Monday, October 3, 2011

කූරගල සියැසින් දැක ගතිමි ‍| Truth behind the Kuragala

කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු  දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.



කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් මාර්ගය සටහන් වී තිබුණි. පැය හතරක් පමණ කොළඔ සිට බලංගොඩට යන අතර තුර සනිඳු හා දිනුක විසින් රසවත් ඓතිහාසික කරුණු මෙන්ම, ජනකතා ජනප්‍රවාද එක් කරමින් ගමනේ අපහසුව නොදැනෙන අපූරු ගමනකට මග පැදූ බව කිව යුතුමය. බලංගොඩින් කල්තොටට යන බසයේ පැයක පමණ ගමනකින් පසු කල්තොටට කලින් හමුවන ගම්මානයක් වන තැන්නට ලඟා වන විට දහවල් දොළහා වී තිබුණි. ඒ අසල ඇති කඩයකින් සුපුරුදු ආහාරයක් වූ පරාටද, එලවලු රොටි මෙන්ම ලැවරියා කිහිපයක් අහරට ගනිමින්, හකුරු සමඟ බෙලිමල් කෝප්පයක රස බැලුවේ එකකට රුපියල් 15 ක් ගෙවමිනි.



තොරතුරු සොයා යන ගමනේ කඩේ සිටි අය සමග කතා බහ කිරිමට අපි අමතක නොකලේ ලසිත විසින් ගමන පටන් ගනිද්දිම යෝජනා කල උපක්‍රමයකට අනුවය. ඒ අනුව කඩේ සිටි මෙවර සමාන්‍ය පෙළ කරන මල්ලි කෙනකු හා ඔහුගේ අක්කා සමග කන ගමන් කතා කරන්නට පටන් ගත්තෙමු.

 මේ ඔවුන්ගේ අදහස් ........

//කූරගල අපේ තැනක්, නමුත් දැන් කරන්න දෙයක් නැහැ ඔවුන් ඒක අල්ලගෙන. ඒ දවස් වල නම් ලොකු විරෝධයක් තිබුණා. දැන් එහෙමත් නැහැ. පෙබරවාරි මාර්තු වෙන කොට මෙහේ උත්සවය, සෙනඟ එනවා ගොඩක්\\ -

ඔය අතර මම පර්චස් එකක මිල ඇසුවෙමි. නමුත් ඔවුන් එක එල්ලේ එයට පිළිතුරක් නොදුන්නේ ඉඩම් විකුනා තව තවත් හිමි තැන අහිම කර ගැනිමට ඇති අකමැත්තද? එම ඉඩම් වල මිල ගණන් ඉතා පහත් වීමදැයි නොදනී. කෑමෙන් බිමෙන් පසුව කූරගල බලා  පිටත් වීමට කිමි 2 ක් පමණ යායුතුව ඇත. එම පාරට හැරෙන තැනම බුදු පිළිමයක් ඇති අතර අලුතින් සවි කල පහත පුවරුවද දැක ගත හැකි විය. දහවල් කාලය නිසා අපි තුන් රියකින් ගමන පටන් ගත්තෙමු. ඒ යන අතරතුර ඔහුගෙන්ද තොරතුරු ගැනිමට අමතක නොකලෙමු.





කූරගලට යන විට ත්‍රී වීල් රියැදුරුගේ අදහස් .....
//තැන්න පටන් ගන්න හරිය සිංහල, කූරගලට යද්දි මුස්ලිම්, ගෙනත් ගෙනත් පදිංචි කලා. ඉස්සර මේක පුද්ගලික ඉඩමක්, අයිතිය තිබුනේ රත්වත්තේ වලව්වට. පස්සේ කාලක සිරිමාවෝ මැතිණිය මේක ලියලා දිලා තියනවා අබුසාලිට\\

කූරගල ගොස් පැණීමේදි මෙම දුර පයින් ඒමට තීරණය කර තිබුණත්. අතරමගදි අපට නැවතත් ඒ ත්‍රීවීල් කරුම හමුවිය. ලිපියේ මෙතනම ඔහු එනකොට පැවසූ අපූරු අදහස සටහන් කරන්නෙමි.

කූරගලින් එන විට ත්‍රී වීල් එම රියැදුරුගේ අදහස් .....
//මම නම් ඔය කියන තැනට පොඩි කාලෙවත් ගිහින් නැහැ......\\

රුපියල් 150 ක් ගෙවා කූරගල ගල්තලාව පටන් ගන්නා තැනට පිවිසියෙමු. ඉන්පසු ගමන ඇරඹුවේ පහත පින්තූරයේ පෙනෙන ගල් පඩි දිගේය. හිතන්න මේ ගල් පඩි ඔබ දැක තිබෙන්නේ කොහෙද?. ගමනේ ඇරඹුමම අපේ සිත් තුල ගොඩ නැගෙන්නේ කුමන හැඟුමක්ද? පිළිවෙලට ගලින් නිමවු ගල් පඩි මතින් ඉදිරියට ඇවිද ගියෙමු. හතර වට හොඳින් පෙනේ, විශාල වපසරියක් දර්ශණට හසුවෙයි. මෙවන් එලිමහන් තැනක්, එකල රජ කල රජ කෙනකුට මග හැරෑ යා හැකද? උස් කඳු මුදුනක් හමූ වූ විට එය මූලික කරගනිමින් විහාර ආරම කල රජදරුවන්ට කූරගල අමතක කලාද? මේ පැණයන්ට පිළිතුර සොයා අපි තව තවත් ඉහළට ගල් පඩි මතින් ඇවිද ගියෙමු.





කූරගල යනු සිංහලයන්,බෞද්ධයන් වැඩිපුර එන තැනක් බව අපට සාක්ෂි සහිතව ඔප්පු කරිමට හැකියාවක් ඇත්නම් එයට සාක්ෂිය වූයේ, කර ඇති විනශය හෙවත් තින්තෙන් හා වෙන වෙන ආකර වලින් නම් ලියා ඇති බව දුටු නිසාය. නමුත් ලං වි බැලු කල ඒවා නව්ෂාඩ් මොහොමඩ් රහිම් අදි කොට ඇති බැවින් ජාතිය මොකක් උනත් මුන් ඔක්කොම ශ්‍රී ලාංකීක නොවේදැයි සිතුණී.




විදුලි බලය කූරගල කන්ද මුදුනට ඇති බව දැන ගත්තේ කොල පැහැති වයර් වලින් අමුණා ඇති විදුලි බුබුළු දැකිමෙනි. ඈතට මකර තොරණක් දිස් විය. සිතූ පරිද සිංහල රජදරුවන් කූරගල අමතක කර නැත. විහාරයක පිවිසුම වූ මකර තොරණින්ම ඉදිකිරිම පටන් ගෙන ඇත. පිවිසුම් තොරණ වෙත ලං ලං වන විට එය කොළ පැහැ බව දක්නට ලැබුණි. එතනට ලඟා විටම ඇති පඩි පෙලේ ඉන්ග්‍රීස් අක්ෂර වලින් නම් කොටා ඇත.  සිතා ගත නොහැක. කොටා ඇති නම්, තොරණේ ස්භාවය කිසිම බෞද්ධ සලකුණකට අදාල නැත. වෙනසක් දැනුනි. අපට වැරදීමක් සිදුව ඇත්ද? කූරගල මෙතන නොවන්නේද?  යන ප්‍රශ්න හටගත් සැනින් නැති වි ගියේ කලින් දැනගත් පරිදිම අප මේ පිවිසෙන්නේ, පෞරාණික බෞද්ධ උරුමයක් වර්තමානයේ මුස්ලිම් දේවස්ථනායක් බවට බලයෙන් හැරවූ බව දන්නා බැවිනි. අතර මග පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව විසින් සවි කල හඳුනා ගැනිමේ කණුද දක්නට ලැබුණු.


