Saturday, January 23, 2010

තවදුරටත් මගේ චන්දය පාවෙන ගොඩේ නැහැ

මම දේශාලනයට එපමණ කැමති නැහැ. එත් අපේ රට වෙනුවෙන්, කවදහරි මටම දවසක මෙම ලිපිය බලලා සතුටුවේනන පුලුවන් හින්දා මම මෙ තිරණය හොදට හිතලා බලලා ගත්තා. එක එල්ලේම මම කියන්නේ නැහැ මම මහින්දට හෝ සරත්ට දෙනවා කියලා. මොකද චන්දය කියන්නේ රහස් කාරනවක්. අනික එය පුකශ කිරිම අන් අය හා ගැටිම් මෙන්ම පෙලඔවිමුත් වෙන්න පුලුවන්. මම මගේන්ම පුශ්න කිහියක් අහාලා එවාට මම හිතට එකගව ගත් තිරණ මතම මම මගේ චන්දය පාවෙන චන්ද ගොඩෙන් ඉවත් කරගත්ත... ඔබටත් දැන ගන්න පුශ්න ටික දාන්නම්. ඔබ්ත් චන්දය දාන්න කලින් මෙටික හිතනන.... වැඩිපුරම ගැටලු සදහා පිළිතුරැ සපයන පුද්ගලයට ඔබත් ඔබගේ කැමැත්ත පුකාශ කරන්න....

1. කැරැල්ල මැඩ පැවත්වා රට එක්සේසත් කලේ කවුද?
2. තව දුරටත් රට නොබෙදා එකිය රටක් පවත්වාගෙන යාමට උදව් වන්නේ කවුද?
3. සංවර්ධනය සදහා වඩාත් හැකියාව ඇත්තේ කාටද?
4. අර්ථික දියුණුවක් ලගා කල හැක්කේ කාටද?
5. සදාචාර සම්පන්න රටක් ගොඩ නගන්නේ කවුද?
6. අපේ කමට මුල් තැන දේනනේ කවුද?
7. දුෂනය වංචාව අඩු කල හැක්කේ කාටද?
8. අනාගතය ගැන නිවැරදි දැක්මක් ඇත්තේ කාටද?
9. තින්දු තිරණ රටවෙනුවේනම පමණක් ගන්නේ කවුද?
10.සියලු බෙදිම නැති කර සියල්ලොම ලාංකියන් ලෙස පිළිගන්නේ කවුද?


ඇත්තටම මහින්ද හා සරත් යන දෙදනාම මෙරට ගොඩ නැගිමට අවැසි උනත්, දැන් එක් අයකු තොරාගත යුතුමය


වැප්

26 comments:

Wathman said...

ආ... එහෙනම් ඔබ ඔය කියන්නෙ සරත් ෆොන්සේකාට චන්දය දෙන බව නේද නොකිය අපට කියන්න හදන්නේ

අනේවාසික said...

ඔබ මෝඩයෙක් ද, කට්ටයෙක් ද?

MR ට හෝ SF ට හෝ පමණක් ඡන්දය දිය යුතු යැයි සිතන්නෝ එක්කෝ මෝඩයෝය. නැත්නම් කට්ටයෝය.

අනේවාසික
http://anewasika.blogspot.com/

නිලන්ත පියසිරි said...

1. කැරැල්ල මැඩ පැවත්වා රට එක්සේසත් කලේ කවුද? - ගොඩක් දුරට මහින්ද
2. තව දුරටත් රට නොබෙදා එකිය රටක් පවත්වාගෙන යාමට උදව් වන්නේ කවුද? - මහින්ද (මොකද කැරල්ල වෙලාවේ දී එයට විරුද්ධව සිටි අය ඔක්කොම දැන් ඉන්නේ සරත් ගේ පැත්තේ
3. සංවර්ධනය සදහා වඩාත් හැකියාව ඇත්තේ කාටද? සරත්ට (UNP නිසා)
4. අර්ථික දියුණුවක් ලගා කල හැක්කේ කාටද? සරත්ට (UNP නිසා)
5. සදාචාර සම්පන්න රටක් ගොඩ නගන්නේ කවුද? අනිවා මහින්ද?
6. අපේ කමට මුල් තැන දේනනේ කවුද? මහින්ද
7. දුෂනය වංචාව අඩු කල හැක්කේ කාටද? සරත්ට
8. අනාගතය ගැන නිවැරදි දැක්මක් ඇත්තේ කාටද? මහින්දට
9. තින්දු තිරණ රටවෙනුවේනම පමණක් ගන්නේ කවුද? ගොඩක් දුරට මහින්ද
10.සියලු බෙදිම නැති කර සියල්ලොම ලාංකියන් ලෙස පිළිගන්නේ කවුද? මහින්ද?

Anonymous said...

1. කැරැල්ල මැඩ පැවත්වා රට එක්සේසත් කලේ කවුද? - MR
2. තව දුරටත් රට නොබෙදා එකිය රටක් පවත්වාගෙන යාමට උදව් වන්නේ කවුද?- MR
3. සංවර්ධනය සදහා වඩාත් හැකියාව ඇත්තේ කාටද? - MR
4. අර්ථික දියුණුවක් ලගා කල හැක්කේ කාටද? - MR
5. සදාචාර සම්පන්න රටක් ගොඩ නගන්නේ කවුද? - නොදනී
6. අපේ කමට මුල් තැන දේනනේ කවුද? - නොදනී
7. දුෂනය වංචාව අඩු කල හැක්කේ කාටද? - කාටවත්ම නොහැකිය (ඉදිරි අවුරුදු 6 තුලදී)
8. අනාගතය ගැන නිවැරදි දැක්මක් ඇත්තේ කාටද? - MR
9. තින්දු තිරණ රටවෙනුවේනම පමණක් ගන්නේ කවුද? - දෙදෙනාගෙන් එක්‍ කෙනෙක් වත්‍ නොවේ.
10.සියලු බෙදිම නැති කර සියල්ලොම ලාංකියන් ලෙස පිළිගන්නේ කවුද? - නොදනී

Amila said...

මම කියන්නේ මේච්චරයි ඕං.
කොහේ හරි රටක පාවේන ඡන්ද ප්‍රතිශතය වැඩියි කියන්නේ ඒ රටේ මිනිස්සු තමන්ගේ ඡන්ද අයිතිය අධානග්‍රාහීව හා අන්ධ භක්තියෙන් භාවිතා නොකරන පිරිසක් බවට පෙන්වන හොඳ සාථකයක්. ඒකේ අනිත් පැත්ත තමයි-එහෙම නැත්නම් අන්තිම කපටි රැලක්.

Anonymous said...

@අනේවාසික
ගොංපාට් දමන්න එපා මිනිහෝ.මිනිස්සුන්ගේ දේශපාලනේ විවිදයි.තමුසේ හිතනවා නම් මහින්දට හරි සරත්ට හරි සපොර්ට් කිරිම මෝඩකමක් කපටිකමක් කියලා තමුසේ අමුම අමු නපුංසක බුරුවෙක්.

NUWAN"s lane said...

සංතෝශයි...

.::පිස්සා::. said...

මම ඉතිං මේකට මොනවා කිව්වාත් වැඩක් නෑනේ,,මට ජන්දේ දාන්න වෙන්නේ නැති නිසා..
අපේ අම්මා මේ දැන් කතා කරා, මං උඹේ බොලොග්ගේ බල බල හිටියේ.. අපේ ගෙදර අම්මායි, සහෝයි, MR ලු.. ගමේ ගොඩේ පොරවල් ඔක්කොම ඒ පැත්තේලු.. මං කිව්වා අම්මිගේ කකුල් අමාරුවත් තියෙනවානේ, යන්න එපා ජන්දේ දාන්න කියලා.... කොහොම හරි යනවලු..

