Monday, October 31, 2011

නිර්ආගමික විමේ රහස සෙකියූලර්

මෙම ලිපිය ලියවෙන්නේ ලංකාව මූලික කරගෙන බව කරුණාවෙන් සලකන්න.

මෙම ලිපිය කියවිමට පෙර "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද? ලිපිය හා කමෙන්ට් කියවා එන්නේ නම් යෙහෙකි

ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ කොයි කාලේද කියලා ඉතිහාස වේදියෝ හොයාගෙන යයි. ලංකාවට බුදු දහම ආවේ මහින්දාගමනට පෙර බව දැනට පිළිගැනෙන තවත් මතයක්. මේ මත කොයික වෙතත් බුදු දහම ලංකාවට සම්ප්‍රාප්ත වි ඇති බවට විස්වාස කරන්නේ මීට වසර දෙදහස් ගනනකට කලින් බව පොදු පිලිගැනිමයි.

දැන් දැන් අලුත් ප්‍රවණතාවයක් නම් නිර්ආගමික විලාසිතවට අතුලුවිමයි. මෙහි අරමුණ අවසානවෙන්නේ සෙකියූලර් කියන තත්වයෙකි. ලිපිය පටන් ගනිද්දිම සෙකියූලර් කියන එක ඔවුන්ට අනුවම අරථ දැක්විම යෝග්‍ය යැයි සිතමි

එනම්,
//රජ්‍ය හා ආගම වෙන් කිරිම‍\\
//ආගමක් ඇදහීමේ අයිතිය මෙන්ම ආගමක් නොඇහදීමේ අයිතිය හෙවත් නිර්ආගමික විම තහවුරු කිරිම\\

වෙන්කිරිමේ ඉතිහාසය
මූලික අරමුණ තමයි රජයන් මගින් ආගමට දෙන සහායත්, ආගමික සංස්ථාවෙන් රජයට වන බලපෑමත් ඉවත් කිරිම. ලංකාවේ ඉතිහාසය  හොඳට පිරික්සා බැලුවොත්, ජාතියක් විදිහට යටත් විම් යුද්ධ කිරිම් පරාජය වීම් කොතෙකුත් තියනවා. නමුත් ඒ සෑම ජය ගැනීමක් යුද්ධ කිරිමක් පරාජයක් පිටපුසම තිබුනේ පන්සල. ඒක මොහොතක නැත්තට නැති වි ගොස් පරාජය වන ජාතිය ඊට නොබෝ කලකින් පන්නරය ගන්නේ පන්සල මූලික කරගෙන සංඝයාගේ ආශිර්වාදයෙන්. ඉතිහාසය පුරවාට පමණක් නොව, නාමමාත්‍රික නිදහස ගන්න 48 ට පසුවත් සිදු වන්නේ මේ දේමයි. ඉතිහාසය පුරාවට විවිද අන්‍ය ජාතිය නොයෙකූත් කූට උපක්‍රම යෙදුවා පන්සලත් මිනිස්සුත් වෙන් කරන්න. ඔබ දන්නවා ක්‍රෝටන් කියන ශාකය ලංකාවට හදුන්වා දෙන්නේ ඇයි කියලා. ගෙවල් වල ඉස්සර වැව්වේ සුදු මල්, මල් කඩන් හවස පන්සල් යනවා. මිනිස්සු ආගමයි අයින් කරන්න නම් මල් නැති කරන්න ඕනේ කියන පහත් මානසිකත්වයේ ප්‍රතිඵලයක් විදිහට ගේ දොර වැවිමට ක්‍රෝටන් එනවා. මේ වගේ අපේ ජනසාමජය නොහිතන මානසික අවි වලින් අපිට පහර දෙන්න ගත්තේ අද ඊයේ දවස් වල පමණක් නොවෙයි. මෑත ඉතිහාසය, එහෙත් නැත්නම් ඔබටත් මටත් මතක ඉතිහාසය තුල අපිට විරුද්ධව යොදාගත් මානසික අවිය තමයි සුදු නෙලුම කියන සංකල්පය. මේ ආකරයා අපිට හොරා අපේ මනසත් එක්ක සෙල්ලම් කරන එක එක යෝජනා ක්‍රමිකව ක්‍රියත්මක වෙනවා. ඉතිහාසය පුරා ආගම  මිනිසුන්ගෙන් වෙන් කිරිම බැලුවේ රජ්‍යත්වය හුදකලා කර අඩපණ කර, ඔනෑම මොහොතක දුර්වල කර බලය අල්ලා ගැනිමට පහසු නිසයි. නමුත් මේ පොදු මහජනතාවගේ ඇටමස් ලේ නහර කරා පැලපදියම් වූ බුදු දහම ජනතාවගෙන් ඉවත් කරන්න කොහොත්ම හැකි උනේ නැහැ. මෙහි දියුණු තත්වය හෙවත් වර්ථමාන තත්වය තමයි ආගමික බලෑපැමෙන් තොර ආන්ඩුක්‍රම ව්‍යවස්තාවක් සෑදිම. 

වර්ථමාන තත්වය
වරින් වර ගන්න ලද උත්සහයන් ව්‍යර්ථ වෙලා යනවා ආන්ඩුක්‍රමය තුලින් ආගම ඉවත් විම යන ක්‍රියාදාමය. ඊට පසු මේ ක්‍රමය සමාජ ගත කිරිමේ වැඩපිලිවෙලේ ප්‍රධාන සැපයුම් කරු තමයි නිර්ආගමික වීම. මේක විලාසිතාවක්. බෞද්ධ වන අප ආඩම්බරයෙන් කියනවා අයියෝ වෙසක් එකටවත් පන්සල් ගියේ නැහැ කියලා [ මාත් ඇතුලුව]. මේ විලාසිතාව වැඩිදියුණු වෙලා නව පන්නරයකින් එලියට එන්නේ නිර්ආගමිකයා කියන සංකල්පයත් එක්ක. නිර්ආගමිකයා කියන්නේ හරියට පලිහක් වගේ. ඕන දෙයක් කරලා කටපුරා සිනා සි කියනවා නිර්ආගමිකයි කියලා. ඉතිහාසය පාසල් විශයෙන් අයින් කරනවා. එත් දැන් කියනවා එදා ඉතිහාසය විශය අයින් නොකලා නම් අද මෙහෙම වෙන්නේ නැහැ කියලා. 


