Wednesday, April 16, 2014

විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park.

විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ  බොහෝනැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය.නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම  නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති දෙයක් හුවා දැක්වී ඇත්දැයි ‍කනස්සල්ලේන් පසුවිය. විල්පත්තු බලා යාමේ දැඩි අවශ්‍ය තාවයක් ඇතිවිය. නමුත් යන්නේ කෙසේද, කවුරුන් සමඟද නිසි තීරණයක් තවම නැත, එනම් මේ පහුගිය 11 වෙනි සිකුරාදා දිනයේ හවස් වරුව ගෙවී ගිය අයුරුයි. අවුරුදු පසු වී විල්පත්තු බලා යාමට මට අවශ්‍ය බව නිකමට මෙන්, තිසර මධුවන්ත මහතාට පැවසුවේ, කූරගල යාම ඔහුට නොදැන්වූ බවට පෙර දොස් පවරා තිබූ නිසාවෙනි. නොහිතූ ප්‍රතිචාරයක් ඔහුගෙන් ලදීමි. එනම් 12 වන සෙනසුරාදා උදෑසනම විල්පත්තු බලා පිටත්ව යාමයි. පසුදාට පහන්විය, උදෑසන 5.45 ට පමණ තිසර මධුවන්ත මහතා අ‍පගේ නිවසට ලඟවිය. එක්පසකට කිලේමීටර් 150 පමණ වූ ගමන ආරම්භ විය. නමුත් ගමනාන්තය වන විට එය මූලු දුර ලෙස කිලෝමිටර් 500 ද ඉක්මවා ගොස් තිබුණී

අපගේ ගමනාන්තය විල්පත්තුවේ වන විනාශයට පත්වූ අලුතෙන් ඉදිකල මුස්ලිම් ගම්මානය සොයා යාමයි. ගමන් මඟ වැටී තිබුනේ, කොළඹ-> පුත්තලම් -> මන්නාරම් මාර්ගය-> විල්පත්තු වනයමැද අදාල ස්තානය. උදෑසන 7 ට පමණ ආහාරය ගතිමු.  ඉන්පසු හලාවත පසුකරමින් පුත්තලම් බලා ඇදී ගියෙමු. විනාශ වූ ස්තානය හරි හැටි නොදන්නා නිසා, පුත්තලම පසු වනවාත් සමඟම දෙපස ඇති කඩ වලින් සිංහල ආරට ඇති නමකට ඉව ඇල්ලුවෙමු. පුත්තලම පසු කර කිලෝ මිටර් ගානක් ගිය තැන, නිසන්සල ස්ටෝස් හමුවිය. තොරතුරු දැන ගැනිමේ අපේ අයිතිය කිලෝමිටර් ගනනක් වගකිව යුතු යැයි ශ්‍රී ලාංකීක පුරවැසියෙක් ලෙසටත්, ප්‍රජාතාන්ත්‍රික වැසියෙකු ලෙසත් කිසිසේතම අපේක්ෂා නොකලෙමු. නමුත් එය එසේ සිදුවූයේ අනවශ්‍ය ගැටලු නිර්මානයට වඩා අපගේ අරමුණ ඉටුකරගැනිම මූලික අභිප්‍රාය නිසාවෙනි. කෙසේ වෙතත් නිසන්සල ස්ටෝස්හි සිටි තරුණ වෙලඳ මහතාට අනුව, පුත්තලම් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පදිංචි වීම සඳහා විල්පතුත් වනය තුල නව ගම්මාන නිර්මාණය කරන බව දැනගතිමු.‍ ගමන් මාර්ගයද ඔහුගෙන් දැනගතිමු. ඔහුට අනුව අපට පුත්තලම් මන්නාරම් මාර්ගයේ, විල්පත්තු වනයට කලින් හමුවන එකම ගම්මානය එලුවන්කුලමයි. ඊට පෙරඇති පිරවුම් හලකින් අවශ්‍ය ප්‍රමාණයට ඉන්දනද ලබා ගතිමු.

එලුවන්කුලම යනු ධීවර ගම්මානයකි. එහි සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙති. 

එලුවන්කුලම අවසානයේ විල්පත‍්තු වනය මැදින් මන්නාරම් බලා දිවෙන මාර්ගයයි. එහි අප යායුත්තේ සිලාවතුර දෙසටයි. තවමත් මාහාමර්ගය ගොඩනැගෙමින් පවතින අතර වනයතුලට යාමට පෙර නාවික හමුදාවේ කඳවුරක් පවති, කලාඔය හරහා සපත්තු පාලමක් පවතී. නමුත් අපේ ගමනට අභියෝග කරමින්, කලාඔය  පිටාර ගලා ඇති නිසා නාවික හමුදාව විසින් එම පාර වසා එදිනට දින පහකි. කීලෝමිටර් සියගනනක් පසුකරමින් පැමිණියත් අරමුණ අසාර්ථක වේ දෝ දැයි සීමාකාරි අවස්ථාවක් පසුකරමින් සිටිමු. ගමන් සගයා ගූගල් මැප් පීරමින් තවත් කෙටි පාරක් සොයයි. නමුත් විල්පත්තු කැලය නිසා, අපගේ එකම ගමන් මාර්ගය නැවත පුත්තලම් ගොස්, පුත්තලම් මන්නාරම පාර වැටෙන තැනට සිලාවතුර පෙදෙසෙන් ඇතුලු වීමයි. ක්ෂණයෙන් ක්‍රියාත්මක විය, නැවත කිලෝමිටර් 40 පමණ ආපසු පුත්තලම බලා පැමිණියෙමු. පුත්තලෙමන් අනුරාධපුර මාර්ගය ඕස්සේ ගමන් කරයි, විල්පත්තු වනය නැරඹීට යන ස්තනයට ලඟවිය, එහි සිටි සෆාරි ජීප් කණ්ඩායමක මතය උයේ, ඔයාමඩු පාරේ ගොස් නිකවැව හන්දියෙන් මන්නාරම් හන්දියට ගොස් අරමුණ වෙත ලඟා විමයි.


අපි මන්නාරම් හන්දිය දක්වා ලඟ වූයෙමු, හවස් 12 ට පමණ ඇත. කජුවත්ත සිව්ල් ආරක්ෂක බලකා ස්ථානයේ සෙබලුන් මාරු වන දිනයයි. එම නිසා වනය මැදින් වැටී ඇති එම මහාමර්ගයේ ඉද හිට මොටර්සයිකලයක් හමුවෙයි. තවතැනක කණ්ඩයම් ලෙස තේවතුර බොමින් සිටිති. තව තැනක කැඩුනු මොටර් සයිකලයක් සාදති, ඔය අතර ‍ගස් හෙවනේ ගිමන් හරින සිවිල් ආරක්ෂක සෙබලුද දක්නට ලැබුණි. තරඟයට මෙන් අප මොටර්සයිකලය හා සිවිල් ආරක්ෂක ‍සේවයේ බයිසිකලයක්  ඉදිරියට ඇදී ගියේ කතාබහක්ද සිදු කරමිනි. දැඩි ලෙස අබලන් වූ මාර්ගයේ සෑම තැනකමට වලවල්ය, සමහර තැනක පාර සේදි ගොස්ය, කිලෝමීටර් 40 කට ආසන්න වූ දුෂ්කර ගමන බොහෝ සේ ප්‍රියජනක අලුත් අත්දැකීමක් විය, රථාචාර්යයතුමාට මාගේ ප්‍රණාමය පුදකරීමට ඉතා හොද අවස්ථාවකි.

පේමඩුව - යාය 8- විල්පත්තු වනය මැදින් සිලාවතුර දෙසට 


සවස දෙක පමණ වන විට කොක්කුපඩ්ඩයන් තුම්මන් හන්දියට ලඟ වූයෙමු, කතා කරන්නට දෙමළ බස නොදනි, නියමිත ස්ථානයට හරියාකාරව නොදනි, තොරතුරු දැන ගත හැක නාම පුවරුද නැත, නමුත් කොක්කුපඩ්ඩයාන් හංදියේ මුරකපොල්ලකි. එහි පොලිස් නිලදාරියෙක් හා හමුදාවේ නිල දරුවන් දෙදෙනෙකි. අපි කෙලින්ම කතාවට බැස්සෙමු. ඔවුන් එක්වරම ඇසුවේ අපි මධ්‍යවේදීන්දද යන්නයි, එයට නැත යන පිළීතුර දෙන ගමන් ඌනපූර්ණයක් ලෙස කිසිඳු සේනාවක සමාජිකයන්ද නොවෙමුයයි පැවසූහ. අපේ මූහුණු වල තිබුණු විඩාවත්, අරමූණත් හොඳින් පැහැදිලි වූ නිසා, දිවා ආහාරය අපිට පිරිනමා පැය භාගයක පමණ කතාබහකද නිරත විය. ඔවුන් තිදෙනා එතන දින කිහිපයක් රාජකාරි කලද, අදලා සිද්දිය වූ ස්ථානයට ගොස් තිබුණේ නැත, නමුත් ඔවුන් අඳුනන තවත් පොලිස් නිලධාරියෙක් එතනට කැඳවා අපට සියලු විස්තර ලබා දී, ආරක්ෂිත ලෙස ගමන් කාරන ආකරය පැහැදිලි කර දුනි. ඉදින් අප ඔවුන්ට බොහෝ ස්තුති කරමින් එතැනින් නික්ම ගියේ සුලු මොහොතකින් දක්නට ලැ‍බෙන වන විනාසය සෑබෑවක්ද යයි පත්‍යක්ෂ කොට දැන ගැනීමටයි. කෙසේ නමුත්, ඇතුලට කපා ඇති මංමාවත් වල ජනපතිතුමගේ පින්තූරත් දක්නට ලැබුනී. ඊට අමතර එම ප්‍රදේශයේම(විල්පත්තුව වනය තුල නොව) සිංහල දෙමළ මුස්ලිම් ගම්මාන වෙන වෙනම ඉදිවන බවද වැඩිදුරටත් ඔවුන් පවසන ලදී

තවත් දේවල් ලිවිමට අවශ්‍ය නැත, පහත පින්තූර හා වි‍ඩියෝ පට නරඹන්න, සිදු වී ඇති දේ හොඳින් දැකගන්න, තව නොබෝ දිනකින් මේ දෙපස තව තවත් ප්‍රසාරණය වී විල්පත්තුව හැකිලී යනු ඇත. එදිනට මේ ය සටහනක් පමණක්ම වේවා!. 






ස්තුතිය- තිසර මධුවන්ත මහතා / කොක්කුපඩයාන් ආරක්ෂක මුර පොලේ එදින සේවය කල නිලදරුවන් /සිවිල් ආරක්ෂක බලකායේ මහතුන් / ගමනට තොරතුරු සැපයූ සියල්ලන්/ මෙම ලිපිය කියන ඔබ සැමට හා බයික්කුවට

රථාචාර්යයා


පසු සටහන- එහි පදිංචි කරුවන් සමඟ කතාකිරීමට තිබුනා නම් මෙම ලිපිය තවත් වෙනස් ලෙස ඔබ වෙත ගෙන එන්නට තිබුණි හෝ මෙසේ ලිපියක් පල නොවන්නටද ඉඩ තිබුණී. ලිපියෙහි අඩුපාඩු ඇත්නම් කමාකරත්වා නිවැරදිකරත්වා

වැප්

27 comments:

  1. //එහි පදිංචි කරුවන් සමඟ කතාකිරීමට තිබුනා නම් මෙම ලිපිය තවත් වෙනස් ලෙස ඔබ වෙත ගෙන එන්නට තිබුණි හෝ මෙසේ ලිපියක් පල නොවන්නටද ඉඩ තිබුණී//

    පල නොවන්නට තමා වැඩි ඉඩකඩ

    ReplyDelete
  2. මොකද්ද වැරැද්ද කියලනම් පැහැදිලියි.

