Thursday, July 22, 2010

වසර තුනකට පෙර සිංහල බ්ලොග් අවකාශය.

තෙරක් තොරක් නොපෙනෙන අන්තර්ජාලය තුල එහෙ මෙහෙ යනකොට අහම්බෙන් වගේ පරණ බ්ලොග් එකක් හම්බ උනා ... ඒක දිගට තව තව යද්දි තව තව එව්වා හම්බ උනා ....

එහෙම මට අහුවෙච්ච හොදයි කියලා හිතුණ ටිකක් මෙන්න.....

මේ දාල තියන ගොඩාක් අඩවි දැනට වසරක විතර වෙලේ ඉදන් කිසිම ලිපියක් ලියපු නැති එව්වා. තව ගොඩක් හම්බ උනත් මට හොදයි කියලා හිතුන ටික තමයි මේ.

දැන් මෙයාලට මොකද වෙලා තියන්නේ කියන එක තමයි මට තියන ප්‍රශ්ණය. මේවා බලපුවාහම ඒ දවස් වල ඒ කියන්නේ මීට වසර තුන හතරකට උඩදි කොහෙමද සිංහල බ්ලොග් අවකාශය හැඩ උනේ කියලා හොය ගන්න පුලුවන්. ඔවුන් එදා අමාරුවෙන් පටන් ගත්තට අද කොයි තරම් පහසුකම් අපිට තියනවද?


තව දෙයක් මට හම්බුණ ඒ පරණ බ්ලොග් අතර මං දන්න හා දැනුත් සිංහල බ්ලොග් ලියන දෙන්නෙක් ඉන්නවා

තව අය ඉන්න පුලුවන් මේ මගේ දැනුමේ හැටියට ......

වැප්

Sunday, July 18, 2010

රාවණ රාජ්‍යයේ මහා උත්සවය

සඳින් සඳ මෝදු‍ වී අහස් කුස බබළවා සඳකැන් පොළව මත පතිත කරනා ඒ පුර සඳ පායා ඇති සොඳුරු රාත්‍රියේ ලක් වාසී පින්වන්ත ජනයා ලහි ලහියේ සැරසෙමින් සිටින්නේ, හෙට දිනට උදා වන්නාවු, අප මහා රාජෝත්තමයන් වුද, ලක් භුමියට භුපල් වූද, සකල ලංකාපුරයටම මහරජ වුද, මහත් වු තේජසින් ආඩ්‍ය වුද, ගාම්භිර වූද, වාසනාවන්ත පින්වන්ත වූද අපේ මහා රජානණ් වු අති ශ්‍රේෂ්ට, අති උත්තම රාවණ රාජෝත්තමයන්ගේ නැගෙණිය විදේස් සංචාරයකට පිටත්ව යාම නිමිති කොට ගෙන, සකල වාසී ලාංකීකයෝ සමගින්ද, ලාංකා රාජ්‍යයේ රාජ අනුග්‍රහය ඇතිවද, විදෙස් රාජ්‍යන්ගේ සම්භාවනීය ආරාධනයෙන්ද, එක් සිත්ව එකා මෙන්ම , ලාංකා මෑත ඉතිහාසයේ මහත් වු අලංකරණයෙන්ද, උත්වත්ශ්‍රීයෙන්ද, සැනකෙළියක අර්තයෙන්ද, රටවාසීන් සියල්ලම ප්‍රීති ප්‍රොමෝදයෙන්ද, අමන්නාදනයෙන්ද, මුසපත් කරන්නට සැරසෙන්නා වු ඒ මහා උත්සවය මුලු හදින්ම, හද බැතියෙන්ම, අප මහා රාවණ රාජෝත්තමයානන්ට කරන ගරු සැලකීල්ලක්, රාජ්‍යයට අවනත වීමක්, රාජ්‍යට පක්ෂපාති බව ඇඟවීම යන කරුණු එකා මෙන්ද, රට වැසියන් යන නියමයෙන්ද, ඒ අති උත්තම සකල විද ජය ගත් මහා බලැති, මහා බලානු සම්පන්න ලාංකා රාජ්‍යයේ මුල්ම පුරුවැසි වුද, රාවණ රජ්‍යයේ නිර්මාතෘ වුද, ලොව ජය ගත් මහා රජාණන් වු අප පින්වන්ත රාවණ රජුගේ රාජ මගපෙන්වීමනේද, මහාමත්‍ය ප්‍රමුඛ අන්‍ය රාජකීයන්ගේ අවසරයෙන්ද, ඒ වාසනාවන්ත පින්බර දිනය උදාවන්නේ, පෙර සිරිතට අනුව හෙවත් මෙතෙක් කල් රැකගත් සම්ප්‍රදායට ගරුකීරිම හෙවත් නිති සම්පාදනය වී ඇත්තේ මෙලෙසින් බැවින් නිසාමත්, එය පැහැදිලි කරනුයේ නම් මෙලෙසත්, "රජුගේ නැගෙණියක් යම් දිනක ප්‍රතම වතාවට විදේස් රටක සංචරනයක් යෙදෙන්නේ නම් එදිනට පෙරදින සකලවාසී රටවැසියනුත්, සියලු රාජකීයනුත්, විදෙස් මිත්‍රයිනුත්, ඒ පින්බර , මන පිනවන රූප ශ්‍රීයෙන් අග්‍ර වු වාසාවන්ත නැගෙණිය වෙනුවෙන් එක්ව එක් සිතින් එක් හඬින්, යොදාගත් සංචාරයට සුබ පැතීම, ආශිර්වාද කීරිම, උපෙදෙස් දීම හා එය සාර්තත්වයට පැමිණෙනු ඇතැයි කියන විශ්වාසයෙන්ද, අරමුණින්ද, ඒකායන පරමාර්තයෙන්ද උත්වයක් පවත්වන්නේය", එලෙස සඳහන් කල පරිදිම ‍තවත් මොහොතකින් ලාංකා භූමිය පතිත වන්නා වු අලුත් හිරු කිරණයෙන්ද, සූර්ය රශ්මියෙන්ද, නහවමින් ඒ සුබ දිනය සුබ නැකැතින් උදාවනු ඇත.




