Monday, October 20, 2014

චිං චිං

ඔබ කොහොමටත් විශ්වාස කරන එකක් නැහැ මේ කියන්න යන කතාව. සමහර විට ඔබ හිතයි මේක ගොතපු කතාවක් කියලා, නැත්නම් කියයි කොහෙන් හරි අහපු කතාවක් කියලා. ඔබට වැරදිමක්. මේක නුදුරේදි සිද්ධ වීමට තිබේන එකම එක සත්‍ය කතාව. ඔබේ ජිවිතේදි හැමදාම ඇහැවේ/ බැලුවේ සත්‍ය කතා ඇසුරින් නිර්මිත නිර්මණයන්, නමුත් ඔබ කවදාවත් කියවා ඇතිද?  නුදුරේදිම සත්‍ය වන කතාවක්. එහෙනම් කියවන්න, එක හුස්මට කියවන්න. කම්මැලි කමක් නැතුව දිගටම කියවන් යන්න, අවසානයේදි තිබෙන්නේ ඔබ හිතන දේද කියාම?

ඇය පෙනුමෙන් යකඩ ගැහැනීයක්, උසට සරිලන මහතක් ඇති ඇය කොටද මහතද කියන්න මම දැනුවත් මදි නමුත් ඇයගේ ගමණ බොහෝම වේගවත්. ඔබ දැකලා ඇති පාරේ මිනියක් ගියදාට සමහරු බිම බලන් යන්නේ වැටිච්ච සතේ ගන්න. ඇයත් ඒ වගේ බිම බලාගෙන අපේ ගේ ඉස්සරහා පාරෙන් දුවනවා. මං බලං ඉන්න හින්දා විතරක්ද කියන සැකය දුරු උනෙ දවස් කිහිපයක් CCTV කැමාරවෙන් ඇයගේ සත්‍ය ගමන හොඳින් අධ්‍යයනය කරපු හින්දා. අපේ පාරේ ගෙවල් පහයි තියෙන්නේ. ඇය ඉන්නේ අපේ ගෙදරට පහල ගෙදරට පහළ ගෙදර. වැඩි කතා බහක් අනික් ගෙවල් සමඟ අශ්‍රයක් නැති ඇයගේ, රැකියව කුමක් කියලා ඔබ සිතනවාද? රජයේ සමන්‍ය සේවකයෙක්? පෞද්ගලික අංශයේ සුලු රැකියවක්?.. නැහැ ඔබ කවදාවත් එහෙම හිතන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද ඇය සමාජ ආශ්‍රයක් නැහැ කියන එකෙන්ම ඔබත් මාත් තේරුම් ගන්න ඕනේ ඇය කරන්නේ ඉහළ රැකියවක් බව. 

කතාව පහසු කරන්න මම ඇයට චිංචිං කියන්නම්. චිංචිං මහත්මිය මහබැංකුවේ මාණ්ඩලික නිලධාරිණියක් කියලා කිව්වේ අපේ ගෙදර ලැට් වල කපන්න ආපු අයියා. බ්ලොග් එක කියවන ඔබ හොඳකාරවම දන්නවා මම ඕපූ දූප හොයන්න එච්චර කැමැත්තක් ඇති පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඒ හන්දා මම කවදාවත් චිංචිංගේ විස්තරයක් හෙව්වේ  නැහැ. නමුත් ලැට් වල කපන්න ආපු අයියා කියපු විස්තරය අහපුවාම ඔබටත් හිතෙයි ඒ අයියා සුදුසු ගාමේ ග්‍රාම නිලධාරි කමට කියලා. මට මෙතන හැමදේම අකුරු කරන්න බැරි උනත් කෙටියෙන් කියනනම්. 

" මල්ලි ඔය ගැනී වැඩ කරන්නේ මහ බැංකුවේ. නෑයෝ ඉන්නවා අර මුඩුක්කු පාරේ. ඔය ඉඩම අරං දුන්නේ මම. මට ලක්ෂ දෙකක කොමිස් එකක් හම්බුනා. හැබැයි මල්ලි ගැණිගේ ලැට් වල කපන්න මට පොරෝන්දු වෙලා වෙන එකෙක්ට දුන්නා. එදා ඉදන් ඔය ගැණි මගේ මූණ බලන්නෙ නැහැ" 

ඉහත විස්තරය කියන ගමන් අපේ ලැට් වලෙන් ගොඩදාපු පස් ටික පාරට දාපු අයියා, ඈතිං යන චිංචිං දිහා බලලා තඩි කෙල තලියකුත් ගැහැව්වා. මට හිතාගන්න බැහැ ලැට් අයියාගේ කටට කෙල ඉනුවද? නැත්නම් ලැට් වලකපන්න නොදුන් නිසා  තරහට කෙල ගැහැව්වද කියලා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?  කොහොමින් හරි චිංචිං නෝනා සෙනසුරාදාට කොට සායයි, නිල් හැට්ටයයි ඇඳන් යන්නේ සතියටම ඕන බඩු ටික ගේන්න කියන එක මට දැනිච්ච දෙයක්. ඒක ස්තීර කරගන්නම මම සෙනසුරාදාවල් කිහිපයක්ම කොහෙවත් උදේ වරුවේ ගියේම නැහැ.

