Thursday, July 8, 2010

මගේ බ්ලොග් කෙරුවාව

බලන් මිතුර දොරට වැඩුම - උදුවප් මහ මුල්ම ලිපිය
කෙටියෙන් එය හැඳින්විම - මෙතුවක්කල් කෙටිම ලිපිය

දුටවාද එහි අකුරු කෙරුම - මහප්‍රාණ පඩ ෂෝ එක
නැතුවද එහි ගන්න යමක් - දුකා ගිත් කමෙන්ට් දෙකක්

තදට හැදුන අමාරුවට - දෙසැම්බරේ දෙවන ලිපිය
මහ තෙර හිමි සෝම හිමිට - පිදුවෙමි මගේ ශෝක පිදුම

අනේ අපොයි වසර 6 යි - ලිව්ව දිනට සමුගෙන හිමි
නිවන් සුවත් පැතුවා එහිමිට - දුකා ගිත් මෙදත් එතන

දෙසැම්බරේ අවසන අග - අලුතෙන් ආ අමුතු පැතුම්
එක් කර මා ලියු දේට, බිඟු සම්පත් - පිස්සා තරිඳු රාළ එහෙම
සිතිජ මංජු CD සාරංග ඇතුව අතර - පැතුවා සැම නව අසිරිය

නව අවුරුදු අලුත් පැතුම් - විචාරයක් සිංහල ගැන
3නට කඩලා මුල්ම ලිපිය - ලිව්ව දේට කලවම් කර
ප්‍රතිචාරත් එමට හොඳට - සතුටු උනා ලිව්ව දේට

ජනවාරියේ දෙවන ලිපිය - ගැනම තමයි වැලි කෙළියේ
සෙල්ලං ටික අපි කරපුවා - කමෙන්ට් වලත් වෙන එව්වා
ගනින විදිහ මං කිව්වා - වෙනත් එව්වා උන් කිව්වා

මෙන්න එනවා ජන වරණේ - කට පැත්තක් කොකියන්‍ නේ
මගේ පැතුම පවසන්නේ - කෙලින් නොකියා බර දුන්නේ

ලියන්න දේවල් එමටයි .... ඒත් මුල ඉදලා ආයිත් මං ලිව්ව එව්වා බලන්න හිතුනා ... මං ලියන එවා ගැන මුලින්ම සතුටුවෙන්නේ මමනේ .. මෙන්න එහෙම මං ආයිත් රස විඳපු මුල් ලිපි කිහිපය ..... ආ අමතක උනා මේක බ්ලොග් එකට වර්ෂ පුර්ණයක් හෝ ලිපි 100 කට වඩා ලිව්ව හින්දා හදපු ලිපියක් නෙමෙයි. වර්ෂ පුර්ණයට බොහෝ කාලයකුත් ලිපි 100 කට තව චිරාත් කාලයකුත් තියනවා. කොහොම හරි මං මේ බ්ලොග් එක පටන් ගත්තේ "Thursday, December 24, 2009" කියන මෙන්න මෙදා ...

ඉතිරි කොටස් බලාපොරොත්තු වන්න ... :D

වැප්


23 comments:

Shadow/හේමලයා said...

a lovely flashback.....:D

ත‍රිඳු said...

මොකද බොල මගේ නමට පිස්සා කියල දාල තියෙන්නෙ ?

තිස්ස දොඩන්ගොඩ said...

රබානක් අරන් ප්‍රයිවට් එකක ගැහුවනම් ඉතින් බඩු හෑව් තමා....

බුද්ධි said...

පරිගණකෙට මූ කෙරුමෙකි - බ්ලොග් කෙරුවාවටත් පොරකි
පණ්ඩිතකොම, කවි, විචාර - පෝස්ට් වලට හරි සමතෙකි
මෙහෙව් රටක මෙහෙව් එකෙක් - හමුවන්නෙ කලාතුරිනි
මට පෙනෙනා හැටියටනං - මූ නං මහ පට්ට බුවෙකි!

ගල්මල්-Coral said...

ආවර්ජනය නියමයි, පදපෙල අපූරුයි

වැප් said...

@Shadow/හේමලයා
ස්තුතියි ප්‍රතිචාරයට
නිකමට වගේ හිතුනා පොඩ පහේ සිහිකැඳවිමක් හෙවත් ආපසු හැරි බැලීමක් කොරන්ඩ

@ත‍රිඳු
ස්තුතියි ප්‍රතිචාරයට
ආ ඒක වැරදිමක් ....
[ වැරදිමකින් උනත් ඇත්ත කියවිලා :D :D ]

@තිස්ස දොඩන්ගොඩ
ස්තුතියි ප්‍රතිචාරයට
බස්වලට අපි වගේ අය නගින එක තහනම් කොරලානේ දොඩන් අයියා


@බුද්ධි
ස්තුතියි ප්‍රතිචාරයට
මං දැන් ඉන්නේ මුරුංගා ගහේ දල්ලේ :D

@ගල්මල්-Coral
ස්තුතියි ප්‍රතිචාරයට
ම් ම් මතක් කරලා බැලුවා අතීතය ... :D

හෙළයා said...

සිංහාවලෝකනයද ?
කවුද පස්සෙන් පන්නන්නේ බලනවනේ සිංහයා..:P

නියමෙට ලියලා තියනවා. මල් 7 යි. ( තාම දල්ලෙද ? )

Anonymous said...

වැපා තිස්ස අයියා කියපු දෙ තමයි මටත් කියන්න තියන්නෙ.. හරි...

