Friday, June 27, 2014

වැප් - ආජ්‍ය අංශයේ ඉතිහාසයෙන් බිඳක්

මට පොඩි කාලේ ඉඳන් මාර උවමනාවක් තිබ්බා ආජ්‍ය අංශයේ රැකියවක් කරන්න. ඔන්න ඉතින් ඕක ඇත්තක් බවට පත් උනා 2012 අවුරුද්දේදි. ජාල පිටු අටෝ අටෝ හිටපු මං ගැහැව්වේ මාරු කරනනමක් තමයි. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවක් පැත්තකට විසික් කරන්න උනානේ. ඒත් සෙල්ලං නැහැ කොබල ඉස්ත්‍රික් ඒකම් එකේ තමයි වැඩේ සෙට් උනේ. අපිව ගත්තේ ටැයිනිං විදිහට. ඔය කාලෙදි තමයි මම අර කොළඹ තියන කෞතුකාගාරයට එහෙම ගියේ. ආජ්‍ය අංශයේ හැටි දැන දැනම ඒකට රිංගුවේ ඇත්තද මේ පිට ඉදන් කියන උන් කියන්නේ කියලා දැන ගන්නමයි. හම්මාපා ඇත්තනේ ඕයි. මෙන්න බලන්නකෝ විස්තරය

පැමිනීම
අපරාදේ කියන්න බැහැ සේරම එනවා වෙලාවට, ඒ කියන්නේ 8.30 වෙද්දි, සමහරු කලින්ම එනවා ඒ කියන්නේ 8.15 කලින්. ඕකේ වාසියක් තියනවා, 8.15 කලින් ආවොත් 4 වෙද්දි කැපෙන්න පුලුවන් නැත්නම් ඉතින් 8.30 වෙනකල් ඉන්න ඕනේ. හැබැයි මෙහෙම සින් එකක් තියනවා මට ඔෆිස් එකේ ඉන්න උන් ඔක්කොම දැක ගන්න බැරි උනා මම හිතන්නේ. මොකද අපේ හැලසුම් අංශය වෙච්ච ඩිපාට්මන්ට් එකෙත් ඉන්න ඔක්කොගෙම මූණු ටික බලාගන්න මට මාස දෙක්ක විතර ගියා. මොකෝ අද එන එකා ආයේ එන්නේ තව සති දෙක තුනකින්. අපිට නිවාඩු නැති හින්දා අපි හැමදාම බඩ ගෑව. කියන්න ලැජ්ජයි අප්පා, උදේ ආපු ගමන් ෆැන් ටික දාගන්නවා, බත් මුල ලෙහා ගන්නවා, ඊට පස්සේ ක්ලින්න් එකට බයිනවා උන් හරියට සුද්ද කරන්නේ නැහැ කියලා, අනේද කියන්නේ මුන් හරියට වැඩ කරනවා වගේ, 

ඇට බෙදිම -
ඔන්න ඈ ඉතින් අර මහා ඇට බෙදිම තිබ්බේ, කොහෙද තොපිට මතක නැතිව ඇති, තොපි %^&*^* ජාතියේනේ. ( ජාතිවාදය ඇතිවිමට ඉඩ ඇති බැවින් ජාතිය බලාධාරියා විසින් කපා හරින ලදී). ඔය ඇට බෙදන්න කලින් කොඹල ඉස්තික්කයේ තියන සියලුම කොට්ටාෂ වලින් සංගනනයක් කලා. ඔය සංගනනයට තනි කර කලේ ලුපාදි ලාබින් හරි. උන් ඒ කාලේ මෙහෙම කිව්වාලු,

අපි අවේ ඉඳන් ඉන්න
අපිට උනේ අැට බෙදන්න කියලා



ඉතින් ඒ පැත්තේ තිබ්බ කොට්ටාෂ 13 න්ම තොරතුරු ගන්න මං තුමා විසින් හැදුවා පොඩි ඇක්සෙල් ෂිට් එකක්, ගුගල් ඔන්ලැයින් ෂීට් එකක්, ඒ ඒ කොට්ටාෂයෙන් තොරතුරු දාපුවාම මුලු ඉස්තිරික්කෙම තොරතුරු ඔටෝ මේට් සංෂිප්ත කරලා දෙන්න (මරු නේහේ පොර ටෝක් :D ). ඔන්න දැන් ඒකේ ආපු සංෂිප්තය