    චාමි සෑම් උගෙ පැත්තෙන් හරි, රංග ජයවර්ධනත් උගෙ පැත්තෙන් හරි, ගලගොඩ උන්නාන්සෙ එයාගෙ පැත්තෙන් හරි, බදුර්දීනුත් හරි වෙන්නැති, එතකොට කාගෙද වැරැද්ද??

    ReplyDelete
  3. වරද මේව කතා කරන අපේ..... අගනා සටහනක් මේ සටහන මෙයිටත් වඩා වැඩ් වටිනකමක් දෙන්න තිබුණා අර මිනිසුන් එක්ක වගේම ඒ පැත්තේ සිංහල මිනිසුන් එක්කත් කතා කොට විස්තර දැම්මානං...

    ReplyDelete
  4. ඉතා වැද ලිපියක් මචං. නලියා කිව්වට උඹලා මිනිස්සු එක්ක කතා නොකරපු එක හොදයි. මාධ්‍යවේදීනුත් නොවෙන නිසා උඹලව ආවරණය කරන්න කවුරුත් එන්නේ නෑනේ.

    වාදයන් මොනවා වුනත් වන සංහාරය ගැන දැක්කහම ඇතිවෙන දුක නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
  5. ඉතාම වැදගත් ලිපියක්. කරුණාකර මා ගැන වැරදියට හිතන්න එපා. මට හිතෙන්නෙ මුස්ලිම් සිංහල ගැටුමක් ආසන්න ප්‍රශ්නෙ වන දෙමළ ජාතිවාදයට වාසිදායක වෙයි කියලයි. මොකද දෙමළ ජාතිවාදීන් මුස්ලිම්වරු බළල් අතක් කර ගන්නයි යන්නෙ.

    ReplyDelete
  6. අදාල දෙපාර්තමේන්තු වල හා රට කරවන අයගේ හොඳකම තමා ඉතින්....අපේ මිනිහෙක් ඕකේ දර කෑල්ලක් ඇහින්දත් නඩු.!!! ගස්වැල් ටික පොඩ්ඩක් පැත්තකින් තියමුකො !! අදාල භූමිභාගය?? කොහොම සල්ලිවලට ගත්තද දන්නේ නෑ නේ? මහලොකුවට පහුගිය ටිකේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියල කෑ ගැහුවට ඒකෙන්ම පනෝපු "වන විද්‍යා හා වෘක්ෂලතා ආඥා පනතට ඔය ලස්සනට පශ්චාත්භාගය ප්‍රදර්ශණය කරල තියන්නේ....ආසියාවේ (අ)මුතු ඇටේ කියන්නේ දැන් මේකට නිකන්ද? අවංකවම මටනම් මාර සන්තෝසයි තනි ඇහැට ඇඬෙනව මේව දැක්කම....

    ReplyDelete
  7. වනාන්තර සංහාරය කරළා ජනාවාස පිහිටුවීම ගැන ලංකාවට නං තියෙන්නේ හොඳ ඉතිහාසයක්. පසුගිය වසර හැත්තෑ පහ විතර ඇතුලත වනාන්තර නැතිවෙලා තියෙන්නේ හිතාගන්න බැරි තරම් වේගෙන්.

    ජයසොන ජයකොඩි ගේ අස්වැන්න නවකතාවේ මං මේ වගේ ජනපදයක් ගැන කියෙව්වා මතකයි. හැබැයි ඒ කෙලින්ම ආණඩුවේ මැදිහත්වීමෙන් පිහිටවපු ජනපදයක්. අනික සිංහල. මෙතන වක්‍රවනේ රාජ්‍ය අනුග්‍රහය. එනිසා තත්වය වෙනස්.

