Monday, December 21, 2015

brandy rock බ්‍රැරැන්ඩි රොක් - මාත ලේ

මීට කාලෙකට ඉස්සර රිවර්ස්ටන් පිටවන පතන ගිය විදිහ තමයි මේ තියෙන්නේ. මේවර නම් වස්ගමු පැත්තේ නොගොස් බ්‍රැරැන්ඩි රොක් කඳු මුදුන තරණය කළෙමු.  මීමුරේට වඩා දුෂ්කර ලස්සන ගම්මානයක් වුනු මාදිවෙල ඔබේ කාර්යබහුලත්වයට සහනයක් දෙනු නිසැකය.

මෙවර චාරිකා සටහන

ස්ථානය :-  මාදිවෙල බංගලාව, මාතලේ
කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 400
නැරඹිය හැකි දේ :- මාතලේ අලුවිහාරය, රිවර්ස්ටන්, පිටවල පතන, බ්‍රැන්ඩි රොක් වෙලාව පරිදි අවට ඇති දිය ඇලි

ගනන් හිලව් හා වෙන්කර ගනීම :- http://hotellanka.lk/221-525-10120/mountain_view_villa__madiwela_bungalow.html

බංගලාවට යන මාර්ගය සොයා ගැනීමත්, බ්‍රැන්ඩි රොක් තරණයත් දෙකම ත්‍රාසජනක අවස්ථාවක් වූ මේ ගමන් විස්තරය කොළඹ සිට ඇරඹීය හැක. උදෑසනම පටන් ගත් නිසාවෙන්, වහන තදබදය මග හරිමින් ඉතා ඉක්මනින්  මාතලේ නගරයට සේන්දු වීය, මුලින්ම මාතලේ අලුවිහාරය වැඳපුදාගත්තෙමු. මාර්ග වල තත්වය නම් ඈතට යාමත් සමඟ ඉතා දුෂ්කරවෙයි. කොළඹ කාපට්පාරවල් මාතලේ වෙන තෙක් තිබුනත්, ඊට පසු මාතලේ අලුවිහාරයේ සිට  අප නැවතී සිටිමට බලාපොරත්තු වන කිමි 12 පමණ මාදිවෙල දෙසට දිවෙන ගමන් මාර්ගය නම් අති දුෂ්කරය, මුල් කිමි 3 ඉතා හොඳින් කාපට් අතුරා තිබුනත් තවත් කිමි 2 ක් පමණ කාපට් කිරිමට සුදානම් කර අතහැරදමා ඇත.(යහපාලනයෙන් නාස්තිය අවම කර ඇති හැඩය :D) නමුත් තවත් කිමි 7 ඇතුලට යන විට කොන්ක්‍රිට් , ඉන්ටලොක් හා ගල්ගැලවී ගිය ඉතා දුක්ෂකර මාර්ගයකි. නිසි නඩත්තුවක් නැතිකම මාර්ග දුෂ්කරතාවයට හේතුව වෙයි. මක්නිසාද යත් එහි දැනටමත් බස්රථයක් ක්‍රියාත්මකය. පැය තුනක පමණවූ එම දුෂ්කර මාර්ගය පසුකරමින් අපට අදලා ස්තානයට සවස් වන විට ලඟා විය. එම සංචාරක බංගලාවේ ප්‍රථමයෙන් නැවතුන සංචාරක කණ්ඩායම විමේ භාග්‍ය ලැබීම ඉතාම සතුටට කරුනක් වූයේ. සියල්ලම අලුතින් නවීන ආකාරයට අලංකාරව නිමවා ඇති බැවිනි.

උයා පියා ගැනීමට කිසිවක් නොගෙන බංගලාවට සේන්දු වූයේ නැවත නගරයට වෙත පැමිණිය හැකි බැවිනි, නමුත් මාර්ගයේ ඇති දුෂ්කරතාවය නිසාම, බංගලාවේ සේවකයෙකු ලවා සියලුම ඉවුම් පිහිම් ටික ගෙන්වා ගත්තමෙු. පිහිනුම් තාටාකයක්, POOL (බෝලෙට කූරෙන් කෙටිම),   Mini basket ball , Trampoline යන පහසුකම් ඇත. එසේම ඉදිරියෙන් පෙනෙන්නේ brandy rock (බ්‍රැරැන්ඩි රොක්) කන්දය. යටත් විජිත සමයේ බ්‍රැන්ඩි පානය සඳහා සුදු ජාතිකයන් එහි ගිය නිසා එයට එම නම ලැබී ඇති බව ගම්වාසින්ගෙන් දැන ගත්තෙමු. ඊට අමතරව පසුගිය ආණ්ඩුසමයේ, පේරාදෙණියට අනුබද්තිත තවත් උද්බිත උද්‍යානයක් ලෙස මෙය වැඩිදියුණු කිරිම ආරම්භකර පසුව ආණ්ඩුමාරුවත්, පරිසරවේදින්ගේ බලපෑම නිසාත් එය අතහැර දමා ඇත, බෑකෝ කරන ලද මාර්ග, සිටුවන ලද මල් පැල තවමත් එහි ශේෂ වි ඇත, නමත් සැලසුම් කර පරිද එය ඉදි කලේ නම් , අනිවර්යයෙන්ම මෙම ස්ථානය සංචාරක ආකර්ෂන ස්ථානයක් වීමට වැඩි කලක් නොයනු ඇත.

