සුදු මුහුණේ ලස්සනට - කොනින් කොන වම් අතට
ලස්සනට දික් අතට - කලුලපය නිකට ලඟ උඩු අතට
කෙහෙරැල්ල ඉන ලඟට - දසන් පෙළ එක දිගට
දකින විට දුර තියා මගේ නෙතට - දෙවෙනි නැහැ දෙව් ලොවක දෙවඟනට
අනේ දැන් ඈ කොයිද? මේ ඇයද? වෙන කවුද?
පෙම් බැන්ද මගේ හිතම අද නැද්ද අඳුනන්නේ ඇය?
කෝ කොයිද අප ගෙතූ ඒ හිතලු පොත?
පෙරලන්න, දැන ගන්න ඇයමද මේ දකින ඇය?
දකින පිටු අතර ඇති ඒ මුහුණ අද නැහැ
කලු ලපය ඒ සඳේ අනේ අද එළිය නැහැ
කෙස්වැටිය කර ලඟට දසන් පෙල එලෙසටම
මේ ඇයද කියා මට වැටහෙන්නේ නැහැ
කාලයක් ගොසින් ඇත - තනියෙන්ම ඉඳින්නට ඇත
මරණයට ලංව ඇත - තනියෙන්ම යන්නටම වෙන
අප පැතූ ආදරය - එක්ව මැවූ ලෝකයම
අදත් ඇත හදතුලම - හමු වු මේ විරාමය තුල
වෙන්වුනු දවසේ සිට - හමු වු මේ මොහොතට
තනි තනිව හිටිය අප - එක්වන්නට පින් කලා මදි
නැවත මට අවසරයි වෙන්වෙන්ට - තෙරක් නැති මේ සසර තුල
වැප්
යන අතක පල...
7 hours ago

23 comments:
වෙන්වීම් හමුවීම් පිරී මේ සසර
මතකයන් ඇවිදයයි භව ගණන් ඉදිරියට
සංසාර වැලි කතර ගෙවා නිමවා එයින්,
මිදී යන්නට කලින් ඈ ඒවි ඔබ ලඟට......
කාලය හැමදේම වෙනස් කරනවා. ඒත් හැමදේමද ?
ලස්සන සිතුවිල්ලක් මචං. අපූරැවට වචන කරලා තියනවා
හමුවීම...
වෙන්වීම....
කඳුල....
ඉඳලා හිටලා හමුවෙන හිනාව.....
ලස්සන පද පෙළක් මචෝ.......
අනිච්ඡාවත සංඛාරා..
උප්පාද වය ධම්මිනෝ..
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති..
තේසං වූප සමෝසුඛෝ
සංසාරේ හැටි...
මොකෝ මේ එක පාර අමුතු දෙයක්
හ්ම්.... අනේ මන්දා....එක අතකට මේ දේ තමයි හැමදාම වෙන්නේ...
“දෙයක් වී නම් යම්
සුදුස්සාටම අයිති විය යුතු“
ඔබ ඇයට සුදුසු නැතිවෙන්න පුළුවන්
නැතිනම්
ඇය ඔබට සුදුසු නැතිවෙන්න පුළුවන්
තමන්ගෙන් ඈත්වෙන දේ ගැන “ඔක්කොම වෙන්නෙ හොදටයි“ කියල හිතන්න පුළුවන් හිතක් ඇතිකරගන්න උත්සාහ කරමු....
කියන්නනම් ලේසියි කියල කියන්න එපා... හිතුවොත් කරන්න බැරි නෑ...
බලන්නකො “මාරයාගේ හෝරාව“ දන්න දේවල්
සංසාරේ භවේ දුකා
සම්බෝලයි බතුයි කකා.......
මොකද අනේ වුනේ.......
"වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණයි"
බඩුම තමා..........!!
ඔයාගේ කාව්‍ය නිර්මාණවලින් මම කියවපු විශිෂ්ඨතම නිර්මාණය..... උපරිමයි....අර්ථ රසයට වඩා මම වින්දේ පද ගැලපීම.
මේ අර එකදවසක් මට කියපු කේස් එක නේද?
එක නෙමේ උඔට කොම්පුටර් වැඩ වගේම කවි ලියන්නත් පුලුවං ලස්සනට......
aaa aaa me ara second year kalaniye nangige boot case ekada?????????????????
Ela ela lassanata liyala thiyanawa.....
නියම පද ටික.හිතලා ලිව්වද මොකක් හරි සිදුවීමකට ලිව්වද?
අසව් අසව්...
අපගේ වැපානිස් ගොයියා මහාත් පල මහානිසංස ඇති බූට් රාජයෙක් අනුභව කර ඇති බව මෙසේ ජනයාට දැනුම් දෙමු.
කවිය පට්ට මචන්....