    කෑලෑ කපලා ගම් පිහිටුවලා ඊලඟට ඔය ගම්වලට වල් අලි කඩාගෙන වදිනවා. ගස් කැපුවා මදිවට හක්ක පටස් දාලා අලි මරන්නත් වෙනවා!

    ReplyDelete
  8. ගමනේ මුලු දුර කිලෝමීටර් 548 කි. කොන්දේ අමාරුව තමව ‍සුව වී නැත. මෙතෙක් ජීවිතයේ එක් දිනක් තුල බයික් එකක ගමන් කල වැඩිම දුරද මේ දුර වේ. ස්තූතියි වැප් !

    ReplyDelete
  9. මුස්ලිම් මුස්ලිම් කියලා කෑ ගැහුවට විල්පත්තුව ඩෝසර් වෙන්නේ ජාතීන් 3 ම නේද වැපෝ...ඕවගේ පදින්චි වෙන අසරනයන්ටම ඕවගේ වම්දි ගෙවන්න වෙයි ධර්මයගෙන් වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
  10. උඹලා පට්ට රිස්කි වැඩක් කරලා තියෙන්නේ වැපා. ඒ නිසා මීට පස්සෙ පරිස්සමින් දෙපාරක් කල්පනාකරලා ඔය වගේ ගමන් පලයං. එක වතාවක් මායි තව යාලුවෙකුයි ඔය වගේ ගමනක් ගිහිල්ලා තව නූලෙන් හොඳටම ගුටිත් කාලා කැමරාත් කුඩු කරගෙන තමා එන්න වෙන්නේ අනවසර වැලි ගොඩදාන උදවියගෙන්. කට පණ තිබ්බ හින්දයි වෙලාව හොඳ හින්දයි අතුරු ආන්තරාවක් නැතිව ආවා. ඒ හින්දා පරිස්සමින්.

    ReplyDelete
  11. අපේ වගේ කුඩා දුපතකට ජනගහන පාලනයක් අවශ්‍යයි . පවුලකට ළමයි දෙන්නෙක් වැඩිම නම් තුනක් ඇතිනේ . ජාති භේදයක් නැතුව එහෙම පාලනයක් ඇති වුනා නම් වනාන්තර ටිකක් හරි ඉතුරු වෙයි .

    ReplyDelete
  12. බයික් එකේ ඔය වගේ රවුමක් ගහන්න ආසයි..

    ReplyDelete
  13. මොන‍ා වුණත් භයානක වැඩක් කරල තියෙන්නෙ.

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක්! ;)

    ReplyDelete
  15. අපරාදෙ අපේ පත්තර නලියා නොහොත් නලීන් දිල්රුක්ෂට කලින් දන්වලා ගියානම් මොනවාහරි කරගන්න තිබුනා කියලා හිතුනා..

    ReplyDelete
  16. මේව කරන උන්ට හෙන ගහන්න ඔනි අම්මපා

    ReplyDelete
  17. මෙහාට වෙලා වාද කර කර ඉන්නේ නැතිව බලන්න ගිය එක සිරා
    මේ ගෙවල් හදාලා තිබුනේ මන්නාරමට අයිති වෙන විලපත්තුවේද පුත්තලමට අයිතිවෙන් විල්පත්තුවේද කියලා අයිඩියා එකක් උඹලට තියද?

    ReplyDelete
  18. කණගාටුයි මේව දකිනකොට. තාම මම හිතන්නෙ පදිංචි කරවල නැතුව ඇති , මේ අය පදිංචි වුනාට පස්සෙ සංහාරයේ තමයි ඉතිරි ටික පටන් ගන්නෙ.
    හලාල් නොවී දිවි බේරාගෙන ආපු එකම ඇති :)