ගල්තලාව, දෙපසින් ගලන දොලපහරවල් අාදීයෙන් සමන්විත ඉතා සුන්දර බ්‍රැන්ඩිරොක් කන්ද තරණය අපි උදෑසන 7 ට ආරම්භ කලත් එහි ඇති අතිදුෂ්කර තත්වය නිසාම කන්ද මුදුනට යන විට 10ට ආසන්ව ව තිබුණී. නමුත් ආපසු වෙනත් මාර්ගයකින් පැමිනිම හා පල්ලම බැසිම පහසු නිසා දහවල් 12 පමණ වන විට නැවත බංගලාවට ඒමට හැකි විය. ඉන්පසු රිවස්ටන්, පිටවන පතන හරහා නැවත කොළඹ බලා පිටත් වූයෙමු.

මීමුරේට වඩා ලස්සනක්, දුෂ්කරතාවයක් විඳිමට ඔබ කැමතිනම්, වහාම ක්‍රියාත්මක වන පරිදි මාදිවල බලා පිටත් වන්න :D මා රැගෙන ගිය කැමරාව ගමන් මල්ලේම රඳවා තැබූ නිසා, වෙන උන්ගෙන් උස්සාගත් පහත පින්තූර ටික නරඹන්න:D. ස්පයිස් ගාඩන්(spice garden) නම් කෙරුවාවක් මාතලේ ඇත. එවා නැරඹීට අපි නොගියෙමු:D, කූඩැල්ලන් සඳහා අමතර ලේ, මාතලේ රැගෙන යාමට අමතක නොකරන්න ::D බංගලාවලම නැවතීමට අවශ්‍ය නැත. කැම්පින්ද කල හැක :D . ඒ බංගලාවේ මුල් සෙට් එක අපි හින්දා ඒකට හොඳට අදායමක් එනු ඇත :D

ගමන සංවිදානය වෙනුවෙන් විශේෂ ස්තුතිය, ඔෆිස් එකේ අපේ සෙට් එකට.. සෙට් එකේ නම් ටික පහළ ඇති


මේක තමයි බ්‍රැන්ඩි රොක්

මගක් නැග්ගාම බ්‍රැන්ඩිරොක් පේන විදිහ

බ්‍රැන්ඩිරොක් නගිද්දි හම්බ වෙන දිය ඇලි


කන්ද ලඟයි

මෙයා තමයි පින්තූර ගත්තේ

මෙයා තමයි මේක ලිව්වේ

කන්ද උඩට පේන විදිහ

පිටවල පතන
විශේෂ ස්තුතිය - ප්‍රසංග, ප්‍රදීපා, දිල්ෂාන්, සුලා , සුබා , යූසුෆ්, ඇරන්




Monday, August 3, 2015

හේයස් (Hayes) වතුයාය - දෙනියාය - සිංහරාජය

කාලෙකට පසුව ලැබුණු දිර්ඝ සති අන්තය, කාලයක් ඉඳලා පෑලන් කරලා යා ගන්න බැරි උන සිංහරාජය, අතපසු උන ලිවීම. කලින් ඔෆිසියේ ඉඳපු කස්ටිය මුණ ගැසීම. ඔය ආකාර නොයොකුත් කාරනා එක්කම ඔන්න පහුගිය අධිඇසල පෝයට දෙනියාය පැත්තෙන් සිංහරාජය බලන්න ගියා. අපේ ගමන් මාර්ගය උනේ

කොළඹ- >රත්නපුර->පැල්මඩුල්ල->මදම්පේ->රක්වාන->සූරියකන්ද->දෙනියාය

ආයෙත් ආවේ ඇඹීලිපිටිය පැත්තෙන්. යද්දි හම්බනෙ ලස්සන තැනක් තමයි වංගු 10, ඇඹීලිපිටිය පැත්තෙන් එද්දි යායුතු තැනක් තමයි මඩුවංගල වලව්ව. ඉඳුම් හිටුම් වල ප්‍රශ්නයක් තිබ්බේ නැහැ හේයස් (Hayes) වතුයායේ  ක්වාටස් හිමි යාලුවෙක්ගේ යාලුවෙක් අපිත් එක්ක හිටපු හින්දා. තේ කර්මාන්තශාලවක දවල්ට මොකෝ වෙන්නේ රෑට මොකෝ වෙන්නේ කියලා හිතේ හැටියට බලා ගත්තා.  සිංහරාජය ගැන මොනවත් ලියන්න යන්නේ නැහැ වෙන රසකතා දෙකක් කියන්න මේ හදන්නේ

නින්දේ තරම- මිනිස්සුන්ට සාමාන්‍යයෙයන් නින්ද යනවා. නින්ද ගිය එකෙක්ව ඇහැරවන්න යන වෙලාව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේ කියන කෙනාට කොච්චර තදට නින්ද යනවා කියලා කිව්වා නම්, දවසක් මහ වැස්සෙදි, බිම නිදාගෙන හිටියාලු, පැදුරටත් වතුර දාලා කොට්ටෙත් තෙමිලා, නහය ගාවට වතුර එනකල් මේකෙනාව ඇහැරවගන්න බැරි උනාලු. උගේ වාසනවාට අපේ කරුමේට මේ කතාව අහන්න මූ එදා නහය ගානට වතුර එන්න කලින් ඇහැරුන එක ගැන ඇත්තටම දුකක් දැනෙනවා

හිඟන්නාගේ බත් එක - මේ ලඟකදි එක්තාර බුවෙක් හිගන්නෙක්ට සල්ලි දෙන්න වාහනයෙන් බැහැලා හිඟන්න ලඟට ගියාලු, මේ හිඟන්න හිටියේ උඩරටපළාතේ එක්තරා සුප්‍රසිද්ද හෝටලයක් ලඟලු. අර මනුස්සයා හිඟන්ට සල්ලි දුන්නාම, හිඟන්න ඇහැව්වාලු, මහත්තයා බත් එකක් තියනවා දෙන්නද කියලා, තක්කු මුක්කු උනු අපේ හාදයට කල්පනාවත් කරන්න වෙලාවක් නැහැලු. අර හිඟන්න කිව්වාලු. මහත්තයා මේ හෝටලේ කෑම තාමත් උනුයි කියලා. ඒ පාර හා දෙන්න කියලා අපේ එකා අර හිඟන්නාගෙන් එක කෑම එකක් ගත්තලු. යන්න හදනකොට හිඟන්න ඇහැව්වාලු මහත්තයා ගෙදරද යන්නේ කියලා. අපේ එකා ඔව් කිව්වාම. තව කෑම එකක් දුන්නලු.

වැඩිය පොටෝ ඇල්ලුවෙත් නැහැ නෙට් එකේ තිබ්බ එව්වා දැම්මේ, වැඩිය විස්තරත් නැහැ. ආයෙත් දවසක හමුවෙමු

වැප්

Saturday, June 27, 2015

වාරණ

වාරණ කිව්වාම මතක් වෙන්නේ අත්තනගල්ල, අත්තනගල්ල කිව්වාම මතක් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකට මතක් වෙන්නේ ‍ශ්‍රි ලංකාවේ දේශපාලනය. මේක කිව්වම හැමෝම හදන්නේ රට මාරූ කරන්න. හැබැයි ඉතින් වෙන රටකට ගියාම අපිට ඉන්න වෙන්නේ, වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ තමයි. 

මතකද කාලයක් ප්‍රවෘත්ති වාරණයක් තිබ්බා, බලධාරියා විසින් කපා හැරපු විද්‍යුත් මාධ්‍ය, මුදිුත මාධ්‍ය පමණක් නෙමෙයි සමහර වෙබ් අඩවිත් වාරණයට ලක්කලා.ඔය මොන වාරණය තිබ්බත් හොයපු කෙනාට ඒවා හම්බුනා, මම වැඩකරපු හා කරන තැන් වලත් අඩු වැඩි වශයෙන් ඔය වාරණය ක්‍රියාත්මකයි. බෝහෝ වෙලාවට වාරණයේ ගොදුර වෙන්නේ සමාජ ජාල වෙබ් අඩවි. සිංහලෙන් කිව්වොත් ෆේස්බුක් එකයි යූ ටියුබ් එකයි. වරණයෙත් ආකාර දෙකක් තියනවා, 

  1. එකක් තමයි සම්පුර්ණයෙන්ම ඉහත කියපු වෙබ් අඩවි අවහිර කිරීම . 
  2. අනික් ක්‍රමය තමයි වැඩ කරන වෙලාවෙදි නොයානවා නම් හොඳයි කියලා දැනුවත් කිරීම. 