උදා හිරු කිරනින් හැඩ වැඩ දැමු ප්‍රධාන නගරය බබළවමින් දිලිසෙමින්, ලාංකා රජ්‍යයත් එහි වැසියනුත් බලාපොරොත්තු වුද, පැතුවා වූද ඒ මහා උත්සවය ඈරබුම සනිටුවන් කරනුයේ, අඩි 42000 ක් ඉහල ආකාසේ සිට මල් ඉසිමින් රාජකීය ලිලාවෙන් අඔර සිසාරා හැඩ වැඩ වෙමින් පියාසරන රාවණ රාජ්‍යයේ මහා නිර්මාණය වු දඬුමොනර හෙවත් ආකාසයේ ගමන් කල හැකි, අහස් කුස ජයගත් අහස් යනා ත්‍රිත්වයක් ලාංකා අහස් කුස තම ග්‍රහනයට ගෙන ඒ කොන මේකොන පියසර කරමිනි. 'කොහොම්බගම' වරියපොලින් එක් යානයක්ද, 'බිගන්තලාව' වාරියපොලින් තවත් යනා දෙකක්ද මෙසේ අහස්කුසට නැග හැඩ වැඩ දමද්දි, රටවැසියයෝ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දමයට පත්වී වැල නොකැඩී, එකෙක් පස එකා පොරකමින්, විසිවෙමින්, හනිකෙන් මේ නගරයේ ප්‍රදාන උත්සව භූමියට ගමන් කරති. මහා ජන සමුහය, එක් තැන් කරන්නටම සැකසු ඒ මහා භූමිය වු කලී වසරට පමණ පෙර උත්සවය සඳහා, උත්සව භුමිය සැකසිම පිණිස වසා දෑමු ප්‍රධන වරියපොලයි. එක් වර යාන සියයක පමණ මෙහෙයුම් කල හැකි මේම භුමියම මෙයට තොරාගනු ලැ‍බුවේ එහි ඇති ඉඩ කඩ නිසමය. ප්‍රධාන වරියපොල තාවකාලිකව වසා දැමිම කරනු ලැබුවේ එවැනි තවත් වරියපොල දෙකක් රජ්‍යයේ දෙකොනේ තැනීමෙන් අනතරුවය. නෙඑසේ නම් රට අභ්‍යන්තරයේ ගමනා ගමනය අඩාල වී රටවැසියා අපහසුතාවයට පත් විම නොවැලැක්විය හැකි විය. එහෙයින් අප රාජ්‍යයේ මහාරජු වු රාවණ රජුගේ දුර දක්නා නුවනින්, ස්තානොචිත ප්‍රඥ්ඥාවේ මහිමයෙන් ලංකා රජ්‍ය සඳහා තවත් 'වාරියපොල' දෙකක් හිමි විය.