"යකෝ ඔය පස්ටික තුනීකරපිය.කයිය ගහ ගහ ඉන්නේ නැතුව  දැන් අර ගෑනි මෙතනින් යන කොට ඔය පස් ටික තිබ්බොත්, තොපිට හුජ්ජ යන්න රවයි."  ඒ සද්දේ ආවේ ලැට් වලේ බඹ එකහාමාරක් යටින්. එතකට තමයි මට මතක් උනේ ෆවුන්ඩේෂන් එක දාන්න ආපු පියසිරි බාසුත් පාරේ යන ගෑනියෙක් රවපු කතාවක් කිව්වා නේද කියලා, එක අතකට බාස්ලා කුලී වැඩ කරන අයට තියෙන්නේ සජිවි සන්නිවේදනයක්, අපි ඔන්ලැයිින් කිය කිය කරන්නේ බොරුවක් නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? බුකියට යනවා කවුරු හරි දාපු පින්තූරයක් අකුරු ටිකක් කියවලා අනේ ඒක ඇත්තටම වෙන්න ඇති කියලා අපිත් ලයික් එකක් දාලා එනවා. පොඩි අඩුවකට තියෙන්නේ පියසිරි බාස්ගේ කතාවට මට LIKE එකක්වත් SHARE පාරක්වත් දාන්න බැරි උන එක. මට මතක විදිහට එදා මම ඇහැව්වේ, කොයි වගේ ගෑනු කෙනෙක්ද, කීයටද ආවේ කියන ප්‍රශ්න වගයක් විතරයි. ඒ එක්කම මට හිතුනා බැරි වෙලාවත් ලැට් අයියා FACEBOOK යන්න දැනං හිටියා නම් 

" ලැට් වලේ බඹ එකාහාමාරයි Feeling awesome at මාකොළ" කියලා දායි කියලා. එතකට අත් උදව්වට ඉන්න අය ලැයික් දාලා ෂෙයා කරලා මෙහෙම කමෙන්ට් කරයි නේද?

"Grt Bro"
" නීතීමය බාදවක් නැහැ උඩ ප්‍රකාශයට "
" හෙන හත ගහපිය තොට අපේ රන් පොළව හාරනවා "
" යුද්දේ දින්නානේ බඹයක් තිබුණත් ඇති "
" අපි බඳිමු @පියසිරිබාස්"

කියාගෙන ආවේ චිංචිංගේ කතාව. ඒත් කතාව පොඩ්ඩක් දිග්ගැසුන හින්දා.. ඉතුරු කොටස සමඟ ලඟදීම හමුවෙමු

Tuesday, August 5, 2014

රොවින්ටාර් රෙකෝඩ්බාර්

කාලෙකට කලින් බොහොම කාලෙකට කලින්, ඔය එක එක කාලෙට එක එක පිස්සු එනවානේ, මේ කාලේ මට තිබ්බ පිස්සුව තමයි විදුලි පරිපථ හදන එක. සමහර විට මතක ඇති සෙනිත් කියලා පොත් සෙට් එකක්ම අවා. මගේ ගුරුවරයා උනේ අපේ ඉස්කෝලෙම උන්න දිම්මා. සතේ අතේ නැති කාලේ මට කොයින්ද පොතක් ගන්න සල්ලි මට මතක විදිහට ඒ කාලේ ඒ පොත රු 100 ක් උනෙත් නැහැ. කොහොම උනත් ගුරාගෙන් පොත ඉල්ලන් මාත් පෝඩ්ඩක් වැඩේට බැස්සා. සර්කිට් හදන උණ තදේට දැනෙන්නේ වෙසක් එක කිට්ටු උනාම, බුදුරැස් මාලාවක් හදාගන්න. 

අවශ්‍ය වියදම් , උවමනා වියදම් ඇරුනාම, ආශා වියදම් සපයන්න අපේ මව් දෙම්පියන්ට හැකියාවක් තිබුනෙත් නැහැ, හැකියාව තිබ්බාත් ඒ ප්‍රතිපාදන කවදාවත් අනුමත වෙන්නෙත් නැහැ. ඉතින් මම කියලා නිකා හිටියේ නැහැ, ස්වයං රැකියාවක් විදිහට වත්තේ තියන පුවක්, කජු දෙකම ඇහිඳලා එකතු කරනවා. මට මතක විදිහට කජු ගෙඩි 100ක් රු 20/- ක් විතර ඇති පුවක් ගෙඩියක් ශත 10 ක් විතර ඇති. ඒ තරම් ශක්තිමත් ව්‍යාපාරයක් නොවුනත්,  වෙසක් එකට බුදුරැස්මාලාවක් ගොඩදාගන්න පුලුවන් ආසන්න මුදලක් හොයා ගන්න ඇහැකි. ඒත් සල්ලි මදි නම් ඉතින් කඩේ යනවට ගමන් ගස්තු විදිහට රුපියලක් දෙකක් ගන්නවා, (ඔව් ඒ කාලේ ඉදින්ම කලේ කඩේ යන එක තමයි :D)