වාසනාවකට හරි අවාසනවාකට හරි මම හිටපු තැන් වලයි ඉන්න තැන් වලයි යොදා ගත්තේ ‍ඔය කියන දෙවනි ක්‍රමය. මම හිතන්නේ ඉහත දෙවනි ක්‍රමය මම වගේ අය වෙනුවෙන් යොදා ගන්න පුලුවන් ඉතා හොඳ ක්‍රමයක්. දැඩි නීතියක් දැම්මාම ඒක පොඩ්ඩක් කඩලා බලන ක්‍රමයක් මගේ තියනවා. හැබැයි ඒක බොහොම සියුම්, සමහර විට දන්නේ මමම විතරයි. ඒකට ලැබෙන ප්‍රතිචාර වලින් ඉතා ඉහළ ගනයේ රස වින්දයන් මම මා විසින්ම ලබා ගන්නවා :D 

වරණය ගොඩක් වෙලාවට එන්නේ එකම අායාතනයක විවිධ කණ්ඩායම් වැඩ කරද්දි, හොඳම උදාහරණය තමයි මම කලින් වැඩ කරපු ස්ථානය. ඇත්තටම කිව්වොත් ඒක සොෆ්ට් වෙයර් කම්පැණියක් නෙමෙයි. පරිඝණක මෘදුකාංග ඇසුරෙන් ලෝකයේ විවධ වූ ප්‍රසිද්ධ සඟරා සඳහා සේවා සපයපු ආයතනයක්. ඒ සඳහා සාහායක වෙබ් සයිට් හදන්න තමයි තමයි අපිව අරන් තිබ්බේ. ‍‍‍

එතකට සමාන්‍ය යෙන් සයිට් අටවන උන් (web developers හොඳට තියන සයිට් කඩන එවුන් :D) 
අඩුවෙන් වැඩ කරලා වැඩි යෙන් හිතනවා
ඔය අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් හිතන්නේ ෆේස්බුක් යන ගමන්, යූ ටියුබ් එකේ විඩි‍යෝ එකක් බලන ගමන්, ඕපදූප සයිට් බලනකොට. මොකක් හරි වැඩක හිර වෙලා ඉන්න කොට මුකුත්ම කරගන්න බැරි උනාම (‍අම්මපා ගොඩක් වෙලාවට මට නම් වෙන්නේ මේකමයි) තවත් ඒ වැඩේම ගොඩ දාන්න යනවා කියන්නේ මේ කපේදි කරන්න බැහැ මට නම්. හැබැයි ෆේස් බුක් එකේ රවුමක් ගහන කොට මේන් අර හිර වෙච්ච ප්‍රශ්නය විසඳ ගන්න පුලුවන් වෙන දැනුම ලැබෙනවා. බැරි වෙලාවත් සමාජ ජාල වෙබ් අඩවි නොතිබ්බා නම් මගේ ප්‍රඩක්ටිවිටි එක බින්දුවයි.

එතන හිටපු ‍බහුතරය ( හැමදාම කරන්න තියෙන්නේ එකම වැඩේ. හරියට රියැදුරෙක් වගේ)
වැඩියනේ වැඩ කරලා අඩුවෙන් හිතනවා 
කාලයත් එක්ක තමයි මේයාලා වැඩ කරන්නේ. මග හැරෙන හැම තත්පරයක්ම හරිම වටිනවා. එකම දේ කරන්න තියන හින්දා ප්‍රශ්න එනවා බොහොම අඩුයි. ඒ හන්දා මේ කණ්ඩායම ෆේස්බුක් ගියොත් ඉවරම තමයි.