හිරු පායා හෝරා දෙකක් ගෙවෙන තැන, ලාලිත්‍යයෙන් අග්‍රවුද, සියුමැලි බවින් සුපසන් වූද, නිහතමානීත්වයෙන් දෙවෙනි නොවුද, රූසපුවෙන් මෙතුවක් කල් ප්‍රථමයා වුද, ආඩම්බරය අතින් උසුලාගත්තා වුද, ලාංකා රාජ්‍යයේ සිරියාකාන්තාව වූද, ලක්රාජ්‍යයේ වාසනාවන්තිය වුද, පින්බර මනුසත් දෙවඟන වූද, අප මහා රාවණ රජුගේ නැගෙණිය පරිවාර කාන්තාවන් පිරිවරා, උත්සව භුමියම එකාලෝක කරමින්, බබළවමින්, වරිණවත් කරමින්, රට කොනින් පැමීන ජනයාද, රට අභ්‍යන්තරයෙන් පැමිණි ජනයාද, නගරවාසීන්ද, සියලු සකලවිද ජනී ජනයාද මොහොතකට තම ග්‍රහණයට ගනිමින් උත්සව භුමීය දැඩි නිශ්ෂබ්ද තාවයකට පත් කරමින් මෙසේ ප්‍රධාන පිටිකාවේ හිමි අසුනේ සීරුවෙන් අසුන් ගත්තේ, තම අයියණ්ඩය වූද රජ්‍යයේ භාරකාරයා වූද අප මහා රාජෝත්තමයානන් වූ රාවණ රජු කොහේ දැයි සොය බලමිනි. පොරකමින් තෙරපෙමින් බැන අඩගසිමන් සකලවිද ජනී ජන‍යා දුප්පත්, පොහොසත් කුල හීන, කුලවත් යන පුහුදුන් කරුණු පසෙක ලමින් මෙසේ ප්‍රධාන පිටිකාව දෙසට ගමන් කරනුයේ ඒ සුපින්වත් පින්වත් කරුණාබර ශ්‍රීයා කාන්තාව වූ රාවණ රාජ්‍යයේ රාජ කුමරිය වු රාවණ රජුගේ නැගෙනිය දැක බලා සතුටු වීමටය. තරුණ ගැටව් කල්ලි ගැසී, මැදි වියේ හා මහලු ජනයාට උසුලු විසුලු කරමින් පොරකමින් ඉදිරියෙන් ඉදිරියට යමින්, ලංකා රජ්‍යයේ පින්බර දෙවඟන දැක බලා සතුටු විමේ අරමුනින් හනි හනිකට ඉක්මන් ගමනින් අන් අය පසෙක ලමින් තව තවත් ප්‍රධාන පිටිකාව වෙත ලං ලං වෙයි. වචනයක් කතා කිරිමේ වාසනවා නොලත් තරණ කොල්ලලෝ, ඇය දැක බලා සතුටු වි පසෙක ඇති මතින් මත් වී භමණය වෙමින් රිසිසේ විනෝදයෙන්, සතුටෙන් හා මහත් වු විනෝදකාමිත්වයෙන් නැවතත් ප්‍රධාන පිටිකාවෙන් ඈත් වී යයි.



තරුණ මදයෙන්ද, රූප ශ්‍රීයෙන්ද අග්‍රගන්‍ය තරුණ වියේ සතුට බුක්ති විඳින ඇය, සිදුවන සියල්ල මෙසේ අසුනේ සිට දැක බලමින් සිටින මොහොතේ, ඉතා ඔනෑ කමින් පැමිණ සිටින, විනෝද වන , මහත් ප්‍රීතියෙන් සිටින ජනයා අතරින්, එක් රුවක් දෙස මහත් ඔනෑ කමින් බලා සිටිනුයේ, ඇය දෙස බලා සිටින තරුණ ගැටව් ඇස් පිය නොහෙලා බලා සිටින්නාක් මෙනි.


මෙය වුකලී ඇයගේ ප්‍රේමවෘතාන්තයේ පටන් ගැන්මද?

මෙම් කතාව මීටත් වඩා රසවත්ව රිසි පරිදි ගෙතීමට හැකි අයට ආරාධනා කරමි ....

වැප්

Sunday, July 11, 2010

කොන්දොස්තර හා මහත්තයා

හෙඩිම දැක්ක ගමන්, හිතන්න එපා මාත් දැන් බස් වල යනවා කියලා. මොකද කට්ටිය දන්නවානේ මන් යන්නේ මගේම වාහනයක හා අත දාන ඔන අයෙකුට ඒක නවත්වනවා කියලා. ඒ වගේම මේ බ්ලොගය බලන කට්ටිය දන්නවා වැප් බස් වල යනකොට BBC ඔන් කරන් තමයි යන්නේ කියලා. ඇයි අප්පේ ත්‍රස්තවාදය නැති උනාට අපිට කියලා තියෙන්නේ අවට ගැන සෝදිසියෙන් ඉන්න කියලා නොවැ. මං ඉතින් ඕක කිව්වා නැතා මගේ යුතුකම ඉෂ්ට කරනවා. මොකද අතින් පයින් යන එකක් යෑ. කතාවක් ඇහෙන පැත්තට එක කන් පෙත්තක් සුසර කරනවා එච්චරයි. බැරි වෙලාවත් කතා දෙකක් ඇහුනොත් කියලා තමයි ඔය එක කන් පෙත්තක් විතරක් එක කතාවක් දෙසට ටියුන් කරලා ගන්නේ. කොකටත් කියලා හැම තිස්සෙම එක කන් පෙත්තක් බැකප් තියාගෙන ඉන්නවා. වැඩේ කෙස් වෙන්නේ කතා තුනක් ඇහුනොත් තමයි. ආ ඒකත් එච්චර අවුලක් නැහැ කට ඒ පැත්තට හරවලා ගහනවා අලුත් සන්නිවේදන කණුවක්. මගේ මධ්‍ය ජිවිතය ගැන කියන්න ගිහින් කියන්න අපු කතාව අමතක වෙලා යනවා තව පොඩ්ඩේන්.