රවා.

සෝරෝ said...

ෂා..........
ඔයා පිස්සු කෙල්ලෙක් නේ.....

මරු මරු මරේ මරු...

පැතුම්..... said...

මේ ඔය කොම්පූටර් කෙරුවාව අත ඇරල නරකද කලා පැත්තට ගියොත්... පොඩ්ඩක් පොලිෂ් කරල ගත්ත නම් තැනකට එන්න පුළුවන්.. කොහොමත සීසන් 10-12 වෙනකොට අවසාන දොලොස් දෙනාට එන්න පුළුවන් වෙයි.. සිරාවට කියන්නෙ එලම කිරි.

වැප් said...

@හෙළයා
ස්තුතියි ප්‍රතිචාරයට
අන්න හරි සිංහව ලෝකනය තමයි ...
[දැන් දල්ලේ අගිස්සේ ....]

@රවා
ස්තුතියි ප්‍රතිචාරයට
හා හා එහෙනම් මං කොරන්නම්කෝ :D

@සොරෝ
ස්තුතියි ප්‍රතිචාරයට
මොකක්ද බොල මේ කිව්වේ කෙල්ලෙක්? ඈ .....


@පැතුම්
ස්තුතියි ප්‍රතිචාරයට
නරකයිනේ කලා පැත්ත ..... හුදකලා වෙන්න වෙන්නේ :D
[පුලුවන් ලිස්ට් එකේ අනික් පැත්තෙන් අවසාන දොළහට එන්න ....]

කසුන් නදීශන said...

මූණ පොතටත් වඩා g talk එකේම හැම වෙලෙම ලගින.
මූණ පොතේ දමන දමන දේ වලට කමෙන්ට් කරන.
චැට් එක‍ට ඕෆ්ලයින් ලයින් දමාගෙන මූණ පොතට එන.
මොහු කවුරුදැයි තෝරාන්නාට පින් ගොඩක් ලැබේ.

වැප් said...

@කසුන් නදීශන
ස්තුතියි ප්‍රතිචාරයට

ඇත්තටම කවුද ඈ ... :D

මාරයාගේ හෝරාව said...

ඒ ඔක්කෝමත් හරි මම නම් දැන් උඹ ගැන කලකිරිලයි ඉන්නේ.
උඹ අර යස අගේට කිරිබත්ගොඩ පැත්ත ගැනයි,බස කතා ටිකකුයි කියාගෙන ඇවිල්ලා ..දැන් මුකුත්ම නැහැ...
මම කලකිරිලා ඉන්නේ..
(බලපං මලේ දැන් ගහ මුලද කියලා.)

පිස්සා පලාමල්ල said...

මාරය අයියා කියපු එක තමා කියන්න තියෙන්නේ. කෝ බන් අලුතෙන් ලියන්නෙම නැහ වගේනෙ දැන්..

වැප් said...

@මාරයාගේ හෝරාව
ස්තුතියි ප්‍රතිචාරයට
අයියා ලියනවා නම් ලියන්ඩ ඒවා එමටයි .... හිටින්කෝ ලඟදිම දෙන්නම් මොකක් හරි :D
[ ගහෙන් රූටලා දැන් බිමට වැටුනා ]

@පිස්සා පලාමල්ල
ස්තුතියි ප්‍රතිචාරයට
ඒක තමයි මාත් මේ කල්පනා කලේ දැන් මාසයකට ලිපි 2 ක් ලියන තත්වයට ඇද වැටිලා

ළමයා said...

ෆට්ට පද ගැලපුමක්නේ... එල අහ්.. දිගටම ලියමු..

අපි ඉන්නවා කියවන්න, කියවන ඒවාගේ හොඳ කියන්න, නරක කියන්න සහ ඒවාට සහ වැප් සහෝට මඩ ගහන්න.. හිහ් හිහ්

සසීන්ද්‍ර වීරසිංහ said...

ආ....
මම අදනෙ දැක්කෙ වැෆ්ගෙ අලුත් ලිපිය, බුද්ධි අයිය කිව්ව වගේ මෙයා හමදේටම දස්සයි නෙ.(ඒ උනාට ම....ම...මං :D )

Kanishka | කණියා said...

මොනවා කියනවාද මන්දා :D

වැප් said...

@ළමයා
ස්තුතියි ප්‍රතිචාරයට
එන්න එන්න මඩ කන්න බලං එන්න හැබැයි

@සසීන්ද්‍ර වීරසිංහ
ස්තුතියි ප්‍රතිචාරයට
නැවතත් මුරුංගා ගහ උඩට

@Kanishka | කණියා
ඒක තමා මේ මාත් බැලුවේ කිසි වැඩක් නැහැ

ගීත් (සහෘදයා) said...

:D හිහ්.....හිහ්....මල් 7යි....පටන් ගන්න කොට සයිඩ් එකක ඉදන් වතුර භාල්දියක් ගහන්න මටත් අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. අද වැප් කියන්නේ සිංහල බ්ලොග් අවකාශයේ රජ කකුලක්.

වැප් said...

@ගීත් (සහෘදයා)
ස්තුතියි ප්‍රතිචාරයට
උබ ඒ ගහපු වතුර බාල්දියට යන ගමන තමයි මේ තාමත් යන්නේ

TL LANKA WEB said...

mamath subapathanawa macho.oya sinhala blog keruwawe mul purukak.oyata godak dura yanna lebewa.

Post a Comment