දින තුනක දිර්ඝ නිවාඩුවට(2016 පෙබරවාරි 20 21 22) පොලොන්නරු යාමට සිටියත්, ඒ ගමන අතරමග නැවතුනේ පොලොන්නරු යන එක සගයෙක් බතලේගල යාමට නියමිත බව අමතක වි පොලොන්නරු ගමන යොදාගෙන තිබූ බැවිනි. කෙසේ වෙතත් සිදුවූ වචන වැරද්ද නිවැරදි කරගනිමට දෝ මා හටත් බතලේගල යාමට ආරාධනාවක් ලැබී තිබුනේ මොටර් රථයේ එක් අයකුට යාමට ඒ වනවිටත් අසුනක් ඉතුරු වූ බැවිනි.
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 200(කොළඹ->මාවනැල්ල->බතලේගල )
නැරඹිය හැකි දේ :- බතලේගල කන්ද
වැඩිදුර තොරතුරු :- http://www.divaina.com/2013/05/26/nimna01.html | http://www.silumina.lk/2011/08/28/_art.asp?fn=av11082813
කන්ද පාමුල සිට කොන්ක්‍රිට් කරන ලද පාරක් ඇතත්, පාමුල සිට කන්ද මුදුනට ඇත්තේ තැනින් තැන කැඩි ගිය පඩි සහිත අතිදුෂ්කර නමුත් සුන්දර වටපිටාවක් සහිත මාර්ගයකි. වර්ෂ 1997 දි පමණ සැදූ ආවාස ගෙයක් සහිත පන්සල දැන් අභාවයටම ගොස්ය. චෛත්‍ය සහිත මලුවේ තණකොල වැවි ඇත. හැකි පමණ උදුලු ගා දැමිමට අපි කණ්ඩායමද අමතක නොකලෙමු. අප කන්ද මුදුනට ලඟාවන විට සවස් වි තිබුණද. වෙනත් කණ්ඩායමක් එහි ලඟා වි නොසිටි නිසාම හොඳම ස්තානය අප අත්පත් කරගත්තෙමු:D
යකඩ ආවරණයක් සහිත සිරිපතුල සඳහා රු 100 ක් කවුලුව අතරින් දැමුවද, පසුදා පහන් වන විට එහි තිබූ බෝහෝ මුදල් අතුරුදහන් වී තිබුණි. අප හැර එහි, කෑගල්ල ස්වර්ණජයන්ති පාසලේ සිසුන්ද, තවත් ගමේම කණ්ඩායමක්ද පැමිණියේය.
ගමනට සහභාගි වූ , නිශ්, තිසර, අමිල, කැලුම් , අරුණ හා චානුකටද , ඡායාරූප අනුග්‍රහ කැලුම් මහාතාටද ස්තුතියි ඉතා රසවත්ව රෑ ආහාර වේලද පසුදා පරිප්පු ලූණු සම්බල් සමඟ පාන්ද සාදා දුන් අයට පින්ය.
තිසර මහතාගේ gopro එක නැතිවීම ගමනේ අමතක නොවන සිදුවිමකි එකම දුක නම් එයින් ගත් සෙල්ෆීය නැතිවීමයි:D . ගිනිමැලයට අවට තිබූ ඉටිකොල එක් කලෙමු:D ගෝවින්ද හෙළ හා රිටිගල යාමට ඔනෑකම ඇති ස්ථාන දෙකකි.