Sunday, December 26, 2010

ලංකාවේ මාකටිං/ප්‍රචාරණ සංකල්පය වෙනස් කල යුතුයි.

ඈත අතීතය ගැන කතා පැත්තකින් තියලා මෑත අවුරුදු 20 ක 30 ක ඉතිහාසය හා වර්තමානයේ ලංකාව තුල අලේවිකරණ සංකල්පය හෙවත් මාකටිං පිළිබඳව මට දැනෙන විදිහට එක දිශාවක් ඔස්සේ පමණක් කතා කරන්න තමයි අද හදන්නේ. අලෙවිකරනය එහෙමත් නැත්නම් සරළ භාෂවෙන් කිව්වොත් මාකටිං, බඩු බහිරාදිය විකීණමට පමණක් යොදාගන්න සංකල්පයක් නොවෙයි. අද වන විට ලංකවේ සේවා හෝ විවිධ සමාජීය ව්‍යපෘති සඳහාත් මේ සංකල්පය යොදගන්නවා. සරළ උදාහරණ කිව්වොත් වෙසක් එකට දන්සැලක් දෙද්දි පුවක් ගහක් හිටවනවා සති දෙක තුනකට කලිං. නැත්නම් බැනර් එක්ක දානවා පාර පටන් ගන්න තැනින්. දේශපාලනයට බර දන්සැලක් නම් රූපවාහිණියේ ගුවන් විදුලි මධ්‍යත් යොදාගන්නවා. දන්සැල කියන සරළ ප්‍රදේශයකට පමණක් සීමා වෙච්ච දෙයක් , මුලු ලංකාවම දැනුවත් කල යුතු දෙයක් නොවෙයි. නමුත් ප්‍රචාරණය තුලින් වෙනත් ලාභ ප්‍රයෝජන තකා තමයි ප්‍රචාරණයට පහසු වෙනත් මධ්‍ය භාවිත කරන්නේ.

මෙන්න උදාහරණ ටිකක් ලාංකාව් වර්තමානයේ කොහොමද විවිධ ආයතන තම තමුන්ගේ භාණ්ඩ හා සේවාවන් ප්‍රචලිත කරගන්නේ හා වර්ධනය කරගන්නේ කියලා.

1.ශ්‍රී එෆ් එම් - කනා මැදිරි රාත්‍රිය.
නාගරිකයන්ට හා අර්ධ නාගරිකයන්ට මේක ඇහෙන කොට හරියට නිකන් නයාට අඳුකොළ වගේ. නමුත් තවමත් ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ඝනත්වය වැඩියි. ඒම නිසා යම් යම් නිරික්ෂණ සංගනන හෝ විශ්‍ලේෂනයන්ට අනුව තවමත් ගුවන් විදුලිය අසන බොහෝ රසිකයෝ ඉන්නේ ගම් වල. ඒ අය දිවා කාලයේදි කෘෂිකාර්මික කටයුතු කරලා හවස් වෙද්දි ගෙදර ඇවිත් කාන්සිය මාන්සිය යන්න ගුවන් විදුලිය තමයි යොදාගන්නේ. මේන්න මේ සරල හිඩැස පුරවන්න ශ්‍රී එෆ් එම් එකට පුලුවන් උනා. එකනේ දැන් ඔය තව වෙනත් නාලිකාත් ඒ වැඩේම පටන් අරන් තියෙන්නේ.

2.අලියා බීම පොඩි ලොකු බෝතල්
බීම හෝ පැනි බිම කියන වර්ගයන් බොහෝ අලේවි වෙන්නේ පායන කාලවලට, මෙන්න මේ කාලෙට අලිය මිලි 400 බෝතල් කඩ වල අඩුයි. හැබැයි අර පොඩි බෝතලය ඕන තරම්  තියනවා. මිලි 400 බෝතලය දෙන්නෙක් අරං බිව්වට, අපේ එවුන්ට පුලුවන්ද ‍පොඩි බෝතල් එකක් දෙකට බෙදාගන්න. ඒ හන්දා අනිවර්යයෙන්ම ‍ලොකු බෝතල් නැති හින්දා ඒ වෙනුවට පොඩි බෝතල් දෙකක් ගන්නවා,  දෙන්නෙක් මේ පායන කාලයක කඩේට ගියොත්.

3.එකක් ගන්නකොට තව එකක්
තීන්ත විකුණන ප්‍රසිද්ධ සමාගමක, තින්ත හදද්දි එක් තීන්ත කලවම් කරන බැරල් එකකට දඩූ ලේනෙක් වැටුනලු. දැන් මේ තින්ත බැරලයේ පුරාවට දඩු ලේන් මයිල්. මේක විසික් කරන්නත් බැහැ. ඒ හන්දා ඒක වෙළඳ පොළට නිකුත් කලා, තීන්ත ලීටරක් සමග තීන්ත ගාන බුරුසුවක් කියලා. 