මම කම්පැනියක අයිති කාරයෙක්වත්, ඉහළ පෙලේ නිලධාරියෙක්වත්, එහෙම වෙන්ඩ බලාපොරෙත්තුවකුත් නැහැ. එතකට ඔබ හිතයි වගකීම් ගන්න කැමැති නැති කෙනෙක් කියලා. නමුත් නිදහස කියන එක වගකීමට වඩා ඉහලින් තිබෙන දෙයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. නිදහස් පුද්ගලයෙකුට වගකීම් වැඩියි. ( තේරෙන්නේ නැත්නම් පුද්ගලිකව ඇවිත් අහගන්න ;D). මට ලැබෙන යම් කිසි වගකීමක් වෙන අයෙකුට පවරලා ඒකේ වගකිම සියයට සීයක් ගන්න පුලුවන් බය නැතව ( මේ කිව්ව එකත් තේරුනේ නැත්නම් කරන්න දෙයක් නැහැ :D ). ඔය ටික ඔක්කොම කිව්වේ වාරණය කරන්න හේතුව මට හිතෙන විදිහට විග්‍රහ කරන්න. ඒ කිව්වේ 

1. බැන්ඩ්විඩ්ත් - අන්තර්ජාලය හරහා එක කට්ටියක් වැඩ කරද්දි අපි වගේ අය utube  එකේ ස්ට්‍රිම් කරන්න ගත්තොත්, අනික් කට්ටිය කරන වැඩේ නියම විදිහට කරන්න වෙන්නේ නැහැ. මේකත් එක්ක සියයට සීයම එකඟයි

2. ඉරිසියාව - එකම තැන ඔය කියන කට්ටි දෙකම වැඩ කරන කොට.. අපේ මොනිටරය අනික් අයට පේනවා. එතකට හැම තිස්සේම ඉන්නේ facebook එකේ එහෙම නැත්නම් විඩියෝ බල බල.  ඉතින් ඉරිසියාව කේලමක් විදිහට  පරිපලනය වෙත යනවා, ඒක වාරණයක් විදිහට අපිට එනවා. ඕකට තමයි කිව්වේ වාරණ චක්‍රය කියලා. ඉරිසියාව-> කේලම -> වාරණය :DDD


දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන සද්ද නැතුව සාධනියව විවේචනය කරන එක තමයි මගේ ජීවන දර්ශණය ඒ හන්දා ප්‍රශ්න නැහැ කොතනකවත්. අනික ඔය හැම දේම දවසට පැය 8 යිනේ, තව පැය 16 ක් තියෛන්නේ :DDD. අපි යම් තැනක වැඩ කරනකොට, ඒ ආයතනයටත් ගෞරවයක් ඇති වෙන්න අපේ අභිමානයත් රැකෙන්න වැඩ කරන්න ඕනේ. 

වැප්

Monday, March 9, 2015

මඩකලපු බලා ගියෙමු!

ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමනේ ප්‍රධාන අරමුණ උනේ මඩකලපුවේ තිබෙන එකම පන්සල වන මංගලාරාමය දැක බලා ගැනීමයි. ඔබට මතක නම් කූරගල , විල්පත්තු , මීමුරේ වැනී ඈත දුෂ්කර පළාත්වල මීට කලින් සංචාරය කරපු බව.  කූරගල කිව්වාම මතක් උනේ, ෆෙස්බුක් එකේ ඉවෙන්ට් එකක් තිබ්බා මේ වෙසක් පෝයට කූරගල යනවා කියලා. ඒකටත් යන්න හිතාගෙන ඉන්නවා. (https://www.facebook.com/events/1415848362043667/). යන අය ඉන්නවා නම් මාවත් එක්ක යන්න මතක ඇතිව.

මඩකලපුව, යන්න කලින් අන්තර්ජාලය පීරමින් විස්තර හෙව්වා, මොනවද බලන්න තියෙන්නේ, එම ස්ථාන කොහෙද තියෙන්නේ කියන එක ගැන. පහතින් තියෙන්නේ ඔබට මඩකලපුව ගියොත් දැක බලාගන්න තියන වැදගත් යැයි කිව හැකි ස්ථාන කිහිපයක්. සමහර විට අපිට යමක් මඟ අරුනා නම් මතක් කරලා දුන්නොත් යන වෙන කෙනෙකුට උනත් ප්‍රයෝජනයක් වෙයි. අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ මේ විදිහට



යන පාර
කොළඹ ->කුරුණැගල->ගිිරිතලේ->වැලිකන්ද->වාලච්චේන->චෙංකලඩි-> මඩකලපුව

මොරගහකන්ද
යන ගමන් මොරගහකන්දත් බැලුවා



පාසිකුඩා 
යන අතර මඟ වාලච්චේනෙන් හැරිලා පාසිකුඩා වලට යන්න පුලුවන්, ලංකාවේ තියන ලස්සනම මුහුදු තීරයක් තමයි පාසිකුඩා වල තියෙන්‍ෙ



මංගලාරාමය
මඩකලපුව නගරයේ තිබේන එකම බෞද්ධ සිද්ධස්ථානය තමයි, මේ පන්සල, කොටි කලබල කාලේ අත ඇරලා දාපු මේම පන්සල නැවත වර්තාමන නායක හාමුදුරුවෝ තමයි දැන් තිබේන තත්වයට දියුණු කරලා රැකගෙන ඇවිත් තියෙන්නේ. අක්කර එකාහාමාරක පමණ වපසරියේ,චෛත්‍යක්, බොධියක් හා බුදුගෙයක් මෙන්ම අවාසගෙයක් දැක්නට ලැබෙනවා. කිව්ව විදිහට ඒ කාලේ ඒ වටපිටාවේ ඔක්කොම ඉඳලා තියෙන්නේ සිංහල මිනිස්සු, පස්සේ කොටිකලබලත් එක්ක ඒ මිනිස්සු වෙනත් පළාත්වලට ගිහින්. ඒ මිනිස්සුන්ට ඒ දේපල නැවත ලබාගන්න  ක්‍රමයක් නම් දැන් කොහොමත් නැහැ. ඒ කෙසේ වෙතත් රැක ගන්න බැරි දේවල් නැවත මොන එකකට අරන් දෙනවාද? බලධාරින් නිලධාරීන් ඔක්කොම තද නින්දේ ඉන්න කොට, ඒ මිනිස්සුත් දැන් නැත්නම් ඔය දැන් තියෙන විදිහට තිබුණාවේ. සමහර විට ඔබට මතක ඇති ඡන්ද අයිතිය ඉල්ලන්න ගිහින් කොළඹදි ගුටි කන්න සිද්ධ උනෙත් මඩකලපුව නගරයෙන් කිලෝමිටර් 70 විතර ඈත ජිවත් වෙන ගම්මාන වල මිනිස්සුන්ට කියලා.






නවාතැන්
නවාතැන් ගන්න බොහෝ තැන් තියනවා. ඒ අතර අපි තෝරගත්තේ අඩු වියදම් ස්ථානයක්, තිරිච්චන්ද්‍ර කෝවිල ලඟම තියන ගෙදරක තමයි අපි නැවතුනේ. ඒ මිනිස්සුන්ට සිංහල ටිකක් පුලුවන්, ඒ හන්දා අපිට ගැටලුවක් උනේ නැහැ. නමුත් අපිට හරියට තැන හොයා ගන්න බැරිව, අතර මඟ කඩේකින් අහලා ඒ අයත් දන්නේ නැති තැන කෝල් එක්ක අරන් එතන හිටපු කෙනෙක්ට දුන්නා හරියට තැන අහලා කියන්න කියලා, ඉතාමත් උනන්දුවෙන් අපිට උදව් කරලා තියෙන්නේ, ඒ අසල තිබ්බා පොළිස් පොයින්ට් එකක ස්ථානාධිපති තුමා. උවමානවක් උනොත් එතනට එන්න කියලා බොහොම සුහදශීලිව කතා කරපු එතුමාට බොහොම ස්තුති වන්ත වෙන්න ඕනේ. පස්සේ අපි තිරිච්චන්ද්‍ර කෝවිල ලඟට ගියාම. නවාතැන් පලේ අයිතිකාරයා ඇවිත් අපිව එතනට එක්ක ගියා. බොහොම සුහද ශිලි මිනිසෙකු උන සූගිර්ධා මහත්මයාගේ ගදෙර තමයි අපි නවාතැන් ගත්තේ. නොදන්න පළාතක දෙමළ ගෙදරක නේද අපි මේ ඉන්නේ කියලා හිතට කිසි සැක සංකාවක් ඇති උනේම නැහැ.  ඒ තරම් ඒ මිනිස්සු සුහද ශීලි. හැබැයි ඉතින් හැම මනුස්සයෙක්මට චරිත සහතික නම් කිසිසේත්ම දෙන්න බැහැ.

තිරිච්චන්ද්‍ර කෝවිල
නාවාතැන අසලම පිහිටි මේ කෝවිල, 2004 අඩි 50ක් පමණ උස සුනාමියට දැඩිව ගොදුරු වෙලා තියනවා. ඒකේ ප්‍රතිවිපාක බලන්න පුලුවන් ඇලව ගිය පරණ කෝවිලේන්. මේ හරියට කියන්නේ නාවලඩි කියලා.. දිගටම මුහුදු තීරය ඒ වගේ දැක බලා ගන්න පුලුවන් සුනාමි ස්මාරක. ඈතට ලස්සනට කල්ලඩි පාලම පේනවා.