පාසල් විශයෙන් ආගම අතිරේක විශයක් කිරිම
මේ සම්බන්දව කාරනා දෙකක් තියනවා මුල් එක තමයි, යම් කිසි දරුවෙක් ඉගෙන ගන්න පාසල තුල ඔහුගේ හෝ ඇයගේ ආගම විශයක් විදිහට තිබුනේ නැත්නම් අපහසු තාවයට පත් වෙනවා. මේක නම් එකම ගැටලුව මේකට විසඳුම් දෙකක්  තියනවා. මුල් එක තමයි එහෙම දැන දැනත් වැරදි පාසලකට ළමයාව දැම්මේ ඇයි කියන එක. දෙවනි එක රජය දැන ගන්න ඕනේ ඒ පහසු කමදෙන්න.

අනික් කාරණය තමයි එම දරුවා නිර්ආගමිකයෙක් වීම, හුදෙක් නිර්ආගමිකයන් නිසා ආගම විශය අතිරේක විශයක් කරනවා නම් ඒක සම්පූර්ණ වැරදියි. මොකද නිර්ආගමිකයා කියන්නේ ආගමක් අදහන්නේ නැති පුද්ගලයා. සමහර විට එකට කියන නම තමයි නිර්ආගම. ඔබ දන්නවද මේකටත් දැන් දිනයක් තියනවා. නුදුරේදි ඒ දිනයත් නිවාඩු දවසක් වෙයි. [ අම්මපා එදාට මාත් නිර්ආගමිකයෙක් වෙනවා ]. දැන් ඔබම කල්පනා කරන්න මම නිර්ආගමිකයෙක්. ඒ කියන්නේ ආගමක් නැහැ. හිතන්න එතකොට පාසල තුල බුදුදහම උගන්වනවා එහෙමත් නැත්නම් කතෝලික දහම උගන්වනවා. නිර්ආගමිකයට ආගමක් නැහැ එහෙනම් මේ උගන්වන එක ඔහුට හෝ ඇයට විශයක් පමණයි. එහෙම කල්පනා කරපුවාම මොන එකකට ආගම කියන විශය අතිරේක ගොඩට දානවද?

ආගමක් තියන පුද්ගලයා ඒක අදහයි ඉගෙන ගනියි භාවිතයේ යොදවයි. නිර්ආගමිකයා ඒක පාඩම් කරලා D/A එකක් දාලා විභාගය පාස් කරයි. එතනින් ඒ ගනුදෙනුව ඉවරයි.

නමුත් නිර්ආගමික කියන සංකල්පයේ යටි අරමුණ තියෙන්නේ රාජ්‍යට විදිම. එහෙම යටිකූට්ටු වැඩ වලට ආගම පාසල් විශයෙන් අයින් කරන්න හදනවා නම් ඒකට එක හෙලා විරුද්ධ විය යුතුයි. ඇත්තටම මේ පටන් ගන්න හදන්නෙත් ඒ වැඩේම තමයි.

නිර්ආගමිකත්වය වෙළඳාම් කිරිම
ආගම කියන සංකල්පය තියෙන්නේ මිනිසෙක්ගේ හිතේ. මම දෙවියෝ අදහන්නේ නැත්නම් නැහැම තමයි. හැබැයි  නිර්ආගමික සංකල්පය තියෙන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ. එකනේ මේ ඒකට දිනයක් දාගෙන රැස්වම් තියාගෙන වෙබ්සයිට් හාදාගෙන සම්මන්ත්‍රණ තියාගෙන් ගෙයින් ගෙට යන්නේ. තමුන් ආගමක් අදහන්නේ නැත්නනම් ඕක ආයේ ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේද? ඒ ඕනා කෙනා නොකර ඉන්නේ නැතැ. ඊටත් මේ හදන්න හදන්නේ ලෝකය. ගෙදර හෝ ඒ අවට ජනතාව හදාගන්නේ නැතුව ලෝකය හදන්න හදනවා. 

නිර්ආගමිකත්වය හා බැඳුනු ගැටලු
1. නිර් ආගමිකයන් එක් රැස් වන්නේ ඇයි?
2. නිර් ආගමිකයන්ට දිනයක් කුමකටද?
3. නිර් ආගමිකයන් සම්මන්ත්‍රණ තියන්නේ ඇයි?
4. නිර් ආගමිකයෙක් විමේ අරමුණ කුමක්ද?
5. නිර් ආගමිකයන් ව්‍යවස්තා සංශෝදන ඉල්ලන්නේ ඇයි?
6. නිර් ආගමිකයෙකුගේ ආගමක් නොඇදහිමේ අයිතයක් තහවුරු කරන්නේ කෙසේද? [ වෙන ආගමක නම් ස්ථානයක් තියනවා පූජ්‍ය හෝ පූජකයෙක් ඉන්නවා? මේකෙත් එහෙම ඉන්නවද දන්නේ නැහැ තහවුරු කරන්න කියන්නේ] 
7. නිර් ආගමිකයෙකුට තියන එකම ගැටලුව යම් පෝරමයක ආගම කියන කොටස පිරවිම නම්, ඔහු නිර්අගමිකයෙකුත් නම් එතන බොද්ධ / හින්දු / ඉස්ලාම් යන එවායින් කැමති එකක් දැම්මාට වරදක් ඇතිද?
[ මන්ද නිර්ආගමිකයි කියා දැම්මොත් එය ආගමක් වනවා නොවේද? ]
8. නිර් ආගමිකයන් වෙනත් ආගම් විවේචනය කරන්නේ ඇයි?