ඉහතින් සඳහන් කලේ විවධ වර්ගයට අයත් සරල උදාහරණ තුනක්. ඒ ඒ අයාතනයන් කොහොමද තමුන්ගේ ජනප්‍රියතාවය හෝ අලෙවිය වැඩි කරගන්නේ යම් යම් උපක්‍රම මගින් කියලා. පේනවා නේද කූට උපක්‍රමත් තියනවා කියලා.

දැන් බලමු ලංකාව තුල කොහොමද විවධ වූ සාමාජීය ස්තරයන් පවතින්නේ කියලා. වැඩිපුරම ඉන්නේ රූපවාහිනයට ඇබ්බැහි වුනු පිරිසක්, ඊලඟට ගුවන් විදුලිය, තව කොටසක් පුවත් පත්. දැන් දැන් ගොඩ නැගෙමින් පවතින හා ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින්නේ අන්තර්ජාල මධ්‍ය. මේ එක් එක් මධ්‍ය කරා රොක් වෙන පිරිස සිතන පතන ආකරය වෙනස්. එම නිසා ඉදිරියේදි ආයතන හා සංවිධාන වලට එන ප්‍රධාන ගැටලුව තමයි, මේ එක් එක් ස්තර සඳහා වෙනස් වූ උපක්‍රම භාවිතය. මොකද එකම දේ උනත් මාකට් කරද්දි භාවිත කරන ප්‍රචාරක උපක්‍රම වෙනස් වෙන්න ඔනේ.

සරළ උදාහරණයක් මේ විදිහට කිව්වොත්, දැන් ඔය සංගීත ප්‍රසංග තියනවානේද? බලන්න ගායකයන්ගේ නම් දාද්දි කොහොමද දාන්නේ. තාරුණ්‍යය/ බස් සින්දු / සම්භාව්‍ය ගීත / සරල / රාගීක මේ ඔක්කොම කලවමේ. එතකොට ඒ ඒ අය එන්නේ ඒ ඒ අදලා කොටස සඳහා. නමුත් අන්තිමේදි සෙනග පිරිලා සංගීතේ බලන්න.

අලෙවිකරණයත් සාර්තක වෙන පාරිභෝගිකයත් නොරු‍වටෙන ප්‍රචාරණයේත් හොඳම පල ප්‍රයෝජන ගැනීමට නම් සිදුවිය යුතු එකම දේ සමාජය දැනුවත් වීමයි. බලන්න දැන් සමහර උදාහරණ තියනවා සමාජයේ පතුලට කිඳා බැහැලා, 

සෙරප්පු කිව්වොත් - බාට දෙක කියලා
ඔලුව කැක්කුම - පැනඩෝල්
ජංගම දුරකතන - සෙල්ටෙල් - මේක නම් පරණ එකක් දැන් නම් සෙල්ටෙල් කියන දේ මේ කජු කිරි කොල්ලෝ දන්නවයෑ :D 
කූජීත චැනල් එක - සිරස :D

අපිට අදාලව
අන්තර්ජාලයේ සෙවිම් - ගුගුල් කරනවා
බ්ලොග් අවකාශය තුල පරණ සින්දුවක් නම් - හද ගී පොත
ෆිල්ම් එකක් නම් - බයිස්කෝප්
බේබදු නම් - මේවා පුරවගන්න :D

ඉහත උදාහරණ වල වැදගත්ම එක තමයි සෙල්ටේල් කියන එක. ඔවුන් එච්චර තැනක් තිබිලත් ඒ තැන රැකගන්න බැරි උනා. මේ ලිපියෙන් කිය උනේ දැනට තියන තත්වය, ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නම් කොහොමද අලුත් සංකල්ප තුලින් එක් එක් ස්තරයන් ජයගන්නේ කියලා. හැබැයි ඉතින් මගේ දැනුම පාරසය තුල පමණයි ඕන් :D

වැප්

Friday, December 24, 2010

අවුරුද්දක් ගෙවී ගිය වගයි !