දිනය කිව්වොත් ගිය සිකුරාදා, සුපුරුදු විදිහට 5.30 ඔෆිස් ඇරිලා ගෙදර එනවා. ආ නැහැ දැන් ඒකත් සුපුරුදු නැහැ දැන් ඇඟිල්ල ගහන්න තියෙන්නේ 6 ට. ඒ කිව්වේ දැන් 96ට තමයි වැඩ කරන්නේ. 69 නෙමෙයි හොදේ මොකද 69 කිව්වාහම ඉතින් එක එක වැරදි සිතුවිලි එනවානේ. හරි ඔන්න දැන් මෙතුමා කොළඔ ඇස්ඇල්ටි එක ගාවින් කිරිබත්ගොඩ කරා එන බස් රථයකට ගොඩ උනා. බස් එක පටන් ගන්නේ එතනින් හින්දා සීට් එකක වාඩි උනා, [ සීට් එකක නැතුව බිම වාඩි වෙන්න යෑ ]ගොඩ වෙන පැත්තෙම විදුරුවක් ලඟ. ඔන්න දැන් කොන්දොස්තර මහත්තයා ටිකට් කඩාගෙන එනවා. ටිකට් කඩං එනවා කව්වාට සල්ලි ගන්නවා විතරයි. කෝකටත් කියලා මං ලඟ ටිකට් එකක් තියනවා, ඒ උදේ යද්දි වෙන බස් එකක කොන්දොස්තර දුන්නු ටිකට් එක. ඔන්න ටිකකින් මේ කතාවේ කතා නායකයා ගාවට ඇවිත් ටිකට් එකක් ගන්න කියලා, කොන්දොස්තර මහත්තයා කිව්වා. මෙන්න සංවාදය .... උණු උණුවේ වම් කනේ බැකප් දාගත්තුවා

පුර්විකාව
වේදිකා මද අඳුරේ ඒ අතර තුර යන්තම් කොන්දොස්තර, ඩයවර් උන්නැහේට කියලා එක ලයිට් එකක් දාගත්තා.

චරිත
කොන්දොස්තර - වයසක අඟපතෙන් කුඩා තරමක් අඩු උස අයෙකි
අදාල මගියා - මැදිවියේ කන සාක්කුවේ දමා ගත් මහත්තයෙකි

පේක්ෂකාගාරය
BBC - ඔන් එකේ

කොන්දොස්තර - ටිකට් ටිකට් ටිකට්
මගියා - කෝ?
කොන්දොස්තර - මහත්තයා ටිකට් ගන්න
මගියා - කෝ? ‍ටිකට්
කොන්දොස්තර - මහත්තයා සල්ලි ගන්න
මගියා - ආ ඉන්න සල්ලි දෙන්නම්
කොන්දොස්තර - මහත්තයා කොහෙන්ද බහින්නේ
මගියා - පාලම උඩ
කොන්දොස්තර - අලුත් පාලමද? ගුවන් පාලමද?
මගියා - අලුතෙන් හදපු ගුවන් පාලම නෙමෙයි අනික
කොන්දොස්තර - කැලණි පාලම

අතරතුර
වේදිකාව දැඩි නිෂ්ශබ්ද තාවයේ සියලු මගීන් මේ සංවාදය දෙස තම තමුන්ගේ කන් පෙති දෙකම යොමාගෙන. මා පමණක් එක් කනක් බැකප් තාබාගෙන.

මගියා - සල්ලි දෙන ගමන් කොන්දොස්තර මහතාගේ මුහුණ දෙස ඔනෑකමින් බලාසිටියි
කොන්දොස්තර - තව රුපියල් දෙකක් ඔනා
මගියා - දැඩි නිශ්ෂබ්ද තාවය
කොන්දොස්තර - මහත්තයා තව රුපියල් දෙකක් ඔනා
මගියා - ඉන්න යයි කියමින් රු 100ක් දික් කරයි
කොන්දොස්තර - සද්ද නැතිව සියෙන් රු 2 ගෙන ඉතුරු සල්ලි මගියාට පිරිනමයි
මගිය - ගත් ඉතුරු සල්ලි කිහිප විටක් ගනීමින් නිවැරුදි දැයි පිරික්සා බලන අතර තුරු කොන්දොස්තර දෙසට හොර බළල් බැලුම් දෙක තුනක් එල්ල කරයි
කොන්දොස්තර - මහත්තයා හරිද
මගියා - තාම ගනිනවා


විවේක කාලය
වේදිකාවේ තිරය වැසී යයි. අලුත් පාලම දෙසට බසය ලඟ වෙමින් පවතියි. මගියා තද නින්දේ නිදි සුව විඳිමින්, දැන් බසය සුගත දාස ගෘහස්තය අසල

නැවතත් වේදිකාවේ තිරය විවෘත වෙයි
කොන්දොස්තර - මහත්තයා පාලම ඉස්සරා, නැගිටින්න
මගියා - තත නින්දේ
කොන්දොස්තර - මහත්යා බහින්න ඔන නම් ඉස්සරහාට යන්න
මගියා - ඉතුරු සල්ලි
කොන්දොස්සර - දුන්නේ එකපාරක්
මගියා - එකවර සාක්කු වලට තම අත් කුකල් යවමින් සල්ලි සොයයි
කොන්දොස්තර - ඩයිවර් මහත්යා දෙසට කෙමෙන් කෙමෙන් පිය නගයි

දැන් ඔන් බසය අලුත් පාලම අසල ලඟා වෙමින් පවතීයි

කොන්දොස්තර - මහත්තයා බහින්න ඉස්සරහට යන්න
මගියා - සද්ද නොඅසෙන සේ ..... අම්XXXX හුXXX කැXXXX හුXXX පුතා ඉතුරු සල්ලි
කොන්දොස්තර - මගියා අසලට පැමිනේ
මගියා - කිසි දෙයක් සිදු නොවු ගානට පලම ලඟ බසිනවා යයි පවසමින් ඉදිරි දෙර ලඟට විසි වෙමින් පාවෙයි
කොන්දොස්තර - පසු පස දොර ලඟට සක්මන් කරයි
මගියා - ඉදිරි දොර ලඟ සිට නැවතත් අත දිගු කරමින් කොන්දොස්තර මහතාට ගොලු බාසවෙන් බැන වදියි
කොන්දොස්තර - නැවතත් ඉදිරි දොර ලඟට හෙවත් මගියා සිටින තැනට පැමිනෙයි
මගියා - ඉතුරු සල්ලි
කොන්දොස්තර - දුන්නේ
මගියා - ආ දුන්නා නම් කම්ක් නැහැ
කොන්දොස්තර - මේ හොල්ට් එක කැලණී පාලම, බහින්න
මගියා - ඉතුරු සල්ලි
කොන්දොස්තර - දුන්නේ

මෙවිට බසය පැලියගොඩ හොල්ට් එක දක්වා ධාවනය වෙමින් පවතියි

මගියා - කමක් නැහැ ඊලඟ එකෙන් බහිනවා
කොන්දොස්තර - පසු පසට දොර ලඟට යයි
මගියා - පැලියගොඩින් අමාරුවෙන් බැස ගනී
කොන්දොස්තර - සද්දෙන් මගියාට බැන වදියි


ඔය කන් දෙක එක එක පැති වලට සුසර කරන ඒකම කෙනා මං විතරක් නෙමෙයි නේද? :D

සත්‍ය සිදුවිමක් පාදක කොට, යම් යම් නිර්මණ ශිලි කොටස් අතලොස්සක් එක් කරගනිමින් මෙම විශිෂ්ට කලා කෘතිය නිම කල බවත් මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත බවත් මෙසේ ප්‍රකාශ කරමි.


වැප්

Saturday, July 10, 2010

විචල්‍යක් බවට පත් කල බුදු හාමුදුරුවන්ගේ උපන් දිනය

වෙසක් මස පළමුදා
වෙසක් මස දෙවනිදා
වෙසක් මස තුන්වෙනිදා
වෙසක් මස හතරවෙනිදා
වෙසක් මස පස්වෙනිදා

වෙසක් මස හය වෙනිදා
වෙසක් මස හත් වෙනිදා
වෙසක් මස අට වෙනිදා
වෙසක් මස නම වෙනිදා
වෙසක් මස දහ වෙනිදා

වෙසක් මස එකොලොස් වෙනිදා
වෙසක් මස දොලොස් වෙනිදා
වෙසක් මස දහතුන් වෙනිදා
වෙසක් මස දාහතර වෙනිදා
වෙසක් මස පහළොස් වෙනිදා


වෙසක් මස දාසය වෙනිදා
වෙසක් මස දාහත් වෙනිදා
වෙසක් මස දහඅට වෙනිදා
වෙසක් මස දහනම වෙනිදා
වෙසක් මස විසි වෙනිදා

වෙසක් මස විසිඒක් වෙනිදා
වෙසක් මස විසිදෙ වෙනිදා
වෙසක් මස විසිතුන් වෙනිදා
වෙසක් මස විසිහතර වෙනිදා
වෙසක් මස විසිපස් වෙනිදා

වෙසක් මස විසිහය වෙනිදා
වෙසක් මස විසිහත් වෙනිදා
වෙසක් මස විසිඅට වෙනිදා
වෙසක් මස විසිනව වෙනිදා
වෙසක් මස තිස් වෙනිදා

වෙසක් මස තිස්එක් වෙනිදා

දැන ගැනීම පිණිස පමණි

වැප්

Thursday, July 8, 2010

මගේ බ්ලොග් කෙරුවාව

බලන් මිතුර දොරට වැඩුම - උදුවප් මහ මුල්ම ලිපිය
කෙටියෙන් එය හැඳින්විම - මෙතුවක්කල් කෙටිම ලිපිය

දුටවාද එහි අකුරු කෙරුම - මහප්‍රාණ පඩ ෂෝ එක
නැතුවද එහි ගන්න යමක් - දුකා ගිත් කමෙන්ට් දෙකක්

තදට හැදුන අමාරුවට - දෙසැම්බරේ දෙවන ලිපිය
මහ තෙර හිමි සෝම හිමිට - පිදුවෙමි මගේ ශෝක පිදුම

අනේ අපොයි වසර 6 යි - ලිව්ව දිනට සමුගෙන හිමි
නිවන් සුවත් පැතුවා එහිමිට - දුකා ගිත් මෙදත් එතන

දෙසැම්බරේ අවසන අග - අලුතෙන් ආ අමුතු පැතුම්
එක් කර මා ලියු දේට, බිඟු සම්පත් - පිස්සා තරිඳු රාළ එහෙම
සිතිජ මංජු CD සාරංග ඇතුව අතර - පැතුවා සැම නව අසිරිය

නව අවුරුදු අලුත් පැතුම් - විචාරයක් සිංහල ගැන
3නට කඩලා මුල්ම ලිපිය - ලිව්ව දේට කලවම් කර
ප්‍රතිචාරත් එමට හොඳට - සතුටු උනා ලිව්ව දේට

ජනවාරියේ දෙවන ලිපිය - ගැනම තමයි වැලි කෙළියේ
සෙල්ලං ටික අපි කරපුවා - කමෙන්ට් වලත් වෙන එව්වා
ගනින විදිහ මං කිව්වා - වෙනත් එව්වා උන් කිව්වා

මෙන්න එනවා ජන වරණේ - කට පැත්තක් කොකියන්‍ නේ
මගේ පැතුම පවසන්නේ - කෙලින් නොකියා බර දුන්නේ

ලියන්න දේවල් එමටයි .... ඒත් මුල ඉදලා ආයිත් මං ලිව්ව එව්වා බලන්න හිතුනා ... මං ලියන එවා ගැන මුලින්ම සතුටුවෙන්නේ මමනේ .. මෙන්න එහෙම මං ආයිත් රස විඳපු මුල් ලිපි කිහිපය ..... ආ අමතක උනා මේක බ්ලොග් එකට වර්ෂ පුර්ණයක් හෝ ලිපි 100 කට වඩා ලිව්ව හින්දා හදපු ලිපියක් නෙමෙයි. වර්ෂ පුර්ණයට බොහෝ කාලයකුත් ලිපි 100 කට තව චිරාත් කාලයකුත් තියනවා. කොහොම හරි මං මේ බ්ලොග් එක පටන් ගත්තේ "Thursday, December 24, 2009" කියන මෙන්න මෙදා ...

ඉතිරි කොටස් බලාපොරොත්තු වන්න ... :D

වැප්


Tuesday, June 22, 2010

ෆන් එකක් ගන්න Fishing Hut - ෆිෂින් හට් යමු

ස්ථානය :- ෆිෂින් හට් - මස්කෙලිය
කොළඹ සිට දුර යාමට හා ඒමට :- කි.මි . 358 ආසන්නව
නැරඹිය හැකි දේ :-
  1. ෆිෂින් හට් අසල ස්භාවික සෞන්දර්යය
  2. ඇබඩීන් දිය ඇල්ල
  3. ලක්ෂපාන
  4. සප්ත කන්‍යා කඳු වැටිය
ගනන් හිලව් :- එක් නිවසක් සඳහා රු 7000/- කි. එවැනි නිවස්න දෙකක් ඇත. [ මෙම ගනන් සීසන් ඕෆ් සීසන් මෙන්ම සති අන්ත, සතියේ දින අනුව වෙනස් වෙයි ]
  1. සීසන් 9000/-
  2. සති අන්ත 7000/-
  3. සතියේ දින 5250/-
වෙන්කර ගනීම :- මස්කෙලිය ප්ලාන්ටේෂන් කොළඹ ප්‍රධාන කාර්යාලය- නාවින්න අපිකෝ ප්‍රදර්ෂණාගාරය අසල
වැඩි දුර තොරතුරු :- http://sinhala.hotellanka.lk/21-181-651/fishing_hut.html
වාහනය :- 4වීල් වාහනයක යාම දැඩි ලෙස අවධාරණය කරමු
රැගෙන යා යතු දේ :-
  1. සීත කබා
  2. කූඩැල්ලන් සඳහා - ලුණු/ දෙහි හෝ වෙනත් සුදුසු දෙයක්
  3. ආහාර පාන
ඔවුන් සපයන දේ :-
  1. ඇදන් හා කොට්ට
  2. පිඟන් කෝප්ප හා ගැස් උදුන්
  3. අවැසි ලාම්පු- [ විදුලි බලය නැත ]
ජංගම දුරකතන :- එටිසලාට්