ඉහත ප්‍රශ්න වලට සෑහිමකට පත්විය හැකි පිළිතුරු අපේක්ෂා කරමි. තව ඕනෑ තරම් ප්‍රශ්න ඇතත් එවා දැනට අවශ්‍ය නැත.

හුදෙක් මෙම ලිපිය ලිවිම හේතු පාදක වූයේ රංග විසින් ලියූ "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද?" ලිපියයි

වැප්

Saturday, October 29, 2011

ඉඟි බිඟි පාලා නටවන්නද හදන්නේ?

ඇහැව්වාම, මතකද
උජාරුවට කිව්වා
දැන්  ඕවාට වෙලාවක් නැහැ කියලා
ඒත් දැන්
යසට ඉන්නහැටි බුකියේ
ඒ විතර යෑ
photo දාලා like මදිවට
shareත් කරනවා

ඉරිසියා කරන්නේ
බුකියටද
උබටද
කියලා හිතාගන්න බැරිව
ඉන්නකොට
wall එකේ වැටෙන update එක
දිගේ තාමත් ඔය පැත්තට එබෙනවා
relationship එක බලන්න

ඉඳලා හිටලා දාන comment  එකෙන්
ඉඟි බිඟි පාලා
නටවන්නද හදන්නේ
මාව ආයේ


වැප්

Saturday, October 22, 2011

බ්ලොග් අවකාශයෙන් ආණ්ඩු බලය අල්ලන වැඩ පිළිවෙළ

මේක රහස් ලියවිල්ලක්. මේක කියවන්න පුලුවන් වෙන්නේ සිංහල බ්ලොග් ලියන අයට  විතරයි. මේ මුලු ලිපිය පුරාවට තියෙන්නේ කොහොමද රටේ ආණ්ඩු බලය අල්ලන්නේ කියලා. මේ සංදේශය අද මේ බ්ලොග් එකෙන් පටන් අරන් බොහොමයක් බ්ලොග් හරහා අපේ සදා ආදරණිය  නායකයාගේ බ්ලොග් අඩවිය වෙත, කමෙන්ට් හරහා අරන් යාවී.

පටන් ගැන්ම
පළමු කොටම සාදූ හඬින් ගූගල් දෙවි වැඳ ගන්නේ
ජිමෙයිලක් අටවා ගෙන රහස් පදෙන් ලොග් වෙන්නේ
බුකිය කරා ඇඳි ගොසින් එහි ගිනුමක එල්ලෙන්නේ
දුටුවා නේද එක මෙයිලෙන් වැඩ දෙක තුන කරගන්නේ

හැදුව මෙයිල ටුවිට් ඔබා එතන ඔලුව ඔබන්නේ
ඔබපු ඔලුව හරව හරවා හැම එකාම පන්නන්නේ
පන්නපු උන් පන්නන බව ජිමෙයිලා කියන්නේ
බුකිය උඩත් මේ අඩව්ව ඒ ලෙසටම අල්ලන්නේ

උඩ කියාපු ජිමෙයිලෙන් ගුගලයා වෙත වදින්නේ
වැදියගමන් හොර නමකින් බ්ලොගයක් එහි අටවන්නේ
අටවපු ඒ මළඉලව්ව සින්ඩි වලට බල බල ඔබන්නේ
ඔබපු බ්ලොගේ ලිපියක් දා පස් බස් වල දුවවන්නේ

ඔය අතරේ ලිපි බල බල කමෙන්ට් අකුරු හලන්නේ
හලපු කමෙන්ට් වෙනවුට රිප්ලයි ඇති දැයි බලන්නේ
රිප්ලයි නැති බොලොක්කයෝ හතුරු ගොඩට දමන්නේ
ඉතුරු මිතුරු බොලොක්කයෝ ඉඳ හිට සෙට්වෙන්නේ

සන්දාන හැදිම
මිතුරු වෙසින් සිටිනා උන් එක ගැට්ටේ නටන්නේ
ගැට්ට කෑඩි බිම වැටෙනා බව උන්නොම දන්නේ
ආණ්ඩුවට බනින සිද්ධි නැකතට ලිපියට ගන්නේ
නැකැත් ලිපිය රිශෙයා කර මකුළු දැලක් බඳින්නේ

කැමති එකා ලයික් එකක් කමෙන්ට් එකක් දමන්නේ
අකමැති උන් මුවින් නොබැන ලයික් එකම ඔබන්නේ
එහෙව් කලට ලියපු එකා ගෙම්බා වගේ පිම්බෙන්නේ
රට අල්ලන බව කියමින් ජාලිකයෝ රොක් වෙන්නේ

එකා දෙන්නා ගුගල් සරණින් දැන් පදමට යාලූ වෙන්නේ
යු ටියුබෙන් බුකි ටුවිටෙන් අදහස් මසුරන් මතු වෙන්නේ
රට පෙරළන ගිවිසුමකට නව කාපට් මාවතකට පිවිසෙන්නේ
පාර හොඳයි කාපට් හයිවේ ඈත දුරින් රජ පුටවක් පේන්නේ

සංවිධානය වීම
ඉස්ත්‍රිරික්ක 25 හයි රට වටේට හොඳ පදමට රත් වන්නේ
ඒ වටේම බ්ලොග් අටවපු පට්ට බ්ලොගියෝ සිටින්නේ
උන් බල බල පට්ටම් දි ඒ ප්‍රදේශ බලතණ්හා ඇති කරන්නේ
තණ්නාසෙන් රට හදන්න සේනාවට ADSL බෙදන්නේ