අහඹු ලෙස සිංහල බ්ලොග් කරණය යොමු වූ මම අද දිනයේ ප්‍රථම වර්ෂ පුර්ණය සමරමි. මීට හරියටම වර්ෂයකට පෙර, එනම් වසර 2009 දෙසැම්බර් මස 24 වන දින වැප් යන නමින් සිංහල වියණුවක් ඇරඹුවෙමි. වසරක් ගෙවි යන අද දින මෙයට අලුත් ඇඳුමක් සොයා දුන් රොකියා විශේෂ ස්තූතියක් පුදකරමි. මීට අමතරව මගේ බ්ලොග් කෙරුවාව යන ලිපිය මගින් මෙයට ශක්තියක් වූ බොහෝ පිරිසකට මාගේ හෘර්දයාන්ගම කෘත වේදිත්වය එදවස එසේ පුද කළෙමි.

සිංහල යුනිකොඩ් ගැන වසර 2008 සිට දැන සිටියත් සිංහල බ්ලොග් අවකාශයක් ගැන දැන නොසිටියෙමි. මුලින්ම  සිංහල ලිපි සොයා ගනු ලැබුවේ ගූගල් හි සිංහල කියා සෙව්මක් කිරීමෙනි. එහි එන බ්ලොග් ලිපි මුලින් මුලින් රසවින්දෙමි. ඉන්පසු අහම්බෙන් මෙන් සිංහල බ්ලොග් කියවනය හමු විය. සිංහල අලුත් ලිපි සොයාගැනිමට පහසු මගක් වූ සිංහල බ්ලොග් කියවනය ඉන් පසු සෑම උදෑසනකම පරිගනක තිරය මත දිගහැරි ගියේ පුරුද්දක් ලෙසටය.ඉන්පසු කොත්තු අඩවියද මේ සඳහා යොදාගතිමි.  2009 ඔක්තොම්බර් මස මුලින්ම බ්ලොග් සඳහා ගූගල් හි ලියාපදිංචි උනත් බ්ලොගයක් ඇරඹෙන්නේ ඉන් මාස තුනකට පසුවය. එදා බ්ලොග් කියවීමෙන් ලද පන්නරය මාගේ බ්ලොග් ගමනට ශක්තියක් වි ඇත.

විවධ වූ වර්ග යටතේ මසකට ලිපි හතරක් හෝ පහක් දැමිම සමාන්‍ය සිරිත උනත් පසුව එය මසකට දෙක දක්වා අඩුවි ගියේ අදික කම්මැලිකම නිසා බව ඉතා කණගාටුවෙන්  වුවත් කිව යුතුමය. මා අතින් ලියැවුනු ලිපි අතරින් වඩාත් තෘප්තිමත් වන කව්‍ය නිර්මාණය " මේ ඇයමද? " වන අතර ගද්‍ය නිර්මාණය "කම්මැලියෙක් කතා කරයි  "  ලෙසද, "ජජාජී" වෙනස්ම නිර්මාණයක් බවද කීම නිවැරදිය. සියලුම නිර්මාණ මට ඔනැ විදිහට කරන අතර ඒ අතරින් කරනු ලැබූ දුර්වලම ලිපිය නම් "මේක මේ විදිහට කිව්වෝත්" වෙයි. වඩාත් අන්දෝලනාත්මක හා විවාදාත්මක මෙන්ම අලුත් සංකල්පයක උපත සිදුවන්නේ "උබට කියන්නේ ඔව් ඔව් උබට තමයි .... ඇවිත් බලපං
 " ලිපිය සමගිනි.


මගේ බ්ලොග් කෙරුවාවේ ආපසු හැරී බැලීම මෙතනින් සමාප්තයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. දැන් ඉදිරිය බලන්න :D

වැප්

Saturday, December 11, 2010

මව්රට,සිංහලයා, බුදුදහම හා සෝම හිමි.

මීට වසර හතකට පෙර (2003 දෙසැම්බර් 12), ලාංකීක සිත් තුල සදාකාලික මතකයක් තබමින් අප අතරින් සමුගත් ගංගොඩවිල සෝම හාමුදුරුවන් හට නිර්වාණ සුවය පතමින් මෙම ලිපියේ ආරම්භය මෙසේ සටහන් කරමි. උන්වහන්සේගෙන් අප සමාජයට වූ සේවවා අතිමහත්ය, නමුත් ඒ පිළිබඳ කතා කරනවාට වඩා මා සෝම හිමියන්ගේ අදහස් මත කෙසේ නම් වෙනස් වූවේද යන්න මෙසේ සටහන් කරන්නෙමි.

සාමන්‍යයෙන් සෑම අයෙක්ම, තම ජීවිතය තුල විරුවන් ලෙස ඉතා සීමිත පිරිසක් විශ්වාස කරනවා මෙන්ම ඔවුන් පසු පස ගමන් කරයි. ඒ අනුව බුදු දහම , සිංහල ජාතිය හා මගේ මව් රට පිළිබඳ නව දැක්මක් එක් කල ගංගොඩවිල සෝම හිමිපාණෝ රට දැය සමය යන කාරනා පදනම් කරගෙන මාගේ ගුරුවන්නේය. මටත් ජාතියක් ඇත මටත් දර්ශනයක් ඇත මටත් රටක් ඇත යන අභිමානය, අවබෝදයෙන් කෙසේ නම් භාවිත කරන්නේද යන්න මොනවට පැහැදිලි කරදිම මා ලැබූ භාග්‍යක් කොට මම සළකමි.  බුදු දහම තුල ඇති මිත්‍ය මත හා බො‍රු ආටෝපයන් ඉවත් කරමින් ගෙන හැර දැක්වූ ධර්ම දේශනා අදටත් මතකයේ එලෙසම රැඳි ඇත. ස්වාධින රූපවාහිණියේ විකාශය වූ අදුරෙන් එළියට වැඩසටහත් ඉන්පසුව ‍ටිඑන්එල් හි විකාශය වූ ධර්ම ප්‍රදීප වැඩසටහනත් නොවරදාවම බැලුවෙමි.‍ උපතින්ම බෞද්ධයෙකු වූ මා සෝම හිමියන්නේ දේශනා කරන කොට, බුදු දහම යනු කුමක් දැයි මට තේරෙන ප්‍රමාණයට ග්‍රහණය කරගතිමි. සියලු අන්‍ය ආගම් හා දර්ශණයන්ට ගරු කරමින් බුදුදහමට හිමිවිය යුතු තැන සලසා දිමට  හා එයට අනවශ්‍ය ලෙස බලපෑම් කිරිමට තැත් කරන මූලධර්මවාදීන්ට එරෙහිව නැගීසිටිම කෙසේ කලයුතුද යන්න මනා කොට උන්වහන්සේ වදාළ සේක. දේව සංකල්පය විස්තර සහිතව ඉදිරිපත් කිරිම හා බුදු දහමට ඇති සම්බන්දය අර්ථ කතනය සමාජය තුල නව පෙරළියක් කළහ. 

සිංහලයා යනු කවරෙක්ද? සිංහ‍ලයෙක්ව ඉපදිම පුරුවේ කර්මයක්ද? අනාගතයේදී සිංහලයාට සිදුවන්නේ කුමක් දැයි යන අදහස් ඉතාමත් නිර්භිත ලෙස සමාජ ගත කල උන්වහන්සේගේ හදිසි අභාවය තවමත් අභිරහසකි. උන්වහන්සේගේ ජාතිකත්වය පිළිබඳ අදහස ජනතාව අතරට යාම ත්‍රස්තවාදය මැඩලීම සඳහා පිටුබලයක් වූ බව කිව යුතුමය. නුදුරු අනාගතයේදි සිංහල ජාතිය වැනසෙන ආකාරය හා නැතිවී යාම ගැන මනා අවබෝධයකින් යුතුව ඉදිරිපත් කල අදහස් අප හිත් තුල ජාතිය පිළිබඳ ආදරයක් හා අභිමනයක් මෙන්ම දැඩි කණගාටුවක්ද ඇති කලහ. දැන් දැන්  එය සිදුවන බවට ඇස්පනා පිටම සාක්ෂි ඇත. ලෝකය පුරා සිටින සියලු සිංහලුන්ට ඇති එකම මව් රට ශ්‍රී ලංකාව පමණි. එබැවින් එය රැක ගැනීම හා සුරක්ෂිත කොට අනාගතපරපුරට දායද කිරිම වර්තමාන සිංහලයාගේ  යුතු කමක් හා වගකීමක් වන බව දැඩි ලෙස අවධාරණය කිරිම උන්වහන්සේ නිතර තම දේශණ වල මාතෘකාව කොට ගන්නා ලදී.

බහු වාර්ගික, බහු ආගමික බවට තර්ක කරමින් සිටි අමුතු පිරිසකට දැඩි බලපෑමක් එල්ල කිරිමට හැකිවූ අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අවසානයේදි, උන්ගේම ක්‍රමන්ත්‍රණයකට අසුවී අපවත් වීම සිංහලයෙකු බෞද්ධයෙකු ලෙස දැඩි කම්පනයක් ඇති කල සිදුවීමකි. ඔබ වහන්සේගේ මග ගත් තරුණ කැලක්, අද මගේ මව් රට පෝෂණය කරමින් සිටින බව මහත් වූ ආඩම්බරයෙන් මෙසේ සටහන් කරමි. 

මම සිංහල බෞද්ධයෙක් වෙමි ...........

පෙර ලිපි

වැප්

Friday, December 3, 2010

කාටුන් සින්දු

1. අද අපේ ඔෆිසියේ, දිවා ආහාර වේලෙදි මාතෘකාව උනේ කාටුන් සින්දු.
2. සජිට ආරංචිය දුන්නු නිසා කාටුන් සින්දු ටික ඇහැව්වා
3. ඔයාලටත් ඔනේ නම් මෙතනින් ගන්න

බාගත - Zip



  1. මුහුද මගේ ගොඩ බිමයි
  2. වලිගේ වනනා ඔලුව කහලා
  3. පිස්සු පුසා
  4. කැපිලි කෙටිලි
  5. අනවින කොඩිවින
  6. මාමා වලස් මාමා 
  7. ඉඟුරු පාන් මල්ලි ඇතුලු ගීත 21 ක්




වැප්

Sunday, November 28, 2010

ශත පනහට හෝල්ට් 4ක් පයින්

මේ කියන කාලේ, එකදාස් නමසිය බර ගන්න වල, අපේ ගෙදර සීත පෙට්ටියක් තිබුණේ නැහැ. [ දැන් නම් ඉතින් විදුලි බිලට ඒකක 50 ක් එකතු කරන එක විතරයි ඒකෙන් ගන්න එකම වැඩේ ] අහල පහලටම තිබුණේ එකම එක ගෙදරකයි. ඒ ගෙදර තියනවා විකුනන්න ඉරට්ට ගහපු අයිස් කැට. අයිස් කට කිව්වේ ඇත්තටම ඒවවා අයිස් කැට තමයි. බොරුවට දිවුල් හරි අන්නාසි හරි කියලා තමයි කියන්නේ. ඔයින් එකක් සත පනහයි. අඬලා අඬලා කොහොම හරි සත පනහක් ඉල්ලගෙන ගෙදරින් මේ අයිස් කැටයක් ගෙනත් කනවා. පුදුමේ කියන්නේ සුටුස් ගාලා මේක ඉවර වෙනවා. හැබැයි ඉරට්ට ඉතුරු වෙනවා. කාපු අය දන්නවා ඇති ඉරට්ට කොච්චර රහද කියලා. අම්බෝ එහෙමත් රහක්. පොල් ඉරට්ටක් කියලා කියන්නවත් බැහැ. පැණිම පැනි රහයි.

ඔය කියන කාලේම තමයි මං පන්තියකට ගියා ටිකක් විතර ඈත. නමින් කිව්වොත් සභාව පාරේ. බස් එකේ යන්න ඔනේ. මට මතක හැටියට සති අන්ත දවසක තමයි තිබුණේ. අහල පහල එවුනුත් එක්ක කොහොම හරි අපි පහක් විතර මේ පන්තියට යනවා. ගෙදරින් දෙන්නේ රුපියලයි. ඇයි බන් ඉස්සර භාග ටිකට් අවම ගාස්තුව සත පහනයි නොවැ. යන්න සත පනහයි එන්න සත පනහයි. එහෙමත් කාලයක්. දැන් ඉතින් සතපනහට පොල් ටොපියක් වත් නැහැ නොවැ. අම්මා රුපියල මගේ අතේ තියන්නේ පුතේ උභ අදත් අයිස් පැකට් එකක් කාපන් කියලා වගේ මට ඒ කාලේ හිතුනා. ඔය කියන ඉස්සර කාලෙත් අයිස් පැකට් එකක් රුපියලයි. දැන් නම් හුඟ කාලෙකින් කෑවේ නැහැ. පන්ති යන අනික් උනුත් අයිස් පැකට් පප්පෝ. කට්ටිය කතා වෙනවා දැන් බස් එකේ ගියොත් හවහට අයිස් පැකට් කන්න වෙන්නේ නැහැ. ඉතින් මොකෝ සෙට් එකම පයින් අදිනවා පන්තියට. යනකොට හොඳටම පරක්කු වෙලා පන්තිය පටන් අරං. අවුලක් නැහැ සෙට් එකම ඉන්න හින්දා සර් සුපුරුදු ප්‍රශ්ණය උනූ කොච්චි පරක්කුද අහන එක ඇහුනු නෑහුනු ගානට ගිහින් [අන්තිම පැත්තෙන්] මුල්ම පේලියේ ඉඳගන්නවා. අයිස් පැකට් මෙහෙයුමේ මුල් අදියර  ඉවරයි. දැන් ඉතින් ඇඟලි ගැන ගැන ඔරලෝසුව දිහා බලං ඉන්නවා පැය එකාහමාරක් ඉවර වෙනකල්. මේ වෙලාවට තමයි හිතෙන්නේ ඔරලෝසු කට්ට කරකවන්න.