ගාන්ධි උද්‍යානය
අර්ෂඩි(ARSADI) පාලමෙන් ලන්දේසි බලකොටුව බලන්න යන විට, කොළඹ දියත උද්‍යානය වගේ ඉතාමත් අලංකාරව ගොඩනගපු ස්ථානයේ බොහෝ මිනිසුන් විවේක ගන්නවා



ලන්දේසි කොටුව
දිස්ත්‍රි්ක් ලේකම් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන ගොඩක් පිහිටුවලා තියන්නේ බලකොටුව ඇතුලේමයි. පැරණි ගොඩනැගිලි, කාලතුවක්කු, මුරකුටි එහෙම අදටත් දක්නට ලැබෙනවා










මඩකලපුව දුම්රිය ස්ථානය
නැවත මඩකලපුව නගරයට පැමින, ප්‍රදීපාගාරය බලන්න යන අතර මඟ ඔබට මඩකලපුව දුම්රිය ස්ථානය හමුවෙනවා. අමතක නොකර එතනටත් ගොඩවන්න






මාංමගම් දේවාලය (Maamangam Hindu temple)
දුම්රිය ස්ථානය පස්සේ යන අතර තුර තමයි මේම විශාල දේවාලය ඔබට මුන ගැසෙන්නේ.




ප්‍රදීපාගාරය
ප්‍රදීපාගාරය අසලින් ඔබට බෝට්ටු සාවරයක් යාමටත්, වෙහෙස නිවා ගන්නටත් හැකිවන පරිදි ගොඩ නගා තිබේ




ඉහතින් කෙටියෙන් තිබෙන්නේ පෙර සූදානමකින් ගියපු තැන්. සමහර විට තවත් වැදගත් තැන් මඟ ඇරී යන්න ට ඇති. 

කල්අඩිපාලම
සින්දු කියන මාලු ඉන්නේ මෙතනලු... දැක්කේ නම් නැහැ.. සමහර විට ඔබට මුණ ගැසේවි



එනපාර
මඩකලපු->චෙන්කලඩි->මහඔය->මයියංගනය->නුවර->කොළඹ

ටැම්පිට විහාරය
චෙන්කලඩි මහඔය අතර කිලෝමිටර් 3 ක් විතර ඇතුලට ගියාම මෙම ටැම්පිටිය රජමාහා විහාරය වන්දාන කරන්න පුලුවන්. ඒ දවස් වල මායිම් ගම්මානයක් වෙච්ච මේ ගම්මානයේ පවුල් 300 ක් විතර පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම මේ විහාරය ගොඩ නංගවලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා.










මඩකලපු විස්තරය ඔච්චර තමයි. ආයේ ඉතින් කවදා කොහේ යයිද කියන්න බැහැ. මේ සම්පූර්ණ ගමන ගියේ යතුරුපැදියේ. ඊලඟට යන දිහාවක යන්න කැමැති අය ඉන්නවා නම් කලින් කියලා තියන්න:D විශේෂ ස්තුතියි තිසර මධුවන්ත මහතාට 

ඔන්න ඔය එක්කම තවත් කාරනාවක් කියන්න ඕනේ. පස්වන වතාවටත් සයිබර් බක්මහ උළෙල පැවැත්වෙවන්නේ මේ අප්‍රියෙල් මාසේ තියනවා වැල්ලවත්ත කුරේ ක්‍රීඩංගනයේ. එන අය එන්න නැති අය නිකා ඉන්න. එනවා නම් මේක පුරවන්න 