බ්ලොග් ලෝකේ එකා දෙන්නා නායකකම් අතට ගන්නේ
එහෙන් මෙහෙන්  හැච්චෝ පැච්චෝ ලැපා වටේ ඉඳගන්නේ
ගමින් ගමට පයින් ගිහින් gtalkකෙන් ටෝක් දෙන්නේ
ඇනර්කලි ප්‍රොපයිල් show කර ජන්ද කාඩ් උස්සන්නේ

නිල තොරතුරු නිලය තුලින් බ්ලොග් ලෝකයේ පතුරවන්නේ
ක්ෂනික පුවත් බුකිය හරහා ස්ටේටස් එක මාරු වෙන්නේ
ඒ මදිවට ටුවිටරයේ හැම තැනකම ටුවිට් වෙන්නේ
දිනන ලකුණු ජාලය තුල උස මහතට ගෙන දෙන්නේ

ස්කයිපා තමයි රැස් වෙන තැන තීරන හෙම ගන්න ඉන්නේ
.........

හදිස්සියේම අන්තර්ජාලය බිඳ වැටුනි


වැප්






Monday, October 3, 2011

කූරගල සියැසින් දැක ගතිමි ‍| Truth behind the Kuragala

කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු  දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.



කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් මාර්ගය සටහන් වී තිබුණි. පැය හතරක් පමණ කොළඔ සිට බලංගොඩට යන අතර තුර සනිඳු හා දිනුක විසින් රසවත් ඓතිහාසික කරුණු මෙන්ම, ජනකතා ජනප්‍රවාද එක් කරමින් ගමනේ අපහසුව නොදැනෙන අපූරු ගමනකට මග පැදූ බව කිව යුතුමය. බලංගොඩින් කල්තොටට යන බසයේ පැයක පමණ ගමනකින් පසු කල්තොටට කලින් හමුවන ගම්මානයක් වන තැන්නට ලඟා වන විට දහවල් දොළහා වී තිබුණි. ඒ අසල ඇති කඩයකින් සුපුරුදු ආහාරයක් වූ පරාටද, එලවලු රොටි මෙන්ම ලැවරියා කිහිපයක් අහරට ගනිමින්, හකුරු සමඟ බෙලිමල් කෝප්පයක රස බැලුවේ එකකට රුපියල් 15 ක් ගෙවමිනි.



තොරතුරු සොයා යන ගමනේ කඩේ සිටි අය සමග කතා බහ කිරිමට අපි අමතක නොකලේ ලසිත විසින් ගමන පටන් ගනිද්දිම යෝජනා කල උපක්‍රමයකට අනුවය. ඒ අනුව කඩේ සිටි මෙවර සමාන්‍ය පෙළ කරන මල්ලි කෙනකු හා ඔහුගේ අක්කා සමග කන ගමන් කතා කරන්නට පටන් ගත්තෙමු.

 මේ ඔවුන්ගේ අදහස් ........

//කූරගල අපේ තැනක්, නමුත් දැන් කරන්න දෙයක් නැහැ ඔවුන් ඒක අල්ලගෙන. ඒ දවස් වල නම් ලොකු විරෝධයක් තිබුණා. දැන් එහෙමත් නැහැ. පෙබරවාරි මාර්තු වෙන කොට මෙහේ උත්සවය, සෙනඟ එනවා ගොඩක්\\ -

ඔය අතර මම පර්චස් එකක මිල ඇසුවෙමි. නමුත් ඔවුන් එක එල්ලේ එයට පිළිතුරක් නොදුන්නේ ඉඩම් විකුනා තව තවත් හිමි තැන අහිම කර ගැනිමට ඇති අකමැත්තද? එම ඉඩම් වල මිල ගණන් ඉතා පහත් වීමදැයි නොදනී. කෑමෙන් බිමෙන් පසුව කූරගල බලා  පිටත් වීමට කිමි 2 ක් පමණ යායුතුව ඇත. එම පාරට හැරෙන තැනම බුදු පිළිමයක් ඇති අතර අලුතින් සවි කල පහත පුවරුවද දැක ගත හැකි විය. දහවල් කාලය නිසා අපි තුන් රියකින් ගමන පටන් ගත්තෙමු. ඒ යන අතරතුර ඔහුගෙන්ද තොරතුරු ගැනිමට අමතක නොකලෙමු.





කූරගලට යන විට ත්‍රී වීල් රියැදුරුගේ අදහස් .....
//තැන්න පටන් ගන්න හරිය සිංහල, කූරගලට යද්දි මුස්ලිම්, ගෙනත් ගෙනත් පදිංචි කලා. ඉස්සර මේක පුද්ගලික ඉඩමක්, අයිතිය තිබුනේ රත්වත්තේ වලව්වට. පස්සේ කාලක සිරිමාවෝ මැතිණිය මේක ලියලා දිලා තියනවා අබුසාලිට\\

කූරගල ගොස් පැණීමේදි මෙම දුර පයින් ඒමට තීරණය කර තිබුණත්. අතරමගදි අපට නැවතත් ඒ ත්‍රීවීල් කරුම හමුවිය. ලිපියේ මෙතනම ඔහු එනකොට පැවසූ අපූරු අදහස සටහන් කරන්නෙමි.

