Wednesday, April 16, 2014

විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park.

විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ  බොහෝනැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය.නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම  නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති දෙයක් හුවා දැක්වී ඇත්දැයි ‍කනස්සල්ලේන් පසුවිය. විල්පත්තු බලා යාමේ දැඩි අවශ්‍ය තාවයක් ඇතිවිය. නමුත් යන්නේ කෙසේද, කවුරුන් සමඟද නිසි තීරණයක් තවම නැත, එනම් මේ පහුගිය 11 වෙනි සිකුරාදා දිනයේ හවස් වරුව ගෙවී ගිය අයුරුයි. අවුරුදු පසු වී විල්පත්තු බලා යාමට මට අවශ්‍ය බව නිකමට මෙන්, තිසර මධුවන්ත මහතාට පැවසුවේ, කූරගල යාම ඔහුට නොදැන්වූ බවට පෙර දොස් පවරා තිබූ නිසාවෙනි. නොහිතූ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලදීමි. එනම් 12 වන සෙනසුරාදා උදෑසනම විල්පත්තු බලා පිටත්ව යාමයි. පසුදාට පහන්විය, උදෑසන 5.45 ට පමණ තිසර මධුවන්ත මහතා අ‍පගේ නිවසට ලඟවිය. එක්පසකට කිලේමීටර් 150 පමණ වූ ගමන ආරම්භ විය. නමුත් ගමනාන්තය වන විට එය මූලු දුර ලෙස කිලෝමිටර් 500 ද ඉක්මවා ගොස් තිබුණී

අපගේ ගමනාන්තය විල්පත්තුවේ වන විනාශයට පත්වූ අලුතෙන් ඉදිකල මුස්ලිම් ගම්මානය සොයා යාමයි. ගමන් මඟ වැටී තිබුනේ, කොළඹ-> පුත්තලම් -> මන්නාරම් මාර්ගය-> විල්පත්තු වනයමැද අදාල ස්තානය. උදෑසන 7 ට පමණ ආහාරය ගතිමු.  ඉන්පසු හලාවත පසුකරමින් පුත්තලම් බලා ඇදී ගියෙමු. විනාශ වූ ස්තානය හරි හැටි නොදන්නා නිසා, පුත්තලම පසු වනවාත් සමඟම දෙපස ඇති කඩ වලින් සිංහල ආරට ඇති නමකට ඉව ඇල්ලුවෙමු. පුත්තලම පසු කර කිලෝ මිටර් ගානක් ගිය තැන, නිසන්සල ස්ටෝස් හමුවිය. තොරතුරු දැන ගැනිමේ අපේ අයිතිය කිලෝමිටර් ගනනක් වගකිව යුතු යැයි ශ්‍රී ලාංකීක පුරවැසියෙක් ලෙසටත්, ප්‍රජාතාන්ත්‍රික වැසියෙකු ලෙසත් කිසිසේතම අපේක්ෂා නොකලෙමු. නමුත් එය එසේ සිදුවූයේ අනවශ්‍ය ගැටලු නිර්මානයට වඩා අපගේ අරමුණ ඉටුකරගැනිම මූලික අභිප්‍රාය නිසාවෙනි. කෙසේ වෙතත් නිසන්සල ස්ටෝස්හි සිටි තරුණ වෙලඳ මහතාට අනුව, පුත්තලම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පදිංචි වීම සඳහා විල්පතුත් වනය තුල නව ගම්මාන නිර්මාණය කරන බව දැනගතිමු.‍ ගමන් මාර්ගයද ඔහුගෙන් දැනගතිමු. ඔහුට අනුව අපට පුත්තලම් මන්නාරම් මාර්ගයේ, විල්පත්තු වනයට කලින් හමුවන එකම ගම්මානය එලුවන්කුලමයි. ඊට පෙරඇති පිරවුම් හලකින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්දනද ලබා ගතිමු.

එලුවන්කුලම යනු ධීවර ගම්මානයකි. එහි සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙති. 