    ReplyDelete
  19. බින්දී කිව්වා හරි ජාති ආගම් බේදයකින් තොරව එක පවුලකට ළමයි 2 ක හෝ 3 ක උපරිම සීමාවක් නියම කරනවා නම් මේ ගොඩක් ප්‍රශ්න විසදෙනවා. මුස්ලිම් ජනගහනය අනවශ විදියට වර්ධනය වෙන එකත් නවතිනවා. නානසාරල වත් රජය වත් හෙළ උරුමය වත් ප්‍රශ්නෙට සැබෑ විසදුමක් ගේන්නේ නෑ.... ජාතිවාදය වපුරනවා මිසක්. මොකද දුෂ්ටයෙක් නැති උනොත් ඔය ගොඩක් විරයෝන්ට පැවැත්මක් නැති වෙලා යනවා. නානසාර ලා , හකීම්ලා, බදුදීන් ල, ගමන්පිලල, පාඨලීලා, තොන්ඩමන්ලා, සම්බන්දන්ල විතරක් නෙමේ මහින්ද ලත් කරන්නේ ජාතිවාදය පිටින් දාල තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එක විතරයි.....

    ReplyDelete
  20. මේ ගෙවල් හදාලා තිබුනේ මන්නාරමට අයිති වෙන විලපත්තුවේද පුත්තලමට අයිතිවෙන් විල්පත්තුවේද කියලා අයිඩියා එකක් උඹලට තියද?

    මන්නාරමට අයිති විල්පත්තුව.

    ReplyDelete
  21. කතා නොකරපු එක හොඳයි ,ලිපිය වෙනස් වීම කෙසේ වෙතත් මේ ලිපියත් නැතිවෙන්න තිබ්බා එහෙනම්

    ReplyDelete
  22. ඔ..න ඉතින් මටත් කතා කොරන්න එපැය යන්න, සිරා වැඩක් වැපා , සහ සිහිනයා ,
    අපේ කට්ටිය කටින් බතල හිටවපු වෙලාවේ සැක සංකා දුරු කරන්නත් එක්ක ගිහින් බලල ලිව එකම ඇති ,

    ReplyDelete
  23. අනේ රිප්ලයි බටන් එකක් දාහන්කො කොමෙන්ට් වලට

    ReplyDelete
  24. උඔලාගේ අවධානම පිරුනු ගමන ගැන ස්තුති කරන්න ඕනේ... අර සීනයට උඩදාලා එකක් දුන්නානම් කෙලින්ම කොළඹ....

    කකාගේ සහ බින්දිගේ කමෙන්ට් වල තියෙන අදහස් වලට එකඟයි..... අනික රටේ කාටත් එක නීතියක් තියෙන්න ඕනේ කියන දේත් වැදගත්...

    ReplyDelete
  25. සුපිරි වැඩක්... ඔය වගේ දෙයක් කරන්න තිබුනු ගටට ප්‍රණාම්..
    විලපත්තුවෙ හරි සිංහරාජෙ හරි වන සංහාරයක් වෙනව නම් ඒක වැරදියි.. ඒවට විරුද්ද වෙන්න තියා මිනිස්සුන්ට දැනගන්නවත් අද රටේ වාතාවරණයක් නෑ.. ඔයවගේම තමයි ලාහුගලත් රක්ශිතය කපනවා..

    … …ජනගහන පාලනය අනිවා වෙන්න ඕන.. ඒ සඳහා නීති සම්පාදනය වීමේ අවශ්‍යතාව මතුවෙලා තියන බව මේ සිද්දි වලින් හොදටම පැහැදිලියි.. මුස්ලිම් ජනගහනය අසාමාන්‍ය විදියට වැඩි වීමෙන් ජන ඝනත්වය වැඩි වෙලා තියන එකේ විපාක මේ වෙද්දිත් අකුරණ, තිහාරිය වගේ නගර වල ඇතිවෙන අසාමාන්‍ය මාර්ග තදබදයෙන් තේරෙනවා.. මේ වගේ නගර වල පාරට වෙන් කල ඉඩත් මිනිස්සු අල්ලගෙන...

    ReplyDelete
  26. සුපිරි ලිපියක් ජයහෝ

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....