හොඳින්බලන්න ඉංග්‍රීසියෙන් කොට ඇති දේ




තවතවත් පඩි නගිමින් ඉදිරියට ගිය තැන. පහළට බැසිමට තවත් පඩි පෙළක් හමු විය. ගල් තලාවෙන් වටවූ මෙම වපසරිය තුල පහත දර්ශණ දැක ගත හැක. පුරාවිද්‍ය දේපර්මේන්තුව සවි කල පුවරු දෙකක් ඒ තුල දක්නට ඇත. වම් පසට ඇත්තේ මුස්ලිම් පල්ලියයි, දකූණු පසට ඇත්තේ තවත් කන්දකි. මුලින්ම වම් පසට යෑමට තීරණය කලෙමු. ඒ අනුව ගල් ලෙන් සම්බන්ද කරගනිමන් ඉදි කර ඇති පල්ලිය අපිට දක්නට ලැබුණි. ඔය අතර සනිඳු හා දිනුක විසින් කටාරම් වලට යටින් ඇති සෙල් ලිපිද සටහන් කර ගන්නා ලදී. එහි පරිවර්තනයද පහතින් දක්වා ඇත.  ඊට මදක් ඔබ්බෙන් තවත් ගල් ගුහාවකි එහිද කටාරමක් මෙන්ම සෙල් ලිපියක් පවතියි. නමුත් හාත් පස කොළ පැහැයෙන් වර්ණවත් වී ඇත. සුන්දර දසුන් මවන, රජ දවස ආරක්ෂවා හා සංවේදි ස්ථානයක විහාර ආරමයක් කිරිමට රජ දරුවන්ට නොහැකි විනිද යන්න යලි යලිත් ඉස්මතු වෙන්නේ, කටාරම් සෙල්ලිපි වලට අමතරව බෞද්ධ නටබුන් වල සංකේතයක් තවමත් හමු නොවූ බැවිනි.






සෙල් ලිපිය එක - වැඩිදුර



ලිපිය - (ද)තහ ශමුදහ ලෙණෙ
"හ" - ගේ යන අර්ථය දේ
දතහ - දත(දත්ත) ගේ
ශමුදහ - සමුද(සමුද්‍ර) ගේ

තේරුම
දත්තගේ සහ සමුද්‍රගේ ලෙණ


සෙල් ලිපිය දෙක - වැඩිදුර




දෙවන සෙල් ලිපිය ඉහත වෙබ් අඩවියේ වැරදියට කියවා ඇත. එය පහත පරිදි දැක්විය හැක
"පරුමක ශුමනහ _ _ _  පරුමකලු ශුමන _ _"

එනම්,

පරුමක - ප්‍රමුඛ , ප්‍රාදේශීය රජ
පරුමකලු  - පරුමක වරිය , ප්‍රාදේශීය රැජින වගේ අර්ථයක්

තව දුරටත් තේරුම

ප්‍රමුඛ ශුමන/සුමන ගේ _ _ _ ( බිරිද හෝ දියණිය විය යුතුයි ) වන ප්‍රමුඛ ශුමනා/සුමනා ..

ඕකෙන් තේරෙන්නෙ , කූරගල පැත්ත පාලනය කරලා තියෙන්නෙ සුමනා , කාන්තා ආධිපත්‍යයක් , එයාගෙ අප්පොච්චි/සැමියා ගෙ නම සුමන.

ඉහත පරිවර්තනයන් සහ ඒවායේ වැඩිදුර තොරතුරු දැන්වූ සනිඳු  හා දිනුකට ස්තුතිය



ඔය අතර කතාවට පුද්ගලයෙකු හමු විය ...
//සෙනඟ වැඩිපුර එන්නේ කොඩි ගහ උස්සන කාලෙට.... දෙවනි මාසේ හා තුන් වෙනි මාසය තමයි සිසන්... මේකේ විස්තර වෙබ් සයිට් එකේ තියනවා .... බෞද්ධ මුස්ලිම් යන දෙගොල්ලොම එනවා ..... වෙසක් පොසොන්  පෝය දවස් වලටත් කට්ටිය ගොඩක් එනවා .... පාලක මණ්ඩලයෙන් තමයි විස්තර අහන්න ඕනේ .... උඩ ච්‍යෛත්‍යක් තියනවා ... ඒ ගැන තොරතුරු දන්නේ නැහැ ... නැහැ අපි දන්නේ නැහැ ඒවා ගැන ...\\



සමන්‍ය කතා බහ අතර තුර, කෙලින්ම මූලික ප්‍රශ්නය වූ මෙය පැරණි බෞද්ධ සිද්දස්ථනයක් දැයි ප්‍රශ්න කලෙමි. චෛත්‍ය ගැනත් ඇසුවෙමි. පිළිතුර වූයේ එවා ගැන නොදන්නා බවයි. ඔවුන් හැම විටම ඒ අතීතයට යෑමට අකමැති වූහ.... නොදන්නා බව පැවසූහ .... පුදුමය නම් කොඩි ගහ උස්සන කාලෙට එන සෙනඟ ප්‍රමාණය 35000 ක් පමණ වන බව දනි. පුරාවිද්‍ය  දේපර්මෙන්තුවෙන් සිංහලෙන් දෙමළෙන් හා ඉන්ග්‍රීසි යන තුන් භාෂවෙන් ගසා ඇති පුවරු ගැන නොදැන සිටිමයි.

එන අතරතුර වෙලඳාම් කරමින් සිටි වෙලෙන්දියකගෙන් පේර ගෙඩියක් රුපියල් 10 බැගින් දී ගත්තෙමු. ගෙඩි හතරට රුපියල් පනහක් දි පිට වුයෙමු.

නැවත අපි දකුනු පසින් වූ කන්ද නැගිමට ගල් පඩිමතින් ඉදිරියට ගියෙමු. ගල් තලාව ගල් පඩි පසු කරමින් ඉහලට නැගුනෙමු. කොළ පැහැ කොඩි කනුවක් අතරින් ගඩොල් වලින් සෑදූ යමක් දකින්ට ලැබුණත්, ඊට මදක් මෙහායින් ආරුක්කුවක් වැනි යමක් දක්නට ලබුනි. පැහැදිලිය මෙතන රජ දරුවෝ අමතක කර නැත. චෛත්‍යක නටබුන් සංරක්ෂනය කර ඇත. මදක් ඔබ්බෙන් මුස්ලිම් ඌරුවට ගිය  නව ඉදිකිරිමක් පඩි පෙලක් සමග ගුහාවකට මාවත පෙන්වයි. මුලින්ම චෛත්‍ය වෙතට ගිය අප ඒහි සිට අවට බැලුවෙමු. ඊලඟට ගුහාව තුලට යාම පටන් ගත්තෙමු. පහත පිනතූර පෙළ ගුහව මොනවට පිළිබිඹු කරයි. අප සමඟ තවත් මුස්ලිම් වන්දනා කරුවන් පිරිසක්ද ගමන් කළහ. දැඩි හිරු රශ්මියත්, ගමන් විඩාවත් නිසා ඇති වූ, පිපාසය සංසඳුවා ගැනිමට අප රැගෙන ගිය ජලය ඔවුන් ඉල්ලූ නිසා ඉතාම සතුටින් එයද ඉෂ්ට කර දුන්නෙමු.










//එක් පසෙක චෛත්‍ය අනික් පස මුස්ලිම් ඌරුවට ගිය ඉදිකිරිම්. කොඩි වැල. කොඩි කනු අතර ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය කවදා දක්නට ලැබෙයිද? \\











සිතෙහි එවන් අදහසක් පැමණියත්, අපි කවුරුත් බලෙන් ඔබාගෙන ඇති, බහු ජාතික, බහු ආගමික අන්තවදී නැති සිතුවිලි හරබය සමඟ ඒ අදහස ලත් තැන ලොප් වී ගියේය. මගේ ජාතිය මගේ ආගම  හැඟිම් පොදිය සමඟ කූරගල එම ගල් ගුහව ලඟ කොඩි කනුව යට සිටම පාන් සමඟ ජෑම් කෙසෙල් තල මෙන්ම මුරක්කුද ආහාරයට ගත්තෙමු. නමුත් බීමට වතුර නැත. බුදුරාජාණන් වහන්සේ දේශානා කල දානය නොහොත් දිමෙන් ලද පින හෙවත් පුණ්‍ය කර්මය ගැන සිතමින් හා ඒ ගැන චිත්ත ප්‍රමෝදයෙන් වතුර නොමැතිව පල්ලම් බැසීමට පටන් ගත්තේ කෙහෙල් ලෙලි ටික ඈත අහසේ පා කර යවමිනි. නැවත වරක් චෛත්‍ය දෙසට හැරි පින්තූරයක් ගැනිමට අමතක කලේ නැත.



