කොහොමින් කොහොමින් හරි, ගුරාගේ පිහිටෙන් මගේ ශක්තියෙන් දැන් බුදුරැස් මාලවක් හදන්න සල්ලි ටික තියනවා. ඒ කාලේ ඔය සෙනිත් පොත් තිබ්බේ බොරැල්ලේ YMBA එකේ කඩේක, මට දැන් නම් කඩේ මතක නැහැ. දවසක් ගුරා එක්ක ඔතනට මාත් අවා සැරයක්. කිරිබත්ගොඩ ලකී රෙකෝඩ්බාර් එකයි (දැන් නම් මේක නැහැ මම හිතන්නේ), රොවින්ටර් එකයි තමයි ඔය සර්කිට් බඩු ගන්න අපිට ලඟම තැන. රොව්න්ටර් එක නම් මම ඊයේ යනකොටත් දැක්කා. ඒක දැකපු හින්දා තමයි මේ අතීතයක් මතක් උනේ. ඔය රොවින්ටර් එකයි, ලකී එකයි ගත්තාම පොඩි වෙනසක් තිබ්බා. රොවින්ටර් එක පොඩි ඉඩක තිබ්බේ, හැබැයි A/C ඉතින් මම හරි ආසයි ඕකට රිංගන්න. ඇයි බොලේ කූල් එකේ පොඩේඩක් ඉන්න පුලුව්න් එකම තැනනනේ. දැන් නම් ඔෆිසියේ මගේ ඇඟටම වදින කරුම A/C එක එපා වෙලා තිබුණත්, ඒ දවස් වල මොන තරම් ආසද A/C පොඩ්ඩක් වද්දගන්න. 

ඉතින් කොහොමින් කොහොමින් හරි බුදුරැස්මාලව හදන්න,සෙනිත් පොතේ තියන විදිහට මාත් බඩු ටික ගත්තා. ඒකේ තිබ්බේ බැටර් හයකින් වැඩේ ගොඩදාන්න පුලුවන් කියලා. ඉතින් බැටරි එකක ගාන ඇහැව්වාම මගේ ඇස් දෙක උඩ ගිය හින්දා වෙන්ට ඇති රොවින්ටර් එකේ උන් කිව්වේ, ඔය සර්කිට් එක කරන්ට් එකට ගහන්න පුලුවන් කියලා. මාත් ඉතින් හදපිනා ගිය සතුටින් සර්කිට් බෝඩ් එකයි තව අර 22k, 5 ඕම්, කැපැසිටර් අරගෙන ගෙදර ඇවිත් වැඩේට බැස්සා. ෆෝමිකා බොඩ් කපාගෙන හිල් හදන් වද වෙන්න ඕනේ උනේ නැහැ. රෙඩිමේට් සර්කිට් බෝඩ් එක තිබ්බ හින්දා. දැන් ඉතින් සෙනිත් පොතේ තිබ්බ විදිහට ගානට ඔක්කොම සෙට් කරලා බවුත් එකෙන් ඊයම් එහෙම වක්කරලා, බොහොම සුමට විදිහට සර්කිට් එක හදලා ඉවර කලා. දැන් තියෙන්නේ විදුලි බලය සපයන්න. කියන්න කනගාටුයි මම කෙලින්ම සර්කිට් එක සම්බන්ධ කලා ගෙදර තියන 230V ප්ල්ග් එකකට. මට මතක විදිහට චුරුස් ගලා සද්දයක් අවා, එච්රයි, නිමි නිමි පත්තු වෙන බුදුරැස්මාලව වෙනුවට දුම්දාන බුදුරැස්මාලාවක් මට ඉතුරු උනා.

ඔය වෙනකොට පවර්පැක් එක ගැන මාගේ ගුරුවරයා මා දැනුවත් නොකර තිබීම ඉතාම ශෝචනීය තත්වයක්. රොවින්ටර් එකෙන් කර්නට් එකට ගහන්න පුලුවන් කියලා කියලා තියෙන්නේ පවර්පැක් එක හරහා කියන එක මට තේරුම් ගියේ පස්සේ දවසක වෙච්ච සින් එක ගුරා එක්ක කතා කරපු වෙලාවක. ඉතින් බුදුරැස් මලා හැදිල්ල එහෙම්ම නතර උනා. හැමදාම අපේ අම්මා කියන්නා වගේ ඒ වෙසක් එකටත් අපේ ගෙදර කලුවරේම තිබ්බා. 

වැප්

Friday, June 27, 2014

වැප් - ආජ්‍ය අංශයේ ඉතිහාසයෙන් බිඳක්

මට පොඩි කාලේ ඉඳන් මාර උවමනාවක් තිබ්බා ආජ්‍ය අංශයේ රැකියවක් කරන්න. ඔන්න ඉතින් ඕක ඇත්තක් බවට පත් උනා 2012 අවුරුද්දේදි. ජාල පිටු අටෝ අටෝ හිටපු මං ගැහැව්වේ මාරු කරනනමක් තමයි. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවක් පැත්තකට විසික් කරන්න උනානේ. ඒත් සෙල්ලං නැහැ කොබල ඉස්ත්‍රික් ඒකම් එකේ තමයි වැඩේ සෙට් උනේ. අපිව ගත්තේ ටැයිනිං විදිහට. ඔය කාලෙදි තමයි මම අර කොළඹ තියන කෞතුකාගාරයට එහෙම ගියේ. ආජ්‍ය අංශයේ හැටි දැන දැනම ඒකට රිංගුවේ ඇත්තද මේ පිට ඉදන් කියන උන් කියන්නේ කියලා දැන ගන්නමයි. හම්මාපා ඇත්තනේ ඕයි. මෙන්න බලන්නකෝ විස්තරය