කූරගලින් එන විට ත්‍රී වීල් එම රියැදුරුගේ අදහස් .....
//මම නම් ඔය කියන තැනට පොඩි කාලෙවත් ගිහින් නැහැ......\\

රුපියල් 150 ක් ගෙවා කූරගල ගල්තලාව පටන් ගන්නා තැනට පිවිසියෙමු. ඉන්පසු ගමන ඇරඹුවේ පහත පින්තූරයේ පෙනෙන ගල් පඩි දිගේය. හිතන්න මේ ගල් පඩි ඔබ දැක තිබෙන්නේ කොහෙද?. ගමනේ ඇරඹුමම අපේ සිත් තුල ගොඩ නැගෙන්නේ කුමන හැඟුමක්ද? පිළිවෙලට ගලින් නිමවු ගල් පඩි මතින් ඉදිරියට ඇවිද ගියෙමු. හතර වට හොඳින් පෙනේ, විශාල වපසරියක් දර්ශණට හසුවෙයි. මෙවන් එලිමහන් තැනක්, එකල රජ කල රජ කෙනකුට මග හැරෑ යා හැකද? උස් කඳු මුදුනක් හමූ වූ විට එය මූලික කරගනිමින් විහාර ආරම කල රජදරුවන්ට කූරගල අමතක කලාද? මේ පැණයන්ට පිළිතුර සොයා අපි තව තවත් ඉහළට ගල් පඩි මතින් ඇවිද ගියෙමු.





කූරගල යනු සිංහලයන්,බෞද්ධයන් වැඩිපුර එන තැනක් බව අපට සාක්ෂි සහිතව ඔප්පු කරිමට හැකියාවක් ඇත්නම් එයට සාක්ෂිය වූයේ, කර ඇති විනශය හෙවත් තින්තෙන් හා වෙන වෙන ආකර වලින් නම් ලියා ඇති බව දුටු නිසාය. නමුත් ලං වි බැලු කල ඒවා නව්ෂාඩ් මොහොමඩ් රහිම් අදි කොට ඇති බැවින් ජාතිය මොකක් උනත් මුන් ඔක්කොම ශ්‍රී ලාංකීක නොවේදැයි සිතුණී.




විදුලි බලය කූරගල කන්ද මුදුනට ඇති බව දැන ගත්තේ කොල පැහැති වයර් වලින් අමුණා ඇති විදුලි බුබුළු දැකිමෙනි. ඈතට මකර තොරණක් දිස් විය. සිතූ පරිද සිංහල රජදරුවන් කූරගල අමතක කර නැත. විහාරයක පිවිසුම වූ මකර තොරණින්ම ඉදිකිරිම පටන් ගෙන ඇත. පිවිසුම් තොරණ වෙත ලං ලං වන විට එය කොළ පැහැ බව දක්නට ලැබුණි. එතනට ලඟා විටම ඇති පඩි පෙලේ ඉන්ග්‍රීස් අක්ෂර වලින් නම් කොටා ඇත.  සිතා ගත නොහැක. කොටා ඇති නම්, තොරණේ ස්භාවය කිසිම බෞද්ධ සලකුණකට අදාල නැත. වෙනසක් දැනුනි. අපට වැරදීමක් සිදුව ඇත්ද? කූරගල මෙතන නොවන්නේද?  යන ප්‍රශ්න හටගත් සැනින් නැති වි ගියේ කලින් දැනගත් පරිදිම අප මේ පිවිසෙන්නේ, පෞරාණික බෞද්ධ උරුමයක් වර්තමානයේ මුස්ලිම් දේවස්ථනායක් බවට බලයෙන් හැරවූ බව දන්නා බැවිනි. අතර මග පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව විසින් සවි කල හඳුනා ගැනිමේ කණුද දක්නට ලැබුණු.


හොඳින්බලන්න ඉංග්‍රීසියෙන් කොට ඇති දේ




තවතවත් පඩි නගිමින් ඉදිරියට ගිය තැන. පහළට බැසිමට තවත් පඩි පෙළක් හමු විය. ගල් තලාවෙන් වටවූ මෙම වපසරිය තුල පහත දර්ශණ දැක ගත හැක. පුරාවිද්‍ය දේපර්මේන්තුව සවි කල පුවරු දෙකක් ඒ තුල දක්නට ඇත. වම් පසට ඇත්තේ මුස්ලිම් පල්ලියයි, දකූණු පසට ඇත්තේ තවත් කන්දකි. මුලින්ම වම් පසට යෑමට තීරණය කලෙමු. ඒ අනුව ගල් ලෙන් සම්බන්ද කරගනිමන් ඉදි කර ඇති පල්ලිය අපිට දක්නට ලැබුණි. ඔය අතර සනිඳු හා දිනුක විසින් කටාරම් වලට යටින් ඇති සෙල් ලිපිද සටහන් කර ගන්නා ලදී. එහි පරිවර්තනයද පහතින් දක්වා ඇත.  ඊට මදක් ඔබ්බෙන් තවත් ගල් ගුහාවකි එහිද කටාරමක් මෙන්ම සෙල් ලිපියක් පවතියි. නමුත් හාත් පස කොළ පැහැයෙන් වර්ණවත් වී ඇත. සුන්දර දසුන් මවන, රජ දවස ආරක්ෂවා හා සංවේදි ස්ථානයක විහාර ආරමයක් කිරිමට රජ දරුවන්ට නොහැකි විනිද යන්න යලි යලිත් ඉස්මතු වෙන්නේ, කටාරම් සෙල්ලිපි වලට අමතරව බෞද්ධ නටබුන් වල සංකේතයක් තවමත් හමු නොවූ බැවිනි.