එන අතරමඟ කඩේකට ගොඩ වුයේ වතුර බෝතලයක් මිල දී ගැනිමටය, රුපියල් 75 ක් දි ශීත කලවතුර බෝතලයක් ගන්න ගමන් සුපුරුදු ප්‍රශ්නවලිය ඇයටත් යොමු කලෙමි.

සෙනග එන්නේ පෙබරවාරි මාර්තු වල නේද? ගොඩක් සෙනග එනවලු නේද? යන ප්‍රශ්න වලට සමන්‍ය පිළිතුරු දෙන අතර තුර, // පුරාවිද්‍ය දෙපර්මෙන්තුවෙන් අලුතෙන් කඩ හදන්න දෙන්නේ නැහැ\\ යයි ඇය පැවසුවාය. අපගේ මූලික ප්‍රශ්නය ඇසීමට පොටක් පෑදෙන තුරු බලා සිටි අපට ඇය විසින්ම පොටක් පාදා දුනි. වෙලාව එනතුරු බලා සිට ක්ෂනිකයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කලෙමු

උඩ චෛත්‍යක් තියනවා නේද? මේක ඉස්සර පන්සලක්ද? - සුපුරුදු ප්‍රශ්නය වෙනස් ආකාරයකට ඉදිරිපත් කලෙමු.

//ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\

ඔවුන්ව මේ පිළිතුරට පුරුදු කලාද? ඔවුන්ම එය ඇත්තටම පවසවාව දැයි යන දෙගිඩියාවෙන්.... ශිත කල වතුර බොමින් ආපසු ඒමට පිටත් වුනි. කූරගල ගමන අවසන් කරමින් පඩි පෙළවල් අවසන් කරමින්, පාරට පිවිසියෙමු. ගමේ කෙනෙකු සම්බන්ද කරගනිමින් තොරතුරු ටිකක් සොයාගත යුතු යැයි සිතමින් එන අතර තුර, කූරගලත් තැන්නත් වෙන් කරන මායිමේ තවත් මුස්ලිම් පල්ලියක් අසල ගෙයක් සාදිමන් සිටි මැදි වියේ පුද්ගලයෙකු හා කතා බහට වැටුණි.



//ඔතනින් එහා පැත්තේ පන්සලක් කියනවා\\
//ගමේ සිංහල පවුල් 300 ක් විතර, මුස්ලිම් පවුල් 150 ක් විතර ඉන්නවා\\
// මේක තමයි ගමේ පල්ලිය ..කූරගල කන්දේ තියෙන්නේ පුද්ගලික එකක් .. ගමේ අය එන්නේ මෙතනට ....\\
// සිසන් එක කොඩි ගහ උස්සන කාලේට ..ඒදවස් වලට එන හැමෝටම කන්න දෙනවා\\
// සල්ලි කාරයෝ තමයි වියදම් කරන්නේ ..සැහෙන්න ආධාරත් හම්බුවෙනවා ....\\
 යනාදී සමන්‍ය කතා බහෙන් අතර තුර නැවතත් කඩඉම් ප්‍රශ්ණය යොමු කරන ලදී

ඒක උඩ චෛත්‍යක් තියනවා නෙද්? නටබුන් එහෙමත් තියනවා? ඉස්සර එතන පන්සලක්ද?

පිළීතුර එකම විය // ඒ ගැ නම් දන්නේ නැහැ\\

සුහද ශිලිව කතාව අවසන් කර අපි ගිහින් එන්නම් යැයි කියා එන්නට පටන් ගත්තෙමු. ඔය එන අතර තුරේදි මුලින් සටහන් කල පරිදි මුල් ත්‍රීවිල් රියැදුරුම හමු විය. ඔහු නොමිලේම අපව ප්‍රධාන බස් පාරට ගෙනත් ඇරලවූ අතර ...ඒ වේලාවේදිම එතනින් ගිය බලංගොඩ බස් එකද නතර කර දුනි.. බසටය ගොඩ වීමට හදිස්සිය නිසා ... අප මුලින්ම ආහාර ගත් කඩයේ නංගිලාට අතවනමින් දුවගෙන ගොස් බසයට ගොඩි වි..අපි පැමණි කාර්යය සර්ථකව අවසන් කලෙමු. නැවත කොළඔට ලඟා වන විට රාත්‍රී දහයද පසු වි තිබුණි

කූරගල පිළිබඳ නීතිමය තත්වය

  1. 1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.
  2. 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින්  පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය
ඉහත කරුණු දෙක උපුටා ගැනිම - http://sinhale.wordpress.com

කූරගල ඉතිහාසය
ඈත අතීතය

  1. මෙහි ඉතිහාසය රාවණ රජ සමයට යන බව පිළිගැනිමයි. රාවණ රජු පාලන කල රාජ්‍යන් අතරෙන් ඉන්ද්‍රගිරි රාජ්‍ය ලෙස මෙය සලකනු ලබයි.
  2. තවත් කතාවකට අනුව මෙම ස්ථානය වලගම්භා රජු යුද්ධ වලදි සැඟවී සිටිමට හා යුද සැලසුම් හා සේනා සංවිදාන කරාණා සම්බන්දයෙන් යොදගෙන ඇත. මේ අවට පරිසරය පිහිටිම බැලූ කල එය සත්‍යක් බව ඔබටත් වැටහේවි
  3. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්‍රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත.
  4. එකල රහතන් වහන්සේලා වැඩ විසූ තැනක් බවත් පැවසේයි
  5. දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්‌තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
මෑත අතීතය
  1. මරික්‌කාර් නම් මුස්‌ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක්‌ රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්‍රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්‌ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය.
  2.  1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.
වැඩි දුර තොරතුරු සඳහා පහත ලිපි දෙක කියවන්න 
  http://www.divaina.com/2011/03/30/badada02.html

කූරගල සංචාරයට උපදෙස්

  1. ඔබට හැකි පරිදි ඔබේම වාහනය හෝ පොදු ප්‍රවහාන සේවා  බස් වල යා හැක.
  2. මාර්තු අප්‍රේල් කාලය මග හැර යෑමට උත්සාහ කරන්න 
  3. හැකි තරම් උදෙන් කොළඹින් පිටත් වෙන්න
  4. වතුර රැගෙන යන්න
  5. තැන්න හංදියේද කඩවල් ඇත
  6. අනවශ්‍ය බර උස්සන් නොයන්න
  7. රැගෙන යන සියල්ල නැවත අරගෙන එන්න
  8. පිට ගමකට යන බැවින් ඔබ ඒ ගමේ විදිහට හැසිරේන්න
  9. එතැන ගැන කැක්කුමක් ඇත්තනම් හා ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධයෙක් විදිහට හැසිරෙන්න



පසු සටහන
ඔබට කූරගල පිළිබඳ අවංක කැක්කුමක් තිබේ නම් ඔබම ගොස් බලන්න. ඒ අත්දෑකීම ලබාගන්න. කන්ද මුදුනේ ඇති ගුහාව තුලට යන්න. ඒ තුල එක් ස්ථානයකට හොඳින් හිරු එළිය වැටේ. එය දේවතා එලියක් හාස්කමක් නොව. හිරු එළීය ඇති විට හිරු එලිය ගුහාව තුලට පතිත වීමකි. කන්ද මුදුනේ සිට අවට බලන්න. කන්ද මුදුනේ සිට වෙල්යාවවල් පෙනෙන අයුරු බලන්න. චෛත්‍ය දැක බලාගන්න. කොළ කෙඩි අතරින් කටාරම් සෙල් ලිපි බලන්න. ඒ මිනිසුන් සමඟ කතා කරන්න. සියැසින් දැකබලා ඔබම තීරණය කරන්න කූරගල තත්වය. තවමත් බෞද්ධයන්ට ඒ ස්ථානයට යා හැකි නිසා දැන් තියා ගොස් බලන්න. කල් දමන්න එපා.