පැමිනීම
අපරාදේ කියන්න බැහැ සේරම එනවා වෙලාවට, ඒ කියන්නේ 8.30 වෙද්දි, සමහරු කලින්ම එනවා ඒ කියන්නේ 8.15 කලින්. ඕකේ වාසියක් තියනවා, 8.15 කලින් ආවොත් 4 වෙද්දි කැපෙන්න පුලුවන් නැත්නම් ඉතින් 8.30 වෙනකල් ඉන්න ඕනේ. හැබැයි මෙහෙම සින් එකක් තියනවා මට ඔෆිස් එකේ ඉන්න උන් ඔක්කොම දැක ගන්න බැරි උනා මම හිතන්නේ. මොකද අපේ හැලසුම් අංශය වෙච්ච ඩිපාට්මන්ට් එකෙත් ඉන්න ඔක්කොගෙම මූණු ටික බලාගන්න මට මාස දෙක්ක විතර ගියා. මොකෝ අද එන එකා ආයේ එන්නේ තව සති දෙක තුනකින්. අපිට නිවාඩු නැති හින්දා අපි හැමදාම බඩ ගෑව. කියන්න ලැජ්ජයි අප්පා, උදේ ආපු ගමන් ෆැන් ටික දාගන්නවා, බත් මුල ලෙහා ගන්නවා, ඊට පස්සේ ක්ලින්න් එකට බයිනවා උන් හරියට සුද්ද කරන්නේ නැහැ කියලා, අනේද කියන්නේ මුන් හරියට වැඩ කරනවා වගේ, 

ඇට බෙදිම -
ඔන්න ඈ ඉතින් අර මහා ඇට බෙදිම තිබ්බේ, කොහෙද තොපිට මතක නැතිව ඇති, තොපි %^&*^* ජාතියේනේ. ( ජාතිවාදය ඇතිවිමට ඉඩ ඇති බැවින් ජාතිය බලාධාරියා විසින් කපා හරින ලදී). ඔය ඇට බෙදන්න කලින් කොඹල ඉස්තික්කයේ තියන සියලුම කොට්ටාෂ වලින් සංගනනයක් කලා. ඔය සංගනනයට තනි කර කලේ ලුපාදි ලාබින් හරි. උන් ඒ කාලේ මෙහෙම කිව්වාලු,

අපි අවේ ඉඳන් ඉන්න
අපිට උනේ අැට බෙදන්න කියලා



ඉතින් ඒ පැත්තේ තිබ්බ කොට්ටාෂ 13 න්ම තොරතුරු ගන්න මං තුමා විසින් හැදුවා පොඩි ඇක්සෙල් ෂිට් එකක්, ගුගල් ඔන්ලැයින් ෂීට් එකක්, ඒ ඒ කොට්ටාෂයෙන් තොරතුරු දාපුවාම මුලු ඉස්තිරික්කෙම තොරතුරු ඔටෝ මේට් සංෂිප්ත කරලා දෙන්න (මරු නේහේ පොර ටෝක් :D ). ඔන්න දැන් ඒකේ ආපු සංෂිප්තය

  1. මිනිසෙක් දිනකට කරපිංචා මිටි දෙකක් කනවා . 
  2. මිනිසෙක් දිනකට බිත්තර  එකක් කුකුල් කොටුවෙන් ලබාගෛන  බිත්තර දෙකක් විකුනයි
  3. රඹුටන් ගෙඩි 1 ක් විකුනා රු 100ක අදායමක් ලැබිම
හිතන්න එපා අතිෂෛාක්තියක් කියලා ඇත්තටම ඔය වගේ මහ තේරුමක් නැති සංෂිප්තයක් අවා. වැරදි තොරතුරු තමයි අර ලුපාධිලාබින් දාලා තිබ්බේ. මම ඉතින් මොකද කලේ ඇසිල් අමාත්‍යතුමාට ඔය රිපොට් එක දෙන්ඩ බැරි හින්දා ඉහළ නිලධාරින් කියලා හරි කියලා හිතෙන ටික විතරක් අරන් දුන්නා

අනපති අනහමුව-
ඕකත් තිබ්බේ මම ඉන්නකොටමනේ, හපොයි ඒකේ තිබ්බ බොරුවක්, ලොක්කාව රවට්ටන්න බොරු හැදුවැයින් හැදුවේ නැහැ ඒ වගේ. බොලාට කියන්න ඒකට සම්බන්ද වෙච්ච උන් සාක්කුවට දාගත්තානේ මොණර කොල. මම නම් සම්බන්ද උනේ අර එතුමාට පිටපස්සේ තියන කටවුට් එක හදන්න විතරයි. 

ඒ කම්මැලි කම තාම තියෛ් ..ඒ හන්දා ඔය ඇති .. වෙන දවසක ලියන්නම් අනික් කුඩු කේඩු කම් ටික

වැප්

Thursday, June 19, 2014

ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද?

රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුග‍ේම ඇඟ‍ේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල කේනද්‍රියව ගත් කල රට හෝ මව් රට වෙනස් වේ හෝ වෙනස් කල හැක . ආගම කියන වචන  දැනට දශක කිහිපයකට හැඳින්වූ යේ හුදෙක් කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් සඳහාය. පොදුවේ බෞද්ධයන් හැඳින්වූයේ සිංහලයන් ලෙසය. ආගම යන කාරනාවත් පුද්ගලික කාරණාවකි එනම් ආගම ඕනෑම මොහොතක, තම දැනීමේ හෝ ග්‍රහණය වන ආකාරයට වෙනස් කල හැක. නමුත් ජාතිය ඊට වඩා වෙනස් වෙයි. සෑම විට එය ජාතක වන්නේ මව් දෙමව්පියන්ගේ දායාදයක් ලෙසය.


සිරියාවතී හා රෆිනා අසල්වැසියයෝය. දිනක් දෙදනාම සිරිපාල ගේ කඩේට ගියෝය. අසල සිටි අසාද්සාලි මහතා ඔය කඩේ හලාල් නැතැයි කි නිසා, සිරියාවති හා රෆිනා යන දෙදනාම ටටුමේ සුපරි වෙලඳ සැලට ගියෝය. සිරියාවතී මිලෙන් අඩු හරිස්චන්ද්‍ර නුඩිල්ස් පැකට් එකක් ගන්නා විට රෆීනා වැඩි මිලට මැගි නුඩිලිස් පැකට් එකක් මිල දි ගත්තෝය. ඉන් පසු දෙදෙනාම බැංකුව වෙත පියමන් කලෝය. දැඩි අව්රශ්මිය නිසා සිරියාවති සාරි පොට ඔලුව වටේ ඔතා ගත්තාය. කෙසේ නමුත් දෙදනාම බැංකුවට අතුල්වීමට යාමේදි, සිරියාවතීව පමණක් නවතා ගත්තේය. ඔලුවෙන් සාරි පොට ඉවත් කරන ලෙස ආරක්ෂක නිලධාරින් දැනුම් දුන්නේ ආරක්ෂක හේතුන් මත බව පවසමිනි. තමා සමඟ පැමණි සිරියාවති කොහේ සිටිදැයි බැලිමට රෆිනා නැවත බැංකුවෙන් එලියට එන විට දුටුවේ, ඥාණසාර හිමියන් සිරියාවතිට ධර්මය දේශනා කරන අයුරුයි

ඉතින් මම මෙසේ සිතුවෙමි!

දෙමළ ත්‍රස්තයන් බිහිවීමට මුල් වූ හේතුව සඳහා සාධනිය පිළිතුරු සොයන අතරම, සිංහල ත්‍රස්තවාදය මීට වඩා බිහිසුනු වීමට පෙර, ශ්‍රි ලංකා රාජ්‍ය තුල සෑම ජන කොටසකමට එකම නීතියක් බලපැවැත් විය යුතුය!. මන්ද යත්, ජනවර්ගය මත වෙනස් වන නීතියක් පැවතීම, සිංහල ත්‍රස්තවාදය පැතිරවීමට, ධනාත්මක උත්පේරකයක් වී ඇති බව සනාථ වෙමින් පවතින නිසාවෙනි.


වැප්

Wednesday, April 30, 2014

1817-2017 කැරැල්ල

නිබන්දනය නිම කල යුතු දිනය 2099/09/09 ලෙස සටහන්වත තිබුණත්, එය කෙසේ අවසන් කරමිදැයි තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් නැත. තව ඇත්තේ ඉතා සීමිත දින කිහිපයකි, බොහෝ කරුණු එක් රැස් කර ඇතත් පෙළ ගස්වන්නේ කෙසේද?. කේවල ව්‍යාපතීයක් ලෙස ප්‍රථම උපධිය සඳහා -පුරාතණ ශ්‍රී ලංකාවේ දාහතේ කැරැල්ල- මාතෘකව තොරාගනු ලැබීය. විටෙක එය වැරදි තෝරාගැනිමක් ලෙස පෙනී යයි. තව විටෙක ඉතිහාසය සොයා නිවැරදි නිගමනයකට එලබිමට ඇති උන්නදුව මඟ හැරිමට නොහැකියයි සිතේ. අදින් වසර 282 කට කලියෙන් පැවති 1817 කැරැල්ලත්,  වර්ශ 82 කට පෙර සිදු වූ 2017 කැරැල්ලත් සංසන්දනාත්මකව විග්‍රහ කොට, අවස්ථා දෙකේදිම දැඩි ලෙස මර්ධනයට ලක් වූ ස්වදේශිකයා  එලබෙන නැගීසිටිමකදි නිවැරදි කරගත යුතු අවස්ථා පෙන්වා දීම මෙහි මුඛ්‍ය අරමුණ බවට පත් නොකර ගැනීමට වග බලා ගත්තේ 2017 සිදු වූ ශෝචනීය ඉරණමක් මා වෙත ලඟ කර ගැනීමට ඇති දැඩි අකමැත්ත නිසාවෙනි.

වෙබ් අඩවි කිහිපයක් හරහා ගමන් කිරමින් ඉතා පහසුවෙන් වසර 1817 සිදුවීම් එකිනෙක පෙළ ගස්වා ගතහැකි වුවත් 2017 සිදු වූ සිදුවිම් සෙවිම යනු ඉතා අපහසු කටයුත්තකි. නිවැරදි තොරතුරක් එක එල්ලේ ප්‍රකාශ වූ අවස්ථාවක් සොයා ගත හැකි නොවීය. ඒ කෙසේ වෙතත් පහත පරදි සොයාගත් තොරතුරු වගු ගත කර තැබීම වඩා හොඳ යැයි මට සිතුනි



1817
2017
ශ්‍රීලංකාව එවකට යටත් කොට ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව එවකට ශ්‍රිලංකාවේ පලනය ගෙන ගිය සන්ධාන ආණ්ඩුවේ පාලනයට විරුද්ධව
විශේෂයෙන්ම පන්සල මූලික කරගත් ස්වදේශික සිංහලයන්ගේ හා  රදලයන්ගේ මූලිකත්වයෙන් පොදු මහජනතාව
කැරැල්ල ඇති වීමට ප්‍රධාන හේතුව නම් කෙත් වතු ගිනි තැබිම වැනි ආර්ථික මරමස්ථාන වලට පහර දීම
  • බඩු මිල ඉහල යාම, 
  • සමාජ සාධාරණත්වයක් නොතිබිම
  • පාලකයන්ට එක නීතියකුත් සමන්‍ය පොදු ජනතාවට තවත් නිතීයකුත් ක්‍රියාත්මක වීම
  • පෞරාණික ස්ථාන කඩා බිඳ දැමිම,
  • වනාන්නතර සංහාරය
  • පවතින සමාජ සභ්‍යත්වය ඉක්මවා යාම
  • සැමට සාධාරණ නොවු සමාජ ක්‍රමයකට උත්පේරක සැපයීම
  • කොඳුනාරටි කඩා දැමූ කුදු සමාජක්‍රමයක් ඇතිකිරීම
දොරේසාමි 'කුමාරයා' ප්‍රමුඛ කරගනිමින් හුදෙකලා සටන් ඇරඹීම අන්තර්ජාලය මුල්කරගනිමින් වඩා සංවිධානත්මකව, අවිආයුධ වලින් තොරව
කැප්පෙටි පොළ නිලෙමේ තුමා ස්වේදේශික ජනයා සමඟ එකතු වෙමින් කැරැල්ල මෙහෙය වීම හා
යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයක් බවට පත් විය.
අන්තර්ජාලය දැඩි ලෙස පලනය කර, පවතින අවනීතිය තව තවත් දැඩි කරමින්, සැකය එල්ලවන සියලු කැරලිකරුවන් විනාශ කරදැමිම
සියලුම ජනතාව එකතු වී කැරැල්ලට සහාය දැක්වමින් ඉංග්‍රීසි ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක් කිරීම ගතු කේල්ම් කියන්නන් වැඩි වී, මුදලට තාන්න මාන්න වලට කැරැල්ලේ තොරතුරු නිරාවණය කිරීම
වතුපිටි ගිනිතබමින් සියලු දේපල සංහාරයකට ලක්කරමින් ඉංග්‍රීසින් කැරැල්ල සාර්තකව මැඩපැවැත්වීම රාජ්‍ය බලය හා භීෂනය යොදවා වර්ෂ 2019 කැරැල්ල සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම
වර්ෂ 1948 ඉංග්‍රීසි පලනයෙන් මිදිම වර්ෂ 2025 දී යහපාලනයක් ඇතිවීම


අපිළිවෙල හුදෙකලා තොරතුරු සොයා හැකි පමණින් සංෂිප්ත කලෙමි.

වැප්

Wednesday, April 16, 2014

විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park.

විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ  බොහෝනැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය.නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම  නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති දෙයක් හුවා දැක්වී ඇත්දැයි ‍කනස්සල්ලේන් පසුවිය. විල්පත්තු බලා යාමේ දැඩි අවශ්‍ය තාවයක් ඇතිවිය. නමුත් යන්නේ කෙසේද, කවුරුන් සමඟද නිසි තීරණයක් තවම නැත, එනම් මේ පහුගිය 11 වෙනි සිකුරාදා දිනයේ හවස් වරුව ගෙවී ගිය අයුරුයි. අවුරුදු පසු වී විල්පත්තු බලා යාමට මට අවශ්‍ය බව නිකමට මෙන්, තිසර මධුවන්ත මහතාට පැවසුවේ, කූරගල යාම ඔහුට නොදැන්වූ බවට පෙර දොස් පවරා තිබූ නිසාවෙනි. නොහිතූ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලදීමි. එනම් 12 වන සෙනසුරාදා උදෑසනම විල්පත්තු බලා පිටත්ව යාමයි. පසුදාට පහන්විය, උදෑසන 5.45 ට පමණ තිසර මධුවන්ත මහතා අ‍පගේ නිවසට ලඟවිය. එක්පසකට කිලේමීටර් 150 පමණ වූ ගමන ආරම්භ විය. නමුත් ගමනාන්තය වන විට එය මූලු දුර ලෙස කිලෝමිටර් 500 ද ඉක්මවා ගොස් තිබුණී

අපගේ ගමනාන්තය විල්පත්තුවේ වන විනාශයට පත්වූ අලුතෙන් ඉදිකල මුස්ලිම් ගම්මානය සොයා යාමයි. ගමන් මඟ වැටී තිබුනේ, කොළඹ-> පුත්තලම් -> මන්නාරම් මාර්ගය-> විල්පත්තු වනයමැද අදාල ස්තානය. උදෑසන 7 ට පමණ ආහාරය ගතිමු.  ඉන්පසු හලාවත පසුකරමින් පුත්තලම් බලා ඇදී ගියෙමු. විනාශ වූ ස්තානය හරි හැටි නොදන්නා නිසා, පුත්තලම පසු වනවාත් සමඟම දෙපස ඇති කඩ වලින් සිංහල ආරට ඇති නමකට ඉව ඇල්ලුවෙමු. පුත්තලම පසු කර කිලෝ මිටර් ගානක් ගිය තැන, නිසන්සල ස්ටෝස් හමුවිය. තොරතුරු දැන ගැනිමේ අපේ අයිතිය කිලෝමිටර් ගනනක් වගකිව යුතු යැයි ශ්‍රී ලාංකීක පුරවැසියෙක් ලෙසටත්, ප්‍රජාතාන්ත්‍රික වැසියෙකු ලෙසත් කිසිසේතම අපේක්ෂා නොකලෙමු. නමුත් එය එසේ සිදුවූයේ අනවශ්‍ය ගැටලු නිර්මානයට වඩා අපගේ අරමුණ ඉටුකරගැනිම මූලික අභිප්‍රාය නිසාවෙනි. කෙසේ වෙතත් නිසන්සල ස්ටෝස්හි සිටි තරුණ වෙලඳ මහතාට අනුව, පුත්තලම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පදිංචි වීම සඳහා විල්පතුත් වනය තුල නව ගම්මාන නිර්මාණය කරන බව දැනගතිමු.‍ ගමන් මාර්ගයද ඔහුගෙන් දැනගතිමු. ඔහුට අනුව අපට පුත්තලම් මන්නාරම් මාර්ගයේ, විල්පත්තු වනයට කලින් හමුවන එකම ගම්මානය එලුවන්කුලමයි. ඊට පෙරඇති පිරවුම් හලකින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්දනද ලබා ගතිමු.

එලුවන්කුලම යනු ධීවර ගම්මානයකි. එහි සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙති. 

එලුවන්කුලම අවසානයේ විල්පත‍්තු වනය මැදින් මන්නාරම් බලා දිවෙන මාර්ගයයි. එහි අප යායුත්තේ සිලාවතුර දෙසටයි. තවමත් මාහාමර්ගය ගොඩනැගෙමින් පවතින අතර වනයතුලට යාමට පෙර නාවික හමුදාවේ කඳවුරක් පවති, කලාඔය හරහා සපත්තු පාලමක් පවතී. නමුත් අපේ ගමනට අභියෝග කරමින්, කලාඔය  පිටාර ගලා ඇති නිසා නාවික හමුදාව විසින් එම පාර වසා එදිනට දින පහකි. කීලෝමිටර් සියගනනක් පසුකරමින් පැමිණියත් අරමුණ අසාර්ථක වේ දෝ දැයි සීමාකාරි අවස්ථාවක් පසුකරමින් සිටිමු. ගමන් සගයා ගූගල් මැප් පීරමින් තවත් කෙටි පාරක් සොයයි. නමුත් විල්පත්තු කැලය නිසා, අපගේ එකම ගමන් මාර්ගය නැවත පුත්තලම් ගොස්, පුත්තලම් මන්නාරම පාර වැටෙන තැනට සිලාවතුර පෙදෙසෙන් ඇතුලු වීමයි. ක්ෂණයෙන් ක්‍රියාත්මක විය, නැවත කිලෝමිටර් 40 පමණ ආපසු පුත්තලම බලා පැමිණියෙමු. පුත්තලෙමන් අනුරාධපුර මාර්ගය ඕස්සේ ගමන් කරයි, විල්පත්තු වනය නැරඹීට යන ස්තනයට ලඟවිය, එහි සිටි සෆාරි ජීප් කණ්ඩායමක මතය උයේ, ඔයාමඩු පාරේ ගොස් නිකවැව හන්දියෙන් මන්නාරම් හන්දියට ගොස් අරමුණ වෙත ලඟා විමයි.


