මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක පැමිණෙයිද කියලා කියන්න බැහැ. ඒ හන්දා පුලුපුලුවන් විදිහට පින් දහම් කරගන්න ඕනේ. පින් පොත ටිකක් පැත්තකින් තියලා, අද පොඩ්ඩක් ලියන්න හදන්නේ අපේ ජිමෙයිල් ෆේස්බුක් වගේ ගිණුම් වලට මොකද වෙන්නේ කියලා. මට මතක විදිහට මේ ගැන කවුරු හරි හොඳ ලිපියක් ලියලා තිබ්බා. ඒක හොයාගන්න නම් බැරි උනා. කාට හරි හම්බුනොත් කියන්න.
දැන් බ්ලොග් එකේ ලිපි නොලියවෙන්න මූලික හේතුව තමයි බස්රේඩියෝව ඒකේ බ්‍රහ්ස්පතින්දා රාත්‍රී 8.30 ට කරනා කතාBuzZ වැඩසටහනත් එක්ක සතිය ගෙවෙනවා දැනෙන්නෙවත් නැහැ. ඒ වැඩ සටහන හින්දා ඒ අදලා පුද්ගලයාගේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න වෙනවා. [ ඊට අමතරව ඕපදූප හොයන්න වෙනවා ඔහු හෝ ඇය ගැන. ඕපදූප හොයන වැඩේ නම් ඉතින් මම ආසම වැඩක්. ඒ හන්දා ඒ රාජකාරිය කරන්නේ බොහොම සතුටින්.]. මේ වැඩසටහනත් එක්ක කට්ට කන තව දෙන්නෙක් ඉන්නවා ඒ තමයි බීටල් හා දුලන්. ඔවුන් දෙන්නවත් බස්රේඩියෝව අහන ඔබ සැමත්, රේඩියෝව කරන අනික් පුද්ගලයනුත් මේ කට්ටම කනවා කියලා මතක් කරන්න කැමතියි :DDDD [ බස්රේඩියෝව පිටින් කම්මැලි කම යවන ලදී :DDD ]
නැවතත් මරණයට ........
ජිමෙයිල් / ෆෙස් බුක් හා අනිකුත් ගිණුම් වලට මොකද වෙන්නේ කියන එක මේ ලින්කුවෙන් ගිහින් බලාගන්න http://www.makeuseof.com/tag/what-happens-to-your-email-and-social-networking-sites-when-you-die/
උඩ තියන ලින්කුව ඒ ගිණුම් ගැන කතා කලත්. මගේ වෙබ් සයිට් වලට මොකද වෙන්නේ කියන එක තමයි දැන් ප්‍රශ්ණය. මීට ටික කාලයක කලින් මාත් ආසාවට ගත්තා www.wapnishantha.lk කියන .lk ගිණුමක්, අදහස උනේ බ්ලොග් එකත් මේ නමට මාරු කරලා මගේ මූලික විස්තර ටික දාලා වැඩේ කරන්න. ඒත් පස්සේ කල්පනා උනා. මම මැරුණට පස්සේ කවුද .lk එකට අවුරුද්දට රුපියල් 3360 ක් ගෙවන්නේ, ඒ විතරයෑ ඉඩ හෙවත් හොස්ටින් එකට සල්ලි ගෙවන්නේ කවුද? ඔය ප්‍රශ්න වලට මට පිළිතුරු නැහැ. කොහොමත් මගේ ගෙදර උදවියට මේ අන්තර්ජාලය පිළිබඳව හෝ මේ වැඩකටයුතු පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒ තියා අපේ ගෙදර කවුරුත් දන්නේ නැහැ මම බ්ලොග් ලියනවා කියලවත්. ඉතින් ගෙදර අයට මේවායේ ලොගින් දිලා තිබ්බට වැඩක් නැහැ. අනික මම නැති දවසක එයාලට මොකටද මේවා.
ඉතින් ඔය විදිහට කල්පනා කරලා මගේ නමින් ගත්ත .lk ගිනූමේ වැඩේ එතනම නතර කලා. ඒක එහෙම්ම නැති වෙලා යයි. හැබැයි ගුගල් වල හෙවත් බ්ලොග්ස්පොට් වල දාලා තියන මගේ බ්ලොග් එක නම් ගුගල් තියන කම් පවතියි. ඒ හන්දා ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ හන්දා ඔය ඩොමෙයින් නේම් අරන් බ්ලොග් කරන කට්ටිය දැන් තියා කාව හරි ලෙහෙස්ති කරගන්න සල්ලි ගෙවන්න කවුරු හරි :DDD. ඒ මගේ පුද්ගලික බ්ලොග් අඩවියනේ. එතනින් එහාට ගියාම, මම වැඩ කරන පොදු වේබ් අඩවිල වල ලොගින් සහ සියලුම ගිනූම් තොරතුරු ඒකේ ඉන්න අයත් එක්ක බෙදාගෙන තියෙන්නේ. ඒ හන්දා මං නැතුව උනොත් ඉන්න කෙනෙක්ට ඒ වැඩ ටික කරන් යන්න පුලුවන්.
ඔන්න ඉතින් මේ මාසේට එක ලිපියක් දැම්මා. නැත්නම් ඉතින් මේ මාසේ ලිපියක් නැතුව යනවා.
වැප්
Sunday, September 25, 2011
Subscribe to:
Posts (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....

-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන් න එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්...
-
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම...