Monday, March 28, 2011

අප්‍රේල් තුන නිවුස් ඇලට්


05:00 - සයිබර් සිහින උළෙලට සියල්ල සූදානම්
05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි
05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති
06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි
07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි
07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි
08:15 - අතුලත් වීමේ අවසර පත් ලබාගැනිම සඳහා කවුලු තුනක් විවෘතව පවතීයි
08:30 - මේ වන විට 150 කට අධික පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුලත්ව ඇත
08:32 - තහවුරු කිරිමේ අංකය අමතක අය සඳහා වෙනම දිගු පෝලිමක් ඇත.
08:33 - පාර සොයාගත නොහැකිව කොළඔ කොටුවේ පිරිසක් අතරමං වෙයි
08:40 - කණ්ඩායම් වශයෙන් පැමිණීම සුලබව දැක ගත හැක.
09:00 - උත්සවය පටන් ගැන්ම සඳහා සියල්ල සූදානම්
09:15 - දැනට 258 දෙනෙක් භූමිය තුලට ඇතුලත් වී ඇති බව පැවසේ
09:28 - තව සුලු මොහොතකින් සයිබර් සිහින උළෙල ආරම්භ වෙයි‍
09:29 - අද දින පෙරවරු 09:30 සිට සියලු අන්තර්ජාල සේවා හා ජංගම දුරකතන අක්‍රීයව පවතින බව වි-සං-කොමිසම පවයි

වැප්








Sunday, March 20, 2011

වැඩකට නැති විප්ලවවාදය

මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම  උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා  උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ එක්කෙනක්වත් මට හොයාගන්නත් බැහැ. විප්ලව වලට මං අනික් අයට කතා කලාට කවුරුත් එන්නෙත් නැහැ. මට එහෙම කතා කරන්න උවමනාවකුත් නැහැ. මට විප්ලවවාදී අදහස් එන්නෙත් නැහැ. මං කියන ලියන එව්වා කාටවත් වටින්නෙත් නැහැ. ඒ වගේම එවෑ කිසිම වටිනාකමකුත් නැහැ කියලා මට තේරෙන්නෙත් නැහැ. එහෙම  කියාලා මං අදහස් දැක්විම නවත්වන්නේත් නැහැ.

සමහරු අමුතු කතා කියද්දි මට කටවහන් ඉන්නත් බැහැ. තවත් අය සමාජයේ කාලයක් තිබුණු සම්මතයන් අභියෝගයට ලක්කරනවා බලං ඉන්නත් බැහැ. එවා එහෙමයි කියලා මං කටපියන් ඉන්නෙත් නැහැ. කොහෙත්ම මං විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. අදහස් හා මත වලින් විතරක් විප්ලවාදියෙක් වෙන්නත් බැහැ. එහෙමයි කියලා මට විප්ලවාදියෙක් නොවී ඉන්ඩත් බැහැ. මේකට කියන වචනය මට හිතාගන්නත් බැහැ. සමහර විට මේකට වචනයක් තියෙන්න විදිහකුත් නැහැ. විප්ලවවාදීයෙක් කියලා කොහෙත්ම කිය ගන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට නමක් හෝ වචනයක් ඕනෙත් නැහැ.

මං ලියලා තියෙන්නේ විප්ලවවාදී අදහස් කියලා මං කියන්නේ නැහැ. ඒ හින්දා මේ ලියමන කිසි වැඩකුත් නැහැ. එහෙමයි කියලා මේක ලියන එක නවත්වන්නෙත් නැහැ. මං මේක ලිව්වා නොලිව්වා කියලා වෙනසකුත් නැහැ. එහෙම වෙනසක් කරන්න මට අවශ්‍යත් නැහැ. කවුද මේක කියෙව්වේ කියලා මං හොයන්නෙත් නැහැ. මට මේකට කමෙන්ට් ඕනෙත් නැහැ. දාන කමෙන්ට් මට වැඩකුත් නැහැ. කොටින්ම මට මේ ලියමන වැඩක් නැහැ. මේ ලියමන තුල සැඟවිච්ච කිසිවක් නැහැ. එහෙම එවා හොයන්නත් බැහැ. හොයන්න අවාට මං කියන්නෙත් නැහැ.