සෙල් ලිපිය එක - වැඩිදුර



ලිපිය - (ද)තහ ශමුදහ ලෙණෙ
"හ" - ගේ යන අර්ථය දේ
දතහ - දත(දත්ත) ගේ
ශමුදහ - සමුද(සමුද්‍ර) ගේ

තේරුම
දත්තගේ සහ සමුද්‍රගේ ලෙණ


සෙල් ලිපිය දෙක - වැඩිදුර




දෙවන සෙල් ලිපිය ඉහත වෙබ් අඩවියේ වැරදියට කියවා ඇත. එය පහත පරිදි දැක්විය හැක
"පරුමක ශුමනහ _ _ _  පරුමකලු ශුමන _ _"

එනම්,

පරුමක - ප්‍රමුඛ , ප්‍රාදේශීය රජ
පරුමකලු  - පරුමක වරිය , ප්‍රාදේශීය රැජින වගේ අර්ථයක්

තව දුරටත් තේරුම

ප්‍රමුඛ ශුමන/සුමන ගේ _ _ _ ( බිරිද හෝ දියණිය විය යුතුයි ) වන ප්‍රමුඛ ශුමනා/සුමනා ..

ඕකෙන් තේරෙන්නෙ , කූරගල පැත්ත පාලනය කරලා තියෙන්නෙ සුමනා , කාන්තා ආධිපත්‍යයක් , එයාගෙ අප්පොච්චි/සැමියා ගෙ නම සුමන.

ඉහත පරිවර්තනයන් සහ ඒවායේ වැඩිදුර තොරතුරු දැන්වූ සනිඳු  හා දිනුකට ස්තුතිය



ඔය අතර කතාවට පුද්ගලයෙකු හමු විය ...
//සෙනඟ වැඩිපුර එන්නේ කොඩි ගහ උස්සන කාලෙට.... දෙවනි මාසේ හා තුන් වෙනි මාසය තමයි සිසන්... මේකේ විස්තර වෙබ් සයිට් එකේ තියනවා .... බෞද්ධ මුස්ලිම් යන දෙගොල්ලොම එනවා ..... වෙසක් පොසොන්  පෝය දවස් වලටත් කට්ටිය ගොඩක් එනවා .... පාලක මණ්ඩලයෙන් තමයි විස්තර අහන්න ඕනේ .... උඩ ච්‍යෛත්‍යක් තියනවා ... ඒ ගැන තොරතුරු දන්නේ නැහැ ... නැහැ අපි දන්නේ නැහැ ඒවා ගැන ...\\



සමන්‍ය කතා බහ අතර තුර, කෙලින්ම මූලික ප්‍රශ්නය වූ මෙය පැරණි බෞද්ධ සිද්දස්ථනයක් දැයි ප්‍රශ්න කලෙමි. චෛත්‍ය ගැනත් ඇසුවෙමි. පිළිතුර වූයේ එවා ගැන නොදන්නා බවයි. ඔවුන් හැම විටම ඒ අතීතයට යෑමට අකමැති වූහ.... නොදන්නා බව පැවසූහ .... පුදුමය නම් කොඩි ගහ උස්සන කාලෙට එන සෙනඟ ප්‍රමාණය 35000 ක් පමණ වන බව දනි. පුරාවිද්‍ය  දේපර්මෙන්තුවෙන් සිංහලෙන් දෙමළෙන් හා ඉන්ග්‍රීසි යන තුන් භාෂවෙන් ගසා ඇති පුවරු ගැන නොදැන සිටිමයි.

එන අතරතුර වෙලඳාම් කරමින් සිටි වෙලෙන්දියකගෙන් පේර ගෙඩියක් රුපියල් 10 බැගින් දී ගත්තෙමු. ගෙඩි හතරට රුපියල් පනහක් දි පිට වුයෙමු.

නැවත අපි දකුනු පසින් වූ කන්ද නැගිමට ගල් පඩිමතින් ඉදිරියට ගියෙමු. ගල් තලාව ගල් පඩි පසු කරමින් ඉහලට නැගුනෙමු. කොළ පැහැ කොඩි කනුවක් අතරින් ගඩොල් වලින් සෑදූ යමක් දකින්ට ලැබුණත්, ඊට මදක් මෙහායින් ආරුක්කුවක් වැනි යමක් දක්නට ලබුනි. පැහැදිලිය මෙතන රජ දරුවෝ අමතක කර නැත. චෛත්‍යක නටබුන් සංරක්ෂනය කර ඇත. මදක් ඔබ්බෙන් මුස්ලිම් ඌරුවට ගිය  නව ඉදිකිරිමක් පඩි පෙලක් සමග ගුහාවකට මාවත පෙන්වයි. මුලින්ම චෛත්‍ය වෙතට ගිය අප ඒහි සිට අවට බැලුවෙමු. ඊලඟට ගුහාව තුලට යාම පටන් ගත්තෙමු. පහත පිනතූර පෙළ ගුහව මොනවට පිළිබිඹු කරයි. අප සමඟ තවත් මුස්ලිම් වන්දනා කරුවන් පිරිසක්ද ගමන් කළහ. දැඩි හිරු රශ්මියත්, ගමන් විඩාවත් නිසා ඇති වූ, පිපාසය සංසඳුවා ගැනිමට අප රැගෙන ගිය ජලය ඔවුන් ඉල්ලූ නිසා ඉතාම සතුටින් එයද ඉෂ්ට කර දුන්නෙමු.