අපි මන්නාරම් හන්දිය දක්වා ලඟ වූයෙමු, හවස් 12 ට පමණ ඇත. කජුවත්ත සිව්ල් ආරක්ෂක බලකා ස්ථානයේ සෙබලුන් මාරු වන දිනයයි. එම නිසා වනය මැදින් වැටී ඇති එම මහාමර්ගයේ ඉද හිට මොටර්සයිකලයක් හමුවෙයි. තවතැනක කණ්ඩයම් ලෙස තේවතුර බොමින් සිටිති. තව තැනක කැඩුනු මොටර් සයිකලයක් සාදති, ඔය අතර ‍ගස් හෙවනේ ගිමන් හරින සිවිල් ආරක්ෂක සෙබලුද දක්නට ලැබුණි. තරඟයට මෙන් අප මොටර්සයිකලය හා සිවිල් ආරක්ෂක ‍සේවයේ බයිසිකලයක්  ඉදිරියට ඇදී ගියේ කතාබහක්ද සිදු කරමිනි. දැඩි ලෙස අබලන් වූ මාර්ගයේ සෑම තැනකමට වලවල්ය, සමහර තැනක පාර සේදි ගොස්ය, කිලෝමීටර් 40 කට ආසන්න වූ දුෂ්කර ගමන බොහෝ සේ ප්‍රියජනක අලුත් අත්දැකීමක් විය, රථාචාර්යයතුමාට මාගේ ප්‍රණාමය පුදකරීමට ඉතා හොද අවස්ථාවකි.

පේමඩුව - යාය 8- විල්පත්තු වනය මැදින් සිලාවතුර දෙසට 


සවස දෙක පමණ වන විට කොක්කුපඩ්ඩයන් තුම්මන් හන්දියට ලඟ වූයෙමු, කතා කරන්නට දෙමළ බස නොදනි, නියමිත ස්ථානයට හරියාකාරව නොදනි, තොරතුරු දැන ගත හැක නාම පුවරුද නැත, නමුත් කොක්කුපඩ්ඩයාන් හංදියේ මුරකපොල්ලකි. එහි පොලිස් නිලදාරියෙක් හා හමුදාවේ නිල දරුවන් දෙදෙනෙකි. අපි කෙලින්ම කතාවට බැස්සෙමු. ඔවුන් එක්වරම ඇසුවේ අපි මධ්‍යවේදීන්දද යන්නයි, එයට නැත යන පිළීතුර දෙන ගමන් ඌනපූර්ණයක් ලෙස කිසිඳු සේනාවක සමාජිකයන්ද නොවෙමුයයි පැවසූහ. අපේ මූහුණු වල තිබුණු විඩාවත්, අරමූණත් හොඳින් පැහැදිලි වූ නිසා, දිවා ආහාරය අපිට පිරිනමා පැය භාගයක පමණ කතාබහකද නිරත විය. ඔවුන් තිදෙනා එතන දින කිහිපයක් රාජකාරි කලද, අදලා සිද්දිය වූ ස්ථානයට ගොස් තිබුණේ නැත, නමුත් ඔවුන් අඳුනන තවත් පොලිස් නිලධාරියෙක් එතනට කැඳවා අපට සියලු විස්තර ලබා දී, ආරක්ෂිත ලෙස ගමන් කාරන ආකරය පැහැදිලි කර දුනි. ඉදින් අප ඔවුන්ට බොහෝ ස්තුති කරමින් එතැනින් නික්ම ගියේ සුලු මොහොතකින් දක්නට ලැ‍බෙන වන විනාසය සෑබෑවක්ද යයි පත්‍යක්ෂ කොට දැන ගැනීමටයි. කෙසේ නමුත්, ඇතුලට කපා ඇති මංමාවත් වල ජනපතිතුමගේ පින්තූරත් දක්නට ලැබුනී. ඊට අමතර එම ප්‍රදේශයේම(විල්පත්තුව වනය තුල නොව) සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වෙන වෙනම ඉදිවන බවද වැඩිදුරටත් ඔවුන් පවසන ලදී

තවත් දේවල් ලිවිමට අවශ්‍ය නැත, පහත පින්තූර හා වි‍ඩියෝ පට නරඹන්න, සිදු වී ඇති දේ හොඳින් දැකගන්න, තව නොබෝ දිනකින් මේ දෙපස තව තවත් ප්‍රසාරණය වී විල්පත්තුව හැකිලී යනු ඇත. එදිනට මේ ය සටහනක් පමණක්ම වේවා!. 






ස්තුතිය- තිසර මධුවන්ත මහතා / කොක්කුපඩයාන් ආරක්ෂක මුර පොලේ එදින සේවය කල නිලදරුවන් /සිවිල් ආරක්ෂක බලකායේ මහතුන් / ගමනට තොරතුරු සැපයූ සියල්ලන්/ මෙම ලිපිය කියන ඔබ සැමට හා බයික්කුවට

රථාචාර්යයා


පසු සටහන- එහි පදිංචි කරුවන් සමඟ කතාකිරීමට තිබුනා නම් මෙම ලිපිය තවත් වෙනස් ලෙස ඔබ වෙත ගෙන එන්නට තිබුණි හෝ මෙසේ ලිපියක් පල නොවන්නටද ඉඩ තිබුණී. ලිපියෙහි අඩුපාඩු ඇත්නම් කමාකරත්වා නිවැරදිකරත්වා

වැප්

Thursday, April 10, 2014

සිහින උලෙළේ අමතක නොවන සිදු වීම්

මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.

සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා. 

2011 දි,  ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.

2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.


2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :D

තව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න


<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/cyberfestival.swf"></object>

<object width="300" height="80" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/oceanic.swf"></object>

එහෙන්ම් 20 හමු වෙමු

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....