මෙන්න පින්තූර ටිකක්


















Sunday, June 13, 2010

මටත් උපාධි පත්වීමක් හා ග්‍රාම සේවක හතරට කැඩිම

මාතෘකාව දැක්ක ගමන් හිතන්න එපා ... මාත් ආණ්ඩුවේ ජොබ් එකකට ගියා කියලා. හැබැයි ඉතින් ආණ්ඩුවේ ජොබක් තියනවා නම් ආතල් එකේ ඉන්න තිබුණා. ආතල් කිව්වේ ෆුල් ෆන් එකේ හෙවත් එදා වේල ලෙව කාගෙන. වත්මන් තරුණ පරපුර ඒ කිව්වේ මං වගේ අය රජයේ රැකියා වලට එතරම් උනන්දුවක් නොදැක්වුවත් :D , ආණ්ඩුවේ රස්සාවක් ගන්න බලං ඉන්න කට්ටිය ගොඩයි. මේ අතර ඉහලින්ම ඉන්නේ නිදහස් අධ්‍යපනයෙන් උසස් අධ්‍යපනයේ වරම් හිමි කරගත් උපාධි ධාරියෝ හෙවත් උගත්තු ටික. මේ උගත්තු කිව්වාහම ඉතින් කවුරුත් දන්‍නවානේ අපේ විශ්ව විද්‍යාල අධ්‍යපන ක්‍රමය. ‍විශ්ව විද්‍යාල පාඨමලා කිහිපයක හා උසස් අධ්‍යපන අයාතන වන NDT, TTI[ මේකට කියන අලුත් නම නම් මට මතක නැහැ] හා HND හි ඉගෙන ගන්න, හෝ ගණිත අංශයෙන් උපෙළ කරපු ශිෂ්‍යයන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දුන්නත්. අනික් බොහෝ පාඨමලා පොතට පමණක් සීමා වෙනවා.

උපාධි ධාරින් අපේක්ෂා කරන, රජයේ තියන ඉහළම විධායක ශ්‍රේණියේ රැකියව තමයි, පරිපාලන සේවා .... පහුගිය දවසක මේ සඳහා උපාධි ධාරින් 30000 ක් ඉල්ලුම් කලත් එහි බඳවා ගැනීම් සඳහා රජය මගින් පවත්වන විභාගය සඳහා පෙනී සිටියේ 15000 පමණි. මේවා මේ අතුරු කතා. කියන්න ඔනා උනේ ග්‍රාම සේවක කොහොමද හතරට කැඩුවේ කියලා.

ලාංකාව වගේ දියුණුවෙමින්[ අපේ සීයා / අම්මා / මම මෙහෙම තමයි ඉස්කෝලෙදි ඉගෙන ගත්තේ දැන් යන උනුත් මේකම තමයි .... :D ] පවතින රටක රැකිය ප්‍රශ්නය උග්‍රයි කියලා තමයි අපිට ඉගැන්වුවේ... ඒක ඒ විදිහටම හරි කියලා හිතුනේ .. රස්සාවක් නැතුව කට්ට කකා ඉන්න දවස් වල. කට්ටියක් ස/පෙළ සාපයක් කරගෙන අධ්‍යපනය නතර කරන කොට, උ/පෙළ තරඟය ජය ගන්න බැරුව හැලෙන පිරිසත් අත හැරියාම වසරකට උපාධි ධාරියෝ 10000 ක් විතර රැකියා වෙළඳපලේ කරක් ගහනවා.

නිදහස් අධ්‍යාපනයත් අරගෙන, නිල ඇඳුම හා ආහාර වේලත් නොමිලේම අරගෙන [ බනිස් ගෙඩිය /කිරි විදුරුව / රුපියල් 3 කාඩ් එක යන ඒවාට මම උරුම කම් කිව්වා.... දැන් ඉන්න, 00 දශකයේ උන්ට මේවා කොයින්ද? හිකිස් ], විශ්ව විද්‍යාලයට ගිහින් මහපොළ හෝ බර්සරියටත් උරුමකම් කියලා, සමහර විට විශ්ව විද්‍යාලයටත් කරන්න පුලුවන් ඔක්කොම අලාභ ටික කරලා, මෙන්න එලියට ඇවිත් රස්සා ඉල්ලනවා. සෙල්ලං වැඩක්ද ඡන්ද කොච්චරක්ද? උපාධි ධාරියාගේ මනාපේ විතරක් නෙමයි.‍ ගෙදර අ‍යගේ කතිරෙත් තියනවා. ‍ ඉතින් මොකෝ අපේ දේශපාලුවෝ වේදිකා දෙදරන්න කියනවා සියලු උපාධි ධාරින්ට රැකියා‍ දෙනවා කියලා.