නිධාන කතාව
නදී විසින් රිශෙයා කරන ලද යෝහාන් කණිෂ්කගේ බස් එකක දුර දිග යෑමක් මේ ගමන ක්ෂනිකව සංවිධනාය වීමට හේතූ බූත විය.එම බසයට මෙතනින් යන්න. අපිම දැක බලාගෙන තීරණයක් ගන්න කල් මේ ගැන අදහස් පැවසිය නොහැකි නිසා මේ ගමන අපිම ගියෙමු. එහිදි අත්දුටු දැක බලාගත් දේ සියල්ල මේ ලිපිය සමඟ මෙසේ බෙදා හදා ගත්තෙමු. කවදා හරි දවසක මේ ලිපිය කූරගල ඉතිහාසය සොයා පැමිණෙන සුදු ජාතිකයෙකුට වැදගත් වනු ඇතැයි සිතමි.

ස්තූතිය

  1. බස් එක දැමූ යෝහන් කණිෂ්ක
  2. රිශෙයා කලා නදී
  3. එම බසයේ අදහස් දැක්වූ සියල්ලන්ටම
  4. ගමන සංවිධානය කල ලසිත
  5. ගමනට එක්වූ සනිඳු  දිනුක
  6. ගමන අතර තුර ඉතිහාස/ ජනප්‍රවාද / අදී බොහෝ කරුණු ගෙන හැර දැක්වු මෙන්ම සෙල් ලිපිය පරිවර්තනය කල සනිඳු  දිනුකට අනේක වාරයක් ස්තුතියි.
  7. අවසන් වශයෙන් මේ දිගු ලිපිය බැලූ ඔබටත් ස්තුතියි.
අපේ ඉතිහාසය වෙනුවෙන් පොඩි සත්කාරයකට එකතුවීම ගැන මා හට ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකි




මෙන්න තව පින්තූර කිහිපයක්



















විවේචන අඩවියේ සටහනක් - http://wiwechana.blogspot.com/2011/10/blog-post.html


තවත් බ්ලොග් සටහනක් - http://www.kedapatha.info/2011/09/2011_24.html
වර්තමාන සකච්ඡාවක් - http://www.bauddhaya.com/index.php/component/content/article/2-home/5-2011-07-19-18-51-12

දෙවන ගල / මුහුදු මාහා විහාරය .............?????????????????

වැප්



80 comments:

  1. නියමෙට ලියලා තියෙනවා, වැප්ස් සහෝ

    ප-ලි - මේකත් 'නදී' සොයුරියට ඊශෙයා කරන්න කියමු :P :P

    ReplyDelete
  2. නියම ලිපියක් මචං....
    මේ ගැන ගමන ගිය අනිත් අයගෙනුත් යමක් ලියවෙනවනම් තවත් හොඳයි කියලා හිතෙනවා....

    ReplyDelete
  3. නියමයි... අපිත් ඔය බස් එක දිහා බලාගෙන උන්නේ.විසිල් විතරක් නෙමේ බල්ටිත් ඔයාලට පුළුවන් කියල ඔප්පු කරලා පෙන්නුවා.අන්න එහෙමයි නියම වැඩකාරයෝ.ජය වේවා වැප් අයියේ.ලොකු අවබෝධයක් ගත්ත මේ ලිපිය කියවල.ස්තූතියි !

    ReplyDelete
  4. යන්න ආස හිතෙනවා.. දිග ලිපියක් :D

    ReplyDelete
  5. මරු! ලියලා තියෙන දේ වගේම, ලියලා තියෙන විදිය මරු! නියමම සමබරයි.
    මේක කියවලා දැනගත්තු දේවල් සම්බන්ධයෙන් ස්තූතිය ලිපියේ පහලින් උඹ අංක දාලා නම් කරපු උන්ට වගේම උඹටත් අයිතියි. ජය!

    ReplyDelete
  6. මම රටේ ජනාධිපති නම් ඔය මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ පැය විසි හතරෙන් , මහ ලොකු රෝහන ජනරංජන ලට එච්චර කොන්දක් නැ , බහු ආගමික් සමාජයක්ය කියන්නේ තමන්ගෙ ආගම නිදහසේ ඇදහීමේ අයිතිය මිසක් අනුන්ගේ සිද්ධස්ථාන ආක්‍රමණය කිරීම නෙවෙයි නේ

    ReplyDelete
  7. "කවදා හරි දවසක මේ ලිපිය කූරගල ඉතිහාසය සොයා පැමිණෙන සුදු ජාතිකයෙකුට වැදගත් වනු ඇතැයි සිතමි..." ;-)

    ReplyDelete
  8. මේවට කෑ ගහන්න පුරා විද්යා චක්‍රවර්තිලා නෑද?

    වැපා මරු ගමන ලස්සනටම විස්තර කරලා තියනවා

    ReplyDelete
  9. කොන්දක් නැති පාලකයො “තූක් විතරක් ....
    මේ ලිපිය ගොඩාක් වටිනවා... ස්තූතියි..!!!

    ReplyDelete
  10. මේ ලිපියේ වටිනාම වාක්‍යයය..

    "තවමත් බෞද්ධයන්ට ඒ ස්ථානයට යා හැකි නිසා දැන් තියා ගොස් බලන්න"

    ReplyDelete
  11. "කවදා හරි දවසක මේ ලිපිය කූරගල ඉතිහාසය සොයා පැමිණෙන සුදු ජාතිකයෙකුට වැදගත් වනු ඇතැයි සිතමි."

    අඬන්නද..? නැත්තං හිනා වෙන්නද..?

    ආ අනිත් කාරණාව කෝ ගෙනිච්ච කුකුළා..?

    ReplyDelete
  12. @BUWA- ඇයි සත්තලං සුට්ටක් කියන්නකෝ සනිල් මහත්තියට හලි සජිත් මාතියට හලි පොඩි උද්ගෝසන පාරක් දාන්න කියලා.මොන තරං දේවල් තියෙද්දිද මේ සූටි පැටවු දෙන්නා කොටි හපුයියෝ දෙන්නා වගේ පුටුවකට පොර කකා කාලේ නාස්ති කරන්නේ.එහෙම දේකටවත් පෙනී ඉන්න තරං කොන්දක් නැද්ද මෙයා ඒ දෙන්නටත්. අනේ ඉතිං අන්තිමට මේකටත් අර සතන ගොයියාටම තමා ඉදිරිපත් වෙන්න වෙන්නේ. මාවිල්ආරුව අවුස්සලා ගත්තා වගේ වෙන කවුද ඒව කරන්න ඉන්නේ? නේද මෙයා?

    ReplyDelete
  13. මේවා ගැන කටයුතු කරන්න තියන පුරාවිද්‍යාව... වගේම පරිසර අධිකාරිය වගේ අයතන තියනවා... ඒ මිනිස්සුන්ට මහජනතාවගේ මුදලින් පඩි ගෙවනවා...ඒ වගේම අමාත්‍යශත් තියනවා ඇමතිවරැ ඉන්නවා... ‍මේ සම්බන්ධයෙන් මාධ්‍යවල ප්‍රවෘත්ති පලවෙලා තියනවා... මිනිස්සු උද්ඝෝශණය කරලා තියනවා.....ගැටළුව තියෙන්නේ මේ කිසිම දෙයක් දේශපාලකයිනගේ අවධානයට ලක් නොවීම... පිංගුත්තර ජනතාවකුයි... වන්දිබට්ටයොයි.. එහෙයියොයි...ගොට්ටොයි ඉන්නකං මේ දේශපාළුවන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ... ඇයි උන් වටේට ඉන්න උන් හැමදමෙ කියන්නේ එකම දේ..."සර් හරි සර්"

    බොහොම මෑතකදී ජනතාව නීතිය අතට ගන්නවා...ඊයේ පෙරේදා දොම්පෙ දි සිද්ධවුනේ ඒ වගේ දෙයක්... අන්න එදාට කාටවත් නවත්වන්න බැරිවෙයි...