එලුවන්කුලම අවසානයේ විල්පත‍්තු වනය මැදින් මන්නාරම් බලා දිවෙන මාර්ගයයි. එහි අප යායුත්තේ සිලාවතුර දෙසටයි. තවමත් මාහාමර්ගය ගොඩනැගෙමින් පවතින අතර වනයතුලට යාමට පෙර නාවික හමුදාවේ කඳවුරක් පවති, කලාඔය හරහා සපත්තු පාලමක් පවතී. නමුත් අපේ ගමනට අභියෝග කරමින්, කලාඔය  පිටාර ගලා ඇති නිසා නාවික හමුදාව විසින් එම පාර වසා එදිනට දින පහකි. කීලෝමිටර් සියගනනක් පසුකරමින් පැමිණියත් අරමුණ අසාර්ථක වේ දෝ දැයි සීමාකාරි අවස්ථාවක් පසුකරමින් සිටිමු. ගමන් සගයා ගූගල් මැප් පීරමින් තවත් කෙටි පාරක් සොයයි. නමුත් විල්පත්තු කැලය නිසා, අපගේ එකම ගමන් මාර්ගය නැවත පුත්තලම් ගොස්, පුත්තලම් මන්නාරම පාර වැටෙන තැනට සිලාවතුර පෙදෙසෙන් ඇතුලු වීමයි. ක්ෂණයෙන් ක්‍රියාත්මක විය, නැවත කිලෝමිටර් 40 පමණ ආපසු පුත්තලම බලා පැමිණියෙමු. පුත්තලෙමන් අනුරාධපුර මාර්ගය ඕස්සේ ගමන් කරයි, විල්පත්තු වනය නැරඹීට යන ස්තනයට ලඟවිය, එහි සිටි සෆාරි ජීප් කණ්ඩායමක මතය උයේ, ඔයාමඩු පාරේ ගොස් නිකවැව හන්දියෙන් මන්නාරම් හන්දියට ගොස් අරමුණ වෙත ලඟා විමයි.


අපි මන්නාරම් හන්දිය දක්වා ලඟ වූයෙමු, හවස් 12 ට පමණ ඇත. කජුවත්ත සිව්ල් ආරක්ෂක බලකා ස්ථානයේ සෙබලුන් මාරු වන දිනයයි. එම නිසා වනය මැදින් වැටී ඇති එම මහාමර්ගයේ ඉද හිට මොටර්සයිකලයක් හමුවෙයි. තවතැනක කණ්ඩයම් ලෙස තේවතුර බොමින් සිටිති. තව තැනක කැඩුනු මොටර් සයිකලයක් සාදති, ඔය අතර ‍ගස් හෙවනේ ගිමන් හරින සිවිල් ආරක්ෂක සෙබලුද දක්නට ලැබුණි. තරඟයට මෙන් අප මොටර්සයිකලය හා සිවිල් ආරක්ෂක ‍සේවයේ බයිසිකලයක්  ඉදිරියට ඇදී ගියේ කතාබහක්ද සිදු කරමිනි. දැඩි ලෙස අබලන් වූ මාර්ගයේ සෑම තැනකමට වලවල්ය, සමහර තැනක පාර සේදි ගොස්ය, කිලෝමීටර් 40 කට ආසන්න වූ දුෂ්කර ගමන බොහෝ සේ ප්‍රියජනක අලුත් අත්දැකීමක් විය, රථාචාර්යයතුමාට මාගේ ප්‍රණාමය පුදකරීමට ඉතා හොද අවස්ථාවකි.

පේමඩුව - යාය 8- විල්පත්තු වනය මැදින් සිලාවතුර දෙසට 


සවස දෙක පමණ වන විට කොක්කුපඩ්ඩයන් තුම්මන් හන්දියට ලඟ වූයෙමු, කතා කරන්නට දෙමළ බස නොදනි, නියමිත ස්ථානයට හරියාකාරව නොදනි, තොරතුරු දැන ගත හැක නාම පුවරුද නැත, නමුත් කොක්කුපඩ්ඩයාන් හංදියේ මුරකපොල්ලකි. එහි පොලිස් නිලදාරියෙක් හා හමුදාවේ නිල දරුවන් දෙදෙනෙකි. අපි කෙලින්ම කතාවට බැස්සෙමු. ඔවුන් එක්වරම ඇසුවේ අපි මධ්‍යවේදීන්දද යන්නයි, එයට නැත යන පිළීතුර දෙන ගමන් ඌනපූර්ණයක් ලෙස කිසිඳු සේනාවක සමාජිකයන්ද නොවෙමුයයි පැවසූහ. අපේ මූහුණු වල තිබුණු විඩාවත්, අරමූණත් හොඳින් පැහැදිලි වූ නිසා, දිවා ආහාරය අපිට පිරිනමා පැය භාගයක පමණ කතාබහකද නිරත විය. ඔවුන් තිදෙනා එතන දින කිහිපයක් රාජකාරි කලද, අදලා සිද්දිය වූ ස්ථානයට ගොස් තිබුණේ නැත, නමුත් ඔවුන් අඳුනන තවත් පොලිස් නිලධාරියෙක් එතනට කැඳවා අපට සියලු විස්තර ලබා දී, ආරක්ෂිත ලෙස ගමන් කාරන ආකරය පැහැදිලි කර දුනි. ඉදින් අප ඔවුන්ට බොහෝ ස්තුති කරමින් එතැනින් නික්ම ගියේ සුලු මොහොතකින් දක්නට ලැ‍බෙන වන විනාසය සෑබෑවක්ද යයි පත්‍යක්ෂ කොට දැන ගැනීමටයි. කෙසේ නමුත්, ඇතුලට කපා ඇති මංමාවත් වල ජනපතිතුමගේ පින්තූරත් දක්නට ලැබුනී. ඊට අමතර එම ප්‍රදේශයේම(විල්පත්තුව වනය තුල නොව) සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වෙන වෙනම ඉදිවන බවද වැඩිදුරටත් ඔවුන් පවසන ලදී

