෙං හිනාව තද කරගෙන ඉන්නේ!

රාජිත අනුරාධ said...

චැප්ගේ එක එක අය එක එක තැන කියන කතා...... .කෑලි දෙක ලස්සනද චැප්??

වැප් said...

@budhajeewa
එක් නම් ඇත්ත ... සමහර එකිය ලා යන්නේ බස් එක බදු අරගෙන

@රාජිත අනුරාධ
හේ හේ ... මෙන්න විස්තරේ 356 බස් රූට් එක .. දවසක නැගලා බලපන් මේ බස් එකට ...
ගැහැණු ළමයි 1 - ටිකක් විතර මහතයි සුදුයි හැබැයි ලස්සනයි
ගැහැණු ළමයි 2 - කෙට්ටුයි සුදුයි සමාණ්‍ය මෙයත් ලස්සනයි

බුද්ධි said...

ඔන්න බුද්දියා කමෙන්ට් එකක් දැම්මා. උඔ ගහල තියෙන RAM Card එක කීයෙ එකක්ද බං? ඔච්චර ඒවා පිළිවෙලකට මතක තියාගන්න.

උඔ නං මාර වැඩකාරයෙක්

[ ඒ මොක උනත් මේකටත් රැට කමෙන්ට් එකක් දාපන් ... බුද්ධියට විතරයි මේ කොටස පේන්නේ ...]

කියන කොටස කොහොමද බං මට විතරක් පේන්න දාන්නෙ. මං මේ කතාව ඈත්තද කියලා බලන්න කැෆේ එකකිනුත් චෙක් කලා. එකෙත් මට විතරයි තමා පෙනුනෙ. උඔලා තමා බං රටේ අනාගතේ. බිල් ගේට්ටුකාරයා දැන ගත්තොත් උඔව උස්සනවා ශුවර්.:D

වැප් said...

@බුද්ධි
හම් රැම් එක නේද ... පොඩ් පොඩි අවුල් ටික්ක තිබිලා මේ ලඟදි පොඩි වැඩි දියුනුවක් කර ගත්ත ... මේ රැම් එකේ ගානක් නැහැ .. ඩයනමික් වෙලාවේ හැටියට මෙමරි වෙනස් වෙනවා

[මේ කැල්ල බුද්දියට පෙන්නෙත් නැහැ - මු නම් මන්ද බුද්දිකයෙක්ද කොහෙද නැත්නම් මෙච්චර කිව්වා උට විතරයි මේක පෙන්නේ කියලා. එහෙව් එකේ මේකා මොන එකකට ගියාද කැෆේ එකකට ... කැෆේ එකේ අයිති කාරයා මුට හොරා මේක බැලුවාද දන්නේ නැහැ .. විලි ලැජ්ජාවේ බැහැ .... මුට ගැලපෙන්නේ අම්මාපා මන්ද කැල්ල මුලුට දාලාම තමයි]

punchisamanalee said...

අම්මෝ..... ඔයා නම් හරිම ශ්‍රවන පරාසයක් සහ මතක ශක්තියක් තියෙන කෙනෙක් නෙව...... ගෑණු ළමයි ඉතින් ඔහොම තමයි... ටීවී එකේ යන පත්තර විස්තර පරාදයි......

වැප් said...

@punchisamanalee
හේ හේ .... ඇත්ත ඇත්ත ...

තීර්ථ යාත්‍රිකයා said...

ලොලේ ලොල්

වැප් said...

@තීර්ථ යාත්‍රිකයා
හේ හේ මෙහෙම වැඩ වෙලා ඇති ...

සුදර්ශන said...

අපිටත් හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා

වැප් said...

@සුදර්ශන
ලියලා දාන්න බ්ලොග් එකක් පිරෙන්න ...

රවා said...

මොනවද බන් කරන්නෙ.. පිස්සු කෙලින්න එපා.. පොස්ට් දාලා ගන්නෙ.. මම දැන් තුන් පාරක් විතර ආව ගියා.. සින්දුව බලන්න.... ඔක දාලා බලන් හිටපන්... ඔය අතන මෙතන තියන බටන් ඔබන්නෙ නැතුව..(.. හික්..හික්..)

වැප් said...

ආ මේ රවෝ මට උබේ ජිමෙයිල් එක දිපන්කො? නැත්නම් මගේ ඔය උඩ තියන නමම තමයි ඇඩි කොගනින්කෝ මචෝ

රවා said...

ඔන්න උඹට එව්වා.. උබෙ gmail එකෙ ඇති..

වැප් said...

තාම නැතෝ? .....

වැප් said...

wapnishantha මෙන්න මේකට එවපන් ... විහිලුවක් නෙමෙයි කලේ ...

Post a Comment