කොහොමින් කොහොමින් හරි පන්තිය ඉවර වෙලා දෙවෙනි මෙහෙයුම උනු නැවත බස් [ ගුගුල් බස් නෙමෙයි ඕන්] නැතුව පයින් එමේ ඔපරේෂන් එක පටාන් ගන්නවා. වැඩිය නැහැ හෝල්ට් හතරක් විතර වගේ තියෙන්නේ. කට්ටිය එක්ක, එදා උගන්නපු පාඩම් ගැන අවබෝදයෙන් කතා කර කර දැනුම් සාගරයක ගිලි ගිලී එන හින්දා කකුල් දෙකට අමාරුවක් නැහැ. මොකද පුරුදු නැති වැඩක් යෑ පයින් යන එක. දැනුත් කිලෝමිටරයකට වඩා  පයින් යන මට :D

අපේ ගෙවල් පාරට හැරෙන තැනට කලියෙන් ඔපරේෂන් එක ඉවරයි. මොකද හන්දියෙන් තමයි අයිස් පැකට් එක ගන්නේ. හරියට  ගේවල් ගාවට එනකොට අයිස් පැකට් එක ඉවරයි. ගෙදර මිනිස්සු දැන ගන්න ඔනයෑ අපි එක්සසයිස් එකට පයින් යනවා කියලා. ඔය වැඩේ මට මතක විදිහට අවුරුද්දක් විතර උනා. කොහොමින් හරි ඒ පන්තියේ සර් හරියට උගන්වන්නේ නැහැ කියලා අපේ සෙට් එකට තේරුනු දාට පහුවෙනිදා ඉඳන් අපි ඒ පන්තිය වර්ජනය කලා. පස්සේ කාලෙක නම් ගෙවල් වලින් දැන ගත්තා මුන් ටික පයින් තමයි යන්නේ එන්නේ කියලා. මොකද වාර විභාග වලින් අන්ජනම් එලි බලනවා වගේ එව්වා පේන්න පටන් ගන්නවා නොවැ.


මෙච්චර පල් හැලි ලියන්න ඕනේ නැහැ. රුපියලේ අයිස් පැකට් කන්න තියන ලෝබ කම හින්දා හෝල්ට් 4 ක් පයින් ගියා කිව්වා නම් මේ ලිපිය වක්‍ය දෙකෙන් ඉවරයි. නැද්ද මං අහන්නේ ?

වැප්

Saturday, November 27, 2010

කෑවේ නැති හෙලුවෙන් හිටපු ජාතියක්

ලඟ ලඟ එනවා සීතල උඳුවප් මහ. ඒ එක්කම වර්ෂයක අවසානය, නැවුම් අදහස් එකක් අලුත් වර්ෂයක උදාව. දෙසැම්බරය, නත්තල් සමය රටම උත්සව සිරියක් ගන්වන කාලයක්. මේ කාලෙට ලංකාවේ ඔක්කොටම නත්තල් තියනවා.  සෑම නගරයකම පෙට්ටි කඩ, පේමන්ට් කඩ බිහි වෙනවා. නගර තද බදය වැඩි වෙනවා. මිනිසුන් මොන මොනවාදෝ හොය හොයා හන්දි ගානේ දුවනවා. යනවා මලු පුරවා ගන්නවා එනවා. හරියට අර වැහි කාලෙට කලින් කූඹී කෑම රැස් කරනවා වගේ.

ඇඳුම්, හරියට මේච්චර කල් ඇන්දේ නැහැ වගේ ඇඳුම් කඩ වල සෙනග, හවුස් ඔෆ් ෆෑෂන් එක ලඟ පෝලිසිය දානවා සෙනග හසුරුවන්න. ෆැෂන් බග්, නෝලිමිට් වලට සෙනග ගන්නේ කඩින් කඩ. මිනිස්සු පෝලිමේ බලං ඉන්නවා ඇතුලට යන්න, සමහර වෙළඳ සල් සඳහා උදෑසන සිට ගොස් පෝලිම් අල්ලගෙන. කොළඔට තදා සන්න නගර වෙච්ච නුගේගෙඩ, බොරැල්ල, වත්තල හා කිරිබත්ගොඩ ඇඳුම් වලින් පීරි ඉතීරි යනවා. හුස්ම ගන්න බැරිවෙන තරමට වත්තල, කිරිබත්ගොඩ කැන්ඩි එකේ සෙනග හින්දා දැන් කඩවතත් අලුත් එකක් විවෘත කරලා.
කිරිබත්ගොඩ තිලකවර්ධනය, අනුෂා මෙහෙමා, ගැමා හා නිමාලි බලං ඉන්නවා ඇඳුම් නැති අය එනකල්. සීඅයිබි සොපින් කියන්නේ තවත් ඇදුම් කඩයක්. තව ඇති ඕන තරම් මේ මං දන්න ප්‍රසිද්ධ ඒවවා. ආ අමතක උනා මාතර කොටුවේ කඩේ මේ වගේම වෙන්ට ඇති.

