මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි. එයද කල් යත්ම කරන විශය පතයට සීමා වූ පිරිසක් බවට පත් වී පසුව පාසල් අධ්‍යාපනය අවසානයේ හදාරණ පාඨමාලවට රාමුගත වෙයි. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයකට හෝ වෙන යම් අයතනයකට බැඳුනු පසු ඒ හරහා හඳුනා ගත් පිරිස සමඟ පමණක් වැඩිපුර ගැටේ. අහල පහළ, පෙර පාසල, ප්‍රාථමික පාසල, ද්වීතික පාසල හා විශ්ව විද්‍යාලය යන අවස්තාවලින් වඩාත් වැඩිපුර කාගෙත් මතකයේ රැඳි පවතින්නේ විශ්ව විද්‍යාල සමයයි.
බ්ලොග් අවකාශයේ දැන හඳුනා ගැනිම යනු, සාම්ප්‍රදායික දැන හඳුනා ගැනිමෙන් ඔබ්ට ගිය ප්‍රකාශිත අදහස මත ගොඩනගා ගන්නා ප්‍රතිරූපය හා ගනුදෙනු කිරිමකි. විවධ වූ සාමජ කොටස් සමඟින් හා විදෙස් රටවල් නියෝජනයනය කරමින් පැමිනියත්, සිංහල බ්ලොග් කලාව තුල කාටත් පොදු එකඟතාවය නම් සියලු ගනු දෙනු සිංහල භාෂාව හරහා ප්රකාශනය කිරීමයි. මේ හඳුනා ගැනිම තුල කෙනෙකු සාර්තක වන්නා සේම තව අයෙකු රැවටීමටද ලක් කල හැක. අප දන්නා ඉතිහාසය තුල මෙම අවස්ථා දෙකම අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් සත්‍ය ලෙස සිදු වි ඇත. අනාගතයේදිද එය එලෙසම වනු ඇත.
2009 දෙසැම්බර් මස 24 දින ආරම්භ කරන ලද මාගේ බ්ලොග් අඩවියට අදට වසර 4ක් පිරීඇත. ඒ තුලින් මා ලබාගත් දේ බොහෝය. දැන හඳුනා ගත් පිරිස බොහෝය, තවමත් අකුරු වලින් පමණක් චිත්රනය වි ඇති පිරිසක් සිටියි. හැම දේම කාලයක් යද්දි එපා වන්නා සේ බ්ලොග් අඩවියට ඒ කාලය දැන් උදා වී ඇත. බ්ලොගයටම වී සිටි කාලයක් තිබුණි. එහෙත් දැන් අහම්බෙන් ලිපියක් දෙකක් පමණක් ලියවේ. මෙම බ්ලොග් අඩවිය නිසාම බැනුම් ඇසූ යුගයක් තිබුණි. එහෙත් දැන් අසාවට බයින්න එකෙක් නැතිය. සිතුවාට වඩා ඉහල වටිනා කමක් ලැබුවේ සිංහලෙන් අකුරු කල මේ බ්ලොග් අඩවිය නිසාය. එබැවින් මම එයට ගෞරව කරමි. සේවාව පවතින තුරා ලිපි එකතු කරමින් එය පවත්වාගෙන යාමට අදහස් කර සිටිමි. සිංහල බ්ලොග් අවකාශයේ සැරිසන පිරිස, වැප් බ්ලොගය නිසා පමණක් හඳුනා ගැනිමට මම ඉතා කැමැත්තෙමි. ඔවුන් අගයන්නටද පසුබට නොවෙමි.
වැප්