වැප්

Tuesday, March 8, 2011

සරසවි පෙම - සත්‍ය සිදුවිමක්

ඇයත් ඔහුත් හමුවූයේ සරසවිය තුලදීය. ඔහු ඇයට බෙහෙවින් අදරය කරන ලදී. ඇයද පණට පණ මෙන් සිටියාය. සරසවියෙන් සමුගත් ඔහු බදුල්ල ප්‍රදේශයේ රැකියාවකට ගියේය. ඇයට හෙද රැකියාව හමු වි හම්බන්තොටටට යන ලදී. ඉන් මාස හතරකට පසු විවාහය සඳහා සියල්ල සුදානම් කෙරිණි. කලින් සැලසුම් කරගත් පරිදි ඒ සුබ මොහොත උදා විය. ඇයත් ඔහුත් අතිනත ගෙන, පෝරුවේ චාරිත්‍ර අවසන් කර මධුසමය ගත කිරිමට නුවරඑලිය බලා පිටත් විය. ඊට දින දෙකකට පසු නිවස බලා ඒම හෙවත් හෝම්කමින් එකට සියල්ල සූදානම් වී තිබුණි. නැදෑ හිතවතුන් මග බලමින් සිටියෝය. නිවසට පැමිණිමේ නැකත දැන් ඉක්ම ගොස් ඇත. තවමත් නැත. හැම තැන කසු කුසු පැතිරයයි. ඥාතින් නව යුවල එනතුරු දෑස් දල්වා සිටිති. නමුත් ඇය රෝහල් ගත කර ඇත. කෙසේ හෝ සුබ හෝරවා පසුවි පැය ගනණකට පසු නව යුවල නිවසට පැමිණීයහ.

දින සති මාස ගනන් ගෙවුනේ ඇය හම්බන්තොටද, ඔහු නුවර එලියේද රස්සාවල් කරමින්ය. සති අන්තයේදි පමණක් දෙදෙනා හමුවෙයි. එක් දිනක් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ ඇයගෙනි.

"මට ඔයාගෙන් දික්කාසද වෙන්න ඔනේ"

එදිනම ඔහු හම්බන්තොට බලා නික්ම ගියේය. ඇය වෙනත් අයකු සමග ඔහු හමුවට පැමිණෙයි.

ඇය

"මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි."

 වසර ගනනාවක ප්‍රේමයේ අවසන් ප්‍රථිපලය මෙයදැයි ඔහුට සිතුනා දැයි නොදනිමු. ඔහු ඒදිනම කොළඔ බලා විත් මාස කිහිපයකට පසුව දික්කාසද විය.

වසර ගනණාවක සරසවි පෙම, හාරමාසයක රැකියාව වෙනස් කලේය. මධුසමයට යන විටත් ඇයට දරු ගැබක් තිබූ බවට සැකය ඔහු තුල නිසිකයෙන්ම හටගත්තේ ඇය ඒ සුබ දිනයේදි රෝහල් ගතකරන්නට සිදුවුනු හෙයිනි.

රංග විසින් ලියූ "අසම්පූර්ණ ආදර කතාවක්" කියවිමෙන් මේ කතාව මතක් විය. වසර ගණනාවකට පෙර සිදුවූ සත්‍ය සිදුවිමකි.


වැප්

Sunday, March 6, 2011

ඉලන්දාරියා වෙනුවෙන්

සිංහල බ්ලොග් අවකාශයේ මෙන්ම, අනෙකුත් අන්තර්ජාල භාවිතයන් හරහාත්, ඔබ දැනටමත් ඉලන්දාරියා හෙවත් දිලුම්ගේ ශෛල්‍යකර්මය ගැන දන්නවා ඇති. ඔහු අවසානයට පල කල ලිපිය අනුව දැනට ලක්ෂ 7 කට ආසන්න මුදලක් එකතූවී හමාරයි. නමුත් ඉලක්කය වෙන්නේ ලක්ෂ 30 කට ආසන්න මුදලක්. බින්කූ ප්‍රමුඛ කන්ඩායම පේපැල් හරහා කරන්න පුලුවන් උපකාරය කර අවසානයයි සිතිය හැක. එලෙසම දූමීගේ සහයෝගයෙන් මැදපෙරදිග සිදුවන පැදුරු සාජ්ජයන් තාමත් කෙරිගෙන යනවා. ඊට අමතරව ඉතුරු වෙලා තියෙන්නේ අභීත‍‍ගේ නායකත්වයෙන් සිදුවන අවුරුදු උත්සවය. ඔය ප්‍රධාන වැඩ පිලිවෙලවල් වලට අමතරව, දිලුම් වෙනුවෙන් සැකසූ ආධාර ටිකට් පතක් අලෙවි වෙනවා මේ දිනවල. ඒ සඳහා ඔබ තවමත් සහභාගි උනේ නැත්නම් මෙතනට යන්න. ඔයිට අමතරව සිදුවන සුවීශේෂිම දේ තමයි ඔහුගේ බැංකු ගිනුමට හැකි පමණිනි මුදලක් බැර කිරිම.

අසීරු නොවන ඉලක්කයක් වෙත සීරුවෙන් යන ගමනට පුංචි තල්ලුවක් ලෙස මේ ලිපිය එක් කරන ලදී.

වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....