කෑම, කිව්ව ගමන් මතක් වෙන්නේ වාසනා කේක්, පුන්නක්කු කේක් කියලත් කියනවා. මං හිතන්නේ මේ කේක් ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. කඩේ පොඩියි බිස්නස් ගොඩයි. සෙනග ඉන්නේ පාර දිගට කේක් ගන්න. ගාන අඩුයි. මට නම් රහ පොල් කේක් එක විතරයි. අවුරුද්දක් පුරවාට සල්ලි පස්සේ දුවලා දුවලා අප්‍රයෙල් වලටයි දෙසැම්බරයටයි ඒ සල්ලි වියදම් කරන ක්‍රමය තමයි ශොපින් කරන එක. මේ කාලයට සුපිරි වෙළද සැල් වලටත් කල්ල මරේ.

ගොඩාක් වෙලාවට මං දැකලා තියනවා නෝනලා තෝරනවා ඇඳුම්, මහත්වරු පැත්තක් ගහගෙන වාඩියක් දාගෙන ඉන්නවා. පොඩි එවුන් හෙම්බත් වෙලා මලානික වෙලා. අද ඇඳුම් ටික ගත්තා කියමු. බිල් ගෙවන්න දඩ පෝලිමක ඉන්නවා, ටිකක් එහායින් ඊටත් වඩා දඩ පෝලිමක් ඇති. පොඩ්ඩක් විපරම් කලෝත් ඒ තියෙන්නේ මාරු කරන පෝලිම. මහලෝකුවට පොර කාලා අරං ගියාට අයෙත් එනවා පහුවදාට ගැලපෙන්නේ නැති හින්දා. මොකක් හරි ලාබයක් තිබුණා නම් ඉතින් ලාබේ සුන් තමයි ආයිත් මාරු කරන්න ආවොත්.

හැබැයි මාත් ඕවාට පොඩ්ඩක් රිංගලා උඩු මහලට ගිහින් පොඩ්ඩක් බලං ඉන්නවා මේ වෙන විපර්යාසය මොකක්ද කියලා :D

වැප්

Wednesday, November 17, 2010

ලිපියකට වැඩි පාඨක සංඛ්‍යවක් ගෙන්වා ගැනීම

මේකයි අද කතාව ... අපි ලියන අලුත් ලිපියක් කොහොමද වැඩි පාඨක සංඛ්‍යවක් කරා රැගෙන යන්නේ. මෙතනදි වැඩි කමෙන්ට් ගානක් හෙවත් සටහන් ගානක් ලබා ගැනිමේ ක්‍රමය නම් දන්නේ නැහැ. හැබැයි වැඩි පාඨක සංඛ්‍යවක් අරගන්න පොඩි පොඩ් ඔත්තු ටිකක් දෙන්න පුලුවන්. මේවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

1 ක්‍රමය - බ්ලොග් කියවනයක් නැත්නම් සින්ඩියක් උපරිම ලෙස භාවිතය
මේක තමයි සිංහල කියවන අය අතරට යන්න තියන ලේසිම විදිහ. දැන් ඉස්සර වගේ නෙමෙයි සින්ඩි ‍දහයක් දොලහක් තියනවා. ඒ හැම එකක්ම අපි ලියන අලුත් ලිපි ලැයිස්තු ගතවෙනවා.මේවා හැම එකක්ම පැයකට සැරයක් අලුත් ලිපි හොයාගෙන අපේ බ්ලොග් වෙත එනවා. මෙන්න මෙතන තමයි අපි කල්පනා කාරී වෙන්න ඔනා. ඒ කියන්නේ මෙයාලා අපේ ලිපි හොයාගෙන එන වෙලාව. ඒක දැනගත්තහම අපිට පුලුවන් තීරණය කරන්න ලියපු ලිපිය කීයටද පබ්ලිෂ් කරන්න ඔනේ කියලා. මෙතනදී මතක තියාගන්න හැම තිස්සෙම පබ්ලිෂ් කරන වේලවා ඒ අදාල වෙලාවට මාරු කරන්න.