දීපු පොරොන්දු විශ්වාස කරන ජනතාවගේ මතින් බලයට එන දේශපාලුවෝ දැන් රැකියා හොයනවා මේ උපාධි ධාරිනට දෙන්න. මෙහෙම හොයන කොට හම්බවෙන්නේ ගමේ මනුස්සයා. ඒ කිව්වේ අපේ ග්‍රාම සේවක මහත්තයා. කිසි කරදයක් නැහැ ගමේ වැඩක් බලන් ඉන්න මේ මනුස්සයා තමයි, ඒ දවස් වල ගමේ සියලු වැඩ කලේ, ඒ කිව්වේ ගම සංවර්ධනය, කෘෂිකර්මයට අදලා දේවල් හා වෙනත් වෙනත් කටයුතු. දැන් මෙන්න මෙතන තමයි රැකියා උත්පාදනයට නියම තැන කියලා අපේ දේශපාලුවෝ නියමෙට අඳුන ගන්නවා. [ සමහර විට මේක NGO කාරයන්ගේ වැඩක්ද දන්නේ නැහැ :D ඉල්ලුමට සැපයුම කියලා කියන්නත් පුලුවන් ]

දැන් උපාධී ධාරියෝ ඉන්නවා විසි තිස් දාහාක්, ග්‍රාම සේවක වසම් තියනවා ඔන තරම්. දැන් හරි මෙන්න හැදුවා අලුත් තනතුරක් "ජන සභා" නියම නම තත්වයක් තියනවා. උපාධි ධාරියාට නියමයි. පඩිය කොච්චරද රු 17000 ක් විතර ඇති. ග්‍රාම සේවකට ඉහළයි ප්‍රදේශීය ලේකම්ට සමයිලු. [තනතුරු දෙකේම ලේකම් කෑල්ල තියනවා :D ]දැන් ගමේ වැඩ කරන්න ඉන්නවා හතර දෙනෙක්
  1. ග්‍රාම සේවක
  2. වගා නිලධාරි
  3. සමෘර්ධි නිලධාරි
  4. ජනසභා ලේකම්
මුලින්ම එක්කෙනෙක් කරපු වැඩේ දැන් හතරට බෙදලා හතර දෙනෙක් කරනවා. අහලා තියන විදිහට මේවාගේ බේදාගෙන කරන වැඩ වලට කියන්නේ, ශ්‍රම විභජනය කියලා. හැබැයි මේ ක්‍රමය භාවිතා කරන්නේ කාර්යක්ෂම තාවය වැඩි කරන්න එහෙම නැත්නම් ඵලදායීතාව වැඩි කරගන්න. ඒ අර්ථයෙන් ගත්තාහම මේ ක්‍රමය ගමට වඩාත් වාසී දායකයි. ඇයි දෙයියනේ ගමේ වැඩ කරන්න ගමේම ඉන්න උගතා එනවා. ඒ කිව්වේ අලුත් ජන සභා ලේකම් මහත්තයා.

කොහොමද ජන සභා ලේකම් තෝරන්නේ... හරි ලේසියි.... උපාධියක් තියෙන්න ඔනා, ඡන්ද කාලෙට කැන්වසින් ගිහින් තියෙන්න ඔනා. කැන්වසින් ගිහින් තියන සුදුසුකම බලන්නේ ගම ගැන අවබෝධයක් තියනවාද කියලා බලන්ට මිසක් ඡන්ද වැඩට නෙමෙයි. :D කිසියම් ගමක කැන්වසින් ගොස් නැති උපාධි ධාරියෙක් මේ සඳහා ඉල්ලුම් කලොත් ඔහුට මේ රස්සාව ලැබෙන්නේ නැහැ, මොකද ඔහුට ගම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා විදෙස් ආධාර පතලා අල්ලපු ගමේ කැන්වසින් ගිය උපාධී කාරයා ආනයනය කරනවා. වැරදියට තේරුම් ගන්න එපා මෙතන කිසිඳු දේශපාලනයක් නැහැ හරිද.

ඔන්න ඔය ටික තමයි ග්‍රාම සේවක තනතුරට උනේ, බෙදුවා හතරට, හැදුවා අලුත් රස්සා, වැඩි කලා කාර්යක්ෂමතාවය, දියුණු කලා ඵලදායීතාවය, ප්‍රතිඵලය ලස්සන ගමක්.


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....