    රටටත් උඹටත් "සුභ අනාගතයක්" !!!!!

    ReplyDelete
  14. වැප් මම අවසර දෙන්න කලින් මේක මේක ෆේස්බුක් ෂෙයා කරනවා... කමක් නැතිවෙයි නේද?.... මේ කරපු ජාතික සත්කාරයට ඔබට පින්..

    ReplyDelete
  15. වචන දෙකකින් කියනව නං..

    අති විශිෂ්ඨයි ...

    ReplyDelete
  16. කට්ටිය වැඩේට සෑහෙන්න මහන්සි වෙලා තියෙන බව පේනවා. අපිත් එක්ක බෙදාගත්තට ස්තුතිය්.

    ReplyDelete
  17. Kush කුෂ්
    ඕනෑම කෙනෙකුට, ලිපිය බෙදා ගැනිමට හෝ පින්තූර යොදාගැනිමට පුර්ණ නිදහස ඇත

    ReplyDelete
  18. ගිහින් තිබුනත්, විස්තර එහෙන් මෙහෙන් කියවල තිබුනත්.. විස්තර ගොඩාක් එක වහලක් යටින් කියෙව්ව !

    ReplyDelete
  19. සාහිත්යය කන්ඩද අහපු අපෙ ලොකු සීය ඇහුවෙ නැත්තෙ ඉතිහාසය බොන්ඩද කිය්ල විතරයි. සිය වගාකරපු බහු බහු සන්කල්ප රෑකෙන පරිදි හෑමොගෙම හිත් නොරිදෙන්න සමබරව ලියල තියනව. බහු බහූඌඌඌඋ

    ReplyDelete
  20. මේවා දකිනකොට ඇගේ මාලු නටනවා බන්.හිතුවා වගේම ඔය ලස්සනට ඔප්පු වෙලා තියෙන්නේ.

    ReplyDelete
  21. මේව තමයි නියම බ්ලොග් පෝස්ට්. ගවේනශීලී මාධ්‍යවේදය කියන්නේ මේකයි. මුළු ළිපියෙම තියෙන වැදගත්ම කොටස තමයි.

    //ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධයකු ලෙස හැසිරෙන්න කියන දේ..//
    ග්‍රේට්....

    ReplyDelete
  22. Sira wadak machan karala tiyenne.
    Really happy.. thawamath ape kondak thiyena, jatiya agama gana kakumak thiyenna kollo innawa.

    Ubalata pin

    ReplyDelete
  23. හොඳ ලිපියක් මචං. නියම ගවේෂණයක්.
    මේක කියෙව්වාම මටත් අදහසක් ආවා කූරගල යන්න. ගමන ප්ලෑන් කරගන්න උඹෙන් උපදෙස් ගන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  24. ඇත්තෙන්ම නියම ලිපියක්. ස්තුතියි වැප්..

    ReplyDelete
  25. බ්ලොග් අවකාශයේ කියවපු ඉතා හොඳ ගවේශනශීලී ලිපියක්.
    ජනමාධ්‍යවේදියෙක් [පත්තරකාරයෙක්] වුනොත් නරකද? :)

    මම කල්පනා කරන්නේ කොතනද, කාගෙද වැරැද්ද කියලා [කොතන හරි වැරැද්දක් තියෙන නිසානේ මෙහෙම වෙන්නේ]?

    @බුවා:

    ජනාධිපතිම වෙන්න ඕනේ නැහැනේ මචන්; ජනාධිපතිට පහලින් අදාළ ඇමතිවරුන්, නිළධාරීන් කොච්චර ඉන්නවද?

    ReplyDelete
  26. "තවමත් බෞද්ධයන්ට ඒ ස්ථානයට යා හැකි නිසා දැන් තියා ගොස් බලන්න."

    -මෙතනයි දුක හිතෙන කාරණාව තියෙන්නෙ.

    ReplyDelete
  27. niyamai machang :D godak wisthara danagaththa. sthuuthi :D ewitharak neme supiri liyawillak :D jayawewazzzzz :)

    ReplyDelete
  28. ස්තූතියි අයියා විස්තර කිව්වට බලංගොඩ පැත්තේ අඳුරන කට්ටියක් ඉන්නවා එයාලා එක්ක නිවාඩු දවසක යන්න ඕනි ඒ පැත්තේ

    ReplyDelete
  29. ජාතිවාදියෙක් නෙමේ . ඒත් මෙව්වා දැක්කම දුකයි . ස්තුතියි සහෝදරයා . ආගමික සහජීවනය අවශ්‍යයි .ඒත් මෙව්වා වැරදියි. තවත් අඳුරු කාලයක පෙරනිමිති දෝ කියලයි බය . දර මිටියේ බැඳ සර්පයාගේ කතාව සිහිවිය. ඔන්න බලන්න අපි කියයි ආණ්ඩුවට මේවා කුඩු පට්ටම් කරන්න . කවුරු හරි එහෙම කළා කියමු . අනික් පැත්තට මානව හිමිකම්ද අරව මේවා ඔක්කොම එයි නිකන් පිඹගෙන .මේක බෞද්ධ තලිබාන් රටක් කියල හංවඩු ගහන කතන්දර මන් මේ බ්ලොග් අවකාශයේම දකිනවා . කාට පවසම් මේ අමාරුව කිව්වලු

    ReplyDelete
  30. මේ ගැන කියන්න නම් දෙයක් නෑ... බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියල නේද?

    ReplyDelete
  31. තව වැඩිපුර එකෙක් දෙන්නෙක්ගෙ හරි ඇස් ඇරවන්න සමත් වෙච්චි සටහනක්. . . . චාරිකාවක් . . . .
    උඹලට ජය

    ReplyDelete
  32. ගලක අකුරක් කොටපු පලියටම ඒක වැදගත් එකක් වෙන්නේ නෑ.

    ඒ දවස්වල හැම ගුහාවකට නම ගහලා තියෙනවා හරියට අද කාලේ ගෙවල්වල නං වගේ.

    සෙල් ලිපි ගැන අනිත් කරුණ තමයි හොඳට හිතලා බැලුවොත් අද හැඟ රජයේ ගොඩනැගිල්ලකම සෙල්ලිපි දෙකක් තියෙනවා අඩු වශයෙන්, මුල්ගල තැබීම සහ විවෘත කිරීම ගැන.

    මේ ඉඩම් පෞද්ගලික බූදලයක් නේද?

    මෙතන එකම වරද ඔය කියන උසාවි නියෝගය ක්‍රියාත්මක නොකිරීමයි.

    ReplyDelete
  33. සිරාවට ලියල තියෙනවා.... ගූ බස් වල රස්තියාදූ ගහනවට ව්ඩා පාරේ බස් එකක නැඟල ගිහින් මෙන්න මේ වගේ වැදගත් ලිපි ටිකක් ලියන එක කොච්චර වටිනවද.. විස්තරේට පිං..

    ReplyDelete
  34. හරියට ගියා වගෙයි වැපා අයිය.. හොදටම ලියල තියනව

    මේතනට ගියාම ,ඒ වගේම මේ ගැන කටයුතු කරද්දි හරි බෞද්ධයෙක් විදියට කටයුතු කලොත් අනාගතයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..අපි වැඩිපුර හිතන්න ඕනෙ අනාගතය ගැනයි.. අතීතය තියෙන්නෙ වර්ථමානයත් අනාගතයත් සුබදායක කරගන්න මිසක් ඒ අතීතයෙ දේවල් ගොඩ අරගෙන අසුබදායක අනාගතයකට යන්න නෙමෙයි!!

    ReplyDelete
  35. උබේ පෝස්ට් වලින් වටිනාම පෝස්ට් එක.. මම මගේ නරඹමු ශ්‍රී ලංකා එකේ දාන්න ගිය පෝස්ට් එකක්... ඒත් මටත් වඩා හොඳට උඹ ඒක විස්තර කරලා තියෙනවා මචන්... මේ ගැන විද්වත් කතිකාවතක ඇති විය යුතුයි...

    ReplyDelete
  36. මල ඉලව් සහජීවනයක් කරපින්නගෙන, හැම ජාතියම එකාය කියාගෙන තම්බි රෙද්ද අස්සෙ දාගෙන කොරගත්තුව.. දැන් ඉතින් විඳවපිය... මේවට කාලකන්නි දේශපාලුවො වග කියන්න ඕනෙ..... >:(

    ReplyDelete
  37. බොහොම හොඳට ලියලා තියෙනවා . . .

    ඕනෑම ආගමක හොඳ නරක තේරෙන කෙනෙක්ට වැටහෙන්න . . .

    කිසි කෙනෙක් ගැන වෛරයක් තරහක් නො එන විදිහට මහන්සි වෙලා ලියලා තියෙනවා

    (සමහර විට ගමනේ මහන්සියට වඩා ලිපියට මහන්සි වෙන්න ඇති කියලා හිතෙනවා)

    අපූරුයි . .

    බොහොම වටිනා කාලීන ලිපියක්.

    ඇතිවෙන්න ඕන ආගමික සහජීවනය මිසක් ආගමික මංකොල්ලයක් නෙමේනේ.

    අපේ රට ඇතුලේ කොතන කොයි ආගමෙන් කොයි ආගමට විරුද්ද්ව හරි ආගමික මංකොල්ලයක් වෙනව නම් මේ වගේ කතිකා ඇතිවෙලා සියළු පාර්ශව සමාදානෙන් විසඳගන්නවනම් ආගමික සහජීවනය කියන එක තව දුරටත් පෙලීමක් මැඩීමක් කොටින්ම චන්ඩි පාර්ට් දැමිල්ලක් නොවී තියේවී .. .

    ස්තූතියි හැමෝටම

    ReplyDelete
  38. ඉතාම ඉතාම ඉතාම වටිනා ලිපියක්.

    ReplyDelete
  39. GOdak honda Uthsahayak!!!! eth awasanawata ape ekalata kotala pewwath therum ganne na... api tika tika hari hamogema as padamu... thawa thawa idiriyatama yanna.. obalata jaya!!!! theruwan saranai!!!

    ReplyDelete
  40. බෞද්ධ සහෝදරවරුන් දැනගත යුතු කරුණක් තිබෙි. එනමි මෙය ජයිලානි කියන තැන මුස්ලමි පල්ලියක් නොවෙි එය ඇතමි මුස්ලිමි ජනතාව විසින් ඉදිකරගන්නා ලද සොහොන් කොතකි. ඉස්ලාමි ආගමික පැත්තෙන් එය ඉතා වැරදි කාර්යකි. මන්ද ඔබලා දන්නවා ඇති මුස්ලිමි සුසාන භූමිවල මෙලෙස සොහොන් කොත් ඉදිකර එයට නැමැදින්නේ නැහැ. මුස්ලිමිවරුන් නැමැදින්නේ අල්ලාහ් දෙවියන් පමණි. මෙතෙන සි`දුවන්නේ මුස්ලිමි ආගම නමින් මුස්ලිම පල්ලියක් යැයි පවසමින් ඉස්ලාමි ආගමට පටහැනි ක‍්‍රියාවක් කිරීමකි. බෞද්ධ සහෝදරවරුන් පිළිගත යුතුයි ඔය ජයිලානි යැයි පවසමින් ඉස්ලාමි ආගම වනසන මුස්ලිමිවරුන්ට විරුද්ධවූ මුස්ලිමි ජනතාවන් තමියි ලංකාවෙි වැඩියෙන්ම සිටින්නේ. මාගේ මතයවන්නේ ජයිලානි යැයි පවසාගෙන ඇතමි මුස්ලිමිවරුන් කරන එම ක‍්‍රියාව ඉස්ලාමික ආගමික පැතින්ද ඉතාමත් වැරදි ක‍්‍රියාවකි...

    මෙම ලිපියද මම අ`ගයකරන්නෙමි...

    ReplyDelete
  41. ස්තුතියි විස්තරයට වැප්. අපිත් යන්න හිතාගෙන ඉන්නවා. :) බලමු මොකද වෙන්නෙ කියල මෙතනටත්...

    ReplyDelete
  42. ගොඩාක් වැදගත් ලිපියක්. ස්තූතියි ඔබට බොහොමත්ම.

    ReplyDelete
  43. Mewa penakota matanam Maragena maruna heki,Metha vinasa karapu hambayonta gahanna eka bombayawath nadda lankawe, mage malu naliyanawa..Ane Munta Ira handa payanawane...Hambayoth,demaluth okkoma ekai ada kohenuth Asarana wela inna singhala Bauddhayo api thamai..mewaa nathi karanna katin amarui,

    ReplyDelete
  44. Mewa penakota matanam Maragena maruna heki,Metha vinasa karapu hambayonta gahanna eka bombayawath nadda lankawe, mage malu naliyanawa..Ane Munta Ira handa payanawane...Hambayoth,demaluth okkoma ekai,
    Ada kohenuth Asarana wela inna singhala Bauddhayo api thamai..mewaa nathi karanna katin amarui,

    ReplyDelete
  45. ඇත්තටම මේක අදාල පෞද්ගලික චරිත එක්ක හැප්පෙන්න ඕනි දෙයක් මිසක් අපි ආගම් දෙකක් හැප්පෙන්න ඕනි දෙයක් නෙමෙයි. වැප්ට මතක ඇති පහල කතා කරපු පුද්ගලයා කිව්වා ඒක පෞද්ගලික පල්ලියක් කියලා.. ඉතින් මේක අනවසර ඉදිකිරීමක් පුරාවිද්‍යාත්මක පැත්තෙන් ඒ ඉදිකිරීම කලේ යම් පුද්ගලයෙක් අපි ඒ පුද්ගලයා සහ ඔය භූමියේ අයිතිකාරත්වයට කතා කරමු.. හැමෝම... මේකට අනික් ඉස්ලාම් මිනිස්සු පලි නෑ..

    ReplyDelete
  46. කතන්දරකාරයාට

    "ගලක අකුරක් කොටපු පලියටම ඒක වැදගත් එකක් වෙන්නේ නෑ.ඒ දවස්වල හැම ගුහාවකට නම ගහලා තියෙනවා හරියට අද කාලේ ගෙවල්වල නං වගේ"

    හැම ගුහාවකටම නමක් ගහන එකක් නම් ඒ කාලේ වුණේ නැහැ කසූ. භික්ෂූන් වහන්සේලාට පූජා කෙරුණු ගල්ගුහාවල කටාරම් කෙටීමක් සිද්ධ වුණා වර්ෂා ජලය ඇතුලට කාන්දු නොවෙන්න.

    ඒ වගේම කටාරමට පහළින් කෙටුවේ ගුහාවේ නම නෙමෙයි. කාගේ ගල් ගුහාව කාටද පූජා කළේ කියන එක තමයි කටාරමට පහළින් ඇති සෙල්ලිපියෙන් කිව්වේ

    කටාරම් කොටලා තියෙන ඒවාට පහළින් ඒවායේ හිමිකරුවන්ගේ නම් කොටලා තිබීමෙන් පැහැදිලි වෙන්නේ මේ ගුහාවල භික්ෂූන් වහන්සේලාට පූජා කළ කියන එක වගේම මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බව.

    ඒ වගේම මේ ස්ථානයේ තිබුණු චෛත්‍යයක නටබුන් හමුවෙලා තිබෙනවා. ඒ වගේම ගල් ගුහාවල බුදු පිළිම තිබුණු බවකුත් කියනවනේ. බෝ ගහකුත් මේ ස්ථානයේ තිබෙන්නට ඇති.