//එක් පසෙක චෛත්‍ය අනික් පස මුස්ලිම් ඌරුවට ගිය ඉදිකිරිම්. කොඩි වැල. කොඩි කනු අතර ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය කවදා දක්නට ලැබෙයිද? \\











සිතෙහි එවන් අදහසක් පැමණියත්, අපි කවුරුත් බලෙන් ඔබාගෙන ඇති, බහු ජාතික, බහු ආගමික අන්තවදී නැති සිතුවිලි හරබය සමඟ ඒ අදහස ලත් තැන ලොප් වී ගියේය. මගේ ජාතිය මගේ ආගම  හැඟිම් පොදිය සමඟ කූරගල එම ගල් ගුහව ලඟ කොඩි කනුව යට සිටම පාන් සමඟ ජෑම් කෙසෙල් තල මෙන්ම මුරක්කුද ආහාරයට ගත්තෙමු. නමුත් බීමට වතුර නැත. බුදුරාජාණන් වහන්සේ දේශානා කල දානය නොහොත් දිමෙන් ලද පින හෙවත් පුණ්‍ය කර්මය ගැන සිතමින් හා ඒ ගැන චිත්ත ප්‍රමෝදයෙන් වතුර නොමැතිව පල්ලම් බැසීමට පටන් ගත්තේ කෙහෙල් ලෙලි ටික ඈත අහසේ පා කර යවමිනි. නැවත වරක් චෛත්‍ය දෙසට හැරි පින්තූරයක් ගැනිමට අමතක කලේ නැත.



















එන අතරමඟ කඩේකට ගොඩ වුයේ වතුර බෝතලයක් මිල දී ගැනිමටය, රුපියල් 75 ක් දි ශීත කලවතුර බෝතලයක් ගන්න ගමන් සුපුරුදු ප්‍රශ්නවලිය ඇයටත් යොමු කලෙමි.

සෙනග එන්නේ පෙබරවාරි මාර්තු වල නේද? ගොඩක් සෙනග එනවලු නේද? යන ප්‍රශ්න වලට සමන්‍ය පිළිතුරු දෙන අතර තුර, // පුරාවිද්‍ය දෙපර්මෙන්තුවෙන් අලුතෙන් කඩ හදන්න දෙන්නේ නැහැ\\ යයි ඇය පැවසුවාය. අපගේ මූලික ප්‍රශ්නය ඇසීමට පොටක් පෑදෙන තුරු බලා සිටි අපට ඇය විසින්ම පොටක් පාදා දුනි. වෙලාව එනතුරු බලා සිට ක්ෂනිකයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කලෙමු

උඩ චෛත්‍යක් තියනවා නේද? මේක ඉස්සර පන්සලක්ද? - සුපුරුදු ප්‍රශ්නය වෙනස් ආකාරයකට ඉදිරිපත් කලෙමු.

//ම්ම් අපි දන්නේ නැහැ ..... ඒ ගැන දන්නේ නැහැ ...\\

ඔවුන්ව මේ පිළිතුරට පුරුදු කලාද? ඔවුන්ම එය ඇත්තටම පවසවාව දැයි යන දෙගිඩියාවෙන්.... ශිත කල වතුර බොමින් ආපසු ඒමට පිටත් වුනි. කූරගල ගමන අවසන් කරමින් පඩි පෙළවල් අවසන් කරමින්, පාරට පිවිසියෙමු. ගමේ කෙනෙකු සම්බන්ද කරගනිමින් තොරතුරු ටිකක් සොයාගත යුතු යැයි සිතමින් එන අතර තුර, කූරගලත් තැන්නත් වෙන් කරන මායිමේ තවත් මුස්ලිම් පල්ලියක් අසල ගෙයක් සාදිමන් සිටි මැදි වියේ පුද්ගලයෙකු හා කතා බහට වැටුණි.



//ඔතනින් එහා පැත්තේ පන්සලක් කියනවා\\
//ගමේ සිංහල පවුල් 300 ක් විතර, මුස්ලිම් පවුල් 150 ක් විතර ඉන්නවා\\
// මේක තමයි ගමේ පල්ලිය ..කූරගල කන්දේ තියෙන්නේ පුද්ගලික එකක් .. ගමේ අය එන්නේ මෙතනට ....\\
// සිසන් එක කොඩි ගහ උස්සන කාලේට ..ඒදවස් වලට එන හැමෝටම කන්න දෙනවා\\
// සල්ලි කාරයෝ තමයි වියදම් කරන්නේ ..සැහෙන්න ආධාරත් හම්බුවෙනවා ....\\
 යනාදී සමන්‍ය කතා බහෙන් අතර තුර නැවතත් කඩඉම් ප්‍රශ්ණය යොමු කරන ලදී

ඒක උඩ චෛත්‍යක් තියනවා නෙද්? නටබුන් එහෙමත් තියනවා? ඉස්සර එතන පන්සලක්ද?

පිළීතුර එකම විය // ඒ ගැ නම් දන්නේ නැහැ\\

සුහද ශිලිව කතාව අවසන් කර අපි ගිහින් එන්නම් යැයි කියා එන්නට පටන් ගත්තෙමු. ඔය එන අතර තුරේදි මුලින් සටහන් කල පරිදි මුල් ත්‍රීවිල් රියැදුරුම හමු විය. ඔහු නොමිලේම අපව ප්‍රධාන බස් පාරට ගෙනත් ඇරලවූ අතර ...ඒ වේලාවේදිම එතනින් ගිය බලංගොඩ බස් එකද නතර කර දුනි.. බසටය ගොඩ වීමට හදිස්සිය නිසා ... අප මුලින්ම ආහාර ගත් කඩයේ නංගිලාට අතවනමින් දුවගෙන ගොස් බසයට ගොඩි වි..අපි පැමණි කාර්යය සර්ථකව අවසන් කලෙමු. නැවත කොළඔට ලඟා වන විට රාත්‍රී දහයද පසු වි තිබුණි

කූරගල පිළිබඳ නීතිමය තත්වය

  1. 1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.
  2. 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින්  පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය
ඉහත කරුණු දෙක උපුටා ගැනිම - http://sinhale.wordpress.com