තවත් දේවල් ලිවිමට අවශ්‍ය නැත, පහත පින්තූර හා වි‍ඩියෝ පට නරඹන්න, සිදු වී ඇති දේ හොඳින් දැකගන්න, තව නොබෝ දිනකින් මේ දෙපස තව තවත් ප්‍රසාරණය වී විල්පත්තුව හැකිලී යනු ඇත. එදිනට මේ ය සටහනක් පමණක්ම වේවා!. 






ස්තුතිය- තිසර මධුවන්ත මහතා / කොක්කුපඩයාන් ආරක්ෂක මුර පොලේ එදින සේවය කල නිලදරුවන් /සිවිල් ආරක්ෂක බලකායේ මහතුන් / ගමනට තොරතුරු සැපයූ සියල්ලන්/ මෙම ලිපිය කියන ඔබ සැමට හා බයික්කුවට

රථාචාර්යයා


පසු සටහන- එහි පදිංචි කරුවන් සමඟ කතාකිරීමට තිබුනා නම් මෙම ලිපිය තවත් වෙනස් ලෙස ඔබ වෙත ගෙන එන්නට තිබුණි හෝ මෙසේ ලිපියක් පල නොවන්නටද ඉඩ තිබුණී. ලිපියෙහි අඩුපාඩු ඇත්නම් කමාකරත්වා නිවැරදිකරත්වා

වැප්

Thursday, April 10, 2014

සිහින උලෙළේ අමතක නොවන සිදු වීම්

මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.

සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා. 

2011 දි,  ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.

2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.


2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :D

තව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න


<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

එහෙන්ම් 20 හමු වෙමු

වැප්

Wednesday, March 19, 2014

උදව්වක් - සිංහල පරිවර්තනයක් - සිංහල පොත්

sinhalabooks.lk අඩවිය තුලට ඇතුලත් කරන ලද, සිංහල පොත් 5000 ක පමණ සිංහල නාමය තවමත් යොදාගෙන නැත

ඔබට හැකි නම් 

හරහා ගොස් සිංගිලිෂ් නම සිංහල යුනිකේත අකුරින් පරිවර්තනය කරදෙන්න



sinhalabooks.lk අඩවිය මා පවත්වාගෙන යන බව සතුටින් දන්නවා සිටිමි. එය තුලින් ඔබගේ පෞද්ගලික අවකාශ පුස්ථකාලයද නිර්මාණය කරගත හැක. 

Tuesday, December 24, 2013

මගේ සිංහල බ්ලොගය - නොහිතපු ගමන

මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ ‍සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි.  එයද කල් යත්ම කරන විශය පතයට සීමා වූ පිරිසක් බවට පත් වී පසුව පාසල් අධ්‍යාපනය අවසානයේ හදාරණ පාඨමාලවට රාමුගත වෙයි. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයකට හෝ වෙන යම් අයතනයකට බැඳුනු පසු ඒ හරහා හඳුනා ගත් පිරිස සමඟ පමණක් වැඩිපුර ගැටේ. අහල පහළ, පෙර පාසල, ප්‍රාථමික පාසල, ද්වීතික පාසල හා විශ්ව විද්‍යාලය යන අවස්තාවලින් වඩාත් වැඩිපුර කාගෙත් මතකයේ රැඳි පවතින්නේ විශ්ව විද්‍යාල සමයයි.