    ඒ කරුණු එක්ක බලද්දී බෞද්ධ විහාරයක තිබෙන්නට ඕන ශාරීරික, උද්දේශික සහ පාරිභෝගික කියන ත්‍රිවිධ චෛත්‍යම මේ ස්ථානයන් දැකගන්න පුලුවන් නිසා කුරගල පැරණි බෞද්ධ විහාරයක් කියන එක පැහැදිලියි.

    බුද්ධගයාව කාලයක් හින්දුන් අත්පත් කරගෙන හිටියා වගේ බෞද්ධයන්ගේ අවදානයට ලක්වෙලා නොතිබුණු කාලෙක මුස්ලිම් අය කුරගල ඔවුන්ගේ ස්ථානයක් බවට පත් කරගන්නට ඇති.

    ReplyDelete
  47. මුහුදු මහා විහාරය ගැන මම කාලෙකට කලින් ලියපු ලිපියක් තමයි මේ.........

    http://eatuwawa.blogspot.com/2010/11/muhudu-maha-viaharaya.html

    ReplyDelete
  48. නියම ලිපියක්....

    ReplyDelete
  49. එතකොට මේක ඉංග්‍රීසින්ගෙ කාලෙ ඉඳළම පුද්ගලික දේපලක්. අන්තිමට අයිතිය සිංහල අයිතිකරුගෙන් මුස්ලිම් අයිතිකරුවෙක් වෙත ගියේ ඉඩම් හුවමාරුවක් ලෙසයි. 1922 සිට මුස්ලිම් අය පදිංචියි.
    මේ අනුව බලද්දි දැන් මේ ගැන කතා කිරීම ආගමික ගැටඵ ඇති කිරීමක් විතරයි. මොකද ඒ දවස්වල හිටිය බෞද්ධ අයටවත් මේක බෞද්ධ‍යන් අතේ රඳව ගන්න වුවමනාවක් තිබිල නෑ. නිකම් පුද්ගලික නිශ්චල දේපලක් ලෙසයි සලකල තියෙන්නෙ. අනේ මන්දා දැන් පුඵවන්ද කියල මේක ආපසු බෞද්ධ විහාරයක් කරන්න.

    ලිපි‍යෙන් කල දැනුවත් කිරීම් වලට ස්තූතියි...

    ReplyDelete
  50. @ජයිලානි ගැන පැහැදිලි කරපු ඇනෝ:
    මමත් අහල තියනව ඔය ගැන . . . . ඒත් වැඩි විස්තරයක් දන්නෙ නෑ . . . ඔබතුමාට පුලුවන්ද කරුනාකරල ඒ ගැන විස්තරයක් ලියන්න ???? මෙතන බැරි නම් මගෙ ඊ මේල් ලිපිනය හරි දෙන්නම්

    ReplyDelete
  51. වැදගත් ලිපියක් වැප් දාලා තියන පින්තූර ටිකයි උඹ දාලා තියන තොරතුරු ටිකයි ගොඩක් වැදගත්

    ReplyDelete
  52. ලස්සන පෝස්ට් එකක්. ඉතිහාස පාඩමක් කලා වගේ.පින්තූරු ටිකත් හරියට වටිනවා.

    //සුපුරුදු ආහාරයක් වූ පරාටද, එලවලු රොටි මෙන්ම ලැවරියා කිහිපයක් අහරට ගනිමින්, හකුරු සමඟ බෙලිමල් කෝප්පයක//

    නරක නෑ කාලා තියන තරම??? පරාටා දැන් සුපුරුදු ආහාරයක්ද?

    ReplyDelete
  53. මේ ලිපිය කියවන්න හම්බු වුණෙ අදයි. නියමයි වැප් අයියෙ මේක හරිම වැදගත්.

    ReplyDelete
  54. සමාවෙන්න කොමෙන්ට් එකක් දාන්න මෙච්චර පරක්කු වුනාට. මේ ලිපිය කියවා පින්තූර ඔක්කොම හොඳට බලන්න සෑහෙන කාලයක් ගතවෙනවනෙ. ස්තුතියි වැපා කරන මේ සේවයට. වැපා නිකම්ම travel writer කෙනෙක් නොවන බව හොඳාකාරව පැහැදිලියි මේ ලිපියෙනුත් කලින් ලිපි වලිනුත්. Keep it up!

    ReplyDelete
  55. හරිම අගෙයි.බ්ලොග් එකකින් කියවන්න ලැබුණු වටිනාම ලිපියක්.

    ReplyDelete
  56. හරිම අගේ ඇති දැනුවත් කිරීමක් ලැබුනා මටත් කුරගල සම්බන්ධව

    දැන් කාලේ ගොඩ දෙනෙක් කියන්න බයයි තමන් ජාති හිතෛශියෙක් බවට, ජාතිය ආගම වෙනුවෙන් කතා කරන්න, වැඩ කරන්න බයයි. මොකද එහෙම කිව්වොත් කලොත් එහෙම සිංහල බෞද්ධයෝම බ‍ර ගානක් එනවා අවි අමෝරාගෙන
    ඒ නිසා සිංහලයින්ට වෙලා තියෙන්නේ නගුට පස්සේ ගහගෙන ඉන්න, රටේ නායකයින්ගේ පටන් පහළට ඉන්න අපි දක්වා සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි
    රටේ මහා ජාතිය වෙලා ඉඳලත්, උසාවි නියෝග දීල තියෙද්දිත් එව්වා ක්‍රියාත්මක කරගන්න බැරිනම් ඉතින් තවත් කුමන කතාද

    කුරගල විතරක් නෙමෙයි තව ඉස්සරහදි අපිට මේ වගේ තැන් ගොඩක් නැති වෙලා යාවි, වැඩි කලක් යන්නේ නැහැ
    ඒක අපේ ජීවිත කාලේ ඇතුළතදීම බලා ගන්න පුළුවන් වෙයි

    ReplyDelete
  57. සිරා පෝස්ට් එකක්..

    ReplyDelete
  58. ubalata wena wadak nadda bola? mewwa adhikala minissu hadapu godanagili. deviyo newei. kaatawath meka aithi karanta baha. nikang sinhala-muslim gatum atikaranda epa

    ReplyDelete
  59. Greaaaaaaaaaaaaaaaaaaaaaat ! No words to say !

    ReplyDelete
  60. මට මේ ලිපිය කියවන්න වෙලවක් නෑ. ඒත් photos ටික බැලුවා. මට කියන්න තියෙන්නෙ මේක මුස්‌ලිම් දේවස්ථානයක් නෙවෙයි කියලා. කුර්ආනයේ කොහෙවත් මෙහෙම මැරිච්ච මිනිහෙක්ගේ සොහොනක් වට කරගෙන වදින්න කියලා නෑ. මේක මෙතැනින් අයින් කරලා නියම මුස්‌ලිම් මිනිසුන්ට වෙන අපහාසය නැති කරන්න ඕන..

    ReplyDelete
  61. මං මුසල්මානුවෙක්... මාත් මෙතනට ගිහින් තියෙනවා... මටත් ඔතන ප්‍රශ්න ගොඩක් තියෙනවා... මෙතන ගැන ලියපු ගොඩක් ලිපි කියවලත් තියෙනවා.. මේක මේ තරම වැදගත් ස්ථානයක් වෙලත් ඇයි මේක මුස්ලිම්වරයෙකුට පැවරුවේ? ඇයි අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන්නේ? මුස්ලිම් ඉදිකිරීම් පසුකාලීනව කරපුවා නම් ඇයි එතකල් නිහඬව හිටියේ? මං මේ ගැන දෙපැත්තේ කකුල තියං ඉන්නේ... පුලුවන් නම් මේ ගැන ස්ථීර නිගමනයක් එන විදියේ සටහනක් දාන්න... ඒක ලොකු උදව්වක් වෙයි... (මට වගේම හැමෝටම)

    ReplyDelete
  62. ශකීල් එක්ක මාත් එකඟයි... මේ ගැන හරි නිගමනයක් එන විදියේ ලිපියක් පල කරන්න වැප්... ජාතිවාදය නැතුව මැදිහත් හිතින් මේ ගැන බලමු...