කූරගල ඉතිහාසය
ඈත අතීතය

  1. මෙහි ඉතිහාසය රාවණ රජ සමයට යන බව පිළිගැනිමයි. රාවණ රජු පාලන කල රාජ්‍යන් අතරෙන් ඉන්ද්‍රගිරි රාජ්‍ය ලෙස මෙය සලකනු ලබයි.
  2. තවත් කතාවකට අනුව මෙම ස්ථානය වලගම්භා රජු යුද්ධ වලදි සැඟවී සිටිමට හා යුද සැලසුම් හා සේනා සංවිදාන කරාණා සම්බන්දයෙන් යොදගෙන ඇත. මේ අවට පරිසරය පිහිටිම බැලූ කල එය සත්‍යක් බව ඔබටත් වැටහේවි
  3. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්‍රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත.
  4. එකල රහතන් වහන්සේලා වැඩ විසූ තැනක් බවත් පැවසේයි
  5. දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්‌තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
මෑත අතීතය
  1. මරික්‌කාර් නම් මුස්‌ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක්‌ රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්‍රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්‌ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය.
  2.  1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.
වැඩි දුර තොරතුරු සඳහා පහත ලිපි දෙක කියවන්න 
  http://www.divaina.com/2011/03/30/badada02.html

කූරගල සංචාරයට උපදෙස්

  1. ඔබට හැකි පරිදි ඔබේම වාහනය හෝ පොදු ප්‍රවහාන සේවා  බස් වල යා හැක.
  2. මාර්තු අප්‍රේල් කාලය මග හැර යෑමට උත්සාහ කරන්න 
  3. හැකි තරම් උදෙන් කොළඹින් පිටත් වෙන්න
  4. වතුර රැගෙන යන්න
  5. තැන්න හංදියේද කඩවල් ඇත
  6. අනවශ්‍ය බර උස්සන් නොයන්න
  7. රැගෙන යන සියල්ල නැවත අරගෙන එන්න
  8. පිට ගමකට යන බැවින් ඔබ ඒ ගමේ විදිහට හැසිරේන්න
  9. එතැන ගැන කැක්කුමක් ඇත්තනම් හා ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධයෙක් විදිහට හැසිරෙන්න



පසු සටහන
ඔබට කූරගල පිළිබඳ අවංක කැක්කුමක් තිබේ නම් ඔබම ගොස් බලන්න. ඒ අත්දෑකීම ලබාගන්න. කන්ද මුදුනේ ඇති ගුහාව තුලට යන්න. ඒ තුල එක් ස්ථානයකට හොඳින් හිරු එළිය වැටේ. එය දේවතා එලියක් හාස්කමක් නොව. හිරු එළීය ඇති විට හිරු එලිය ගුහාව තුලට පතිත වීමකි. කන්ද මුදුනේ සිට අවට බලන්න. කන්ද මුදුනේ සිට වෙල්යාවවල් පෙනෙන අයුරු බලන්න. චෛත්‍ය දැක බලාගන්න. කොළ කෙඩි අතරින් කටාරම් සෙල් ලිපි බලන්න. ඒ මිනිසුන් සමඟ කතා කරන්න. සියැසින් දැකබලා ඔබම තීරණය කරන්න කූරගල තත්වය. තවමත් බෞද්ධයන්ට ඒ ස්ථානයට යා හැකි නිසා දැන් තියා ගොස් බලන්න. කල් දමන්න එපා.

නිධාන කතාව
නදී විසින් රිශෙයා කරන ලද යෝහාන් කණිෂ්කගේ බස් එකක දුර දිග යෑමක් මේ ගමන ක්ෂනිකව සංවිධනාය වීමට හේතූ බූත විය.එම බසයට මෙතනින් යන්න. අපිම දැක බලාගෙන තීරණයක් ගන්න කල් මේ ගැන අදහස් පැවසිය නොහැකි නිසා මේ ගමන අපිම ගියෙමු. එහිදි අත්දුටු දැක බලාගත් දේ සියල්ල මේ ලිපිය සමඟ මෙසේ බෙදා හදා ගත්තෙමු. කවදා හරි දවසක මේ ලිපිය කූරගල ඉතිහාසය සොයා පැමිණෙන සුදු ජාතිකයෙකුට වැදගත් වනු ඇතැයි සිතමි.

ස්තූතිය

  1. බස් එක දැමූ යෝහන් කණිෂ්ක
  2. රිශෙයා කලා නදී
  3. එම බසයේ අදහස් දැක්වූ සියල්ලන්ටම
  4. ගමන සංවිධානය කල ලසිත
  5. ගමනට එක්වූ සනිඳු  දිනුක
  6. ගමන අතර තුර ඉතිහාස/ ජනප්‍රවාද / අදී බොහෝ කරුණු ගෙන හැර දැක්වු මෙන්ම සෙල් ලිපිය පරිවර්තනය කල සනිඳු  දිනුකට අනේක වාරයක් ස්තුතියි.
  7. අවසන් වශයෙන් මේ දිගු ලිපිය බැලූ ඔබටත් ස්තුතියි.
අපේ ඉතිහාසය වෙනුවෙන් පොඩි සත්කාරයකට එකතුවීම ගැන මා හට ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකි




මෙන්න තව පින්තූර කිහිපයක්



















විවේචන අඩවියේ සටහනක් - http://wiwechana.blogspot.com/2011/10/blog-post.html


තවත් බ්ලොග් සටහනක් - http://www.kedapatha.info/2011/09/2011_24.html
වර්තමාන සකච්ඡාවක් - http://www.bauddhaya.com/index.php/component/content/article/2-home/5-2011-07-19-18-51-12

දෙවන ගල / මුහුදු මාහා විහාරය .............?????????????????

වැප්



දානිගල | Alien Mountain

මෙවර චාරිකා සටහන දිනය  :- 2017/08/19-20  ස්ථානය  :-  දානිගල  | Alien Mountain කොළඹ සිට දුර යාමට හා ඒමට  :- ආසන්ව කිමි 500(කොළඹ->පොලො...