උදහරණයක් විදිහට මෙහෙයුම කරන්නේ 10.00 නම් සියලු අඩවි වලට ගොස් අලුත් ලිපි සොයා බැලීම 10.15 වෙන කොට ඉවරයි. බැරිවෙලාවත් ඔබ 10.20 ට අලුත් ලිපියක් දැම්මොත් අර 10.00 කරපු මෙහෙයුමට ඔබ අහුවෙන්නේ නැහැ. ඊලඟ ඔබව අහුවෙන්නේ 11.00 කරන එකට. හැබැයි ඒ වෙනකොට 10.20 න් පස්සේ ලියපු වෙනත් අලුත් ලිපි ගොඩාක් තියනවා. එවිට ඔබගේ ලිපිය ටිකක් විතර පහළට යනවා.

2. ක්‍රමය - ලිපි ලියන දවස හා වේලාව
සමන්‍යයෙන් සෙනසුරාද ඉරිද අලුත් ලිපි තියෙන්නේ 100 කට අඩු ගානක්. මෙදාට ලිපියක් ලියන එකේ වාසියක් තියනවා. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය වෙච්ච සින්ඩියක් තුල ලිපිය පහළට යන වේගය අඩුයි. ඒ හින්දා මේ දවස ලිපියක් ලියන එකේ විශාල වාසියක් තියනවා. හැබැයි මෙතනදී අපිට හමුවෙන්නේ වෙනස් පාඨකයන් පිරිසක්. ඒ කියන්නේ නිවාඩු දවස් වල විතරක් වැඩිපුර අන්තර්ජාලය යොදාගන්න පිරිස. වෙලාව ගැන නම් එතරම් පැහැදිලි විශ්ලේෂනයක් කරන්න බැහැ. ඒත් උදෑසන හා හවස් වරුව යෝග්‍යයයි සිතනවා.

3. ටුවිටර් / බස් / බුකි භාවිතය
සින්ඩියක ලැයිස්තු ගත වෙච්ච ගමන් කවදාවත් ඉහත සඳහන් කල තැන් වල ප්‍රචාරය කරන්න යන්න එපා. ඒක අවාසියි. මොකද ලිපිය උඩින්ම මේ තැන්වලත් තියනවා. එතකොට එකම පාඨක පිරිසක් මේ තැන් දෙකෙදිම මේක දකිනවා. ඒක අවාසියක්. යම් හෙයකින් සින්ඩියක පල්ලෙහාට හෝ සින්ඩියේ මුල්පිටුවෙන් ඉවත්ව ගිය විටෙක ඉහත ප්‍රචාරණ මාධ්‍ය යොදගන්න. මේ ඉහත සඳහන් කල ස්තාන තුනේ ඉන්නේ එකම යාලුවෝ අඩු වැඩි වශයෙන් සමානයි. මේවා තුල ඉදිරිපත් කරද්දිත් වෙනස් වෙලාවල් වල දානවා නම්, නොදැකපු ඇයට මේ පණිවුඩය ක්ෂනයෙන් දිස් වෙනවා. නැත්නම් තැන් තුනේම අපේ පණිවුඩය පහළට යනවා.

4.මාතෘකාව
ලිපියකට යොදන මාතෘකාවේ තියන ආකර්ෂනය ඉතාමත් වැදගත්. ඔබම දැකලා ඇති සමහර මතෘකා තියනවා ලිපිය රසවත් කියලා හිතෙන නමුත් ඇත්තටම අන්තර්ගතය තියෙන්නේ වෙන දෙයක් ගැන. ඒ වගේම සමහර මාතෘකා දැක්කාම යන්න කම්මැලියි. හැබැයි ගිහින් බලපුහාම තමයි, ආපූ එකා කොච්චර හොඳද කියලා හිතෙන්නේ.

5.අන්තර්ගතය
ඔය මොන ක්‍රමවේදය යොදාගත්තත් වැඩක් නැහැ අන්තර්ගතය දුර්වල නම්. ඒම නිසා පුලුවන් තරම් වෙනස් වූ දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ කීරිම තමයි හොඳම දේ. අන්තර්ගතය හොඳනම් ඔබ නොදන්නා අය පවා එම ලිපිය වෙනත් මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා.

ඉහතින් තියෙන්නේ අනුන්ට කරදයක් නැතිව තමුන්ටම කරගන්න  පුලුවන් පුංචි පුංචි ක්‍රම කිහිපයක්. සමහර විට කාලයත් එක්ක මේවා ප්‍රායෝගික නොවෙනන් පුලුවන් .... නමුත් වර්තමානයට සුදුසුයි කියලා හිතනවා. ඊට අමතරව කරන්න ඔනේ ගොඩක් දේවල් පොඩ්ඩක් ගුගුල් කරොත් හොයාගන්න බැරි වේනනේ නැහැ. මීට අමතරව මට විශය නොවුනු කාරනා තියෙන්න පුලුවන්.

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....