  1. මිනිසෙක් දිනකට කරපිංචා මිටි දෙකක් කනවා . 
  2. මිනිසෙක් දිනකට බිත්තර  එකක් කුකුල් කොටුවෙන් ලබාගෛන  බිත්තර දෙකක් විකුනයි
  3. රඹුටන් ගෙඩි 1 ක් විකුනා රු 100ක අදායමක් ලැබිම
හිතන්න එපා අතිෂෛාක්තියක් කියලා ඇත්තටම ඔය වගේ මහ තේරුමක් නැති සංෂිප්තයක් අවා. වැරදි තොරතුරු තමයි අර ලුපාධිලාබින් දාලා තිබ්බේ. මම ඉතින් මොකද කලේ ඇසිල් අමාත්‍යතුමාට ඔය රිපොට් එක දෙන්ඩ බැරි හින්දා ඉහළ නිලධාරින් කියලා හරි කියලා හිතෙන ටික විතරක් අරන් දුන්නා

අනපති අනහමුව-
ඕකත් තිබ්බේ මම ඉන්නකොටමනේ, හපොයි ඒකේ තිබ්බ බොරුවක්, ලොක්කාව රවට්ටන්න බොරු හැදුවැයින් හැදුවේ නැහැ ඒ වගේ. බොලාට කියන්න ඒකට සම්බන්ද වෙච්ච උන් සාක්කුවට දාගත්තානේ මොණර කොල. මම නම් සම්බන්ද උනේ අර එතුමාට පිටපස්සේ තියන කටවුට් එක හදන්න විතරයි. 

ඒ කම්මැලි කම තාම තියෛ් ..ඒ හන්දා ඔය ඇති .. වෙන දවසක ලියන්නම් අනික් කුඩු කේඩු කම් ටික

වැප්

Thursday, June 19, 2014

ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද?

රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුග‍ේම ඇඟ‍ේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල කේනද්‍රියව ගත් කල රට හෝ මව් රට වෙනස් වේ හෝ වෙනස් කල හැක . ආගම කියන වචන  දැනට දශක කිහිපයකට හැඳින්වූ යේ හුදෙක් කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් සඳහාය. පොදුවේ බෞද්ධයන් හැඳින්වූයේ සිංහලයන් ලෙසය. ආගම යන කාරනාවත් පුද්ගලික කාරණාවකි එනම් ආගම ඕනෑම මොහොතක, තම දැනීමේ හෝ ග්‍රහණය වන ආකාරයට වෙනස් කල හැක. නමුත් ජාතිය ඊට වඩා වෙනස් වෙයි. සෑම විට එය ජාතක වන්නේ මව් දෙමව්පියන්ගේ දායාදයක් ලෙසය.


සිරියාවතී හා රෆිනා අසල්වැසියයෝය. දිනක් දෙදනාම සිරිපාල ගේ කඩේට ගියෝය. අසල සිටි අසාද්සාලි මහතා ඔය කඩේ හලාල් නැතැයි කි නිසා, සිරියාවති හා රෆිනා යන දෙදනාම ටටුමේ සුපරි වෙලඳ සැලට ගියෝය. සිරියාවතී මිලෙන් අඩු හරිස්චන්ද්‍ර නුඩිල්ස් පැකට් එකක් ගන්නා විට රෆීනා වැඩි මිලට මැගි නුඩිලිස් පැකට් එකක් මිල දි ගත්තෝය. ඉන් පසු දෙදෙනාම බැංකුව වෙත පියමන් කලෝය. දැඩි අව්රශ්මිය නිසා සිරියාවති සාරි පොට ඔලුව වටේ ඔතා ගත්තාය. කෙසේ නමුත් දෙදනාම බැංකුවට අතුල්වීමට යාමේදි, සිරියාවතීව පමණක් නවතා ගත්තේය. ඔලුවෙන් සාරි පොට ඉවත් කරන ලෙස ආරක්ෂක නිලධාරින් දැනුම් දුන්නේ ආරක්ෂක හේතුන් මත බව පවසමිනි. තමා සමඟ පැමණි සිරියාවති කොහේ සිටිදැයි බැලිමට රෆිනා නැවත බැංකුවෙන් එලියට එන විට දුටුවේ, ඥාණසාර හිමියන් සිරියාවතිට ධර්මය දේශනා කරන අයුරුයි

ඉතින් මම මෙසේ සිතුවෙමි!

දෙමළ ත්‍රස්තයන් බිහිවීමට මුල් වූ හේතුව සඳහා සාධනිය පිළිතුරු සොයන අතරම, සිංහල ත්‍රස්තවාදය මීට වඩා බිහිසුනු වීමට පෙර, ශ්‍රි ලංකා රාජ්‍ය තුල සෑම ජන කොටසකමට එකම නීතියක් බලපැවැත් විය යුතුය!. මන්ද යත්, ජනවර්ගය මත වෙනස් වන නීතියක් පැවතීම, සිංහල ත්‍රස්තවාදය පැතිරවීමට, ධනාත්මක උත්පේරකයක් වී ඇති බව සනාථ වෙමින් පවතින නිසාවෙනි.


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....