කොණ්ඩය ගෙලට කෙටි කර ඇය කැපූවත්
ක්‍රීම් උලා ලපේ කළුව මැකූවත්
දසන් පෙලේ සිනාව නොම දිලූවත්
කමක් නැතේ එක සිතකින් සිටී නම්
දිගු කොණ්ඩයට ආදර නොම කරන්න
නමට ගමට ආදර නොම කරන්න
වයසට හැඩ රුවට නුඹ යට නොවන්න
සෙනෙහස පිරුණ හිතකට නුඹ බැදෙන්න
මතකය අතීතයට පියමැන්නා..
පළවෙනි කවියේ වර්ණනාව උපරිමයි.
ජය...
@හෙළයා
ස්තුතියි ප්‍රතිචාරයට
ඒක ඇත්ත කාලය තමයි ගොඩාක් දේවල් තීරණය කරන්නේ
@Shadow/හේමලයා
ස්තුතියි ප්‍රතිචාරයට
ප්‍රියේහි විප්පයොගෝ දුක්ඛෝ තමයි මචන්
@මාරයාගේ හෝරාව
ස්තුතියි ප්‍රතිචාරයට
සිංහලෙන් දැම්මා නම් තමයි හොඳ කමක් නැහැ තේරුම් ගත්තා අමාරුවෙන්
@පිස්සා පලාමල්ල
ස්තුතියි ප්‍රතිචාරයට
අමුතුමත් නැහැ සහෝ ... නිකමට හිතිලා ලිව්වා ....
@දසුන් මධුසංඛ වානගුරු
ස්තුතියි ප්‍රතිචාරයට
කාලෙකට පස්සේ ගොඩාක් ස්තුතියි .. මේ පැත්තේ ආවට
@තනෝජා රාජපක්‍ෂ
ස්තුතියි ප්‍රතිචාරයට
ඒක නම් ඇත්ත අක්කා .... වෙන්න ඕන දේ තමයි වෙන්නේ
@Jeewani
ස්තුතියි ප්‍රතිචාරයට
මුකුත් උනේ නැහැ අනේ .... :D
@ගීත් (සහෘදයා)
ස්තුතියි ප්‍රතිචාරයට
ආ එහෙමද තුති බොහෝම තුති
@බුද්ධි
ස්තුතියි ප්‍රතිචාරයට
මොකක්ද මං කිව්වේ ...... ඇ? :D
@කසුන් නදීශන
ස්තුතියි ප්‍රතිචාරයට
ඇත්ත ටිකකුයි නිර්මාණාත්මක ටිකකුයි දෙකම තියනවා :D
@අනුරාධ
ස්තුතියි ප්‍රතිචාරයට
කොහෙද බොල බූට් කතාවක් මෙකේ? :D
@wath
ස්තුතියි ප්‍රතිචාරයට
ම්ම් ඒක නම් සහතික ඇත්ත ...
@සෝරෝ
ස්තුතියි ප්‍රතිචාරයට
ම්ම් ඉක්නමට වර්තමානයට වරෙන් සහෝ :D
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
ස්තුතියි ප්‍රතිචාරයට
අද නේද මේ පැත්තේ අවේ ... බොහෝම ස්තුතියි ඇවිත් ගියාට
එක්වීම දුකකි. එසේම වෙන්වීම ද දුකකි. මෙය මහා උභතෝකෝටිකයකි.
කළ යුත්තේ මේ සියල්ල අවබෝධ කර ගැනීම මිස අටලෝදහමින් කම්පාවීම නොවේ.
මගේ ජීවිතයේ ගැබුරුම කම්පාව ඇති වූයේ මගේ සොයුරාගේ අකල් මරණයෙනි. මට ජීවිතය කියා දුන්නේ ඒ මරණයයි.
ඒ නිසා අවබෝධය දුක නැති කර ගැනීමේ එක් මගකි.
මගේ තාමත් නොදුටු මිත්‍ර වැප් ...........
ජීවිතය තේරුම් ගන්න........
රස විදින්න...........
සියළුදෙනාට ආදරය කිරීමෙන් ජීවිත තෘප්තිය ලබා ගන්න.
ඔබේ මිත්‍ර ශාන්
ඒකනේ බං. ඇන් ඉතිං රහ වැටුනනේ. දිගටම එනවා. කෝ අපිට උඹේ පස්සෙන් එළවන්න ගැජට් එකක් දාලා නෑනේ...
@bumuthurunu
ස්තුතියි ප්‍රතිචාරයට
කතාව ඇත්ත තමයි
@කුෂාන් ඇස්. වන්නිආරච්චි
එමු එමු දිගිටම ....
පස්සෙන් එලවන්න ඔනේ නැහැ ... හිකිස් මුහුණට මුහුණ එමු :D
කාලයක් ගොසින් මුත්
ආදරේ තවම නම්
ලතවෙන්නේ කුමට දැන්
එක් වෙන්න කාලේ දැන්
@පබලු
ස්තුතියි ප්‍රතිචාරයට
Post a Comment