වැප්

Friday, February 20, 2015

කසාය

මට හොඳට මතකයි පුංචි කාලේ උණක් හෙම්බිරිස්සාවක් හැදුනාම, තාත්තා බේත් ගන්න එක්ක ගියේ පන්සල් වත්තේ වෙද මහත්තයා ගාවට, සුදු සරමයි කමිසයයි ඇඳපු ප්‍රියමනාප මනුස්සයෙක් වෙච්ච වෙද මහත්තයා හරිම කරුණාවන්තයි. වෙද මහත්තයාගේ  ගෙදරට යන නිවැරදි පාර තියෙද්දි කවුරුත් වෙද ගෙදර ගියේ පන්සලේ ඉඩමක් හරහා, ඉතින් වෙද මහත්තයාට නිකන්ම නම පට බැඳුනා පන්සල් ව‍ත්තේ වෙද මහත්තයා කියලා. මතකය නිවැරදි නම් බේත් වලට ගත්තේ රුපියල් පහළවයි නැත්නම් විස්සයි. ගුලි දෙනවා බේත් සීට්ටුවක් දෙනවා, කුඩු දෙනවා (වෙලේ සුදා දෙන කුඩු නෙමෙයි), කල්කයකුත් දුන්නා වගේ මතකයි. හැබැයි මම ඔය ඔක්කොමට වඩා අසා කලේ අරිෂ්ඨය බොන්න. ඒකට තියන ආසව හින්දාමද කොහද අර බේත් ගන්න කවුලුවෙන් ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලං ඉන්නේ කකුලේ ඉස්සරහ ඇඟිලි වලින් ඉස්සිලා. අරිෂ්ඨ බෝතලයෙන් පොඩ්ඩයි කොනේ තියන වතුර ටැප් එකෙන් මැනලා වතුර ගොඩකුයි දාලා බෝතලය හොඳට කලවං කරලා තමයි අපිට දෙන බේත් බෝතලය හදන්නේ. ඕක තමයි කසායක් බීපූ මුල්ම කාලේ...

ඊලඟට කසායක් බොන්න හම්බුනේ, මගේ පපුව මීයෙක් කාපු දවසේ (:DDD), පොඩි කාලේ ඉතින් ඔය කෙසේල් ගහක් බදා ගන්න ගිහින් මොකෙක් හරි සතෙක් මගේ පපුව කෑවා. මම අදටත් විස්වාසකරන්නේ ඒ කෑවේ ගොනුස්සෙක් කියලා. ගෙදර හොරාට උන්නට මෙන්න‍ මේක ඉදිමිලා රතු වෙලා අවා... පස්සේ වෙද ගෙදර ගියාම වෙද හාමිනේ කියාපි මේ කාලා තියෙන්නේ මීයෙක් මෙන්න මේ බලන්න දත් පාරවල් කියලා පපුව හොඳට අල්ලා දත් පාරවලුත් පෙන්නුවා. අනේ ඉතින් මම කටක් ඇරලා කියන්නද කෙසෙල් ගස් බදා ගන්න ගිහින් ගොනුස්සෙක් කැවා කියලා. හැමේමා තීරණය කලේ රෑ නින්දෙදි කලා කියලා, මගෙන් කරුනු අහන්නේ නැතුවම නඩුවේ තීන්දු දුන්න හිනදා, මීයා කාපු එකට දැන් කසාය බොනවා. ඔය කසාය එක්ක බොන්න කිව්වා දිවුල් කැඳ.. එදා මෙදා තුර මම බීපු හොඳම කැඳ තමයි ඒ, දිවුල් කොළ වලින් කැඳ බිලා තියන කෙනෙක් මගේ මේ කැඳ කතාවට එකඟ වෙයි.

සිංහල බේත් වලට තියන ඉඩ නැත්තට නැති වෙලා ගියා දොස්තර මහත්තුරු ආවට පස්සේ, ඒත් මම හිතන්නේ තාමත් කැඩුම් බිඳුම් වලට සිංහල බේත් තමයි හැමෝම කරන්නේ. මේ හැම දෙයක්ම මට මතක් උනේ දත් කැක්කුමක් හින්දා. මේ දවස් ටිකේම පුදුම දුකක් විඳිනවා දත් කැක්කුමකින්. දත් දොස්තරට කිව්වාම මේ දත කකියනවා කියලා, මිනිහා කියනවා කිසි දතක අවුලක් නැහැ කියලා. මමකියන එක මිනිහා පිළිගන්නෙත් නැහැ දතේ කැක්කුම අඩු වෙන්නෙත් නැහැ. බැරිම තැන අම්මා කියපු අත් බෙහෙත් වගයක් කරලා වැඩේ යන්තමට දැන් ගොඩ. සෙම වැඩි උනාම එන කැක්කුමක් හින්දා කියලා සුදුලූනු ගෙඩියක් කනේ ගහන් හිටියා අද දවසම:D හැබැයි එකෙන් තමයි වැඩේ ගොඩ ගියේ..

ලියන්න කම්මැලියි.. එහෙන් මෙහෙන් ලිව්වා... ගැලපෙන්නේ නැතුව ඇති ... ගලපලා ගන්න .. කෙටියෙන් කිව්වොත් දත් කැක්කුම තාම තියනවා:DDD 

වැප්  

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....