බ්ලොග් අවකාශයේ දැන හඳුනා ගැනිම යනු, සාම්ප්‍රදායික දැන හඳුනා ගැනිමෙන් ඔබ්ට ගිය ප්‍රකාශිත අදහස මත ගොඩනගා ගන්නා ප්‍රතිරූපය හා ගනුදෙනු කිරිමකි. විවධ වූ සාමජ කොටස් සමඟින් හා විදෙස් රටවල් නියෝජනයනය කරමින් පැමිනියත්, සිංහල ‍බ්ලොග් කලාව තුල කාටත් පොදු එකඟතාවය නම් සියලු ගනු දෙනු සිංහල භාෂාව හරහා ප්‍රකාශනය කිරීමයි. මේ හඳුනා ගැනිම තුල කෙනෙකු සාර්තක වන්නා සේම තව අයෙකු රැවටීමටද ලක් කල හැක. අප දන්නා ඉතිහාසය තුල මෙම අවස්ථා දෙකම අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් සත්‍ය ලෙස සිදු වි ඇත. අනාගතයේදිද එය එලෙසම වනු ඇත.

2009 දෙසැම්බර් මස 24 දින ආරම්භ කරන ලද මාගේ බ්ලොග් අඩවියට අදට වසර 4ක් පිරීඇත. ඒ තුලින් මා ලබාගත් දේ බොහෝය. දැන හඳුනා ගත් පිරිස බොහෝය, තවමත් අකුරු වලින් ‍පමණක් චිත්‍රනය වි ඇති පිරිසක් සිටියි. හැම දේම කාලයක් යද්දි එපා වන්නා සේ බ්ලොග් අඩවියට ඒ කාලය දැන් උදා වී ඇත. බ්ලොගයටම වී සිටි කාලයක් තිබුණි. එහෙත් දැන් අහම්බෙන් ලිපියක් දෙකක් පමණක් ලියවේ. මෙම බ්ලොග් අඩවිය නිසාම බැනුම් ඇසූ යුගයක් තිබුණි. එහෙත් දැන් අසාවට බයින්න එකෙක් නැතිය. සිතුවාට වඩා ඉහල වටිනා කමක් ලැබුවේ සිංහලෙන් අකුරු කල මේ බ්ලොග් අඩවිය නිසාය. එබැවින් මම එයට ගෞරව කරමි. සේවාව පවතින තුරා ලිපි එකතු කරමින් එය පවත්වාගෙන යාමට අදහස් කර සිටිමි. සිංහල බ්ලොග් අවකාශයේ සැරිසන පිරිස, වැප් බ්ලොගය නිසා පමණක් හඳුනා ගැනිමට මම ඉතා කැමැත්තෙමි. ඔවුන් අගයන්නටද පසුබට නොවෙමි.  


වැප්

Monday, December 16, 2013

(ඔෆිස්+පැදුරු+බීච්) පාටි

දෙසැම්බරය 2013, කම්මැලි කමේ උපරිමයකට ආපු කාලයක් පහු කරලා ටිකක් විතර කුසීත කම මඟ ඇරුන විදිහ බ්ලොග් එකේ දාන්න තමයි මේ හදන්නේ. ඔෆිස් පාටිය පැත්තකින් තියමු. ඒක ඉතින් ෆුල් ඔෆිසියල්නේ. පැදුර තමයි පැදුර... ඒකට දාන්න තිබ්බ නම තමයි දන්සැල් පැදුර කියලා.  අපේ ගෙදර කියන ගෘප් එකේ මම ඇත්තෙත් නැහැ( මේ වෙනකොට ඒකේ සාමාජිකයෙක්මි). පැදුරට එනවාකියලා රෙජිස්ටර් උනෙත් නැහැ. ඒත් ඔන්ලැයින් මොකක් හරි තියනවා නම් ගිහින් ඔලුව දාලා එන්න තියන අමාරුව නම් තාම හොඳ වෙලා නැහැ. පැදුර ගැන ආරංචි යන දවස් වල රාජ් කාරයා ඇහැව්වා මගෙන් යනවාද කියලා. යන්නත් ඕනේ කියන මතේ හිටියත් ඒක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ ප්‍රදියා ආයිත් ඇහැව්වම යන්නේ නැහැ කියලා හිටියත්, තුන් දෙනෙක්ම ඉන්න එකේ යන්න ඕනේ කියලා තීරනයට ආවේ සිකුරාදා. ඒ වෙලාවේම තීරණය ක්‍රියාත්මක කරමින් රාජ්වත් දැනුවත් කරලා ප්‍රදියවත් සෙට් කරගත්ත. ප්‍රදියයි මායි 11 ට විතර මාකොළින් පිටත් උනා 154 වන්දනාව පැයකින් ඉවර වෙයි කියලා හිතලා. කිරිබත්ගොඩ ඉදන් දෙහිවලට යන්න පැයක් හොඳටම ඇති උනත් මේ යකා කොට කොට ගියා පැය එකාහාමාරක් විතර. බොරැල්ල දැන් ෆට්ට ටැෆික් වෙලා. කරුමෙට නයිට් රේස් වලට පාරවල් වහලා හින්දා ඔක්කොම වාහන හරවලා එන්නේ බොරැල්ලෙන්. ඒ මදිවට හවුස් ඔෆ් ෆැෂන් එකත් වාහන සේල් එකක් දාලා. 