අයියෝ, අද ගෙදර හිටියා නම් මාර ෆන් එකක් ගන්න තිබ්බා..

වැප් said...

@Wathman
@අනේවාසික
@නිලන්ත පියසිරි
@Amila
@NUWAN"s lane

ඔබගේ තිරණයට ගරැ කරමි.


@.::පිස්සා::.

අපරාදේ ඔයාට ඉන්න බැරි වේච එක .....

gama said...

1. කැරැල්ල මැඩ පැවත්වා රට එක්සේසත් කලේ කවුද? SF
2. තව දුරටත් රට නොබෙදා එකිය රටක් පවත්වාගෙන යාමට උදව් වන්නේ කවුද? MANO GANESHAN
3. සංවර්ධනය සදහා වඩාත් හැකියාව ඇත්තේ කාටද? MANGALA
4. අර්ථික දියුණුවක් ලගා කල හැක්කේ කාටද? RAVI
5. සදාචාර සම්පන්න රටක් ගොඩ නගන්නේ කවුද? AKILA VIRAJ
6. අපේ කමට මුල් තැන දේනනේ කවුද? JVP
7. දුෂනය වංචාව අඩු කල හැක්කේ කාටද? SF
8. අනාගතය ගැන නිවැරදි දැක්මක් ඇත්තේ කාටද? DR JAYALTH
9. තින්දු තිරණ රටවෙනුවේනම පමණක් ගන්නේ කවුද? RANIL
10.සියලු බෙදිම නැති කර සියල්ලොම ලාංකියන් ලෙස පිළිගන්නේ කවුද? SAMBANDAN

Kanishka | කණියා said...

:D :D
27 වෙනිදම බලමුකෝ

Anonymous said...

මේ වගේ මහින්දට වාසි දායක ප්‍රශ්න පත්‍රයක් හැදුවේ කවුද.....
1) මර්වින් සිල්වා වැනි බැරයන් හුරතල් කරන්නේ කවුද....
2) මැතිවරණය සඳහා රජයේ මාධ්‍යය අනිසි ලෙස භාවිතා කරන්නේ කවුද....
වගේ ප්‍රශ්ණ ගොඩාක් තියනවනේ..

Anonymous said...

Sahodara samagamata oone oone welawata company ganna heduwe kawuda?
Dushanaya wedi kare kawuda?
Weradi pudgalayanta daduwam denne nette kawuda?(Mervin wage emathila)
Rata diyunu karanna bari kawuda?
Yudde wikunan kanne kawuda?
rata diyunu nokara hithumathta election thiyanne kawuda?
Den mulu ratatama oone "Wishwasaniya Wenasak"

ශාකුන්තල said...

@වැප්,

මමත් සෑහෙන කාලයක් පාවෙන ඡන්ද ගොඩේ හිටියා. නමුත් සියල්ල අධ්‍යයනය කරලා, අපේක්ෂකයින්ගේ ස්වභාවය හොඳින් හඳුනාගත්තයින් පසුව, ඒ කියන්නේ මීට සතියකට පමණ පෙර ගත් තීරණයේ හැටියට මෙවර මගේ ඡන්දය ප්‍රකාශ කරන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඒ ගැන කියන්න බය වෙන්න ඕනේ නෑ.

සුභ අනාගතයක්!

වැප් said...

@Kanishka | කණියා
ඔව් අපි බලමු

@ශාකුන්තල
ඔව් ඔයා හරි තම මතය කියන්න කාටවත් බයවෙන්න ඔනා නැහැ. මම මෙහිදි මගේ මතය නොකිව්වේ, මෙම ලිපිය මම ලියන නිසා. එය අනික් අයට සුලු හෝ හිත් රිදිමක් හරි සුලු හෝ සතුටක් හෝ නොලැබිය යුතු නිසාමය.