    ReplyDelete
  63. නියමයි මචන්
    වටිනා ලිපියක්

    ReplyDelete
  64. ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්!

    ReplyDelete
  65. අද ?
    ========
    උඩ චෛත්‍යක් තියනවා නේද? මේක ඉස්සර පන්සලක්ද? - සුපුරුදු ප්‍රශ්නය වෙනස් ආකාරයකට ඉදිරිපත් කලෙමු.

    //ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\

    තව අවුරුදු 60 කින් පමන.
    ====================
    ලංකාව ඉස්සර බෞද්ද රටක් නේද ?

    //ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\

    ReplyDelete
  66. ස්තූතියි බළන්ගොඩට ආවාට.දැන් දෙගොල්ලොම වැදුම් පිදුම් කරන එකේ අඩුම තරමින් නව ඉ‍දිකිරීම්වත් නැවැත්තුවොත්.......ඉතිහාස සටහන්වත් ඉතිරි වේවි.

    ReplyDelete
  67. ස්තුති සහෝදරයා ඔයාගේ පොස්ට් එකට මම මේක කොපි කරලා මගේ බ්ලොග් එකට ඔයාගේ ලින්ක් එකත් එක්ක දාන්නම් තව ලියන්න මේ මුස්ලිම් ආක්‍රමණ ගැන .. දීඝවාපි මුහුදු මහා විහාරේ ගැන

    ReplyDelete
  68. මම දන්නවා,1993 දි මම ගියෙ කූරගලට,මෙහෙ තියෙන සන්ස්කෘතිය විනාශ කරන්නයි ඔකුන්ට ඕන....උන්ගෙ ඩෙයක් මේක කියලා පෙන්වන්න,ඔහෙ හිටිය අබුසාලි කියලා එකෙක් බලන්ගොඩ ඕක තමයි මේ වෑඩේ කලේ.....බලන්ගොඩ හිටිය මන්ත්‍රී හම්බයෙක්......ඔකා තමයි ඔතන ඕක ගොඩනගන්න ප්‍රධාන උන හම්බයා.......

    ReplyDelete
  69. ලිපියේ ඇති සංවරශීලී අදහස් දැක්වීමට පලමුව ප්‍රනාමය පුද කරමි. වරදක් නිවැරිදි කිරීමට බුද්ධිය නොමෙහෙයවා අනවශ්‍ය සටන් පාඨ කීම නිසා නිදා සිටින වෘකයින් ලවා විනාශය දෙගුන තෙගුන කර ගනිමින් තමනුත් වෘක වර්ගයේ ලේබල් අලවා ගනිමින් කටයුතු කරන අයට මෙය කදිම ආදර්ශයක්, කූරගලට සිදුවී ඇති තත්වයට අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් වග කිව යුතුය, අවම වශයෙන් තවමත් මෙම ස්ථානයට ගොස් වන්දනා මාන කර බෞද්ධයකු ලෙස උරුමයේ අයිතිය නොපෑ මාගේ මනස ද මා හට පවසන්නේ පොර ටෝක් නොදී තමුන්ට හැකි යමක් කරන ලෙසයි, වැඩිමනක් කතා උවමනා නැත හැකි ඉක්මනින් මා මෙහි යමි, වැසිකිලි බුදින ගමන් වාත ගද ගැන කතා කරන් න සේ සිටින ඉස්ලාමීය සහෝදරයින් සදාචාරාත්මක මතවාදයෙන් පරාජය කරමි. ආගමික පුදබිම් සංහාරයේදී අප ඔවුනට වඩා බොහෝ පිටුපසින් සිටින බව සපථ කරමි. කූර ගලට ගිය දිනක මෝඩ චූන් දමා නිදාසිටින වෘකයින් නොඇහැරවා ඉවසීමෙන් කටයුතු කර තවත් බෞද්ධයින් හට නිදහසේ තම උරුමය විදීමේ නිදහස අවහිර නොකරමි. බුදු දහම විශ්ව ස්සත්‍යකි ඉය අකාලිකය, එම සත්‍යයේ බලයෙන් අපගේ බොදු බොදු පුද බිමක් වන කූරගල ආරක්ෂා වේවා.

    ReplyDelete
  70. තරංග රත්නායකDecember 6, 2012 at 12:34 PM

    හොය හොයා හිටිය ලිපියක්.බොහොම ස්තූතියි සහෝදරයා මේ ලිපිය ලිවාට.
    ----------------------------------------------------------------------
    උඩ චෛත්‍යක් තියනවා නේද? මේක ඉස්සර පන්සලක්ද? - සුපුරුදු ප්‍රශ්නය වෙනස් ආකාරයකට ඉදිරිපත් කලෙමු.

    //ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\
    ---------------------------------------------------------------------

    අද තම්න්ගේ උරුමය පිලිගන්න බියවෙන කාටත් මේ උත්තරේ පූර්වාදර්ශයක් කියලයි මට හිතෙන්නේ.තමන්ගේ දේ ගැන කතා කරන්න බය වෙන්න ඔනේ නෑ.මුස්ලිම් අය මෙතන බලෙන් අල්ල ගත්ත බෞද්ධ පුදබිමක්.ඒක ආපහු අපිට ගන්න ඔනේ.බය වෙලා හිටියොත් සදහටම අපේ උරුමය අපිට නැතිවෙනවා.මුස්ලිම් අය එක්ක ද්වේශයෙන් නෙවෙ මේ කියන්නේ.එයාලා උනත් කැමති නෑ මක්කම වෙනත් ආගමික අය අල්ල ගන්නවට.අපිටත් අපේ දෙයක් නැති වෙනකොට තියෙන්නේ ඒ හැගීම.
    බොදුනුවන්ට හා අදාල වගකිවයුත්තන්ට අපේ උරුමය රැකීමට නුවන පහල වේවා.......

    ReplyDelete
  71. මේ තැන බෞද්ධ සිද්ධස්ථානයක් නිසා ඒක නීතියෙන් ආයෙත් අපිට ලැබුන නේද....? අනවසරයෙන් ඉදිකරල තියන ගොඩනැගිලි තාමත් තියනව නේද,,,?
    අපි ඒව අයින් නොකලොත් අපේ තැන ආයෙත් අපිට අහිමි වෙයි නේද....?
    ඔබට ගොඩාක් පින්....
    තෙරුවන් සරණයි

    ReplyDelete
  72. කූරගල

    http://www.exgossip.com/2013/04/KuragalaNewPics.html#ixzz2PLlgoNNc

    ReplyDelete
  73. කූරගල ඉතිහාසය ගැනත් එදා තත්ත්වයත් ගැන 1942 දී කිරිඇල්ලේ ඥාණවිමල හාමුදුරුවෝ ලියපු 'සපරගමුවේ පැරණි ලියවිලි' පොතේ තියෙනවා.සබැදිය http://www.scribd.com/doc/133828868/%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD

    ReplyDelete
  74. මම මේ ලිපිය කියවනකොට දිනේ බැලුවෙ පස්සෙ. දැන් මේ ගොඩනැගිලි වැඩි හරියක් කඩා ඉවත් කරල දාල තියෙන්නෙ. ඉතුරු කරල තියෙන්නෙ පල්ලිය විතරයි.
    අර 22 වෙනි පිංතූරෙ පල්ලෙහයින් පේන චෛත්‍යය බුදුගල පන්සලේ. මෙතෙන්ට යන අය එතනටත් ගිහින් බලන්න. කල්තොට ටවුමට ගියාම එතනින් හැරිල ගියහැකි.

    ReplyDelete
  75. @පසන් - ආයිත් පාරක් ගියා නම් හොඳයි තමයි

    ReplyDelete

Great Western - ග්‍රේට් වෙස්ටර්න්

බතලේ ගල , බැරැන්ඩි රොක් , කඳු මුදුනට ගොස් ඇත. එතරම් දුෂ්කර නැතිව ග්‍රේට් වෙස්ටර්න් තරණය කළෙමු. එයට ප්‍රධාන හේතුව නම් වැසි රහිත කාලයක් වූ පස...