කොහොමින් කොහොමින් හරි 12.30 පහු වෙලා තුන්දෙනා එක්ක, පැදුර තිබ්බ පාර පැත්තක තියලා ටුක් ටුක් එකේ බීච් සයිඩ් අතුරු පාරවල් දෙකකම ‍ගියේ නොදන්න කමට නෙමෙයි. ත්‍රීවිල් බුවත් පාරවල් දන්නේ නැති ගානට අපෙන් ගානක් කඩා ගත්තා. (කවදාවත් මාරු නොවන 500 යේ කොලයක් තිබ්බ හින්දා රාජ් කාරයාගේ කීයකටද මන්දා කෙල උනා). උදේ පාන්දරම බ්ලොග් කාරයෝ දෙන්නෙක් හම්බුන හින්දා යන්තම් අපිත් දන්න කියන උන් ඉන්න එක ගැන සතුටක් ඇති උනා. 350 ක් ගෙවලා එදින දොරටුවෙන් ලියාපදිංචි වෙලා පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා. ඊට පස්සේ ඉතින් පැදුර පැත්තක තියලා හෙව්වේ කන්න බොන්න මොනවද තියෙන්නේ කියලා. අපරා‍දේ කියන්න බැහැ පොල්කට්ටට කැඳ කෝප්ප දෙකක්ම බිව්වා හකුරු කෑලි දෙකක් එක්කම(320). ඊට පස්සේ ඔලුව කරකව කරකව ඉන්න කොට ඔක්කොමට ඇවිත් පැදුරේ ඉදගන්න කිව්වා. ඉල්ලීම අහක දාන්නත් බැහැ. බිම වඩි වෙලා විනාඩි දහයක් ඉන්නත් බැහැ.  කොහොමින් කොහොමින් හරි ඇඹැරැල්ලා අච්චාරුව තියන තැන පැදුරේ වාඩියක් දැම්මා(300) .  ටිකක් වෙලා යන කොට ඉන්නම බැහැ පැදුරේ, නැගිටලා ගිහින් පුටුවක වාඩිය දාගත්තා. ඔය අතර තුර කස්ටිය අඳුනගන්න වැඩේ නැගලාම ගියා. මුල්ම කිහිප දෙනා සුහද සාකච්චාවකිනුත්, පහු පහු වෙනකොට අතඉස්සිම පමණක් විම හිතට සතුටක් ගෙන දෙන කාරනයක් උනා. 

කන වෙලාව ආපු හැටියේ, මාලු කෑම එකක් අරන් (150) එලිමහනේ මේසයක් උඩට ගියා. කෑම එක නම් එලටම තිබ්බා. නෙලුම් කොලයක කෑව හින්දා තවත් පට්ට. අයීස් ක්‍රීම් එකකටත්( 125) වග කියන ගමන් ඇතුලට ඇවිත් කෙලිනම් ගියේ කුස්සිය පැත්තට. පැදුරේ සංවිදායකයෝ බරටම වැඩ. එයාලට වද නොකර අපි කුස්සියෙනුත් එලියට ගියේ කන්කුන් කඩන තැනට. ඒ හරියේ වෙනම බෝතල් සද්ද ඇහෙනවා. බයිට් වලටයි සැන්ඩි වලටයි වගකිව්වේ කස්ටිය තරහා උනොත් එහෙම හරි නැති හන්දා :D. ඊට පස්සේ අයිත් ගිහින් ඇබරැල්ලා අච්චාරු ටිකක් කලා පුටුවකින් වාඩි උනා ‍විතරයි මෙන්න එනවා. තව කෑම වගයක් (කොකිස්/කැවම්/හකුරු/කෙසෙල්/හැලප)  එපා කියන්යෑ කෑවා ඒකත් (25). අහා කියන්න අමතක උනා ඔය අතරේ පැදුර පටන් අරන් කට්ටිය සින්දු කියනවා හරි. ඈතින් එනවා මල්ලක්. මොනවද දන්නේ නැහැ , ඔලුව දාලා බැලින්නම් ටොෆි, පුරුද්දක් විදිහට ටොෆි කන්නේ නැතත් ඒකත් කලා දැම්මා (24). ඊට පස්සේ ඔහොම කැරකි කැරකි ඉන්න කොට හවස් වෙලා. දැන් ඇති වෙලාව 4.30ට විතර, මෙන්න එනවා කට්ලට් සහ පාන්( -30) පාන් පෙති නම් පහකට වඩා කන්න ඇති. ඊට පස්සේ බෙලි මල් එකකුයි හකුරු කැල්ලකුයි අරන් කෙලින්ම ගියේ එලියට (-50). ඊට පස්සේ ඉතින් දිගටම එලියේ. ලාවට වගේ වැස්සක් ආපුහින්දයි, පැදුරත් ඉවර උන හින්දයි, ශාලව ඇතුලේ මේසයක්ම දාලා තිබ්බා. (-200). ඒක දිගටම නැගලා ගියත් රාත්‍රී හතට අපි ගෙවල් බලා පිටත් ‍උනා....