ඔබ ඔබගේ මතය නිවැරදිව පුකාශ කිරිම පිලිබද මහත් සතුටුවෙමි.

මාරයාගේ හෝරාව said...

මම නම් මල්ලී පාවෙන චන්දයක් නෙවෙයි.
ඒත් සමහර මැතිවරණ වලදී මට හිතට ෆිට් නැත්නම් මම චන්දේ දාන්නේ නැතුව ඉදලා තියෙනවා.(උදා- චන්ද්‍රිකා දෙවෙනි පාර ඉල්ලපු වෙලාවෙ)
අදටත්ආණ්ඩුවෙ ඉන්න හුගාක් මැති ඇමැතිවරු පිළිබදව මගේ දැඩි විරෝදයක් තියෙන්නේ. ඒ උනත් මහින්ද කියන මනුස්සයා පිළිබදව තියෙන විශ්වාසය සුළු වශයෙන්වත් පළුදු කරගන්න ඒ කරුණු හේතු වෙන්නේ නැහැ.
ඇමති කම් දීලා හරි ආණ්ඩුවත් රැකගෙන, යුද්දෙත් දිනා දීලා රටත් සංවර්ධනය කරන්න මෙ මනුස්සයා ගන්න උත්සහය මගේ දෑසට කඳුළු නංවනවා...
ඉන් ඇමැතිවරු හොරු නම් තමන්ට විශ්වාස තමන්ගේ සහෝදරයින් යොදාගෙන කටයුතු කිරීම මට ප්‍රශ්නයක් නෙවෙයි.
දූෂණය ගැන වංචාව ගැන කතා කරන එකේ තේරුමක් නැහැ ඒ පිළිබදව චෝදනා ගෙන එන හිවල්ලු ටික දිහා බලපුවහම...
මම මහින්දට...

නිලන්‍ත said...

@වැප්,
100% එකඟයි.

Anonymous said...

සුමල්

අපිත් මහින්ද මහත්තයට තමයි.

සහන් said...

ඔන්න වැප් අයියා එදා මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ මම අද දෙනවා.....
මම මගේ පලවෙනි ඡන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඒ වගේම 26 වෙනිදා මගේ 23වන උපන්දිනේ. ඒ වෙනුවෙන් මම මුලු රටටම තෑග්ගක් විදිහට මගේ දෙවන ඡන්දෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙනවා.

වැප් said...

@මාරයාගේ හෝරාව
@නිලන්‍ත
@සුමල්
@සහන්

ඔබ සැමට සුබ අනාගතයක්!!!! :)

indik said...

අපරාදෙ මටත් ඡන්දෙ දාන්න වෙන්නෙ නැහැනෙ. මේපාර තමයි දාන්න ඕනෙම පාර. අපේ අයියයි මමයි මේපාර දෙපැත්තෙ. ඉතින් email වලින් දෙන්න හොඳට ඇරගන්නව... :D

fiqri said...

අපිට පාවෙවී ඉන්න වෙලාවක් නැත ... ප්‍රශ්ණ් 10ටම උත්තරය MR වේවා SF වේවා, මගේ ඡන්දය නම් මහින්දටය.

වැප් said...

@indik
අයියා විශ්වාසනිය වෙනසක් මල්ලිට සුබ අනාගතයක්

@ෆික්රි
ඔබට සුබ අනාගතයක්

බිඟුවා...! said...

meyaawa adnnawada?

http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A:Singhalawap

වැප් said...

@බිගුවා
හපොයි නැහැ .....

Geeth said...

onna kaalekata passe shurdayath aawa.

ah hoda maththrukawak. poddak inna balanna mata monada oya gena kiyanna thiyenne kiyala balanna.
m.....

de..shapalanaya...de..shapalanaya needa...owe......h.......oh...oh...owe.....h....poddak hitapan machan mata wamane yanna wage..taar gala bath room ekata gihin ennam....

Post a Comment