සංවිධායක මණ්ඩලයටයි.... ආපු එවුන්ටයි ... ස්තුතිය යන අතරේ කන්ඩ දීපු එවුන්ට විසේස ස්තුතියක් මෙන්න !

කතාව ඉවරයි ..රූප රාමු නැත


තව පොඩ්ඩෙන් අමතක වෙනවා 21 බිච්පාටිය හරි. මෙන්න මෙතන වැඩිදුර http://cyberfestival.blogspot.com/2013/12/18.html

වැප්

Sunday, July 21, 2013

මළ ගෙවල් දෙකක්

මහ සද්දයක්, පාවෙලා යනවා දැනුනා, ඈතට ඈතට ගියා ..................................

ළමයාගේ සපත්තු දෙක දාන්නේ අම්මා, කලිසම අන්දවන්නෙත්, බැග් එක උස්සන් යන්නෙත් ඇයමයි. නමින් මල්ලිකා. කවුරුත් කියන්නේ මල්ලිකා අක්කා කියලා. පවුලෙ එකම ලමයාට කවුරුත් කතා කලේ ලොකු ලමයා කියලා. ලොකු ලමයා ඉපදිලා ටික කාලෙකින්, ලමයින්ගේ තාත්තා වහ බිලා මැරුනා. මහ ලොකු දේපලක් නැතත් ජිවිතය ගෙවා ගන්න පූරුවේ වාසනාවකට ඇයටත් දරුවටත් පුලුවන් උනා. ලමයි ඉස්කෝලේ යනවා කාටවත් අරුමයක් නෙමෙයි. අසනීපයක් නොවුනත් පාන්දරයි හවසයි මල්ලිකා අක්කාගේ ඇහෙන් කඳුලු වැටෙනවා. ලඟ තියන ඉස්කෝලේ පහු කරන් දුර තියන ඉස්කෝලයකට පුතාව ඒක්ක යන එක ඇයට වදයක් නෙමෙයි. එත් ලෝකේ අනික් හැමෝටම ඒක අනුකම්පාවක්. ඇහේ කඳුල නවත්වගන්නේ ඒ ඉස්කෝලෙ අනික් ලමයි දැක්කාම.

බස් එකේදි බනිස් ගෙඩි දෙකක් කලා. ලේන්සුව අරන් පිරිසිඳු කරලා, පිළිවෙලට  යන අතරේ මොකක් හරි ඇහැව්වාම මල්ලිකා අක්කා හිනා වෙලා නිකා ඉන්නවා. දෙමව්පියන්ට ගහන්න එපා කියලා ඒ ඉස්කෝලේ උගන්නන්නේ නැද්ද කියලා ඇයට හිතුන වාර අනන්තයි. මොන දේ කලත් සිනහවකින් ඉන්න ඇය එදත් සුපුරුදු විදිහට ඔහුත් එක්ක ඉස්කෝලෙට යනවා. ටිපර් එකක් ඇවිත් දෙන්නම යට කරන් ගියා.

පුතේ උබ උපදින උපදින ආත්මෙකත් මගේම පුතෙක් වෙලා ඉපදියන් කියලා මල්ලිකා අක්කා මිමිනුවා. ගමේ තැන් දෙකක මළ ගෙවල්.

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....